හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

11 December 2014

My3 ඔයාට බම්බුව තමයි ඔන්න

ඔන්න My3 තරහ වෙන්ඩනම් එපා. මාමා අද ලියුමක් එවලා තිබුණා. මාමා අස්සන් නොකළට මේක මාමගෙ චින්තනේට පහ වෙච්චි...... හුටා..... පහළ වෙච්චි, මල් මසුරං අදහසක්ලු. පොහ්...........My3 ට තවම බැරිඋනානේ, My3 චින්තනෙන් අපිට නොමිලේ දත් හාරන කටුවකුයි, කංහැන්දකුයි දෙනවා කියලවත් කියන්ට. බලන්ටකෝ පහළ තියන ලියුම. අද තමා තැපෑලෙන් ලැබුණේ. මාමා ගානේ ගෙදරටම පොං එකක් ගෙනැල්ලා දෙනවලු. සියලුම පැන්සොන් කාරයන්ට. ඉරිසියා කොරන්ට එපා බොලල්ලා. මාමා මෙව්වා දෙන්නේ, ආයෙ මොකවත් ආපහු ගන්ට බලාගෙන නෙවෙයි. මනුස්සකොමට, මනුස්සකොමට. මොකෑ මෙව්වා දීලා චන්දෙ ඉල්ලන්නයැ. 


The Letter


   පේනවා නේද මාමගේ වැඩ. මොකද මෙව්වා මේ රටේ සල්ලි වලින් දෙන එව්වද? තනිකරම මාමගෙ බූදලෙන් දෙන එව්වනේ. අම්මපා......ආයේ දෙකක් නෑ, ඔය පොං එක ගත්ත ගමන් මං දෙනවා මාමට කෝල් එකක්. දීලා මාමගේ හත්මුතු පරම්පරාවටම හමන්නනවා  පින් දෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ පාර එක කතිරයක් ගහලා මදි මටනම් මේ දුන්න තෑග්ගට. ගහනවා කතිර දෙකක්ම. ඕ යේස්.

   දැන් මේ නොමිලේ පොං බෙදිල්ලට දෙපාර්තමේන්තු, ආයතන, බර ගානක් එකතුවෙලා ඉන්නවා මේ ලියුමේ තියන විදිහට. ඉතිං ඒ බත් බැලයන්ගේ  උත්තමයන්ගේ අතිකාල දීමනා, යැපුම් දීමනා, ප්‍රවාහන දීමනා, අර දීමනා, මේ දීමනා, ඔක්කොම ගෙවන්න වෙන්නේ මාමටමනේ. මොකද ඔය එක ආයතනයකවත් අරමුදල් වලින්, එක හූණු බිජ්ජක් තරම්වත් දෙයක් මෙව්වට දෙයි කියලද, එක වාහනයක් වත් දෙයි කියලද, පැට්ටෝල් ගහලා දෙයි කියලද, මෙච්චර මේ ජනාදිපතිවරණ වැඩ අස්සෙත්, මාමටම තමා ඔව්වට වියදං කොරන්න වෙන්නේ තමන්ගෙම පොකැට්ටුවෙන්. චික් අම්මපා.......... මේ එතනෝල් ගෙන්නන, කුඩු විකුණන, ඉස්කාගාර අයිති, එක ඇමෑත්තයෙක්, අඩු ගානේ කෝටි 50ක සුවීප් එකක් දිනපු, තිත්ත ඇට්ටනායක උන්නැහෙවත්, 'බීඩියක් බීලා බුලත් විටක් කන්න තියාගනින් මාමේ' කියලා, දෙකයි පණහක් දෙයි කියලද?

   ඔන්න My3 නොකිව්වයි කියන්න එපා. Samsung Galaxy S5 එකක්වත් දුන්නොත්, චන්දෙ දීම ගැන සලකා බලනවා. නැත්තං ඉතිං බම්බුව තමයි.

   හැබැයි ඊට පස්සේ මාමා ඊට වඩා ලොකු එකක් දුන්නොත්..........?

   හුටා...................................!


2014 දෙසැම්බර් මස 11 වැනි දින 1320 පැය

29 comments :

  1. කළගුණ පැකේජය.. හුටා.. මටත් කට පියා ගෙන ඉන්න බෑනේ.. ඕන් මං නම් මොකුත් කිව්වේ නැතෝ..

    ReplyDelete
    Replies
    1. කළගුණ කියන්නේ කෙළෙහිගුණ. කෙළෙහි ගුණ දන්නේ පඩික්කම. මොකද අපි පඩික්කමට කෙළ ගැහුවම, ඒ කෙළෙහි ගුණ දැනෙන්නේ පඩික්කමටනේ.

      සමහරු 'ගෙදර පඩික්කම තියාගෙන ජනේලෙන් කෙල ගහනවලු' මාමත් එහෙමද මන්දා.

      Delete
  2. මටත් ලැබුනා.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒහ්, දේශා පැන්සොන් කාරයෙක්ද.
      හිතන් උන්නෙ 30ක් විතර පොරක් කියල

      Delete
    2. ඔවු මිනිහ 30 දි තමයි පැන්සොං ගිහිල්ල තියෙන්නෙ. :D

      Delete
    3. @ ඇනෝ සහ ප්‍රසන්න.

      ඔන්න වැඩේ අහුවුනා නේද. බලනකොට දේශා මටත් වඩා මැන්ටල් පොරක්.

      Delete
  3. කළගුණ පැකේජය... හුහ්.... මේක මහින්දටම ගිය රට එහෙනං.
    මේ ටිකේ පෝස්ටර් වලට යන වියදම් වලින් යස අගේට ගම් කීපයකටම සහන සැලැස්සුවෑකි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ පොං එක ලැබෙනකල් මම මග බලාගෙන ඉන්නේ, කෝල් එකක් අරං මාමගේ හත්මුතු පරම්පරාවම මතක් කරලා කළගුණ සලකන්ඩ.

      Delete
  4. අපේ නෝනගේ පුංචිටත් "උපහාර" පැකේජ් එකක් හම්බවෙලා, උන්දැ මැරෙණකන් නිවනක් නැතිව උන්නේ නෑ පරපුරටම.. දැන් ඉතින් විචාරක උන්නෑහේගේ නෑ පරපුරටත් කනක් ඇහිලා ඉන්න හම්බ වෙන එකක් නෑ. හැබයි ලොක්කෝ පට්ට පාඩුවක් තියෙනවා.. පැන්සොන් පෝළිමේ ආතල් එකේ ජැක් එකක් ගහපු වැඩේ කොර ගන්න බැරි වෙනවා.. අනික නෝනට ගාන මාට්ටු වෙනවා.. කොහොමෙයි අපේ ලොක්කගේ ටැක්නොලජි..

    ReplyDelete
    Replies
    1. ජැක් එකේ ඔයිල් සීල් ගිහිල්ලා, වදින්නෙම නෑ.

      පැන්සොන් එක බැංකුවට නොගිහින් ගැනිල්ල කොහොම වෙතත් ඒකටත් ජයසුන්දරයා බද්දක් ගහයිද දන්නෑ.

      Delete
    2. කබ්ස් තාම මොනවත් කිව්වෙ නෑ නේද? ෆිගර්ස් හොයාගන්න බැරිතරමට උද්ධමනය පහතට ගිහින්ද දන්නෙ නෑ

      Delete
  5. මොණරාගලට වගේ ලංකාවටම දෙදාස් පන්සීය ගානෙ බෙදයිද දන්නෙත් නෑ. අපේ පැත්තෙ වපුරල තියෙන බණ්ඩි ගොයමටත් බිත්තර වී වල ගාන දෙනව මේ දවස්වල.

    ReplyDelete
    Replies
    1. තව හෙට අනිද්දා වෙනකොට ආච්චිලාට සනීපාරක්ෂක තුවා බෙදනවලු.

      Delete
    2. තුවායට පොටෝ එක දැම්මනං කෝමෙයි? හැක් හැක්

      Delete
    3. අපේ ගෙදෙට්ට ආවනේ බං සමුර්දිය දෙන්ඩ , මම උන්දලට කියල දුන්නා සමුර්දිය දෙන්ඩ ඕන කාටද කියල . නොදන්න කමට වෙන්ඩ ඇතිනේ මෙහේ ආවේ ,

      මන් දන්න ගෙදරක් තියනව , වැන් එකක් සහ බයික් තුනක් තියනව , පොලියටත් දෙනව බිස්නසුත් කරනව , ඒ ගෙදර නාකිච්චිත් සමුර්දි ලාබියෙක්

      Delete
  6. විචාරක මහත්තයො, අර මාසෙට 199 ගෙවන්න ඕන කියල පොඩි අකුරෙන් ගහල තියෙන්නෙ ඔය කොලේ පිටිපස්සෙද?

    ReplyDelete
    Replies
    1. දසේ කිව්වට පස්සේ මම බැලුවා. එහෙම එකක් නම් තිබුණේ නැහැ. වයසක අපේ ඇහැට නොපෙනෙන තරම් කුඩාවට ගහලා තියනවද දන්නෑ.

      Delete
    2. මේ තියෙන්නෙ විස්තරේ. ඕක ගන්න දාන ඇප්ලිකේෂන් එකේලු ඒක ගහල තියෙන්නේ. "මෙය නොමිලේ ලබා දෙන බව සඳහන් කළද අදාළ දුරකතන කාර්යාලයට ගොස් අයදුම්පත් සකස් කිරීමේදී ඉතා කුඩා අකුරෙන් මුද්‍රණය කර ඇත්තේ රුපියල් 199 ක මාසික ගාස්තුවක් හා එයට අදාළ සියළු බදු මුදල් එකතු කර ඇති බවය. මාස 24ක් පුරා මෙය අඛණ්ඩව පවතින බවද දක්වා ඇත. ඊට අමතරව මූලික තැන්පතු ගාස්තු වශයෙන් රුපියල් 500ක් ගෙවිය යුතුය" http://www.infosrilankanews.com/2014/12/mahinda_6.html

      Delete
    3. හෙහ් හෙහ්...........දසේ, මට පෙනෙන්නේ මාමා අරිනකොට අරින්නේ දෙකොනින්ම යන්න වගේ.

      Delete
  7. ලොක්කා අපේ සල්ලි වලින් දෙන ඇස් ෆයිප් එක දාන්න දේදුන්නේ පාටින් මයිතිරි මහත්තයා දෙනවලු කේස් එකක් .. කොහොමද වැඩේ?

    ReplyDelete
    Replies
    1. කොහොමටත් මෛත්‍රී මහත්තයා දැන් ලොක්කට කේස් එකක් වෙලා තියෙන්නේ.

      Delete
  8. මොනවා වුනත් විචාරක උන්නැහැටත් පෝන් (porn) ගැන උනන්දුවක් ආවනේ මාමා නිසා.

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ තියන එකත් එපාවෙලා ඉන්නේ වෙලාවකට එන තේරුමක් නැති ඇමතුම් නිසා.

      Delete
  9. නිකම් අසාධාරණ කතා කියන්න එපා.මගෙ දෙමවුපියන්ටත් ආව ඔය ලියුම්.ඒ අයට හරි සතුටුයි.මට හිතුන රටේ විශ්‍රාමිකයො කී දෙනෙකුට ඔය ලියුම් ආවා සතුටු වෙන්න ඇතිද කියල.චන්දෙ ගන්න හරි මේක දීපු එක වටිනවනෙ.
    මට නම් පක්ෂයක් නැහැ.ඒත් මිනිස්සු කියන්නෙ එදා බස් එකට නැග්ගෙත් කොයි වෙලේ පුපුරයිද කියලලු දැන් ඒ බය නැතිලු.
    ඒ වගේම අධිවේගී මාර්ග ගැන,පාරවල් කාපට් කරන ඒව ගැන ඒ අය උනන්දුයි.
    හැම පාරකටා කාපට් දාල දැම් මායිම් ගම් වගේම දුෂ්කර ගම් එහෙමත් නෑ.විශාල වාරි කරාන්ත ඉදිවෙනව.
    තව මොනවද කරන්න කියන්නෙ.
    ඔය කියන යහපාලනය මෙහාට ගැලපෙන්නෙ නෑ.අනික කා එක්කද යහපාලනය කරන්නෙ? චෞර රැජින එක්ක්ද,
    ආයෙ බන්ඩ පාලනය ඇති කෙරුව කියල වැඩක් නෑ.
    යූඇන්පී ආන්ඩුවක් ආවොත් සොත්ති උපාලිල කෘත්‍යාධිකාරී මණ්ඩලේට දායි.ඊට පස්සෙ පාතාල පාලනයක්
    උඩුගම්පොල ල,රන්ජන් විජේරත්නල මිනී මරන්ඩ ගනීවි.
    මරාට වඩා නරක ආන්ඩුවක් එන්නෙ
    ෆොන්සේක ගැන කියනවනම් එයාට බලය දෙනව කියන්නෙ වදුරට දැලිපිහිය දෙනව වගෙ.
    මරාට ඡන්දෙ දීල ගෙදර ගිහින් බුදියගනිල්ල බන්.
    හොරා කන්නෙ නැත්තෙ මොකාද.ඔය යූඇන්පී කාරයො ගැන අපි දන්නාවනෙ.මේ ආන්ඩුවෙත් වැඩිපුර හොරා කන්නෙ යූඇන්පියෙන් ආපු එවුන්.
    එතනෝල් ,කුඩු ගෙන්නෙ උන් නෙ
    මරාට අපේ තියන චෝදනාව තමා මේ යූඇන්පී බල්ලො ගෙට ගත්ත එක

    ReplyDelete
    Replies
    1. මහත්මයාණනි, මාගේ මතයට ඔබ එකඟවීමට හෝ ඔබේ මතයට මා එකඟවීමට අනිවාර්ය බැඳීමක් නැත. ඔබේ ස්වරයෙන්ම ඔබට පිළිතුරු දෙන්නේ නම් මට කීමට ඇත්තේ මෙපමණකි.

      මරා නමැති හොරාගෙන් අපටනම් තඹ දොයිතුවකවත් පගා අවශ්‍ය නැත. අපි විශ්‍රාම ගත්තේ උගේ කිරිජ්ජ පල්ලෙන් බේරෙන ඒවා ලෙවකන්නවත්, ඌ අපෙන් හොරකම් කල ධනයෙන්ම අපට දෙන ඊනියා පගා ගන්නවත් නොවේ. අප දැරූ තනතුරු අනුව අපට හිමි විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන් නොගෙවා මේ ෆෝන් පාගා දෙන පොන්නයන් අපට එපා.

      ඌ ට්‍රිලියන ගණනින් හොරකම් කොට විදේශවල ධනය හංගාගෙන අපිට කොකා පෙන්නන වනචරයෙකි.

      විශ්‍රාමිකයන් පමණක් නොව රටේ මිනිසුන්ගෙන් බහුතරය සෑම දේශපාලන පක්ෂයකින්ම දෙන දිරච්ච ලණු, පගා, පොරොන්දු, වලට යටවීම අපිනම් අත්විඳින්නේ 1960 දශකයේ සිටයි. ඒ නිසා තමයි අපට දේශපාලන වාතාවරණය දිහා මධ්‍යස්තව බැලීමේ හැකියාව ලැබී තිබෙන්නේ. මරාත් ඒ වර්ගයේම මිනිසුන් රවටන එකෙකි.

      මායිම් ගම් කියා දෙයක් හදාගත්තේ, මහත්මයා වැනි මේ රටේ හතර මායිම් නොදන්නා අයයි. ගොඩබිමෙන්, මුහුදෙන්, අහසින් වසර 30ක් පමණ යුද්ධයේ යෙදුනු අපට, මායිම් ගම් කියා දෙයක් නැත. එව්වා දේශපාලකයන්ගේ උපකල්පනයකි. අපට ඊට වඩා පුළුල් ලෙස මේ රට දිහා බලන්නට හැකියාව ලැබුණේ මරා පවුලේ එවුන් යුද්ධයේ නාමයෙන් කළ ගැහිලි හා යුද්ධයේ යථාර්ථය ප්‍රායෝගිකවම දන්නා නිසයි.

      ලෝක හොරෙකුට විරුද්ධව නැගී එන බලවේගයකට පුංචි හොරුත් එකතුවෙනවා. කරුණාකර ලංකා ඉතිහාසය ආපසු කියවන්න.

      එක අධිවේගී මාර්ගයකින් මරා ගහන ගැහිල්ල ගණන් කරන්න මහත්මයාගේ ගණිත ඥානය මදි බව මහත්මයාගේ අදහස් දක්වා ඇති වචන වලින්ම පෙනේ.

      කරුණාකර දිනමිණ, ජාතික රූපවාහිනිය, අයිටීඑන්, රත්තරන් මල්ලි, ලෝක හොර අලුත්ගමගේ තොල කබර, බුරම්පි බන්දුල, පතෝල දිනේෂ්, ටිකකට පැත්තකට කර, මධ්‍යස්තව සිතීම යෙහෙකි.

      මම මධ්‍යස්ථ මතධාරියකු මිස පක්ෂ සාමාජිකයකු නොවේ. නමුත් වසර 40 කට වැඩි දේශපාලන අත්දැකීම් ඇත්තෙක්මි.

      Delete
    2. ඇනෝ මචෝ උඹේ මොලේ පුකට බැහැලා නැත්නම් මෙන්න මේක කියවලා බලපන් විචාරක ලොක්කා කියන්නේ ඇත්තද බොරුද කියලා.

      http://www.infosrilankanews.com/2014/12/usa.html

      Delete
  10. අනේ විචා මාමේ ඔයත් එක්ක බෑ අෆ්පා..මම ඉස්සල්ලා කමෙන්ට් කරලා තියෙන්නේ අර වෙිස ප්‍රස් එකේ..

    ReplyDelete
    Replies

    1. අනේ මේ නාකි *%&* එක්ක මල පනින්නෙම ඒකනේ බං , රෙද්දේ වදන් තදේ මුන්ටම හොදයි . මං මේ ඉවසල ඉවසල බැරිම තැන බනින්නේ

      Delete
    2. ඉතිං මෙන්ඩෝ කම්මැලි නැතුව කොටපන් දෙකේම. කාටද ආඩම්බර.

      මේ අටමෝ................නාකි කියන්නේ නොහැකි. උඹ ඇවිත් අපේ අල්ලපු ගෙදර නෝනගෙන් අහපන් එතකොට කියයි. :e

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }