ඔව්, මම පිළිගන්නවා. මාතෘකාව ටිකක් අශ්ලීල වචන වලින් ලියවෙලා තියෙන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් දැන් අහන්න ලැබෙන දේවල් අනුව, මේ වගේ වචන තමා ලියන්න වෙන්නේ. මේ ලිපිය ලියන්න නිමිත්ත වුනේ යුද හමුදා නිලධාරියකු විසින්, තම බිරිඳ ඝාතනය කිරීමේ අරමුණෙන්, ඇයට වෙඩි තැබුවායයි චෝදනා ලැබීමේ සිද්ධියයි.
ඔබ බොහෝ දෙනෙක්, දැන් මේ ගැන ජනමාධ්‍ය මගින් විස්තර දැනගෙන ඇති. මේ සිද්ධිය පළමු වරට ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්වූ වහාම, මා ඒ ගැන සොයා බැලීමක් කළා. පැයක පමණ කාලයක් ඇතුළත, ඒ ගැන විශාල විස්තරයක් දැනගන්නට හැකිවුණා. නමුත්, සිද්ධියට සම්බන්ධ අයගේ ඉතිරිවී ඇති ආත්ම ගෞරවය සහ මානව හිමිකම් ගැන සලකා, මා දැනගත් දේ මෙහි ලියන්නට අදහස් කරන්නේ නැහැ.
දැනට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇති තොරතුරු මෙසේයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිතන් කර්නල් වරයකු, (මාජ්ජ කාරයෝ කියන විදිහට ලුතිනන් නෙවෙයි නිවැරැදි වචනය ලුතිතන්) සිය බිරිඳ සමග, කාලයක් තිස්සේ පැවති ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු විසින් හෝ ඔහු විසින් ආධාරයට කැඳවාගත්, හමුදාවේ හෝ හමුදාවේ නොවන පුද්ගලයකු ලවා, සිය බිරිඳට වෙඩි තබා තිබෙනවා.
එම නිලධාරියාගේ රියදුරු සෙබලා විසින්, පොලීසියට කර ඇති ප්‍රකාශයක් අනුව, නිලධාරියා විසින්, මෙම සිද්ධියෙන් පසු, මිලිමීටර් 9 කැලිබරයේ පිස්තෝලයක්, පාර්ලිමේන්තු පාරේ පාලම අසලදී, දියවන්නා ඔයට විසිකොට ඇති අතර, ඒ ගැන කිසිවක්, කිසිවකුට නොකියන ලෙස, එම රියදුරු සෙබලාට එතැනදීම කියා තිබෙනවා. නමුත්, අද දින, නාවික හමුදා කිමිදුම් කරුවන් විසින්, එම අවිය, දියවන්නා ඔය පතුලෙන් ගොඩ ගත්තා.
මේ නිලධාරියා මෙසේ දියවන්නා ඔයට විසිකළේ, යුද හමුදාවෙන් නිළ වශයෙන් තමන්ට නිකුත්කළ පිස්තෝලයයැයි සිතන්නට, මා තරමක් මැලිවනවා. එයට හේතුව, ඕනෑම හමුදා සාමාජිකයකු, හමුදාවෙන් තමන්ට නිකුත් කර ඇති ගිනි අවිය ගැන, පූර්ණ වගකීම දැරිය යුතුවීමයි. සංග්‍රාමික කාර්යයකදී ඇතිවන, පිළිගතහැකි හේතුවකින් විනා, වෙනත් කිසිදු ආකාරයකින්, තම පෞද්ගලික අවිය නැතිවුවහොත්, එම හමුදා සාමාජිකයාට එරෙහිව, ඉතා දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ලබනවා. සමහරවිට ඔහුව හමුදාවෙන් අස්කරන්නට පවා අවකාශ තිබෙනවා.
මෙලෙස විසිකරන්නට නම්, එක්කෝ වෙනත් හමුදා සාමාජිකයකුගේ ගිනි අවියක් සොරාගත යුතුයි, නැතහොත්, යුද්ධ කාලයේදී, සතුරන්ගෙන් අල්ලාගත් ගිනි අවි, යුද හමුදාව වෙත බාරනොදී සඟවාගෙන, මෙවැනි අපරාධ සඳහා යොදාගන්නවා වියහැකියි.
කෙසේ වෙතත් දැනට හෙළිවෙමින් පවතින කරුණු අනුව, නිලධාරියා වතුර හැලියට වැටී අවසානයි. ඔහු දැන් ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. දැන් තිබෙන්නේ, පොලීසිය ලිපගිනි මොලවා, නිලධාරියා උසාවියට ඉදිරිපත් කිරීමේ කොටස පමණයි.
නමුත්, ඔහු තවමත් චුදිතයකු නිසා, අපි පූර්ව නිගමන වලට එළඹීම සුදුසු මදි. එහෙත්, මේ සිද්ධිය පිළිබඳව බැලූ බැල්මට නිරීක්ෂණය වන කරුණු අනුව, මෙම නිලධාරියා, වෙඩි තැබීමේ සිද්ධියට වගකිවයුතු බවක් හැඟෙනවා. ඔහු තම බිරිඳ සමග දික්කසාද නඩුවකට එළඹී සිටින බවත්, ඊට අදාලව ලද උසාවි නියෝගයන් හේතුවෙන්, මෙම නිලධාරියාගේ බිරිඳ දින කීපයකට පෙර, ඔවුන්ට අයත් නිවසේ පදිංචියට පැමිණ ඇත්තේ, කලකට පසුව බවත්, දික්කසාද නඩුව, ලබන සතියේ, උසාවියේදී විභාගවීමට නියමිතව තිබුන බවත්, පැවසෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදාව තුළ, මෙවැනි සිද්ධියක් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. යටත්පිරිසෙයින්, මෙවැනි සිද්ධි එකක්, මීට පෙර සිදුවී තිබෙනවා. එම සිද්ධියේදී, යුදහමුදා බ්‍රිගේඩියර් වරයකු විසින්, තම පිස්තෝලයෙන් වෙඩි තබා, සිය බිරිඳව, නිදි යහනේදීම ඝාතනය කළ අතර, එය කිසිදු සැකයකින් තොරව උසාවියේදී ඔප්පුවීම නිසා, අද ඒ බ්‍රිගේඩියර් වරයා, මරණ දඬුවමට නියමිතව, වැලිකඩ බන්ධනාගාරයේ සිටිනවා.
මේ හැර, හමුදා සාමාජිකයන් විසින්, තම පවුල් සංස්ථාව තුළ සහ සමාජය තුළ, පසුගිය කාලයේදී කරන ලද දරුණු අපරාධ සඳහා, උදාහරණ ඕනෑතරම් තිබෙනවා.
මෙහෙම වෙන්නේ ඇයි? මෙවැනි සිදුවීම් වලට වගකිවයුත්තේ කවුද? ආමි කාරයෝ කියන්නේ, තුවක්කු බෝම්බ වලින් සෑම ප්‍රශ්නයක්ම විසඳන්න උත්සාහ කරන, අමනයින් පිරිසක්ද? අපි රණවිරුවන් කියා පුද සැලකිලි කරන්නේ, මේ වගේ පිරිසකටද? සමාජය පුරා, මෙවැනි අදහස් සහ මතවාද පැතිරීම, අපට වලක්වන්න බැහැ. නමුත්, මෙවැනි සිදුවීම් ලඝුකොට සලකන්නත් බැහැ.
මා අද ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, 'යුද්දෙන් පස්සේ හමුදා විනය' ගැන තොරතුරු ටිකක්.
ඇයි යුද්දෙන් පස්සේ? යුද්ද කාලෙත් මේ වගේ දේවල් වෙන්න ඇති නේද? කියා, ඔබ අසන්නට පුළුවන්. මේකයි උත්තරේ. ඔව්, වෙන්න ඇති. නමුත් ඒ කාලේ මේවගේ අපරාධ කරලා, ඒ අපරාධ කාගේ හෝ පිට පටවා ගැලවෙන්නට, අවකාශය සහ ගැලපෙන වාතාවරණයක්, මේ රටේ තිබුණා. ඒ නිසා, ඒ කාලෙත් මේ වගේ දේවල් නොවුනා කියා, බැහැර කරන්නට අමාරුයි.
දීර්ඝ කාලීන සංග්‍රාමයක් පැවති රටක, ඒ සංග්‍රාමයෙන් පසු, හමුදා සාමාජිකයන්, විවිධ ආකාරයේ ආතතියකට පත්වන බවත්, ඒ තත්වය කළමනාකරණය නොකලොත්, සමහර හමුදා සාමාජිකයන්, ඉතා දරුණු ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත්, සායනික මනෝවිද්‍යා පර්යේෂකයකු වන, වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් මීට සෑහෙන කලකට ඉහතදී, ශ්‍රීලංකා යුදහමුදා සාමාජිකයන් ඇසුරෙන් ලද අත්දැකීම් තුළින් ලියන ලද පොතකින්, මනාව කරුණු පැහැදිලි කොට තිබෙනවා.
ඇත්තෙන්ම මේ රටේ දැඩි ගිනි අවි පාලනයක් ඇතිකලයුතු බව, මා මීට පෙර ලිපියකින් අවධාරණය කළ අවස්ථාවේදී පවා, සඳහන් කළ එක් කරුණක් වන්නේ, ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක, සාමාජිකයන්ගේ නිවෙස්, හදිසි පරීක්ෂණයකට ලක්කළයුතු බවයි. අනවසර ගිනි අවි, ඔවුන් අත තිබෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා.
හමුදා සාමාජිකයකු, රටේ සම්මත නීතියට පටහැනි වරදක් කලවිට, ජනමාධ්‍ය මගින්, මෙතරම් උලුප්පා දක්වන්නේ ඇයි? සාමාන්‍ය සමාජ සම්මතය අනුව, හමුදා සාමාජිකයන්, පරමාදර්ශී චරිත වියයුතුයයි මහජනතාව දැඩිව විශ්වාස කරන අතර, ඔවුන් එසේ හැසිරෙතැයි, සෑමවිටම බලාපොරොත්තු වෙනවා.
හමුදාවේ සමස්ත සාමාජිකත්වයෙන්, ඉතා සුළු පිරිසක් පමණයි, මෙවැනි අකටයුතුකම් වල යෙදෙන්නේ. නමුත්, ඒ ක්‍රියා තුළින්, සමස්ත හමුදාවේ කීර්තිනාමයට වදින කළු පැල්ලම, සුළුපටු නොවෙයි. අපේ සමාජය සැදී පැහැදී ඉන්නේ, කෑ මකුණාත්, නොකෑ මකුණාත් දෙන්නවම මරන්න බව, අමුතුවෙන් කිවයුතු නැහැ.
මෙතනදී මා එක කරුණක් අවධාරණය කරන්නට කැමතියි. මෙවැනි වැරදිවලට හසුවන හමුදා සාමාජිකයන්ගෙන් බහුතරය, හමුදාව තුළදී විනයගරුකව හැසිරෙන අතර, බාහිර සමාජයේ හැසිරෙනවිටයි, මෙවැනි අකටයුතුකම් කරන්නේ. ඒ ඇයි කියන ප්‍රශ්නයට, මට වැටහෙන ආකාරයට දීමට තිබෙන උත්තරය වන්නේ, තම සිතෙහි ඇති ආතතිය, හමුදා නීති රීති වලට ඇති බිය නිසා මුදා නොහරින හමුදා සාමාජිකයන්, කඳවුරෙන් එළියට පැමිණි පසු, එය සමාජය වෙත, පවුල වෙත, මුදාහරින බවයි.
මේ ගැන, මට වඩා හොඳින් කරුණු පැහැදිලි කළහැකි වන්නේ, වෛද්‍ය රුවන් ජයතුංග වැනි, සුදුසුකම් ලත් පුද්ගලයකුට කියා මා හිතනවා.
හමුදා සාමාජිකයා අමුතු සතෙක්ද?
මතකද දැන් කාලෙකට ඉහතදී, හමුදා සාමාජිකයන් අගය කිරීමේ ගීතයකදී කියවුනා, 'අපෙන් එකෙකි මේ මිනිහා' කියලා. ඒ කියන්නේ, හමුදා සාමාජිකයාත්, අපේ සමාජයේම එක් අංශුවක්. ඉතිං මේ අංශු, එකම දාමයකින් බැඳී පවතින නමුත්, විවිධ ඇදීම්, තෙරපීම්, හැලහැප්පීම්, වලට භාජනය වනවා. අර සමාජ අංශු දාමයෙන්, ඔහුවෙත සන්නිවේදනය වන හොඳ නරක තමයි, ඔහුගේ චෛතසිකයේ තැන්පත් වන්නේ. එහිදී ඔහු වඩාත් සංවේදී වන්නේ, ප්‍රතිචාර දක්වන්නේ, ඒ තොරතුරු වලට විනා හමුදාවේ නීතියට යටත් ක්‍රියාකාරකම් වලට නොවෙයි.
හරි හරි, දැන් තමුසේ කියන්න හදන්නේ, හමුදා සාමාජිකයා ඉන්නේ මහා කරදර මැද්දේය, ඒ නිසා උන්ගේ ඔලුව අවුල් වෙලාය, එසේ ඔලුව අවුල්වීම නිසා, උන් කරන ඕනෑම අපරාධයක්, නොසලකා හැරිය යුතුයි කියලා නේද? ඒ කියන්නේ, හමුදා කාරයන්, එක්තරා ආකාරයක වරලත් චණ්ඩින් හැටියට පිලිගත යුතුයි කියන එකද?
නැහැ. කිසිසේත්ම නැහැ. රටේ සිවිල් නීතියට ඉහලින් සිටින හෝ, එම නීතියෙන් රිංගා යාමට හැකි කිසිවෙකුත් නොසිටිය යුතුයි.
නමුත් මේ ටිකත් අපි මතක තබාගත යුතුයි.
හමුදා සාමාජිකයන්ගෙන් අති මහත් බහුතරය, සිය සේවා කාලයෙන් වැඩි කොටසක් ගෙවන්නේ, කඳවුරේ. තම පවුලේ අය සමග එක්වීමට, ඔහුට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩක්. එමෙන්ම හමුදාවක් පාලනය වන නීති රීති, සාමාන්‍ය සිවිල් ආයතනයක් පාලනය වන නීතිරීති වලට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. අනිවාර්යයෙන් අණ පිළිපැදිය යුතුයි. අසාධාරණයක් වන්නේ නම් පමණක් උසස් නිලයකු වෙත පැමිණිලි කල හැකියි. නමුත් හමුදාවේ කියන්නේ, 'ලබාදුන් අණ පිලිපදිනු ඉන්පසු පැමිණිලි කරනු - comply and complain' කියලයි. මේ නිසා හමුදා සාමාජිකයන් අසරණ වන අවස්ථා නැතුවා නොවේ. එවැනි අත්දැකීම් රාශියක් මා සතුව තිබෙනවා.
සර්, මගේ නෝනට බබෙක් හම්බවෙන්න ළඟයි. පොඩ්ඩක් ගිහින් බලලා එන්නද? යන ප්‍රශ්නයට පිළිතුර වන්නේ, මොකද තමුසේ ගිහින් ළමයා හම්බවෙන්න තටමන්නද? කියන එක නෙවෙයි.
මැඩම්, මට පීරියඩ්ස් හැදෙනකොට බ්ලීඩ් වෙන එක වැඩිවෙලා. මට ගාඩ් එකේ ඉන්න අමාරුයි. මාව ලයිට් ඩියුටියකට දාන්න බැරිද? යන ප්‍රශ්නයට පිළිතුර, ගලන ඒවා ගලාගෙන යයි, තමුසේ ජොබ් එක කරනවා, කියන එක නෙවෙයි.
ජ්‍යොෂ්ඨ නිලයන්ගෙන් සිදුවන කෙනෙහිලිකම්, ලිංගික අතවර, ඉවසාගත නොහැකිව, හමුදාවෙන් පැනගිය, සියදිවි හානි කරගත්, තමන්ට කරදර කරන එම ජ්‍යොෂ්ඨ නිලයාගේ සිරුර, පෙනේරයක් මෙන් හිල් වලින් පිරෙන්නට වෙඩි තැබූ, සොල්දාදුවන් ද මා දැක තිබෙනවා.
තමන් දිවි පරදුවට තබා යුද්ධ කරද්දී, තමන් ලේ වගුරුවා උපයා දුන් මුදලින්, වෙනකෙකු හා පෙම්කෙලින තම බිරිද ගැන, සොල්දාදුවකු හිතන්නේ, එය ද, යුද්ධය මෙන්, තුවක්කුවෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙසයි.
හමුදාවේ වැදගත් නිළයක් උසුලන, ආදර්ශවත් නිළධාරියකු ලෙස, තමන් ගතකරන ජීවිතය තුට්ටුවකට මායිම් නොකොට, තමන්ගේ ආදරණීය බිරිඳ, තමන්ගේ ආරක්ෂක මුරයේ සිටින සෙබළුන් සමග යහන් ගතවන්නේ නම්, එම ප්‍රශ්නය නොපමාව පිස්තෝලයෙන් විසඳිය යුතුයැයි, එම නිළධාරියාට හිතෙන්නේ, ඔහු නිතර අවි ආයුධ සමග ජීවත්වන නිසාය.
තමන් ලොක්කෙකු නිසා, හමුදාවේ සෙබලියන් සමග, නැතහොත් වෙනත් අවලම් ගැහැනියක් සමග, කොතරම් නිදි වැදුනද, තම බිරිඳ ඒ ගැන කට නොහෙල්ලිය යුතුයැයි සිතන හමුදා සාමාජිකයන්, තමන්ගේ අවල කෙලි ගැන යුක්තිය ඉල්ලා, අධිකරණයේ පිහිට පතන තම බිරිඳ, වෙඩි තබා දැමියයුතු යයි සිතන්නේ, බලයෙන් මත්වීම නිසාය.
ගෑණු නාන තැන් වලට ගොස් (හමුදාවේ භාෂාවෙන්, එයට යොදන කෙටි විකට යෙදුම, GNT යන්නය) හොරෙන් බලා සිටින්නට පුරුදු වූ මේජර් ජෙනරල් වරයකු, එක්තරා කාන්තාවකට කරන්නට ගිය බලපෑමක් නිසා, එම කාන්තාවගේ සැමියා විසින්, ඔහුව, තම බිරිඳ යොදවා උගුලකට අසු කරගෙන, තම නිවසේ ගෙමිදුලේ දණගස්වා තබා, හමුදාවට බාරදුන්නා. වලව්කාර නමක් ඇති මේ නිලධාරියාව, විශ්‍රාම යන කාලයට පෙර විශ්‍රාම ගන්වනු ලැබුවා.
අපේ හමුදා සාමාජිකයන්, ඉදිරියේදීද, මෙවැනි ආකාරයට දරුණු අපරාධ වලට යොමුවීමට ඉඩ ඇති බව, අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ සඳහා විධිමත් කළමනාකරණ වැඩපිළිවෙලක් නොපමාව ආරම්භ කිරීම, ආරක්ෂක අමාත්‍යාංශය සතු බරපතළ වගකීමක් වෙයි. සෑම හමුදා සාමාජිකයකුම ඉහළ ප්‍රමිතියකින් යුත්, උපදේශන සේවයකට ලක්කළ යුතුය. එය ප්‍රමාදවන්නට වන්නට මෙවැනි අපරාධ තවදවත් දැකිය හැකිවනු ඇත.
මමත් අපේ ගෑණිට වෙඩි තිබ්බා........
මොකක්..............?
ඔව්, මම දෙපාරක්ම වෙඩි තිබ්බා. වෙඩි දෙකම හරියටම ඉලක්කෙට වැදුනා. නමුත්, මම තියපු වෙඩි වලින්, කවුරුවත් මැරුණේ නැහැ. ඉපදුනා. මගේ ආදරණීය බිරිඳ, මට රටක් වටිනා දූවරු දෙන්නෙක් තෑගි දුන්නා.
අඹු සැමි ප්‍රේමයේ අගය නොදන්නා මිනිසුන්, හමුදාවේ නොව දිව්‍ය ලෝකයේ සිටියත්, අමනකම් කරනවා.
2016 අගෝස්තු මස 30 වැනි දින 2343 පැය
/ඔව්, මම දෙපාරක්ම වෙඩි තිබ්බා. / හය්යෝ, තව කවුරුත් බලන්න ඉස්සරින් මේක වෙනස් කරමුද, නිකං “මම ලයිව් බුලට් දාලා දෙසැරයයි තිබ්බේ“ වගේ වෙන්න
ReplyDeleteමොකටද අනේ වෙනස් කරන්නේ. ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත්, බිය වියයුතු නැත.
Delete//අඹු සැමි ප්‍රේමයේ අගය නොදන්නා මිනිසුන්, හමුදාවේ නොව දිව්‍ය ලෝකයේ සිටියත්, අමනකම් කරනවා. // ++++ ඉස්සර අපේ අම්මා නිතරම කියන කතාවක් තමයි .. "බැඳපන්කෝ රස්සාවක් කරන්නේ නැති ගෑනියෙක් එහෙම.. උඹේ මිනිය තියෙයි ලිඳ පල්ලේ.. " කියලා. ඒ කාලේ මතයක් තිබුනා හමුදා සාමාජිකයින්ගේ සහ දොස්තර වරුන්ගේ රැකියා නොකරන බිරින්දෑවරු අනියම් සම්බන්ධකම් වල පැටලෙනවා වැඩියි කියල..
ReplyDeleteබිරිඳක හෝ සැමියකු අනියම් සබඳතාවක පැටලෙන්නට හේතු රාශියක් තිබෙනවා මම දැකලා තියන විදිහට. ජාතක කථා වලත් එවැනි සිදුවීම් තියනවා නේද? ප්‍රධානම සාධකය තමයි අන්‍යොන්‍ය අවබෝධය නැතිවීම.
Deleteමහත්මයානෙනි සුළු නිවැරදි කිරීමක් අවශ්‍යයි මම මනෝ වෛද්‍ය විශේෂඥ (Psychiatrist) කෙනෙකු නොවේ. නමුත් ඒ දුන් රෑන්ක් එකට තුති. මම ස්පෙෂලයිස් කරන්නේ තවමත් නොදියුනුව පවතින වෛද්‍ය මනෝ චිකිත්සනය කියන ඒරියා එක. උතුරු ඇමරිකානු උපාධි තිබුනද මම විශේෂඥද කියා නොදනිමි. එහෙත් බොහෝ විශේෂඥවරු අත නොගැසූ ඒරියා වලට මම අත ගසා බොහෝ වෘත්තීය සතුරන් මෙන්ම මානසික විද්‍යා විශය පථයේ සමහරකගේ තියුණු ඉරිසියාවටද ලක්වීම නිසා මේ කාලයේ බෙල්ල බේරගෙන නිහඞව සිටිමි.
ReplyDeleteයුද ආතතිය ගැන මම වගකිවයුත්තන් දැණුවත් කලා , අණාවැකි කිවා. නමුත් වගකිවයුත්තන් උනන්දු වූයේ හමුදා වාහන , බඩියන් සහ තරු ගැන පමණයි. 1999 - 2002 අතර කාලයේ මම කියූ පලාලි සින්ඩ්‍රෝමය ( Pl see : http://transyl2014.blogspot.ca/2015/10/blog-post_9.html )මගේ ඇස් ඉදිරිපිට දිස් වීම මම කම්පා සහිතව බලාගෙන සිටිමි. මේවාට නිසි ප්‍රතිකර්ම නොයෙදා යුද ආතති ප්‍රතිකාර මධ්‍යස්ථාන වසා දැමූ නරුමයන්ට මේ විනාශ වලට යම් දිනක වග කීමට සිදු වනු ඇත.
සමාවෙන්න. ඒ වැරැද්ද නිවැරදි කළා. නමුත් ඔබ ගැන මා දන්නා තොරතුරු අනුව, ඔබ ලංකාවේ සේවය කලානම්, හඳුන්වන ආකාරය තමයි මා ලිව්වේ. බලනකොට, ලෝකයේ කොහෙදිත්, බෙල්ල බේරාගැනීමේ කලාව වැදගත් ශිල්පයක් බව පැහැදිළි වුණා.
Deleteහමුදවී කීර්තිනාමය, හමුදා සාමාජිකයන්ගේ අනාගතය, රටේ කීර්තිනාමය, බේරා ගැනීමටනම්, නොපමාව, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන්, උපදේශන සේවයක් ඉතා ගැඹුරින් ආරම්භ කලයුතු බව විශ්වාස නොකරනතාක් කල්, මෙවැනි අපරාධ අහන්නට දකින්නට ලැබෙනු ඇති.
ඉතා වැදගත් ලිපියක් විචාරක.
ReplyDeleteඔබ කියා ඇති පරිදි එක සිදුවීමක් පමණක් නොවෙයි නේද මීට ඵෙර සිදුවී තියෙන්නේ. වෙඩී තැබීම් නොවුණත්, හංගා ගෙන ගෙනා අත් බෝම්බ වලින් පෙම්වතියන් මැරූ අවස්ථා සහ වසර දෙකකට පමණ ඉහත දී දකුණු පළාතේ තරුණියක් සෙබළෙකු විසින් කපා මරා දැමීම ගැණ මා කියවා තියෙනවා මතකයි.
ඕස්ට්‍රේලියාවේ පවා ආරක්‍ෂක අංශවල සාමාජිකයින් සිය දිවි හානී කර ගැණීම් වැනි දේ බහුලයි.
http://www.divaina.com/2014/05/27/news24.html
Deleteලිපිය ඇගයීම ගැන ස්තුතියි. එක සිදුවීමක් පමණයි යන්නෙන් මා අදහස් කලේ හමුදා නිලධාරියකු විසින් තම බිරිඳ ඝාතනය කිරීමයි.
Deleteඔබ මෙහි දක්වා ඇති ආකාරයේ අපරාධ රැසක් සිදුව තිබෙනවා. වඩාත් භයානක වන්නේ සමහර අපරාධ සැඟවී ගොස් තිබීමයි.
ගැණිට වෙඩි තියපු එක කමන්නැ කියමුකෝ මේ මිනිහා අර පිස්තෝලය මොන හිතකින් දියවන්නාවට විසිකරාද දෙයියනේ
ReplyDeleteතව බඩු ඇති බුවා ලග
Deleteවිසිකලත්, තියාගත්තත්, කවදා හෝ අමාරුවේ වැටෙනවා. මට මතකයි එක වරක්, තවම දවටනයෙන්වත් ඉවත් නොකළ, 9mm පිස්තෝල 12ක් මා අත්අඩංගුවට ගත්තා. මගේ සගයන් බොහෝ දෙනෙක් මට කිව්වා, එකක් තියාගන්න කියා. නමුත් මා හිතුවේ, ඉවසීම නැතිවූ අවස්ථාවක මම අමාරුවේ වැටෙයි කියන එකයි. අද මා බෙහෙවින් සතුටුවෙනවා, එයින් පිස්තෝලයක් නොගැනීම ගැන.
Deleteආමිකාරයෝද මනුස්සයෝය...
ReplyDeleteකොහොම හරි යුද්දයෙන් පස්සේ ගොඩක් වැඩසටහන් තියෙන ඇමරිකාවට වඩා අපි ඉදිරියෙන් ඉන්නවා. ඒකටත් හේතුව ලෙස මම නම් හිතන්නෙ, මේ දේවල් සාමාන්නියකනයට ලක් වීම. ඔය වගේ දේවලින් මිනිස්සු සැලෙනවා බොහෝම අඩුයි.
ආමිකාරයෝ ආදර්ශවත් මනුස්සයෝ වෙන්නට උත්සාහ නොකලොත්, සමාජය විසින් ඔවුන් 'අමනුස්සයෝ' කියන වර්ගීකරණයට, ඇද දමනු ඇති.
Deleteඝාතන සංස්කෘතිය යලිත් හිස එසෙව්වොත්, ඝාතනය සාමාන්‍යකරණය වෙනවා.
විචා වෙන බවලතුන්ට වෙඩි නොතිබ්බය කියන එක විශ්වාස කරන්න කියල කියනවනම් ඔන්නොහෙ අපි එහෙම කරන්නම්.
ReplyDeleteමටත් ඔය ප්‍රශ්ණයම අහන්න හිතුනා.. ඒත් බයයි කව්ද දන්නේ ඇල් ටී ටී ඊ පිස්තෝලයක්වත් මේ යකා ගාව තියෙනවද කියලා..
Deleteඔව් ඔව්, මම වෙනත් 'බලවතුන්' සෑහෙන ගණනකට වෙඩි තිබ්බා :D
Deleteහෙහ් හෙහ්, අපි නොදන්න පිස්තෝල.
හමුදාවලටම යන්න ඕන නැ විචා.. තමන්ගේ පීඩනය අනුන් පිටින් පිට කරන්න කොහොමත් ලංකාවේ පිරිමි හරි දක්ෂයිනේ..වෙලාවකට වචන, හැසිරීම් වෙඩි උන්ඩ වලට එහා..
ReplyDeleteවිචාරකතුමා , ඇයි මෙතනදි කතා කලේ නැත්තේ වන්දි ඉල්ලුව නිසා බිරිඳට වෙඩි තිබ්බා කියන කාරණය.. බිරිඳ දික්කසාදය අරන් හරි නැතුව හරි පැත්තකට වෙලා හිටියා නම් මේ වෙඩිල්ල පත්තු වෙන එකක් නැ නේද...මේකෙම අනිත් පැත්තත් මේ වගෙමයි මම නම් දකින්නේ... හැම කෙනෙක්ම මුලින් හිතන්නේ තමන්ගෙ පැවැත්ම ගැන.. එතන්දි සතෙක් වෙනවද මනුස්සයෙක් වෙනවද කියන එක පැහැදිලි කර ගත්තා නම්.... ඒක හීනයක්...
Deleteහිහ් හී............ඔයා හරි භයානක කතාවක්නේ ළමයෝ කියලා තියෙන්නේ. පුරුෂ පක්ෂයෙන් ඇහුවොත් කියයි ඉස්තිරියාවෝ හරිම අසාධාරණයි කියලා. ලෝකේ කොහෙත් ඔහොම තමයි. අන්න ඒ වැරදි අවබෝධය, ඔය දෙපක්ෂය විසින්ම අඩු කරගැනීමයි වැදගත්.
Delete'වන්දි ඉල්ලුව නිසා වෙඩි තිබ්බා' කියන එක, උපකල්පනයක් පමණයි තවමත්. එය අධිකරණයේදී සනාථ වනතුරු, උපකල්පන ඉදිරිපත් නොකරන්නයි මම හිතුවේ.
ආත්මාර්ථකාමයෙන් මත්වුනාම, තමන් මොකද කරන්නේ කියා, බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
I already made it to two side Wicharaka..:)
Delete//මේකෙම අනිත් පැත්තත් මේ වගෙමයි මම නම් දකින්නේ...//
සමාජ ඛේදවාචකයක් ගැන විචාරකගේ ලියැවිල්ල හරිම අපූරුයි.
ReplyDeleteබොහොම ස්තුතියි ඇගයීම ගැන
Deleteවිචා මාමේ. ඔය සොල්දාදුවන්ගේ ස්ට්‍රෙස් එක ඩිපරේෂන් එක නැති කරන එංගලන්තේ ප්‍රොග්‍රෑම් එකක් මම bbc එකේ යනව දවසක් දැක්ක. ලංකාවට බොහොම වටිනා දෙයක්. ඒත් දොස්තර රුවන් කියල තියෙනව වගේ කරුමෙට ළේ දුන්නට මොලේ දෙන්න බැරි කම නිසා ලංකාවට හරියන්නෙ නැහැ. ඕනිම වුර්තියක වුර්තිමය රෝග කාලයාගේ ඇවෑමෙන් ඇතිවෙනව කියල මම අහල තියෙනව.
ReplyDeleteමම අදවෙනකන් මේ රටේ පොලිස් කාරයෙක් ඇරෙන්ට හමුදාවේ කිසිම පුද්ගලයෙක් පාරේ යුනිෆෝර්ම් එක ඇඳගෙන නිකන් ඇවිදිනව දැකල නැහැ.
දවසක් මම එඩින්බරෝ වල මිලිටරි ප්‍රදර්ශනයක් බලන්ට ගියහම ඔය ප්‍රශ්නෙ එතන හිටිය ලොකු හමුදාවේ පොරකගෙන් ඇහුවහම කිව්වෙ "අපි හමුදාවේ සාමාජිකයෝ හැටියට මිනිස්සුන්ගේ මනස හැදිල තියෙන්නෙ අපි ඉන්නෙ යුද්ද කරන්ට පොලිසිය ඉන්නෙ සාමය ආරක්ෂා කරන්ට. ඉතින් අපි යුනිෆෝර්ම් ඇඳල හරි තුවක්කු දික් කරන් සාමාන්‍ය මිනිස්සු අතර හේතුවක් නැතිව ගැවසුනොත් ඒක ඒ අයට මානසිකව ගොඩක් බලපානව. සමාජයට වැරදි ආකල්පයක් ඇතිකරනව" කියල.
අනික ඔය ගෑනි මරපු සින් එකත් ලොකුවට යන්නේ හමුදාවේ පොරක් නිසා. මද්‍යයට නිව්ස් නැති කාලේ ඕක පට්ට නිව්ස් එකක්. එතකොට කියන්නේ මුන් ගෑනි මෙහෙම මැරුවනම් යුද්දකාලේ කොහොම මරන්ට ඇතිද කියල.
මට වෙච්ච සින් එකක් කියනවනම් විචා මාමේ, ඔන්න මම කැම්පින් යන්න බ්‍රයිටන් වලින් බැහැල ගුගල් මැප් එක බලාගෙන හයි වේ එකක පයින් යන ට්‍රැක් එකේ යනව. පයින් හතක්ම 8ක් තිබ්බත් බස් යන්නේ නැති නිසා කැම්පින් ටෙන්ට් එකයි බැක් පැක් එකයි උස්සගෙන අමාරුවෙන් යනකොට මෙන්න බොලේ පොලිස් කාර් එකක් ලයිට් ගහගෙන සයිරන් දාගෙන මගෙ ළඟ නතර කලා. මගෙන් ඇහුව උබ කොහෙද මේ අව්කෂ්ටකේ යන්නෙ කියල. මම කිව්ව අරහේ තියෙන කැම්ප් සයිට් එකට කියල. මගෙන් ඇහුව උබ ළඟ වතුරබෝතලයක්වත් තියෙනවද ඔච්චර දුර පයින් යන්ට කියල. මම කිව්ව වතුර ඉවරයි ඒත් මට ගානක් නැහැ කියල. දැන් මුන් දෙන්න කියනව උබට පිස්සුද, උබට කලන්තයක්වත් හැදුනොත් නැගපන් කාර් එකට අපි බස්සන්නම් කියල. මම බෑ කියද්දීම මුන් මාව පොලිස් කාර් එකේ දාගෙන කැම්ප් එකටම බැස්සුව. පරිස්සමින් එන්ජෝයි කරහන් කිව්ව. යන අතරෙ මම උන් දෙන්නට කිව්ව "මේ සිද්දිය මගෙ රටේ උනානම්, ප්‍රශ්න කෝටියක් අහල, කොහෙද කැරියෝ මේ යන්නෙ අහල මුළු බැග් එකම බිමට හලල, බෑග් එකේ තියෙන අරක්කු බෝතලෙත් අරගෙන, තව කුඩු පැකට් එකකුත් බෑග් එකට දාල හිරෙත් ඉඳල තමයි මට කෑම්පින් යන්න වෙන්නෙ කියල. මුන් අහපි, සිරියස්ලි කියල. මම කිව්ව දැක්ක නේ උබලයි සුද්දියෙක් බුදු හාමුදුවන්ගේ පින්තුරයක් ගහගෙන ලංකාවට ගිහින් ඩිපොට් කලා. ඉතින් හිතාගනින් කියල. 😂
මුන් අහපි, සිරියස්ලි කියල.
Deleteඔබේ අගනා අදහස් ඉහලින්ම අගය කරනවා තිලාන්.
Delete//අනික ඔය ගෑනි මරපු සින් එකත් ලොකුවට යන්නේ හමුදාවේ පොරක් නිසා. මද්‍යයට නිව්ස් නැති කාලේ ඕක පට්ට නිව්ස් එකක්. එතකොට කියන්නේ මුන් ගෑනි මෙහෙම මැරුවනම් යුද්දකාලේ කොහොම මරන්ට ඇතිද කියල//
මෙන්න මෙතන තමයි, ඔබේ කමෙන්ට් එකේ වැදගත්ම කාරණය තියෙන්නේ. සමහර මිනිස්සු හිතන්නේ, යුද්දේ කියන්නේ, අපි සතුරු ප්‍රදේශ වලට ගිහින්, දකින දකින මිනිහව මරණ එක කියලයි. ඒ මානසිකත්වයෙන් ඔවුන් මුදවන්නත්, වැඩ පිළිවෙලක් අවශ්‍යයි.
දැන් මෙහෙ පොලීසිය වැඩිය ගහන්නේ නැහැ. දන්නවා මානව හිමිකම් නඩු වැටෙන බව.
// අඹු සැමි ප්‍රේමයේ අගය නොදන්නා මිනිසුන්, හමුදාවේ නොව දිව්‍ය ලෝකයේ සිටියත්, අමනකම් කරනවා. // ඔව් හරියටම හරි..
ReplyDeleteහිතන්න බොහෝ දේ ඉතිරි කල ලිපියක්..
මේවා කියවලා ඔලුවේ තියාගන්න ළමයෝ. අපි මේ වයසට අපේ අත්දැකීම් වලින් කියන්නේ. ඔයාලට මේවා ප්‍රයෝජනවත් වෙනවා අනාගතයේදී.
Deleteවිචාරකගේ මම කියවපු පළවෙනි සටහන. නියමයි
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට.
Deleteමේවගේ දේවල් අවම කරගන්න හොඳ ක්‍රමවේදයක් අත්‍යවශ්‍යයි
ReplyDeleteඔව්, ලෝකයේ බොහෝ රටවල් යුද්ධයකින් පසු තම හමුදා සඳහා මනෝවිද්‍යා උපදේශන සායන පවත්වනවා. අපි ඒ අතින් යම් පසුබෑමක ඉන්නේ.
Deleteබොහොම වටින කරුණු මතු කරලා තිබෙන්නේ.
ReplyDeleteමට ඔබෙන් අහන්නට ප්‍රශ්නයක් තිබෙනවා. පුද්ගලික කරුණක් නිසා අකමැත්තක් නැති නම් පමණක් පිළිතුරු දෙන්න. ඔබ බොහොම දැනුවත් සහ මිනිසුන්ට ආදරය කරන හමුදාව තුලදී මෙන්ම පිටතදීත් විනය ගරු කරන පවුල් ජීවිතය බොහොම සතුටින් විඳින හමුදා නිලධාරියෙක් බවට පත් කලේ මොන හේතුද ? ඔබේ කුඩා කල හෝ දෙමවුපියන්ගෙන් ලැබූ අභාෂයක් ද ? පාසලෙන් හෝ ගුරුවරුන්ගෙන් උගත් දෙයක් ද ? හමුදාවේ ඔබේ උසස් නිලධාරීන්ගෙන් ඔබ උගත් දෙයක්ද ? ඔබ ලැබූ මනෝවිද්‍යාත්මක අධ්‍යාපනයක් ද ? මම මෙය ඔබෙන් අහන්නේ මේ ගැටලුවට පිළිතුර තිබෙන්නේ එතන බව පෙනෙන නිසයි.
මටද හමුදා නිලධාරීන් ඇසුරු කිරීමෙන් ලැබූ හොඳ අත්දැකීම් තිබේ. මම බොහොම ගරු කරන, නාවික හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙකු වූ (විශ්විද්‍යාලයේ වෙබ් අඩවියේ තිබෙන නිසා නම කිව්වට කමක් නෑ මම හිතන්නේ) කොමදෝරු අයිවන් අත්තනායක මැතිතුමා මොරටුව විශ්විද්‍යාලයේ ඔහුගේ ආචාර්ය උපාධිය හදාරන කාලයේදී ඇසුරු කලෙමි. එකල නොමේරු තරුණයෙකු වූ මම ඔහුගෙන් බොහෝ ගුරුහරුකම් ගතිමි. පොතපතින් ඉගෙනගත නොහැකි බොහෝ දේ ඔහුගෙන් උගත්තෙමි. එකල ඔහු ඉතා සුන්දර වැඩිහිටි මිත්‍රයෙකු ජෙෂ්ඨයෙකු ලෙස මට බොහෝ දිරි දුන් බව අමතක නොවේ. විශ්‍රාම ලැබුවත් එවැනි හමුදා නිලධාරීන් අදටද රටට සම්පතකි.
ඉතාම කැමැත්තෙන් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම්. මා තුළ අධම ගති අඩු (අධම ගති නැති නෙවෙයි) මිනිසකු බිහිවන්නට, පහත දැක්වෙන හේතු බලපාන්නට ඇතැයි සිතනවා.
Delete1. මෙගේ දෙමව්පියන්ගෙන් සහ පවුලේ වැඩිමහල් සාමාජිකයන්, ඥාතීන් ගෙන් ලද ආදර්ශය.
2. කුඩාකල සිටම මගේ පියා අපිව ආගමික කටයුතු කෙරෙහි වැඩිපුර නැඹුරු කරවීම.
3. විෂයය කරුණු පමණක් කියාදී පන්තියෙන් පිටව යන ගුරුවරු වෙනුවට, ජීවිතය කියාදෙන ගුරුවරු සෑහෙන ගණනක් ඇසුරු කරන්නට ලැබීම.
4. විවිධ භික්ෂූන් වහන්සේලා ඇසුරු කිරීමෙන්, ඇසුරු නොකලත් ලංකාවේ සුප්‍රසිද්ධ ධර්මධර, විනයධර, භික්ෂූන් වහන්සේලාගේ ධර්ම දේශනා, ගුවන්විදුලියෙන් සවන්දීමෙන්,ජීවිතය ගැන අවබෝධය පුළුල් වීම නිසා.
5. හමුදාවේදී ඇසුරු කරන්නට ලැබුණු, පළපුරුදු, අත්දැකීම් බහුල, ජ්‍යොෂ්ඨ නිළධාරීන් විසින්, පෞද්ගලිකව කියාදුන් ජීවිත පාඩම් නිසා. (විශේෂයෙන් මා යුද අපරාධ වලට සම්බන්ධවී නැත්තේ ඒ උපදේශනය නිසයි)
ඔබ කියා ඇති පරිදි, මේ රටේ ඉතා ඉහල හමුදා නිලතල වල සිට විශ්‍රාම ලැබූ, බුද්ධිමත් නිලධාරීන්, ගමේ පාරක් කපන වැඩකටවත්, උපදේශකයකු ලෙස පත්කර නොගැනීම, රටේම අවාසනාවක්.
විචා මාමේ අගනා පොස්ට් එකක්, හැබැයි රටේ පාලකයෝන්ට අම්බානට වැඩ තියෙනව ,ඒ නිසා මේවා ගැන හිතන්න වෙලාවක් නෑ, කවදාහරි උන්ගෙන් එකෙකුට වෙඩි තිබ්බ දාට ඒ ගැන හිතයි
ReplyDeleteඋන්ට වෙඩි තිබ්බත් වැඩක් නෑ ඉවාන්, තඩි හරකෙක් මැරුවා වගේ තමයි. මිනිස්සුන්ගේ චින්තනය වෙනස්කිරීම තමයි, අපි මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය.
Deleteලිපිය ඇගයීම ගැන ස්තුතියි.
වෙඩි වගේද , ගුටි විචා ඔය පත්තර කාරයො දන්නවනම් නැන්ද මාමට දෙන කොසු පාරවල් මේ නිවුස් පත්තරේ දාන්නෙ ලුහුඩු දැන්වීම් වලට.
ReplyDeleteකොහොමටත් පත්තරකාරයෝ ආරක්ෂක අංශවල කුණු හොයන්න විශේෂ උනන්දුවක් දක්වනවා.
Deleteඉතාම වටිනා ලිපියක්. වීක් එන්ඩ් එකේ මූනු පොතේ ශෙයා කරන්නම් කමක් නෑ නේ . . . හමුදා මිතුරෝ නෑදෑයෝ රාසියක් ඉන්නවා මටත් . .
ReplyDeleteඇගයීම ගැන ස්තුතියි.
Deleteකමක් නැහැ, ශෙයා කරන්න.
ආමි කාරයෝ ගෑණිට වෙඩි තියන්නේ එයාලට තුවක්කු තියෙන නිසා. අනිත් මිනිස්සුන්ටත් තුවක්කු තිබුන නම් බලාගන්න තිබුනා ආමි කාරයෝ විතරද එහෙම කරන්නේ කියලා. එහෙම උනානම් මට හිතෙන්නේ ආමි කාරයෝ තමයි අඩුවෙන්ම ගෑණිට වෙඩි තියන්නේ කියලා කියන්න වෙයි කියලා...........
ReplyDelete+++
Deleteඇත්තෙන්ම අපි උත්සාහ කරන්න ඕනේ, ආමිකාරයන්ගේ අතේ තියන අනවසර ගිනි අවි මෙන්ම, අනික් අය අතේ තියන ගිනි අවිත්, සදහටම මේ සමාජයෙන් තුරන් කරන්නයි. එවිට, මේ වෛරය, පලිගැනීම, නැති කරන්න පුළුවන්.
Deleteසහතික ඇත්ත ...විචා තියනවනම් මටත් දීපන්කො තුවක්කුවක්
Deleteවැඩක් නෑ මෙන්ඩෝ, බටේ පහලට නැවිලා, වෙඩි තියපුවම වදින්නේ බිමට. දුකයි අප්පා..........:D
Deleteසිංහලෙන් "ලුතිනන්" නෙමෙයි "ලුතිතන්" ද? ඇයි ඒ?
ReplyDeleteබ්‍රිටිෂ් ඉන්ග්‍රීසිවල "ලෙෆ්ටෙනන්ට්", ඇමරිකන් ඉන්ග්‍රීසිවල "ලුටෙනන්ට්"
I wanted to ask the same question. Why? Thanks Pra Jay?
Deleteහමුදාවේ සිංහල යෙදුම් සකසා තිබෙන්නේ භාෂා විශේෂඥයන් ගේ උපදෙස් අනුවයි. මාජ්ජ කාරයන්ට අවශ්‍ය විදිහට නෙවෙයි. ජනරාල්, කපිතාන්, ලුතිනන් වැනි වචනත්, මාජ්ජ කාරයන්ගේ වචන. ඒවා ජෙනරල්, කපිතන්, ලුතිතන්, වියයුතුයි. එහෙනම් මේජර් කියන එකත් මේජාර් කියලා ලියන්න ඕනේ.
Delete"කපිතාන්" කියන එකනම් සාමාන්‍ය ව්‍යවහාරයේ ඉන්ග්‍රීසි "කැප්ටන්" කියන එකට කලින් ඉඳන් තියෙන්න ඇති. පෘතුගීසි capitão (Spanish -capitán) එකෙන් ඇවිල්ලා.
Deleteසමහරවිට "ජනරාල්" කියන එකත්
"ලුතිතන්" හරි එක කියලා දැනගෙන හිටියෙ නෑ. ස්තුතියි.
ඒත් ලෙෆ්ටෙනන්ට් හෝ ලුටෙනන්ට් කියන එකට "ලුතිනන්" ලඟයි වගේ
මමත් එකඟයි. උච්ඡාරණයේදී වඩාත් සමීප ලුතිනන් කියන එකයි.
DeleteI have the same question of Pra Jay.ලුතිනන් කියල අහල තිබ්බත්,මෙහෙම...? Heard that for first time.
ReplyDeleteReally valid post විචාරකයෝ.
ඇගයීම ගැන ස්තුතියි. මා කියා තිබෙන්නේ නිවැරදි පිළිවෙතයි.
Deleteමේ..... ෂුවර් ද බිරින්දැට දෙපාරයි වෙඩි තිබ්බෙ කියලා ? පුදුමයි උන්දෑ.. මෙයාට වෙඩි නොතිබ්බා එහෙනම්.... :D
ReplyDeleteබිරිඳට තමයි දෙපාර. ඊට එහා ඒවා අහන්න ආවොත් ...........
Deleteවෙඩි දෙකම ටක්කෙටම වැදිල නෙවැ..
ReplyDeleteකාළතුවකින්ද සෑර් තිබ්බෙ :D
මොන කාලතුවක්කුද පත්තරේ. අඟල් දෙකේ පිස්තෝලෙන්.
Deleteහා හා උඹ පැහෙන්නේ නැතුව හිටින් , ආවා මෙතන ..
Deletee tharam kotada ? cha cha wadak na wadak na
Delete@ රන්සකු.
Delete.22 පුංචි පිස්තෝලෙනුත් මිනිස්සු මැරෙන්න වෙඩි තියන්න පුළුවන් බව අහලා නැහැ නේද?
අඟල් දෙකේ පිස්තෝලෙන් මිනිස්සු උපදවන්න පුළුවන්.
නරකද මම ඒ කාලේ ලියපු පිස්තෝල රිවෝල්වර ලිපිය කියවලා ටිකක් දැනුම දියුණු කරගත්තොත්?
ෆයර්.. මිස් ෆයර්.. පර්පස්ලි මිස්ඩ් ෆයර් අනන් මනං අස්සෙ හොඳ ලිපියක්.මුළු සමාජයේම නැවතත් යම්කිසි පීඩනයක් ගොඩනැගෙමින් පවතින බව නම් පෙනෙනවා..
ReplyDeleteජයවේවා..!!
මේ පීඩනය වහාම සමථයකට පත්නොකලොත්, මහා විනාශයකින් කෙලවර වෙන්නේ.
Deleteඇගයීම ගැන ස්තුතියි ලබ්ස්.
ඔබගේ ලිපිය ඉතාම වැදගත්, අත්‍යවශ්‍ය කතිකාවක් මතු කර තිබෙනවා. මෙය කියවද්දී මගේ මතකයට අාවේ පසුගිය දිනවල විකාශය වූ ලලිත් රත්නායක නිර්මාණය කළ 'වන් වේ(One Way)' ටෙලි නාට්‍යය. ඔබ එය නැරඹුවේ නැතිනම් බලන්න. ඒ නාට්‍යය ගැන ඔබට ඉතා වැදගත් විචාරයක් කළ හැකි වේවි කියා සිතෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන. මා සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය බලනවා බොහොම අඩුයි. හොයා බලන්නම්.
Deleteමීට කලින් ඔවැනි සිද්ධි වාර්තා උනා. හමුදා විනය, අරක මේක ඇතුලේ තමන්ගේ සිවිල් ජීවිතය අඩාල කරගත් අය බොහොමයක් ඉන්නවා. ඒක මානසික අවුලක්..
ReplyDeleteමොකක් කිව්වා වෙඩි තිබ්බේ දෙපාරයි... හයියෝ.. අපි නං ගැට්ලින් ගන් එකකින් වෙඩි තියන ගමන් යන්තං දෙකක් වද්දගත්තා.. හැක්..
හමුදා කාරයාත් අපේ සමාජයේම කොටසක්නේ දේශ්. ඌ ආමිකාරයෙක් වෙන්නේ හමුදාවාතුලේදී විතරයි. ගෙදර ආවම ඌත් මම උඹ වගේ තමයි.
Deleteහොඳට බලපන්. මම කිව්වේ අපේ ගෑණිට දෙපාරක් කියලා. දැන් තේරුනාද? :D
කාලෙකින් තමා බ්ලොග් බලන්ඩ ආවෙ. වැදගත් මාතෘකාවක්.
ReplyDeleteඅපේ රටේ සෑමදාම සිදුවෙන සිදුවීම්වලින් එකක් තමා මේ. මේකෙ වෙනස අදාල පුද්ගලයා හමුදා නිලධාරියෙකු වීම සහ යොදාගත් ආයුදය ගිනි අවියක් වීම.
මේ කතාව ලොකුවට මාතෘකා වෙද්දි පත්තරවල ඇතුලටම වෙන්ඩ පොඩියට මේ වගේම සිද්ධි වාර්තා වෙනව. උදාහරනෙකට මෙහෙම එකක් දක්වන්නං.
සිව්දරු මව උදලු පහරින් මරුට.
මැදිරිගිරියේ පදිංචි 38හැවිරිදි සිව්දරු මවක් හිසට එල්ලකල උදලු පහරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ගාතනය සඳහා සැකපිට ඇගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර ගාතනයට යොදාගත් උදැල්ල නිවස අසලින් ගලා යන ඇල මාර්ගයට විසිකොට තිබියදී පසුව පොලිසිය විසින් සොයාගෙන ඇත.
මේ සිද්ධි දෙකම එකම දේ උනත් පුද්ගලයාගේ සමාජ තත්වය අනුව ප්‍රවෘත්තියේ වටිනාකම වෙනස් වෙනව.
හමුදාවෙ හිටියත් ගොවියෙක් උනත් යම් අවස්ථාවලදී ඇතිවෙන චිත්ත පීඩා නිසා පුද්ගලයින් මෙවැනි අපරාධ සඳහා යොමු වෙනව. ගොවියයෙ තමාගෙ ආයුදය ලෙස උදැල්ල යොදා ගනිද්දි හමුදා නිලධාරියා ගිනි අවිය යොදා ගන්නව.
ඔබතුමා හොඳින් සැලසුම් කර තැබූ වෙඩිලි දෙක සාර්ථක ලෙස ඉලක්කවල පතිත වීම නිසා ඔබතුමා බොහොම සතුටින් පසුවෙන අතර හදිසියේ තැබූ වෙඩිල්ල මිස් උන නිසා අර නිලධාරියා ජීවිත කාලෙම වන්දි ගෙවනව.
ඔබට බෙහෙවින්ම ස්තුතියි සුරේෂ්. ඉතා සමබර, බුද්ධිමත් අදහස් දැක්වීමක්.
Deleteඇත්ත තමයි, පොඩි මිනිහෙක් මිනී මැරුවම, ඒක පොඩි ප්‍රවෘත්තියක්. ලොක්කෙක් කලාම, ලොකු ප්‍රවෘත්තියක්. අපේ මාධ්‍ය මෙහෙයවීම මහා කුහක, වර්ගවාදී එකක්. ඒ වගේමයි, එකම පත්තරේ ඔය ප්‍රවෘත්ති දෙක එක ළඟින් පළවුනත්, වැඩි දෙනෙක් අවධානය දෙන්නේ, ආමිකාරයාගේ මිනීමරුමටයි. අපේ බහුතරයකගේ චින්තනයත් ඊනියා එකක්.
රූපයට, ධනයට, කාමයට, වශීවී කරගන්න විවාහ, පසුකාලීනව අවුල් වෙනහැටි, ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.
ගෙදර උන්දැට දෙපාරක් වෙඩි තිබ්බට වටේ පිටේ ගෙවල් වල වෙඩි වැදුන අය ඕන තරම් ඇති නේද අංකල්?
ReplyDeleteඒ උනාට අර පිස්ත්ලෝයක් අරගෙන තියා ගත්තනම් රොන් ටෝක් දාන අනෝලා බය කරන්න තිබුණා
මෙන්ඩෝ, අර කියමනක් තියනවා older the bull harder the horn කියලා. ඔව්වා ඉතිං ඔහොම තමා.
Deleteඇනෝලා බයකරන්න අවශ්‍ය නැහැ. උන් බයවෙලා තමයි එහෙම ලියන්නේ.
මගෙ මායියත් හොඳටෝම බය වෙලා ඉන්නෙ මේ දවස්වල....
ReplyDeleteජාතික රහස් ඔත්තු සේවයෙන් මට වාර්තා කළා, උඹලෑ ගෙවල් පැත්තෙන්, වෙඩි තියන, කෙඳිරිගාන, හතිඅරින, සද්ද ඇහෙනවා කියලා. ඔව්වා තේරෙයි තව මාස 10ක් විතර ගියාම.
Deleteඅපොයි රණවිරුවන්ට අපහාස කරන්න කරන්න එපෝ.
ReplyDeleteමේ වගේ තුට්ටු දෙකේ රණවිරුවන් නම් පොල් පිත්තකිනුත් කපාගන්න පුළුවන්.
Delete(ඉස්සෙල්ල මඩවල ඉන්න එපැයි)
ReplyDeleteමං හිතන්නෙ ගොඩක් වාර ගනනක් වෙඩි තියන්න ඇති. වදින්නත් ඇති. හැබැයි ඊට කලින් බුලට් පෲෆ් කරල වෙන්නැති හිටියෙ.
//ආමි කාරයෝ ගෑණිට වෙඩි තියන්නේ ඇයි?//
තුවක්කු තියෙන්නෙ ආමිකාරයො ලඟ විතරක් නිසා. නැත්තං කවුරුත් කරන්නෙ ඕක තමයි.(මඩවල ඉවරයි)
වෙඩි තැබීම් සිදුවන්නෙ තුවක්කු තියන අයවලුන් අතින්. පොලිසිය ඇතුළු සියල්ලන්ටම මේක පොදුයි. මෙතන මම දකින පැති දෙකක් තියනව. එකක්, ආයුධය අතේ තිබීම නිසා සිදුවන දේ. ඒක සාමාන්‍යයි. මාළු කපන එවුන් මාළු පිහිවලින් මරනව, තේ කපන පැතිවල තේ කපන පිහිවලින් කපනව, පේ පැතිවල පිහි ඇනුම්, කැති පාරවල් පොරවපාරවල් දෙනව, කෙටේරි තියන පැතිවල එ්වායෙන්......
දෙවනි එක, ආරක්ෂ0ක අංශ ගත්තම විචා ඔය කියන පීඩනය ටිකක් වැඩිපුර තියනව එයාලට. ආයුධ අතින් භයානකම ආයුධය වගේම ඔලුව අවුල්වුනාම වැඩේට ඕනකරන පෝෂක ලැබෙනව.
මිනිස්සු නීතියට ගරුකරන්න පුරුදු වෙච්ච වටපිටාවක් තියෙන්න ඕන මේව නවතින්න නම්. නමුත් ලංකාව සම්බන්ධව මේ තත්වය භයානකයි.
පිස්සුද රාජ්, පට් පට් ගාලා ටාගට් වැඩ කළා. කිසිම ප්‍රමාදයක් නෑ. ආයේ මොන බුලට් පෲෆ් ද. අපි කැමති නැහැනේ රේන්කොට් ඇඳගෙන නාන්න. :D
Deleteඇත්ත. කාලෙන් කාලෙට පිරිමිනුත්, ගෑනුන්ගෙන් මෝල්ගස් පාරවල්, කැති පාරවල්, මන්නා පාරවල් කාලා, මැරිලා යනවා. බලය යුක්තිය වේ කියන හැඟීම නිසා තමයි, මෙවැනි අපරාධ වෙන්නේ.
නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වෙනවා කියන එක අවබෝධ කරගත්තම, මිනිස්සු නීතිය පිලිපදියි.
මේ විචාරක තුමෝ.. මම දන්නා තරමින් හොයල බැලුව උනන්දුව නිසාම.. නාහෙට නාහන හමුදාවෙනම් කොහෙවත් ලුතිතන් කියල භාවිතා වෙන්නේ නෑ.. ලුතිනන් ම තමයි.. (Lieutenant) ලෙෆ්ටිනන්/ ලියුටිනන් කියන වචනේ සිංහලට 'ලුතිතන්' කියල හරෝපු තැනක මොකක් හරි රෙෆරන්ස් එකක් කියන්නකෝ තරහා නැතුව..
ReplyDeleteආ.. අද පත්තරේක තිබ්බ විසිකරපු පිස්තොලේ දෙමලෙන් ත.වි.පු. (තමිල් විඩුතලෙයි පුලිගල්?) කියන අකුරු තුන ගහල තිබ්බයි කියල.. අන්තිම සටන් කාලේ පිස්තෝල බිස්තෝල නිකං පතෝල වගේ හැම තැනම තිබ්බ ලවක් දෙවක් නැතුව ගන්න.. ගොඩක් උන් 'පස්සේ ඕනේ වෙයි' කියල එක දෙක ගල් කරා.. හිස් පිත්තල කොපුවක්වත් ගෙදර නොගේනාපු මටනම් ඒවායේ සත පහක වටිනාකමක් තිබ්බේ නෑ.. හැබැයි මාත් ඉලක්කෙටම වෙඩි තිබ්බ තුන් පාරක්ම.. :)
යුද හමුදාවේ ලේඛනයක් අරන් බලන්න කල්‍යාණ. ත්‍රිවිධ හමුදාවේ ලේඛන එක සමාන නැහැ.
Deleteමේ යකා ආමරියක්ම ගල් කරලා තියාගෙන ඉඳලා වගේ. තුවක්කු පිස්තෝල ලොරි ගණන් ගෙදර ගෙනෙන්න තිබ්බා ඒවාට පෙරේත වුනානම්. නමුත් මොලේ මෝරලා නැති අය තමයි ඔව්වා උස්සගෙන ඇවිත් තියෙන්නේ.
කල්‍යාණ මිත්‍ර, අපිට එකල ගුරුහරු කම් දුන් මැතිතුමෙක් ගැන මෙහි සදහන් කරද්දී එතුමා Cmde යනුවෙන් ලියන තනතුර "කොමදෝරු" ලෙස ලිව්වේ. නොදැනුවත්ව වරදක් තිබෙනවා නම් අපටත් කියාදෙන්න.
Deleteහමුදා නිලයන් සදහන් කිරීමේදී මේ නිවැරදි බව බොහොම වැදගත් නේද ?
කෙන්කියුෂා, මම දන්නා තරමින් Commodore කියන නිළය සිංහලෙන් ලියන්නේ කොමදෝරු කියල තමයි. ඊට සමාන යු.හ. නිළය Brigadier- බ්‍රිගේඩියර් ලෙසමත් ගුවන් හමුදාවේදී Air Commodore නිළය ගුවන් කොමදෝරු ලෙසත් ලියනවා.. හරියටම හරිද නම් දන්නේ නෑ..
Deleteබොහොම ස්තුතියි.
Deleteමෙන්න මෙතනට ගියාම බලාගන්න පුළුවන්, ත්‍රිවිධ හමුදාවේම ඒ ඒ නිල සහ ඒවාට පාවිච්චි කරන කෙටි යෙදුම්.
Deletehttps://en.wikipedia.org/wiki/Military_ranks_and_insignia_of_the_Sri_Lanka_Navy
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete++++++ Thumbs up... නමටම හරියන විචාරයක් තුමෝ...
Delete(කලින් කමෙන්ටුවේ වැදුනේ Thums up කියලා. ඒකයි මකලා දැම්මේ)
කොහොම වුනත් අර්ථය හිතාගන්න පුළුවන් අකුරක් දෙකක් අඩු වුනත්.
Deleteබොහොම ස්තුතියි ඇගයීම ගැන.
ආචාර වෙඩිමුර ගැන පෝස්ට් එකක් ලියල තියෙනෝද ?
ReplyDeleteආචාර වෙඩිමුර ගැන සම්ප්‍රදා , ඒ වෙඩි තියන උණ්ඩ ගිහින් වැදෙන්නෙ කොහෙටද වගේ විස්තර දැන ගන්න ආසයි
අචාර වෙඩි මුර ගැන වෙනමම පෝස්ට් එකක්නම් ලියලා නැහැ චානක.
Deleteකාලතුවක්කු ගැන ලියන ලද ලිපි මාලාවේ
ඒ ගැන යම් සඳහනක් තිබෙනවා.
ඉඩක් ලැබුන ගමන් ඔබේ ඉල්ලීම ඉටුකරන්නම්.
ඉස්තූතියි
Deleteටූ ලෙට් වී පැමිණියෙමි.
ReplyDeleteඒ හම්බඋන පිස්තෝලෙට අමතරව තව එකකුත් හොයාගෙන තියෙන්නෙ පස්සෙ.
මොනව උනත් උපතින්ම හයිකරල එන ෆැක්ටරි ෆිටඩ් පිස්තෝල මිසක පස්සෙ හයිකරන ඒව ළඟ තියාගෙන ඉන්න එක භයානක බවයි මේ ලිපියෙන් පේන්නෙ. හැක්..
Too Late වුනත්, To let වුනත් උඹ ආවානේ. මට ඒ ඇති.
Deleteමට පෙනෙන්නේ මේ ගොයියා, පාතාලෙට ආයුධ විකුණන/කුලියට දෙන ජොබ් එකත් කරලා තියනවා වගේ.
කියලා වැඩක් නෑ. බටේ කොට වුනත් ඔරිජිනල් පිස්තෝලේ තාමත් ෂුවර්. හැක්.
කාළීන විචාරයක් ...
ReplyDeleteබොහොම ස්තුතියි ලලිත්.
Deleteවිචාරක,මට යමක් තේරෙන කාලේක ඉඳල තියන ප්‍රශ්නයක් තමයි ලංකාවේ හෝ වෙන ලොකේ කොහේ හෝ බරපතල ප්‍රශ්නයක් ඛේදවාචකයක් සමාජයට නිරාවරණය උනාට පසුව එය දිඟු කල තිස්සේ ටිකෙන් ටික උඩු දුවපු ක්‍රියාවල එකතුවක් ලෙස නොයෙකුත් මාධය මඟින් නොයෙකුත් විචාරකයන් මඟින් විවිධාකරයේ විවේච්න සහිතව තොරතුරු එළිදැක්වූවත් ඇයි අර දිඟු කාලය තුල මේ කිසි කෙනෙක් මේ සා බරපතල සිදුවිම් විය හැකි පෙරනිමිති නොදකින්නේ ඔවුන්ගේ පෙර සිදුවීම් ලියු අත්දැකිම් වලින් ????? එසේ දැක්කත් නොදැක්කව වාගේ නොසිට ක්‍රියාත්මතක නොවෙන්නේ ඇයි විපත් වලක්වාගන්න ඔවුන්ගේ හැකියාවන් හරහා ? එසේ ගැටලු කල්තියා හඳුනාගෙන ලත් තැනම ප්‍රශ්න නිරාකරණය ක්‍රියාකිරිම පලක් නැ කියා සිතනවාද කියාත් මට හිතී තියනවා..
ReplyDeleteබොහොම හොඳ විමර්ශනයක්. මේ තත්වය මම දකින්නේ මෙහෙමයි. මිනිසාගේ හොඳ පැත්ත පුබුදුවාලන්න ක්‍රියාකරණ, ආගම්, විවිධ සංවිධාන, ආදිය කොපමණ තිබුනත්, මිනිසාගේ නරක පැත්ත පුබුදුවන, විවිධ විෂම බලවේග, ඊට වඩා ප්‍රබලව, සංවිධානාත්මකව ක්‍රියාකරනවා. පුවත්පතක පලවන ශාස්ත්‍රීය ලිපියක් කියවන්නේ, සමාජ විවරණයක් ලෙස සැලකිය හැකි පොතක් කියවන්නේ, ඉතා සුළු පිරිසක්. ඔබ දන්නවා ඇති, සම්භාව්‍ය සිනමා කෘතියක් නරඹන්න ගියාම, සිනමාහලේ ඉදිරිපස පේලි හිස්ව තිබෙන බව. හේතුව ඒ ආසනවලට එන පිරිස කැමති, සරල වින්දනයට පමණක් වීමයි.
Deleteලෝකයේ තියන අමාරුම දෙයක් තමයි, මිනිසුන්ගේ චින්තනය සහ චර්යාව වෙනස් කිරීම. සෑම ආගමකින්ම උත්සාහ කරන්නෙත් එයයි.
අද අපි ලබන අධ්‍යාපනය තුලින්, දැනුම ලැබුනාට හැදියාව ලැබෙනවා බොහොම අඩුයි. අද මුළු ලෝකයේම චින්තනය සහ චර්යාව වෙනස් කිරීමට සුදුසුම ක්‍රමවේදය වන්නේ, අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කිරීමයි.
සමාජයේ තිබෙන විවිධ වැරදි ක්‍රියා දැක දැකත්, ඇස් කන් පියාගෙන ඉන්නට මිනිස්සු හුරුවෙලා තියෙන්නේ, හොඳ සමාජානුයෝගයක් නොලැබීම නිසායි. ඒ සමාජානුයෝගය සඳහා අඩිතාලම දැමිය යුත්තේ, අධ්‍යාපනයෙන්. පාසල් අධ්‍යාපනයෙන් පමණක් නොවෙයි, විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පවා එය තිබිය යුතුයි.
Jayawewa. ..
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteවිචාරක,
ReplyDeleteඉතාමත් හොඳ කියැවිය යුතු ලිපියක්.
මම නම් හිතන්නේ අපේ හමුදාව තුල තියෙන්නෙත් අපේ සමාජයේම හරස්කඩක් කියලයි.
මේ නොහික්මුනු ආවේගශීලීපුද්ගලයෝ නැත්තේ කොතැනද?
ඒ වගේම සංවර තැන්පත් මහා පෞරුශයන් සහිත මිනිස්සුත් මේ හැම සමාජ ස්තරයකම ඉන්නවා.
කොහොම වුනත් හමුදා සාමාජිකයින් ලඟ ගිනි අවි තිබීමේ ඉඩ හා ඒවා වැරදි ලෙස භාවිතා කිරීමේ ඉඩ ගැන මෙහිදී ඔබ කරන සාකච්චාව ඉතාමත් වැදගත්. ඒත් අපේ ලොකු මිනිස්සුන්ට ඕවා ගැන හොයන්න වෙලා නැහැ. තමන්ගේ නිලය බලය ආදායම් මාර්ග රැක ගැනීම වගේ වැඩ හැරුනු කල.
ස්තුතියි නයනේ.
Deleteමේ ලිපියේදී මමත් අවධාරණය කර තියනවා, හමුදා සාමාජිකයන් කියන්නෙත්, අපේ සමාජයේම කොටසක් බව. ඇත්තටම, ඔවුන්ගේ සිතුවිලි වැඩිපුර බැඳී පවතින්නේ, සාමාන්‍ය සමාජය සමග විනා, හමුදාව සමග නෙවෙයි.
හමුදා සම්ප්‍රදායක් තිබෙනවා, සෑම නිලයකුම හැකිතරම් හමුදා රාජකාරිවල නිරත කරවා තැබීම කලයුතුයි කියන එක. එවිට, ඔවුන්ට නානාප්‍රකාර දේවල් වෙත සිට යොමුකරමින්, සිත අවුල් කරගන්න වෙලාවක් නැතිවෙනවා. එවැනි දේ ගැන හමුදාවේ උසස් නිලධාරීන් නැවත සිතා බැලිය යුතුයි.
උසස් හමුදා විනය පවත්වාගැනීම සහ, හමුදා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම, ඉතා වැදගත්. එහෙම නොවුණොත්, මෙවැනි සිදුවීම් ඉදිරියේදීත් අහන්න දකින්න ලැබෙනවා ඒකාන්තයි.
ලංකාව හොඳයි අමෙරිකාව එංගලන්තය වගේ රටවල් එක්ක බලනකොට.
ReplyDeletehttp://www.telegraph.co.uk/news/worldnews/northamerica/usa/1402836/Soldiers-kill-wives-after-serving-in-Afghanistan.html
https://www.washingtonpost.com/local/public-safety/no-bond-for-man-accused-of-fatally-shooting-his-wife-in-prince-william/2016/02/29/b01b81e0-de70-11e5-846c-10191d1fc4ec_story.html
http://www.timesonline.com/guilty---army-officer-admits-killing-wife/article_40f9b3d7-42c1-58c7-b776-d143d14becb0.html
මෙහෙත් ඔයවගේ වෙයි, මේ යන විදිහට ප්‍රතිකර්ම නොයෙදුවොත්.
Deleteඅද මට අහම්බෙන් මගේ මිත්‍ර නිලධාරියකු හමුවුනා සාදයකදී. ඔහු කියනවා, පනාගොඩ හමුදා කඳවුර තුළ පිහිටි ඔවුන්ගේ ඒකක නිවස්නයට ගියවිට, දැන් සිටින සමහර තරුණ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දැක ලැජ්ජාවටත්, කෝපයටත් පත්වූ බව. ඔවුන්, නිලධාරි නිවස්නයෙන් කෑම නොකා, සල්ලි ඉතුරුකරගන්න, හබරකඩ පැත්තේ ගෙවල් වලින් අඩුමිල කෑම ගෙන්වාගෙන කනවලු. නිලධාරීන්ගේ චර්යාව මෙලෙස නම්, සෙසු නිලයන් ගැන කුමන කතාද?
තුමනි,,හමුදා සාමාජිකයන් සේවයෙන් ඉවත්වන විට යුද මානසිකත්වය අඩු කිරිමට හා මානසික පිඩනය අවම කිරිමට යම් වැඩපිළිවෙළක් තිබේද??
ReplyDelete*
ඉතා අවාසනාවන්ත ලෙස එවැනි ක්‍රමයක් නැහැ. මානසික රෝගී තත්වයක් තිබෙන බව, වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කලොත් පමණයි, ප්‍රතිකාර ලබාදෙන්නේ.
Deleteනමුත් බොහෝ රටවල හමුදා සාමාජිකයන්ගේ මානසික ආතතිය අඩුකිරීම සඳහා උපදේශන සේවා ක්‍රියාත්මක වෙනවා. අපි අදටත් පරක්කු නැහැ එවැනි සේවයක් පටන්ගන්න.