හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 December 2014

හෝ........කොමළ දයාසිරී....!


75111024734-dayasiri
   අපේ දයාසිරි ගොයියා හදිස්සියේම ලියුං කරදහියක් එවා තිබුණා, මේ ඊයේ පෙරේදා. මේ ලියුම පළාතේ ඉන්න ඔක්කොම විශ්‍රාමික රණවිරුවන්ට ලියපු එකක් බවයි පෙනෙන්නේ.


  හම්මේ................දයාසිරි ගොයියට මාර වියදමක් යන්න ඇති, මුළු පළාතටම මේ ලියුං කරදහිය යවන්න. මොකෑ ආයෙ පළාත් සබාවේ සල්ලි වලින් නෙවෙයිනේ තැපැල් ගාස්තු ගෙවන්නේ. තනිකරම තමන්ගේ පොකැට්ටුවෙන් නේ. 

   අධිනීතීඥ නිසා නඩු බලවනවා හම්බවෙනවා ඇති ඕසෙට. ඒ සල්ලි වලින් වෙන්ඩැ මේ තැපැල් ගාස්තු ගෙවන්නේ. නැත්තං පළාත් සබාවේ සල්ලි මැතිවරණ ප්‍රචාරේට වියදං කොරා කියලා, අර ලස්සන දත් සැට් එකකින් යුක්තව නිතර හිනාවෙන, අපේ මැතිවරණ කොමසාරිස්තුමා ඇවිත්, දයාසිරි ගොයියව කුදලාගෙන යනවා සිකුරුයි. එයත් එක්ක සෙල්ලං නෑ. දයාසිරි දන්න, අර මැයි දින පෙළපාලියේදී පෙන්නපු, බල්ටි නැටුම්, රිලා නැටුම්, වලින් එදාට ගැලවෙන්න බෑ. මෙන්න බලාගන්නකෝ ලියුං කරදහිය.

AAA

   මේක කියවපු ගමන් මට එකපාරටම මතක්වුණේ පරණ සින්දුවක්. අපි ලාබාල දරුවන් කාලේ චිත්‍රපටියක ගීතයක්. චිත්‍රපටිය 'රම්‍යලතා'. තිරගත වෙලා තියෙන්නේ 1956 දී. පොඩ්ඩක් අහලා බලන්නකො මේ ගීතය. ටිකක් අහලා සින්දුව මතක් කරගන්නකො.




ඔන්න ඉතිං මමත් පදමාලාවක් ලිව්වා මේ තනුවටම. කියවලා බලන්නකො.

   හෝ......දයාසිරී - හෝ.........කොමළ දයාසිරී 
   කමකට නැතිවෙවී - කුරුණෑගලට වී - පිස්සෙකු වාගෙයි
   හෝ..........බොළඳ දයාසිරී
   අරෙහෙට පැන්නේ - මෙහාට පැන්නේ// - කරන වැඩක්    ඇත්තෙම      නැත්තේ - යෝදයෝ
   තවමත් සිහින ලෝකයේ අනේ
   බල්ටි නැටුම් රිලා නැටුම් දැම්මෙ හෝ ගගා //
   රටටම ණයක් වී - වයඹට දුකක් වී - විහිලු නම් එපා
   හෝ........කොමළ දයාසිරී

24 comments :

  1. ඔන්න අත් දෙකම ඒකතු කරලා විචාරකයාට වැන්දා මං.........................

    ReplyDelete
    Replies
    1. වඳින්ඩ ඕනෙ මට නෙවෙයි. මේ විප්‍රකාර ඉවසාගෙන ඉන්න ජනතාවට.

      Delete
  2. දයාසිරි ජයසේකර මැතිතුමා සදහන් කරන දේම තමයි අපත් මිට පෙර මෙම බ්ලොග් අඩවියේ කොමෙන්ට් දමා පවසා සිටියේ.

    දයාසිරි ජයසේකර කියන්නේ ඉතාම දක්ෂ නායකයෙක්. එතුමන් දන්නවා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට වෙනුවෙන් කල සේවය. වෙන කිසිම දෙයක් නැතත්,යුද්ධය අවසන් කිරීමම ඇති තව කිහිප වතාවක්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජන්දය ලබාදෙන්න.

    තමා සොල්දාදුවෙක් වශයෙන් මේ ගැන හොදටම දන්නවානේ. අනික පසුගියදා තිබුන තැපැල් ජන්ද වලදීද ආරක්ෂක අංශයේ විරුවන් 80% කටත් වඩා දෙනා මනාපය දුන්නේ සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාට. ඒක තමයි ක්‍රමය,ඒක තමයි සම්ප්‍රදාය. තාමත් දැන් සක්‍රියව රාජකාරි නොකරාට සොල්දාදුවෙක් බව මතක තබා ගන්න. සැබෑ සොල්දාදුවා කවරදාකවත් විශ්‍රාම යන්නේ නෑ,ඔවුන් කාලය සමග වියැකී යනවා පමණයි. ඒ බව ඔබ හොදින්ම දන්නවා නේ.

    ඒ දිනු නිදහස ආපස්සට හරවා,නැවත කොටියට රට බාර දෙන්න යන්න නඩය සමග හිට ගන්න එපා. රටට,සේනාධිනායකයාට ද්‍රෝහී නොවී වහාම අතිගරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය විජයක්ග්‍රහණයක් කිරීමට එක්රොක් වන්න.

    9 වෙනිදා වෙනකොට ජනාධිපතිතුමා නැවත වතාවක් බලයට පත්වන්නේ ලක්ෂ 20 කට වඩා වැඩි ජන්ද ප්‍රමාණයක් අරගෙන. තමාත් ඒ ජයග්‍රහණයේ කොටස් කරුවෙක් වන්න.

    ReplyDelete
    Replies
    1. //වෙන කිසිම දෙයක් නැතත්,යුද්ධය අවසන් කිරීමම ඇති තව කිහිප වතාවක්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජන්දය ලබාදෙන්න.//

      ඊශ්‍රායෙල් කාරයො ඔහොම හිතුවනං අර Ben Gurion තමා 73 වෙනකල් උන්ගෙ අගමැති! අහෝ මෝඩ ඉශ්‍රායෙල් ජාතිය. මොශෙ දයාන් සහ බෙන් ගුරීන් එලවා කල ගොන්කම, බලපල්ල උන්ගෙ රට අද වැටිල තීන අගාධය!

      Delete
    2. @ AnonymousDecember 28, 2014 at 11:18 AM

      අනේ උන්නැහේ ඔය වගේ සත්ව කොට්ඨාශයක් තවමත් යන්තමින් ඉන්නවා. නමුත් රටේ වාසනාවට සීඝ්‍රයෙන් වඳ වෙමින් පවතිනවා. එපමණයි කීමට ඇත්තේ.

      @ ඉන්දික

      ඊශ්‍රායලය ඒ ආව ගමන දිගටම ගියානම් තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවෙනවා. ස්වභාව ධර්මය විසින්ම ඔවුන් වියැකී යන්නට සැලැස්සුවාද මන්දා.

      Delete
  3. මේ ලස්සන photo එකටයි මගේ හිත ගියේ....... මාර action එක......

    ReplyDelete
    Replies
    1. ලස්සන විතරයි. එතනින් එහාට පුහු.

      Delete
  4. දයාසිරි.. වෙරි සොරි...

    ReplyDelete
    Replies
    1. දැන්නම් දේශපාලන හයියෙන් වෙරි වෙලා ඉන්නේ. බලමුකෝ සොරි වෙයිද කියලා.

      Delete
  5. අවලන්ගු මිනිස්සු ගැන මොන කතාද විචාරක තුමෝ.....

    ReplyDelete
    Replies
    1. ලොකු බෙරයක්. සද්දේ විතරයි. ඇතුල හිස්.

      Delete
    2. පින්තූරෙ පේන්නෙ අදෘශමාන ඩ්‍රම් සෙට් එකකට ගහනව වගේ නේ? මොකක්ද ඒ සෙල්ලම?

      Delete
    3. එයානම් කියන්නේ මේ අංගම් පොර කියලා. මට හිතෙන්නේ ගොන් පොර කියලා.

      Delete
  6. හෙහ්....පිස්සු නෙහ්.. හැමෝටම ලියුං ගහලා මිනිහට සෑහෙන්න අමාරු ඇති.

    ReplyDelete
    Replies
    1. ලියුං ගැහිල්ල විතරි. කොරන වැඩක් නෑ.

      Delete
  7. මහ ඇමතිලාට කියලා එහෙමම වැඩකුත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. තිබුනත් එව්වා කරන්න මහ ආණ්ඩුවෙන් ඉඩදෙන්නේ නැහැනේ.

      Delete
  8. ලක්ෂ තුනහමාරක මනාප ,දයසිරිව අන්ධ කරලා තියෙන්නේ,

    ReplyDelete
    Replies
    1. දැන්නම් බම්මන්නාට ඇඳලා ඉන්නේ.

      Delete
  9. පවු නේ අපේ රිලාසිරි.

    කමක් නැහැ ඉතින් අපි එතුමාට අනුකම්පා කරලා පතමු මෛත්‍රී.

    -
    හේ රිලාසිරි,

    වේවා නුඹට මෛත්‍රී..

    ReplyDelete
    Replies
    1. අන්තිමට ආපහු කියයිද දන්නෑ හම්බන්තොට වරායේ ගලක් තියනවා කියලා.

      Delete
  10. මෙදා පාර අර කවුද කිව්ව වගේ 'දයාසොරි' වෙයිද දන්නේ නෑ.. මහ රජාගේ දෑතේ ශක්තිය දැන් එන්න එන්නම හීනවෙනවානේ..

    ReplyDelete
    Replies
    1. සොරි 'රොජර් අවුට්' තමයි වෙනේ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }