හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 December 2016

පස්මහ බැළුම්




නෑ නෑ ඒ පස්මහ බැළුම් නෙවෙයි, මේ මගේ පස්මහ බැළුම්. වැඩේ කියන්නේ, ඊයේ තමයි මේ ලිපිය ලියන්න ඕනේ. නමුත්, අද රෑට රෑ වෙලා තමයි මතක්වුණේ. මොනවා කරන්නද, මතක්වෙච්ච වෙලාවේදි වත් ලියන්න එපායැ. ඈ.........? මොකක් ගැනද ලියන්නේ කියලද ඇහුවේ. අනේ වෙන මොකක් ගැන ලියන්නද පින්වතුනි, මේ මගේම බ්ලොග ගැන ලියනවා ඇර. 

හප්පොච්චියෙ සෙල්ලන්ද කොල්ලො කිව්වලු. මේ දෙසැම්බර පහළොස්වැනිදාට, මේ බ්ලොග් කෙරුවාව පටන් අරන්, අවුරුදු පහක් වෙනවා ඔන්න. මට මතක්වෙන්නේ, මම පළමුවැනි පියවර තැබූ ආකාරයයි. හිතේ කිසිම විස්වාසයක් තිබුණේ නැහැ වැඩේ හරියයි කියලා. ටික දවසක් ලිපි එක දෙක ලියවෙනකොට තමයි, තමුන්නාන්සේලාගේ 'පෙතිචාර' ලැබුණේ. එයින් ලද අහවල් දහිරියෙන් තමා, අද වනතුරු ලියන්නේ. 

මේ අවුරුදු පහ ඇතුළත ලද, සතුටුදායක, කණගාටුදායක සහ අප්‍රසන්න අත්දැකීම් බොහොමයි. සතුටුදායක වන්නේ හොඳ ප්‍රතිචාර ලැබීම සහ සම්මාන වලින් ද පිදුම් ලැබීමට වාසනාවන්ත වීමයි. කණගාටුදායක වන්නේ, සමහර බ්ලොග් සහෘදයන්, බ්ලොග් ලිවීම මෙන්ම කියවීමද අතහැර දමා ඇති නිසයි.  අප්‍රසන්න වන්නේ අමන පුද්ගලයන්, රිසි සේ බ්ලොග් ලෝකය පුරා තම දූෂිත සිත්වලින්, බ්ලොග් කමෙන්ට් වසුරු හෙලීමයි. තවත් සමහරු නිර්ලජ්ජිතව මගේ ලිපි සොරකම් කොට තමන්ගේ මෙන් පළකිරීමයි. 

මගේ බ්ලොග් ලිපිවල ලියන යුද තොරතුරු සඳහා කමෙන්ට් වලදී  පින්තූර සහ වීඩියෝ යෙදීමට අවශ්‍ය වෙනවා. නමුත් ඉතා මෑතකදී, ගූගල් සමාගම, එම පහසුකම අත්හිටුවීම මටනම් බලවත් පාඩුවක්. මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේදී නම් ඒ හිරිහැරය නැහැ. 

ලියන්නට දේ දහස් ගණනක්, මා මනසේද, මගේ පුස්තකාලයේද, තිබුණත්, එකවර කෙටුම්පත් කීපයක වැඩ කලත්, සමහර වෙලාවට කම්මැලිකමක් දැනෙනවා ලියන්න. ඒ රෝගය කාලෙන් කාලෙට බ්ලොග් ලියන්නන්ට වැළඳෙන රෝගයක් වෙන්න ඇති. 

ඉතා දීර්ඝ විස්තර රාශියක් සිතට ආවත්, ඒ සියල්ල යටපත් කරගෙන, මෙතෙකින් නවතින්නේ, 'සිතේ සවිය සහ ගතේ සවිය තිබෙනතුරු, ඔබ වෙනුවෙන් ලියමි' යන සිතුවිල්ල පෙරදැරි කරගෙනයි. 

2016 දෙසැම්බර් මස 16 දින 0020 පැය.

100 comments :

  1. ජයවේවා පහට..!!!
    හෙඩිම දැක්කම මමනං හිතුවේ විචා බැලුම් පුම්බලාය කියල පහක්ම රෑට රෑ උනාම....:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චෙෆාකි.

      දාන්නම බැලුන් පුම්බන්න තියා කණට පිඹින්නවත් ලැබෙන්නේ නැහැ. :D

      Delete
  2. පස්වන වසරට පියනගන https://wicharaka.blogspot.com ට ජයවේවා! මේ කාලය තුළ බෙදා හැරි ඥාන සම්භාරය වෙනුවෙන් තුති කුසුම්

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ කමෙන්ට් එක ආශිර්වාදයක් කොට සලකනවා. බොහොම ස්තුතියි.

      Delete
  3. සුබ පැතුම් විචාරකතුමා 😊😊😊😊😊

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉසුරු.

      Delete
  4. පහක් සම්පූර්ණ කිරීමට සුබපැතුම්!

    //ලියන්නට දේ දහස් ගණනක්, මා මනසේද, මගේ පුස්තකාලයේද, තිබුණත්, එකවර කෙටුම්පත් කීපයක වැඩ කලත්, සමහර වෙලාවට කම්මැලිකමක් දැනෙනවා ලියන්න. ඒ රෝගය කාලෙන් කාලෙට බ්ලොග් ලියන්නන්ට වැළඳෙන රෝගයක් වෙන්න ඇති.//

    Writer's block එකක් වගේ තේරෙනවානම් එය මඟ හැර ගැනීමට විසඳුම්.

    http://io9.gizmodo.com/5844988/the-10-types-of-writers-block-and-how-to-overcome-them

    ReplyDelete
    Replies
    1. අපේ සිංහල බ්ලොග් කොච්චර හොඳඳ කියා හිතෙනවා ඒ වගේ දේ කියවන්න ගියාම.

      ඇඩ්වර්ටීස්මන්ට්, අනවශ්‍ය පින්තංර පිරිලා. අජූවයි.

      මං මාතෘකා දහය විතරක් කියවලා ආපහු ආවා!

      Delete
    2. @ ඉකොනොමැට්ටා

      බොහොම ස්තුතියි ඔබේ සුබපැතුමට. ඔබ දුන්න ලින්ක් එක දිගේ ගිහින් ගොඩක් දේවල් කියෙව්වා. ඇත්තෙන්ම ගතයුතු යමක් තිබෙනවා. ස්තුතියි ඒ ලින්ක් එක දුන්නට.

      Delete
  5. සිතේ සවිය ද ගතේ සවිය ද චිරාත් කාලයක් පවතීවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි!

    ReplyDelete
    Replies
    1. හදවතින්ම කල සුබ ප්‍රාර්ථනයට ඔබට බොහොම ස්තුතියි.

      Delete
  6. විචා සර්ගෙ පහට ජයවේවා....ජයබෝල නාත් ජයමා කාලී....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉරේෂ්. ඔය ලියලා තියෙන්නේ හින්දිද?

      Delete
    2. ආ..ඔව් මෙ අර shiwanya...drama එකෙ ප්‍රසිද්ධ වදනක් සර්...කොල්ලෝ නිතරම කියවන්නේ .....

      Delete
  7. ලෙහෙසි පහසු කාලයක්ද අවුරුද පහක් කියන්නේ. එදා දැක්ක එකටත් ගොඩක් සතුටුයි. හමුදාවේ හිටිය කෙනෙක් හැටියට බැරෑරුම් තද මුහුණක් දකින්න හිටියත් සිනාවෙන් පිරුණු කරුණාවන්ත මුහුණක් දැක්කේ. අවුරුදු පහට් උණුසුම් සුභ පැතුම්. දහයේදී ලොකු පාටියක් දාමු.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අජිත් මටත් වෙලාවකට පුදුම හිතෙනවා මම අවුරුදු පහක් ලිව්වද කියලා.

      ඔබේ සුබපැතුමට බොහොම ස්තුතියි. එය මා දිරිගන්වන සුබ පැතුමක්.

      Delete
  8. විචාරක මහතා,

    සෑමවිටම හරවත් .... රසවත් යමක් අප වෙත ගෙන එන ඔබට හද පිරි ස්තුතිය සමග වසර පහක් පිරීම වෙනුවෙන්; පිළිගන්න මගේ උණුසුම් සුභ පැතුම් !!!!!.

    ඔබට ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි 'නිර්නාමිකයාණනි' ඔබටත් ජයවේවා!

      Delete
  9. Replies
    1. බොහොම ස්තුතියි සූටික්කෝ.

      Delete
  10. https://wicharaka.blogspot.com/2015/02/blog-post_17.html
    පාර්ටි කතා තමයි මම උබගේ කැමතිම ලිපිය ...
    උබට ජය ශ්‍රි මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් තව කාලයක් ලියන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඇත්තටම සමහර පොස්ට් ලියනවා නෙවෙයි ලියවෙනවා.

      බොහොම ස්තුතියි මෙන්ඩෝ. ඉක්මණින් හමුවෙමු දවසක.

      Delete

  11. මොටාර්, කාලතුවක්කු, තුවක්කු, රයිෆල්, පිස්තෝල, ගල්කටස්,කඩු, කිරිංචි, මන්න, නකල්ඩස්ටර්, මඩුවලිග,ඩප්පි, මාමයිට්කුප්පි වලින් අපිව සන්නද්ධ කරන්නට විචරකතුමාට තවත් දහයක් නොව තවත් බොහෝ කාලයක් බ්ලොග් ලියන්නට ආයුබෝ වේවා.

    ReplyDelete
    Replies
    1. අම්මපා තව මොනවද ඉතුරුවෙලා තියෙන්නේ? එව්වත් මතක්වුනාම ලියන්නම්.

      අනේක වාරයක් ස්තුතියි ඔබේ සුබ පැතුමට.

      Delete
  12. සුබපැතුම් විචාරක.
    තවත් චිරාත් කාලයක් ඔබගේ හරවත්, වැදගත්, රසවත් සටහන්වලින් සිංහල බ්ලොග් ලෝකය පෝෂණය කරන්නට ලැබේවා ! අැත්තටම වසර 5ක් ලිවීම කියන්නේ අභියෝගයක්.
    මම නම් බ්ලොග් ලෝකයට අැවිත් තවම මාස කිහිපයයි. මම හිතාගෙන ඉන්නේ මේ දෙසැම්බරයෙන් පසු බ්ලොග් ලිවීමෙන් කාලයක් අෑත් වී ඉන්න.

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියන්න තියෙන්නේ බ්ලොග් ලිවීමෙන් ඈත්වෙන්න එපා. මාසයකට එකක් හෝ ලියන්න. ඉඩ ලබෙනවිට, ලියන්නට දේවල් වලින් හිත පිරෙනකොට, නොකඩවා ලියන්න.

      ඔබේ සුබ පැතුමට බොහොම ස්තුතියි.

      Delete
  13. ජයෙන් ජය විචා......!!!!!

    ඔහොම යං......

    ReplyDelete
  14. සුබපැතුම් විචා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්.

      Delete
  15. සුබ පැතුම්. තව තවත් හරවත් ලිපි ලිවීමට ශක්තිය ලැබේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. මීටපෙර මේ පැත්තේ ආව බවක් නම් මතක නැහැ.

      Delete
  16. suba pethum obata. idiriyatath liyanna wicharaka thumani

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගීතිකා.

      Delete
  17. සුභ පැතුම් !!! තවත් දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි තරිඳු

      Delete
  18. මගෙත් උණුසුම් සුබ පැතුම්. චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලීප

      Delete
  19. බ්ලොගේ පහ කරා නේද :D

    විචාට නිදහසේ සිතන්න සහ ලියන්න ධෛර්යය සහ ශක්තිය ලැබේවා!!!! නිදුක්...නිරෝගි ජීවිතයක් පතමි.

    ReplyDelete
    Replies
    1. පහකරපුවා ඒදං සොඤ්ඤං සුවාමිනී.

      ස්තුතියි අරු. උඹේ සුබපැතුම මට ආශිර්වාදයක්.

      Delete
  20. සුබ පැතුම් පහට! ඔන්න ඔහේ ලියාගෙන යන්නයි තියෙන්නේ වැඩි දුර හිතන්නේ නැතිව..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුම්.

      ඔව් මමත් හිතාගන්නේ බොහොම සරලව සහ සැහැල්ලුවෙන් ලියන්න.

      Delete
  21. සුබ පැතුම්!.....ඔබට දීර්ඝායුෂ සහ නිරෝගී සුවය පතමි..

    ReplyDelete
    Replies
    1. ඔබට අනේක වාරයක් ස්තුතියි.

      Delete
  22. සුභ පැතුම් විචාතුමෝ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මයි ඩියර් ඇණ තුමෝ.

      Delete
  23. පස්වෙනි අවුරුදු බ්ලොග් කෙරුවාවට,සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, වෙලාවකට ඉතින් කම්මලක වැඩ කරනවා වගේ තමයි. එච්චරට මහන්සියි.

      ස්තුතියි සුබපැතුමට.

      Delete
  24. අපේ විචී පුතීට ජියින් ජීම වීවා...

    ReplyDelete
    Replies
    1. වීවා තියා නැට්ටෙමෝල් වත් නැතුව ඉන්නේ.

      බොහොම ස්තුතියි.

      Delete
  25. සුභ පතුම් විචා... ලියන්න පුළුවන් තාක් ලියන කෙයඉ තියෙන්නේ.. එක එක කාළකන්නින්ගේ මූසල වැඩ වලින් කළකිරෙන්නේ නැතිව...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතේ. උඹේ අවවාදය ඉස්මුදුනින් පිලිගන්නවා.

      Delete
  26. mata mathak una eeye ra 5k neda kiyalaa. hariyatama mathakayak thibbeth na nikan laawat laawata wage thibbe. menna bole mama hari.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක කියවලා මට පුදුම හිතුනා හරී, ඔයාට කොහොමද මතක තිබුණේ කියලා.

      බොහොම ස්තුතියි. උදාවන නත්තල ජයෙන් ජයවේවා! ජේසු පිහිටයි!!

      Delete
    2. මට මතක තිබුනේ දෙසැම්බර් 6 හෝ 16 කියලයි. මගේ බ්ලොග් එකට 6ක් වෙනවා ගිය සැප්තැම්බරයට. මට මතකයි විචාරක මහත්තයා බ්ලොග පටන් ගත්තෙ ඊට අවුරුද්දකට පස්සෙ දෙසැම්බරයේ කියලා.

      Delete
  27. සතු හැකියාව බ්ලොග අතරේ විහිදුවමින්
    ගෙතු ලිපි අපේ දැනුමට උපකාර වෙමින්
    පැතු ලෙස පහෙන් ඉදිරියටම යනු කියමින්
    ඇතුගල්පුරේ දුමියත් සුභ පතමි මෙයින්......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී. ඔබේ කවි සුබපැතුම, මට කළ ආශිර්වාදයක් ලෙස පිලිගන්නවා.

      Delete
  28. සුභ උපන්දිනයක් වේවා..!!
    ඔබලා මාවත හෙලි පෙහෙලි කළ නිසා අපි සිරි නරඹමින් ඒ මාවතේ පිය නඟනවා.
    තව තවත් මනහර ලිපි සමඟින් බ්ලොග් එක ලියන්න සුවෙන් සතුටින් චිර ජීවන ලබත්වා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලබ්ස්. ඔබේ දිරිගැන්වීම මගේ ඉදිරිගමනට අත්වැලක්.

      Delete
  29. හුටා... ඔය කිව්වමයි මතක් වුනේ අර කරකුට්ටං වෙන්න වේලිලා තියන මගේ බ්ලොග් කඩමාල්ලටත් මේ තුන්වෙනිදට අවුරුදු පහක් කියලා...

    සුබ පැතුම් විචා.. නිරෝගීකම සහ දීර්ගායුෂ පතනවා, මේ කෙරුවාව තව බොහෝ කාලයක් කරගෙන යාමට..

    ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. මොනවා........ඒකත් එහෙමද. එහෙනං ඉතිං,

      අනේ ඉතිං අපි දෙන්නට - මේ බ්ලොග් දෙකෙහිම සරණයි.

      බොහොම ස්තුතියි සෙන්නා. හැමදාම වගේ ඉල්ලන්නේ නැවතත් ලියන්න කියලයි.

      Delete
  30. ජයවේවා.. හුරේ.. පාටියක් දාමු.. හැබැයි රෑ දොලහෙන් පස්සේ.. මේ ටිකේ ඉස්ම යන්න වැඩ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුබපැතුමට.

      මට උඹට කෝල් එකක් දෙන්නත් ඕනෙකමක් තියනවා. හෙට අනිද්දා දෙන්නම්.

      Delete
  31. වසර පහක් පුරා
    බෙදාගත්තාට
    තුති විචා!

    ReplyDelete
  32. උබ පහෙන් පස්සේ මේවට උත්තර දෙන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. දෙන්නං දෙන්නං, මේ සති අන්තය බොහොම කාර්‍ය බහුලයි.

      Delete
  33. සත්හට සෙත්දෙන ලෝක ශිවාකර
    භගවා පතනුන් ගෙන් සරණා...
    පත්මේ නුරුන් වන විශ්ණු කතරගම
    සමන් විභීෂණ දෙව් සරණා....
    යෙහෙන් පතන්නෙමි වෙසෙනු චිරාකල්
    සව් සැපතින් පතනා ලෙසිනා...
    පත්වන දුක් හැම දුරහැර ලෝ සැප
    අත්වේවා ඔබහට යෙහෙනා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පූසෝ. වෙනස් ආකාරයේ හරිම අර්ථවත් සුබපැතුමක්. ඔබට අනේක වාරයක් ස්තුතියි.

      Delete
  34. අවුරුදු පහක්! ඉදිරි කාලයට සුභ පැතුම්
    ඔබ තුමාගේ ලිපි වල වෙනස් දෙයක් තියෙන නිසා කමෙන්ට් නොදැම්මත් කියවනවා.
    ඉදිරියටත් හොඳ ලිපි කියවන්න අපිට වාසනාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. කෙමෙන්ට් එකක් තමයි එයාලගේ සතුට ...ඒක නිසා පොඩි හරි කෙමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා

      Delete
    2. @ නයනේ - සිතුවිළි

      බොහොම ස්තුතියි ඔබේ සුබපැතුමට. මා දන්නවා නිතර කමෙන්ට් නොදැම්මත්, මගේ ලිපි කියවන සෑහෙන පිරිසක් ඉන්න බව.

      මෙන්ඩා කියනවා වගේ ලිපිය කියෙව්වා කියා හෝ කමෙන්ට් එකක් දානවානම් එය මහත් දිරිගැන්වීමක්.

      Delete
  35. Replies
    1. මගේ ගෙවිච්ච සපත්තු දෙකක් තියනවා අඩි ගහගන්න. එහෙනම් ගහමු.

      Delete
  36. ගහමු ගහමු...බයිට් මන් ගානේ .....

    ReplyDelete
    Replies
    1. ටීපෝ එකයි පුටුයි මං ගානෙ. නැත්තං උඹල බිම ඉඳගෙන බීල සමස්ථ බ්ලොග් ලෝකයටම කැළලක් එක් කරයි. හැක්..

      Delete
    2. සර්වියට්ස්, බීම වීදුරු, පොල්කටු සංගීතය මගේ ගානේ.

      Delete
    3. ගසලා ඉවර වෙනකොට...පුටු හොයන්නත් බැරිවෙයි....

      Delete
  37. හැමදාමත් හරවත් යමක් දුන්නු බ්ලොග් එකක්... ජයවේවා විචාරකතුමා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩිල්ශාන්.

      Delete
  38. සුබ පහක් විචා. දිගටම ලියන්න ශක්තිය ලැබේවා.

    බ්ලොග් වල මළපහ කරන එවුවංගෙ අහවල් එකේ කාලතුවක්කු උණ්ඩයක් ගහල කටට AK47 එකෙන් උණ්ඩයක් දෙමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න.

      හප්පොච්චියෙ සයිබර් අපරාධ කළා කියලා මාව අල්ලාගෙන යයි. ඊට ලේසියි පුකට පොරොප්ප ගහලා අරළු බොන්න දෙමු.

      Delete
  39. පහට සුබපැතුම් විචා. තව තවත් දේවල් ලියන්න හැකියාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපෙ ඔබේ සුබපැතුමට.

      Delete
  40. අවුරුදු පහට සුබ පැතුම්...!
    මේ අවුරුදු පහට සිංහල බ්ලොග් වල ඔබ හොඳ අනන්‍යතාවක් ගොඩ නගාගෙන තිබෙනවා.ඉදිරියටත් ලියන්නයි තියෙන්නේ දිගටම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ්. ඉදිරියටත් ලියන්නම්.

      Delete
  41. ඔබේ ලිපි හුඟක මං කියවන්න හා කමෙන්ට් කරන්න කැමතිම දේවල් තිබුනා.
    ස්තුතියි.
    සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඒ වගේමයි ඔබේ කමෙන්ට්වල තියනවා, වෙනත් බොහෝ අය නොදකින පැත්තක්.

      ඔබටත් බෙහෙවින්ම ස්තුතියි.

      Delete
  42. පහට ඔන්න මගෙනුත් පහක්! ජයෙන් ජයම වේවා!! චිරාත් කාලයක් ලියන්ට ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ සුබපැතුම මට හුඟක් වටිනවා. බොහොම ස්තුතියි.

      Delete
  43. අවුරුදු පහක් ලිව්වයි කියන්නේ සෙල්ලන්ද කොල්ලෝ.
    තැන්කිව් වෙනවා අපි නොදන්නා දේ රිසර්ච් ඔක්කොම කොරල කොම්ප්ලිට් එකට දෙනවට.
    (මට මේ දෙවැනි පොස්ට් එක ලියා ගන්ඩ බැරුව ලතවෙනවා.)

    විචා සෑර් ඔබටත් බ්ලොගයටත් හැට්ටර්ගේ සහ විට්ටර්ගේ උණුසුම් සුබ පැතුම්!
    සැලුට් කරා, මෙන්න අපි ගියා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැට්ටරේ මේ පැත්තේ ඇවිත් මාව දිරිමත් කලාට. ඉදිරියටත් හැකි පමණින් ලියන්න හිතෙන්නේ මේ වගේ කමෙන්ට්ස් දැක්කමයි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }