හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

30 December 2014

භයානක කුමන්ත්‍රණයක්

මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි. 

63 comments :

  1. අපි කොච්චර කමැති වුනත් මහින්ද ජන්දෙන් පරදී කියලා නම් හිතන්න අමාරුයි. ජන්දේ දාන්නේ ලංකාවේ බුද්ධිමත් ජන්දදයකයෝ නේ. සලමන් ගොය්යත් ආපු එකේ කට්ටිය ගංවතුරේ රෙදි උස්සගෙන ගිහින් ගහයි කතිරේ.

    ReplyDelete
    Replies
    1. නීතිය එකඟව කතිර ලබාගත්තට කමක් නෑ තමන්ගේ රෙද්ද ගලවලා ඡන්ද දායකයන්ට පෙන්නලා හරි. එහෙත් අවනීතියෙන් එනවානම් අනුමත කරන්න බැහැ.

      Delete
  2. කට කතාත් තටු නැතිව ඉගිල්ලෙනවා... මේවා ගැන කලිනුත් තොරතුරු ආවා.. මෛත්‍රී පිලත් මේ ගැන දැණුවත් ඇති.. මොකෝ එයාලටත් හැමතැනින්ම තොරතුරු එනවා.. කොහොම කෙසේ වෙතත්.. මහින්ද මහත්තයා ආයේ දින්නොත් නම්, රට දරුණු අගාදයකට යනවා සෑම අතින්ම...

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා නම් කටකතා නෙවෙයි. සෑහෙන්න විශ්වාසදායක තොරතුරු.

      Delete
  3. ඔහොම කතා ගියා 2010 ත්. ඉන්දියාවත් ගාවගෙන තිබුණා. අනේ මන්දා. අපි බලමු නේ?

    ReplyDelete
    Replies
    1. නිකම් බලාගෙන ඉඳලා බැහැ. යම් සූදානම් වීමක් මහජනතාව තුළ ඇතිවිය යුතුයි.

      Delete
  4. අප කුමක් කළ යුතුද? මේ කතා මෛත්‍රී පිලත් දන්නවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. දන්නවා දන්නවා, නමුත් සර්පයකු ඉන්න බව දැනගෙන සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඌ කොහෙන් ඇවිත්, කොහොම දෂ්ඨ කරයිද කියන එකත්, ඒ සඳහා ගතයුතු ආරක්ෂක පියවර මොනවාද යන්නත් දැනගෙන සිටිය යුතුයි. නිළ ඇඳුම් අඳින ලොකු සර්පයෙක් කයිය ගහපු තැනක්, දිනයක් හා කියපු දේ, ඉතා පැහැදිලිව මට වාර්තා වෙලා තියනවා.

      Delete
  5. මෛත්‍රී පිලත් ඔය ගැන දැනගෙන ඉන්නවා වෙන්න ඕන.

    එත් 8 වෙනිදා ට පස්සේ අත්තිවෙන තත්ත්වේ මේකයි කියල අපි කාටවත් හිතාගන්න බෑ.

    ඉන්න වාහෙම පත්වුනොත් නම් වැඩි කල් නොගිහින් කැරැල්ලක් ඇතිවෙයි.

    ReplyDelete
    Replies
    1. නියම යුද්දේ තියෙන්නේ 8 වෙනිදට පස්සේ කියලා තමයි මටත් පෙනෙන්නේ.

      Delete
  6. බලාගෙන කට කතා පතුරවනවා කියා ඔබටත් දේශද්‍රෝහියෙක් වෙන්න වෙයි,මොකද විමලයලා,අමරසේකරලා,නානසාරලා,ඉත්තෑවලනෙ යුද්දෙ කරලා දිනල දුන්නෙ. කොහොම වුනත් පරිස්සමින් අපට වඩා හොඳින් ඔබ දන්නවනෙ ක්‍රමය.පැරදුනත් ලේසියෙන් බලය අතාරින එකක් නෑ.මාමා හිතගෙන ඉන්නෙ යුද්දෙ දින්න නිසා එයාව යාවජීව ජඩාදිපති කරල එයාට කලගුන සලකන්න යටත් වැසියොවග බලාගන්න ඕන කියලනෙ.

    ReplyDelete
    Replies
    1. තීරණාත්මක අවස්ථාවකදී මෙට වඩා ජීවිතය පරදුවට තියන්න මම සූදානම්. මම දැන් මැරුනොත් මගේ පවුලේ අයට එතරම් විශාල පාඩුවක් වෙන්නේ නැහැ.

      Delete
    2. MAMATH DORA POLLAKA ARAGENA ENNAMA MAME

      Delete
    3. විචාරක තුමා විතරක් නෙවේ අපිත් ලෑස්ති ඕන දෙකට. මම

      Delete
  7. කොහොම හරි මහින්ද දිනනවා නේ අපට ඒ ඇති












































    කියා සිතන අයත් ඇති

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ට් එකේ මේ ලොකු හිඩැස මොකක්ද? පින්තූරයක් දැම්මද?

      කොහොමහරි දිනන්න ගිය බොහොම දෙනෙකුට මීට කලින් කෙලවෙලා තියන බව දැන් කොහොමහරි දිනන්න හදන අයට අමතක වෙලා වගේ.

      Delete
    2. උඩ කොටස සහ යට කොටස එකට කියවපුවාම තියන තේරුමට වඩා ලොකු වෙනසක් උඩ එක විතරක් කියවුවාම එනවා. ඒක නිසා දාපු හිඩැසක්

      Delete
    3. කලුවගෙ ඔළුවෙ තියෙනෙ හිඩැස තමයි ඒ නිරූපණය වෙලා තියෙන්නෙ.

      Delete
  8. මෛත්‍රි් යහපාලනය වෙනුවෙන් මැරෙන්න උනත් ලැහැස්තියි නේ. අවුලක් නෑ..

    මොක උනත් දැං අපට රටක් නැති බව නං කියන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මැරිලා නෙවෙයි දේශ්, අපි ජීවත්ව ඉන්න ගමන් මහජනතාවගේ බුද්ධිය පෝෂණය කිරීමෙන් තමයි දිනන්න ඕනෙ.

      Delete
  9. අහෝ ඛේදයකි...
    මේකත් අර කපුටු තට්ට කපුටො හතක් වුණ මොඩල් එකේ එකද්ද විචාරක තුමා

    එළඹෙනා නව වසර සාමයෙන් සන්තෝසනේ පිරුණ කිරි පැණි වෑස්සෙන
    සුභම සුභ නව වසරක් වේවා....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. එක කපුටෙක් විතර ඉන්න බැරිකමකුත් නැහැ. නමුත් මා විසින්ම කල කරුණු සොයාබැලීමක් පදනම් කරගෙනයි පෝස්ට් එක ලිව්වේ.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මම නං මයිත්‍රීපාල සිරිසේන මහතාට මේ පාර. තව අපේ ගෙදර ජන්ද දෙකක් මයිත්‍රීට. තව ජන්දයක් තාම දෙපැත්තට. ඒකත් මයිත්‍රී කරන්න ඉඩ තියෙනවා. මොකද පහුගිය ටිකේ මම රාවය පත්තරේ එහෙම ගෙනාවම ගෙදර හැමෝම ඒක බලනවා. එතකොට තේරෙනවනේ රටේ තත්වේ.

    මම නං මයිත්‍රී දිනයි කියන විශ්වාසෙන් ඉන්නේ. විචාරක මෙහි කියා ඇති දේවල් එතුමන්ලාටත් දැනගන්නට ලැබෙනවා ඇතිනේ. ලංකා ඊ නිවුස් වලත්, නිවුස් බර්ඩ් කියන වෙබ් අඩවි වලත් විචාරක කියා ඇති දේට සමාන දේවල් සදහන්ව තිබුනා. ඔය පහල තියෙන සයිට් එක බලන්න. විචාරක දන්නවනේ ඒක කරන ආරක්ෂක වාර්තාකරු ගැන.

    http://newsbirdsrilanka.com/

    කොහොමහරි මහින්ද ආයේ බලයට අවොත් රට අස්ථාවර වෙනවා එකේ දෙකක් නෑ. එහෙම උනොත් නං මම කල්පනා කරේ මෙහෙ තියෙන දේපල ඔක්කොම විකුනලා දාලා ගෙදර අයත් එක්ක රට පනින්නං කියලා.

    ReplyDelete
    Replies
    1. මං ඔය ලින්ක් එකට ගියාම විචාරකගෙ පෝස්ට් එක කියවනකොට ඇතිවුන සිතිවිලි වෙනස්වුනා.රාජපක්ෂලගෙ ගෙදර වලියකුත් ඒකෙ දාල.රාජපක්ෂලගෙ ගෙදර පවුලෙ සාමාජිකයන්ට අමතරව විපක්ෂෙ වාර්තාකාරයෙකුත් ඉන්නවද
      ඊ නිව්ස් එකේ නියෝජිතයෙක්නම් ඕනම රහසක් කතා කරන තැනක තියාගන්න ආන්ඩුව සැළකිළිමත් වෙන බව අපි ඉස්සර ඉදන්ම දන්නවනෙ.
      විපාක්ශිකයන්ගේ පරිකල්පන ශක්තිය නරකමත් නෑ

      Delete
    2. අරලිය ගහ මන්දිරයේ දැන් නැවතී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා තමයි. හැබැයි ඒක රජයට අයිති තැනක්. ඔතන ඉන්න සේවකයෝ ඔක්කොම මහින්ද රාජපක්ෂ මහතාගේ අය නෙමෙයි. ඒ අය එතන වැඩ කරනා අය. කවුරු අගමැති වෙලා,ජනාධිපති වෙලා ආවත් ඒ අයගේ රාජකාරිය එතන සේවය කරන එක.එතනට පාලකයෝ බලයට එන හැටි,යනහැටි,ඔවුන් කරන කියන දෑ එම සේවකයන් දකිනවා.අන්න ඒ අය තමයි ඔය විස්තර දෙන්නේ.

      Delete
    3. මම කිසිම කෙනෙකුගෙන් ඉල්ලන්නේ නැහැ මහින්ද රාජපක්ෂට හෝ මෛත්රීආල සිරිසේනට හෝ ඡන්දය දෙන්න කියලා. තමන්ගේ බුද්ධිය මෙහෙයවලා කාට ඡන්දය දුන්නත් කමක් නැහැ. නමුත් තම ප්‍රතිවාදියා විනාශකොට ජයගන්නට යමෙකු උත්සාහ කරනවානම් ඒ පුද්ගලයා ප්‍රජාතන්ත්‍රවාදියකු නොව ගහලයෙක්.

      Delete
  12. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්,//

    පරස්පරයි නේද ඒ කියන්නෙ ජනාධිපතිවරණය සාධාරණව පවත්වන්නෙ නෑ ඒ නිසා මෛත්‍රීපාල දිනනව ඊට පස්සෙ අනික් සෙල්ලම්.
    ඔය වගෙ කට කතා කවදත් ගියා.ඩඩ්ලි ලගෙ කාලෙ විජේවීරගෙ ප්‍රධානම කියමන වුනේ ඩඩ්ලි 1970 චන්දෙ තියන්නෙ නැතිව හමුදා ආන්ඩුවක් හදනව කියන එකලු.
    මහින්දට චන්දෙ දෙන කෙනෙක් වුනත් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් විනාශවෙනවනම් මම විරුද්ධයි.මම විතරක් නොවේ බහුතරයක්.මොකද ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් විනාශවුනොත් ආයෙ ගොඩනගන එක අමාරුයි.
    රට ජාතිය ආගම වගෙ දේවල් ඉස්සරහට දාගෙන ප්‍රජාතන්ත්‍රවාදයට වින කැටපු අවස්ථා ලෝක ඉතිහාසයෙන් හොයා ගන්න පුළුවන්.
    පාකිස්තානයෙත් ඉන්දියන් බිල්ල පෙන්නල හමුදාව දේශපාලනයට මැදිහත් වෙනව.අන්න ඒ වාගෙ
    හැබැයි කට්ටිය ටිකක් දඩි බිඩි වැඩවලටත් නැඹුරුවක් තියන නිසා කියන්නත් බෑ.
    හැබැයි ඔබ යමක් දන්නවනම් ඒක ප්‍රසිද්ධ කරන්න ඕන බ්ලොග් එකෙන් බැරිනම් වෙනක්‍රමයකට හරි.

    ReplyDelete
    Replies
    1. 1. විජේවීර 1970 කාලේ ප්‍රසිද්ධ වේදිකාවල කරපු කතා බොහොමයක් මම අහලා තියනවා ඒ කාලේ මම ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයකු නිසා. ඔහු ඩඩ්ලි ගැන කිව්වේ අධිරාජ්‍යවාදී ගැත්තෙක් කියලා පමණයි.

      2. කිසිම පරස්පර විරෝධයක් නැහැ මගේ ප්‍රකාශනයේ. එතන මා කියන්නේ විකල්ප සිදුවීම් දෙකක්. මම මේ ගැන තවමත් සෑහෙන තරම් දුරකථන සංවාදවල යෙදෙමින් ඉන්නවා.

      3. ලංකාවේ දැනට තහනම් කරැති වෙබ් අඩවි ප්‍රොක්සි මගින් බලන්න.

      ඊයේ මම කුරුණෑගල නගරයේ සිටියදී ප්‍රධාන ලාම්පු දල්වාගත් පොලිස් මෝටර් බයිසිකල් දෙකක්, ප්‍රධාන ලාම්පු සහ නිල් රතු ආලෝක දල්වාගත් පොලිස් කාරයක් මගින්, ටිපර් රථයක් කැටුව ගියා. ඒ ටිපර් රථයේ පටවා තිබුනා, රෙද්දකින් වැසූ කාරයක්. ටිපර් රථයට පසුපසින්, විශේෂ කාර්ය බලකායේ සෙබළුන් සහිත ජීප් රථයක් ගියා. මා හිතුවේ, ප්‍රභූ වාහනයක් අබලන්වී රැගෙන යනවා කියා. නමුත් ලොකු දේශපාලක පුතුන්ට අයත්, ලංකාවේ මුදලින් කෝටි ගණනක් වටිනා කාර් 6ක්, හදිසියේ පිට රටකට යැවූ බව ලංකාවේ බලන්නට බාධා කර ඇති වෙබ් අඩවියක අද සඳහන් වුණා.

      Delete
  13. ලස්සන වසීලිස්සා කියෙවුවා වගේ.... හරිම නිර්මානාත්මකයි....

    ReplyDelete
    Replies
    1. වසිලිස්සා ද වහුපැට්ටා ද

      Delete
    2. වහු පැට්ටා ලියපු වසිලිස්සා

      Delete
    3. වහු පැට්ටෙක් වෙන්න බැහැ.... නාකි ගොන් මාල්ලෙක්

      Delete
  14. ඒ කියන්නේ අපි සිරියා ටයිප් එකට වැටෙනවා කියන එකනේ. ISIS කට්ටිය මයිත්‍රී පිළේ හින්දා ගේම නැගලා යයි වගේ. බලන් ඉමු.

    ReplyDelete
    Replies
    1. සිරියා ද කොරියා ද මම දන්නේ නෑ සෙන්නා, අපේ රටේ මිනිස්සු මීටවඩා මිනිස්කමෙන් හිතන බලන කාලයක්, අපේ ජීවිත කාලය තුළ එන්නේ නැහැ කියා දැනෙනවිට, පපුවට දැනෙන්නේ මහා වේදනාවක්.

      Delete
    2. හයියෝ මොන දුකක්ද විචාරක මහත්තයෝ.. !!! ඔන්න ඔහෙ අල්ලලා දාන්න. දිනන එකෙක් දිනපුවාවේ...කුමන්ත්‍රණ කියන ඒවා දේශපාලනේට අලුත් දේවල් නෙමේනෙ.. මෛත්‍රී ඕක නොදැන ඉන්න විදිහකුත් නෑනෙ.. එයත් බබෙක් නෙමේනෙ...එයත් චෞර ‍රැජිණ එක්ක එකතු වෙලා කළේ කුමන්ත්‍රණයක්නේ... ඔය දෙන්නටම ( මරා සහ මෛත්‍රී ) තියෙන්නෙ බල ලෝබය මිසක් රට ගලවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාව නෙමේ.. කවුරු හරි එහෙම හිතනවානම් ඌ මහ පල් මෝඩයෙක්...

      Delete
    3. සෙන්නා +++++++++++

      //ඔය දෙන්නටම ( මරා සහ මෛත්‍රී ) තියෙන්නෙ බල ලෝබය මිසක් රට ගලවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාව නෙමේ.. කවුරු හරි එහෙම හිතනවානම් ඌ මහ පල් මෝඩයෙක්...//

      සරල සත්‍ය

      Delete
    4. //පපුවට දැනෙන්නේ මහා වේදනාවක්//

      පපුව රිදෙනවා නම් ඉක්මනට නයිට්‍රොග්ලිසරින් ටිකක් දිව යට තියා ගන්න...

      Delete
    5. @ Sa rasaDecember 31, 2014 at 5:23 PM
      සිංහල භාෂාවේ යෙදුම් බොහොම සංකීර්ණ, රසවත්, ගැඹුරු, අර්ථ වලින් යුක්තනේ. මෙතන පපුවේ වේදනාවත් අන්න ඒ වගේ එකක්. මෙය භෞතික නොවේ. මානසිකයි.

      නයිට්‍රොග්ලිසරීන් ටිකක් ඉස්සරනම් පහසුවෙන් ගන්න තිබුනා අපේ හමුදා කඳවුරුවල තිබුණ ඩයිනමයිට් එකක් කෑවානම් :e

      Delete
  15. මේ පෝස්ට් එක ඇනෝ කෙනෙක් පැරාගේ පෝස්ට් එකේ කොමෙන්ට් එකක් විදියටත් දාල තිබ්බා.. මරා දැන් දන්නව පරදින්න යන බව. කෙළින පිස්සු වලින් ඒ බව හොඳටම පේනවා. අනිවා ලේසියෙන් අතාරින එකක් නෑ පැරදුනත්.. මට බය තියෙන්නේ චන්දෙට කලින් මොකක් හරි ගිනි විජ්ජුම්බරේකට සෙට් වෙයි වගේ කියල.. බල්ලට පිස්සු වැටුනම කිසි දෙයක් අඳුන ගන්න බෑ.. දකින දකින එකා හපා කනව කවුරු හරි මරල දානකම් නැත්නම් මග මැරිල වැටෙනකම්.. මේවට ඔය වටේ ඉන්න වන්දිබට්ටයොත් වග කියන්න ඕනි.. මිනිහෙකුට හොඳ නරකක් කියල දෙන්නෙ නැතුව ඕන එකටයි එපා එකටයි ඔක්කෝටම යේස් යේස් සර් කියල පිට කසනවට.. ඔබ තුමාත් කෝකටත් පරිස්සමින්..

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනව පරදියි කියල.1999 දි 2005 දි 2010 දි සුළුජාතික ඡන්ද ගෙඩිය පිටින් ගිය එක අවුලක් නොවුනෙ සිංහල ඡන්ද බහුතරය ආන්ඩුවට ආපු එක.මේ පාර සිංහල ඡන්දත් බහුතරය විපක්ෂයට යන තත්වයක් තියෙන්නෙ.ඒ වගේම බලු සේනා,සීතා බලය වගෙ කල්ලි දාගෙන කරපු වැඩ නිසා ඉතා සුළුවෙන් ආපු සුළුජාතික ඡන්ද පදනමත් නැතිවෙලා.ෆෙරියල් අශ් රෝෆ් ගෙ කල්මුනේ සමන්තුරේ චන්ද අතාවුල්ලගෙ අක්කරෙපත්තුවෙ චන්දත් නොලැබෙන පාටයි.අතාවුල්ල ආන්ඩුවෙ ඉන්න එකෙන් බලපෑමක් නෑ.
      තොන්ඩත් ශුවර් නෑ.ආරංචියෙ හැටියට වතු දෙමළුත් ආන්ඩුව එක්ක ඔරොප්පුවෙන් ඉන්නෙ.
      චන්දෙ අවුරුදු හතරෙන් තිබ්බ නිසා හොඳට ගියා.නැත්නම් ඊලඟ අවුරුදු දෙකේදි බලුසේනාවල් කතෝලික චන්දත් කඩනව.

      Delete
    2. සාධාරණව මැතිවරණය තිබුනොත් එක ඡන්දයකින් හෝ මහින්ද පරදිනවා. නමුත් අපේ රටේ ඡන්ද දායකයන් තරම් ක්‍ෂණිකව අදහස් වෙනස්වන සහ ඡන්ද ගුණ්ඩු වලට අහුවෙන ජාතිය කොහෙවත් නැහැ.

      Delete
  16. තාමත් මහින්ද පරදින තැනකට මේ සටන ඇවිත් නෑ. සිරිසේනගේ බිම් මට්ටමේ ප්ප්‍රචාරණ යාන්ත්‍රණයක් ඇත්තෙම නැති තරම , අන්තිම සතියේ සජිත් හරි ෆොන්සේකා හරි මුළු සේසතම දීලා හරි ගත්තම් ගේම ක්ලෝස්

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලගෙම බිම් මට්ටම අවුල් නේද ඇමතිවරුත් වැඩකරන පාටක් නෑ.මං කියන්නෙ වයඹ පළාතට අදාලව.රටේ අනෙක් තැනුත් මෙහෙම වෙන්න ඇති.යූඇන්පී චන්ද ගෙඩිය පිටින් සිරිසේනට යනව.පාවෙන චන්දත් වැඩිපුර යන්නෙ සිරිසේනට.සිංහල චන්ද දෙන්නටම 50:50 වුනත් සුළු චන්ද ගෙඩිය පිටින් ලක්ෂ 10 ක් එනකොට සිරිසේන දිනනවනෙ.

      Delete
    2. ඉවාන් පවුලූශා ගේ කතාවෙන් හැඟෙන්නේ ඔබේ ඡන්දය මහින්දට බව මිස වෙන දෙයක් නොවේ. ඒ සමගම ඔබ කටවුට් කැන්වසින්වලට කැමති බවක් යාන්තමට මෙන් හැඟේ.

      නමුත් හිතේ පොඩි තිගැස්මක් ද ඇති හැඩයි. මාලු බාන්නට යෝජනා කරන්නේ එනිසා විය යුතුයි!
      ;-)

      Delete
    3. රසික ලොජිස්ට්ගේ වැරදුනු ලොජික් එක :D

      Delete
    4. කිසිම විද්‍යාවක් පරිපූර්ණ සත්‍යය නොවේ. පර්යේෂණ, නිරීක්‍ෂණ, නිගමන මගින් ක්‍රමක්‍රමයෙන් දෝෂ නිවරදි කර ගැනීම විද්‍යාත්මක ක්‍රමයයි.

      Delete
    5. මං ඕකනෙවැ කියන්නේ ඔය ඉවානය දන්න උලව්වක් නෑ. චැහ් …

      මං මේ ටිකේ ඉවසං ඉන්නේ මැතිවරණ ප්‍රචන්ඩ කිරියා කියල මාව කුදලං යයි.නැත්තං දනී ඉවානයට දෙන හැටි . ඕ යේස්



      Delete
    6. @ පත්තරේ. උඹට බැරිද ඔය පැත්තේ ඉන්න කට්ටියක් එක්ක ඇවිත් චන්ද ටිකක් දාලා යන්න?

      Delete
    7. නරක ආරන්චි රැගෙන එන "ඉවාන්" නැමති පනිවිඩ්කරුවා ගස් බැඳ My3 ගේ ප්‍රචාරක කටයුතු ගම් මට්ටමෙන් නගලා යනවා කියනතෙක් අංබානට පහර දෙමු...

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. තේ රෙන්න ඉතිං තේ කන්න ඕනෙනේ

      Delete
  18. විචාරක මට ඔබව හැකි ඉක්මනින් පුද්ගලිකව ඇමතීමට අවශ්‍යයි ඔබගේ emali ලිපිනය මෙම බ්ලොග් එකෙහි සදහන් කරන්න .

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මට මේ මුකුත් හිතා ගන්න බෑ....... ලොකු පෙරලියක් ඇති වෙන බව නම් විශ්වාශයයි... ඒක වෙන්නේ කොයි විදියටද කියල නම් දන්නේ නෑ. තත්වය භයානක වග නම් දන්නවා.හැමෝම පරෙස්සමින්....... හිටියොත් ඇති.

    ReplyDelete
    Replies
    1. පරෙස්සම් වීම මෙන්ම සිදුවන්නේ කුමක්ද කියා අවදියෙන් සිටීම වැදගත්.

      Delete
  21. පෙරලියක් වෙන එක ගැන නම් සතුටුයි.
    ඒත් මහින්දයා ඕක ලේසියෙන් අතාරින එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. අතාරින්නෙ නැතුව හිටියොත් අපි එකතුවෙලා අතෑරවන්න ඕනෙ.

      Delete
  22. දේශපාලනය මා කතා නොකරන අතර, තිබුනොත් චන්දය පමණක් භාවිතා කරමි..
    ඒ ගැන අමනාප නොවන්නැයි ඉල්ලන අතර, මෙසේ කතා කිරීමෙන් පලක්ද නැති බව සිතමි.. මන්ද, පළමුවැනි කමෙන්ටුවේ කියා තිබෙන පරිදි, චන්දය දෙන්නේ අපේ බුද්ධිමත් ජනතාව වන බැවිනි..
    විචාරක තුමා ඇතුළු බ්ලොග් ලියන කියවන ඔබ හැමට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරමි!

    ReplyDelete
  23. විචාරකයෝ..................

    සුභම සුභ නව වසරක් වේවා........................

    කුගැගීප

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }