Shotgun – ෂොට්ගන් හෙවත් ව්‍යවහාර භාෂාවෙන් පතරොම් තුවක්කු යන වර්ගීකරණයට අයත්වන තුවක්කුවක් ලෙස රිපීටර් තුවක්කුව හඳුන්වා දිය හැකියි. ඉංග්‍රීසි භාෂාවෙන් රිපීට් repeat කියන්නේ නැවත නැවතත් සිදුවෙන, සිදු කරන කියන තේරුම බව ඔබ දන්නවනේ. රිපීටර් තුවක්කුව කියන්නේ එක වරකට පතරොම් කීපයක් ඇතුළු කලපසු ඒවා අවසන් වනතුරු නැවත නැවතත් කොක් කරමින් වෙඩි තැබිය හැකි පතරොම් තුවක්කුවක්.
තුවක්කුවක ප්‍රධාන කොටස් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව දැන් ඔබට සෑහෙන දැනීමක් ඇතැයි මා සිතනවා. ඔබ අපේ කාලයේ තුවක්කු 1, 2, 3, 4 කියවා ඇතැයි මා විශ්වාස කරනවා. ඒ නිසා මේ ලිපියේදී පැරණි තොරතුරු නැවත නැවතත් ‘රිපීට්’ කරලා ‘රිපීටරයක්’ වෙන්න මම උත්සාහ කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම රිපීටර් තුවක්කුව කියන්නේ බොහොම ජනප්‍රිය තුවක්කුවක්. අපේ රටේ පෞද්ගලිකව පාවිච්චි කරන (බලපත් සහිත) රිපීටර් තුවක්කු බොහොම ස්වල්පයයි තිබෙන්නේ. ඒ වගේම බලපත්‍රයක් ඇති කෙනෙකුට වුනත් මිලදීගන්නට රිපීටර් තුවක්කු ශ්‍රී ලංකාවේ එතරම් නැහැ. අපි ඉස්සරවෙලාම බලමුද රිපීටර් තුවක්කුවෙන් වෙඩි තියන හැටි.
ටිකක් අමුතුයි නේද? ඔබ දැක තිබෙන වෙනත් තුවක්කු වල, එක්කෝ සම්පූර්ණ ස්වයන්ක්‍රීයව සියලු පතරොම් එක දිගට වෙඩි තබාගෙන යාහැකි ආකාරයට මැගසින් එකෙන් චේම්බර් එකට එනවා. එහෙම නැත්නම් තුවක්කුවේ කොකා මිරිකන වාරයක් පාසා එක වෙඩිල්ල බැගින් පිටවෙනවා. නමුත් මේ තුවක්කුවේ එහෙම වෙන්නේ නැත්තේ ඇයි? පතරොම් තුවක්කුවකදී පත්තුවන පතරොමෙන් පිටවන වායු ප්‍රමාණය එකවර සම්පූර්ණයෙන් මුදා හරින්නට සිදුවෙනවා. එයට හේතුව තුවක්කු පතරොමකින් පිටවන්නේ රයිෆල් හෝ පිස්තෝල පතරොමක මෙන් තනි උණ්ඩයක් නොවේ. තුවක්කු පතරොමක තිබෙන මූනිස්සම් සියල්ලටම එකවර තුවක්කු බටයෙන් පිටවී යාමට ඉඩ දියයුතුයි. ඕනෑම තුවක්කුවක, ස්වයන්ක්‍රීයව ඊළඟ පතරොම ලෝඩ් කිරීමටනම්, ඊට පෙර වෙඩි තැබූ පතරොමෙන් පිටවූ වායුවේ පීඩනය මගින්, තුවක්කුවේ යාන්ත්‍රික කොටස් ක්‍රියාත්මක කරවා ඊළඟ පතරොම චෙම්බරය වෙත රැගෙන ආ යුතුයි. මෙතනින් බලන්න (තුවක්කු පතරොම, රයිෆල් පතරොම, තුවක්කු බටය, චෙම්බරය)
රිපීටර් තුවක්කුවේ එක් එක් පතරොම වෙඩි තබන්නා විසින්ම ලෝඩ් කල යුතුයි. ඒ ක්‍රියාව තමයි අර ඉහත වීඩියෝවෙදි ඔබ දුටුවේ, තුවක්කුවේ බටයට (බැරල්) යටින් පිහිටි කෙටි බැරල් එකක් වැනි කොටස, ඉදිරියට පසුපසට තල්ලු කරන (පොම්පයක් ක්‍රියාත්මක කරවනවා වැනි) ආකාරයෙන්. මේ ක්‍රියාව හඳුන්වන්නේ පම්ප් ඇක්ෂන් pump action කියලයි. ඒ නිසා මේ තුවක්කුව හඳුන්වන්නේ පම්ප් ඇක්ෂන් රිපීටර් ෂොට්ගන් Pump Action Repeater Shotgun යනුවෙන්. මේ පම්ප් ඇක්ෂන් එක බොහෝ දෙනෙකුගේ සිත පැහැර ගන්නවා. විශේෂයෙන් බටහිර චිත්‍රපටිවල පම්ප් ඇක්ෂන් තුවක්කුවට විශේෂ තැනක් ලැබෙනවා.
හොඳයි දැන් අපි මේ තුවක්කුවේ මූලික කොටස් හඳුනාගනිමු.
එමෙන්ම රිපීටර් තුවක්කුවේ මැගසිනය අප මෙතෙක් සාකච්ඡා කල විවිධ ගිනි අවි වල මැගසිනයට හාත්පසින්ම වෙනස්. මෙහි මැගසිනය පයිප්පයක් (බටයක්) වැනි ආකාරයෙන් (tubuler) තමයි පිහිටා තිබෙන්නේ. ඒ මැගසිනයට පතරොම් දැමීමත් අමුතුම ආකාරයකටයි සිදුකරන්නේ. තාක්ෂණික වශයෙන් මේ තුවක්කුව හඳුන්වන්නේ අභ්‍යන්තර හැමරය සහ බාහිර ටියුබ මැගසිනය සහිත පොම්ප ක්‍රියාකාරී පතරොම් තුවක්කුව කියායි. (Internal Hammer, Pump Action Shotgun with an external Tube Magazine) ඒ ක්‍රියාකාරිත්වය මෙන්ම මේ තුවක්කුවේ ඒ විශේෂ මැගසිනයට පතරොම් ඇතුළු කරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.
රිපීටර් තුවක්කු අතරින් මෙතෙක් නිපදවන ලද විශිෂ්ඨතම තුවක්කුව ලෙස සැලකෙන්නේ 1912 දී වින්චෙස්ටර් සමාගම නිපදවූ තුවක්කුවයි.
වින්චෙස්ටර් සමාගම 1963 දී රිපීටර් තුවක්කු නිපදවීම අත්හිටවනු ලැබුවා. වින්චෙස්ටර් සමාගම සමග තරගකාරීව කටයුතු කල සමාගම් දෙකක් වන රෙමින්ග්ටන් සහ මොස්බර්ග් යන සමාගම් දෙක තවමත් රිපීටර් තුවක්කු නිපදවනවා.
අනෙකුත් තුවක්කු මෙන් රිපීටරයද කාලීන වෙනස්වීම් වලට භාජනය වී තිබෙනවා. එක් එක් අවශ්‍යතා සඳාහා විශේෂයෙන් ගැලපෙන පරිදි රිපීටර් නිපදවනු ලබනවා. ඔබ මේ වනවිට මා පල කර ඇති ලිපි කියවීමෙන් දන්නවා ගිනි අවියක බටය හෙවත් බැරලය දිග වැඩිවූ තරමට එයින් වැඩි දුරකට වෙඩි තැබිය හැකි බව. නමුත් විශේෂ අවශ්‍යතා සඳහා කෙටි බැරලය සහිත රිපීටර නිපදවනවා.ට්‍රෙන්ච් ගන් නමැති රිපීටරය ඉක්මනින් එහා මෙහා හරවමින්, යුද භූමියේ දුව පනිමින්, වෙඩි තැබීම සඳහා ඉතා කෙටි බැරලයක් සහිතව නිපදවන ලද්දක්.
රිපීටර් තුවක්කු විවිධ බෝර් ප්‍රමාණයන්ගෙන් නිපදවනු ලබනවා. එහෙත් ඒ අතරින් තවමත් ජනප්‍රියව පවතින්නේ බෝර් 12 මෝස්තරයයි. පහත දැක්වෙන්නේ දැනට ලෝකයේ රිපීටර් තුවක්කු නිපදවන බෝර් ප්‍රමාණයන්.
රිපීටර් තුවක්කුවට යොදන්නෙත් සාමාන්‍ය පතරොම් තුවක්කු වලට යොදන පතරොම්. තුවක්කු පතරොම් පිළිබඳව මා ඔබට පතරොමක කතාව 1 මගින් කරුණු කියාදුන්නා මතක ඇති.
දැන් ඔබ රිපීටර් තුවක්කුව ගැන සතුටුදායක දැනුමක් ලබාගත්තා. ඒ අවියට පතරොම් දමන හැටි මෙන්ම වෙඩි තබන හැටිද දුටුවා. හැබැයි තුවක්කු ගැන මා මගේ මුල් ලිපි වලදීම සඳහන් කලාක් මෙන් සෑම ගිනි අවියක්ම වෙඩි තැබීමෙන් පසු සහ පාවිච්චි නොකලත් යම්කිසි කාලසීමාවකට වරක් ගලවා පිරිසිදු කල යුතුයි. එය කරන ආකාරයත් මා ඔබට පෙන්වන්නේ පහත දැක්වෙන වීඩියෝවෙන්.
https://www.youtube-nocookie.com/v/WeTVr8lGybs?version=3&hl=en_US&rel=0
https://www.youtube-nocookie.com/v/WeTVr8lGybs?version=3&hl=en_US&rel=0
අප ගිනි අවි ගැන දැනගත් යුත්තේත් හැකිනම් ගිනි අවි පුහුණුවක් ලැබිය යුත්තේත් මිනිසුන් මරණ චේතනාවෙන් නොවේ. ජීවිතයේ කිසියම් දිනක ආත්මාරක්ෂාව තකා ගිනි අවියක් පාවිච්චි කරන්නට සිදුවුනොත් තමන්ගේ මෙන්ම අනුන්ගේද ජීවිත අනතුරෙන් ගලවා ගැනීමට ඉඩ ලැබෙන බැවින්. තවත් මෙවැනි ගිනි අවියක් සමග ඉදිරියේදී හමුවෙමු.
No comments :
Post a Comment