හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

26 December 2014

අජිතා ඔන්න ඔයාගේ රෙද්ද ගැලවෙලා

Ajitha
 අනේ අජිතා, මොකද ඔයාට වුණේ? ඔයාට දැණුනේ නැද්ද ඔයාගේ රෙද්ද ගැලවෙලා කියලා. චීත්ත අඳින්න හැමෝටම බැහැ අජිතා. චීත්තයක් අඳින ක්‍රමයක් තියනවා. අද ඔයා අර කැමරා කාරයෝ ඉස්සරහා හෙළුවෙන් වනන්න ගියේ ඇයි? ඔයාගේ ලොක්කා, ලොක්කාගේ ලොක්කා, කිව්වද හේතු මුට්ටියා රටෙන් පැන්නේ නෑ නිකම් පාවෙලා ගියා කියලා කියන්න කියලා.

   අයියෝ............ඔයා මොකටද ඔයාගේ කන්‍යා භාවය කැමරා කාරයෝ ඉස්සරහා නැතිකර ගත්තෙ? මේසෙට යටින් ඔයා කකුල් වනද්දී කැමරා කාරයෝ හරියටම අතනට කැමරාව ඇල්ලුවා කියලා ඔයාට දැණුනේ නැද්ද? අයියෝ...................ඔයාගේ හෙළුව මහ විසාල විදිහට පෙණුනනේ ඒ වෙලාවේ. 'අජිතා රෝහිණී' කියන නමටත් ලැජ්ජයිනේ. මාත් එක්ක එකට ඉගෙනගත්ත, ඔයාට වැඩිය ටිකක් ලොකු පොලොස් කාරයෙකුට කෝල් එකක් දීලා මම ඇහුවා 'ඈ බං උඹලා රෙදි ඇඳගෙනද (නිළ ඇඳුම් ඇඳගෙනද) වැඩ කරන්නේ' කියලා. ඌ කියනවා, 'මචං, ඔක්කොටම කලින් අපි අපේ ගෑණි දරුවෝ එක්ක මේ රටේ ජීවත් වෙන්න ඕනෙනේ' නැත්තං වෙන්නේ අපි පැන්සොන් එකත් නැතුව ගෙදර යන එක තමයි' කියලා.  මම කිව්වා 'යකෝ හෙළුවෙන් ජීවත්වීම නම්බුවක්ද' කියලා. ඌ මට උත්තරයක් දුන්නේ නැහැ.

   බලන්න අජිතා, හේතු මුට්ටියා සිංහපුරයේ ඉඳලා ටෙලිපෝන් එකෙන් කයිය ගහනවා, 'මම ආපහු ආව ගමන් අජිතාට නඩු දානවා' කියලා. ඔන්න අජිතා ඔයාට හොඳ අවස්ථාවක් තියනවා. එනකොටම මග රැකලා ඉඳලා, හේතු මුට්ටියාගේ තඩි බඩට බැටන් පොල්ලෙන් ඇනලා, කුදලල අරගෙන ජීප් එකේ පස්ස පැත්තට විසිවෙන්න පයින් පාරක් දීලා, කෙළින්ම කූඩුවට ගෙනත් දාලා උසාවියට ඉදිරිපත් කරන්න. හැබැයි ඊට කලින් කැමරා කාරයෝ ටිකක් අරං යන්න. බැරිවෙලාවත් එතැනදී ඔයාගේ චීත්තෙ ගැලවෙන්න ඉඩ තියන්න එපා. මොකද ඔයා යටට මොකුත් නැතුව චීත්තෙ අඳින නිසා, කැමරා කාරයෝ නිල් චිත්‍රපටි හදයි.

   අම්මපා අජිතා ඔය ලෝක ආනාදී, හොර තක්කඩි, කුපාඩි, මන්තිරියෝ, ඇමෑත්තයො, ග්‍රීන් චැනල් එකේ යද්දී කවුරුවත් දකින්නේ නැද්ද? පොලොස් උන්නැහේලා, කස්ටම් උන්නැහේලා, ඒ වෙලාවට අතේ  /ඩ්‍රින්ක් එකක්/ ගහලා බුදියගෙනද ඉන්නේ? මොකද එකෙක්වත් දැක්කේ නැත්තේ, ඔච්චර කඳ බඩ තියන හේතු මුට්ටියා පනිනවා? අජිතා, ඉස්සර නම් අපිට විහිලු සපයන්න හිටියනේ ඇනස්ලි, සැමුවෙල්, බර්ටි, තුන්දෙනා. නමුත් ඔයා ඇයි එයාලට කපාගෙන මෙහෙම යන්න හදන්නේ? ඔයා හිතන්නේ හැමදාම ලොක්කට ප්‍රශස්ති ගායනා කරලා, මිනිස්සුන්ගෙන් ඇත්ත වසන් කරන්න පුළුවන් කියලද? අනේ අජිතා, ඔයිට හොඳයි පිම්පි රස්සාව කරන එක වැල්ලවත්තට බැහැලා. 

39 comments :


  1. හා මම බැලුව ඒත් අජිතා කව්ද කියල. එයා රෙදි ගලවගන්නවනෙ හැමදාම
    කිසි ගානක් නැතුව

    ReplyDelete
    Replies
    1. රෙද්ද ගලවාගෙන යන දිහාක යන්නේ නැතුව රූපවාහිනියෙන් අපේ මූනේ උලන්න හදන එකනේ අල්ලන්නේ නැත්තේ.

      Delete
  2. අප්පච්චියේ ෆොටෝ එකේ කැත

    ReplyDelete
    Replies
    1. අැත්ත ම කියන්න අටමා කොච්චර වෙලා ඒක දිහා බලාගෙන හිටියාද????? ඔය ඔය තව තව අැවිත් ඒකමනේ බලන්නේ....................

      Delete
    2. @ අටම්, පොටෝ එක කැත වුණේ කැත මූණ නිසා.

      @ කුරුටු, හෙහ් හෙහ්........ඔන්න මමනම් මොකුත් දන්නේ නෑ.

      Delete
  3. ඇස් ලෙඩ කියලා නිවඩු ගත්තු විචාරකතුමා ට කොහොමද මේකම පෙනුනේ ??
    හාමිනේ දැක්කෙ නැතුව ඇති ඔබතුමා ඕක බලනවා ... :D :D :D

    ReplyDelete
    Replies
    1. නොදෝකින් කියලා හිතෙනවා යන්තම් ඇස් දෙක හොඳ වෙනකොටම දැක්ක එක නිසා.

      Delete
  4. හෙළුවෙන් ඉඳලා පුරුදු උන්ට රෙදි ගැළවුනාට ගානක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත. මෙයාට දැන් ඒ දෙකේ වෙනසක් නැතුව ඇති.

      Delete
  5. දැන් සතියකට විතර කලින් උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට පහර දී සාමාන්‍ය ජනයාටද තර්ජනය කෙරු පොලිස් ලොක්කා ප්‍රේමලාල් රණගලනේ. මම දැක්කා කකාත් ඒ සිසුන්ට පහර දීම ගැන පොස්ට් එකක් දාලා තිබුනා.

    ඔය ප්‍රේමලාල් රණගල කියන පොලිස් ලොක්කගේ පුතා, Pradhan Ranagala එයාගේ ෆේස්බුක් එකේ පොස්ට් එකක් දාලා තිබුනා. එකේ තිබුනේ ප්‍රේමලාල් රණගල පොලිස් ලොක්කා සිසුන්ට පහර දෙන අයුරු දැක්වෙන ජායාරුපයක් එකට යටින් කියනවා ‘මහරජා වෙනුවෙන් ඕනෑම අසික්ශිත වැඩක් කිරීමට සූදානම් මෙවන් පොලිස් නිලධාරීන් ගැන ලැජ්ජාවටත් කම්පාවටත් පත් වෙමි!’ කියලා.

    මේ තියෙන්නේ ඒක.

    ReplyDelete
  6. මෙයා ඉතිං කවද්ද ඇඳුමක් ඇන්දෙ?

    මූණ අයින් කලානම් ෂෝක්! විචාරක තුමා නරක් වෙලා ඇස් ලෙඩේ හැදුන පස්සෙ.

    ReplyDelete
    Replies
    1. මූණ නෙවෙයි මේ වගේ අය මේ සමාජයෙන්ම අයින් කලයුතුයි.

      Delete
  7. ඔය ආණ්ඩුවේම එකෙක් නේද කියලා තිබ්බේ ගු කනමට පඩ ගදත් කජ්ජක්ද කියලා .......... ඇත්තටම පොටෝව ඔයාගේ එඩිට් එකක්ද ....හරිම ස්වාභාවිකයි

    ReplyDelete
    Replies
    1. ඒ වගේ පෙරේත ආත්ම වලින් මේ රට ගලවාගන්න අපි ඔක්කොම එක්වෙමු.

      පොටෝ එක මගේ නිර්මාණයක්.

      Delete
  8. බොහෝම අමාරුවෙන් ඔෆීස් එකේදී පෝස්ට් එක කියෙව්වේ.. ෆොටෝව හන්ග ගෙන.. අපි තවම රෙදි අඳිනවානේ.. :D

    විචාරක තුමාට මේව දකිද්දි හිතෙන්නේ නැද්ද ඇස් ලෙඩේ හොඳ උනාට වැඩිය හොඳයි මේව නොබල ඉන්න දිගටම බැරුව හිටියනම් කියලා.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ටිකක් සැර වැඩි වුනත් මේ විදිහේ පොටෝ එකක් තමයි ගැලපෙන්නේ.

      අම්මපා ඡන්දෙ ඉවර වෙනතුරු ඇස් පෙනෙන්නේ නැති, කන් ඇහෙන්නේ නැති ලෙඩක් හැදෙනවානම් හොඳයි කියලා වෙලාවකට හිතෙනවා.

      Delete
  9. අය්යෙ බොටත් නඩුවැටෙයිද දන්නෑ...?

    ReplyDelete
    Replies
    1. අපි නඩු බලවන්න නිසා ගානක් නැහැ.

      Delete
  10. මෙතෙක් අම්මට සිරි ලංකාවේ බිහිවූ අග්‍රගන්‍යම පොලොස් මාද්දිය ප්‍රොකාසොක තුමා.. සම හරක් උසස් පොලිස් නිළධාරින් යුනිෆෝම් එක අඳින්නේ නෑ.. ඒ වෙනුවට ටයි එකක් හෙම දාලා ඉන්නේ.. අඩු ගානේ පොලිස් යුනිෆෝම් එකේ ගෞරවයවත් බේරගන්න ඒ විදියට එව්වා නම් හොඳා.. නැත්නම් අපිට කියන්න වෙන්නේ යුනිෆෝම්ධාරියෙක් කියලා තමයි..

    ReplyDelete
    Replies
    1. මම අහන්නේ මේ මිනිස්සුන්ගේ පවුලේ අයවත් කියන්නේ නැද්ද යකෝ ඔය ලැජ්ජා නැති රස්සාවෙන් අයින් වෙයන් කියලා.

      Delete
    2. අයියෝ කියලා වැඩක් නෑ තමා , යුනිෆෝම්ධාරියා මාරු වචනේ

      Delete
  11. හොඳටම ෂුවර් ද අජිතා හැමදාම රෙදි ඇන්ද කියලා? :-)

    ReplyDelete
    Replies
    1. හුටා..............ඒකනම් හොයලම බලන්න වටින වැඩක්.

      Delete
  12. අනේ මටනම් හොඳටම ටියුබ් ලයිට්. කව්ද මේ අජිතා කියන්නෙ අප්ප?
    කවුරු හරි කියන්නකො, නැතිනම් ලින්ක් එකක්වත් දානවද

    ReplyDelete
    Replies
    1. http://www.hirunews.lk/sinhala/100070

      Delete
    2. තෑන්ක්ස් ඇනෝ, අම්මප මම කල්පනා කලේම ගෑනියෙක් ගැනනෙ.
      මංනං මාරම මඤ්ඤං ටියුබ් ලයිට් ඇන්නෝවෙක් අෆ්ෆ

      Delete
  13. දැන් නේ..... වැඩේ තේරුනේ....... මොනවා කරන්නද...? මේ ලංකා ද්විපේ.....දන්නවද.....?

    ReplyDelete
    Replies
    1. ලන්කාද්වීපේ ද? නැත්නම් ලැජ්ජා නැති ඈස්චර්යා දේශයද?

      Delete
  14. ඇස් ලෙඩ හැදුනට පස්සේ විචාරකතුමාට සිතම්බරම් සළු පේන්නේ නැතුව ගිහින්......

    ReplyDelete
    Replies
    1. ලුණු ගොරක තම්බලා කොලපතකට දාලා ඒකෙන් අමුඩයක් ගස්සවන්න ඕනෙ මේගොල්ලන්ගේ මොලේ ආපහු නියමිත තැනට එන්න.

      Delete
  15. අද රටම විහිලුවක් වෙලා තියන වෙලාවෙ ඔය මිනිහත් තව එක ජෝකරයෙක් තමයි.ඔය තනතුරට කවුරු ආවත් ඔච්චරයි.තමන්ට කියන්න කියල කියන දේ ඔහෙ කියවන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. මෙතනට එන එකා ලව්වා බොරු කියවන එක නවත්තන්ඩ පුළුවන් වෙන්නෙත් අපිටම තමයි.

      Delete
  16. කරුමෙ කියන්නෙ මේ පොළිසියම අහින්සක ගණිකාවොන්ව අල්ලල ලැජ්ජ නැතුව උන්ට නඩුත් දනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වෛශ්‍යාවන් විසින් ගණිකාවන්ට නඩු දානවා. :e

      Delete
  17. අනේ අහිංසක මාධ්‍ය ප්‍රකාශක තුමා , මොනවා කියලා කරන්නද විචා මාමේ මිනිහගේ අසරණ කමට . පව් මැට්ටා

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ තරම් හොඳට හෙළුවෙන් වන්න එතුමා කොහෙන්ද මන්දා ඉගෙනගත්තේ.

      Delete
  18. meka thami wenne vicharaka horu raja unama.

    ReplyDelete
    Replies
    1. මේ තමයි නියම සට්ටැඹියො

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }