හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

17 November 2016

පොලිස් මහත්වරුනි, මැරුම් නොකා වැඩකරන්න

   කුරුණෑගල පොලිස් ස්ථායට අනුයුක්තව ('අනියුක්ත' යනුවෙන්, කුණුහරපයක් ලියන මහත්වරු, නිවැරදි වචනය 'අනුයුක්ත' බව මතක තියාගන්න)  සේවය කල 59 හැවිරිදි උප පොලිස් පරීක්‍ෂක වරයකු, ඊයේ (2016/11/14) දින, අපරාධකරුවකු විසින් වෙඩි තැබීම නිසා මියගොස් ඇත. (අද ද රෙන නාලිකාව, කීපවිටක්, පුන පුනා, නාඳුනන තුවක්කු කරුවකු විසින් තබන ලද වෙඩිල්ලක් යන අදහස ඉදිරිපත් කරමින්, අමුතු භීෂණයක් ඇතිකිරීමේ නින්දිත උත්සාහයක යෙදුනි. මෙය අපරාධ කල්ලියක වැඩක් බව, මේ මාජ්ජ ගොබිලෝ නොදන්නවා නොවේ. නමුත්, උන්ගේ උපන් අවලම් ගතිය, උන්ගේ මව් ට වත්, නිවැරදි කරන්නට බැරි වී තිබේ) 

   අපරාධ කරුවකු විසින් පොලිස් නිලධාරියකු ඝාතන කිරීමේ එකම සිදුවීම, මෙය නොවේ. ලංකා පොලිස් සේවයේ නිලධාරියකු, ප්‍රථම වරට, සතුරකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඝාතනයට ලක්වුණේ, සරදියෙල් ගේ කාලයේදී ය. එය අරුමයක් නොවේ. ලොවේ කොතනත්, එදත් අදත්, එය සිදුවේ. අනාගතයේදී ද සිදුවිය හැකි ය. පිස්සු තුවක්කු සංස්කෘතිය නිසා, ඇමරිකා එක්සත් ජනපදයේ, වාර්ෂිකව සිදුවන ඝාතන වලට, පොලිස් නිලධාරිහුද ගොදුරු වෙති. ලෝකයේ තත්වය පසෙක තබා අපේ රටේ තත්වය ගැන ඔබ සමග සාකච්ඡා කරන්නටයි මා සූදානම් වෙන්නේ. 

   පසුගිය යුද සමයේදී, ශ්‍රී ලංකා පොලීසිය, ආධාරක හෝ අතිරේක සේනාවක් වශයෙන්, ත්‍රිවිධ හමුදාවට නොමඳ සහායක් දුන් බව,  රහසක් නොවේ. ඒ කාලයේදී, අවි පරිහරණය ගැන, ඉතා සතුටුදායක පුහුණුවක්, සාමාන්‍ය පොලිස් සේවයට ලැබුණු අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය, අතිරේක බලසේනාවක් වශයෙන්, විශිෂ්ඨ සේවයක් ඉටුකරන ලදී. 

   මෙලෙස, ඉතා සතුටුදායක අවි පරිහරණ දැනුමක් ඇති පොලිස් සේවය, පසුගිය කාලයේදී අපකීර්තියට ලක්වූ අවස්ථා ද නැතුවා නොවේ. විශේෂයෙන් පසුගිය රජය සමයේ කුප්‍රකට උපක්‍රමයක් වූ 'සැකකරුවන් ඔවුන් විසින් සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස්, එම ආයුධ වලින්, පොලීසියට පහර දෙන්නට උත්සාහ කිරීමේදී, පොලිස් වෙඩි පහරින් මියයාමේ අරුම පුදුම, කාලකන්නි, අමානුෂික ක්‍රමය', අද දකින්නට නොලැබීම, පොලීසිය ලද විශාල දියුණුවක් බව කිවයුතුය. 

   LTTE ත්‍රස්තවාදීන් සමග පවා සටන් කළ පොලීසිය, අද මේ, තුන්වැනි පන්තියේ කුක්කන් අතින්, මරණයට පත්වන්නේ ඇයි? මෙහි කිසියම් අසාමාන්‍ය බවක් ඇති බව, බැලූ බැල්මටම පෙනීයයි. 

   මේ උප පොලිස් පරීක්‍ෂක වරයා, මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේ, ඔහුගේ වරදින්ද, පොලීසියේ වරදින්ද, නැතහොත් වෙනත් වගකිවයුතු පාර්ශ්වයක වරදින්ද? පොලීසියට වෙඩි තැබූ පාර්ශ්වය අපරාධකරුවන් නිසා ඔවුන් වගකියුතු බවට තර්කයක් නැහැ. නමුත් මා අහන්නේ, වලක්වාගත හැකිව තිබියදී, මෙලෙස වෙඩි කෑවේ ඇයිද කියායි. 

   ඔබ සමහරවිට කියනු ඇති, මේ ලිපිය ලියන මා, හිටපු හමුදා නිලධාරියකු නිසා, පොලීසියත් හමුදාවේ මට්ටමෙන් මනිනවා කියා. නමුත්, මා මෙහෙම කියනවා. මෙවැනි සිදුවීම් වලදී, පොලීසිය හමුදාවටත් වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. මන්ද, අපරාධ වැලැක්වීම, ඔවුන්ගේ රාජකාරියේ හෙවත්, පොලිස් භූමිකාවේ, අතිශයින්ම ප්‍රමුඛත්වය ලැබෙන/ලැබිය යුතු කාර්යයක්. 

   හොඳයි, මීළඟට මා කැමතියි, පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලිය, මිතුරන්ගෙන් ලද තොරතුරු ආදිය සියල්ල සලකා බලමින්, මේ සිද්ධිය ගැන කෙටි විස්තරයක් කරන්න. මෙහි අඩුපාඩු ඇත්නම් පෙන්වාදීම, ඔබේ අයිතියක්.

   2016/11/14 දින රාත්‍රියේ, කුරුණෑගල පොලිස් ස්ථානයට ලැබෙන දුරකථන ඇමතුමකින් කියවෙන්නේ, කුලී ගෙවීමේ පදනම මත, පෞද්ගලික ආයතනයකින් මෝටර් රථයක් ලබාගත් පුද්ගලයකු සහ ඔහුගේ සහචරයන් පිරිසක්, අදාළ කුලී නිසි කලට නොගෙවා,  අදාළ ආයතනයට තර්ජනාත්මකව, බලහත්කාරයෙන්, එම මෝටර් රථය පාවිච්චි කරමින් සිටින බවත්, දැනට එම පිරිස, අදාළ මෝටර් රථයෙන් පැමිණ, කුරුණෑගල - පුත්තලම මාර්ගයේ, මාස්පොත ප්‍රදේශයේ පිහිටි හෝටලයක, නවාතැන් ගෙන සිටින බවත්.  

   මේ ගැන සොයාබැලීම සඳහා, උප පොලිස් පරීක්‍ෂක වරයකු, පොලිස් සැරයන් වරුන් දෙදෙනෙකු, එම ස්ථානයට පොලිස් වාහනයකින් ගමන්කර තිබෙනවා. පොලීසිය එම ස්ථානයට යනවාත් සමගම, අදාළ වාහනය අයිති ආයතනයේ පිරිසක්ද, එම ස්ථානයට, වෙනත් වාහනයකින් පැමිණ තිබෙනවා. කුලී පදනම මත ලබාගත් වාහනය තිබෙන ස්ථානය, එකී ආයතනය විසින් සොයාගෙන තිබෙන්නේ, GPS තාක්‍ෂණය අනුව බව, වාර්තාවනවා.  හෝටලය වෙත පැමිණි පොලීසිය එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයන් දෙදෙනාට, එළියට එන ලෙස, හෝටල් කළමනාකරු අතේ පණිවිඩයක් යවනවා. ඔවුන් එළියට පැමිණි පසු ප්‍රශ්න කරන අතර, පලායන්නට උත්සාහ කල බවත්, ඔවුන් පසුපස හඹා යද්දී, ඔවුන් විසින් පොලීසියට වෙඩි තැබූ බවත්, එම පිරිසේම සිටි පොලිස් සැරයන් වරයකු ප්‍රකාශ කරනවා.  (බස් රථයක නැගී පලායාමට උත්සාහ කළ සැකකරුවකු ඊට මොහොතකට පසු අල්ලා ගැනීම පොලීසියේ දක්‍ෂකමක්. එමෙන්ම, තවත් සැකකරුවකු අද (17) අත්අඩංගුවට ගෙන තිබීමත්, එවැනිම දක්‍ෂකමක්. 

   මේ දක්‍ෂකම එතරම් විශිෂ්ඨ එකක් නොවන්නේ, පහත දැක්වෙන හේතු නිසයි. ඒ සඳහා, මේ සිද්ධිය පිළිබඳව, මගේ නිරීක්ෂණ සහ නිර්දේශ පහත දැක්වෙන පරිදි, ඉදිරිපත් කරනවා. 

නිරීක්‍ෂණ


  • මේ සිද්ධිය ගැන සොයාබලන්න ගිය පිරිස ප්‍රමාණවත් නැහැ. පොලිස් වාහනයේ රියැදුරු ඉන්නේ වාහනය පදවන්න මිසක්, අපරාධකරුවන් අල්ලන්න නෙවෙයි. (එහෙම පුළුවන්නම් හොඳයි. නමුත්, ඔහුත් අපරාධකරුවන් පස්සේ එලවන්න ගියොත්, වාහනය තනිවෙනවා. කාටහරි වාහනයට හානියක් කළ හැකියි. එමගින් පොලිස් පිරිසේ ගමන අඩාල කලහැකියි).

  • ඇත්තටම පොලිස් පිරිස තුන්දෙනයි. එයිනුත් පොලිස් පරීක්‍ෂක වරයා, 59 හැවිරිදියි. ඒ කියන්නේ, ඔහුට එතරම් විශාල ජවයක් නැහැ, හඹායන්න, පොරබදන්න, පහරදී මෙල්ල කරගන්න. 

  • පොලිස් පිරිස ගෙනගිය ආයුධ ගැන, පැහැදිළි විස්තරයක් නැහැ. අපි හිතමු ඔවුන් ගෙනගියේ, දැනට පොලීසියට ලබාදී ඇති .38 රිවෝල්වර කියා. 






  • මේ රිවොල්වරයට, එක වරකට ඇතුළුකළ හැක්කේ, පතරොම් 6 ක් පමණයි. පතරොම් අවසන් වූ විට, නැවත පතරොම් දැමීමට යටත්පිරිසෙයින් විනාඩි 5 ක් වත් ගතවෙනවා, එවැනි රාත්‍රියකදී, ආලෝකය අඩු තැනකදී. එමෙන්ම, දැනට මහා මාර්ගයේ සිටින පොලිස් නිලධාරීන් හෝ පොලිස් පරීක්‍ෂක වරුන්, අමතර පතරොම් ළඟ තබාගෙන සිටිනු, මා කෙදිනකවත් දැක නැහැ. ඒ නිසා, රිවොල්වරයේ ඇති පතරොම් 6 වෙඩි තබා අවසන් වූ පසු, සැකකරුගේ ඔලුව පැලෙන්න, රිවොල්වරයෙන් දමාගසනු විනා, වෙනත් විකල්පයක් නැතිවෙනවා. 


  • මේ අවස්ථාවට පොලීසිය මුහුණදී තිබෙන්නේ, ඉතා දුර්වල ආකාරයකටයි. අද තිබෙන අපරාධ ගැන අමතක කර, ඔවුන් මේ අවස්ථාවට මුහුණදී තිබෙන බව පෙනෙනවා. තමන්ට ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බව සිතා, ඔවුන් සෑමවිටම සූදානම්ව සිටිය යුතුයි. එහිදී මේ තිදෙනා ස්ථානගත වියයුත්තේ, එකිනෙකාගේ ආරක්‍ෂාව සැළසෙන ආකාරයටයි. (නිර්දේශ යටතේ විස්තර කරන්නම්)

  • මෙවැනි වැටලීමක්/සොයාබැලීමක්/සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාකිරීමක්/ සඳහා යනවිට, තවත් ආධාරක කණ්ඩායම්/කණ්ඩායමක්, සූදානම්ව තැබිය යුතුයි. තමන්ට තනිව මුහුණ දීමට නොහැකි තත්වයක් ඇතිවුනානම්, ඒ ආධාරක කණ්ඩායම් වහා තමන්ගේ ආධාරය පිණිස ගෙන්වාගන්න පුළුවන්. මේ සිද්ධියේදී දෙවැනි පොලිස් කණ්ඩායම, සිද්ධිය වූ තැනට ගොස් තිබෙන්නේ, 'පෙරහැර ගියාට පස්සෙයි'.


  • මේ පොලිස් කණ්ඩායම, තමන්ගේ පොලිස් ස්ථානය සමග, නිරන්තර පණිවිඩ හුවමාරු සම්බන්ධතාවක සිටි බවක් පෙනෙන්නේ නැහැ. ඔවුන් අත, ජංගම පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් හෝ, වාහනයේ සවිකළ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් තිබුනේද යන්න හා, එසේ තිබුනානම්, එයින් කළේ කුමක්ද යන්න ද පැහැදිළි නැහැ.  


  • කුරුණෑගල පොලිස් ස්ථානයේ ප්‍රමාණවත් තරම් නිලධාරීන් සංඛ්‍යාවක් මේ අවස්ථාවේ නොසිටියානම්, මෙම ක්‍රියාන්විතයට යාමට පෙර, අවට පොලිස් ස්ථාන වලින් හෝ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ගන්නට තිබුණා. පහත දැක්වෙන සිතියම බැලීමෙන් ඒ බව ඔබට වැටහෙනවා ඇති.  එසේ ආධාරක භටපිරිස් ලබාගත්තානම් මේ ආකාරයට ජීවිත හානියක් සිදුවන්නේ නැහැ.


(මේ සිතියමේ දැක්වෙන, වීරඹුගෙදර, පොතුහැර, යන පොලිස් ස්ථාන වල සිට හෝ, රත්ගල්ල ප්‍රදේශයේ පිහිටි, පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සිට, වාහනයකින්, සිද්ධිය වූ ස්ථානයට, විනාඩි 30 ක් හෝ ඊට අඩු කාලයකින්, ළඟා වියහැකියි)

නිර්දේශ 



  • පුහුණුවනු පුහුණුවනු පුහුණුවනු, අභ්‍යාස කරනු අභ්‍යාස කරනු අභ්‍යාස කරනු, කියන එක තමයි, පළමුවැනි නිර්දේශය. යුද්ධ කාලේ, පොලීසියේ බහුතරය යුද්ධයේ හිටියා. බය නැතුව, අභියෝගාත්මක තත්වයන්ට මුහුණ දුන්නා. දැන් පොලීසියට ආපහු අධිකරණ රාජකාරි, පරිපාලන රාජකාරි, ආදිය ඉගෙනගන්න වෙලා. මොකද, ඒ ගැන දැනුමක් නැතුව සාමාන්‍ය පොලිස් සේවයේ යෙදෙන්න බැහැ. නමුත් මෙවැනි සිද්ධියකදී, එය නිදහසට කරුණක් නෙවෙයි.  ඒ නිසා, මෙවැනි තත්වයන්ට මුහුණදීම පිළිබඳව, සාමාන්‍ය පොලිස් සේවයේ සිටින සෑම නිලධාරියකුටම, නිලධාරිණියකටම, ඉතා ඉහල මට්ටමේ පුහුණුවක් ලබාදිය යුතුයි. අපිනම් කවදාවත් දැකලා නැහැ ,පොලිස් ස්ථානයක් අතුලේදීවත්, එවැනි පුහුණුවක් දෙනවා. ඒ තත්වයේ ඇති අවාසනාවන්තකම නිසයි, අර පොලිස් පරීක්‍ෂක වරයා මියගොස්, අනික් දෙදෙනා මාරාන්තික තුවාල ලැබුවේ. 


  • පොලීසියේ අවි පරිහරණය, බොහෝවිට, 'බල්ලා මාක්' කියා, කණගාටුවෙන් වුවත් කියන්න ඕනේ.  T 56 අවිය තියාගෙන ඉන්නේ එහි මිට හෙවත් බට් එක අකුලලා. ඉතිං කොහොමද හදිස්සියකදී වෙඩි තියන්නේ? 


  • මේ සිදුවීමේදී පොලීසිය එතනදී ස්ථානගතවීම ගැන, එතරම් අවබෝධයකින් ක්‍රියාකර නැහැ. ඒ නිසයි, තිදෙනාටම වෙඩි වැදුනේ. පහත දැක්වෙන දළ සටහනෙන් මා පෙන්වන්නේ, මෙතනදී, මේ තිදෙනා අතේම ආයුධ තිබේයැයි සිතා, ඔවුන් ස්ථානගත වියයුතු ආකාරයයි.





  • මේ සිද්ධිය රාත්‍රී කාලයේදී සිදුවන්නක් නිසා, ආලෝකය ආධාර කරගැනීම වැදගත්. මුලින්ම, පොලීසියේ තිදෙනා තම ආයුධ අතට ගෙන, සැකකරුවන්ට කියන්න ඕනේ, හෝටලයේ ආලෝකවත්ව තිබෙන ස්ථානයක සිටින ලෙස. ඉන්පසු අවවාද කරන්න ඕනේ, පැනයාමට හෝ පහරදීමට උත්සාහ කලොත්, වෙඩි තබන බව. එහි, කිසිදු නීති විරෝධී බවක් හෝ, මානව හිමිකම් කඩවීමක් නැහැ. 


  • සැකකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර යටත්පිරිසෙයින් මීටර් 5 ක වත් පරතරයක් තබාගන්න ඕනේ. වාහනයේ ලියකියවිලි රැගෙන එක් අයෙක් පොලිස් පරීක්‍ෂක වෙත එන්නට අණ කර, පොලිස් පරීක්‍ෂක තම අවිය T 56 නම් පිටේ එල්ලා ගැනීම හෝ රිවෝල්වරය නම් කොපුවේ බහා ගැනීම කලයුතුයි. මේ අවස්ථාවේදී සැරයන් අංක 2 පොලිස් පරීක්ෂකට මීටර් 3 ක් පමණ පසුපසින්, එක් පසෙක, තම අවිය සූදානමින් තබාගෙන, සැකකරුවන්ගේ චලනයක් ගැන, දැඩි අවධානයෙන් සිටිය යුතුයි. සැක කටයුතු පළමුවැනි චලනයේදී, ඔවුන් අසළ බිමට වෙඩි තබා, කෑගසා කිවයුතුයි, ඊළඟට ඔවුන්ට වෙඩිතබන බව. සැරයන් අංක 1 ඉන්නේ, අනෙක් දෙදෙනාගෙන් වෙන්ව, පැත්තෙන් සහ ඈතින්. ඔහුට නිරීක්ෂණය වෙනවා, සැකකරුවන්ගේ චලන, පැති පෙනුමෙන්. ඔහුත් තම අවිය සූදානමෙන් අතේ තබාගෙන සිටිය යුතුයි. ඔහු මෙසේ අනෙක් දෙදෙනාගෙන් වෙන්ව සිටින නිසා, තිදෙනාටම පහසුවෙන් වෙඩිතැබීමේ අවස්ථාව, සැකකරුවන්ගෙන් ගිලිහෙනවා. 


  • පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් මතක තබාගත යුතුයි, ඔවුන් ඉන්නේ දැඩි අවදානමකට මුහුණ දීගෙන බව. අනාගතයේදී ඔවුන්ටද ප්‍රහාර එල්ලවිය හැකියි. යටකර පලායාම්, වාර්තාවී ඇති අතර, මීට පෙර කුරුණෑගල ප්‍රදේශයේදී, වාහන පරීක්ෂාවේ යෙදීසිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබුවා.  වාහන පරීක්ෂා කිරීමේදී, පරීක්ෂා කරන නිලධාරියාගේ ජීවිතාරක්‍ෂාව, අනෙක් නිලධාරියා විසින් සැලසිය යුතුයි. 








  • නිලධාරීන් හිගය නිසා දෙදෙනෙකු මෙසේ රාජකාරියේ යෙදෙව්වත්, එය නිවැරදි පිළිවෙත නොවේ. යටත්පිරිසෙයින් රාත්‍රී කාලයේදී, හතර දෙනෙකුවත් යෙදවිය යුතු අතර, එයින් දෙදෙනෙකු, සෑමවිටම තම අවි සූදානම්ව තබාගෙන, ප්‍රහාරයකට මුහුණ දීමට හැකි ආකාරයට ස්ථානගත වියයුතුයි. 




  • මේ සිද්ධියේදී, කුරුණෑගල රත්ගල්ල ප්‍රදේශයේ ඇති, පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරේ සහාය ලබානොගැනීම අඩුපාඩුවක්. එම කඳවුරේ නිලධාරීන්, කඳවුර පිහිටි හාල්පාරේ, (මේ පාරට හාල් පාර කියා නම වැටී තිබෙන්නේ, බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදී තිබුණු, හාල් පොලු මිරිස් පොලු වලින් ගැලවී යන්නට, විකල්ප මාර්ගයක් ලෙස භාවිත කල නිසාලු. අදටත් මේ පාරට වෙනත් නමක් නැහැ) රාත්‍රී පා මුර සංචාරයේ යෙදෙනවා මා දැක තිබෙනවා. මේ කඳවුරෙන් මීට වඩා ප්‍රයෝජන ගැනීම සුදුසු බවයි මගේ අදහස. 




  • මෙවැනි සිද්ධියකට මුහුණදීම සඳහා යාමේදී, එසේ යන පොලිස් කණ්ඩායම, නිරතුරුවම, දැන් තමන් කියන්නේ කරන්නේ කුමක්ද, ඉන්නේ කොතනද, තමන් මුහුණ දී ඇති තත්වයේ ස්වභාවය ආදිය, තම පණිවිඩ හුවමාරු යන්ත්‍ර මගින්, මූලස්ථානයට දැන්වීම ඉතා වැදගත්. යම් හදිසි අවස්ථාවක් පැනනගින්නේ නම්, මූලස්ථානය පමණක් නොව, එය අසාසිටින අවට පොලිස් ස්ථානවලට පවා, ආධාරයට ඒම සඳහා, ක්‍ෂණිකව සූදානම්වීමට අවකාශ ලැබෙනවා.




  • මෙවැනි කාර්යයක් සඳහා යැවිය යුත්තේ 59 හැවිරිදි පොලිස් පරීක්‍ෂක වරයකු නොව, හැඩිදැඩි පොලිස් කණ්ඩායමකි. 

රටේත්, සමාජයේත්, සමස්ත පොලිස් සේවයේත් යහපත තකා, ශ්‍රී ලංකා පොලිස් සේවයේ වෘත්තීය කාර්යක්ෂම භාවය, මීට වඩා ඉහළට ගැනීම, පොලීසිය කරවන සියලුදෙනාගේ පරම යුතුකම සහ වගකීම බව, අවසාන වශයෙන් අවධාරණය කරන අතර, පොලීසිය, සිය සාම්ප්‍රදායික චින්තනයෙන් සහ දෙපාර්තමේන්තු හැඟීමෙන් ඉවත්ව, නව චින්තනයක් ගොඩනගා ගැනීමට, දැනටමත් ප්‍රමාදවී ඇති බවද , පෙන්වා දෙමි.
 

2016 නොවැම්බර් මස 17 වැනි දින 2343 පැය 

56 comments :

  1. ඉතාම හොඳ මාතෘකාවක් විචා මාමේ. නයිට් බ්‍රේක් එකේදි කොමෙන්ට් කොරන්නම් 👊🏽

    ReplyDelete
    Replies
    1. උඹත් ඔය නයිට් එකට බ්‍රේක් ගහන්න යනකොට පරිස්සම් වෙයන්. :D

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේ පිළිබඳ අපේ මාධ්‍ය වාර්තා නිසා මේ මොකද්ද වෙලා තියෙන්නෙ කියන හැඟීම් නිසා සසලව හිටියේ.මේ ගැන ඔබතුමාගෙන් ද විමසියයුතුයි කියා සූදානම්වන විටම ඔබේ ලිපිය හමුවුනා. මේ අන්දමේ වාර්තාවන් ජනතාව වෙත දුන් විට රට කොතැනට යාවිදැයි සිතන්නට බෑ විචාරකතුමණි.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මාධ්‍ය වලින් වාර්තා කරන ප්‍රවෘත්තියක ඇත්ත තත්වය දැනගන්න නම්, රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය නොවන මාධ්‍ය ඔක්කොගෙම, ඒ ප්‍රවෘත්තිය පලවන ආකාරය ගැන, ඉතා බුද්ධිමත්ව කරුණු සලකා බලන්න ඕනේ ගුණසිංහ මහත්තයෝ. නැත්නම් අපේ ඔලුවත් අවුල් වෙනවා, පලකරන දේවල් වල තියන සංකීර්ණ බව නිසා.

      Delete
  4. ජනාධිපති කීව අපේ මාධ්‍ය කැඩෙන බිඳෙන ඒව විතරයි රිපෝට් කරන්නෙ කියල්.
    ඒක දේශපාලන කතාවක් වුණාට අපි ඒකෙන් ගතයුතු බැරෑරුම් පැත්තක් තියෙනවා.
    මේ ගැන මේ සතියෙ රාවයේ ලිපියකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය ආයතන අතර ඇති තරගය නිසා ප්‍රවෘත්තියේ තිබෙන ඇත්ත තත්වය යට ගිහින් විකාරරූපී බවක් මතුවන අවස්ථා තිබෙනවා.

      රාවය යම් හරයාත්මක යමක් ඉදිරිපත්කිරීම ගැන සතුටුයි.

      Delete
  5. 119 එකට කොල් කලොත් කවදාවත් එන්නේ නෑ. නැත්නම් ලගම තියෙන පොලීසිට කියන්න කියනවා. එහෙම කිව්වත් පොලීසිය එන්නේ පෙරහැර ගියාට පස්සේ තමයි.

    ReplyDelete
    Replies
    1. අපොයි අපේ පැත්තේ හොරෙන් වැලි ගොඩ දැමීමක් දැකලා මම දවසක්, සියවාරයක් විතර 119 ගැහුවා. උත්තර දෙන්නේ නැහැ. උන්ගේ මෑණියන්ට, සෑම නියං කාලයකදීම වතුර ලැබේවා! කියා ප්‍රාර්ථනා කළා.

      Delete
  6. අපරාදෙ අර මෝටර් සයිකලෙන් පලා යද්දි දෙන්නෙකුටම ගේම දුන්න පෝ...ලිස් මහා...ත්වරුන්ව වෙඩි තැබීම පුහුනු කරන්න යොදා ගන්නයි තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. පොලීසියට රිවෝල්වර් දුන්නේ යුද්දෙන් පස්සේ. නමුත් නිසි පුහුණුවක් දී නැතිබව මෙවැනි සිදුවීම් වලින් පෙනෙනවා.

      Delete
  7. පොඩි සිදුවීමකින්ම පටන් ගන්නම් විචා මාමෙ. ඉස්කෝලේ හිටිය යාලුවෝ දෙතුන් දෙනෙක්. පුදුම උණක් උන්ට තිබ්බ හමුදාවට පොලිසියට බැඳෙන්ට. උං ටික ඉස්කෝලෙ කැඩෙට් එකට බැඳුන විතරයි උන් හැසිරුනේ තුවක්කු ලැබුන ආමි කාරයො වගේ. ඉස්කෝලෙම පොඩි පාතාලයක් හැදුව. පස්සෙ කිහිප දෙනෙක් ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ හමුදාවට ගිහිං තුවක්කු හොරකං කරල මිනී මැරුම් වලට අහුවෙලා ඇතුලට ගියා. තව එකෙක් L T T E එකට ඔත්තු දීල උන්ගෙන්ම මැරුම් කෑව.

    පොලීසිය ගැන තියෙන අත්දැකීම නම් ඉස්කෝලෙ යන කාලෙ පාඩම් කරල ඉවරවෙලා නයිට් කඩයකින් කාල බෝඩිමට යනගමන් ගැටඹේ දී පොලිස් ජීප් එකක් නවත්තල අයිඩෙන්ටි නැති නිසා කුඩුවට දැම්ම. හොඳම සීන් එක ඒක නෙමෙයි. උන්ට එදා දවසටම කුඩු කාරයෙක් ගන්ජ කාරයෙක් අල්ලගන්ට බැරි උන නිසා උන්ගෙ අතින් ගන්ජ හෙරොයින් මටයි යාලුවටයි දාල පහුවදා උසාවියට දාන්නයි හැදුවෙ. නොවදින වැඳුම් වැඳලා එකෙන් බේරුනේ.

    අනික් සිදුවීම උනේ මම ලංකාවේ කල රස්සාවේ හැටියට මම වැඩ කල බැංකුව වෙනුවෙන් අලුත් කඩේ උසාවියට නිතර යන එන නිසා ගොඩක් පොලිසියේ උදවිය කොළඹ 1 සිට 13 වෙනකං දැනගෙන හිටිය. ඒත් කවදාවත් උදව් නම් ඉල්ලගෙන නැහැ. නිතරම එයාල මම උසාවියෙදීම දකින නිසා හිතල තියෙන්නෙ මම ලෝයර් කෙනෙක් කියල. ඒක දැනගත්තෙ පස්සෙ 😂😂😂..

    ඉතිං එක දවසක් ඔෆිස් යන්ට පරක්කු වෙලා යාලුව එයාගෙ කාර් එක රෝන් සයිඩ් එකකින් ඕවටේක් කලා. බඩු බනිස්. අල්ලගත්ත කියහන්කො ට්‍රැෆික් පොලිසියෙන්. (අපි වරද පිළිගත්තත් අල්ලසට අකමැති උන නිසා බලෙන්ම පොලිසියට කුදලන් ගියා)

    මේ පොලිස් කාරයො දෙන්න බලෙන්ම අපි දෙන්නම කොටහේන පොලීසියට අරං ගිහිං ට්‍රැෆික් OIC ගාවට ගිහිං කිව්වෙ "මුං දෙන්නගෙ අම්මට %#$¥# කට වැඩියි සර්. මුංව උසාවි දාන්ට" කියල.

    ඔන්න ඔතනදි තමයි මම කට ඇරියෙ "තෝ කොහොමද බල්ලො අපෙ අම්මලට %#£&%??? ඒ වැඩේ කරන්න අපෙ තාත්තල තවම ඉන්නව. තොපේ ඔය යුනිෆෝම් එක නිසාද අපෙ අම්මලට £&@%# පුළුවන්? පුලුවන්නම් ඕක ගලවල ඇවිත් පිරිමියෙක් වගේ කථා කොරහන් " කියල.

    එතකොටම උසාවි යන්න සාජන් කෙනෙක් එලියට එනකොටම අපි දෙන්න දැකල ලොක්කට කියපි "සර්, මේ මහත්තරු දෙන්න අහවල් බැංකුවේ ලෝයර් මහත්තරු. නිකං ලෙඩ දාගන්න එපා සර්. අනික ගිය අවුරුද්දෙ සමථ මණ්ඩල පාටියට අපිට එන්න කියලත් බොහොම හොඳට කන්න බොන්න දීල සලකපු මහත්තරු සර්" කියල.

    පස්සෙ කේස් ක්ලෝස් කරල කාර් එකට නැග්ග ගමන් යාලුව කිව්වෙ "යකෝ. උබ අර පොලිස් කාරයට බැන්න බැනිල්ල සමරන්ට අද හවසට සැවෝයි එකට ගිහිං බෝතලයක් ගහන්න ඕන කියල.

    විචා මාමේ. පොලිසියේත් හමුදාවේත් ඔබලා වගේ වැදගත් මහත්වරු හිටියත් අර වගේ කාලකන්නින්ගෙන් අඩුවක් නැහැ.

    අනික ලංකාවේ පොලීසිය උඩ ඉඳල පහලටම දූෂණය වෙලා ඉවරයි.

    බලන්න මේ වෙනකොට හිටපු නියෝජ්‍ය පොලිස්පති ත් හිරේ. වාස් ගුනවර්දනත් හිරේ. ඒ හොරකම් කරල නෙමෙයි. මිණී මැරුම් වලට. අපි අවුරුදු 30ක් යුද්දේ විඳපු නිසා මිණී මැරුමක් ගැන එච්චරම ගානක් නැහැ.

    මේ ඔක්කොටම මුල ඔය නිළ ඇඳුම. වැරදි පුද්ගලයෙක් ඔය නිළ ඇඳුම ඇඳගත්තොත් ඔවුන් කරන වැරදිත් නීති ගත වෙනව.

    හොඳම උදාහරනේ ගස් ගල් ගෙවල් අස්සෙ හැංගිලා ඉඳල එක සැරේ පාරට පැනල හයි ස්පීඩ් වලට දඩ ගහනවා. උං කරන්නෙ වැරැද්ද කරනකන් බලන් ඉන්න එක. දවසෙ ටාගට් එක කවර කරන්න අහිංසක මිනිස්සු කුදලන් යන එක.

    ශ්‍රී ලංකාවේ පොලීසිය මටනං සමාන කරන්ට පුළුවන් ගොම බෙට්ටකට.

    ස්තුතියි 👊🏽

    ReplyDelete
    Replies
    1. //පොලීසිය ගැන තියෙන අත්දැකීම නම් ඉස්කෝලෙ යන කාලෙ පාඩම් කරල ඉවරවෙලා නයිට් කඩයකින් කාල බෝඩිමට යනගමන් ගැටඹේ දී පොලිස් ජීප් එකක් නවත්තල අයිඩෙන්ටි නැති නිසා කුඩුවට දැම්ම. //
      ඔය වාගේම සිද්දවුන සීන් එකක් මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා. මේක බලන්න https://kolompure.blogspot.com/2016/10/blog-post_31.html

      Delete
    2. බලන්නං මචෝ..👊🏽

      Delete
    3. @ Tilan Athur. සෑම ආයතනයකම සැලකියයුතු ප්‍රමාණයක් දූෂිතයන් ඉන්නවා. ඒක ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියටත් පොදුයි. නමුත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය පාලනය වන නීතිරීති යටතේ, එවැනි විනය පිරිහීමක් සිදුවන්නට බැහැ.

      අනික් අතට, රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා, සියලුම ආරක්‍ෂක අංශ, ඉතා ඉහල විනයක් පවත්වාගෙන යනු ඇතැයි කියා. එය සිදුවිය යුත්තේ ඉහල සිට පහළට ආදර්ශවත්ව විනය ආරක්‍ෂා කිරීමෙන්. දීර්ඝ කාලයක් නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසා නීතිය වල් වැදුනාම මහජනතාව නීතිය අතට ගන්නවා. අන්න ඒ වල් වැදුණු ස්වභාවය ඉක්මනින් නිවැරදි කලයුතුයි.

      පොලීසිය නිවැරදි කරන්න නම් පොලිස් ආඥා පණතේ යල් පැනගිය කොටස් සංශෝධනය කලයුතුයි.

      @ කොළොම්පුරේ. මම ඒ පෝස්ට් එක ඒ දවස්වලම කියෙව්වා. හිනාවෙලා පනගියා.

      Delete
  8. මේ අවස්ථාවට පොලීසිය මුහුණදී තිබෙන්නේ, ඉතා දුර්වල ආකාරයකටයි true

    ReplyDelete
    Replies
    1. ඊට වගකිවයුත්තේ පොලිස් පරිපාලනයයි.

      Delete
  9. කාර් එකකුත් පැහැරගෙන මංකොල්ල කාපු දෙන්නෙක් අල්ලන්න අත්දෙක වන වන ගියානං ඒකෙන්ම හිතාගත්තැකි තරම.
    හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං. ඕකුන් කියන බයිල හොඳයි පොලිස්පති ටයි මාද්‍ය පරකාසයටයි කාල බීල ඉන්න වෙලාවකට ආතල් ගන්නයි. 😂 හිකිස්..

      Delete
    2. @ ප්‍රසන්න. රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තා අනුව, පොලිස් නිලධාරීන් සතුව යටත්පිරිසෙයින් ගිනි අවිඑකක්වත් තිබුණු බව පෙනෙනවා. නමුත් ක්‍රියාත්මකවීම ප්‍රමාදයි.

      Delete
  10. එම සිදු වීමේදී මා දකින්නේ වසර 59 වයස එම පොලිස් නිලධාරියා සතුව අඩුම ගන්නේ වසර තිහකට වඩා අත්දැකීම් සමුදායක්, නීතිය සහ සදාචාර පිලිබදව හොද දැනුමක් මොලයක් ඔහුගේ හිස් කබල තුල තිබ්බා. ඔහු එයින් ප්‍රයෝජන ගත්තේ නෑ. පහු ගිය සතියේ ආබාදිත රණ විරුවන්ට පොලිසියේ මහත්වරු පහර දුන්නා. හමුදාව පැත්තකින් තියමු, ඔවුන් අබාදිතයින්ට පහර දුන්නා.
    දශක තුනක් පසු කර ඇති මා සතුව පොලිසිය පිලිබදව කිසිම පැහැදීමක් නැහැ. පොලිසියේ අදුනන කව්රුවත් නැත්නම් වැඩක් කරගන්න බැහැ, නැත්නම් ගොඩක් රස්තියාදු වෙන්න වෙනවා. ඔවුන් අපෙන් වැදුම් පිඳුම් බලාපොරොත්තු වෙනවා. බොහෝ නිලදාරීන්ට අවශ්‍ය මුදල් සහ හි- - ල්ල. නිතරම අසහනයෙන් පෙලෙන කොට්ටාශයක් විදියටයි මා නම් දකින්නේ. එත් ඔය අතරින් හොද නිලදාරීන් කිහිප දෙනෙකුත් ඇති

    ReplyDelete
    Replies
    1. ආබාධිතයන්ට පහරදීම මා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. නමුත් පොලීසිය ඒ තත්වයට පත්කරගත්තේ අර ගණින්නාන්සේලා.

      පොලීසිය ඇත්තෙන්ම සෑහෙන සතුටුදායක සේවයක් ඉටුකරනවා. නමුත්, ප්‍රාමාණිකව, එහි ගුණාත්මක බව, කාර්යක්ෂම බව, ප්‍රතිඵලදායී බව, විශ්වසනීය බව, ප්‍රශස්ත මට්ටමක නැහැ. ඒ නිසයි ජනතාව පොලීසිය දොස් නගන්නේ. පොලීසිය කෙරෙහි විශ්වාසය නොතබන්නේ.

      අනෙක් අතින් පොලිස් නිලධාරීන් ගතකරන්නේ ඉතා දුක්ඛිත, කම්කටොළු පිරි, අතෘප්තිකර ජීවන රටාවක්. ඔවුන් අතින්, රාජකාරිය නිසි පරිදි ඉටුනොවන්නට ඒ හේතු බලපානවා.

      අර පොලිස් නිලධාරියා, පොලිස් කොස්තාපල් නිලයේ සිට, ක්‍රමයෙන් උසස්වීම් ලබා ඉහලට පැමිණි කෙනෙක්. නමුත්, ඔහු මේ කාර්යයේදී, තමාගේ අත්දැකීම් නිසිපරිදි යොදාගත්තාද යන්න ගැටළුවක්.

      Delete
  11. ලංකාවේ පොලීසි රිවොල්වර් සඳහා https://en.wikipedia.org/wiki/Speedloader භාවිතා කරන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ. ඒවා පාවිච්චි කරන්නේ වෙඩි තැබීමේ තරග වලදී පමණයි. වෙඩි තැබීමේ ක්‍රීඩාව කරන ආයතන වල පමණයි, ඒවා තිබෙන්නේ. අනෙක් අතට ඒවා යන යන තැන ගෙනයාම කරදරයක්. පතරොම් පටියක් ගෙනයාම ඊටවඩා හොඳයි. වඩාත්ම හොඳ, මැගසින් දෙක තුනක් සහිතව 9 mm පිස්තෝල පාවිච්චි කිරීමයි.

      Delete
  12. එකඟයි ඔබ සමග.පොලිස් නිලධාරීන් නිරායුධ මිනිසුන්ට වෙඩි තබනවා වගේ ලේසි වැඩක් කියලා හිතන් ඉන්න ඇති ආයුධ අතැති අපරාධකරුවන් සමගින් ගණුදෙනු කිරීමත්.

    ReplyDelete
    Replies
    1. මා හිතනවා, පොලීසියේ බහුතරයක් තුළ තිබෙන, අවුල් සහගත මානසිකත්වයෙන්, ඔවුන් මුදාගත යුතුයි කියා. ඔවුන් තුළ, මීට වඩා ආත්ම විශ්වාසය ගොඩනැගීම, අතිශයින් වැදගත්.

      Delete
  13. විචාරක මහත්මයා ඔබ මෙතන මතු කරන කරුණු සියල්ලටම එකඟයි....පොලිසියේ භුමි උපක්‍රම,අවිභාවිතය දුර්වල තත්වයක පවතින බව සැබෑවක්.නමුත් මා මේ සිදුවීම පිළිබඳව මෙවැනි අදහසක් දක්වන්න කැමතියි....වාහනයක ලීසිං වාරික නොගෙවීම යනු සාමාන්‍යයෙන් බරපතළ අපරාධයක් නොවන නිසා පොලිස් නිලධාරීන් මෙවැනි බිහිසුණු ප්‍රතිචාරයක් කිසිසේත්ම බලාපොරොත්තු වන්නට නැත....එය ඔවුන්ගේ පැත්තෙන් අඩුපාඩුවක් වුවත්,වයස්ගත පොලිස් නිලධාරියෙක් මේ සිදුවීම විමර්ශනය සඳහා එන්නට ඇත්තේද මේ ආකල්පය නිසාම වියයුතුය.සමහර විට පොලිසිය සතුව ඒ වෙලාවේ එක ගිනි අවියක් හෝ නොතිබුනා වෙන්නත් හැකිය....කෙසේ වෙතත් මා සිතන්නේද පොලිසිය නුතන අපරාධ කරුවන්ට සාර්ථක ලෙස මුහුණ දියහැකි පරිදි සියලු අතින් දියුණු වියයුතු බවයි...

    ReplyDelete
    Replies
    1. මේක ලීසින් කේස් එකක් ‍නෙමෙයි. රෙන්ට් කරන තැනකින් කාර් එක අරං සල්ලි නොගෙව වාහනෙත් දෙන්නැතුව ඉඳල තියෙන්නෙ.

      Delete
    2. @ jay-c z ඔබ පොලීසියේ පැත්තෙන් බැලීම ඉතා සාධාරණයි. මා බැලුවේ අද රටේ තිබෙන අපරාධ රැල්ල සමග, සමස්තය ගැන සලකා බැලීමක් වශයෙන්. මම හමුදා පුහුණුවේදී ඉගෙනගත්තේ, 'සතුරා යයි සලකන්නේ නම්, අම්මා තාත්තාවත් විශ්වාස කරන්න එපා' කියලයි. ඒ නිසා, රාත්‍රියේ එන මෙවැනි දුරකථන ඇමතුම් අස්සේ, මොන මොන වෙනත් සෙල්ලම් තියනවාද කියා, අපි දන්නේ නැහැ. ඒ නිසයි, හොඳ සූදානමකින් එවැනි තත්වයන්ට මුහුණ දියයුත්තේ.

      පොලීසිය ගිනිඅවි රැගෙන නොගියානම්, බරපතළ ලෙස විනය කඩකිරීමක්. ගෙනියන්න කම්මැලි නිසා, ඕනෑවෙන එකක් නැහැ කියා අවතක්සේරු කිරීම නිසා, ළඟටනේ යන්නේ ඔන්න ඔහේ ඕන්නෑ කියා හිතුවානම්, ඒ අමනොඥ කමේ භයානක ප්‍රතිඵලය, මේ පොලිස් පිරිස අත්වින්දා.

      මෙවැනි කාර්යයක් විමර්ශනය කරන්නට, එතරම් විශාල පළපුරුද්දක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය පොලිස් නිලධාරීන් පවා දන්නවා, අපේ රටේ තියන වාහන සෙල්ලම්. ගිය ගමන් වාහනය අදාළ ලිපිලේඛන අතට අරන්, යමු පොලීසියට කියා කියන්න, ඔවුන් දන්නවා. මේ මිනීමරුවන් පොලීසියට දක්කාගෙන ඒම සඳහා, සංවිධානාත්මකව ක්‍රියා නොකිරීමයි සිදුවූ අඩුපාඩුව.

      Delete
  14. විචා.....ඇත්තටම පොලිසියට පැවරිලා තියෙන රාජකාරි කොටස වැඩියිද....නිළධාරීන් හිඟද...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අරු. මා හිතනවා අපේ පොලීසියට අවශ්‍ය සම්පූර්ණ නිලධාරි සංඛ්‍යාවෙන් 80% ක් වත් සම්පූර්ණ වී නැතැයි කියා. පැය 8ක් පාරේ කට්ට කෑවම, ඒ පොලිස් නිලධාරියා යකෙක් බවට පත්වීම පුදුමයක්ද? වතුර එකක්වත් පොලීසියෙන් ලැබෙන්නේ නැහැ. ඔක්කොම තමන්ම සපයාගන්න ඕනේ. විස්තරය බොහොම දිගයි.

      Delete
  15. ඔය ඔක්කොටම හේතුවන ප්‍රධාන කරුණ ඔබ කියන මේක

    පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් මතක තබාගත යුතුයි, ඔවුන් ඉන්නේ දැඩි අවදානමකට මුහුණ දීගෙන බව.

    ReplyDelete
    Replies
    1. මම හඳුනන පොලිස් නිලධාරීන්ට මේක කීපවිටක් කියලා තියනවා රාජ්. පාරේ ඉන්න ඕනේ විදිහත් ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වියයුතු ආකාරයත්, කියලා දීලා තියනවා. දන්නවද උත්තරේ? මහත්තයා කියන ඒවා හරි. නමුත් අපේ ලොකු මහත්තයා පාරේ ගියොත්, අපි ඉන්න ඕනේ විදිහක් තියනවා. ඒ නිසයි මෙහෙම ඉන්නේ.

      ඉතිං කාටද මෙව්වා කියන්නේ රාජ්?

      Delete
  16. අපරාධකරුවන් අවතක්සේරු කොට සැලකීම. නිකං කසිප්පු අල්ලන්න යනවා වගේ ගිහිං තියෙන්නේ. වාහනයක් අරං ගිහිං බලෙන් තියාගෙන ඉන්නෙ ඒක යොදවලා වෙන අපරාධයක් කරන්න නේ. එතකොට ඒ වගේ අපරාධයකට අවශ්‍ය ආයුධ එහෙමත් ඔවුන්ට තියෙනවා. සම්පූර්ණ වරද පොලිසියේ ලොක්කගෙ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත. මේගොල්ලෝ නිකම් කම්මැලි අල වගේ වැඩ කරන්න ගියොත්, ඉදිරියේදීත් මේවගේ දේවල් තවදුරටත් වෙනවා.

      වරද පොලීසියේ ලොකුම පුටුවේ ඉන්න ලොක්කට තමයි පැටවෙන්නේ. එයා තමයි වගකියන්න ඕනේ.

      Delete
  17. හෙඩිම දැක්කම මෙච්චර ලස්සනට විග්‍රහ කර ඇතිය කියල හිතුනේ නැති නිසා නොබල හිටියේ. සිරා පෝස්ටුවක් විචා.. පොලෝසියේ නිලධාරීන් මේව්ව බලනවනං පොඩි හෝ දැනුමක් ගතහැකි.

    ReplyDelete
    Replies
    1. අපේ පොඩි එකා මේ දවස්වල කරනව වගේ උඹත් VCOP ගේම ගහලවත් 'තියන්න' ඉගෙනගනිං. හැක්..

      Delete
    2. @ දේශ්. පොලීසියේ ලොකුම ලොක්කා මේ ලිපිය කියෙව්වොත් හොඳටම ඇති.

      @ ප්‍රසන්න VCOP අනාගතයේදී, 'රොබෝ කොප්ස්' ලා ආවොත්, එදාටවත් අපේ පොලීසිය ගොඩ යයිද මන්දා.

      Delete
  18. පොලිස් නිළධාරින් ගියේම ඒ පිරිස සතුව අවි නැතැයි කියන විශ්වාසයෙන් වන්නට ඕනි..නැත්නම් විශාල පිරිසකට තෑග්ග බෙදී යන ඉරිසියාව පිට ගියාද දන් නෑ..

    කොහොම වුනත් මිෂන් එක ෆේල්..

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් අමිල. ඔය තෑගී පෙරේතකමේ සමහර අය කරන දේවල් ඇහුවොත් බඩදඟලනවා. මගේ ඇස් දෙකෙන් ඒවා දැකලා තියනවා යුද්ද කාලේ.

      මිෂන් එක ෆේල් වගේම පොලීසියේ නම්බුවත් ෆේල්.

      Delete
  19. පොලිසියට තියන ප්‍රශ්න වලිං බාගයක් ඉවර වෙනවා ඔය ඇදුම වෙනස් කරානං ,

    ReplyDelete
    Replies
    1. මමත් එකඟයි. තද නිල්පාට ඇඳුමක් තමා වඩාත් හොඳ. නැත්නම් කළු කලිසම, තද නිල්පාට ෂර්ට් එක. ඒ වගේම දුවනකොට ගැලවෙන්නේ නැති කැප් එකක්.

      Delete
  20. එල ද බ්‍රා මචෝ ...
    උන් පාර්ට් දන්නේ අහිංසකයන්ට විතරයි බං

    ReplyDelete
    Replies
    1. අහිංසක මිනිස්සුන්ව අංගුලිමාලලා කරවනවා.

      Delete
  21. සත්‍ය වශයෙන්ම පොලිස් නිලධාරීන් බහුතරයකට ගිනි අවි භාවිතය සම්බන්දව ඇත්තේ අඩු දැනුමකි.එසේම ගිනි අවි සම්බන්දවත් ඇත්තේ අල්පවූ උනන්දුවකි....මීට වසර 20 කට පමණ පෙර A 9 මහා මාවත මුදා ගැනීමේ සටනට දායකත්වය සැපයූ පොලිස් නිලධාරීන්ට විශේෂ කාර්ය බලකාය විසින් ගිණි අවි භාවිතය සහ වෙඩි තැබීම පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කල විට වයස්ගත පොලිස් නිලධාරියෙක් විසින් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී වරයකුට ප්‍රකාශ කලේ තමන් ගිනි අවියක් භාවිතා කරන්නේ වසර 18 පසුව බවයි......එසේම තමන් පැමිණෙන්නේ ගිණි අවි පුහුණුවකට බව දැන දැනම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරු පිරිස තාවකාලිකව තැනු වෙඩි පිටියට පැමිණියේ නිරායුධවයි...එතන සිටි පොලිසියේ උසස් නිලධාරීන් පැවසුවේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගේ ගිනි අවි වලින් අදාළ හිස් අතින් පැමිණි පොලිස් නිලධාරී පිරිසට වෙඩි පුහුණුව ලබා දෙනලෙසයි.නමුත් තමන්ගේ ගිණි අවි අනෙකුන්ට දීම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ප්‍රතික්ෂේප කල නිසා හිස් අතින් පැමිණි උප පොලිස් පරීක්ෂක වරුන්ට නැවත ගොස් තමන්ගේ අවි රැගෙන ඒ මට සිදුවිය......වෙඩි පුහුණුව ආරම්භයේදී හාස්‍ය ජනක සිදුවීමක් ඇති විය.පුහුණුව සඳහා පැමිණි පොලිස් කොස්තාපල් වරයෙකු ඉතා නොසතුටු මුහුණින් යුතුව විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී පැට්‍රික් ඇඩමා මහතාට "සර් මේ වෙපන් වැඩක් නැහැ මේවායින් හරියට වෙඩි තියන්න බැහැ " යනුවෙන් දැක්වුවේ ඉතා අගනා පෙනුමකින් යුක්ත වූ සම්පුර්න දැව නිමාවෙන් යුතු තමන්ගේ T 56 අවියයි...එවිට සහකාර පොලිස් අධිකාරි වරයා "කෝ ඕක මෙහෙට දෙනවා" යනුවෙන් පවසා අදාළ T 56 අවියෙන් ඉලක්ක පුවරුවට වෙඩි තැබුවේ එක පොකුරට සිදුරු පෙළක් ඇතිවන ලෙසටයි....අදාළ අවිය කොස්තාපල් වරයාට ආපසු දෙන ගමන් සහකාර පොලිස් අධිකාරි වරයා පැවසුවේ "ආයුදේ කිසි වරදක් නැහැ මිනිහෝ වැරැද්ද තියෙන්නේ තමුන්ගේ" යනුවෙනි.....පොලිසිය සියළු අතින් යාවත්කාලීන වියයුතුය...නිල ඇඳුම,අවි උපක්‍රම,ශාරීරික යෝග්‍ය තාවය,සමාජය කෙරෙහි දක්වන ආකල්පයන්,රටේ පවතින නීති රීති පිළිබඳව අවබෝදය ,දෙපාර්තමේන්තු නීති රීති සම්බන්දව අවබෝදය.මේ ආදී සියලු දේවල් සම්බන්දව ආයතනයක් ලෙස උනන්දු වියයුතුය....

    ReplyDelete
    Replies
    1. යුද්ධ කාලේ, පොලීසිය බංකර් රාජකාරි කරද්දී, මා විසින් නිරීක්ෂණය කල කරුණු ඉතා විශාල ප්‍රමාණයක් තියනවා. මමත් ආරක්ෂක අංශයක හිටිය නිසා, තවත් ආරක්ෂක අංශයක, ලැජ්ජා සහගත අඩුපාඩු කියන්න යන්නේ නැහැ. ඒවා බොහොමයක් පිළිකුල් සහගතයි.

      පොලීසිය ඉහල සිට පහලට නිවැරදි කලයුතුයි. ඒ සඳහා පොලීසිය බාරදිය යුත්තේ ඒ ගැන අවබෝධයක් ඇති ඇමති වරයකුටයි.

      Delete
  22. දිනය 18-11-2016
    ස්ථානය - කඩවත පොලිසිය
    වේලාව - රාත්‍රී 9.00
    කොළඹ දෙසට යමින් සිටි වෑන් රථයක් කඩවත නගරයේදී කහ ඉරක් අසලදී කාන්තාවකට පාර මාරුවීම සඳහා නැවතීමේ වරදට උදෑසන,තනි පොලිස් නිලධාරියකු විසින් දඩයක් ගසන ලදී.කලබලයක් නැතිව දඩකොලයත් රැගෙන අදාල රාජකාරි ඉටුකොට බලපත්‍රය නැවත ලබාගැනීමට පොලිස් ස්ථානයට යනවිට රාත්‍රී 9.00ට පමණ ඇත.
    රථවාහන අංශයට ඇතුල් වූ වහාම එක් නිලධාරියෙක් අපගේ රියදුරුමහතාට ඉතා අශ්ශීල පරුශ වචනයෙන් බැන වැදී එලවා ගත්තේ රජයේ ආයතන වල රාත්‍රී වැඩ නොකරන්නේය කියාය.
    මඳ වේලාවකින් 'අහිංසක' මෝඩ් ඇක්ටිව් කරගෙන 'යාචක වොයිස්' භාවිතා කරමින් රියදුරු බලපත්‍රය ලබාගැනීමට දරන ලද උත්සාහය කම්මැලි ලෙස ව්‍යර්ථ වූයේ අදාල නිලධාරියා 'කබඩ් එකේ යතුර' රැගෙන ගෙදර ගොස් ඇති නිසා ය.නැවත පහුවදා උදේ නමය පසු වී අප පැමිණිය යුතුය කියාය.
    'ඔබ ආ කාර්යය ඉටු වූයේ නැත්නම් මා අමතන්න' යනුවෙන් පොලිස් ස්ථානාධිපතිතුමා ගේ ජංගම දුරකථන අංකයට අමතන්නට තීරණය වුනේ මෙහිදී ය.
    ක්ශණිකව අප හා සම්බන්ධවුනු එතුමා පොලිසිය ජනතා සේවයට පැය 24ම බැඳී සිටින බව පවසා යතුර ගෙන්වා අප රියදුරු මහතාගේ බලපත්‍රය ඉතාමත්ම ඉක්මනින් ලැබෙන තැනට කටයුතු සැලැස්වීය.
    නිලධාරීන් හතර දෙනෙකුගේ ක්‍රියාකාරීත්වය මෙයාකාර විය.
    කඩවත පොලිස් ස්ථනාධිපති තුමාට අපගේ ස්තූතිය හිමිවිය යුතුය.

    ටාගට් කවර් කරන්න පාරට බහින අයව යටකරන් යන්න හිතෙන එක අරුමයක් නෙමෙයි.

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ කළු බැටළුවෝ සැලකියයුතු ප්‍රමාණයක් ඉන්නවා. පොලීසිය නිතර මහජනතාවසමග කටයුතු කරන නිසා ඔවුන්ගේ අඩුපාඩු මහජනතාවට හොඳින් නිරීක්‍ෂණය වෙනවා. මේ බව පොලීසිය නොදන්නවා නොවේ. එහෙම දැන දැනත්, බාල වැඩ කරන එක තමයි කණගාටු.

      Delete
  23. නියමයි සෑර්...සුභ උදෑසනක් වේවා තුමනි.....

    ReplyDelete
  24. පොලීසියටයි හමුදාවටයි බැඳෙන අයගෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් කී දෙනෙක් විතර ඇත්තටම රාජකාරිය තේරුන් ගෙන බැඳෙනවා ඇත්ද විචාරක.. අනිත් එක පුහුණුව නොකැඩී ලැබෙනවද මේ අයට.. පහසුකම් වැඩි කරන්න පිළිවෙලක් හැදෙනවා නම් හොඳයි මම හිතන්නේ.. කරන රැකියාවට ආසාවක් තෘප්තියක් නැතිනම් හරියට තමන්ගේ වගකීම කරන්න තියන හැකියාවත් අඩුයි

    ReplyDelete
    Replies
    1. බැඳෙන අයගෙන් බහුතරය ඇත්ත තත්වය තේරුම් අරගෙන තමයි බැඳෙන්නේ. යුද්ධ කාලෙකදී නම් ත්‍රිවිධ හමුදාවට වගේම පොලීසියට බැඳෙන්නත් ටිකක් මැලිවීම අරුමයක් නෙවෙයි.

      හමුදාවේ මෙන්න මෙහෙම කියමන් තියනවා.

      1. අද හොඳට දහදිය වගුරුවා, හෙට ලේ වැගිරීමෙන් වලකින්න. (ඒ කියන්නේ හොඳට මහන්සිවෙලා හොඳ පුහුණුවක් ලබාගැනීම සහ නිතර ඒ පුහුණුව යාවත්කාලීන කිරීමෙන් ජීවිත තර්ජන වලින් ගැලවී රාජකාරිය ඉටුකළ හැකියි කියන එක)

      2. නිලධාරියකුට තම සෙබළුන්ට ලබාදියහැකි උසස්ම සුබසාධනය වන්නේ, හොඳ පුහුණුවක් ලබාදීමයි. (ඒ කියන්නේ නුපුහුණු සෙබලා මළමිනියකට සමානයි. තම අදක්ෂතාව නිසා කොයි මොහොතේ සතුරු ප්‍රහාරයකට ලක් වෙයිද කියන්න බැහැ)

      පොලීසිය දෙපාර්තමේන්තුවක් නිසා, ත්‍රිවිධ හමුදා පාලනය කරන ආකාරයට පාලනය කරන්න බැරිවීම නිසාත්, ඔවුන්ගේ පුහුණු කටයුතු, සීමාසහිතවයි කෙරෙන්නේ. අන්න ඒ තත්වය වෙනස් වියයුතුයි.

      Delete
  25. අද ද රෙන නාලිකාව, කීපවිටක්, පුන පුනා, නාඳුනන තුවක්කු කරුවකු විසින් තබන ලද වෙඩිල්ලක් යන අදහස ඉදිරිපත් කරමින්, අමුතු භීෂණයක් ඇතිකිරීමේ නින්දිත උත්සාහයක යෙදුනි. //
    ඉතිං හත්තිලව්වේ අඳුනන තුවක්කුකරුවෙක් නම් වෙඩි තියයිද? හික්ස්....
    අපේ රටේ ජනමාධ්‍ය නැත. ඇත්තේ ජඩමාධ්‍ය වේ.
    මේ අපූරු ලිපිය මුද්‍රණය කරලා සියලු පොලිසි වලට ලබා දිය යුතුයි....

    ReplyDelete
    Replies
    1. හුටා........ඒකත් ඇත්ත තමා. අඳුනන තුවක්කු කාරයෙක් නම්, රාලහාමි අයියලා කොහෙද යන්නේ කියලා අහලා වෙඩි තියයි නේද?

      මුද්‍රණය කරලා තියා, මේ ලිපිය අමුවෙන් කැව්වත් වැඩක් නෑ, ධාරණය කරගන්නේ නැත්නම්.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }