හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 November 2018

අහිමි ප්‍රජාතන්ත්‍රවාදය


ග්‍රීසි නගරයෙ ඇතැන්ස් පාමුල
                       මහාජනගඟ රැස්වෙමින්


එදා එහි තිබු ප්‍රජාතන්ත්‍රවාදය
                       කොහිගියාදැයි අසන්


දහස් වසරක් ඉක්ම ගිය පසු
එය මිලින වූ බව දැනන්


සියුස් දෙවියනි අපට සරණක්
                       වෙනු මැනවියයි කියන්




සල්ලි කහවණු මිටි බඳින ලෝකෙක
                       දේවදූතයො පැනගිහින්


ෂා රජුන්ලා ඉඩි අමින්ලා
                       මුසෝලිනිලා රජකරන්


කුලියටත් මිනිමරන දේශෙක
                       වාසභවනක් මිලදී අරන්


යුක්තියේ දෙවගනඳ ඇත්තේ
                       ඇස්දෙකේ පටිතදකරන්




මෙවන් දේසෙක වාස කෙරුමට මතු සසරෙදිවත් නොවෙන්
දේසෙ හැටියට  වාස කෙරුමට අපට ශක්තිය              දියන්

                      

විචාරක දියණිය  ප.ව. 18.30 පැයට

7 comments :

  1. යුද්ධය රට දරුණු ලෙස ධ්‍රැවීකරණය කළා. ඊට පසුව හොරකම් වැනි දේ සාමාන්‍යකරණය වුනා. දැන් ඔය එළිපිටම කෙරෙන වෙන්දේසි ගැන කවුරු බලයට ආවත් කිසිම පරීක්‍ෂණයක් කෙරෙන්නේ නෑ.

    ආණ්ඩු මාරුවෙන්නේ කවුද වැඩියෙන් දුෂිත කියන නිර්ණායකය මතයි. මන්ත්‍රී වෙන්දේසියේ පමණක් නොව, මහ ඡන්දයේදීත් එහෙමයි. ඒකයි දුක!

    අනිත් අතට, දුෂිත සිත් ඇති, තම තම නැණ පමණින් දුෂණයේ යෙදෙන ජනතාව නියෝජනය කිරීමට දැනට සිටින හොරු රැල තමයි සුදුසුම. මේකයි නියම ප්‍රජාතන්ත්‍රවාදය!

    ReplyDelete
  2. ඇත්තටම පවතින තත්ත්වය ශෝක ජනකයි

    ReplyDelete

  3. ධනවාදය ගිලගත් සමාජවාදය
    අපට (අ)හිමි අපේ ප‍්‍රජාතත්ත‍්‍රවාදය

    ReplyDelete
  4. මට හිතෙන්නෙ මේකට හේතුව ඡන්ද ක්‍රමය. දිස්ත්‍රික්කෙටම වියදම් කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. එතකොට සමාජ මෙහෙවරක් කියල හිතල ඉදිරිපත් වෙන එකා යට ගිහිං, වංගු ගහන බිස්නස් කාරයො උඩට එනව.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }