නැවතුණු තැනින් ......................
ඔන්න ඉතින් 10. 00 විතර වෙනකොට විශ්ව විද්‍යාලයට ගියා . එදා තමයි නේවාසිකාගාර පහසුකම් ලාබාදුන් දිනය . පසුදා සිට විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කළ යුතුව තිබුණා. මා නම් රැගෙන ගියේ බෑග් දෙකක් පමණයි. එහෙත් සමහර ළමයි ගෙනත් තිබුණේ රට යන්න ආවා වගේ බඩු ගොඩක් .
කොහොම කොහොමහරි කාමරයකුත් හම්බ වුණා. කාමරේ 6 දෙනයි. අනිත් අය පොළොන්නරුව , මැදිරිගිරිය, මන්දාරම් නුවර , පලාගල හා අරලගංවිලයි. සියලු පළමු වසරේ සිසුන් එකම නේවාසිගාරයකට යොමු කර තිබුණා. මේ වෙනකොට ජේෂ්ඨයන් සියලු දෙනා කඩියන් වගේ නවකයන්ට හා ඔවුන්ගේ දෙමවුපියන්ට උදවු කරමින් සිටියා .
කාන්තා නේවාසිකාගාරයට යාමට හැකිවුණේ මවට පමණයි . මගේ පියාට ලියාපදිංචි කළ ස්ථානයේදීම සමුදුන් මා මගේ මව සමග කාමරයට යනවිට ළමයි දෙදෙනෙක් වෙන්වීමේ දුක දරාගන්න බැරිව අඬමින් හිටියා . එය හිත පාරවන සුළුයි. මොකද මෙතැන් සිට අසනීපයක් උනත් දෙමවුපියන් ළඟ නැතිනිසා . බොහොම අමාරුවෙන් මා මගේ හිත හදාගත්තා.
එදා හවස ඉඳලා අපට බොහොම සැලකිලි සත්කාර හිමි උණා. පසුදා ඉතා අලංකාර ලෙස ඇඳ පැළඳගෙන යනලෙසත් උපදෙස් ලැබුණා. වැඩිපුර ඒ ගැන සඳහන් උන නිසා අපි ඒ ගැන වැඩිපුර සලකා , බොහොම සරළ ලෙස ලැස්ති උණා. එදින හවස පරක්කු වී පැමිණි අයෙකු අප කාමරයට දැම්මා. අපට ඒ ගැන ඇතිවූ සැකය පරිදි ඇයගේ බෑගය ඇවිස්සුවා. ඇයගේ ජාතික හැඳුනුම් පත හමුවුණා. ඇයගේ උපන් දිනය නිසා තරමක සැකය වැඩිවුණා. ඇය හිටි හැටියේ අතුරුදහන් වෙලා නැවත පැමිනුණා. රාත්‍රියේ දී වෛද්‍යවරියක්ද පැමිණියා. වෙද නලාවක් රැගෙන ආ ඇය අපට තිබෙන විශේෂ රෝග පිලිබඳ විමසීමක් කරා.
පසුදා උදයේ අමරදේව ශ්‍රවණාගාරයේ සිසුන්ට හා දෙමවුපියන්ට රැස්වීමකුත් ඉන් අනතුරුව තේපැන් සංග්‍රහයකුත් පැවැත්වුණා. මගේ පියා කිසිදු ආහාරයක් හෝ තේ පානය කළේ නෑ. ඒ වෙනුවට ඔහු මගේ කනට කරලා කිවුවේ අනිවාර්යයෙන් රැග් එක තියනවා. සූදානම් වෙන්න කියලා විතරයි. මමත් ඉතින් චීත්ත ගවුමක් , සෙරෙප්පු දෙකක් අරගන ගියනිසා බය වුනේ නෑ.සියල්ල ඉවරවෙලා දෙමුපියන්ට සමුදීලා අපට ඉංග්‍රීසි දේශනයක් පැවැත්වුවා.එය ඉවර වෙලා නේවාසිකාගාරයට යනවිට කැඳවීමක් ලැබුණා, නැවත ශ්‍රවාණාගාරයට යන ලෙස. අපි ගියාට පස්සේ තේරුණා මොකක්දෝ අමුත්තක්. සියලුම දොරවල් තදින් වැහුවා. ඔවුන් එකදිගට ලංකාවේ අති ශුද්ධ සිංහල භාෂාවෙන් අපව ඇමතුවා. එච්චර ශුද්ධ සිංහල වචන එක පොකුරට මම ඇහුවේ එදා .
ඔන්න පුතෝ ඒ වෙලාවේ තමා මංගල වෙඩිමුරය පත්තු කළේ . ඒ වෙලාවෙම අපව පැන්නුවා කැන්ටිමට . කැන්ටිමේ එකලඟ එකපොකුරට වාඩි කෙරෙවුවා. දැන් ඉන්නවා මීයට පිඹලා වගේ සමහරු අඩනවා , සමහරු බයවෙලා . සමහරුන්ට වෙච්ච දේ හිතාගන්න බෑ. දැන් ඔන්න අපේ ජේෂ්ඨ උත්තමයෝ, උත්තමාවියෝ අප ඉදිරියට ආවා. එතන ඉඳලා නවක අනුරූපිතාවය ගැනත් අපේ කාලසටහන ගැනත් හොඳ අවබෝධයක් ලබා දුන්නා.
උදේ 6.00 වෙනකොට නේවාසිකාගාරය ළඟ පෝලිම් වෙන්න ඕන.චීත්ත ගවුම ඇඳලා , රබර් සෙරෙප්පු දාලා , කොන්ඩේ තෙල්ගාල කරල් දෙකක් බැඳලා රබර් පටි ගැටගහලා , බූල් දාන්න තහනම් . රැග් එක ඉවර වෙනකම් එකම ගවුම අඳින්න ඕන. රැට හෝදලා උදේට අදින්න ඕන . 7.00 උදේ කෑම ඉන්පසු 8.30 වෙනකම් ජේෂ්ඨ උත්තමයෝ ,උත්තමාවියෝ යටතේ 8.30 - 12.30 දේශන හා නවක අනුරූපිතා වැඩසටහන් 12.30 - 1. 30 දිවා අහාරය . 1.30 - 4.30 වෙනකල් දේශන හා වැඩසටහන් 4.30 පස්සේ නින්දට යනකන් ඔවුන් යටතේ. රෑ කෑම නිදහසේ ගන්න දෙනවා . රෑ කෑම 7.30 රෑ 8. 30 වෙනකොට හොස්ටල් කොමන් එකට රැස් වෙන්න ඕන . ඒක ඉවර වෙන්නේ රෑ 1.00 ට .
ඉතින් මගේ යාලුවෝ මගේ කන ළඟ ටයිම් පීස් ඔරලෝසුවක් තිබ්බ 6.00 ට පෝලිම් වෙන්න 4.30 ට නැගිටින්න ඕන . නිදා ගන්න තියන පැය ගාන බොහොම සීමිතයි .
දවස් දෙකක් විතර යනකොට එක දවසක් පාන්දර මගේ කන ළඟ ඔරලෝසු රාජයා වදිනවා . මොකද නින්ද ගියොත් වැඩේ දෙල් හින්දා . ටික් ... ටික්....
ඔහොම වදිනකොටම එකෙක් අහනවා................
කීයද බං වෙලාව
නිදිමතේම මං කියනවා හතර හමාරයි,හතර හමාරයි ජේෂ්ඨ උත්තමාවිය කියලා .
මොකද ජම්මෙට වැඩිය පුරුද්ද ලොකු හින්දා .
ඒ පාර මගේ යාලුවා අහනවා, ඈ බං,උඹට මාව පේන්නෙත් උත්තමාවියක් වගේද කියලා ඒ පාර පාන්දර හැමෝටම හිනාවෙන්න ඒක කාරණයක් වෙනවා .
අපිට කෑම කන වෙලාවට බෙර පදයක් කියලා .වෙලාව කාල තමා පස්සේ බත් කෑවේ ඒ බෙරපද සමාජ ගත කරන්න බැරි ඒ තරම් ශුද්ධ සිංහල බෙරපදයක් තාම මං අහලා නැති හින්දා. දේශනවලට ගියාට වැඩක් නෑ. ඒවා ඇහෙන්නෙ නෑ . එකසිය ගානට නින්ද යනවා . නිදාගන්න බෑ. මහාචාර්ය වරයාගෙන් බේරුනාට උත්තමයන්ගෙන් බේරෙන්න බෑ. තව තුන් දවසක් යනකොට එක උදෑසනක අපේ බැච් එකේ කොළු ගැටයන්ගේ කොන්ඩ තලේබාන් ප්‍රහාරයකට අහුවෙලා තිබුණා. එකෙක්වත් මේ මොකාද කියලා අඳුරගන්න බෑ.
අපේ අයට රෑට නින්ද යනවා එතකොට හීන කියන්න වෙනවා හීන හදන්නේ උත්තමාවියෝ ඒ අය හදල දෙන හීනෙ කියන්නයි තියෙන්නේ .
ඉතින් මෙහෙමයි ඒ හීනෙ.මමයි පිරිමි ළමයෙකුගේ කාඩ් එකක් උදා ( ඉත්තෑවා) යි ගියා මල් උයනට.එතැනදී මට නින්ද ගියා.මම ඇහැරිලා බලනකොට මම හිටියේ තව පිරිමි ළමයෙක්ගේ කාඩ් එකක් ( කකුළුවා ) එක්ක .
ඊළඟට සමහරු මේකෙන් ගැලවෙන්න බොරු ලෙඩ ගත්තොත් ඔවුන්ට උනේ අසීමිතව ශුද්ධ සිංහල කවි කියන්න .
සතියක් පහුවෙලා අපි දැන් කැන්ටිමේ වාඩිවෙලා ඉන්නකොට . කොට බිත්තියක් තිබුනා අපේ දකුණු පසින් , ඒක උඩට එක පාරටම පැන්නා කොල්ලෙක් , ෂර්ට් එක අනික් පැත්ත අන්දලා , කලිසම කණපිට අන්දලා ලණුවකින් ගැට ගහලා , මේස් දෙක අත් දෙකට දාලා . බෙල්ට් එක පස්සෙන් එල්ලලා. සපත්තු බෙල්ලට දාල
මූ ඇවිල්ල කියාපි මමත් උඹලගේ එක්කෙනෙක් මාවත් ගනියෝ කියලා. ඌව දැක්කාම හිනාව ඉවසන්න බෑ . නමුත් හිනා වෙන්න තහනම් . ඒ වුනාට හිනා නොවිච්ච එකෙක් නෑ.එදා තමා ඉස්සෙල්ලම කොහොඹ කොළ බැච් එකේ ඔක්කොම කෑවේ.
ඔහොම ඉන්නකොට මාව බලලා යන්න අපේ ගෙදරින් ආවා . අම්මයි, නංගියි, තාත්තයි . මේගොල්ලෝ ආවේ සෙනසුරාද දවසක , දේශන නැතුව ඇති කියලා හිතලා දේශනා නැති වුණාට අති සුපිරි දේශන යනවා කියලා ඒගොල්ලෝ දැන සිටියේ නෑ.
මට දැන් මාර සැලකිලි. කොන්ඩ කරල් දෙක ගලවලා බෑන්ඩ් එකක් දාල , මට හොඳ හීල් සපත්තු දෙකක් දීලා. කොහොම හරි අම්මලට කැම්පස් එක ඇතුලට එන්න දීලා නෑ. එළියේ බෙන්ච් එකක නවත්වාගෙන . දැන් මම ගියා . දැන් මට පේනවා වටේම සීනියස්ලා මෙහාට ඇන්ටනාව දාගෙන ඉන්නවා මොකද මං මොනවා හරි කියයි කියලා.
අම්මා - මොකද ළමයෝ මේ ?
මම - අයියෝ අම්මේ කෑ ගහන්න එපා. ගෙදර ඇවිත් කියන්නම්. දැන් මොකුත් කියන්න බෑ.
තාත්තා - මං දිහා බලාගෙන ඉන්නවා .
පස්සේ මං ඇහුවා මැච් එකක් යනවා නේ කියලා. මොකද මං කැන්ටිමේ දී සීනියස්ලා මැච් එක බලනවා දැක්කා .
නංගි - ඔව් සංගක්කාර තමා වැඩිපුරම ගැහුවේ කියලා . මගේ තත්වය තේරුම් ගත්ත ගෙදර අය විනාඩි 15 ක් විතර ඉඳලා ගියා.
එදා රැ මමත් කතාවක් කිවුවා . ඒකත් සීනියර් කෙනෙක් ගේ රචනයක්. මම ගෙදර අය එක්ක කතාකරනවා අහන් ඉඳපු . හැමෝම ඉස්සරහා මට කියන්න කීවා .
සංගක්කාර මට ලවු මම සංගක්කාරට ලවු බට් මට හුලං
අපේ කෙල්ලෝ එදා දෙවෙනි වතාවට කොහොඹ කොළ කෑවා.....................
විචාරක දියණිය රාත්‍රී 12.00 පැයට
ඊ ළඟ ලිපිය බලන්න තියන පෙළඹවීම ලිපියේ වටිනාකමයි
ReplyDeleteබොහොම ස්තූතියි සර් , ඉක්මනට එකත් ලියන්නම් ඒ ලිපියෙන් වැඩේ ඉවර කරන්න පුළුවන් වෙයි කියා හිතනවා
Deleteවිචාරක දියණිය
ඇත්තෙන්ම මේවා වෙන්නේ පසුගාමී සමාජ වල ; මම කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ වසර 3 හිටියා . එහි නවකයන්ට සීනියර්ස්ලා නිබඳව උපකාර කලා. මේ සමාජ වල සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැනීමත් වාචික හිංසනයක්. ඔය කියන දේවල් යෝක් විශ්ව විද්‍යාලයේ සිදු වූවානම් වරදකරුවන් හිර ගෙදර. Pl read ; https://transyl2014.blogspot.ca/2016/05/blog-post_7.html
ReplyDeleteඔබ පෙන්වා දෙන කාරණය ඉතාම වැදගත්! තවම යටත් විජිත හැඟීම් වලින් ඔද්දල් වුන අපේ පරපුර කැනඩාව වැනි දියුණු සමාජ තලයකට පිවීසිමට තව බොහෝ කල් යායුතුව පවතී. "රාජ යුගය තවම අවසන්ව නැත. මහජන යුගය පැමිණීමට බොහෝ කල් තිබේ" -ආනන්ද කුමාරස්වාමි පැවසූ වදන් ඔබේ කොමෙන්ටුව දැකීමෙන් සිහිවුනා
Deleteමේ තත්වය මේ වනවිට ලංකාවේ විශ්ව විද්‍යාලවල බොහොම අඩුයි. හබට්යි බය නැතිව කියන්න පුළුවන් මේවා තිබීම තුළ ළමයින් අතර ගොදනුනු සහයෝගය , සමගිය අතිවිශිෂ්ටයි.
Deleteවිචාරක දියණිය
1. ඔබ මේ දේවල් කළේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? ඔබ අකමැති දෙයක් නොකර සිටියානම් ඔබට සිදුවිය හැකිව තිබුණේ කුමක්ද?
ReplyDeleteමම මේ දේවල් කැමැත්තෙන් කරා මොකද මේවායේ කායික පීඩාවක් තිබුනේ නෑ. මානසිකව හැමෝම හිටියේ එකම තත්වයක. සිනියසලා නැති වෙලාවට අපි හිනාවුණා. හොස්ටල් රැග් එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ ආතල් සඳහා මිසක් වෙන දෙයකට නොවේ. සේනියස්ලා කතාකරන්නේ අතේ දුර තබාගෙන යම් ජෝනියර් කෙනෙක් ඇත උස්සලා පහරදුන්නොත් එදාට රැග් එක ඉවරයි.
Deleteවිචාරක දියණිය
2. මා දන්නා පරිදි ලංකාවේ විශ්වවිද්‍යාල වල පවතින නවකවදයේ ප්‍රධානතම නීතිය තමයි නවකවදය එය විඳ නැති අයෙකුට තමන් ජ්‍යෙෂ්ඨයෙකු වුණු පසු විශ්වවිද්‍යාලයට පැමිනෙන නවකයෙකුට නවක වදය දිය නොහැකි බව.
ReplyDeleteඒ අනුව, රජරට වැනි අලුත් ිශ්ව විද්‍යාලයක නවකවද සම්ප්‍රදායක් ඇති වූයේ කොහොමද කියා සිතාගත නොහැකියි!!!
නවකවදය විඳ නැති අයට නවක වදය දීම තහනම් ඒක ඇත්ත. මෙම විශව විද්‍යාලයේ මෙය වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක උනා. සමහර විශ්ව විද්‍යාලවල නවක වදය දෙන්නේ යමින් එමින් අතර හා රැස්වී සිටින ස්තාවල පමණයි නමුත් මෙහි සම්ප්‍රධාය වෙනස් . එය විශ්ව විද්‍යාල කිහිපයක නවක වැඩ රටා එක්කර සෑදූවක්. කෙසේ වෙතත් මේ දක්වා එය මතක් කරන සෑම විටම හිනාවෙන්න පුළුවන් .
Deleteමම නං මේ දේවල් වලට කැමති නෑ. ඔය කරන්නේ තමන්ගේ දේශපාලන කණ්ඩායමට කට්ටිය එක්කාසු කරගන්න වැඩක් සහ තමන්ට නැති හැකියාවක් අලුතෙන් ආපු අයට තියේනං ඒක ටික කාලයකට හරි මොට කරල පැත්තකට විසි කරල දාන එක තමා. සරල හදුන්වාදීමක් සහ ජ්‍යෙෂ්ඨයන්ගේ උපරිම ආරක්ෂාවක් සහ සොයා බැලීමක් ලබා දුන්නනං ඔය යක්කුන්ට මින්සුසු රැග් කරල හිතින් සතුටු වෙනවට වැඩිය වටිනවා. අන්තිමට සෝසල් එක දවසේ ඇවිල්ල නාහෙන් අඩ අඩ අපි මේක කරේ ආදරේටය කියල කිව්වම ඔක්කෝම එකතු වෙලා බෑගිරි ගහල ඇඩුවම සේරම හරි..
ReplyDeleteඅපෙව් රැග් එක අතරතුර ෆැකල්ටි මීට් තිබ්බා. අපේ බැච් එකේ අය අරගන ගිහිල්ලා තරඟවලට තියලා දිනාගත්තා. අපි තමා 1 වුණේ.
Deleteවිචාරක දියණිය
This comment has been removed by the author.
ReplyDeleteකවුරු නැති උනත් ඔබ එදා හිටපු තත්වෙ විචා තුමා තේරුං ගන්න ඇති.
ReplyDeleteඔහුට හොඳ අවබෝධයක් තිබුණා හැමදේම ගැන. විශේෂයෙන් මා සියල්ල දරාගෙන කටයුතු කරයි කියලා ඔහු විශ්වාස කළා කියලා හිතනවා. ඔහු ගොඩක් කතාකරාන කෙනෙක් නෙවෙයි.
ReplyDeleteවිචාරක දියණිය
පසුගාමී අයගේ මෝඩ චූන්
ReplyDeleteඔව් කෙනෙකුට එහෙමත් හිතන්න පුළුවන්
ReplyDeleteවිචාරක දියණිය
මං ගිය උසස් අධ්‍යාපන ආයතනයේ රැග් තිබුනේ ඔයිට වඩා අඩු ඉතා අවම මට්ටමෙන්. ඒත් විඳින්නවත් දෙන්නවත් මට ආසාවක් තිබුනේ නෑ. සොඳුරුයි කියන රැග් වල ප්‍රශ්නය තියෙන්නේ පමණ ඉක්මවා යාමට ඇති ඉඩ. සොඳුරු කියන එකත් පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වෙනවා
ReplyDeleteඔබ හරි පුද්ගලයාට සාපේක්ෂව මෙය වෙනස්වෙනවා. ඉතින් මම ඒ එය අත්වින්දා එහි තිබුන රසය හෝ දුක අත්වින්දා ඒ පිලිබඳ සතුටුයි.
Deleteවිචාරක දියණිය
අනේ මටනම් මේක දැක්කාම පුදුමාකාර කලකිරීමක් ඇති වුනේ.රැග් එක හොඳයි කියන මානසිකත්වය තියෙන අය දැක්කාම. දෙවියනේ තමුන්ට කිසිමදාක වරදක් නොකරපු අහිංසකයකුට කන්න නොදී, බොන්න නොදී,නිදා ගන්න නොදී, මානසිකව පීඩනයකට පත්කරමින් ලබා ගන්නේ මොන ආකාරයේ තෘප්තියකද?.මේ නිසා වෙන්නේ නවක සිසුන්ගේ පෞර්ෂත්වය තද බල බිඳ දැමීමක්, ඒ වගේම ආත්ම විශ්වාසය බිඳ වැට්ටවීමක් නේද?.ඒ බව දැන දැනත් මේක හොඳයි කියන්නේ මොන මානසික මට්ටමකින්ද?...මමත් campus ගිය කෙනෙක්. ඔය කියන රැග් එක මමත් හොඳටම කාලා තියෙනවා. ඒත් එහෙම වුනා කියලා මටනම් junior batch වල එවුන්ට රැග් කරන්න මානසික මට්ටමක් තිබුනෙත් නෑ,කළෙත් නෑ.ඒ වගේම රැග් එකෙන් ඔය කියන මට්ටමේ batch fit එකක්, unity එකක් හැදුනෙත් නෑ, හැදෙන්නෙත් නෑ. ඕකෙන් වෙන්නේ batch එකේ seniorsලාට ගොට්ට අල්ලන,කේලම් කියන පිරිසක් බිහිවීමත් ඒතුළින් batch එකක අසමගිය වර්ධනයවීමත්,ඉහත කී ආකරයේ ගොටු කාරයින් batch එකේ පොරවල් වීමත්, ඔව්වාට විරුද්ධව හඞක් නගන්නවුන් කොන්වීයාමත් වැනි දේයි.අන්තිමට batchවල ඉන්න අහිංසකයෝ ටික මේකෙන් පීඩාවට පත්වෙනවා. ඒ වගේම තමන්ගේ පෞර්ෂ්‍යය හා ආත්ම විශ්වාසය බිඳ වට්ටවාගෙන ඒවෙනුවට seniorsලාට ගොටු ඇල්ලීම,කේලම වැනි දේ දිගටම කිරීම තුළින් මේ අය සමාජ ගත වුනාමත් ඒ දේවල් වල බලපෑම් ඇතිවිය හැකියි.
ReplyDeleteඔබගේ ප්‍රතිචාරය ඉහලින් අගය කරනවා. ලෝකය විවිධයි විෂමයි . කෙනෙක් කැමති දෙයට තව කෙනක් අකමැතියි. එය ලෝක ස්වභාවය හැබැයි එක දෙයක් අපේ බැච් එකේ බැච් ෆිට් එක නම් 100 % ට 200 % කින් මේක නිසා වැඩිවුණා. මොකද නුවරින් ආපු ය හිතාගෙන හිටියේ පොළොන්නරුවේ ඉන්නේ ගොඩයෝ කියලා ඒවා වෙනස් කරන්න බොහොඅම්යක් මේක හේතුවුණා. නැතිනම් සමහරු උන් හිටියේ එකෙක් මැරුණත් බලන්නැති ගානට.
Deleteවිචාරක දියණිය
ජයවේවා.............. විචා මේ බ්ලොග් එක හරහා ලොකු දැනුමක් ගොඩනැගුවා..... ඔබ ඒක ඉස්සරහට ගෙනයාවි......
ReplyDeleteඔබේ ප්‍රතිචාරය ඉහලින් අගය කරනවා. ඉදිරියේදී වෙනස් ලිපි ගෙන්න බලාපොරොත්තු වෙනවා.
Deleteවිචාරක දියණිය
කිසිදා නවක වදයක් විද නැති මට ඔබ ඇතුලු මෙවැනි දේ වලට මුබුණ දුන් අය ගැන දැනෙන්නේ පුදුම දුකක්.. "ඔබ" වැනි තවත් වැඩුනු නිතියෙන් වැඩිහිටියන් ලෙස සලකන අය කී දෙනෙක් මේ වගේ රූකඩ වෙන්න ඇති ද... තවමත් රූකඩ වගේ ජීවිත ගෙවනවා ඇති ද..
ReplyDeleteතමන්ගෙම ස්වාධීන මතයන් අනූව අන් අයටත් ගරු කරමින් යා යුතු වයසක අය මේ වගේ රූකඩ උනාම රටක් කොහොමද දියුණු වෙන්නේ.. ජීවිතේ දුකක් බව කියවෙන අන් අයගෙ මතයට, පැවැත්මට (සතුන්ගේ සහ ගහ කොළ වල පවා) ගරු කරන්න උගන්වන දහමක උරුම කරුවන් බහුතරයක් සිටින රටක මෙවැනි මානසික සමහර තැන් වල ශාරීරක වද වේදනා ලබා දීමෙන් රටට වැඩක් කරන්න තියන කාලය මානසික හා ශාරීරක ශක්තිය නේද අපතේ යන්නේ...
මෙහෙම දේවල් වලට මුහුණ දුන්නම කෙනෙක් පිරිසක් මැද තමන්ගේ මතය කියනන් කරන්න පැකිළෙනවා.. එහෙම තමන් යට ගිහාම ඉතුරු වෙන්නේ තමන් නොවන වෙනත් කෙනෙක් නිසා සතුටින් නෙමේ මිනිස්සු ජීවත් වෙන්නේ.. කලකිරිමෙන්..
මේ වගේ තමන්ගේ ආත්ම අභිමානය බිඳ හෙලන සමාජයක මිනිසුන් බලන්නේ කොහොම හරි තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න විතරයි..ඇත්ත බොරු කරන්න, ඇත්ත මඟ හරින්න, රවට්ටන්න , තමනට පහළින් ඉන්න අයව පිඩාවට පත් කරන්න වගේ අනිත් අයට මොනවා උනත් කමක් නැ.. එහෙම බිහිවෙන වැඩිහිටි පරම්පරාවකින් පැවත් එන දරුවන්ට මොකද්ද වෙන්නේ...
මේවට විරුද්ධව තමන්ගේ ආත්ම අභිමානය රැක ගන්න එක් කෙනෙක්වත් නැඟි හිටියෙ නැද්ද.. එහෙම හිතන්න පුලුවන් එක් කෙනෙක් හිටියා නම් අනිත් හැමෝමත් රැක ගන්න්න්ත් මේ වගේ මෝඩ වැඩ වලට නැවතීමේ තිත තියන්නත් හරි ලේසියි..
හැමෝම එක වගේ එක මට්ටමේ වෙන්න ඕන කියන හීනයට සමු දීලා හැමොගේම වෙනස් කම් වලට එක වගේ සලකන්න ආකල්ප වෙනස් කර ගත්තා නම්..
ඇයි මිනිස්සුන්ට පුරුදු වෙන්න බැරි තමන් සතුටක් සැහැල්ලුවක් වින්ඳා නම් ඒ සතුට දෙගුණ තෙගුණ කරලා අනිත් අයට දෙන්න වගේම.. තමන් දුකක් කරදරයක් මානසික පීඩනයක් වින්ඳා නම් ඒ පීඩනය දෙගුණ තෙගුණ අඩු කරලා අනිත් අයට දෙන්න.. ඇයි බැරි මිනිස්සු විදිහට අපේ තියන වෙනස්කම් ධනාත්මක විදිහකට ගලපගන්න..
Deleteරැග් එක කියන එක හැමදාම විවාදාත්මක මාතෘකාවක්.. හොඳයි කියල හිතන කොටසක් වගේම නරකයි කියල හිතන කොටසකුත් ඉන්නවා. ඒත් 'අම්බානක' රැග් වෙච්චි එකෙක් වෙච්චි මම නම් එකහෙලාම රැගින් වලට විරුද්දයි.. මට රැග් කරපු එකෙක් දිහාවත් දැන් අවුරුදු විස්සක් ගිහිල්ලවත් මට හැබෑ හිතවත්කමකින් බලන්න බෑ.. ඔවුන් 'පැහැදිලිවම' මට රැග් කරේ මාත් එක්ක තිබ්බ තරහට.. තරහ ඇතිවෙන්න ප්‍රධාන හේතුව අපි අතර තිබ්බ අඩු ජෙෂ්ඨතා වෙනස හා විභාග ප්‍රතිපලවලින් මට ඔවුන්ව අභිබවා යාමට තිබු හැකියාව.. ඔය හේතුව නිසාම 'බැච් යුනිටි' එක හැදන්න කියල එක කුණුකුඩේ බත් කාපු, එක කැරපොත්තා බෙදාගෙන කාපු, එක කොමඩ් එකේ වතුර බීපු, එකට ගුටි කාපු 'මගේම බැච් මේට්' ලත් පස්සේ කාලේ මාත් එක්ක උඩින් මිතුරු යටින් හතුරු උනා.. ඉතින් කෝ රැග් එකෙන් හදපු අර කියපු මොකක්ද එක? :)
ReplyDeleteඅවංකවම හිතට පුංචි හරි වදයක් දුන් කෙනෙක් දිහා ලැදියාවකින් හිතවත්කමකින් බලන්න බැහැ.. එහෙම බලනවා කියන කෙනා කරන්නේ තමන්වම රවට්ටා ගැනීමක්..
Deleteඑකට එකතු වීම නම් අරමුණ මීට වඩා කොයි තරම් මානුශීය වැඩකට ඇති දේ කරන්න පුලුවන් ද.. ඔය තැන් වලට එන්නේ මොළේ තියන අය නේද....
මේ වගේ වැඩ කරන අයට ලැජ්ජාවක් කියල එකක් දැනෙන්නේ නැද්ද දන්නේ නැ තමන් අනුන්ගෙන් කකා බිබි අනුන්ගෙන් ලැබෙන මුදල් වලින් නොමිලේ ඉගෙන ගන්න ගමන් කාලේ කන්න තමන්ගෙයි අනුන්ගෙයි.. ඔක්කෝටම හපන් මේ දේවල් සතුටින් පිළිගන්න අය.. ..
තමන් තනියෙන් ඉගෙන ගන්න ඕන කරන මුදල් , කෑම බීම , ඉන්න තැනක් හොයාගෙන කරන්න තිබ්බා නම් ඔය ගල් වෙලා තියන මොළෙයි හදවතුයි වැඩ කරන්න පටන් ගනිවී..
රැග් එකින් ( නවක අනුරූපතාවයෙන් ) ඔය කියන විදිහේ සාමුහික බවක් හැමෝටම එකම විදිහට සලකන බවක් පේන්න නම් නැ අද වෙනකන්..
අත්දැකීම් ලැබෙන්න එපැයි පරිණත වෙන්න. හැබැයි වැඩියෙන්ම බාන්න එවුන් එක්ක තමයි වැඩිනම් ෆිට් වුනේ
Deleteවිචාරක දියණිය