හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

15 December 2014

තුන් පිම්ම - The Triple Jump

jump
 තුන් පිම්ම ගැන නම් කවුරුත් අහලා තියනවනේ. තුන් පිම්ම ක්‍රීඩාවක් හැටියට ප්‍රගුණ කරලා, විශේෂ දක්ෂතා දැක්වුව අයත්, මේ ලිපිය කියවන අය අතර ඇති. ඔන්න මමත් තුන් පිම්මක් පැන්නා. හැබැයි අර සාම්ප්‍රදායික තුන් පිම්ම නෙවෙයි. බ්ලොග් ලෝකයේ තුන් පිම්මක් තමයි පැන්නේ.

   අද දෙසැම්බර් 15 වැනිදා. මම බ්ලොග් ලිවීම පටන් අරන්, අදට හරියටම අවුරුදු තුනයි. සමහර වෙලාවකට හිතෙන්නේ මේ ඊයේ පෙරේදා පටන්ගත්තා වගේ. පරණ ලිපි වලට ගිගින් බැලුවම තමයි තේරෙන්නේ බුදු අම්මෝ මම මෙච්චර ලිව්වද කියලා. ඒත් ප්‍රවීණ බ්ලොග් රචකයන් සමග සැසඳීමේදී නම්, මම ලියා තිබෙන්නේ බොහොම අඩුවෙන්. මේ අවුරුදු තුනටම මා ලියා තිබෙන්නේ ලිපි 262 ක් පමණයි. ඒ කියන්නේ එක අවුරුද්දකට ලිපි 87 ක් විතර නේද? මේ තියෙන්නේ මගේ ආරම්භය.

   මගේ බ්ලොග් ලිපි ගැන කියනවා නම්, මට කිසි විටකත් මාතෘකා වලින් හිගයක් නැහැ. නමුත් මා ලියන ලිපියක් වෙනුවෙන්, සෑහෙන කාලයක් හා ශ්‍රමයක් වැයවෙනවා. මා ලියන ලිපි වල අඩංගු කරුණුවල සත්‍යාසත්‍ය භාවය හා වලංගු භාවය ගැන, මා බොහොම සැළකිලිමත් වෙනවා. සංග්‍රාමික කරුණු සම්බන්ධ ලිපි වලදී විශේෂ සැළකිල්ලක් දක්වන්න වෙනවා. මොකද එවැනි ලිපි ලිවීමේදී න්‍යායාත්මක කරුණු 100% ක් නිවැරදි වියයුතු අතර, රහස්‍යමය තොරතුරු ඉදිරිපත් නොකරන්නත්, වග බලාගත යුතුයි.  

   මේ දිනවල අපේ රටේ පවතින දේශපාලන වාතාවරණය නිසා වැඩියෙන්ම ලියවෙන්නෙත්, කියවන්නෙත්, දේශපාලන ලිපි. එයින් පරිබාහිර මාතෘකා වලට පාඨකයන් යොමුවීමේ අඩුවක්ද දකින්නට ලැබෙනවා. ඒ නිසා මේ ලිපිය දීර්ඝ ලිපියක් කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. බ්ලොග් ලිවීමේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් මා කලේ එතෙක් කල් වර්ඩ්ප්‍රෙස් වලින් පමණක් ලියමින් සිටි මගේ අඩවිය බ්ලොගර් ක්‍රමයෙන්ද ලියන්නට පටන් ගැනීමයි. නමුත් අදටත් මා කරන්නේ වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට ලිපිය ලියා, එය බ්ලොගර් අඩවියට පිටපත් කිරීමයි. ඔබට මා මීට කලිනුත් පෙන්වා ඇති, වර්ඩ්ප්‍රෙස් ක්‍රමයේදී පහසුකම් රාශියක් තිබෙන අතර, සියලුම උපදෙස් තිබෙන්නේ සිංහලෙන්. රූපය මත ක්ලික් කර විශාල කර බලන්න. 

Screenshot (80) - Copy

   සෑම බ්ලොග් රචකයකුම, නොකඩවා ලියන්නට උනන්දුවන්නේ, පාඨක ප්‍රතිචාර නිසා බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. නමුත් පාඨක ප්‍රතිචාර කිසිවක් නැතත් නොකඩවාම ලියන බ්ලොග් රචකයන්ද ඉන්නවා. මෙතනදී මා දකින වැදගත් කරුණක් තියනවා. සමහර අඩවි වල පළවන ලිපි කියවා, අදහසක් නොදක්වාම යන්නට පුළුවන්. නමුත් සමහර ලිපි තිබෙනවා නිතැතින්ම අදහසක් ලියවෙන. මෙය බ්ලොග් ලියන සෑම දෙනාගේම පොදු අත්දැකීමක් බවයි මගේ අදහස. මීට වඩා කරුණු රැසක් හිතේ තිබුණත්, මෙතෙකින් මේ ලිපිය අවසන් කළයුතුයැයි සිතනවා. 

   මේ තෙවසර පුරා

මා උනන්දු කරවමින්

විවේචනය කරමින්

අඩුපාඩු පෙන්වා දෙමින්

මා දිරිමත් කළ ඔබ සැමදෙනාටම

මාගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා.



2014 දෙසැම්බර් මස 15 වැනි දින 0001 පැය

63 comments :

  1. විචාරකගේ 'තුන් පිම්මට' සුබ පැතුම්...:)

    ReplyDelete
  2. 4වෙනි අවුරුද්දේ ඉඳල ආයුද කතා නොලියවේවායි පතමි

    ReplyDelete
    Replies
    1. අනේ උන්නැහේ වඳුරා කවද්ද බිමින් ගියේ? නිකං නොකෙරෙන දෙයක් ගැන ඇයි හිතන්නේ.

      Delete
  3. 'තුන් පිම්මට' සුබ පැතුම්

    ReplyDelete
  4. Replies
    1. බ්‍රා ගැලවෙනවා මෙන්ඩෝ සමහර ලිපි ලියන්ඩ ගියාම. :e
      බොහොම ස්තුතියි.

      Delete
    2. ඔබ සොදුරැ සුන්දර නිහතමානි මනුස්සයෙක්..

      Delete
  5. අවුරුදු 3 ක් බ්ලොග් ලිව්වට කමක් නෑ, හැබැයි මේ බ්ලොග් එක හරහා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාව විවේචනය කරනා බව අපට පෙනී ගොස් තිබෙනවා. තමා සොල්දාදුවෙකු වශයෙන් අතිගරු ජනාධිපතිතුමාව විවේචනය නොකළ යුතුයි. එසේ විවේචනය කොට ලියා ඇති ලිපිද වහාම ඉවත්කර දැමිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අනේ පව් උන්නැහේ. ගෙවල් අන්ගොඩද? නැත්තං කියන්න මගේ ගානේ ගිහින් දාන්නං. ඔහේ මරාගේ කිරිජ්ජ පල්ලේ එල්ලුනාට මට එහෙම මොලේ අමාරුවක් නැත. යනතක යනවා පව් නොදී.

      Delete
  6. ඔබේ ලිපි දැනුම පෝෂණය කරයි... ලැබෙන ඉඩකඩ අනුව වරින් වර ඇවිත් ඔබේ පරණ ලිපි අපිත් කියවනවා.
    බ්ලොග් අවකාශෙ ඉදිරියටම යන්න. ඔබට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දමයන්ත. මගේ අරමුණත් මා සතු දැණුම හැකිතරම් බෙදාදීමයි.

      Delete
  7. සුභ පැතුම් විචා.. බ්ලොග් ළිපිවලින් දුටු චරිතයට පරිබාහිරව ඉතා සුන්දර නිහතාමනි ප්‍රියජනක චරිතයත් හඳුනාගැනීමට ලැබීම වාසනාවක් ලෙස සලකමි. සියළු වැඩ කටයුතු සාර්ථක වේවා...

    සුභ අනාගතයක්....!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියන්ත. ඔබව හමුවීම මගෙත් වාසනාවක්. ඔබටත් ජයෙන් ජය පතනවා.

      Delete
  8. බ්ලොග් ලොකයේ දැක්ක නිහතමානී සුන්දර මනුස්සයෙක්. ඔබට නිදුක් නීරොගී දිවියකට සුබපැතුම්. තුනම බෙරගෙන තුන්පිම්මක් පනිනව කියන්නෙත් ලේසි වැඩක් නෙමේ. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුරේෂ්. ඇත්තටම මා උත්සාහ කරන්නේ දැණුම සොයන්නන්න්ට අත දීමටයි.

      අම්මපා මෙච්චර කල් තුනම බේරගෙන පැන්න පැනිලි මතක් වෙනකොට ඇඟ හිරිවැටෙනවා :e

      Delete
  9. හුරේ සෑර් !!

    ඕව එහෙම ලේසියෙං ඇරලා බෑ.. සමරමු !!!

    ReplyDelete
    Replies
    1. සමරමු සමරමු. වරෙන්කො ලංකාවට.

      බොහොම ස්තුතියි පත්තරේ.

      Delete
    2. අනිවා මූ ලංකාවට ආවාම අපි සැට් වෙමු

      Delete
    3. -බ්‍රෑන්ඩ් එක ගල් -

      Delete
    4. අපිනම් සෙට්වෙයි හිටං , මේ බියර් කාලක් ගැහුවම බයිසිකල් සර්කස් පෙන්නන ගෝතයෝ එක්කයි , ඉතාලි කැනහිලෝ එක්කයි හිටං.

      Delete
  10. තුං පිම්මට සුබ පැතුම්. තව දිගු කාලයක් පිමි පනින්නට (කොටු නොවේ) හැකියාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. දැන්නම් කොටුවක් දැක්කත් ඇඟ ගැහෙනවා. පනින්න බැරි බව දන්න නිසා. :e

      බොහොම ස්තුතියි ප්‍රසන්න.

      Delete
  11. විචාරක......................

    අවුරුදු තුනක උත්සහායට සුභ පතනවා අපි කුගැගීප කට්ටියම............. අවුරුදු තුනක් කියන්නේ ලේසි කාලයක් නෙමෙයි... ඔබ අපිට කියලා දුන්න පාඩමුත් ගොඩයි.... ඉතින් දිගට ම අපිත් ඒක්ක ඉදන් මේ අගනා කාර්යය දිගට ම කරමු කියලා අාරාධනා කරනවා......

    තුන්පිම්ම කිව්වා ම මං හිතුවේ දෙපාරක් පැන්න කෙනා අායෙම පැනලා කියලා...............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු ගෑ ගී පවුරේ සියලුදෙනාටම.

      අම්මපා මේ දවස්වල පනිනවා කියන වචනය දැක්ක ගමන් සමහර අයගේ කකුල් වෙවුලනවා නේද? :e

      Delete
  12. සුභ උපන්දිනයක් වේවා!
    මොන්ටිසෝරියට ඔබතුමාම යනවද මං යවන්නද? :e

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුබ පැතුමට.

      හෙහ් හෙහ් මොන්ටිසෝරි යන්න වෙයි තව අනාගතේදී දූදරුවන්ගේ දරුවන් එක්ක.

      Delete
  13. තුම්පිම්මට සුබ පැතුම් විචාරක තෙමේ !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුබපැතුමට.

      Delete
  14. Replies
    1. Thank you so much Aru, for this great encouragement.

      Delete
  15. විචාරකගේ තුන් පිම්මට මෙන්න දෙවැනි විභීෂණ ගේ උණුසුම් සුබ පැතුම්.

    බ්ලොග් ලෝකෙට අඩිය තියන්න උනන්දුව ඇතිකරපු බ්ලොග් කීපයෙන් එකක් තමයි මේ "අසමි දකිමි සොයමි" අඩවිය.

    මම බොහොම නිහතමානීව මේ කියන්නේ..
    අපි වගේ නෙමෙයි, විචාරක ලියන ලිපි කියෝන කොට ඒවා ලියන්න අරන් තියෙන මහන්සිය , කැපවීම ගොඩක් පැහැදිලිව පේනවා.

    ඒ කැපවීමට අපේ ආචාරය..

    -----
    දිගින් දිගටම බ්ලොග් ලෝකේ සැරිසරන්න ලැබේවා කියල සහ අපිට විචාරකගේ ලිපි කියවන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට, ආශිර්වාදයට, ඇගයීමට සහ සුබ පැතුමට. ඔබේ දිරිගැන්වීම මට ලබාදෙන්නේ විශාල ධෛර්යයක්. ඔබට අනේක වාරයක් ස්තුතියි.

      Delete
  16. තුනට සුභපැතුම්!
    (මේ ගමන් කියන්නං පොඩි අවුලක් ගැන. ඔබේ බ්ලොග් සහ වර්ඩ්ප්‍රෙස් අඩවි වල නම් පොඩ්ඩක් හඳුනාගන්න පුළුවන් වෙන්න ක්‍රමයක් යොදාගන්න බැරිද? උදාහරණයක් විදියට මම කියවන්නෙ බ්ලොගර් අඩවිය. ෆෝන් එකෙන් කියවන වෙලාවට -ලාංකීය සිතුවිලි වලින් එන්නෙ- හිතාගන්න බෑ මේක වර්ඩ්ප්‍රෙස් එකද නැත්තං බ්ලොගර් එකද කියල)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් හෙඩ් එකේ වෙනසක් කරන්නම්.

      සුබපැතුමට ස්තුතියි.

      Delete
  17. ඉඩ ලැබෙන වෙලාවට විචාගේ සමහර පරණ ලිපි කියවනවා.......!!!
    දිගටම ලියන්න ජය...!!!

    නිකං සුබපතලත් හරියන්නේ නෑ සමරන්නේ නැතුව....!!

    ReplyDelete
    Replies
    1. සමරමු සමරමු පත්තරයත් ආවම. ඊට කලින් වුනත් කමක් නැහැ.

      සුබ පැතුමට ස්තුතියි.

      Delete
  18. හුරේ කියන් ඔරෝ රන් එකක් තියමු විචාරක තුමා
    තුන අගට බිංදුවකුත් එක් කර ගන්න හැකි නං ඒකත තමා වටින්නෙ
    ජයෙන් ජයම වේවා
    ආ ගමනට මෙන්ම යන ගමනට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මට ජවයක් ලබාදීම ගැන.

      අර කියලා තියන එක අගට දැන් බින්දුවක් එන්නෙත් හරිම කලාතුරකින්. :e

      Delete
  19. තුන් පිම්මට සුභ පැතුම්.. ඉදිරියට දස ප්‍රයාමයකට ආසිරි.. 'අසමි දකිමි සොයමි' කියන්නේ බ්ලොග් ලෝකයේ මට රස සහ දැනුම පිරි වෙනමම ලෝකයක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අනේක වාරයක් ස්තුතියි. මේවා සුබ පැතුම් නෙවෙයි, ආශිර්වාද ලෙසයි මම සළකන්නේ.

      Delete
    2. මුගෙන් ආශිර්වාද ගත්තොත් හිටං වන්දුරන්ගෙන බන ඇහුවා වගේ තියෙයි හිටං

      Delete
    3. ඉවානයෝ................ උඹ දන්නවද නේවි ඒකෙන් කවන හැටි? උඹ කවාගන්නයි හදන්නේ.................න් මතුවෙන්ඩ.

      Delete
  20. තුන් පිම්මට සුබපැතුම්.ඇත්තටම මම ඔබ බ්ලොග් ලිවීම පටන්ගත් කාලයේ සිටම පාඨකයෙක්.මගේ පරණ බ්ලොග් එකේ නමින් නිතර කොමෙන්ට් කළා.
    දිගටම යාවත්කලීන කරමින් බ්ලොග් ලියන කීප දෙනා අතර ඔබ එක්කෙනෙක්.ඒ නිසයි ඔබ බ්ලොග් ලොවට වටින්නේ
    ඔබ ලියන කරුණුත් පොදුවේ සැමටම වැදගත්.වියරණ දොස් වලින් තොරව ලියන්න දරණ උත්සාහයත් පැසසුම් කටයුතුයි.
    එහෙත් වර්ඩ්ප්‍රෙස් බ්ලොගර් වලට වඩා පහසු බව කියන කතාව පිළිගන්න බෑ.වර්ඩ්ප්‍රෙස් වල පොස්ට් එකක් පබ්ලිශ් කරන එකත් හරි අමාරුනෙ.කොමෙන්ට් කරන්නත් බෑ.හැබැයි කොමෙන්ට් කරන කෙනාගෙ අයි පී ඇඩ්‍රස් පෙන්නනවා .ඇනෝ කොමෙන්ට් දාන්නෙ කවුද කියල අල්ලගන්න නම් ලේසියි.මට නම් හිතෙන්නෙ user friendly බ්ලොගර් කියලයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුබ පැතුමට සහ අදහස් දැක්වීමට.

      මට බ්ලොගර් වලදී එපාවෙන්නේ අලුතෙන් වෙනස්කම් කිරීමට html කෝඩ් දාන්න ගියාමයි. ඒක හරිම අමාරු වැඩක් මට. අනික හිටපු ගමන් විකාර වෙන අවස්ථා තියනවා.

      මම පටන්ගත්තේ වර්ඩ්ප්‍රෙස් එකෙන් නිසා මට හිතෙන්නේ ඒක පහසුයි කියලා. කියවන්නන්ගේ කමෙන්ට්ස් වගේම මම ලියන පිලිතුරුත් සංස්කරණය කරන්න පුළුවන් නිසා කුණුහරප කමෙන්ට් එකක් වුනත් පළකරන්න පුළුවන් තත්වයට සංස්කරණය කරන්න පුළුවන්. පැරණි ලිපි හොයන්න, බ්ලොග් එක ගැන තාක්ෂණික විශ්ලේෂණ කරන්නත් පහසුයි. හැබැයි ගැජට් එල්ලන්න දෙන්නේ බොහොම සීමිතව. අසීමිත පහසුකම් සඳහා මුදල් ගෙවා අප්ග්‍රේඩ් කලයුතුයි.

      Delete
    2. පසුව ලියමි. වර්ඩ්ප්‍රෙස් එකේ පෝස්ට් පලකරන්න අමාරු නැහැ. මටනම් මෙතෙක් එහෙම ප්‍රශ්නයක් ඇවිත් නැහැ. එකම එක වතාවක් ආවා කමෙන්ට්ස් පළ නොවෙන. එයට විසඳුම වර්ඩ්ප්‍රෙස් ටියුටෝරියල් වලින්ම ලැබුනා. ඇනෝ ගහන්න තමා අමාරු. කමෙන්ට් එක ගහන්න කලින් තමන්ගේ ඊ මේල් එකවුන්ට් එකට ලොග්වෙන්න එතකොට ප්‍රශ්න මොකවත් නැහැ.

      Delete
    3. වර්ඩ්ප්‍රෙස් මල ජරාව හරියට අසමි දකිමි සොයමි වගේ මෙලෝ රහක් නැ ...............හේ හෙහ් .............හොද ලමයි තරහගන්නේ නැ

      Delete
  21. විචා මාමේ සුබ පැතුම් බොක්කෙන්ම හිටං, ඔන්න කාලයක් වහන් වෙලා ඉඳන් හිටං ආයෙත් කියවන්න පටන් ගත්තා හිටං , කවදද පාටිය හිටං , අපි එන්නං සෙට්වෙන්න හිටං .

    එහෙනම් ජයෙන් ජයම වේවා හිටං

    ReplyDelete
    Replies
    1. උඹ හිටං හිටං කියලා අහුවෙයන්කෝ අර හිටං කියන එක්කෙනාට. අල්ලලා එල්ලයි පොළොන්නරුවේ වී මෝලක.

      මටත් කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි කියලා හිටං :e

      Delete
    2. මොකක්ද බං පාටිය ජම්බු ගහෙන් වැටිලද

      Delete
  22. සුභ පැතුම් විචාරක..! හැම ලිපියක්ම කියවනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ දිරිගැන්වීමට

      Delete
  23. ඔයාගේ තුන පැන්නට අප්පරමාන සතුටුයි

    ReplyDelete
    Replies
    1. කොහෙද යකෝ පැනලා තියෙන්නේ. පැන්නනම් ගැරේජ් එකකට ගිහින් බෝල මිටි පාරක් ගහලා ග්‍රීස් ටිකක් ගාලා හදව ගන්නවා.

      අනේ ඉතිං පින්සිද්දවෙනවා තුන පැන්නා කිව්ව එකට ඈ.

      Delete
  24. තුන් පිම්මෙන් නතර වෙන්ට එපා... තව වැඩි වැඩියෙන් පිමි පනින්ට හැකිවේවා!

    ReplyDelete
    Replies
    1. පනිඤ්ඤං පනිඤ්ඤං, ඔලුවෙයි අත් දෙකෙයි හයිය තියනකල්.

      බොහොම ස්තුතියි සුබ පැතුමට.

      Delete
  25. මේ දවස්වල අපි වැඩිපුර හොයන්නෙත් දේශපාලන ලිපි. මොණවා කරන්නද උණ තමා. වැඩිපුරම වැඩ ඒෆ් බී වල. මතවාද ප්‍රචාරණයට හෙදම මාධ්‍යක් ඒය. අපිට වෙන රේඩිෙයා්, ටීවී චැනල් නෑනේ.

    ReplyDelete
    Replies
    1. මමත් හිතාගෙන ඉන්නේ මේ දේශපාලන උණ හොඳවෙනතුරු ලිපි ලිවීම ටිකක් සීමා කරන්නයි.

      Delete
  26. මම ප්‍රිය කරන්නෙ ඔබේ තියෙන වෙනස්වීමේ සහ අනුගතවීමේ විශිෂ්ඨ හැකියාවයි!
    හමුදාවෙ ඉහල නිළධාරියෙකුව විශ්‍රාම ගිහින් පසුව සාමාන්‍ය කජුකිරි කොල්ලන්ගෙ ගරුත්වය සහ විශ්වාසය දිනාගෙන "ජනප්‍රිය සහ සුහද" චරිතයක් වෙන එක ඉතාම අපහසු දෙයක්, හේතුව ඔවුන් ජීවිතකාලයක් ලද සහ විඳි අතීතයෙන් එලියට එන්න අපහසු නිසා. ඒත් විචාරක කියන්නෙ සාර්ථකව ඒ දේ ජයගනිමිනි සිටින, දවසක හමුවෙලා දෙකක් දාගෙන කතා කරන්න ප්‍රිය කරන විදිහෙ චරිතයක්.

    ඔබේ විශ්‍රාම දිවිය ඉතාම ඵලදායීව තව කෙනෙක්ට යමක් දෙන්න, දැණුම බෙදාගන්න යොදවන මේ ව්‍යායාමයට මුළු හිතින්ම සුභ පැතුම්!! තුන් පිම්ම, දස "ප්‍රයාමයක්" වෙන්නට පතනව!!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }