හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 December 2016

කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි

   කාලෝ ෆොන්සේකා මහතා, අපේ රටේ බිහිවූ විද්වතුන් අතර, එක්තරා ආකාරයක විප්ලවීය චරිතයක් බව, ඔබ හොඳින්ම දන්නවා ඇති. ඔහුගේ දේශපාලන දර්ශනය හෝ කාලීනව වෙනස්වන අනෙකුත් ප්‍රතිපත්ති කෙසේ වෙතත්, හේතුවාදී චින්තකයකු ලෙස, 1970 දශකයේදී, ඔහු ලාංකික ජනතාවගේ චින්තනයේ වෙනසක් කරන්නට සමත් වුණා. ඒ තමයි, ලාංකික සමාජයේ මුල්බැස තිබුන මිත්‍යාවක් වන ගිනි පෑගීම, කිසිදු අආගමික වතාවත් කිරීමකින් තොරව, කිසිදු දේව ඇදහිල්ලකින් තොරව, කිසිදු ආගමික හෝ දේව වරමකින් හෝ ආධ්‍යාත්මික බලයකින් තොරව, විද්‍යාත්මක සාධක පමණක් ආධාර කරගෙන,  ඕනෑම කෙනෙකුට කළහැකි බව ඔප්පුකොට පෙන්වීම. 

   මේ දිනවල මට කියවන්නට ලැබුන එක්තරා පොතක් නිසා, මගේ මතකය, 1970 දශකය වෙත ඇදී ගියා. හේතුවාදී චින්තනය පිළිබඳව, එවකට මූලිකත්වය ගෙන ක්‍රියාකළ පුද්ගලයකු වන්නේ, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්. ඒ මහතාද මිත්‍යාවට එරෙහිව ජනතාවගේ චින්තනය වෙනස් කරන්නට ඉමහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළා. එවකට පාසල් සිසුන්ව සිටි අප, මේ කරුණු ගැන පුවත්පත්වල පළවුණු ලිපි සෑහෙන ගණනක්,  විශාල උනන්දුවකින් කියවූවා මතකයි. ඒ මහතා ගැන පසුව වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා. 

මට කියවන්න ලැබුන පොත මෙන්න මේකයි.


  මේ  පොත, අද වෙළඳපොලේ මිළදී ගැනීමට තිබෙනවාදැයි, මා දන්නේ නැහැ. නමුත්, බුද්ධි වර්ධනය සහ චින්තනයේ නව පැතිකඩක් විවෘත කරගැනීම සඳහා, අනිවාර්යයෙන්ම කියවියයුතු පොතක් ලෙස, මේ පොත මා නිර්දේශ කරනවා. 

   අද සොයාගන්නට නොහැකි තරම් දුර්ලභ කරුණු රාශියක් කැටිකොට, මේ පොත සැකසීම පිළිබඳව, එහි කර්තෘ, නීතීඥ ධර්මපාල සේනාරත්න මහතාට, මගේ විශේෂ ගෞරවය සහ ස්තුතිය පුදකරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. 

   හොඳයි, කාලෝ ෆොන්සේකා මහතාගේ ගිනි පෑගිල්ල ගැන, පොතේ තිබෙන පරිච්ඡේදය, එහෙම පිටින්ම මෙහි ඇතුලත් කරන්නේ, එය කිසිසේත් සංස්කරණය කල නොහැකි නිසයි. සංස්කරණය කලොත්, එහි ඇති මූලික රසය විනාශ වෙනවා. ඒ නිසා, ඉවසීමෙන් යුක්තව, පහත දැක්වෙන ස්කෑන් රූප වල ඇති විස්තර කියවන මෙන්, ඔබෙන් කාරුණිකව ඉල්ලනවා. 














































   අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා.

2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය 

67 comments :

  1. මේ සිද්ධිය ගැන දැන සිටියත් මේ තරම් විස්තරාත්මකව කියවලා තිබුණේ නැහැ. ස්කෑන් පිටපත් වලට ස්තුතියි!

    ReplyDelete
  2. දෙවියන් අදහන්නන් සහ මාක්ස් අදහන්නන් අතර වැඩි වෙනසක් නෑ, වාර්තා කර ඇති විදිහට ගිනිපාගන්න වයස අවුරුදු 4 ළමයකුට සහ බල්ලෙකුටත් බලපෑම් කර අැතුවා වගෙයි.

    ReplyDelete
  3. ස්තුතියි විචා මාමේ. අදනං ඔක්කොම කියෙව්ව හිටං. 🤓

    මම කියවල අහල තියෙන විදිහට කාලෝ ෆොන්සේක වගේම නලින් ද සිල්ව යන අය ඒ දවස්වල (ඔය විචා මාම පෙන්වල තියෙන තොරතුරුත් අනුව 1970**) බොහොම ප්‍රයෝජනවත් විශිෂ්ට දේවල් කල අය. ඒ 1970 - 1980 දක්වා හෝ පසුව වෙන්නත් පුළුවන්.

    විචා මාමට ස්තුති වෙන්ට මමනම් මෙච්චර කාලෙකකට හිතාගෙන හිටියෙ කාලෝ ෆොන්සේකා කියන්නෙ පවතින රජයට කඩේ යන මරි මෝඩ තකතිරුවෙක් කියල. (සමා වෙන්ට එහෙම කිව්වට) හේතුව නම් මමනම් ඔය කාලෝ ෆොන්සේකාවත් නලින් සිල්වලාවත් ලඟකදී කල කිසිම විද්‍යාත්මක පර්යේෂණයක් ගැන අහලවත් නැහැ. දැකලනම් තියෙනව T V එකේ වැඩසටහන් වලට ඇවිත් ගොන් ආතල් දෙනව. මහින්ද ඇතුළු හොර නඩයට එලි පිට කඩේ යනව.

    කාලෝ නං බ්ලොග් ලියනවද දන්නෙ නැහැ. ඒත් නලින් ද සිල්වා ගෙ බ්ලොග් එක බැලුවහම නං මට හිතෙන්නෙ එක්කො ඒ උන්නැහේ අනගාරික දර්මපාල වෙන්න හදනව, වෙලාවකට නාන සාර වගේ, තව වෙලාවකට මහින්ද මහත්තයාගේ ප්‍රයිවට් සේකට්‍රි වගේ. කිසිම තැනක විද්‍යාත්මක පර්යේෂණයක් ගැන සදහනක් නැහැ.

    විචාරක මාමි ගේ මේ ලිපියටනම් බොහොම ස්තුතියි. දැනගෙන හිටියෙ නැති යමක් සවිස්තරාත්මකව දැනගත්ත. 👊🏽

    ReplyDelete
    Replies
    1. කාලෝ ෆොන්සේකා දැන් අදහන්නෙ, මහින්ද දෙවියෝ.

      Delete
    2. අහෝ කාලෝ.. නොලැබු මොක් සුව.. හිටං 🙄

      Delete
    3. නලින් සිල්වා ගිනි පිඹිනවා නාත දෙයියන්ගෙ බලයෙන්

      Delete
    4. ගිණි මකරේක්නේ බලන්යනකොට නලිනය. තව ටික දවසක් අල්ලං හිටියොත් බැරිවෙන එකක් නැහැ චයිනීස් බඩුවකට පිබගන්නත් හිටං 🤣

      Delete
  4. ඇත්තටම මේ පොත සහ අන්තර්ගය පිළිබද එකල තරුණ සිත්වල ඇති කළේ සුළු පටු පිබිදීමක් නොවේ. සිංහල පොදු ජනතාව කිසියම් ප්‍රමාණයකට හෝ අන්ධ විශ්වාස වලින් මිදීමට මංපෙත් විවර වුනේ මේ සමග බව පෙනීයනවා.

    ReplyDelete
  5. මිනිස්සු අන්ධ වෙලා....අතීතයේ ඉඳල මේ විස්වාස මිනිස්සුන්ග‍ෙ ජාන වලටම කාවැදිලා. ලෝකේ පවතින්නේ විද්‍යාවයි දහමයි විතරයි....සිදුවෙන හැම සිදුවිමක්ම විද්‍යාත්මක පසුබිමක් තියෙනවා.අපි අද විදින හැමදේම විද්‍යාව‍ෙ ප්‍රතිඵල...

    ReplyDelete
  6. හොඳ ලිපියක්. ස්තූතියි විචා

    ReplyDelete
  7. මගේ පියාත් මේ ගිනිපෑගිම බලන්න ගියා කිව්වා. දැන් නම් අත්තිඩියේ පේ‍්‍රමා ගල් මෝල වත්ත කියලා තැනක්වත් දේවාලයක්වත් නෑ. මේ පේ‍්‍රමා ගල් මෝල තිබුනේ අත්තිඩියේ බේකරි හන්දියට ආසන්නයෙන් කියලා දැන ගන්න ලැබුනා.

    ReplyDelete
  8. බොහොම ස්තුතියි විචා.....

    ReplyDelete
  9. මට මේක කටාන මහජන පුස්ථකාලෙ තිබිල හම්බඋනා.

    //රතු රෙද්දේ කොන් දෙපා අතරින් එල්ලෙමින් තිබී අැත.
    මෙය කියවීමෙන් සතියක්ම කැස්සෙන් පීඩා වින්දෙමි :D

    ReplyDelete
  10. එල ද බ්‍රා
    තවත් මේ වගේ ගොඩක් අබියෝග කරලා තියනවා කියලා පත්තර වලින් කියවලා තියනවා

    ReplyDelete
  11. ඒබ්‍රහම් ටි කොවුර් මහතාගේ මාකල ගවේශණ සහ දෙවියෝ සහ භූතයෝ පොත් දෙකද අනිවාර්යයෙන් කියවිය යුතුය.

    ReplyDelete
  12. බටහිර විද්‍යාවේ කේන්ද්‍රය තමයි බටහිර භෞතික විද්‍යාව
    බටහිර භෞතික විද්‍යාව පසුපස බටහිර රසායන විද්‍යාව යනවා
    බටහිර රසායන විද්‍යාව පසුපස බටහිර ජීව විද්‍යාව යනවා
    බටහිරවෛද්‍ය ශිල්පය යනු බටහිර ජීව විද්‍යාව පදනම්කරගත් තාක්ෂණයක්.

    දැන් අපේ රටේ හේතුවාදීන්ගෙන් බහුතරය බටහිර වෛද්‍යවරු.
    එහෙම නැතිනම් කලා අංශයෙන් උගත් අය.
    එමනිසා හේතුවාදයෙන් වෙන්නේ බටහිර වෛද්‍යවරයාට අනවශ්‍ය සිවිල් බලයක් ලැබී,
    එය හරහා සිංහල සංස්කෘතිය බටහිර දැනුමේ පරිධියේ ආධිපත්‍යයට යටවීමයි.
    හේතුවාදය නිසා අපට බටහිර දැනුමේ කේන්ද්‍රයට යාමට ලැබෙන්නේ නෑ.
    ඔය පාරේ ගියොත් ලඟාවියහැකි හොඳම අවසානය ජපත් ජාතිකයන් මෙන් විද්‍යාවේ නොව තාක්ෂණයෙන් දියුනු ජාතියක් වීම පමණයි.

    ReplyDelete
    Replies
    1. දැන් අපේ රටේ හේතුවාදීන්ගෙන් බහුතරය බටහිර වෛද්‍යවරු.
      එහෙම නැතිනම් කලා අංශයෙන් උගත් අය//

      :-)

      Delete
    2. මේ ඉන්න හැටියට ජපානේ මට්ටමට ගියත් මදිද :)

      Delete
  13. මිත්‍යාවත් සාපේක්ෂයි... බෝධිය වැඳිම් පිළිම වන්දනව, මල් පහන් ආහාර පූජාවනුත් මිත්‍යාවන්.... ඒ බුදුන් දෙසු දහම නොවේ

    ReplyDelete
  14. 1.කොවූර්ගෙ/ඔහු ගැන පොත්/ලිපි(අමුණුගොඩ තිලකරත්නගෙ එහෙම) සෙට් එකක්ම කියෙව්ව. මේකත් කියෙව්ව. මේවායෙන් මනස විවෘත කරගන්න සෑහෙන පිටිවහලක් ලැබෙනව. හේතුවාදියෙක්ම නොවුනත් මගේ අදහස්වලට කොවූර් බොහෝදුරට බලපෑව.

    2.කොවූර්ගෙ පර්යේශන එක්ක ඒ කාලෙ අමුතු පිබිදීමක් සමාජයේ ඇතිවුනා. මට මතක තියන ශ්‍රී සඟරා කියවූ අසූ ගණන්වල මැද සහ අගත් මේ තත්වය පේන්න තිබුන. මට මතකයි ජ්‍යෝතිෂයට අභියෝග කරපු අයගේ අභියෝගය භාරගත්තෙ නැති කිහිපදෙනෙක්ම (නම් අමතකයි) බොරු ඇඩ් පත්තරවල දැම්ම. ඒව බොරු කියල දැනගත්තෙ පසු කාලයේ.

    3.ගිණිපෑගීමේ තියෙන්නෙ සිම්පල් තියරියක්. ගින්දර ස්පර්ශ වී තිබීමේ කාලය අනුව පිලිස්සීම හෝ නොවීම සිදුවන්නේ. ඇවිදීමේ වේගයත් ගිනි පථයේ දිගත් තමයි බලපාන්නේ.
    ඊටත් අමතරව, ගින්න සඳහා ගන්න දර වර්ගවල තත්වය අනුවත් පිලිස්සිම හෝ නොවීම සිදුවෙනව. ඒ වගේම රෑ දොලහට විතර සීතල වතුර නාපු ගමන් ආවම පිලිස්සීම අඩුයි.

    4.අපේ ගමේ තියනව දේවාලයක්. ඒකෙත් ගිනි පාගනව හැම අවුරුද්දෙම. එක සැරයක් ගිනි ගොඩට වැලි කලවම් වෙලා ගිනි පාගපු හැම එකාම පිච්චුනා. :-)

    ReplyDelete
  15. අවුරුදු 45ක් ගිහිල්ලත් තාම ලොකු වෙනසක් නෑ

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. කොවුර් කියලා තියෙනවා,
    පවුලක ළමයි ගණන ආණ්ඩුව තීරණය කල යුතුයි.
    ආන්ඩුවේ ආයතනයකින් පරපුර බෝ කිරීමට නුසුදුසුයැයි තීරණය කරන අය බලෙන් වඳභාවයට පත්කල යුතුයි.
    ස්ත්‍රී දූශකයන්ගේ ලිංගික හැකියාව නැතිකලයුතුයි වගේ අදහස්.

    කොවුර්ට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව :D

    ReplyDelete
    Replies
    1. පවුලක ළමයි ගාන ආණ්ඩුවෙන් තීරණය කිරීම හොඳයි තමයි.
      එතකොට ජගත්ලට මරක්කලයන්ගෙ ළමයි හැදිල්ල ගැන අඬන්න ඕනත් නෑ

      Delete
  18. ගස්ලබ්බගෙ පියාණනුත් ඌරුමස් කා මත්පැන් බී ගිණිපෑගූ අයෙක් බව වෙටෙක සිනාමුසු මුහුණින් කියනවා මතකයි.
    ඒ කාලෙ පොත්,පත්තර පිටු,ටෙලි,ෆිල්ම්,ගීත,සංවාද බලනකොට සහ ඒ අයගේ කතා අහනකොට අද අපට වඩා දියුණු සංස්කෘතික දිවියක් ගතකළ බව හිතෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  19. ඕක මේ හතේ අටේ පන්තිවල විද්‍යාව පාඩමට උගන්වන සාමාන්‍ය කරුණක් නේද? යම් ද්‍රව්‍යයක් දහනය වෙන්න ජ්වලන උෂ්ණත්වයට ළඟා විය යුතු උනත් ගිනි පෑගීමෙදි ගිනි අඟුරු මත ඇවිද යාමෙදි පාද ගිනි අඟුරු සමඟ ස්පර්ශ කාලය කුඩා නිසා පාද නොපිළිස්සෙන බව දැන් කාලෙ හතේ පන්තියෙ ළමයෙක් උනත් පැහැදිලි කරාවි. ඒත් ඉතින් මිනිස්සු මිත්‍යාවන් පසු පස යෑම නම් එදාය අදය කියල එහෙමකටම වෙනස් වෙලා නම් නෑ. කොහොමටත් ජාතික පුවත්පත්ය කියන සමහර සති අන්ත පුවත්පත් එහෙම මිත්‍යාව ප්‍රවර්ධනය කරන්න වෙනමම අතිරේක පවා පළකරනව. ඒකත් ඉතිං ජාතික අවශ්‍යතාවයක් නෙව.

    ඔය කියල තියනව වගේ රටපුරා ඇති වුනු ගිනි පෑගීමෙ සන්දර්ශනවලදි සංකේතාත්මකව අරක්කු පොඩ්ඩක් බීලා ඌරුමස් කෑල්ලක් කාලා ගිනි පෑගීම වෙනුවට කරටි කැඩෙන්න ගහල ගිනිපාගන්න ගිය හාදයෙක් ගිනි ගොඩ උඩ වැටිල පුච්චගෙන “බොල කාලෝ...“ කියල ආමන්ත්‍රණයෙන් පටන් ගෙන ලිපියන් ඔහුට එවල තිබුනු සිද්ධියක් ගැනත් මහාචාර්යවරයා වරක් රූපවාහිනී වැඩසටහනකදි හිනා වෙවී කිව්වා මතකයි.

    ReplyDelete
  20. මිහිඳු දේව වන්දනාවේ යන බැතිමතෙක් තමයි ඔහු

    ReplyDelete
  21. මේ කතාව මම මීට කලින් පත්තරේක ගිය ලිපි පෙළකින් කියවල තියෙනව. ස්තුතියි නැවත මතක් කිරීම ගැන.

    //දෙවියන්ට බිය නැති නමුත් දෙවියන් අදහන බැතිමතුන්ට බිය වන බැවින්// අන්නේකයි තත්තෙ. හැක්..

    ReplyDelete
  22. කාලෝ ෆොන්සේකාගේ මේ කතන්දරය ගැන මේයට පෙර අසා තිබුනත් මේ තරම් විස්තර දැන් සිටියේ නැහැ.ඔබට ස්තුතියි මේ සටහන ගැන.මේ වැනි දේ ගැන විමර්ශන එදා වගේම අදටත් ඕන බවයි මට හිතෙන්නේ.

    ReplyDelete
  23. ඒ කාලෙත් මාද්‍ය කාරයෝ එහෙම්මමයි. සේරම කාලො මාත්තයගේ පැත්ත විතරයි ලියන්නේ.

    ගිනි පෑගිල්ල අවසානයේ ගල් මෝලේ දෙයියෝ කපුවෝ තුන් කට්ටුවට සුර සැප විඳීමට දිව්‍යාංගනාව ගානේ දුන්නා.
    නැත්තං කවමදාකවත් ඔය කපුවො, මේ මං කිව්වට අහන්ඩ.. අර කාලො මාත්තයගේ ඇගිරිමන් එකට පිටින් යන්නේ නෑ. (ඇගිරිමන් වගේද දිව්‍යාංගනාවො ඈ ..)

    "වේදනාව අඩුකර ගැනීමට උඩ පනින ආකාරයෙන් අත්තිඩියේ ගල් මෝල් දෙවියන් ඉදිරියේ උඩ පනිමින් සිට ඇත."
    මැවිලා පේනවා. පව් අප්පා!

    ReplyDelete
  24. කතාව දැනං හිටියට මේ තරම් විස්තරාත්මකව දැනං උන්නෙ නැහැ. ස්තූතියි.

    ReplyDelete
  25. මන් කොවුර් ගෙ පරිවර්තන 2ක් කියවලා තියෙනවා. මන් හිතන්නේ කොවුර්ගේ පොත් වැඩිය නෑ.
    මේ ලිපිය මුල ඉදන් ඉතාමත් උන්න්දුවෙන් කියෙව්වා. ඇත්තටම ස්කෑන් කරපු පිටු දැමීම තුළ රස නොමරා කියෙව්වා

    ඒ වගේම මිනිස්සුන්ගෙන් ඉතාමත් පහත් ආකාරයට ගරා කෑම් කරන මේ දහජාරා සංස්කෘතියට මීට වඩා පහර දෙන්නත් ඕන. කොවුර්ලා,කාලෝලා ගැන අදට වඩා හෙට මිනිස්සු කතා කරාවි

    ReplyDelete
  26. හරිම වටිනවා විචා... පොත කොහෙන් හරි හොයාගෙන කියවන්න ඕනෙ...

    ReplyDelete
  27. විචා....මුතුකුඩ ලොක්කා හිටියේ දෙල්කඳ අපේ ගෙවල් ගාව වනාත පාරේ. මිථ්‍යා මතයේ ප්‍රශ්න තමයි තිබුනේ. එනමුත් හොඳ වැදගත් මහත්මයෙක්. එයාගේ පුතා නන්ද මුතුකුඩයි මමයි එකට පාසල් ගියේ පොඩි කාලේ. අත්තිඩියේ ප්‍රේමා ගල් මෝල අයිතිකාරයෝ හිටියෙත් දෙල්කඳ. හැම අවුරුද්දෙම ඒ අය ගානේ ගමට සෙත්පතා කියලා ගම්මඩුවක් තිබ්බා. අපේ අම්මලාගේ හිතවත්තු.

    මේ පිටු ටික දැම්මාට බොහොම ස්තූතියි.

    ReplyDelete
  28. කාලෝ හැත්තෑගණංවල කරපු දේවල් හින්ද දෙයියො කියල ජාතියක් නෑ කියල මට හිතුන. ඒත් ඒ කාලෝම දෙදාස් ගණංවල කරන දේවල් හින්ද ආයම මට හිතෙනව දෙයියො ඉන්නවය කියල...හෙහ්,හෙහ්,

    මම කියන්නෙ මේ නිකමට හිතල බලපල්ල මේ පහුගිය කාලෙ කාලෝ නටපු නාඩගං ගැන හිතල බලනකොට ඒ වගෙ මනුස්සයෙකුට මෙහෙම උනේ ඔය මස් කාල ගිණි පෑගීම් වගෙ සීන්ස් හින්ද දෙයියො මිනිහට දඬුවම් දීලයි කියල හිතෙන්නෙ නැද්ද බොලාට?..

    දෙයියො පිස්සු එළවල නැත්තං දෙයියංගෙ හාල් කැවිල කියන්නෙ ඔන්න ඔව්වට...:)

    ReplyDelete
  29. මේ ගිනි පෑගීම ගැන ළඟදිත් කතාබහක් ගියා මතකයි. විදුසර පත්තරේ ලිපි කිහිපයක්ම පළවුනා. ඒවයින් ටිකක් මගේ ගාව ඇති. 2012 වගේ.
    මම නම් කොහොමටත් දෙවියන් යයි අප විසින් නම් කෙරුණු (බල්ලට බල්ලා යයි නම තැබුවේ මිනිසුන් විසින්ය. ඒ ලෙසම, එක් පිටසක්වල වෙසෙන ජීවීන් කොටසකට මිනිසුන් විසින් දෙවියන් යයි නම තබා ඇත) ජීවීන්ගේ පැවැත්ම මිස ඔවුන්ගෙන් අපට ලැබෙන අමුතු පිහිටක් හෝ ආරක්ෂාවක් ගැන වත්, ඔවුන් සතුටු කිරීමක් ගැන වත් අදහන්නේ වත්, විශ්වාස කරන්නේ වත් නැත.

    ReplyDelete
  30. විචා අංකල් ගිනි පාගන්න ගිහිල්ල ද?

    ReplyDelete
    Replies
    1. එ්කනෙ කෝ මෙ විචා සර්......

      Delete
  31. විචාරකට මොකක් හරි කරදරයක්ද? කව්රුහරි කෙනෙක් දන්නවනම් කොමන්ට් එකක් දාන්න

    ReplyDelete
  32. කෝ මේ විචා.. සති දෙකකින් මේ පැත්තේ ඇවිත් නැහැනේ..කාලෝ එක්ක ගිනි පාගපු එක හාදයෙන් මා එක්ක වැඩ කරා කාලෙකට කලින්..

    ReplyDelete
  33. //අපේ බ්ලොග් ලොව ආමි කාරයා හෙවත් විචාරක මහත්තයා පොඩි අසනීප තත්වයක් නිසා ආමි හොස්සපිටැල් එකේ නවත්තලා ඉන්නවා. එයා කියන විදියට නම්, එයා දොස්තරලත් එක්ක ටැස්ට් මැච් කීපයක්ම ගහන නිසා ඒ ටික ඉවර වෙනකන් ගෙදර එන්න බැරි සයිස් එකක්ලු තියෙන්නේ. ඉතින් අපි උන්නැහේට ඉක්මන් සුවය ලැබිලා, ආයෙත් ඇවිත් හතර අතේ නෙලන්නෙයි කියලා ප්‍රාර්ථනා කොරනවා හිටන්.//

    මාතලන් - Jan 11, 2017

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර ටිකක් දෙන්න පුළුවන් නම් මටත් යන්න පුළුවන් උන්නැහේ බලන්න, ඒ හැටි දුරක් නෑ මට

      Delete
    2. සර්ට ඉක්මන් සුවය ලැබේවා ....prasanna අයියා.. පනිව්ඩය කිවට ස්තුති....

      Delete
  34. විචාරක මහතාට ඉක්මන් සුවය පතනෙමි!

    ReplyDelete
  35. මචං විචා...උඹ ෆිට් එකේ ඉන්නවා කියා මම නිතර සිතනවා. ඒ සුවඳ බ්ලොග්ස් අස්සේ තියෙනවා. ඉක්මනින් වරෙන්. සෙට් එකම බලන් ඉන්නවා. ලෙඩ දුක් සනීප වෙයි. හිත ෆිට් එකේ තියන් වඩින්නයි තියෙන්නේ. අපි බලන් ඉන්නවා....

    ReplyDelete
  36. දැන් සනීපයි නේද ?
    මම ජය ශ්‍රි මහා බෝදියට පඩුරක් තිබ්බා...

    ReplyDelete
  37. කාලෙකින් සද්දයක් නැතුවට ඉතින් ආව බලන්ඩ.
    හුකා, බලන් යනකොට වෙන කේස් එකක්නේ.
    ඉක්මනින් කෙසේ වෙතත් දැනටම සුව වී ඇතයි සිතමි!

    පිට්‌ වෙච්ච ගමන් ඉක්මනටම මල්ටිබැරල් ප්‍රහාරයක් එවන්ඩ අපිට.
    ජයවේවා!

    ReplyDelete
  38. සර් ආව ගමන්...missile එකක්වක් ගහන්න හොඳේ,,,,,

    ReplyDelete
  39. ඉක්මන් සුවය පතමි

    ReplyDelete
  40. Wicharaka thumata dan kohomada??? Ikman suva labeva!!!

    ReplyDelete
  41. සත්හට සෙත්දෙන ලෝක ශිවාකර
    භගවා පතනුන් ගෙන් සරණා...
    පත්මේ නුරුන් වන විශ්ණු කතරගම
    සමන් විභීෂණ දෙව් සරණා....
    යෙහෙන් පතන්නෙමි නිවන් දකිනු මැන
    සව් සැපතින් පතනා ලෙසිනා...
    පත්වන දුක් හැම දුරහැර ලෝ සැප
    නිවන් සුව අත්වේවා ඔබහට යෙහෙනා...

    ඔබට සුභ රාත්‍රියක් වේවා තුමනි!!!!!!

    ReplyDelete
  42. මෙතැන තියන සටහනකට පිළිතුරු දෙන්නට විචාරක තුමා ඉදිරිපත් නොවනා වග දැනෙන විට ඇතිවන්නේ හිස් හැඟීමක්.

    ඔබතුමාගේ තත්වය ගැන දැන ගත්තේද ඔබ තුමාගේ බ්ලොග් මිතුරන්ගේ ලිපිවලින්.

    ඔබතුමාට සුගති උපතක් ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  43. මැයි පළමුවන සදුදා සවස තුනට කුරැණෑගල පොදු සුසානභූමියේදී විචාගේ අවසන් කටයුතු සිදුකෙරේ

    ReplyDelete
  44. "....අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා." ඔබ මේ ලිපිය අවසන් කරමින් ජීවිතයෙන් ද සමුගන්නා බව අනියමින් පැවසුවේද හිතාදරය ? ඔබට සුබ ගමන්

    ReplyDelete
  45. මේ ලිපිය ලිව්වේ ඇත්තටම සමුගන්න ද?
    විචාරක තුමණි...
    ඔබට සුබ ගමන්..

    ReplyDelete
  46. හැමදාම හමුවුණත් සමහරුන් ජීවත් වුණා කියා අන් අයට දැනෙන්නේ නැහැ. සමහරු ගියාම නෑදෑයන්ට හැර අන් අයට දැනෙනවා අඩුයි. ජීවිතේ එක දවසක් විතරක් මුණ ගැහුණු කථා කල විචාරක ගියාම නම් දැනුණා. සුභ ගමන් විචා. Untill we meet again.

    ReplyDelete
  47. දිනය අවසන් වෙලා
    රාත්‍රිය උදා වෙලා
    බ්ලොග් ලෝකය
    සෝ සයුරක ගිල්වා
    විචාරක සමු අරන්

    වෙනදා දැණුම බෙදූ
    අසමි දකිමි සොයමි
    බ්ලොග් එක නිහඞයි
    අවසාන සටහන ලියා
    විචාරක සමු අරන්

    ReplyDelete
  48. විචා, ඔබට නිවන් සුව! නැවත හමුවෙමු සසරේදී කොතැනක හෝ!

    ReplyDelete
  49. ඔබට නිවන් සුව අත්වේවා !!!!

    ReplyDelete
  50. නිවන් සුව ලැබේවා විචා!

    ReplyDelete
  51. අනේ ගොඩාක් දුකයි sir...ඔබතුමාට නිවන් සුව ...me athme.apata labadun danume balen labana athmeka buddhimathek wela ipadenna wasanwa labewa...

    ReplyDelete
  52. අයේ මේ බ්ලොග් එක ලියවෙන්නේ නැහැ නේද

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }