මේ ලිපිය ලියන්න පාදක වුණේ, අපේ දිනේෂ් මහතා විසින් පවත්වාගෙන යන වර්ණ බ්ලොග් අඩවියේ පළවූ හින්දි ටොප් 10 ලිපියයි. පහුගිය දිනවල ඉයන් උන්නැහේ බෝකරපු සිංහල ගීත 16 ලෙඩේ තව පැත්තකට හැරිලා, වර්ණ අඩවියට හින්දි ටොප් 10 ඇවිල්ලා තිබුණා. වර්ණ අඩවියේදී මා සඳහනක් කළා, මමත් හින්දි ටොප් 10 ලිපියක් ලියන්නම් කියා. ඔන්න ඒ අදහස, අදයි මුදුන් පමුණුවා ගන්නේ. කී දෙනෙක් මේ ලිපිය රසවිඳියිද කියා කියන්න බැහැ. මක්නිසාද යත්, හින්දි චිත්‍රපටි ගීතවලට, සිංහල බ්ලොග් ලෝකය තුළ, එතරම් කැමැත්තක් නැතිබව තමා, මා මෙතෙක් කල් ලබා තිබෙන අත්දැකීම. ඒ කෙසේවෙතත්, හින්දි ගීත ප්‍රියකරන කීපදෙනා වෙනුවෙන් හෝ මේ ලිපිය ඉදිරිපත් කරනවා.
හින්දි චිත්‍රපටි නරඹන්නත් පෙර සිට, මා අවුරුදු 8 - 10 වයසේ සිටියදී තමයි, ගුවන් විදුලියෙන් සහ/හෝ LP තැටිවලින්, හින්දි ගීත අහන්නට ලැබුනේ සහ ඒ ගැන යම් ඇල්මක් ඇතිවුණේ. මේ ගීතවල වාච්‍යාර්ථය නොදැන සිටියත්, ඒ ගායනා තුළ ඇති, සංවර, මධුර මනෝහර, ලයාන්විත බව, හා සුඛෝච්ඡාරණ බව, මා තුළ කිසියම් භාවෝද්දීපනයක් ඇති කළායයි කියා කිව්වොත්, මා නිවැරදියි. පසු කාලයේදී, හින්දි චිත්‍රපටි නරඹන්නට ලැබීමත් සමග, ඒ බැඳීම තවත් තරවුනා.
ඇත්තෙන්ම, එදාමෙදාතුර මා නරඹා ඇති හින්දි චිත්‍රපටි වලින්, පසුබිම් ගීත දහයක් තේරීම, ඉතා අපහසු ක්‍රියාවක්. කීප වතාවක් කටු සටහන් යොදා බැලුවත්, එය මට විශාල අභියෝගයක්. අවසානයේදී, තරමක් සිත දැඩි කරගෙනයි, මේ ගීත දහය තෝරාගත්තේ.
මේ ගීත තෝරන්නේ, මා මනසට නැගුනු ආකාරයට විනා, හොඳම ගීත දහයක්, 1,2,3,4, ලෙසින් දැක්වීමක් නොවන බවත්, අවධාරණය කරන්නට කැමතියි.
මේ ගීත තෝරන්නේ, මා මනසට නැගුනු ආකාරයට විනා, හොඳම ගීත දහයක්, 1,2,3,4, ලෙසින් දැක්වීමක් නොවන බවත්, අවධාරණය කරන්නට කැමතියි.
1. විරහවේ උච්ඡ ස්වරය - මා හද ඔබ අමතයි ප්‍රියේ, එනුමැන මා සොයා
මේ ගීතය අයත්වන්නේ මා මෙලොව එළිය දුටු 1954 වසරටයි. දැන් ඔබ අහයි, ඉපදුන ගමන් චිත්‍රපටි බැලුවද කියා. නැහැ. මේ ගීතය ඇතුළත් 'නාගින්' චිත්‍රපටිය, මා නැරඹුවේ, 1960 දශකයේදීයි. එකල, සිය තාරුණ්‍යයේ උච්ඡ අවස්ථාවේ සිටි, ඉන්දීය චිත්‍රපටි නිළි වෛජයන්තිමාලා, මේ චිත්‍රපටියෙන්, ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ තබාගත්තේ, ඉතා විශ්මයජනක ආකාරයටයි. ප්‍රේමයේ විරහව, සිය රංගනයෙන් මොනවට පිළිබිඹු කරන ඇය, මේ ගීතයේදී මෙසේ කියනවා.
පෙම්වත, විරහ දුකින් පෙලෙන මා හදවත, මෙලෙස ඔබ අමතයි. තෙත්බර කාලගුණයක මම සිටිමි. ඔබ කොහිද? එන්න මා වෙත සැනසුම රැගෙන. ඔබ නැති මේ වසන්තය සහ සිහිල් මන්ද මාරුතය කුමටද? ඔබ නැති ලොව පාළුවී ඇත. මා කුමක් කලයුතුදැයි, මෙහි පැමිණ මට කියන්න. මගේ ආදර නිවස, කුණාටුවලින් වනසා දමා ඇත. සිනහවෙන් පිරි මගේ ආදර ලොව, සොරකම් කර ඇත. මා වියැකී යන්නට පෙර, ඔබේ මන්දස්මිතයක්වත් දැකගන්නට, මෙහි පැමිණෙන්න මා පෙම්වත.
මෙරා දිල් යේ පුකාරේ ආජා - චිත්‍රපටිය:- නාගින් (1954), රංගනය:- වෛජයන්තිමාලා, ගායනය:- ලතා මංගෙස්කාර්, ගීත රචනය: රාජේන්ද්‍ර ක්‍රිෂන්, සංගීතය:- හේමන්ත් කුමාර්. (1954 වර්ෂයේ, හොඳම චිත්‍රපටි පසුබිම් සංගීතය සඳහා, 'ෆිල්ම්ෆෙයා' සම්මානය) අධ්‍යක්‍ෂණය:- නන්ද්ලාල් ජස්වන්ත්ලාල්.
2. ලොවට බිය නැති ආදරය - සඳේ, ඉවත බලාගන්න. මේ අපේ ආදර සමයයි.
මේ ගීතය, කළින් සඳහන් කළ ගීතයටත් වඩා පැරණියි. ගීතය අයත්වන්නේ, 1951 දී තිරගතවුණු, 'ආවාරා' = (පාදඩයා) චිත්‍රපටියටයි. මේ ගීතයේ පෙනීසිටින්නේ, හින්දි සිනමාවේ අති දැවැන්ත චරිත ලෙස, අදත් සැලකෙන, රාජ් කපූර් සහ නර්ගීස් දත් නළු නිළි දෙදෙනායි. (යුවළ හෝ දෙපළ කියා ලියන්න බැහැ, ඔවුන් අඹු සැමියන් නොවන නිසා) අද්‍යතන හින්දි චිත්‍රපටි ගීතයක දකින, හුදු කාමෝද්දීපනයට වඩා, මේ ගීතයේ රංගනය තුළ, යටින් දිවයන ශෘංගාරය, අසමසමයි, අද්විතීයයි. තම සිතැගි, අහිංසකව, දඟකාරව නිදහස් කරන ආකාරය, නර්ගීස් නිරූපණය කරන්නේ, ප්‍රේක්ෂක සිත මන්මත් කරමින්.
ඇය මෙහෙම කියනවා:- සඳේ, මොහොතකට ඉවත බලාගන්න. මේ, මා ඔහුට පෙම් කරන වෙලාවයි. ඔහුට කියන්නට දහසක් දේ මට තිබේ. මා හදවත පැතුවේ මෙවැනි ආලයක්. දැන් මට ඒ ආලය හිමිව තිබේ. සඳේ, ඔබේ ආලෝකය අපි හැමදාම දකිනවා. නමුත්, මේ මගේ ප්‍රථම රාත්‍රිය, ඔව්, ප්‍රථම රාත්‍රිය. ඉතිං දැන්වත් අහක බලාගන්නකෝ.
ඔහු මෙහෙම කියනවා:- මම හොරෙක්. මගේ කාර්යය හොරකම් කිරීමයි. සමාජය මට ගරහයි. එහෙත්, මම ඇගේ හදවත සොරකම් කරමි. ඈ දෙස හොරෙන් බලා, ඇයව සොරකම් කරමි. සඳේ, ඔබ සාක්‍ෂි දරන්න.
දම් භර් ජො උධර් මූ පේරේ - චිත්‍රපටිය:- ආවාරා (1951), රංගනය:- රාජ් කපූර් සමග නර්ගීස් දත්, ගායනය:- ලතා මංගෙස්කාර් සමග මුකේෂ්, ගීත රචනය:- ශෛලේන්ද්‍ර, සංගීතය:- ශංකර් - ජායිකිෂන්, අධ්‍යක්‍ෂණය:- රාජ් කපූර්
4. මුලාවූ පෙම්වතා - මේ මන්ද මාරුතයේ, මේ සුන්දර පරිසරයේ, මා හදවත ඔබ අමතයි.
1963 දී තිරගතවූ, 'ගුම්රා' (නොමග ගිය තැනැත්තා / මංමුලාවූ පුද්ගලයා) චිත්‍රපටිය, ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ බව මට හොඳට මතකයි. ප්‍රේමයේ වියෝවෙන් මංමුලාවූ පුද්ගලයකු, වෙනෙකෙකු සමග විවාහවූ තම පෙම්වතිය පසුපස යන සිද්ධියක්, ඉතා අනුවේදනීය ලෙස, මේ චිත්‍රපටියෙන් ගෙනහැර දක්වනවා. හින්දි සිනමාවේ ඇති දැවැන්ත චරිතයක් වූ සුනිල් දත් (ඉහත අංක 2 යටතේ සඳහන් නර්ගීස් දත් ගේ සැමියා, අද හින්දි සිනමාවේ සිටින (නොසිටින?) සන්ජේ දත් ගේ පියා) සමග මේ චිත්‍රපටියේ අනෙක් ප්‍රධාන චරිතය කරන්නේ, ජනප්‍රිය නිළි, මාලා සිංහ.
ඔහු:- මේ මන්ද මාරුතයේ, මේ සොඳුරු පරිසරයේ, මා හදවත ඔබ අමතයි.
ඇය:- මට මා වලක්වාගත නොහැකිය. ඔබේ ඇමතුම් හඬින් මා ඔබ වෙත ඇදී එයි.
ඉන් හවාඔන් මේන් ඉන් ෆිසා(Z)ඔන් මේන් - චිත්‍රපටිය:- ගුම්රා (1963), රංගනය:- සුනිල් දත් සමග මාලා සිංහ, ගායනය:- මහේන්ද්‍ර කපූර් සමග ආශා භෝස්ලේ, පද රචනය:- සහීර් ලුජාන්වී, සංගීතය:- රවී, අධ්‍යක්‍ෂණය:- බී.ආර්.චොප්රා
මා ප්‍රිය කරන්නේ කළු සුදු චිත්‍රපටි වලට පමණද? කියා, ඔබ මගෙන් විමසනු ඇති. ඇත්තෙන්ම කළුසුදු චිත්‍රපටි වල තවත් රසවත්, අර්ථවත් ගීත සිය ගණනක් තිබෙනවා. නමුත් ඒවා පසුකරමින්, මා ඔබව, වර්ණ චිත්‍රපටි වෙත කැඳවාගෙන එනවා. මෙහිදී ද මා, මගේ සිත සමග දැඩි සටනක් කොට තමයි, ගීත තෝරාගත්තේ.
6. තුන් කොන් ප්‍රේමයක මායාව - මා ප්‍රියාවනි, කුමන නමකින් මා ඔබ අමතන්නදැයි නොවැටහේ
1964 වර්ෂයේදී තිරගතවූ, 'සංගම්' (හමුවීම) චිත්‍රපටිය, ලොව වටා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසකගේ මහත් ප්‍රශංසාවට ලක්වූ, 'සදානුස්මරණීය' යන වර්ගීකරණය ලත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය, පැය හතරකට මඳක් වැඩි කාලයක් ධාවනය වන අතර, එය එකල කිසිසේත්, ප්‍රේක්ෂක අප්‍රසාදයට ලක්වුයේ නැහැ. මේ චිත්‍රපටිය නිපදවීමට, ඉන්දීය රුපියල් කෝටියක් වැයකර තිබෙනවා. රාජ් කපූර්, වෛජයන්තිමාලා, සහ රාජේන්ද්‍ර කුමාර්, මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑ අතර තුන්කොන් ප්‍රේමයක් පිලිබඳ, හද සසල කරවන කතා පුවතක් මෙහි ඇතුළත් වෙනවා.
ඔහු:- කෙසේද මා ඔබ අමතන්නේ මගේ මේ පෙම්පතෙන්? මා ඔබට සුන්දරිය කියන්නද? හදවත් සොරාගන්නිය කියන්නද? කුමක්ද මා කියන්නේ?
යෙ මේරා ප්‍රේම් පත්‍ර පඩ්කර් - චිත්‍රපටිය සංගම් (1964), රංගනය:- රාජේන්ද්‍ර කුමාර් සමග වෛජයන්තිමාලා, ගායනය:- මොහොමඩ් රෆී, පද රචනය:- හස්රත් ජායිපුරි, සංගීතය:- ශංකර් ජායිකිෂන්, අධ්‍යක්‍ෂණය:- රාජ් කපූර්.
8 ප්‍රේමයේ මායාකාරිය - මා නළලත තිලකයද, දෑතේ වළලුද ඔබ පතා වෙහෙසෙයි.
1969 දී තිරගතවූ දෝ රාස්තේ (මාවත් දෙකක්) චිත්‍රපටිය, ජනප්‍රිය වුනේ, එහි එන කර්ණ රසායන සංගීතය හේතුවෙන්. මේ චිත්‍රපටිය, සම්පූර්ණයෙන්ම පාහේ, සංගීතමය චිත්‍රපටියක් කියා කිවහැකියි. මේ ගීතය මා තෝරාගත්තේ, විශේෂ හේතු කීපයක් නිසායි. මේ ජවනිකාවේ පෙනීසිටින නිළිය, මුම්ටාස්Z මධ්වානි (විවාහයට පෙර අස්කාරි) හින්දි සිනමාවේ ගිනිසිළුවක් ලෙස සැලකෙනවා. නමුත් ඇය ඉන්දීය කාන්තාවක් නොවේ. ඉරාන ජාතික කාන්තාවක්. බලන්න මේ මායාකාරිය, ඉගෙනීමේ කටයුත්තේ යෙදෙන අර අහිංසකයාව, ඇයගේ මායාකාරී හාවභාව ලීලාවන් පෙන්වා, වසඟයට ගන්නා හැටි. එතන තියන නලයක් තුළින්, ඔහු දෙස බලා ඉඟි මරන්නේ, ශෘංගාරය ඇවිස්සෙන විදිහට. රාජේශ් ඛන්නා / මුම්ටාස්, එක යුගයක, හින්දි සිනමාවේ නැතුවම බැරි පෙම් යුවළ බවට පත්ව සිටියා.
බිඳියා චම්කේගී චූඩි ඛන්කේගී - චිත්‍රපටිය:- දෝ රාස්තේ (1969), රංගනය මුම්ටාස්Z සමග රාජේශ් ඛන්නා, ගායනය:- ලතා මංගෙස්කාර්, පද රචනය ආනන්ද් භක්ෂි, සංගීතය:- ලක්ෂ්මිකාන්ත් ප්‍යාරෙලාල්, අධ්‍යක්‍ෂණය:- රාජ් ඛෝස්ලා
10. දෑ කුලමළ, ඉක්මවා ගිය ප්‍රේමයේ අභිමානය - ඔබේ ආත්ම ගෞරවය වෙනුවෙන් මම නිහඬව සියල්ල විඳගනිමි.
මෑත භාගයේදී මා නැරඹු හින්දි චිත්‍රපටි අතරින්, වඩාත් සිත්ගත් චිත්‍රපටියක් ලෙස, 2004 වර්ෂයේදී තිරගතවූ 'වීර් - සාරා' චිත්‍රපටිය හඳුන්වන්නට පුළුවන්. ප්‍රේමය යනු මෙලොව සියළු සමාජ සම්මුතීන් සුනුවිසුනු කොට ගලායන මහා සැඩ පහරක් හෝ, සියලු බාධක අතරින් කාන්දුවෙන සිහිල් දිය දහරක් හෝ වියහැකි බව, මොනවට නිරූපණය කරන මේ චිත්‍රපටිය, ප්‍රේක්ෂක සිත්සතන් තුළ, සෑහෙන කාලයක් තැන්පත්ව තිබෙනු ඇති. වත්මන් හින්දි සිනමාව, පහසුවෙන් අතික්‍රමණය කළ, ශාරුක් ඛාන්, තම විශිෂ්ඨ රංගන වින්‍යාසය තුළින්, චිත්‍රපටියට සැබෑ ජීවයක් ගෙන දෙන අතර, සුරූපී නිළි ප්‍රීති සින්තා, ඊට නොමඳ සහයක් දක්වනවා.
ඔබේ ආත්ම ගෞරවය වෙනුවෙන්, මම මගේ දෙතොල් තදකරගනිමි. මගේ කඳුළු ගිලගනිමි, නමුත් මා හැඩ තුළ ආදර පහන නිබඳ දැල්වේ,
තේරේ ලියේ - චිත්‍රපටිය:- වීර් සාරා (2004), රංගනය:- ශාරුක් ඛාන් සමග ප්‍රීති සින්තා, ගායනය:- ලතා මංගෙස්කාර් සමග රූප් කුමාර් රාතොබ්, පද රචනය:- ජාවඩ් අක්තාර්, සංගීතය:- මදන් මෝහන්, අධ්‍යක්‍ෂණය:- යාෂ් චොප්රා.

3. අහඹු හමුවීමක ප්‍රේමනීය කූටප්‍රාප්තිය - ඔබ දකින්නට වෙහෙසෙන මා හදවත
1958 දී තිරගතවූ මධුමතී චිත්‍රපටිය, හින්දි සිනමාවේ ඓතිහාසික සලකුණක් ලෙස අදටත් වැජඹෙනවා. ආදරය, අහිංසක ආදරයකට එල්ලවන සමාජයීය බලපෑම්, පුනරුත්පත්තිය, වැනි කරුණු ඇතුළත්, සාමාන්‍ය ජනප්‍රිය සම්ප්‍රදායේ කථාවක්, අපූර්වත්වයෙන් යුක්තව හා මනමෝහනීය සංගීතයෙන් යුතුව ඉදිරිපත් කිරීමයි, මේ චිත්‍රපටියේ ඇති විශේෂත්වය. මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුනිළි දෙදෙනා වන වෛජයන්තිමාලා සහ දිලිප් කුමාර් අතිශයින් ජනප්‍රියත්වයට පත්වීමට, මේ චිත්‍රපටිය විශේෂ බලපෑමක් සිදුකළා. මේ ගීතයට මා ප්‍රියකරන්නේ, ඉතා සරල, එහෙත් තාත්වික ලෙස, ප්‍රේමනීය හැඟීම් උද්දීපනය වනසේ කරන රංගනයට සහ, ඊට දැඩි ආලෝකයක් ලබාදෙන, අති දක්‍ෂ ගායනයටයි.
ඔහු:- මහද හඬ නගයි, තැවුලට පත්වෙයි, ඔබ මෙහි කැඳවා ගන්නට. මගෙන් සැඟව නොයනු මැනවි, දිවුරන්න ඔබ එන බවට. ඔබ නැති මේ පරිසරය කුමන පරිසරයක්ද? මල් කැකුළු පූදින්නට බලාසිටින්නේ, ඔබ එනතුරු විනා, මා මෙහි රැඳී සිටීම නිසා නොවේ.
ඇය:- මා දැනටමත් ඔබේමයි, මා දිවිය අලංකරණය වී, සුන්දරවී තිබෙන්නේ, ඔබ නිසයි. මා ජීවත්වන්නේ ඔබ හා බැඳී ප්‍රේමය නිසයි. මා සිටින්නේ කොහිද, මා හදවත කොහිද කියා, නොදැනෙයි මට.
දිල් තඩප් තඩප් කෙ කෙහෙරා හායෙ ආභි ජා - චිත්‍රපටිය:- මධුමතී (1958), රංගනය දිලිප් කුමාර් සහ වෛජයන්තිමාලා, ගායනය:- මුකේෂ් සහ ලතා මංගෙස්කාර්, පද රචනය:- ශෛලේන්ද්‍ර, සංගීතය:- සලීල් චෞද්‍රි. අධ්‍යක්‍ෂණය:- බිමල් රෝයි
4. මුලාවූ පෙම්වතා - මේ මන්ද මාරුතයේ, මේ සුන්දර පරිසරයේ, මා හදවත ඔබ අමතයි.
1963 දී තිරගතවූ, 'ගුම්රා' (නොමග ගිය තැනැත්තා / මංමුලාවූ පුද්ගලයා) චිත්‍රපටිය, ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ බව මට හොඳට මතකයි. ප්‍රේමයේ වියෝවෙන් මංමුලාවූ පුද්ගලයකු, වෙනෙකෙකු සමග විවාහවූ තම පෙම්වතිය පසුපස යන සිද්ධියක්, ඉතා අනුවේදනීය ලෙස, මේ චිත්‍රපටියෙන් ගෙනහැර දක්වනවා. හින්දි සිනමාවේ ඇති දැවැන්ත චරිතයක් වූ සුනිල් දත් (ඉහත අංක 2 යටතේ සඳහන් නර්ගීස් දත් ගේ සැමියා, අද හින්දි සිනමාවේ සිටින (නොසිටින?) සන්ජේ දත් ගේ පියා) සමග මේ චිත්‍රපටියේ අනෙක් ප්‍රධාන චරිතය කරන්නේ, ජනප්‍රිය නිළි, මාලා සිංහ.
ඔහු:- මේ මන්ද මාරුතයේ, මේ සොඳුරු පරිසරයේ, මා හදවත ඔබ අමතයි.
ඇය:- මට මා වලක්වාගත නොහැකිය. ඔබේ ඇමතුම් හඬින් මා ඔබ වෙත ඇදී එයි.
ඉන් හවාඔන් මේන් ඉන් ෆිසා(Z)ඔන් මේන් - චිත්‍රපටිය:- ගුම්රා (1963), රංගනය:- සුනිල් දත් සමග මාලා සිංහ, ගායනය:- මහේන්ද්‍ර කපූර් සමග ආශා භෝස්ලේ, පද රචනය:- සහීර් ලුජාන්වී, සංගීතය:- රවී, අධ්‍යක්‍ෂණය:- බී.ආර්.චොප්රා
5. ප්‍රේමය නිසා කළ වෙස් මාරුව - මා ඔබව මගේ ජීවිතයට තබා බැඳගත්තෙමි.
1962 වර්ෂයේදී තිරගතවූ, 'අස්ලි නක්ලි' (ඇත්ත බොරුව) චිත්‍රපටිය, ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත්තේ, ඉතා මධුර මනෝහර ගීත කීපයක්ම, එහි ඇතුළත්ව තිබීම නිසයි. අහිංසක පෙම්වතුන් යුවලක්, තම ප්‍රේම සංග්‍රාමය ජයග්‍රහණය කිරීම සඳහා දරන උත්සාහය පිළිබඳ, රසවත් සිද්ධි දාමයක්, මෙහි දැක්වෙනවා. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ, හින්දි සිනමාව දිග්විජය කළ මහා නළු දේව් ආනන්ද් සහ පසුගියදා අප අතරින් වියෝවූ, සුරූපී නිළි සාධනා ශිවදාසනී විසින්.
ඔහු:- මම ඔබව මගේ ජීවිතයට තබා බැඳගත්තෙමි. ඔබේ සියලු සංවේදනා මමද විඳින්නෙමි.
ඇය:- මම ඔබේ ආදරය පිළිගන්නෙමි. එය යළි යළිත් ඔබටද පිළිගන්වන්නෙමි.
තුජේ ජීවන් කි දෝර් සේ - චිත්‍රපටිය අස්ලි නක්ලි (1962), රංගනය දේව් ආනන්ද් සමග සාධනා ශිවදාසනී, ගායනය:- මොහොමඩ් රෆී සමග ලතා මංගෙස්කාර්, පද රචනය:- හස්රත් ජායිපුරි, සංගීතය:- ශංකර් ජායිකිෂන්, අධ්‍යක්‍ෂණය:- රිෂිකේෂ් මුඛර්ජි
මා ප්‍රිය කරන්නේ කළු සුදු චිත්‍රපටි වලට පමණද? කියා, ඔබ මගෙන් විමසනු ඇති. ඇත්තෙන්ම කළුසුදු චිත්‍රපටි වල තවත් රසවත්, අර්ථවත් ගීත සිය ගණනක් තිබෙනවා. නමුත් ඒවා පසුකරමින්, මා ඔබව, වර්ණ චිත්‍රපටි වෙත කැඳවාගෙන එනවා. මෙහිදී ද මා, මගේ සිත සමග දැඩි සටනක් කොට තමයි, ගීත තෝරාගත්තේ.
6. තුන් කොන් ප්‍රේමයක මායාව - මා ප්‍රියාවනි, කුමන නමකින් මා ඔබ අමතන්නදැයි නොවැටහේ
1964 වර්ෂයේදී තිරගතවූ, 'සංගම්' (හමුවීම) චිත්‍රපටිය, ලොව වටා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසකගේ මහත් ප්‍රශංසාවට ලක්වූ, 'සදානුස්මරණීය' යන වර්ගීකරණය ලත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය, පැය හතරකට මඳක් වැඩි කාලයක් ධාවනය වන අතර, එය එකල කිසිසේත්, ප්‍රේක්ෂක අප්‍රසාදයට ලක්වුයේ නැහැ. මේ චිත්‍රපටිය නිපදවීමට, ඉන්දීය රුපියල් කෝටියක් වැයකර තිබෙනවා. රාජ් කපූර්, වෛජයන්තිමාලා, සහ රාජේන්ද්‍ර කුමාර්, මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟපෑ අතර තුන්කොන් ප්‍රේමයක් පිලිබඳ, හද සසල කරවන කතා පුවතක් මෙහි ඇතුළත් වෙනවා.
ඔහු:- කෙසේද මා ඔබ අමතන්නේ මගේ මේ පෙම්පතෙන්? මා ඔබට සුන්දරිය කියන්නද? හදවත් සොරාගන්නිය කියන්නද? කුමක්ද මා කියන්නේ?
යෙ මේරා ප්‍රේම් පත්‍ර පඩ්කර් - චිත්‍රපටිය සංගම් (1964), රංගනය:- රාජේන්ද්‍ර කුමාර් සමග වෛජයන්තිමාලා, ගායනය:- මොහොමඩ් රෆී, පද රචනය:- හස්රත් ජායිපුරි, සංගීතය:- ශංකර් ජායිකිෂන්, අධ්‍යක්‍ෂණය:- රාජ් කපූර්.
7. කුමක්ද ප්‍රේමය, කෙබඳුද ප්‍රේමය - මම තනිවීමි, සැනසුම සොයමි. යථාර්ථය කියා දෙයක් මෙලොව ඇද්ද?
1972 වර්ෂයේදී තිරගතවූ අමර් ප්‍රේම් (අමරණීය ප්‍රේමය) චිත්‍රපටිය, භාරත සිනමාවේ අද්විතීය සම්භාව්‍ය චිත්‍රපටියක් ලෙස ගෞරවයට පාත්‍ර වුණා. බෙංගාලි කෙටිකතාවක් පසුබිම් කරගනිමින් නිපදවුණු මේ චිත්‍රපටියේ, අති දක්‍ෂ, එමෙන්ම සුරූපී නිළි, ශර්මිලා තාගෝර්, වෛශ්‍යාවකගේ චරිතයක්, ප්‍රේක්ෂක සිත්සතන් තුළ, මානව දයාව ඉස්මතුවන ආකාරයෙන් ඉදිරිපත් කරනවා. තනිව වෙසෙන ව්‍යාපාරිකයකුගේ චරිතය රඟපාන, රාජේශ් ඛන්නා, මෙලොව යථාර්ථය කුමක්ද යන්න, සමාජයෙන් විමසනවා.
මේ චිත්‍රපටිය, ඉතා ඉහළ මට්ටමෙන්, සමාජ විවරණයක් කළ චිත්‍රපටියක් ලෙස, ප්‍රේක්ෂක සම්භාවනාවට ලක්වුනා. මෙහි දැක්වෙන, ලෝක ප්‍රසිද්ධ ගායක කිෂෝර් කුමාර් ගේ ගායනා විලාසය, රාජේශ් ඛන්නාගේ රංගනයට ලබාදෙන්නේ, ඉමහත් පිටුවහලක්.
ඔහු:- ගිනි පුපුරක් ඇවිලුණු කල, මහ වැස්ස එය නිවා දමනු ඇත. එහෙත්, ඒ වැස්සම, ගිනි පුපුරු අවුලුවන්නේනම්, ඒවා නිවන්නෝ කවරහුද? සරත් සෘතුව ගෙඋයන නටබුන් කර ගියද, වසන්තය එහි මල් පුබුදුවනු ඇත. එහෙත් ඒ වසන්තයම ගෙඋයන නටබුන් කරන්නේනම්, ගෙඋයනෙහි මල් පුබුදුවන්නෝ කවරහුද?
චිංගාරී කොයී භඩ්කේ - චිත්‍රපටිය:- අමර් ප්‍රේම් (1972), රංගනය:- රාජේශ් ඛන්නා සමග ශර්මිලා තාගෝර්, ගායනය කිෂෝර් කුමාර්, පද රචනය:- ආනන්ද් භක්ෂි, සංගීතය:- රාහුල් දේව් බර්මන්, අධ්‍යක්‍ෂණය:- ශක්ති සාමන්තා.
8 ප්‍රේමයේ මායාකාරිය - මා නළලත තිලකයද, දෑතේ වළලුද ඔබ පතා වෙහෙසෙයි.
1969 දී තිරගතවූ දෝ රාස්තේ (මාවත් දෙකක්) චිත්‍රපටිය, ජනප්‍රිය වුනේ, එහි එන කර්ණ රසායන සංගීතය හේතුවෙන්. මේ චිත්‍රපටිය, සම්පූර්ණයෙන්ම පාහේ, සංගීතමය චිත්‍රපටියක් කියා කිවහැකියි. මේ ගීතය මා තෝරාගත්තේ, විශේෂ හේතු කීපයක් නිසායි. මේ ජවනිකාවේ පෙනීසිටින නිළිය, මුම්ටාස්Z මධ්වානි (විවාහයට පෙර අස්කාරි) හින්දි සිනමාවේ ගිනිසිළුවක් ලෙස සැලකෙනවා. නමුත් ඇය ඉන්දීය කාන්තාවක් නොවේ. ඉරාන ජාතික කාන්තාවක්. බලන්න මේ මායාකාරිය, ඉගෙනීමේ කටයුත්තේ යෙදෙන අර අහිංසකයාව, ඇයගේ මායාකාරී හාවභාව ලීලාවන් පෙන්වා, වසඟයට ගන්නා හැටි. එතන තියන නලයක් තුළින්, ඔහු දෙස බලා ඉඟි මරන්නේ, ශෘංගාරය ඇවිස්සෙන විදිහට. රාජේශ් ඛන්නා / මුම්ටාස්, එක යුගයක, හින්දි සිනමාවේ නැතුවම බැරි පෙම් යුවළ බවට පත්ව සිටියා.
බිඳියා චම්කේගී චූඩි ඛන්කේගී - චිත්‍රපටිය:- දෝ රාස්තේ (1969), රංගනය මුම්ටාස්Z සමග රාජේශ් ඛන්නා, ගායනය:- ලතා මංගෙස්කාර්, පද රචනය ආනන්ද් භක්ෂි, සංගීතය:- ලක්ෂ්මිකාන්ත් ප්‍යාරෙලාල්, අධ්‍යක්‍ෂණය:- රාජ් ඛෝස්ලා
9 ඇස් බැන්දුම - කවුද හොරා
1978 දී තිරගතවූ 'ඩොන්' (ලොක්කා, ප්‍රබලයා) චිත්‍රපටිය, එහි කතා ප්‍රවෘත්තිය මෙන්ම, මනමෝහනීය ගීත නිසා ද, එකසේ ජනප්‍රිය වුණා. ඊට තවත් ප්‍රබල සාධකයක් වුණේ, 1970 දශකයේ සිට, සමස්ත හින්දි සිනමාවම සිය ග්‍රහණයට ගත්, අද ද එකසේ ජනප්‍රිය, මහා නළු, අමිතාභ් බච්චන් ගේ අති විශිෂ්ඨ රංගන හැකියාවයි. සොර නායකයකු අල්ලාගැනීම සඳහා පොලීසියේ ඉත්තෙකු ලෙස ක්‍රියාකරන අහිංසක තරුණයකුගේ චරිතය අතිශයින් මනබඳිනා ලෙස මේ චිත්‍රපටියේ දී ඉදිරිපත් වෙනවා.
ඒයි පිස්සනේ, තොපි මා හැඳින්නහුද? මා කවුද කොහෙන් ආවේද කියා තොපි දන්නහුද?
අරෙ දීවානෝ මුජෙ පෙහෙචානෝ - චිත්‍රපටිය:- ඩොන් (1978), රංගනය:- අමිතාභ් බච්චන් සමග නිතූ සිං, ගායනය:- කිෂෝර් කුමාර්, පද රචනය:- අන්ජාන්, සංගීතය:- කල්යාන්ජි ආනන්ද්ජි, අධ්‍යක්‍ෂණය:- චන්ද්‍ර බාරොට්
10. දෑ කුලමළ, ඉක්මවා ගිය ප්‍රේමයේ අභිමානය - ඔබේ ආත්ම ගෞරවය වෙනුවෙන් මම නිහඬව සියල්ල විඳගනිමි.
මෑත භාගයේදී මා නැරඹු හින්දි චිත්‍රපටි අතරින්, වඩාත් සිත්ගත් චිත්‍රපටියක් ලෙස, 2004 වර්ෂයේදී තිරගතවූ 'වීර් - සාරා' චිත්‍රපටිය හඳුන්වන්නට පුළුවන්. ප්‍රේමය යනු මෙලොව සියළු සමාජ සම්මුතීන් සුනුවිසුනු කොට ගලායන මහා සැඩ පහරක් හෝ, සියලු බාධක අතරින් කාන්දුවෙන සිහිල් දිය දහරක් හෝ වියහැකි බව, මොනවට නිරූපණය කරන මේ චිත්‍රපටිය, ප්‍රේක්ෂක සිත්සතන් තුළ, සෑහෙන කාලයක් තැන්පත්ව තිබෙනු ඇති. වත්මන් හින්දි සිනමාව, පහසුවෙන් අතික්‍රමණය කළ, ශාරුක් ඛාන්, තම විශිෂ්ඨ රංගන වින්‍යාසය තුළින්, චිත්‍රපටියට සැබෑ ජීවයක් ගෙන දෙන අතර, සුරූපී නිළි ප්‍රීති සින්තා, ඊට නොමඳ සහයක් දක්වනවා.
ඔබේ ආත්ම ගෞරවය වෙනුවෙන්, මම මගේ දෙතොල් තදකරගනිමි. මගේ කඳුළු ගිලගනිමි, නමුත් මා හැඩ තුළ ආදර පහන නිබඳ දැල්වේ,
තේරේ ලියේ - චිත්‍රපටිය:- වීර් සාරා (2004), රංගනය:- ශාරුක් ඛාන් සමග ප්‍රීති සින්තා, ගායනය:- ලතා මංගෙස්කාර් සමග රූප් කුමාර් රාතොබ්, පද රචනය:- ජාවඩ් අක්තාර්, සංගීතය:- මදන් මෝහන්, අධ්‍යක්‍ෂණය:- යාෂ් චොප්රා.
තවත් හින්දි ගීත රස වින්දනයක් ඉදිරි කාලයට තබා දැනට සමුගන්නවා.
2016 නොවැම්බර් මස 07 වැනි දින 0119 පැය
සුභ උදෑසනක් වේවා තුමනි...සෑර් හොඳ සංගීත ඩෑල් එකක් වගේ....හි
ReplyDeleteආමිකාරයෝ හොඳ සංගීත කාරයෝ තමයි කවදත්. නේද?
Deleteහිි හි එකනම් ඇත්ත සෑර්....තනිකම,පාලුවට කියාපු බෙහෙත ...
Deleteव्ह्जक् क्क्धून bdmrkन्क,च,
ReplyDeleteමට නම් හින්දි අල්ලෙන්නේ නැහැ ..මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ
තේරෙන්නම ඔන නෑ...ශබ්ද රසය කියලා එකකුත් තියෙනවාේ...අල්ලලා ගියාම එකත් මරැ...
Deleteයකෝ අපිත් හිංදි, දෙමළ සින්දු අහන්නෙ තේරිලා නෙමෙයි.
Deleteවැඩක් නෑ කියලා....
Deleteඒක හරි ...ඒ උනාට මේ අංකල් සිංදු වල තේරුම දාලනේ
Delete@ මෙන්ඩා. දැන් ඔය මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ කියන එක නේද උඹ හින්දියෙන් ලියලා තියෙන්නේ?
Delete@ ප්‍රසන්න. තේරුම් ගන්න පහසුයි. දැන් මේ පෝස්ට් එකේ අන්තිමටම දාලා තියන සින්දුවේ තියෙන්නේ, 'තේරේ ලියේ' කියලා නේ. ඒ කියන්නේ, 'ලියේ, මට ඔබව තේරේ' කියන එකයි.
@ ඉරේෂ්. අම්මපා විභාගෙකට හින්දි ඉගෙනගන්න වුනානම්, ඔය ඔක්කොමලා මැරීගෙන පාඩම් කරනවා.
හින්දි සින්දු කියන්නේ කනට මී පැණි වක්කරනවා වගේ දෙයක්... ඉන්දියාවෙ ශාස්ත්‍රීය සංගීතයට වඩා ජනප්‍රිය සරළ හින්දි චිත්‍රපට සින්දු.. ඉන්දියාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම ජනප්‍රියයි... බොහෝ දෙනෙක් නොදන්නවත් ඇති.. රුසියාව වගේ රටවලත් හින්දි චිත්‍රපට බොහෝම් ජනප්‍රියයි කියලා..
ReplyDeleteදකුණු ඇමෙරිකාවේ පවා හින්දි චිත‍්‍රපට ජනප‍්‍රියයි. එවා Spanish වලින් උපසිරසි යොදා DVD විකුණන්න තියේනවා.
Delete@ මාතලන්. ඔව් ඒකනම් ඇත්ත. ලෝකයේ තියන සමහර භාෂා, කඨෝර භාෂා ලෙසත්, තවත් සමහර භාෂා, සුඛෝච්ඡාරණ භාෂා ලෙසත් හඳුන්වනවා. හින්දි භාෂාව සුඛෝච්ඡාරණ භාෂාවක් ලෙසයි සැලකෙන්නේ. ඒ නිසයි හින්දි ගීත මෙතරම් මිහිරිවන්නේ අපිට භාෂාව නොතේරුණත්.
Delete@ කොළොම්පුරේ. ලෝකයේ බොහොමයක් රටවල හින්දි ගීත, හින්දි චිත්‍රපටි, බොහොම ජනප්‍රියයි. මා හිතන්නේ වැඩියෙන්ම ජනප්‍රිය රුසියාවේ.
අර ගිනි පිබිල්ලේ කතාවේ ..සැරයන් ඇහව්වෙ මෙහමයි
ReplyDeleteගම කොහෙද අඩා........
පහල කරබාවේ සර් .........
යකෝ මම හිතාගෙන හිටියේ උඹ හිදෝගම නැත්නම් නෙලුබෑවෙ කියලා.
Deleteඅම්මා ඉසින් බැස්ස ගල
Deleteතාත්තා කට්ටමුරිජ්ජාවේ
දිල් තඩප් එකයි අරෙ දීවනෝ එකයි මගෙත් ආසම සින්දු දෙකක් තමයි.
ReplyDeleteඅලුත් සින්දු වලට වඩා පරන සිංදු වල ගතියක් තියෙනව.
අලුත් සිංදුවල, ඇඳුම් වලටයි, ඉඳා ඉඳා කියලා පෙන්නගෙන නැටිල්ලටයි විතරයි, ප්‍රමුඛත්වය ඩී තිබෙන්නේ.
Deleteමේ ගීතය 70 දශකයේ ජනප්‍රියම එකක් වූවා නේද? මට සුවර් විචාට් මේක මිස් වුණා කියල.
ReplyDeleteඅප්නා දේශ් චිත්‍රපටියේ ඒ ගීතය හොඳයි. තවත් ගීත ගොඩක් තියනවා ඒ චිත්‍රපටියේ. නමුත් මට පෙන්නන්න ඕනෙවුනේ මුම්ටාස්Z රාජේශ් ඛන්නා දෙන්නගෙ, ටිකක් ශෘංගාරය වැඩි සින්දුවක්. ස්තුතියි ඉයන් මතක් කරලා දුන්නට.
Deleteමට පරණ ගීත ගොඩක් මඟඇරිල වගේ ,,හොයල , අහල බලන්න ඕන.
ReplyDeleteයූ ටියුබ් එකේ හෙව්වොත් ගොඩක් සින්දු තියනවා.
Deleteඅහලා නැති ගී කීපයකුත් තියෙනවා. 3 වෙනි ගීයටත් ඒ චිත්‍රපටියටත් කැමතියි.
ReplyDeleteජයවේවා!!!
ඔව් මධුමති කියන්නේ යුරෝපීය රටවල පවා ජනප්‍රියවූ චිත්‍රපටියක්. ස්තුතියි ඔබට.
Deleteවිචාගේ තේරිම් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ලස්සන පැරණි ගීත සෙට් එකක්. විචාගෙන් පොඩි ඉල්ලෙමක් කරන්නම්. වෙලාවක ලියන්නකො හින්දි ගීත ගැයු අපේ රටේ ශිල්පීන් ගැනත් ලිපියක්. ටියුඩර් ජයශාන්තව මතක්වුනා මේ සින්දු අහනකොට. ඒ වගේ තව අය හිටියා. මට මතක් වෙන්නේ නැහැ.
ReplyDeleteඇගයීම ගැන ස්තුතියි අරුණ. අපේ කුඩාකාලය සහ හින්දි ගීත ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
Deleteටියුඩර් ජයශාන්ත, කුමුදිනී (සර් නේම් එක මතක නැහැ) නිල්මිණි (සර් නේම් එක මතක නැහැ) ටෝනි හසන්, තව එක්කෙනෙක් ඉන්නවා අමතක. (මුල් කාලේදී චම්පා කල්හාරි, නිරෝෂා විරාජිනී එහෙමත් කිව්වා) කරුණු හොයා බලා ලියන්නම්.
නුවන් ගුණවර්ධන. මහරගම හංදියේ පොරක්.
Deleteහරියටම හරි.
Deleteමෙතනට අදාල නොවෙන ප්‍රශ්ණයක්. මම ඉඳලා හිටලා බලනවා සනත් විමලසිරි මෙහෙයවන "පෝටාවේ ඉසක්කළුව" කියලා වැඩ සටහනක්. පෝටාවේ ඉසක්කළුව කියන එකේ තේරුම කුමක්ද.
ReplyDeleteහුට්ටබටා........ අදමයි ඇහුවේ. අර මගේ ළඟ තියන මහා ශබ්දකෝෂයෙන් හොයලා බලන්නම්.
Deleteඅරූ අයියා..
Delete'මගේ ආදර අවනඩුව' බලනවාද? නම කැත උනාට ටෙලිය බලන්න පුළුවන්.විභාග ෆේල් වගේ ලයින් එකක්.
කොටස් කිහිපයක් බැලුවා ගස්ලබ්බෝ. ඉතිරි ටිකත් බලන්න ඕන. අලුත් සෙට් එකක්.කොටස් 65න් ඉවරයි කියලා කියනවා.
Deleteඅපිනම් හින්දි වලට ආසයි
ReplyDeleteඅපේ සංස්කෘතියට ආසන්නයෙන් යන නිසා, අපි නිරායාසයෙන් ඒ වෙත ඇදී යාමක් තියනවා.
Deleteමට සර්ගෙ email එක එවනවද...දැනගන්න දෙයක් තියනවා මෙතන...post කරන්න බෑනෙ සර් හැම එකක්ම..
ReplyDeleteඩිප්ස් 29 යි පොඩ්රෝල් 12යි ගැහවෙඔත් දෙනවා
Deleteහුටා, පොඩි එකෝ, ඔන්න ගහපං ඔය 'මෙන්ඩා සීයා' කියලා තියන එව්වා.
Deleteමෙන්න ලිපිනය
wmjgslsr@gmail.com
අපේ අම්මට හීන පෙනෙයි...එහෙමයි තුමනි....
Delete'මෙන්ඩා සීයා' හුටා මෙයා සීයේක්ද.......
කොල්ලට තවම 23 යි ...ඉරිදා සෙනසුරාදා පෝය නිවාඩු අතෑරලා
Deleteසිංදු ටික නම් මල් හතයි.ගස්ලබ්බ නම් හිංදි ටොප් ටෙන් වැඩේට බහින්නෑ.ලිව්වොත් ලියන්නෙ කන පාත්වෙන්න ඩෝප් උන වෙලාවක.කොහොම කියල තෝරන්නද අප්පා... ශෝක් සිංදු සැට් එක.
ReplyDeleteජයවේවා..!!
අන්න ඒ කන පාත් වෙන වෙලාවක් අපිටත් කියනවද
Deleteඅපිත් කන බොන මිනිස්සු
බ්‍රෑන්ඩ් එක ගල් නෙමෙයි වෙන්නැති නේද?
Deleteඅපි තවම ගල් බලකායේ සම්ජිකයෝ
Deleteගල් බලකායට ජයවේවා..!!
Deleteස්තුතියි ලබ්ස්. කණ පාත්වෙලා හරි, සාක්කුවේ දාගෙන හරි, ලියමුකො බලන්න.
Deleteමෙන්ඩෝ අපිටනම් ලබුතුමා දුන්නේ ඉස්තරම්ම ඒවා.
ඒ කාලේ හින්දි සින්දු වලට අපේ අයත් සිංහලෙන් සිංදු හදපු නිසා සිංදු තවත් ජනප්‍රිය උනා.
ReplyDeleteඒකම තමයි ඒ කාලෙ වුනේ. ඒක ඇත්ත කැන්ඩියන්.
Delete@ Kandyan. හරියට හරි. ඒක තමා වුණේ. චිත්‍රපටි සඳහා වගේම, සරල ගී සඳහාත්, හින්දි තනු කොපි කළා.
Deleteවිචාරක තුමාට එහෙනම් අමතක වුනේ නෑ. ඒ ගැන සතුටුයි.
ReplyDeleteමම කිවුවේ අනිවාර්යෙන්ම පරණ ෆිල්ම්ස් ටිකක් ඇති කියලා. ඒ කාලේ හිංදි බලන්න ගත්ත මුල ඒ කිවුවේ අපිට ටෙලිවිශන් එකක් ලැබුන මුල මට මතකයි ගීත් ෆිල්ම් එක. ඒකේ අර බටනලාව ගහන ගමන් ' ආජා තුජුකෝ පුකාරේ මෙරේ ගීතිරේ' සිංදුව මෙලෝ මල දානයක් තේරුණේ නැතුවත් මාරම ආසාවෙන් ඇහුවා. රාජ් කපූර්ගේ ෆිල්ම් වලත් හොදට හිතට දැනෙන සිංදු සෙට් එකක් තියෙනවා.
බොහොම ස්තූතියි පොරොන්දුව ඉටු කරමින් මේ ලිපිය ලියුවට..
ඇගයීම ගැන බොහොම ස්තුතියි දිනේෂ්. පොරොන්දුවක් වුණානම් ඒක ඉෂ්ඨ කරන්න ඕනෙ නේ. ඒ නිසා ඔන්න ලිව්වා.
Deleteඇත්තටම අපි හින්දි ගීත වෙත ඇදීයන්නේ භාෂාව නිසාම නෙවෙයි. එහි ඇති ලයාන්විත ගායනා විලාශය නිසා.
ලයාන්විත ගායනා විලාශ වගේම මධුර තනු නිසා. මචං විචා මම හරිද..
Deleteහරියට හරි.
Deleteමමත් ආසා පරණ සිංදු වලට... සිංහල ඉංග්‍රීසී හින්දි ඕනෙ එකක්...
ReplyDeleteබොහොමයක් පැරණි ගී වලින් ලැබෙන මිහිර, වචනයෙන් විස්තර කරන්න බැහැ.
DeleteShould I write 'Kind'
ReplyDeleteOr write 'beautiful'
Or 'a heart stealer' should I write
I am puzzled by
What I should write to you in this letter
This is Medusa's ' ප්‍රේම් පත්‍ර ' to Wicha. :P
හඃ හා.......සුපිරි ප්‍රේම පත්‍රයක්. පෙම්පත් වලට කප් ගහපු මිනිහෙක් තමා මම.
Delete'සෙනෙහෙ කොළ' කියලා, දේශීය ඖෂධ වර්ගයක් තියනවානේ. අපි ඒ කාලේ, සෙනෙහස පෙන්වන්න ලියපු පෙම්පත් වලටත්, සෙනෙහෙ කොළ කියලා කිව්වා.
මේ පොස්ට් ඒක නිසාම ඊයේ බැලුවා හින්දි සිංදුවක්....නරකමත් නැහැ
ReplyDeleteඅමාරුවෙන් දෙකක් දාගන්න තමයි අමාරු. පුරුදු වුනාම තව දෙකක් දාගන්න එක එච්චර වැඩක් නෙවෙයි.
Deleteඑළියෙන් යකෙක් පෙන්ට හිටියත් ඇතුලෙන් හොඳ ලවර් කෙනෙක් කියලා සින්දු ලිස්ට් එක බැලුවාම පෙනේ.
ReplyDeleteගුම්රා සිත්තර පටියේ ගීතය නොවෙද මුත්තුසාමි මාස්ටර්ගේ මධුර යාමේ තනුව.
දැන් සංගම් බලන්න ෆිල්ම් එක බලන්න සිද්දවෙනවා සින්දුවේ අන්තිම ටික දැකලා.
විචා දෙන සුන්දර ගින්දර.
// කුමුදිනී (සර් නේම් එක මතක නැහැ)
කුමුදුනි ගුණවර්ධන ද?
ඔය හුඟක් යක්කුන්ගේ හදවත් ඇත්තටම මොළොක් සිරෝ.
Deleteඔව් ඒ මුත්තුසාමි කියන ගීතයේ මුල් ගීතය තමයි.
හෙහ් හෙහ්, සංගම් චිත්‍රපටිය යූ ටියුබ් එකෙන් බලන්න පුළුවන්.
හරියට හරි, කුමුදුනී ගුණවර්ධන. අනුරාධපුරේ ඉන්නේ. අර විකට නළු මහින්ද පතිරගේ ගේ නෝනා.
ලස්සන මිහිරි ගී විචා... :)
ReplyDeleteඔව්, අර්ථය නොවැටහුනත්, භාවමය හැඟීම් කුළුගන්වන ස්වභාවයක්, බොහෝ හින්දි ගීතවල තිබෙනවා.
ReplyDeleteවිචෝ,
ReplyDeleteසින්දු සැට් එක නම් සුපර් එකෙත් සුපිරිම තමයි.
මේවයි බොහොමයක් මම අහලාවත් නැති වීම දුකට කාරණයක්.
මීට අවුරුදු විස්සකට විතර උඩ අපේ නෑදෑ අයියා කෙනෙක්ගේ ගෙදර තිබ්බ්බා Deck එකක්.
අපි ඉතින් අවුරුද්දට නත්තලට එහෙ ගෙදර ගිය වෙලාවක ඒ අයියා දාලා දෙනවා පරණ හින්ද්දී ෆිල්ම.
ඒ ඇරෙන්න වෙන කිසි විදියකින් ඒ කාලේ ෆිල්ම් බලන්න අපිට චාන්ස් එකක් වැදුනේ නැහැ.
විචාගේ සිලෙක්ෂන් එක නම් මාරයි.
හිටහන්කෝ, මාත් දානවා 10 ක් හින්දි සින්දු.
මාත් මේ සිංදු හුඟක් එව්වා අහල තියෙනවා රේඩිවේකෙං. ඉස්සර හවස 3 ට බුවංවිඩුලි සංස්තාවේ වෙලදස්සේවයේ තිබුනා "බ්හාරත ගීත විංදන" කියලා එකක්. ඒකෙ ඔය කියන සිංදු තිබුනා. ඒවා දැං උනත් හොයාගන්න අමාරුයි. අපේ කනට ඇහෙන වචන නෙවෙයිනේ ඒවායේ ඇත්ත වචන.
ReplyDeleteසුරංගගේ කමෙන්ට් එකත් එක්කම එකපාරටම මතකෙට එන්නේ රංජිත් එදිරිසිංහව. විචා නම් ඒ ගැන දන්නවා ඇති.
Deleteසෑහෙන මහන්සියක් අරගෙන තියනවා ලියන්න. මේකේ අර හතරවෙනි සින්දුව තමා කමතිඅම "මධුර යාමේ " නිසා,, 3, 5, 8 කියන සින්දුත් අහල තිබෙනවා. විචා අභිමාන් සහ ගීත් චිත්‍රපටි වල සින්දු ගැන ලියන්නකෝ. දැනුත් අහන කොට හිත මත් වෙලා යනවා.
ReplyDelete