හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

04 July 2014

කලකට පස්සේ - After a long time

 
1
  කාලෙකට පස්සේ ඔන්න ඉතිං පුංචි කතන්දර දෙක තුනක් ලියන්න හිතුනා. හිතේ තිබුනට මෙව්වා ලියන්න සුදුසු වචන තෝරාගන්න එක තමයි අමාරුම වැඩේ. කතන්දර හැටහුටහමාරක් ඔලුවේ තිබුනට, මෙහෙම පොරසිද්දියේ එව්වා කියන්න බැහැ. කොහොම ලියන්න හැදුවත් ලැජ්ජා හිතෙනවා අනේ. ඒ වුනාට මම දන්නවා හුඟ දෙනෙක් මේ කතාවලට කැමතියි කියලා. බ්ලොග් ලියන කියවන ගෑණු ළමයිනුත් ඉන්න නිසා, බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද දන්නවද? එයාලට මේ කතා තේරෙන්නේ නැති වුනාම අහන ප්‍රශ්න වලට උත්තර දීම, බොහොම අමාරුයි. (හරි හරි, ඔයාට එයාලා ගෑණු ළමයි නොවුනට, මටනම් එයාලා තවම ගෑණු ළමයි) කොහෙද එදා බත්තරමුල්ලේ අවුරුදු උත්සවේදී ටිකකට මයික් එකවත් දුන්නානම්, හොඳ කතන්දර ටිකක් කියන්න තිබුණා. එදා අර පොට්ට කොර කොට්ට පොර ගහන එක විනිශ්චය කරන ගමන්, මම කිව්ව කතා, කාටවත් මතක හිටලා නැති එකත් හොඳයි. ඉතින් අද මේ කියන කතා මගේ නිර්මාණ නෙවෙයි. මම ඔය ජාලයේ අහුමුළුවල රිංගනකොට සහ මගේ හමුදා මිතුරන් ඇසුරෙන් හොයාගත් ඒවා. අම්මපා මම වගේ නොවෙන, ඕනෙම තැනක ඕනෙම එකක් කියන හමුදා මිතුරන් ටික දෙනෙක් එක්ක එන්නද දවසක? හරි හරි, එව්වා පස්සේ බලාගම්මුකෝ. ඔන්න මීට පෙර මේ වගේ කතා ලියනකොට වගේම, අදත් ආදරයෙන් කරුණාවෙන් ඉල්ලන්නේ, වාරණය කරන්න සිදු නොවෙන, අසභ්‍ය වචන රහිත, රසවත් කමෙන්ට් පමණක් ඉදිරිපත් කරන්න කියලයි. මේ කතා සමහරු මීට කලින් අහලත් ඇති. සමහරු ලියලත් ඇති. එහෙනම් මෙන්න කතා ටික.


සාස්තරය  

???????????????????????????????????????????????????   ජීවිතයේ තරුණ වයස ඉක්මවමින් ඉන්න, එහෙත් තවමත් අවිවාහක පුද්ගලයෙක් ගියා, සාස්තර කාරියක් ලඟට, සාස්තරයක් අහන්න. සෑහෙන වෙලාවක් ඔහුගේ අත පරීක්ෂා කල සාස්තර කාරිය කිව්වා, 'මට පෙනෙනවා මහත්මයා තවමත් අවිවාහක බව' කියලා. 'හරියට හරි. මම විවාහ වෙන්න දරපු හැම උත්සාහයක්ම වැරදුනා' කියලා අර පුද්ගලයා කිව්වා. 'ඒ විතරක් නෙවෙයි මහත්තයට තාවකාලික වින්දනයක් ලබන්න තරම්වත් කාන්තා ඇසුරක් ලැබිලා නැතිබව මට පෙනෙනවා' සාස්තරකාරිය කිව්වා. 'මොනවා....., ඒකත් හරියටම හරි, මගේ අතේ තියන මොන රේඛාවෙන්ද ඒ බව පෙන්නුම් කරන්නේ?' අර පුද්ගලයා බොහොම පුදුමයෙන් සාස්තරකාරිගෙන් ඇහුවා. 'නෑ නෑ මහත්මයා, මම ඒ බව කිව්වේ මහත්මයාගේ අල්ලේ තියන රේඛාවලින් නෙවෙයි, කරගැට වලින්' සාස්තරකාරි උත්තර දුන්නා.


මොකක්ද නෝනගේ නම

   විවාහක යාළුවො දෙන්නෙක් ජීවිතය ගැන කතා කර කර ඉන්නවා. එක යාලුවෙක් අනික් යාලුවට කියනවා මෙහෙම. 'මට හරිම ආඩම්බරයි කියන්න මම මගේ නෝනව බඳින්න කලින්, කවදාවත් එයත් එක්ක එකට ඉඳලා නැහැ. ඔයා ඉඳලා තියනවද?' එතකොට අර අනික් යාලුවා උත්තර දෙනවා මෙහෙම. 'මට හරියට මතක නැහැ. කී දෙනෙක් කියලා මතක තියා ගන්නද? මොකක්ද ඔයාගේ නෝනගේ නමේ පලවෙනි කොටස?'


ගිරවා

boyringneck  මහත්තුරු දෙන්නෙක් දොස්තර මහත්තයෙක් හම්බවෙන්න ගිහින් හිටියා. එක මහත්තයෙක් දොස්තර මහත්තයට කිව්වා, 'මගේ ගිරවගෙ බෙල්ලේ මාලය හුඟක් රතුවෙලා. මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා බලාගන්නයි ආවේ' කියලා. දොස්තර මහත්තයා ගිරවව පරීක්ෂා කරලා කිව්වා, 'සුළු දෙයක්, නෑව්වාට පස්සේ ඔක්කොම ඉවරයි' කියලා. අනික් මහත්තයා කිව්වා, 'මගේ ගිරවගෙ බෙල්ලේ මාලය නිල් වෙලා, ගිරවා හරි මළානිකයි. මොකුත් ප්‍රශ්නයක්ද කියලා බලාගන්නයි ආවේ' කියලා. ගිරවව පරීක්ෂා කරපු දොස්තර මහත්තය කිව්වා, මාස කීපයක් බෙහෙත් නොකලොත් තත්වය දරුණු අතට හැරෙන්න ඉඩ තියනවා' කියලා. එයින් පුදුමයට පත්වූ මහත්තයා අහනවා, 'ඇයි ඩොක්ටර්, අර බෙල්ලෙ මාලය රතුවෙච්ච ගිරවා නැව්වම හරියනවා නම්, මගේ ගිරවගෙ බෙල්ලෙ මාලය නිල් පාට වුනාම මොකද මෙච්චර ලොකු ප්‍රශ්නයක්?' කියලා. දොස්තර මහත්තයා කිව්වා, 'ලිප්ස්ටික් ටිකක් ගෑවීම සහ දත් පාරක් නිසා ඇතිවුණු ඔඩු දුවන තුවාලයක් අතර වෙනස තමයි ඒ' කියලා.


ඔබද ලක්‍ෂපති

   ඔන්න ඉතිං, මේ කියන්න යන සිද්ධිය වුණේ මට කියලා, බොරු කතා හදනවා එහෙම නෙවෙයි හරිද? මට විස්වාසම නැති එකා අර අසමජ්ජාති පත්තරයා. ඕකා තමයි ඔක්කොම කතා හදන්නේ. මෙන්න මේකයි කතාව. ඔබද ලක්ෂපති වැඩසටහන නරඹලා, රූපවාහිනිය වසා දැමූ මැදි වයසේ යුවලක්, නිදාගන්න ගියා. නොයෙක් දේ කතාකරමින් හිටිය දෙන්න ගෙන්, නෝනා, අනික් පැත්ත හැරිලා නිදාගන්න හදනකොට, මහත්තයා කිව්වා, 'පොඩ්ඩක් මේ පැත්තට හැරෙන්නකෝ' කියලා. නෝනා කිව්වා, 'අනේ අනේ මේ, අදනම් මගේ ඇඟට හරි මදි. මට නිදාගන්න ඕනේ' කියලා. මහත්තයා ඇහුවා, 'හරි ඒ ඔයාගේ අවසාන පිළිතුරද?' කියලා. නෝනා 'ඔව්' කිව්වා 'තහවුරු කරන්න' කියලා මහත්තයා කිව්වා. නෝනා කිව්වා, 'තහවුරු කරනවා' කියලා. මහත්තයා කියනවා, 'ඔයා විකල්ප පාවිච්චි කළේ නැතුවට මට කරන්න දෙයක් නැහැ. ඔන්න එහෙනම් මම කෝල් අ ෆ්‍රෙන්ඩ් විකල්පය ගන්නවා' කියලා.


කළකිරීම

   
 ඉතාම කලකිරීමට පත්වූ ස්වාමිපුරුෂයෙක් මනෝවෛද්‍ය වරයකු හම්බවෙන්න ආවා. 'දොස්තර මහත්තයා, මට මගේ ජීවිතේ එපා වෙලයි තියෙන්නේ. මගේ නෝනා මාව සතේකට ගණන් ගන්නේ නැහැ. මම හම්බකරන හැම සතේම වියදම් කරමින් ජොලි කරනවා. හැමදාම ක්ලබ් එකට යනවා. එක එක දවසට එක එක මිනිහා එක්ක හෝටල් ගානේ රවුම් ගහනවා. මේ ගෑනි සිනමා නිලියක් වගේ ලස්සනයි කියලා හැමෝම කියන එක තමයි මේ ගෑනි මෙතරම් නරක්වෙන්න හේතුව. බැරිද මගේ නෝනට මොකක් හරි මනෝවෛද්‍ය ප්‍රතිකර්මයක් කරන්න මාව දාලා නොයන විදිහට' කියලා, ඒ ස්වාමිපුරුෂයා මනෝවෛද්‍යවරයාගෙන් ඇහුවා. මනෝවෛද්‍යවරයා මෙහෙම කිව්වා. 'කලබල වෙන්න එපා, මහත්තයා හිත සන්සුන් කරගන්න. ආනාපාන සතිය වඩන්න. මෛත්‍රී භාවනාව නිතර කරන්න. මට දෙන්න නෝනගේ නමයි, අර නෝනා නිතර යන ක්ලබ් එකේ ලිපිනයයි'.
  
ඇති නේද? තවත් කතා තියනවා, පස්සේ කියමු. ටටා....................!



my-signature-for-blog[1]   2014 ජූනි මස 03 වැනි දින 2128 පැය

81 comments :

  1. පට්ට කතා සැට් එක ,අර ගිරවා ගේ එක තමයි හොදම හැක් හැක් .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදර

      Delete
  2. එල කතා ටික බොහොම සංවරව ලියල විචාරක තුමා.....
    මේ ටික අපේ මාතලන් ලොක්ක ලිව්ව නම් කොහොමට හිටියිද කියල කම්පනා කලේ කියවද්දී.....

    ReplyDelete
    Replies
    1. ස්තිතියි කෙන්ජි. බොහොම අමාරුවෙන් තමා වචන තෝරාගත්තේ.

      Delete
    2. අනේ පලයන් යන්න අයියන්ඞි, උඔ ලිව්වනම් කියලා මම කම්පනා කලේ.

      Delete
    3. කෙන්ජි උඹ බයටද උඹේ හුචක්කුව ඇනෝලට වහල තියෙන්නෙ

      Delete
    4. @ සංජීව. ++ අම්මපා සංජීව මේක කෙන්ජි ලිව්වනම්, එංගලන්තේ මහ රැජිනිටත් අර මොකක්ද එක අමතක වෙනවලු. :e

      Delete
    5. @AnonymousJuly 4, 2014 at 9:16 AM
      මචෝ...thnx දන්වපු එකට.....
      මම අහල බලන්නම් තාක්ෂණ තැනගෙන්....
      උඹල මට ඕන.....

      Delete
    6. ආ...තව එකක්....ඔය භය කියන රෙද්ද මා නොදනිමි.....

      Delete
  3. ෂහ්.. නොම්මර එකේ කතා ෂැට් එක ඈ.. ඔන්න ඕවනේ පෝස්ට් ..අර තුවක්කු කතා දකිද්දි මගේ කකුල් දෙක වෙව්ලනවා..:D

    මට අල්ලම ගියෙ ඔබද ලස්සපති මමද ලස්සපති කතාව ටොපේ ටොප් ඈ.. නෑ මං කීවෙ ඔබතුමාට රෑට කෝල් ගත්තම හැමදාම එන්ගේජ් :D ඕං අද නෙවැ උත්‍තරේ හම්බුනේ.. හා හා අපි දවල්ට ගන්නංකෝ එහෙනං.. ආයෙ මක්කටයි වෙඩි කන්නෙ :D

    ReplyDelete
    Replies
    1. උඹ වරෙන්කො අපේ පැත්තේ වැරදිලාවත්, ෆෝන් එක එන්ගේජ් වෙලා තියන හැටි පෙන්නන්ඩ.

      Delete
    2. හා හා බලාගෙන..... ඇන්ජිම සීස් වෙයි හොදේ...! :D

      Delete
    3. හෙහ් හෙහ් හේ.............. රීකොන්ඩිසන් කොරන්ට වෙයිද?

      Delete
    4. ගැලපෙන ඇංජිමක් බලලා අලුතෙං තිබ්බනං හරි :D

      Delete
    5. එතකොට උඹ ඇත්ත නේද කියලා තියෙන්නේ පත්ත්රයෝ , මම හිතුවේ බොරු කියලා

      Delete
    6. ඕ යේස් . බොරුනං රෑ වෙලා අරං බලහං මං කියනවට :D

      Delete
    7. ඇන්ජිම හැදුවා. ඒ උනාට ඉන්ජෙක්ටර් පොම්පේ තවම හරි නෑ. පණ නෑ.

      Delete
  4. පොරවල් දෙකක් කන පාත් වෙන්න අනුමත වෙලා පාරෙ යන ගමන්,
    "ඒහ් අයින් වෙයන් ගූ ගොඩක්"
    "පිස්සුද බන් ඒ ගූ නෙවෙයි"
    හොඳට නැවිල බලමින් "නැත්තෙ මොකො යකො මේ ගූම තම්යි බං"
    අනෙකත් හොඳට නැවී බලමින් "නෑ මචං ගඳක්වත් නෑනෙ"
    "ඉඹල බලපන්"
    ඇඟිල්ලට ස්වල්පයක් ගෙන ඉඹලා බලයි
    "හ්ම්.. ගඳක් නම් නෑ තමයි"
    ඒත් මේක නම් ෂුවර් එකටම ගූ වෙන්න ඕනෑ යයි සිතා ලෙව කා බලයි.
    "ගූ නේන්නම් ඕයි අයින් වෙයන්, මළ කෙලියයි පෑගුනා නම්"

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඔය වගේම තියනවා නේද කතාවක් අර රාලහාමි කෙනෙක් හත්පොලේ ගාගත්තා කියලා.

      Delete
  5. පත්තරයා කිව්වා වගේ මමත් කැමති, ලක්ෂපති කතන්දරේට. අර සාත්තර කාරි අරෙහෙම කියලා තියෙන්නේ කරගැට දැකලා නෙමෙයිය. අතේ රේඛා නැති නිසායෙයි කියලයි මම නම් අහලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා එකත් ඇත්ත. ඔයවගේ අයගේ අල්ලේ රේඛා නැතුවත් ඇති. ස්තුතියි ඇගයීම ගැන.

      Delete
    2. ඕක නෙවැ මං සාත්තර අහන්ඩ නොයන්නේ .. :D

      Delete
  6. ඕනවට වැඩිය වීනීත වෙන්න ගිහින් කතා ටිකේ ආතල් එක කාලා අපේ විචා.. හැක්

    ReplyDelete
    Replies
    1. යකෝ, අමුවෙන් ගහනවට වඩා ෂැන්ඩි දාලා ගහනකොට රසය වැඩියි.

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බං. නියම රසය මේකෙ තියනව.

      Delete
    2. හැක් ....මේ තියෙන්නෙ තව කතා

      Delete
    3. අනේ සංජීව තරහ වෙන්න නම් එපා. මම කවදාවත් මගේ අඩවියේ පළකරන්නේ නැහැ, අද සමාජයේ කුණුහරප යනුවෙන් සම්මත වචන ඉඳුරාම. ඔයාට පුළුවන් ඒ අදහසම කෙටි යෙදීම්/තිත්/තරු ලකුණු සහිතව නැවත මෙතනම පලකරන්න.

      මා ඔබට ඉතා කාරුණිකව ආරාධනා කරනවා මීට කලිනුත් මා ලියා ඇති ලිංගික ප්‍රහසන කතා මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියෙන් කියවා බලන ලෙස http://jangun.wordpress.com එහි ඇති පුංචි කතන්දර කියන වර්ගීකරණයේ ඇති ඒ කතා ඔක්කොම.

      එහිදී මා ඉල්ලාසිටි පරිදි කිසිම කෙනෙක් තම කමෙන්ට් වල අසභ්‍ය වචන ලියා නැහැ. ඒ නිසයි මේ ලිපියෙදීත් ඒ ඉල්ලීමම කලේ. ඔබට යම් අපහසුතාවක් ඇතිවුනානම් කණගාටුව ප්‍රකාශ කරනවා.

      Delete
    4. හරි අයියන්ඞි අවුලක් නෑ. ආය කොටන්න කම්මැලි. මම කියපු නරක වචන වලට දෙවියන් කෝපවෙල අකුන රාඡ්ටයි සහෝදරටයි වැදෙයිද?

      Delete
    5. නැහැ නැහැ. කාටවත් අකුණු වදින්නේ නැහැ. :D

      Delete
  8. මාතලන් කිව්ව වගේ වල්ලාපට්ට! ගිරවගෙ කතාව තමයි සුපිරියෙනුත් සුපිරි. කවුරුහරි කියනව නං හොඳම කතාව ඒක නෙවෙයි කියල මම කියනව ගිරවගෙ කතාව ආයෙත් කියවන්න කියල. ලක්ෂපති කතාවත් සාත්තර කතාවත් හොඳයි. කලකිරීම නං ටිකක් හොඳයි. නෝනගෙ නම නං එච්චර හොඳනෑ.

    ReplyDelete
    Replies
    1. රාජ් මටත් එහෙම තමයි ගිරව ගේ එක තමයි අල්ලලා ගියේ ...හැක් හැක්

      Delete
    2. ස්තුතියි රාජ්.

      @ සහෝදර. යකෝ ගිරවව අල්ලන්න එපා. නරක් වෙයි.

      Delete
  9. මටත් අල්ලල ගියේ ගිරවගෙ කතාව.දේශකය කිව්වා වගේ ඕනවට වඩා විනීත වෙන්න ගිහිං කතාවල රසේ අඩුකරගත්තද මංදා.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවෙන් ලියනකොට ඔහොම තමයි හැලපෙ. ටිකක් පුරුෂ ධෛර්යය අරගෙන ලියන්නම් ඊළඟ කතා ටික.

      Delete
    2. ඒක තාම තියේද// අපේ නං හිර ගෙට නියම උනාට පස්සේ ඒක කව්ද අරන් ගිහිල්ලා.. හැක්..

      Delete
    3. මං හිර ගෙට නියම උනාම වයිෆ් ඒක අරං අල්මරියෙ දැම්මා :D . ඕන උන වෙලාවට දෙන්නං කියාල .හැක්

      Delete
    4. හැක් ඔය ඉන්නේ.... පුරුෂ ධෛර්යය නැති කොරගෙන... අපි වගේ හිටියනම් ඉවරයිනේ.....!

      Delete
  10. මම කැමති ලක්ෂපති කතාවට. ඒක ඉතින් අනෙක් කෙනාටත් කරන්ට පුලුවන් එකක්නේ... :D

    ReplyDelete
    Replies
    1. එයාටත් පෙන්නලා අහන්ඩකෝ අදහස්.

      Delete
  11. පට්ට කතා ටික...!
    මගෙත් ප්‍රස්නේ තමා ඔය ලක්සපති............ එක්කෝ ඕනේ නෑ නිකන් වෙඩි කන්න මොකටෙයි.....!

    ReplyDelete
    Replies
    1. අම්මපා මට හිතෙනවා මේක අපේ ඇත්තිට පෙන්නන්ඩ. මට ඇක්සිඩන්ට් වාට්ටුවට යන්ඩ වෙයිද දන්නේ නෑ.

      Delete
    2. ඇක්සිඩන්ට් වාට්ටුවට ???????????

      Delete
  12. ගිරවාගේ කතාව බොහොම සංවරවනේ ලියල තියෙන්නේ. මොනව වුණත් පට්ට කතා ටික. මේ කතා කීපයක්ම වෙනත් වර්ශන් වලින් අහලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්. මම ඒකයි ලිපියේ මුලදීම කිව්වේ මේ කතා සමහරු ලියලත් ඇති අහලත් ඇති කියලා.

      Delete
  13. හනේ හනේ විචාරක ලියන කතා වයසටද කරන වැඩ ...... මගේ හිරි ඔතපුත් බිදුනද මන්දා .....

    (ඊළඟ කතා ටිකත් ඉක්මනට දාන්න )

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඔය හිරි ඔතප් කියන්නේ? ආතරයිටිස් වගේ එකක්ද?

      Delete
    2. නෑ එක පිගන් මැටි වලින් හදපු එකක් නිකන්ම බිඳෙනවා

      Delete
    3. අනේ මැලේ උබේ හිරි ඔතප්... නිකා ඉදින්

      Delete
  14. මම නම් ලජ්ජාවට කියෙව්වෙත් නෑ ,ඇත්තමයි .. (තව තියෙනවද?)

    ReplyDelete
    Replies
    1. තව ටිකක් පස්සේ ලියනවා ඔන්න කියවන්න එහෙම එපා. තවත් ලැජ්ජා හිතෙයි.

      Delete
  15. හි.. හි.. ශෝක් කතා ටික...

    ReplyDelete
    Replies
    1. ඔයා නරක වුනේ නැත්නම් හොඳයි. :e

      Delete
  16. හික්ස
    පට්ට කතා..... ඔහැක්

    ReplyDelete
    Replies
    1. ලියන්ඩ ගියාම මගේ පට්ට යනවා.

      Delete
  17. සෝක් කතා ටික. මට බය ලැජ්ජ බයට හැදිච්ච අපේ ගෑණු ලමයි ටික මේ පැත්තට ඇවිත් නරක් වෙයි කියල! අනික ය පත්තරය උනත් එහෙම එකා. මෙව්ව කියවල නරක් වෙයිද දන්නෙත් නෑ.

    මේ ලඟදි ඕකා ඉතාලියෙන් සාස්තරයක් අහලා. අත බලලා කිව්වලු මේ අතේ රේඛා මොකුත් නෑ කැටපත් පවුර වගේ මැදිලා කියලා!! ඒ නිසා වම් අතවත් පරිස්සම් කරගන්න ඕනි නම්.... න්නෑහ් එක්කො ඕනි නෑ, ඉතිරිටික නොකිය ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. කියහන් කියහන්...!

      Delete
    2. මං කාල ඇඳල ඉන්නවට බොලා ඊරිසියයි :D
      ඕං ඕකයි සහසුද්දෙන්ම .. අතට අත දීලා බං ඉර මැකිල තියෙන්නෙ .මේව බටහිර රටවල් නෙවැ.. මොකෝ ආයිබෝං කියන්ඩැයි මනුස්සයෙක් හම්බුනාම :D

      Delete
    3. අපිට නම් ආරංචි අතට *ක දීල කියලා

      Delete
    4. පත්තරයා මගෙන් උපදෙස් අරගෙන ලඟදි ඉතාලියෙන් ගත්තා ෆුල් ඔටෝමැටික් පිස්තෝලයක්. උඹලා ඔක්කොම පරිස්සම් වෙයල්ලා.

      Delete
  18. මරු කතා ටික විචාරකතුමෝ!!

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න, දොඩම් ගෙඩි දෙකක් තරම් උස නැතුව ආවා මෙතන ලොකු මිනිස්සුන්ගේ ඒවා බලන්න :P

      Delete
    2. හානේ උඹ අංගොඩින් පැනල එනගමන්ද??
      මටත් මේ ලින්ක් එක එවුවෙ ගෙම්බෙක්ලු ඈ.

      Delete
    3. යකෝ බස්සි මෙච්චර එඩිතරයි කියලා අදනේ දන්නේ. :e

      Delete
  19. කාලෙකට පස්සේ හිනා උනා..බස්සිට තැන්කූ ලින්ක් එක දුන්නට

    ReplyDelete
    Replies
    1. හැක් ....මම කිඹුලෝ හිනාවෙනවා දැක්කමයි

      Delete
    2. ඇයි අවුල්ද? යන්න හරිද අපේ සුදු අක්කිට එකඑක ඒව කියන්න ආවා මෙතන. ගෙඹිස්!

      Delete
    3. ඉවාන් උඹ කේන්දරේ බලාගත්තොත් හොඳයි වගේ.

      Delete
    4. ඉවානයගේ වෙලාව කොහොමත් හොද නෑ..!

      Delete
  20. මරු කතා ටික.. මෙන්න මට ආපු එස් එම් එස් එකක්- එහෙම්මම දාන්නම්..
    "A husband and a wife agreed that whenever they wanted to have sex, they will call it a "Phone call", so the kids won't decode. One day, father sent his son to mother, telling he wants to make a phone call. Mother sent back- tell your father that network is busy today.
    Then father sent back- If network is bad today, I will go to the public phone.
    Mother sent back- Tell your father, if he dares to go to the public phone, I will open a call centre at home!!

    ReplyDelete
    Replies
    1. හිහ් හී...................මරු කතාවක්. බොහොම ස්තුතියි.

      මමත් මේ ලිව්වේ ඉංග්‍රීසියෙන් තිබුන කතා ටිකක් සුදුසු සිංහල වචන බොහෝම අමාරුවෙන් හොයාගෙන.

      Delete
    2. Angaharuwa
      me kathaavath niyamayi

      Delete
    3. මේක ආපු වෙලාවේ හිනා වෙන්න ගිහින් කෙමිස්ට්‍රි සර්ගෙන් අහගත්තා ලුණු ඇඹුල් එක්කම.. :D

      Delete
    4. එතකොට තමයි කතාව වැඩිය හොඳින් මතක තියෙන්නේ.

      Delete
  21. ලක්ෂපති ස්ටෝරියනම් නියමයි. ගිරවාගේ කතාවත් මරු. දෙහි ඇඹුල් මදිද මන්දා. වැඩිය දාලාත් බැහැනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු. ඉංග්‍රීසියෙන් තියන කතා සිංහලට පරිවර්තනය කරලා, අමු කුණුහරප නොවෙන සිංහල වචන දාලා ලියන එක හරිම අමාරුයි.

      Delete
  22. Replies
    1. බොහොම ස්තුතියි ඔබට.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }