හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

05 December 2016

කස්ත්‍රෝට පෙර කියුබාව සහ කස්ත්‍රෝට කැමති ඇමරිකාව

   කස්ත්‍රෝට පෙර කියුබාව කිව්වම නම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, කස්ත්‍රෝට කැමති ඇමරිකාව කිව්වම නම්, එතන මොකොක්දෝ පොඩි පටලැවිල්ලක් තියනවා වගේ නේද? හොඳයි කමක් නැහැ, අද වැඩිය ලියන්නේ නැහැ. කෙටි වාක්‍ය සමග, පින්තූර ගොඩක් පෙන්නන්නයි හදන්නේ. 

   පසුගිය දිනවල අභාවප්‍රාප්ත වූ, කියුබාවේ අසහාය නායක, ෆිදෙල් කස්ත්‍රෝ සම්බන්ධව, සිංහල බ්ලොග් ලිපි සෑහෙන ගණනක් ලියවුණා. ඒ ලිපිවලින්, අද පරපුරත්, කස්ත්‍රෝ ගැන බොහෝ තොරතුරු දැනගන්නට ඇති. කස්ත්‍රෝ විසින්, ඒකාධිපති, අධිරාජ්‍යවාදී ගැති, බැතිස්තා ගේ පාලනය, ජනතාවාදී විප්ලවයකින් පෙරලා දැමීමට පෙර, කියුබාව පැවතුනේ, තවත් ඇමරිකානු ප්‍රාන්තයක් ලෙසයි. ඒ තරමටම කියුබානු ජනජීවිතය ඇමරිකාවේ අදිසි හස්තයේ ග්‍රහණයට හසුව තිබුණා. කියුබන් විප්ලවය මෙතරම් සුවිශේෂී වන්නේ දරුණු පාලනයකට එරෙහිව කළ මහා විප්ලවයක් නිසයි. 

   පහත දැක්වෙන පින්තූර, 1920 දශකයේ සිට, 1950 දශකයේ අග භාගය දක්වා වූ කාලය තුළ ලබාගත් ඒවා. එම පින්තූර වලින් පැහැදිළිවනවා, විප්ලවයට පෙර කියුබානු සමාජයේ ධනපති පන්තිය, කොතරම් සුඛෝපභෝගී ජීවිත ගතකළාද යන්න. 

මේ තමයි, විප්ලවයට පෙර සිටි රාජ්‍ය නායකයා. ෆල්ගෙන්සියෝ බැටිස්ටා.




ඒ කාලයේ කියුබාව ඇමරිකා එක්සත් ජනපදයේ, තවත් එක් ප්‍රාන්තයක් වගේ තිබුණේ. 'පස්කම් සැප' විඳින්නට, මේ මිහිමත තිබුණු හොඳම ස්ථානයක් ලෙසයි, කියුබාව සැලකුණේ. 


වර්ෂය 1946:- එවකට කියුබාවේ සිටි ප්‍රකට නිරූපිකාවක සහ ගායිකාවක වූ, ඇලීන් ජොන්සන් ඩි මෙනොකල්  තම පෞද්ගලික කාර්‍ය මණ්ඩලය සමග සාදයක් සඳහා කටයුතු සූදානම් කරන ආකාරය.


ඇලීන් ජොන්සන්ගේ තවත් ඡායාරූප කීපයක්;




කියුබාවේ රාත්‍රී සමාජශාලා ජීවිතය 1937 - 1946 අතර කාලය.














එවකට කියුබාවේ පාලක බැටිස්ටා ගේ මාලිගය.



කියුබානු සමාජයේ සීමිත පිරිසක් මෙලෙස අධි සුඛෝපභෝගී ජීවිත ගතකරන අතර, සාමාන්‍ය කියුබානු සමාජය තිබුණේ කෙබඳු තත්ත්වයකද යන්න පහත දැක්වෙන ඡායාරූපයෙන් පිළිබිඹු වෙනවා. 

මෙහි දැක්වෙන්නේ, විශාල උක් වගාවන්හි, උක්ගස් කපන්නකු ලෙස ජීවිකාව ගෙනයන පුද්ගලයකුගේ නිවස සහ පවුලේ සාමාජිකයන්ගේ ස්වරූපයයි.


තරුණ කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ, ඇමරිකානුවන් අතර ජනප්‍රිය වූ බව තහවුරුවන ඡායාරූප පෙළක්, මීළඟට ඉදිරිපත් කරන්නේ.

1959 වර්ෂයේදී මහා කියුබානු විප්ලවය ජයග්‍රාහීව නිමකළ, එවකට 33 වියැති තරුණ නායක ෆිදෙල් කස්ත්‍රෝ, ඇමරිකා එක්සත් ජනපදය වෙත ගියේ, නිව්යෝක් නගරයේ පුවත්පත් කලාවේදීන්ගේ සංගමයෙන් ලද ඇරයුමක් අනුවයි. මෙම සංචාරයේදී පවත්වන ලද කථා වලදී සහ ප්‍රවෘත්ති සාකච්ඡා වලදී, තම දැඩි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තිය යම් තරමකට සීමා කරගැනීමට කස්ත්‍රෝ පියවර ගෙන තිබුණු බවත්, වාර්තා වෙනවා. 


උම්මා........එකක් ඇද්ද?


කාගෙත් දරුවෝ......

සාදයකට ඇරයුමක්. කොහොමද ඇරයුම්පතේ ප්‍රමාණය? 


කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සභාපතිනිය සමග සාදයක.

ජනතාවට ආචාර කරමින්.......






කස්ත්‍රෝ 'අලින්ට' කැමතිද? 





පේනවද වැඩේ. කස්ත්‍රෝත් කොටි බලන්න ගිහින්. ඒ මදිවට කොටින්ව හුරතල් කරලා. අපිනම් හිතුවේ නැහැ ඔහොම කරයි කියලා. 




නිව්යෝක් සතුන් වත්තේ, පුංචි කෝච්චි සවාරියක්.

කාලා බලමුකො ඇමරිකන් අයිස්ක්‍රීම්.........


හෑ.....ඒ මදිවට 'උණු බල්ලෙකුත්' කාලා.

එක්සත්ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී.


ඇමරිකාවේ වෙසෙන කියුබානුවන්ගෙන් කස්ත්‍රෝට විරෝධතා එල්ලවීම.


හවානා සුරුට්ටු දුම් වලාවක් තුළ සිට ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්......


පින්තූර සහ තොරතුරු උපුටා ගැනීම;

http://monovisions.com/high-life-in-havana-cuba/

http://mashable.com/2014/12/24/havana-before-castro-revolution/?utm_cid=lf-toc#EKFlfZ8kEkq8

2016 දෙසැම්බර් මස 05 වැනි දින 0751 පැය

46 comments :

  1. කස්ත්‍රෝ මුලදී ඇමරිකානු විරෝධියෙක් නොවන බව දැන සිටියත් මේ විස්තර දැනගත්තේ අදයි -
    ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා අධ්‍යක්ෂණය කළ 1974 හොඳම චිත්‍රපටය වූ ගෝඩ් ෆාදර් 2 හි කොටසක් පදනම් වන්නේ කියුබානු විප්ලවය ආසන්න වකවානුවේ හවානා නගරයයි- එහි එක් ජවනිකාවක ඇමරිකන් පාතාල ලෝකයේ ලොක්කන් පිරිසක් කියුබාවේ හැඩය ගත් උපන්දින කේක් ගෙඩියක් කපා අනුභව කරන අයුරු හා තවත් තැනක බැටිස්ටා ඇමරිකානු පාතාල නායකයන් හා විශාල සමාගම් හිමියන් සමඟ සාකච්ඡා කරනවා. මට මතක තවත් ජවනිකාවක හවානා හි රාත්‍රී සමාජ ශාලාවක ප්‍රසිද්ධ ලිංගික දර්ශනයකින් පෙන්වන්නේ එවක පැවති කියුබානු සමාජයේ ස්වභාවයයි.

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ කස්ත්‍රෝ හිතුවා ඇමරිකාව එක්ක තදින් හැප්පුනොත්, කියුබාවට යම් පිළිගැනීමක් ලැබෙයි කියා. නමුත් එහි අනික් පැත්තයි වුණේ. එමෙන්ම ඔහුගේ මේ ඇමරිකානු සංචාරය, හොඳ මූණ පෙන්වා, මිත්‍රකමක් ගොඩනගාගන්න කල උත්සාහයක් වියහැකියි.

      Delete
  2. අන්තීමට මොකෑ උනේ... අර හොඳට කාලා බීලා හිටපු පිරිසත් හිඟන්නෝ කරලා, ඌත් එක්කම එකට හිටපු උන් මරා දාලා හිරේ දාලා පවුලක් එක්ක එකතු වෙලා මිනීමරු කෲර වනචර ඒකාධිපති පාලනයක් අදටත් පවත්වා ගෙන යනවා. එකාධිපතිවාදයට සමාජ වදයද ප්‍රජාචන්ච්‍රවාදෙද කියලා නෑ.. පැසිස්ට් එකාධිපතියා, මොකා උනත් ඒකාධිපතියාමයි..

    ඔතනදි බලන්න ඕන බැප්ටිස්ටා හරි කැස්ත්‍රෝ හරි නෙමෙයි රටේ ආර්ථික තත්වය හා ජීවන තත්වය. බොහෝ දෙනෙක් අමතක කරන දේ තමයි බප්ටිස්ටාගෙ කාලේ කියුබාව ඉතාලිය හා සමාන සංවර්ධිත රටක් බව..

    ReplyDelete
    Replies
    1. මාඕ සේතුං නැතිවුණා, චීනයේ ගන්මග වෙනස්වුණා. ලෙනින් නැතිවුණා, රුසියාව එහෙමපිටින් වෙනස්වුණා. ඉදිරි අවුරුදු 10 ක පමණ කාලයේදී, කියුබාවත් සෑහෙන්න වෙනස්වෙයි කියලා මමත් හිතනවා.

      Delete
  3. ඇමෙරිකාව ඇතුළු ඕනම රටක ඔය සමාජ විෂමතාවය තියෙනවා. ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක පින්තූරයි, ව්‍යාපාරිකයෙකුගෙ එහෙම නැත්නම් දේශපාලකයෙකුගෙ (උදාහරණයකට ලංකාවේ චේ වන විමල් වීරවංශගේ) ගෙදර පින්තූර පාටි සංසන්දනය කලත් මේවගේම තමයි. පහල සමාජීවය් තලවල අය උඩට එන්න අධ්‍යාපනය වගේ මෙවලම් යොදාගන්න ඕන. ඒවගේ උඩට ආපු අනන්තවත් මිනිස්සු ලංකාවෙත් ඇමෙරිකාවෙත් ලෝකෙ කොහෙත් ඉන්නවා. අනික් ක්‍රමය නම් පෝසතුන් ගේ දේවල් පවරාගෙන හැමෝටම එක ලෙස බෙදා දීම. ඒක කරන්න පුළුවන් එකපාරයි. ඊටපස්සේ සමසමාජ පාලනයන් විසින් එහි පාලනය උසුලන අය හොරා කාලා විනාස කර දානවා. මේ ක්‍රම දෙකෙන් හොඳ කෝකද කියල තේරීම තමයි 1991 ට පෙර වුණේ. දුප්පත් අය නිරාහාරව නොයන වාසස්ථාන නැති නොවන එහෙත් ධෛර්‍යය ඇති අයට ඉහලට එන්න ඉඩ තියෙන ක්‍රම තමයි ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, යුරෝපය වගේ රටවල සාර්ථක වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සමාජ වදය කියන්නේ

      නිර්ධන පන්තිය නවලෝක මුදලාලිගේ තත්වයට ඔසවා තැබීම නොව,

      නවලෝක මුදලාලිද නැවත නිර්ධන පාන්තිකයෙක් කිරීමටයි...

      Delete
    2. +++++++++++++++++ mathe

      අද ඔය මුස්ලිම් විරෝධී අය දන්නෙ නැහැ කොලඹ තියෙන ගොඩක් වත්කම් ඒගොල්ලොන්ට ගියේ කොහොමද කියල. 1971 ට පෙර තිබූ සිංහල ඉඩම් හිමි ධනපති පන්තිය ජීවත් වුණේ වැවිලි කර්මාන්තයෙන්. කොලඹ ගෙවල් තිබ්බට ඒගොල්ලොන්ගෙ වතු ඇරුනම ඊට වඩා වත්කමක් තිබ්බේ නැහැ. වතු ජනසතුවත් එක්කල ඒ ගොල්ලො නැතිවුණා. අක්කර 50ක් නැත්නම් පවුලෙ 3 ක් හිටයන් අක්කර 150 කින් එන වගා අදායමෙන් ඒගොල්ලන්ගෙ ජීවන තත්ත්වය තියාගන්න බැරි නිසා ඒ ගොල්ලන්ගෙ කොළබ ගෙවල් වික්කා. ඊට පසුව ආව නිවාස සීමාකරණය. ඒකෙන් බොහොමයක් ගෙවල් රජයට ගියා. ඒකෙන් වුණේ සිංහල ධනපති පන්තිය විනාස වී යාම.

      Delete
    3. මීට සමගාමීව ඉන්දියාවේ සමාජවාදී ආණ්ඩු ඔවුන්ගේ ධනපති පංතිය රැක්කා. අද ඉන්න ටාටා ලා , රිලයන්ස් ලා ඒ ගොල්ලොගෙ දෙවන සහ තෙවන පරම්පරාව.

      Delete
    4. වතු ජනසතු කිරීමෙන් අපේ රටේ ආර්ථිකය කඩා වැටුනා මිසක් දියුණුවක් වුණේ නෑ. ජනවසම සහ රාජ්‍ය වැවිලි සංස්ථාව යන දෙකම මිනිස්සුන්ට (වැඩිපුර හෙන්චයියන්ට) රැකියා දෙන ආයතන බවට පත්වුනා. වතු වල තිබුනු ඉතා ඉහල මට්ටමේ වෘත්තීය පරිපාලනය බිඳ වැටුණා. වතු ආර්ථිකය පල්ලම් බැස්සා.

      දක්ෂයාට ඉහල නැගීමට තැනක් නොදෙනතුරු අපි හැමදාම වලේ.

      Delete
  4. මම ඊයේ රෑ හීනෙන් ඔය හවානා සුරුට්ටුවක් දැක්කනේ.. මේ දවස් ටිකේ කියුබාවයි, කස්ත්‍රෝ ගැනයි කියවපු හින්ද වෙන්න ඇති.. හෙහ් හෙහ් මම ජිවිතේට ඒ සුරුට්ටුවක් හැබැහින් දැකල නෑ.. හැබැයි කවද හරි බීල බලන්න ඕනේ කියල හිතන් ඉන්න එකක්.. හෙහ් හෙහ්..

    හවානා සුරුට්ටුවල තියෙන විශේෂත්වය මොකක් ද?

    ReplyDelete
    Replies
    1. බොල පැතුමෝ,

      හවානා සුරුට්ටු ඔතන්නෙ කියුබානු සෙන්යුරීටාලාගෙ ( Senorita, ස්පාඤ්ඤ භාෂාවෙන් යුවතිය හෝ තරුණිය ) කලවා උඩ තියාගෙන. ඒකයි එව්වගෙ විශේෂෙ...:)

      Delete
    2. @ පැතුම්.

      හවානා සුරුට්ටු වලට ඉතා ආසන්න තත්වයේ සුරුට්ටු, දැනට සෑහෙන කලකට ඉහතදී, හමුදාවේ නිලධාරි නිවස්නවල පැවැත්වෙන, විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහ වලින් අනතුරුව පිළිගැන්වෙන කොපි කෝප්පයට පසු, පිලිගැන්වුනා. මම එක වරක් හෝ දෙවරක්, දියතලාව හමුදා ඇකඩමියේදී ඒ සුරුට්ටු බීලා තියනවා. සෑම සුරුට්ටුවක්ම වෙන වෙනම ආරක්‍ෂිත ආවරණයක අසුරා, ඉන්පසු පෙට්ටියක අසුරා තියෙන්නේ. පත්තු කිරීමට පෙර අග්ගිස්සෙන් ස්වල්පයක් කතුරකින් කපන්න ඕනේ. (සුරුට්ටුවේ යකෝ සුරුට්ටුවේ) නැත්නම් පත්තුවෙන්නේ නැහැ. සුරුට්ටු කපන විශේෂ කටර් වර්ගයකුත් තිබුණා. මුවේ තබාගන්නා පැත්තට ප්ලාස්ටික් මවුත් පීස් එකක් ගහපු සුරුට්ටු වර්ගත් තිබුණා.

      @ රවී.

      කලව උඩ තියාගෙන නලව නලව වෙන්න ඇති හදන්නේ. අනේ අනේ නන්නානේ. මෙන්න තියනවා හවානා සුරුට්ටු හදන හැටි පෙන්වන වීඩියෝ දෙකක්. විශේෂත්වය තමයි මේවා යන්ත්‍ර සූත්‍ර පාවිච්චි නොකර අතින් හැදීම.

      https://www.youtube.com/watch?v=Pa3qQ0_Pj1E

      https://www.youtube.com/watch?v=ckqzMgWGzaY

      Delete
    3. ඔය සුරුට්ටු සෙල්ලමත් මරු වැඩක්. කාලෙකින් සුරුට්ටුවක් කැපුවෙ නැහැ. දැන් මතකය අඩුයි. මතක ටිකක් කියන්නම්. සුරුට්ටුව කටේ තියන පැත්තට කියන්නේ head කියලා.පත්තු කරන පැත්ත foot . හෙඩ් එක කොනේම එක තැනක් තියෙනවා අතින් ගලවලා අයින් කරන්න පුලුවන්. එතකොට කටර් එකක් ඕන නැහැ. එතනට කියන්නේ shoulder කියලා. කටර්ස් වර්ගත් ගොඩක් තියෙනවා. කපන විදිත් එහෙමයි. ස්ට්‍රේට් කට්, වී කට්, පන්චින්ග් වගේ. හොඳ සුරුට්ටු වලට තමයි ඔය ඔක්කොම සෙල්ලම්.

      සුරුට්ටුව පත්තු කිරීමත් පලපුරුද්දෙන් කරන වැඩක්. හරි සමබරව පිච්චිගෙන යන්න ඕන. නැත්නම් ටේස්ට් එක චොර වෙනවා. ඔය ඉගෙනගත් දේවල් දැන් මතක නැහැ.

      Delete
    4. අද හෙටම එකක් බීලා බලන්න ඕනේ.. ජිවිතේට සිගරට් බීල නැති මට හවානා සුරුට්ටුවකින් වැඩේ පටන් ගන්න පුළුවන් වගේ.. හෙහ් හෙහ්

      අපේ ගෙවල් පැත්තේ හිටියා පොඩි මහත්තයා කියල වයසක අංකල් කෙනෙක්. එයා බොන්නෙම සුරුට්ටු. ටිකක් දිග කළු සුරුට්ටු ජාතියක්.. මම සිගරට් වලින් එන ගඳට වඩා සුරුට්ටු ගඳට කැමතියි..

      මට මතක් වුනේ දැන් ඔය අරක්කු සිගරට් බීමෙන් මේ කියන තරම් ලෙඩ ජාති හැදෙනවානම් .. කස්ත්‍රෝ වගේ ඩයල් මෙච්චර කාලයක් ජිවත් වෙලා තියෙන්නේ කොහොමද කියල හෙහ් හෙහ්..

      රවී අයියේ , කියුබන් කෙල්ලන්ගේ කකුල් වලද දන්නේ නෑ රහස තියෙන්නේ නේද? හෙහ් හෙහ්

      විචා සහ අරූ, බොහොම ස්තුතියි විස්තර වලට. සුරුට්ටු කියන්නේ සංකීර්ණ ජාතියක් නේ.. හෙහ් හෙහ්

      Delete
    5. /////සුරුට්ටු කියන්නේ සංකීර්ණ ජාතියක් නේ.. හෙහ් හෙහ්///////
      ඔව් පැතුම්......වටේම එක ගානට පිච්චෙන්න ඕන. අපේ ජීවිත වගේ. නැත්නම් ටේස්ට් එක චොර වෙනවා :D

      කියුබන් කෙල්ලොත් හවානා සුරුට්ටු වගේලු. රස ,සුවඳ සහ ආශ්වාදය.... මගේ යාළුවෙක් කිව්වේ, මම දන්නේ නැහැ. මං ඕවට නැහැ.....ඕවට මං නැහැ.

      Delete
    6. සදු ඔලුව පලනවා නැත්නම් මමත් හවානා සුරුටුවක් රස විදිනවා (
      කියුබන් කෙල්ලොත් හවානා සුරුට්ටු වගේලු.)

      Delete
  5. කස්ත්‍රෝ ගැන පසුගිය දවස්වල ලිපි කිහිපයක්ම කියවන්න ලැබුණා.එත් මෙවැනි පින්තුර එකතුවක් දුටුවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මටත් අහම්බෙන් දකින්න ලැබුනේ. ඒ නිසයි තවත් අයට පෙන්වන්න හිතුනේ.

      Delete
  6. දූපත් මාන්සිකත්වය....!

    ReplyDelete
    Replies
    1. දූපත් රජකමේ අවසානය.

      Delete
  7. විචාගෙ ලිපිය කියවගෙන පහල එද්දි මම ලියන්ට ඕන කියල හිතාගත්තු ප්‍රතිචාරය ඉයන් එහෙම පිටින්ම ලියලා.ඒ හින්දා ඉයන්ගෙ ප්‍රතිචාරය අනුමත කිරීමෙන් පමණක් සෑහීමට පත්වෙමි.

    විචා ඔබ මෙවන් ඡායාරූප පලකොට කස්ත්‍රෝ මහා මානව හිතවාදියෙකු ලෙස උලුප්පා දැක්වීමට අපේක්ෂා කරන්නේ නම් එය ඉතා අසාර්ථක උත්සාහක් බව මගේ අදහස බවද ඒ සමඟම පවසමි.

    ඉයන් කිව්වා වගේ අටසිය අනූවෙ විතර එංගලන්තෙ ඔටුන්න හිමි ඇල්ෆ්‍රඩ් කුමාරයා ලංකාවට ආපු වෙලාවෙ චාල්ස් හෙන්රි ද සොයිසා පවත්තපු සුප්‍රසිද්ධ රාත්‍රි භෝජන සංග්‍රහයෙ ඡායාරූපත් එක්ක මැදවච්චිය දිහාවෙ ගොවියෙක් ගෙ කටුමැටි ගෙදරක ඡායාරූපයක් දාල මෙන්න ඒ කාලෙ ලංකාවෙ ඇති නැති පරතරයට උදාහරණ කියල ලිව්ව වගෙ වැඩක් මේක...:)

    ReplyDelete
    Replies
    1. රවී, මම කිසිසේත් මේ ලිපියෙන් අදහස් කරන්නේ නැහැ කස්ත්‍රෝ වීරයකු කරන්න. මා කලේ අන්තර්ජාලයේ මා දුටු ඡායාරූප වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණයි. ලෙනින්, මාඕ සේතුං, වැනි සියලුදෙනාගේ කොමියුනිස්ට් පාලනය, ඔවුන්ගේ අභාවය සිදුවීමෙන් අනතුරුව වියැකී ගියා. කියුබාවට වෙන්නෙත් ඒ ටිකමයි. කස්ත්‍රෝ එක්තරා ආකාරයක ඒකාධිපතියෙක්. මෙන්න මේ ලිපිවල තියනවා ඒ ගැන විස්තර.

      https://www.theguardian.com/world/2016/nov/27/fidel-castro-dictator-legacy-abuses

      http://www.aljazeera.com/news/americas/2016/11/cuba-leader-fidel-castro-dead-90-161126053354637.html

      අදත් කියුබාවේ දුප්පත්කම තුරන්වී නැහැ.

      Delete
  8. කස්ත්‍රෝ හොඳ නරක මික්ස් එකක්. බැටිස්ටා පරාජය කිරීම හොඳයි. නමුත් ඊට පස්සෙ කලයුතු දේ කලාද කියන අවුලයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. 2013 වනතුරු කියුබානු මිනිස්සුන්ට නිදහසේ රටින් පිට යන්න අවසර ලැබුනේ නැහැ. එයින්ම පෙනෙනවා සැබෑ තත්වය.

      Delete
  9. ඔව් පසුකාලීනව වීරයා මැරිලා

    ReplyDelete
    Replies
    1. වීරයකු ද යන්න ගැනත් ගැටළු තිබෙනවා.

      Delete
  10. අමුතු රසවත් තොරතුරු රැගෙන ආ පෙරලිකාර ලිපියක් විචාරකතුමා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා.

      Delete
  11. ෆිඩෙල් කැස්ත්‍රෝ පිලිබඳ මට හැඟුන දේ මගේ චිත්‍රයයි. මම ඒ චිත්‍රය ඒ විදිහටම රස විඳියි තව කාලයක්. හොඳ නරක පස්සේ කාලෙකදි එලියට එයි.

    මේ පින්තූර ටික නම් මරු විචා.

    ReplyDelete
    Replies
    1. කුමන පුද්ගලයා තුළ වුවද හොඳ නරක සම්මිශ්‍රණයක් තියනවනේ. ෆිදෙල් කස්ත්‍රෝට කියා එහි වෙනසක් නැහැ. මට මෙහෙම හිතෙනවා. අවුරුදු 25 ක විතර දැඩි පාලනයක් යටතේ මිනිසුන්ගේ විනය හදලා, ඉන්පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ කියුබාව ප්‍රජාතන්ත්රවාදී ක්‍රමයකට ගියානම්, අදට වඩා වැඩි දියුණුවකට, මේ රට පත්වෙන්න හොඳටම ඉඩ තිබුණා.

      Delete
  12. Replies
    1. In my view the best gangster movie - yes i remember the part about Cuba https://wicharaka.blogspot.com/2016/12/blog-post.html?showComment=1480909974037#c2562814321945788883

      Delete
    2. මා එම චිත්‍රපටිය නරඹා නැත.

      Delete
  13. wicharaka thumani obage lipi ithamath harawath, a vagema Field Marshal Douglas Macarthur genath lipiyak liayanavanam godak kemathi

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගීතිකා. මොකද ෆීල්ඩ් මාර්ෂල් මැක්ආතර් ගැන කරුණු ඉදිරිපත් කිරීමක් (presentation) කරන්නවත් තියනවද?

      Delete
    2. presentation ekakata nam neme . eth a vage charitha gena document ekak hadanava.

      Delete
  14. මේ යකා මරුන එකමයි හොද ( 'පස්කම් සැප' විඳින්නට, මේ මිහිමත තිබුණු හොඳම ස්ථානයක් ලෙසයි, කියුබාව සැලකුණේ.)
    අරුණ අයියන්ඩි කියනවා වගේ හවානා සුරුට්ටුවක රස විදින්න තිබුනානම්
    හවානා සුරුට්ටු = කියුබන් කෙල්ලො

    ReplyDelete
    Replies
    1. මගේ හමුදා යාලුවෙක් ඉන්නවා වරක් කියුබාවට ගිය. හම්මෝ එයා කියුබානු තරුණියන් ගැන කියන කථා හරිම භයානකයි.

      හවානා සුරුට්ටු e bay එකෙන් ගන්න පුළුවන් ඇති.

      Delete
    2. හවානා සුරුට්ටු e bay එකෙන් ගන්න පුළුවන් ඇති//
      හවානා සුරුට්ටු = කියුබන් කෙල්ලො
      මම කිව්වේ මේ වර්ගයේ සුරුට්ටුවක් ගැන
      මොකද කියන්නේ අපි දෙන්න එකතුවෙලා ඔඩර් කරමුද?
      මම ඉස්සර වෙලා බිලා දෙන්නද අංකල් ඉස්සර වෙලා බිලා දෙනවද ?
      ගෙදර ලිපිනයනම් දෙන්න එපා ..

      Delete
  15. ම‍ෙ ගැන විස්තර දැනගත්ත‍ෙ අද.සර්ට බොහොම ස්තුති..මේවගේ ලිපි තවත් ලියන්න ශක්තිය ලැබේවා....

    ReplyDelete
  16. ලැබෙන ප්‍රතිචාරවල හැටියට හවානා සුරුට්ටු වලට හොද ප්‍රතිචාරයක් තියෙනවා :). මොනිකා ලෙවෙන්ස්කි ටත් අරයා දුන්නේ හවානා සුරුට්ටුවක්ද දන්නේ නෑ :)

    ReplyDelete
  17. කියුබානු විප්ලවය: කියුබාව කිසිඳු හැඩයක් නැති තැනිතලාවක්ව තිබුන හැටි,ඉවුරු පුපුරා රතු ගංගා ගලා ගිය හැටි, රතු හමුදා කියුබාවට පහර දීපු හැටි..යස අපූරු කතාවක් කියවලා තිබුනා පාසල් කාලෙදි...

    විජේවීර හිතුවේ ඒ ගොල්ලොත් කැස්ත්‍රෝ වගේ සාර්තක වෙයි කියලා, ඒත් එහෙම වුනේ නෑ...

    ක්‍රැස්තෝ වීරයෙක්ද කියන එක ගැන ඉතින් අනිත් හැම වීරයෙක් ගැන වගේම සාපේක්ෂ විවාද තියනවා.... කැප්පෙටිපොලලත් මෙච්චර කල් ද්‍රෝහියන්ගේ ලිස්ට් එකේ හිටියේ කියලා මම ඊයේ තමා දැන ගත්තේ...

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }