හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

21 December 2014

නිවාඩු ඉල්ලුම්පත්‍රය

නම:- බ්ලොග් ලියන්නලාගේ විචාරක

ලිපිනය:- http://jangun.wordpress.com
                http://wicharaka.blogspot.com

තනතුර:- බ්ලොග් ලියන්නා

නිවාඩු ඉල්ලීමට හේතුව:- බෝවන ඇස් රෝගයක් වැළඳීම                                                                  Conjunctivitis 

රෝගය වැළඳීමට හේතු:- සංචාරයක් ගොස් පැමිණි විට වැළඳුනා

සංචාරය කළේ කොහේද:- මුලතිවු, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, යාපනය, නාගදීපය, ඩෙල්ෆ්ට් දූපත 

සංචාරය හොඳද:- මල් හතයි ඈ 

නිවාඩු ඉල්ලන දින ගණන:- හරියට ඇස් දෙක ඇරගන්න පුළුවන් වෙනතුරු. (දැනට රිදෙනවා කඳුළු ගලනවා, බෙහෙත් දානවා. නමුත් වෛරස් ලක්ෂණය පහවනතුරු විඳවන්ඩ වෙයි) 

ඔන්න අපේ උන්දෑ බෙරිහන් දෙනවා තියන ටිකත් පොට්ට කරගන්ඩද හදන්නේ ඔය මගුලේ එල්ලිලා කියලා. 

25 comments :

  1. Conjunctivitis කියන්නේ මහ එපාම කරපු ලෙඩක්.. නිවාඩු අනුමත කරන්නම වෙනවා නැත්නම් අනිත් උන්ටත් වැළදෙනවනේ.. රෑට සමන් පිච්ච මල් වතුරෙ දාල තියල උදේට ඒ වතුරෙන් ඇස් හේදුවම හුඟක් සනීපයි.. ඊට අමතරව අවශ්‍ය විවේකය තමයි.. ඉක්මණින් සනීප වෙලා ආපහු රාජකාරියට වාර්ථා කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.. ජය ශ්‍රී!

    ReplyDelete
  2. කලින්ම කිවුවා දකින දකින කෙල්ලට ඇස් ගහන්ට යන්ටෙපා කියලා.. ඇහුවද? ඇහුවද? ඇහුවද? :-P

    ReplyDelete
  3. විචාරක සහෝදරයාට ඉක්මන් සුව පතනවා අපි හැමදෙනාම................... මේ සංසාරයේ හැටි ඔහොම තමයි... දුක වේදනාව අපිට විදින්න වෙනවා.................. කළකිරෙන්න ඒපා ශක්තිමත් වෙන්න............ ඉක්මනට ම පෝස්ටුවක් කොටන්න තරම් ශක්තිය වර්ධනය වේවා................... කුගැගීප

    ReplyDelete
  4. නිවාඩු අනුමත කරමි.
    ඕනම දෙයක් ඕනවට වඩා පාවිච්චි කරන්න යන්න එපා කියන්‍නෙ ඕක තමයි. :d

    ReplyDelete
  5. යන එන ගමන් කෙල්ලා් දිහා බල බල ගිහිල්ලා ඇස් දෙකේ පොට ගිහිල්ලද කොහෙද ඒකනේ හාමිනේ බනින්නෙ

    ReplyDelete
  6. පහුගිය පාර මෙම සොල්දාදුවා දමාපු ලිපියට කොමෙන්ට් කරමින් අප සදහන් කරා, සේනාධිනායක,අතිගරු ජනාධිපතිතුමාව විවේචනය කර ලිපි දමන්න එපා කියා. ඒ මොහොතේ මෙම සොල්දාදුවා සදහන් කළා අපව අංගොඩට ගිහිං දමන්න ඔනියි කියා. ඔන්න අතිගරු ජනාධිපතිතුමාට මඩ ගහන්න යන අයට වෙන දේ පෙනවා නේද? තමා සුදානම්ව සිටියේ ඉදිරි සති දෙකක කාලය ඇතුලත, එනම් ජන්දයට පෙර කාලයේදී විවිද ලිපි දමා අතිගරු ජනාධිපතිතුමාට පහර ගසන්න. ඔන්න දැන් උන දේ. ඒ නිසා තමයි කියන්නේ සත්‍යය ජය ගනී කියලා.


    දැන් බලන්න අර පොන්සේකාට උන දේ. උන්දෑ ජනාධිපතිතුමා එක්ක හැප්පෙන්න ආවා. දැන් ඔය ඉන්නේ බලු බල්ලෙක් නැතිව දුක සේ.

    තමාට කියන්නෙත්,දැන්වත් මොලේ කල්පනා කරලා අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් වැඩ කරන්න කියාලා. කොහොමත් අතිගරු ජනාධිපතිතුමා මේ ජන්දෙන් දිනන්නේ ලක්ෂ 20 කින්. ඒ ජයග්‍රහණයේ කොටස් කරුවන් වෙන්න, නිකන් මේ බොරුවට කැරලි ගහන්න යන්නේ නැතිව. තමා සොල්දාදුවෙක් වශයෙන් සේනාධිනායක,අතිගරු ජනාධිපතිතුමාට භය පක්ෂපාතිත්වය දැක්විය යුතුබව හොදහැටි දන්නවානේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      //දිනන්නේ ලක්ෂ 20 කින්//
      වැරදියි. වැඩි ඡන්ද ලක්ෂ විසිපන්දාහකින් - මීට ඇස්.බී.

      විචාරක,
      නිදුක් වේවා! නිරෝගී වේවා!! සුවපත් වේවා!!!

      Delete
  7. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් නො මෝ ටියර් බේබි ෂැම්පු වලින් ඇස සෝදා ගන්න පට ගාලා හොඳ වෙනවා.

    ReplyDelete
  8. විචාරක තෙමේට ඉක්මන් සුව පතනවා.
    අඩේ මරු ට්‍රිප් එකක් ගිහින් තියෙන හැඩයි. ඒ විස්තරත් ඉක්මනටම කියමු ඈ..

    ReplyDelete
  9. අනුමත කරමි.
    ---------

    අස්සන් කලේ දෙවැනි විභීෂණ( අධිපති of විභීෂණ අඩවිය )

    ReplyDelete
  10. කවරින් අප් වලට කෙනෙක් ඇපොයින්ට් කරලා , ගන්න නිවාඩුවක් ගන්නවා හොඳයි , ඔහෙලට හිතෙන හිතෙන වෙලාවට නිවාඩු ගන්න මේක මොකක් කියලා හිතුවද ? මං හරි සැරයි හරිද ?

    ReplyDelete
    Replies
    1. පුහ්........ ගෙම්බෙක් ගිය උඩ.......!!!!!

      Delete
  11. අනුමත කරමි. වෛද්‍ය වාර්තා රැගෙන පැමිණෙන්න.

    ReplyDelete
  12. ආයෙත් ඔපරේසොන් එකකට ගිහින් වගේ...

    අනුමත කරමි...

    ReplyDelete
  13. අනුමත වෙමි.

    නිවාඩු සිට නැවත පැමිණීමේදී අසනීපය සනාථ කරන වාර්තාවක් ගෙදර උන්දැ ගෙන් සහතික කරගෙන පැමිණිය යුතුය.

    ReplyDelete
  14. විචාරකතුමාට ඉක්මන් සුවය පතනවා.. නිවාඩු ගිහින් ආපු ගමන් ගමනේ විස්තරත් කියන්න ඕනේ හොඳද ...

    ReplyDelete
  15. මේ රෝගය බෝ වෙන්නේ ඇස දෙක අතින් ඇල්ලුවොත්. දෑත් හොදින් සබන් වලින් සේදීම මගින් රෝගයෙන් වැළකෙන්න පුළුවන්. ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  16. ඕක තමයි එක එක තැන්වල රෝන්දෙ ගහන්ට යන්ට එපා කියල අම්ම කිව්වෙ??? :-)

    හා හා කැමති දවසක් ඉඳලා ආපහු එන්ටකො ඈ තව මොන මොනවා හරි කතා ටිකක් ගොතාගෙන!

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ආහ්, තව දෙයක්. අනාරක්ෂිත ලිංගික එක්‌ වීම් වලිනුත් ඇස් ලෙඩ හැදෙනවා. එක් විශ්වාසවන්ත සහකාරියක් පමණක් ඇසුරු කරන්න තමයි දොස්තර මහත්තයා කියන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඒ ඇස් ආතල් ගන්න ගියාම වෙන්න ඇති

      Delete
  19. අනුමත නොකරමි.

    බ්ලොග් කරුවන්හට කිසිඳු හේතුවක් නිසා නිවාඩු හිමි නැත. පඩි වැඩි කොට අස්කිරීමට පෙර වහාම සේවයට වාර්තා කරනු.

    ReplyDelete
  20. ඔබ තුමාට ඉක්මන් සුවය.......

    ReplyDelete
  21. මා වෙනුවෙන් අනුකම්පාව දක්වා ඉක්මන් සුවය පැතූ ඔබ සියලු දෙනාට මගේ භක්ත්‍යාදර පූර්වක ප්‍රණාමය පුද කරනවා.

    ReplyDelete
    Replies
    1. දැන් සුව ද විචාරක?

      එහෙමනම් ගොඩක් සන්තෝසයි...

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }