හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 June 2012

මොකක්ද මේ ගැන හිතන්නේ


ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් අලුත් අන්තර්ජාල සම්බන්ධතා පැකේජ තුනක් හඳුන්වා දී තිබෙනවා. එයින් අඩුම මාසික වාරිකය සහිත පැකේජය ගැනයි මේ කියන්නේ. මෙහි දැක්වෙන්නේ ඒ පිළිබඳව නිකුත්කර ඇති විස්තර පත්‍රිකාව. මෙහිදී මා විසින් මේ පත්‍රිකාවල ඇති තොරතුරු කිසිවක් සංස්කරණය කර නැති අතර, බාගත කිරීමේ පහසුව සඳහා, පත්‍රිකාවේ පෙනුම පමණක් සංස්කරණය කර ඇති බව කාරුණිකව සලකන්න.
බැලූ බැල්මට මෙය පෙනෙන්නේ හොඳ වාසිදායක පැකේජ් එකක් ලෙසයි. එහෙත් මටනම් හිතෙන්නේ මෙය දීමක් නොව දීලා ඇදීමක් බවයි. උපරිම වේගය 8 Mbps සහ අවම වේගය 2 Mbps යන්න විවාදාත්මකයි. ඒ පරතරය 8 Mbps – 5 Mbps තරමේ වත් තිබුනානම් පාරිභෝගිකයා ගෙවන ගාස්තුව සාධාරණ යයි මට හිතෙනවා. ඊළඟ කාරණය තමයි උපරිම බාගත කිරීමේ සීමාව ඉක්මවූ පසු ඉබේම අඩු කෙරෙන වේග සීමාව. 8 Mbps වේගයෙන් වැඩකරන කෙනා, එකවර, 64 Kbps තරම් පහලට ඇද දැමීම සාධාරණද? එය යටත්පිරිසෙයින් 512 Kbps වේගයටවත් තැබුවානම් සාධාරණයි.
එමෙන්ම අතිරේකව නොමිලේ ලැබෙන 5 GB බාගත කිරීමේ ධාරිතාවක් ගැනද මෙහි සඳහන් වෙනවා. නමුත් එය ලැබෙන්නේ රාත්‍රී 12 උදේ 6 කාලසීමාවේදී පමණයි. ඒ පිළිබඳව (ඒ වෙලාව) සෑහීමකට පත්විය හැකිද?එය යටත්පිරිසෙයින් රාත්‍රී 10 උදේ 6 වශයෙන්වත් තිබුනානම් සාධාරණ බවයි මට හිතෙන්නේ. 8 Mbps වේගය අනුව 20 GB යනු ඉතා ඉක්මනින් බාගතකොට අවසන් වන චාරිතාවක්. එමෙන්ම ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් වැනි ඔන් ලයින් මෘදුකාංගයක් පාවිච්චි කරමින් ටයිප් කරන බ්ලොගර් වරුන්ටත් එතරම් සාධාරණයක් ඉෂ්ඨ වේයයි මටනම් හිතෙන්නේ නැහැ. ටැංකියේ ඇති ඉන්දන, එම ටැංකියේ ධාරිතාවයෙන් කාලකට පමණ අඩුවූ පසු, උපරිම පැයට කි. මී. 20 ක වේගයෙන් පමණක් දුවන, අලුත්ම කාර් එකක් වගෙයි මේ පැකේජය මටනම් පෙනෙන්නේ. මේ පැකේජය පිලිබඳ කොන්දේසි පහත දක්වනවා.
අතිරේක 1 GB ධාරිතාවක් සඳහා රු 250 ක් යනු ෂයිලොක් ක්‍රමයේ වෙළඳාමක් නොවන්නේද? පාරිභෝගිකයාගේ ඉල්ලීම මත යනු ‘ටිරිකිස්’ යෙදුමකි.මන්ද 8 Mbps නොව 2 Mpbs යන මේ පැකේජයේ අවම වේගය ලැබුනත්, උපරිම බාගත කිරීම් ධාරිතාවයට ඉක්මනින් ලඟාවන බව අවබෝධ වනවිට, පාරිභෝගිකයා ප්‍රමාදවී හමාරය. එවිට සිදුවන්නේ අකමැත්තෙන් හෝ තවත් ධාරිතාවක් ඉල්ලීමටය. එලෙස අතිරේක ධාරිතාව ලබාගැනීම යනු පොකට්ටුවට කෙළවෙන භයානක සූදුවකි.
මා කලින් සඳහන් කලාක් මෙන් කාර්ය බහුල නොවන කාලසීමාව ලෙස දක්වා ඇත්තේ රැකියාවක් නොකරන හෝ රෑට නින්ද නොයන අයෙකුට පමණක් පාවිච්චි කළහැකි කාලසීමාවකි. එය යටත්පිරිසෙයින් රාත්‍රී 10 සිටවත් ආරම්භ වූවානම් හෝ ඉරිදා දින පමණක් රාත්‍රී 10 සිට 12 දක්වා වැනි ක්‍රමයක් යෙදුවානම් සාධාරණ බවයි මගේ හැඟීම.
පාරිභෝගිකයාට අවම වශයෙන් සම්බන්ධතාවයේ වේගයෙන් 60% ක් ලැබෙන බව ප්‍රකාශ කිරීම නංගී පෙන්නා අක්කා දීමකි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ටෙලිකොම් අන්තර්ජාල වේගය සතුටුදායක නොවන බැවින් 8 Mbps නමැති මනමාලිය මේකප් ඉවත් කලපසු යකෙක් බව පාරිභෝගිකයාට වැටහෙන්නේ ටික දිනක් ගතවූ පසුය.
බදුත් එකතුවූ පසු කීයක් ගෙවන්නට වේදැයි දන්නේ දෙයියෝ පමණි.
අනෙක් පැකේජ දෙකේ විස්තරය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් පාරිභෝගිකයන් අමතන ලිපියද පහත දැක්වේ.
මේ ලිපියෙහි දැක්වෙන ආකාරයට 16 times higher speeds and increased usage volumes යන්න ප්‍රායෝගිකව කෙබඳු වේදැයි සිතා බැලිය යුතුය.

1 comment :

  1. හැමදෙනාම මේක දැනගෙන ඇන්ඳෙන්න නම් එපා! ටෙලිකොම් හොරු

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }