මේ කතා ප්‍රබන්ධ කතාද ඇත්ත කතාද කියා මා මෙතෙක් සොයා බලා නැහැ. හැබැයි මෙවැනි කතා රාශියක් මතකයේ තිබුනත්, සභ්‍යත්වය සහ සදාචාරය විසින් මාගේ දෑත සහ මනස පාලනය කරන බැවින්, ඒවා බ්ලොග් එකේ ලිවිය නොහැකියි. කවදා හෝ බ්ලොග් කරුවන්ගේ සංසදයකදී සජීවීව කියන්නම්. මේ කතා දෙක ලියන්නේ දැනට මා කරගෙන යන බරපතල පරිවර්තන ක්‍රියාවක් අතරතුර මඳ විවේකයක් ගැනීමට සිතුන නිසයි.
දන්නවනේ යුද්ද කාලේදී හමුදාවේ සෙනග මදි නිසා වෙන වෙන ආරක්ෂක අංශත් යුද්දයට සම්බන්ධ කරගන්න සිදුවුනා. ඒගොල්ලන්ට හමුදා පුහුණුව තරමක් දුරට දෙන්නත් සිදුවුනා. මුලදී හමුදාව සමගත් පසුව තනියමත් ඒගොල්ලෝ ඉදිරි ආරක්ෂක ප්‍රදේශවල (FDL = Forward Defended Locality) රාජකාරියේ යෙදුනා. හැබැයි ඇත්තවශයෙන්ම ඒ ගොල්ලන්ගෙන් බහුතරයකගේ රාජකාරි උනන්දුවනම් ඉතාම අඩුයි. අනිවාර්යයෙන් සේවය කලයුතු අවම කාලසීමාව සේවය කර, ආපසු ගම රට බලා යන්නයි නොඉවසිල්ලෙන් බලා ඉන්නේ. එක අතකට ඒ ගොල්ලෝ හමුදාවක් නොවන නිසා ඒ සිතුවිල්ල සාධාරණයි. හැබැයි ගෙදර ඇවිත් යුද්ධය ගැන නොදන්නා දේ පවා කියමින් නයි ඇරීම තමයි නරක.
ඔන්න ඉතින් මේ ජාතියේ එක්කෙනෙකුයි හමුදාවේ එක්කෙනෙකුයි බංකරයක රාජකාරියේ යෙදී ඉන්නවා. හමුදා සෙබලා තුවක්කුව ඉදිරි භූමියට යොමු කරගෙන, රාත්‍රී අඳුර දෙස ඉතා දැඩි විමසිල්ලෙන් බලමින්, නිරීක්ෂණයේ යෙදී ඉන්නවා. නමුත් අර සගයාට රාජකාරිය ගැන වගේ වගක් නැහැ. ඔහු බකන්නිලාගෙන ඉන්නවා. ඒ මදිවට ඔහු උත්සාහ ගත්තා අර හමුදා සෙබලාව කතාවට අල්ලගන්න. නමුත් සෙබලා වචනයෙන් දෙකෙන් කතාව මග හරියේ රාජකාරිය හරියට නොකලොත් මරණය අත ළඟටම එන බව දන්නා නිසයි. (අර වර්ගයේ අය සෑහෙන්න යුද්ධයේදී මැරුණේ නොසැලකිල්ලෙන් බව, වගකීමෙන් යුක්තව කිව හැකියි) නමුත් අරයාට ඒවා ගානක් නැහැ. ඔහු හමුදා සෙබළාගෙන් මෙහෙම අහනවා.
“උඹලා ජොබ් එක කරන වෙලාවට හෙන සිරා නේ”
හමුදා සෙබලා:- හ්ම්ම් . . .
“උඹලා ජීවිතේ පුරාම ඉන්නෙත් හෙන සිරා විදිහට නේ”
සෙබලා:- හ්ම්ම් . . .
“උඹලා ගෙවල් දොරවල් වල මොනවද වෙන්නේ කියලා හොයන්නෙත් නෑ වගේ නේ”
සෙබලා:- හ්ම්ම් . . .
“උඹලාගේ ගෑනු මොනවා කරනවාද කියලා හොයන්නෙත් නෑ නේ”
සෙබලා:- හ්ම්ම් . . .
“ඉතින් උඹලගේ ගෑනු වෙන එවුන් එක්ක යාලු වෙනවත් ඇතිනේ”
සෙබලා:- හ්ම්ම් . . .
“ඉතින් උඹලගේ ගෑනුන්ට වෙන එවුන් නිසා ළමයිනුත් ඉන්නවා ඇති නේ”
සෙබලා:- හ්ම්ම් . . .
“ඉතින් උඹලා ඒ අවජාතක ළමයින්ට මොකද කරන්නේ”
සෙබලා:- “යකෝ, මතක තියාගන්, අපි ඒ අවජාතක . . . ගේ පුතාලා ඔක්කොම තොපේ අංශයට බන්දවනවා”
දෙවෙනි කතාව මෙහෙමයි. හමුදා සෙබලෙක් සහ අර ජාතියේ කෙනෙක් රාත්‍රී රාජකාරිය නිමවී මූණ සෝදා ගැනීමට අසල තිබුණු වැවකට ගියා. ඊට කරින් රාත්‍රියේ එකතුවුන ‘බර’ ගහක් මුලට අතාරින්නත් දෙන්නා අමතක කලේ නැහැ. එතන තිබුන පොඩි වතුර වලක් ළඟ දෙදෙනා ඉඳගත්තේ හෝදාගන්නයි. එතකොටම සතුරු මෝටාර් වෙඩිල්ලක් මහා හඩීන් ඩෝං ගාලා ඒ අසලට පතිත වුනා. මොහොතකින් සෙබලා අර සගයාට කියනවා ඔයා ඔයාගේ හොදාගන්නකෝ මොකද මගේ හෝදන්නේ?
No comments :
Post a Comment