හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

23 October 2012

බලුකිරි සමාජයේ බලු වැඩ – බluකිri.com The Ugliest Sri lankan Online Community


කොපි කිරීම අද ඊයේ සිට සිදුවන දෙයක් නොවෙයි නොවැ. ඉස්කෝලේ යන කාලෙත් කරන වැඩක් නොවැ. නමුත් ප්‍රසිද්ධියේ කොපි කිරීම පුද්ගලයකුගේ පහත් ජන්ම ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමක්. මම මේ අඩවියේ පළ කරන ලද ලිපි රාශියක් කිසිදු ලැජ්ජාවක්, හිරිකිතයක්, නැතුව අමු අමුවේ කොපිකර පළ කිරීමට බලුකිරි කාරයෝ සමත්වී ඇත. මේ බව මට මුලින්ම දැනුම් දුන්නේ වටරවුම ලියන මුදියන්සේ. ඊට පස්සේ හීනලන්තයේ හරී හොයාගෙන තිබුනා, මගේ බ්ලොග් අඩවියේ ඉතිහාසයේ සිටම මේ බලු කිරි කාරයෝ බලු විදිහට කොපි කර ඇති බව. මේ දෙන්නාට පින්සිද්ධ වෙන්න මමත් හොයලා බැලුවා. බුදු අම්මෝ!!!!!!!!!! මේ තියෙන්නේ ගෙඩි පිටින්ම කොපි කරලා. මම බොහොම අමාරුවෙන් හොයාගෙන සංස්කරණය කළ පින්තුරත් එක්කම, එහෙම පිටින් ලිපි ඔක්කොම කොපිකරලා දාලා. අන්තිම කොනක අබ ඇට තරමේ අකුරින් තියනවා උපුටා ගැනීමකි කියලා. උපුටාගත්තේ කාගෙන්ද, කොහොමද, අවසර ගත්තද, ඒ මොනවත් නැහැ. හැබෑටම මුනුත් මිනිස්සුද? ලෝකයට පෙන්වන මුහුණත් මුන්ගේ සැබෑ ස්වරුපයත් අහසට පොළොව වගෙයි නේද? මම මේ ඊයේ පෙරේදා (20 වැනිදා) පළ කළ රැකසිට පහරදීම සම්බන්ධ ලිපියේ ක්ලේමෝ බෝම්බ ගැන කියන ලද කොටස තමයි අන්තිමට කොපිකරලා තියෙන්නේ. මේ බලන්න
  මගේ බ්ලොග් අඩවියේ ඉහලින්ම ලේබලයක් තියනවා PROTECTED BY COPYSCAPE DO NOT COPY කියලා. මුන් ඒ ගැනවත් තැකීමක් නොකරන, උපතින්ම, පහත් ගතිගුණ තම දෙමවුපියන්ගේ ජාන වලින්ම රැගෙන ආවාදෝ යි සිතේ. ඉතින් මේ කාලකන්ණින්ට මොනවා කරාට හිත් වදීද? මුන් නිකම්ම නිකම් පුස්සන් මිස කිසිදු නිර්මාණයක් කල නොහැකි නපුංසකයන් බව නොපෙනේද? මුන් මව්කිරි කිසි දිනක බී නැති බවත්, ඒ වෙනුවට දෙන එළකිරි වෙනුවට බී ඇත්තේ බලුකිරි බවත් මෙයින් පැහැදිළි නොවන්නේද? ඔබ මේ ගැන සිතන්නේ කුමක්ද?

No comments :

Post a Comment

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }