ටැංකි කිව්වම ඉතින් අපේ මතකයට එන්නේ ඔය එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන ටැංකි වර්ගනේ. ඒ කියන්නේ ගෑස් ටැංකි, වතුර ටැංකි, ඉන්ධන ටැංකි, වගේ දේවල්. මොකද ඒවා තමයි අපේ ජීවිතයට සමීප. නමුත් අපේ ජීවිතය තීරණය කරන ටැංකිත් තියනවා. එක අතකට අර කියපු ටැංකිත් අපේ ජීවිතය තීරණය කරනවා තමයි. මොකද වතුර බිල, ලයිට් බිල, ඉන්ධන මිළ, ගැන සළකා බැලුවම, අපේ ජීවිත කොයිතරම් තීරණාත්මක තත්වයට පත්වෙනවද? පාරේ කොච්චර වාහන ගියත් ටැංකිය පිරෙන්න ඉන්ධන ගන්නේ ඒ වාහන හිමියන්ගෙන් කීයෙන් කී දෙනාද? දිනපතා මෝටර් බයිසිකල් පාවිච්චි කරන අයනම් ඒ බව හොඳට දන්නවා. මොනවා කරන්නද? රටේ ආර්ථිකයට අනුව හැඩගැහෙනවා මිසක්. නමුත්, මේ චූර්ණිකාව ඔබවෙත ගෙනාවේ, ජීවිතයවත් ආර්ථිකයවත් ගැන කියන්න නෙවෙයි. භයානක මෙන්ම, යුද්ධයක තීරණාත්මක යුද අවියක් වන, යුද්ධ ටැංකිය ගැන කියන්නයි. කැමතිද දැනගන්න? එහෙනම් දිගටම කියවන්න. යුද්ධ ටැංකි ගැන ලිපියක් ලියන්න කියලා ඉල්ලීම් ආවේ දැනට සෑහෙන කලකට ඉහතදී. නමුත් නොයෙකුත් හේතු නිසා ඒ ඉල්ලීම ඉටු කිරීම ප්‍රමාද වුණා. ඔන්න අද ඒ ඉල්ලීම ඉටුකරණවා.
ඔබට මතක ඇති මා මීට ටික කලකට පෙර, කාලතුවක්කු ගැන ලිපියක් ලිව්වා. මා එහිදී සඳහන් කළා, මා කාලතුවක්කු හමුදාවට අයත් නිළධාරියකු නොව, පාබළ නිළධාරියකු බවත්, කෙසේ වෙතත් මා සතු දැණුමෙන්, කාලතුවක්කු ගැන ඔබට යම් සතුටුදායක අවබෝධයක් ලබාදියහැකි බවත්. දැන් මේ යුද්ධ ටැංකි ගැන කියනකොටත්, ඒ ටිකම තමයි මුලින්ම කියන්නට තියෙන්නේ. මා අයිති, යුද්ධ ටැංකි පාවිච්චි කරන, සන්නාහ සන්නද්ධ බලකායට නෙවෙයි. (Armoured Corps) නමුත්, යුද ටැංකි ගැන මා සතු දැණුමෙන්, ඔබට යම් සතුටුදායක දැණුමක් ලබාදෙන්නම්.
හැමදාම වගේ පුංචි කතන්දරයකුත් කියලම ඉන්නද? ඉස්සර අපේ රටේ හිටිය රාජ්‍ය නායකයකු, බොහොම සාම්ප්‍රදායිකව හැදුනු වැදුණු, නියම සිංහලයෙක්. එතුමා තම මෘදු ගතිගුණ නිසාත්, අල්පේච්ඡතාව නිසාත්, ප්‍රසිද්ධයි. රාජ්‍ය නායකයා වුනත්, ගමේ ගියාම, සරමක් ඇඳගෙන, ඔලුවේ සුම්බරයක් බැඳගෙන, ඉස්සර වගේ තමන්ගේ කුඹුරු බලන්න, පාන්දරින්ම ටිකක් ඇවිදින්නත් එතුමා අමතක කළේ නැහැ. ඒ වෙලාවට, තමන්ගේ ආරක්ෂාවට ඉස්සරහින් පස්සෙන් එන්න හදන ආරක්ෂකයන්ට, බැනලා පන්නගන්නවා 'මට නිදහසේ ඉන්න දීපියවූ' කියලා. මේවා සම්පූර්ණ ඇත්ත තොරතුරු.
අපේ රටට ලොකු යුද්ධ ටැංකි (පස්සේ විස්තර කියන්නම්) ගෙනාව කාලේ, එක්තරා කඳවුරකදී, එතුමාට ඒවා පෙන්නුවා. බොහොම සතුටෙන් ඒවා නිරීක්ෂණය කළ එතුමා, 'මේවගෙන් හොඳ පිට්ටනි දෙක තුනක් කපාගන්න වුනත් පුළුවන් නේ' කියා එහි සිටි හමුදා ප්‍රධානියකුගෙන් ඇහුවා. ඉතින් ඒ හමුදා ප්‍රධානියා, බොහොම කාරුණිකව තේරුම් කර දුන්නා, පෙණුමෙන් බුල්ඩෝසර වල මෙන් දෙපැත්තේ 'ට්‍රැක්' සවිකර තිබුණත්, මේවා බුල්ඩෝසර් නොව යුද්ධ ටැංකි බවත්, බුල්ඩෝසරයක මෙන් පස් කපන තලයක් මෙහි නැති බවත්. මේ කොටසනම් ඉතින් පොඩි ප්‍රබන්ධයක් හොඳේ.
හොඳයි, ඉතින් දැන් මොනවද දැනගන්න ඕනේ? යුද්ධ ටැංකියකින් යුද්ධ කරන හැටිනේ දැනගන්න ඕනේ? අනේ මන්දා, අන්ධයාට කිරි ගැන කියලා දුන්නා වගේ වෙයිද දන්නේ නැහැ අන්තිමට. හරි හරි, බලමුකො කොහොම කොහොම හරි ටික ටික කතාව ඉදිරියට අරන් යන්න. හැබෑටම මොකද මිනිසාට හිතුණේ මේ යුද්ධ ටැංකිය කියලා දෙයක් හදන්න? ඒකත් රසවත් කතාවක්. අපි හොයලා බලමුද යුද්ධ ටැංකියේ ඉතිහාසය? මොකද අනේ මේකට 'ටැංකිය' කියන්නේ? ඔන්න ඇහුවා කතාවක්. මතකද කාලතුවක්කු ගැන කියද්දීත්, මොකද ඒකට කාලතුවක්කුව කියන්නේ කියලා ඇහුවා? ටැංකිය යනුවෙන් මෙය හඳුන්වන්නට හේතුවී තිබෙන්නේ මෙහි ක්‍රියාකරු කණ්ඩායම, (crew) මෙහි ඇති, ටැංකියක් වැනි හැඩයේ කොටස තුළට බැස, තම සංග්‍රාමික කාර්ය භාරයේ යෙදෙන නිසායි. සංග්‍රාමික කාර්යයේදී පමණක් නොවෙයි, සිය ජීවිත කාලය පුරාම මිනිසාට නවමු අදහස් පහළ වෙනවා. මෙයත් එවැනි නවමු සංකල්පයක්.
හැබැයි මුලින්ම මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කල තැනැත්තා ලෙස සැලකෙන්නේ විශ්වකර්ම චින්තක, ලියනාඩෝ ඩා වින්සි නමැති, නවීන විද්‍යාවේ ඍෂි වරයායි. ඔහුගේ සංකල්පය අනුව සැකසු ආකෘතියක් තමයි, මේ පහළ පින්තූරයේ තිබෙන්නේ. නමුත් එය ප්‍රායෝගිකව පාවිච්චි කරලා නැහැ. ඔහුට කරන ගෞරවයක් ලෙස සකසා ප්‍රදර්ශණය කරන්නක්. මෙය ප්‍රංශයේ සුවිශේෂ ස්ථානයක තැන්පත් කර තිබෙනවා.
'තම සිරුර සතුරු ප්‍රහාර වලින් ආරක්ෂා කරගන්නා අතරම, යුද භූමියේ පයින් ගමන් කරන සොල්දාදුවකුට වඩා වැඩි වේගයකින් ගමන්කර ප්‍රහාර එල්ල කරන්න ක්‍රමයක් තියනවානම් හොඳයි' කියන අදහස තමයි යුද්ධ ටැංකිය බිහිවීමේ මූලික සංකල්පය.
ඉතින් ඔය සංකල්පය දිගේ සිය චින්තනය මෙහෙයවූ මිනිසා විසින් නිපදවන ලද මුල්ම සන්නද්ධ රථය තමයි මේ පහළින් තියෙන්නේ.
මොකද හිනාවෙන්නේ? හිනාවෙන්න එපා. දන්නවද කොයි කාලේද මේක හදලා තියෙන්නේ කියලා? 1899 දී. ඉතින් ඒ කාලේ හැටියට මදිද මේ වගේ නිර්මාණයක්. මෙය හඳුන්වන්නේ Simms Motor Scout කියලයි. මෙය රෝද හතරක් සහිත යාන්ත්‍රිකව ධාවනය වන රථයක්. ඔබට පෙනෙනවා ඇති පසුපස රෝද දෙක අතර තියන කුඩා එන්ජිම. ක්‍රියාකරුගේ ආරක්‍ෂාව සඳහා ඝන යකඩ තහඩුවක්, (දැන් කාලේ සමහර පොලිස් මෝටර් සයිකල් වල ඇති වා මුවාවෙ හැඩයට) සකසා, රථයේ ඉදිරිපසින් සවිකර ඇති අතර, ලොකු මැෂින් තුවක්කුවක් ද මේ රථයට සවිකර තිබෙනවා. යකඩ තහඩුවේ ඇති කුඩා කවුළුවකින් තමයි ක්‍රියාකරුට ඉදිරි භූමිය පෙනෙන්නේ. සයිකලයේ හැඬලය හරවන පැත්තට තුවක්කුවත් හැරෙනවා. ඉදිරිපස රෝද දෙක මැද පතරොම් පෙට්ටියක් තියනවා. පතරොම් වැල එහි සිට තුවක්කුවට සම්බන්ධ වෙනවා.
යුද්ධ ටැංකි නිපදවීමට බලපෑ තවත් සාධකයක් වන්නේ යුද අගල්. මොකක්ද යුද අගලක් කියන්නේ? කිසියම් භූමියක දීර්ඝ කාලයක් සටන් පවතින විට පාබල හමුදා සොල්දාදුවන් විසින් යුදබිමේ ලොකු කාණු විශේෂයක් සකස් කරනවා. ඒ කාණුවට බැහැගත්තාම එහි සැඟවී සිට, ඉදිරි භූමිය නිරීක්ෂණය කරන්නත්, සතුරු වෙඩිවලින්, බෝම්බ වලින්, අවම තුවාල ලබා බේරී සිටින්නටත්, හැකියාව ලැබෙන අතරම, ඉදිරියට පැමිණෙන සතුරා නිරීක්ෂණය කර, පහර දෙන්නටත් හැකියාව ලැබෙනවා. මේ බලන්න යුද අගලක හැටි.
මේ වගේ යුද අගල් තිබෙන භූමියක් හරිම භයානකයි. මේ අගල් යුද භූමිය පුරා විහිදී තිබෙන නිසා සතුරා කොතන සැඟවී සිට පහර එල්ල කරයිද කියලා හිතාගන්න අමාරුයි. අනික මේවා හරියට පිටකොටුවේ හරස් වීදි වගේ තමා විහිදෙන්නේ. මෙන්න මේ නිසා මේ තත්වය මැඩගෙන, තම භටපිරිස් ආරක්‍ෂා කරගනිමින් ඉදිරියට යන්න, බලගතු වහනයක් සෑදිය යුතුයි කියන සංකල්පයත්, යුද්ධ ටැංකිය නිපදවීම කෙරෙහි බලපෑවා.
බුල්ඩෝසරයක් යුද අගලක් හරහා යන හැටි
අද කාලයේදීත්, සතුරු යුද්ධ ටැංකි තමන්ගේ ප්‍රදේශයට එන එක වළක්වාගන්න යොදන එක උපක්‍රමයක් තමයි, යුද්ද ටැංකියක් වැටුනොත් ගොඩ එන්න බැරි තරම් පළල, ගැඹුරු, කාණු, යුදබිමේ කැපීම. එව්වා ඉතිං කාණු නෙවෙයි, මහා පතන්දර අගල්. එතකොට කොහොමද එව්වා හරහා යන්නේ? හෙහ් හෙහ්............. කාණුවකට බයවෙලා ආපහු හැරෙන්ඩද කියන්නේ? එව්වට විසඳුම් තියනවා. යේක යෙල්ටීටීඊ අයියලා ඉත්තුවා, කාණු කප්පලා, පෂ් බෙමි හද්දලා, යෙප්පිලාගේ ටෙංකි යෙන්ඩ තෙන්නේ නේ කියලා. පුහ්.....එව්වා කොහෙද අපිත් එක්ක. කාණුවකින් නෙවෙයි, පොඩි ඔයකින් ගඟකින් වුනත් එගොඩ වෙන්ඩ, 'ටිරිකිස් වැඩ' තියනවා. කියනවට වඩා ලේසියි පිචැර්ස් එකකින්ම පෙන්නන එක. ඔං බලාගන්ට මොකෑ වෙන්නේ කියලා.
මීටත් වඩා දියුණු එව්වා දැන් තියනවා. අපේ හමුදාවේත් එව්වා තියනවා.
යුද්ධ ටැංකි සංකල්පය ඉතා අගනා බවත්, එයින් විපුල ඵල ප්‍රයෝජන ගතහැකි බවත් වටහාගත් මිනිසා, යුද්ධ ටැංකි නිපදවීම් එදා සිට අද දක්වාම කරගෙන එන අතර, දැන් දැන් එය අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව තිබෙනවා. ලෝකයේ ඕනෑම යුද්ධායුධයකට එරෙහිව වෙනත් ආකාරයේ යුද්ධායුධ නිපදවෙන නිසා, යුද්ධ ටැංකියටත් සතුරන් ඉන්නවා. ඒ තමයි ලොකුම අභියෝගය. සමහර නවීන අවි වලින් සන්නද්ධ තනි පුද්ගලයකුට පුළුවන්, යුද්ධ ටැංකියක් විනාශ කරන්න. අපි ඒ ගැන පස්සේ බලමු. මුල්ම කාලයේ නිපදවුණ යුද්ධ ටැංකි ගැන තවත් විස්තර දැනගන්න ඔබ කැමතිවෙයි. මේ තියෙන්නේ එවැනි පළමුවැනි පරම්පරාවේ යුද්ධ ටැංකි කීපයක්. මේවා සියල්ලක්ම පළමුවැනි ලෝක යුද සමයටයි අයිති.
යුද්ධ ටැංකියක් කියන්නේ, මෙන්න මේ වගේ දෙයක් කියන එක, 1903 වර්ෂයේදී, ප්‍රංශයේදී, චිත්‍රයකට නැගුනේ, මෙන්න මේ ආකාරයටයි.
මේක නම් යුද්ධ ටැංකියක් කියන්න බැහැ. 1915 දී නිපදවන ලද, රෝද වෙනුවට 'ට්‍රැක්' මගින් ධාවනය වන මේ ට්‍රැක්ටරය, යොදාගෙන තිබෙන්නේ, කාලතුවක්කුවක් ඇදගෙන යාමටයි. ඒ නිසා, එක්තරා ආකාරයකින් මෙය, 'සන්නද්ධ රථයක්' කියා කියන්නට පුළුවන්.
මොකද්ද මේ යකඩ ගොඩ? ෆුහ්........මේකත් යුදබිමේ යන්න හදපු වාහනයක් තමයි. ඔය යකඩ රාමුව පටියක් වගේ කැරකෙනවා, අර මැද කොටස වටා. මැද කොටසේ තමයි ක්‍රියාකරු සහ 'මගීන්' ඉන්නේ. 1914 දී සැලසුම් කොට 1915 දී ප්‍රංශයේදී නිපදවන ලද මෙම සන්නද්ධ රථය හැඳින්වූවේ, 'බොයිරෝල්ට් මැෂින්' යනුවෙන්.
සාමාන්‍ය ට්‍රැක්ටර් චැසියකට, ලෝහ ආවරණ තහඩු සවිකර නිපදවා ඇති මේ සන්නද්ධ රථය, කලින් පෙන්වූ ඒවාට වඩා තරමක් ඉදිරියෙන් තිබෙනවා. (වර්ෂය 1915)
මේ යන්ත්‍රයට කියන්න වෙන්නේ 'වැටවල් කඩන්නා' කියලයි. හොඳට බලන්න, මේකත් වැඩි දියුණු කල ට්‍රැක්ටරයක්ම තමයි. මේකෙන් කරන්නේ ඒ කාලේ යුදබිමේ තිබුණු, කටුකම්බි වැටවල් කඩාගෙන ඉදිරියට යන්න, පාබල හමුදාවට උදව් කිරීමයි.
මේකත් මහ සද්දන්ත එකක් කියලා පෙනෙනවා නේද? ඒ කාලෙටනම් හොඳයි. යන්නේ ගොලුබෙලි වේගෙන්. හසුරවන්න අමාරුයි. 'ගොඩබිමේ යුද්ධ නැව' කියන නමින් හඳුන්වලා තියෙන්නේ. නිපදවලා තියෙන්නේ 1915 දී.
මේක නම් තරමක් දියුණු සන්නද්ධ රථයක්. ජර්මන් නිෂ්පාදනයක්. 1917 දී පමණ.
මෙන්න මේක නම් යුද්ධ ටැංකියක් කියලා කියන්න පුළුවන්. FT 17 යනුවෙන් හැඳින්වුණු මේ යුද්ධ ටැංකිය 1916 දී රේනෝ (අපි රෙනෝල්ට් කියන්නේ) සමාගම විසින් ප්‍රංශයේදී නිපදවන ලද්දක්.
ඉතිං ඊට පස්සේ..........? ඔව්, ඉතිං ඊට පස්සේ...... කියන එක මහා දිග කතාවක්. එක ලිපියකින් කියන්න අමාරුයි. අපි ටිකෙන් ටික ඉදිරියට යමුකෝ ඊට පස්සේ මොකද වුණේ කියලා බලන්න.
කොහොමද දන්නේ හිනාවුනු බව? :c
ReplyDeleteයුද්ධ ටැංකියක නැගලා ගිහින් බලන්ට ආසයි. සමහර ගෑනු උදවියටත් 'යුද්ධ ටැංකි' කියනවා නේද?
මට අහුනනේ කට්ටිය හොරෙන් හොරෙන් හිකිස් බිකිස් ගාලා හිනාවෙනවා.
Deleteඔයා දැනගෙන නේද කිව්වේ අපේ පොඩි අක්කට යුද්ද ටැංකිය කියලා කියනවා කියලා.
මෙන්න අපේ පවුලම යුද්ද ටැංකියකට නැගලා යුද්ද භූමියේ ගියහැටි.
[im]http://jangun.files.wordpress.com/2014/02/img034.jpg[/im]
ඕක ඉතින් ලොකු දෙයක් කියලද හිතන් ඉන්නෙ.
Deleteඅපේ උන් ඔහොමනෙ.
ඕකත් ඇවිල්ල බලය අයුතු ලෙස පාවිච්චිය.
තාත්ත පයිලට්නම් කොල්ලට කොක්පිට් එකේ යන්න පුලුවන්.
තාත්ත ඇමතිනම් කොල්ලට වාහනෙ මිනිස්සු හප්පගෙන යන්නත් පුලුවන්.
හරියට කපුවගෙ කොලුවටත් දේවාලෙ රෙන්න පුලුවන වගේ.
නීතිය කාටත් නීතිය වෙන්න ඕනෙ.
වෙන රටවල්වලනම් යුද්ද ටැන්කියකට ගොඩවෙන්න ඉතින් හමුදාවට බැඳෙන්නම ඕන
අන් සැපතට ඉරිසියා කරන්න එපා ඈනෝ.............
Deleteඇනෝ රැසියාවට වැඞිය ලොකුයි ඉරිසියාව
Deleteඕ යේස්.… ඕන්නං යුද්ධ ටැංකිය සර්විස් එකට හෝදන්ඩ ගෙනාව වෙලාවක නැගල බලහං මචෝ :D
Deleteඇනෝ ගියේ නැද්ද දැයට කිරුල ප්‍රදර්ශනයක් බලන්න වරදීමකින්වත්? ගියානම් යුද්ධ ටැංකියකට නගින්න තිබුනා. මට ඔයා ගැන පව් කියලා හිතෙනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteවිචාරක, විස්තර ටික නම් පංකාදුයි..
ReplyDeleteහොඳටම හිතට අල්ලලා ගියේ අර බොයිරෝල්ට් මැෂින් එක.
එක දැක්කම Wild Wild West ෆිල්ම් එකේ Spider Machine එක තමයි කෙලින්ම ඔලුවට ආවේ.
විස්තර හොයාගන්න , අපිත් එක්ක බෙදාගන්න ගත්තු උත්සාහය ඇත්තටම අගය කරනවා.
බොහොම ස්තුතියි ඇගයීම ගැන.
Deleteමටත් ඔය 'මකුළු යන්තරේ' මතක්වුණා මේ පින්තූරේ දැක්කම.
පුදුම වැඩක් කියන්නේ, මම යුද්ධයට, යුධ අවි වලට පොඩ්ඩක් වත් කැමති නැති උනාට. මේ යුද්ධ ටැංකි වලට තියෙන්නේ පුදුම ආසාවක්. ඕවල යන්නත් පුදුම ආසාවක් තිබුනේ. ඒ ආශාව නම් තොප්පිගලදි ඉටු කර ගත්තා.
ReplyDeleteඉස්සර ටයිටස් ස්ටෝර්ස් එකේ තිබුනා ප්ලාස්ටික් වලින් හදපු හමුදාවක් පොඩි බෑක් වල දාලා. මම හිතන්නේ මේ\ඩ් ඉන් තායිවාන්. මම ඕඅවා ඉල්ලලා ඇඬුවාම තාත්තා ගෙනත් දෙනවා. ඔකේ සෝල්ජර්ස්ලා ටික ඔක්කෝම අහල පහල උන්ට බෙදලා, මම අර යුද්ධ ටැංකි ටිකයි, ජීප් ටිකයි විතරක් තියා ගන්නවා.
උඹත් තදවුනාම යුද්ද ටැංකියක් වගේනේ, කඩාගෙන යන්න තමයි බලන්නේ. :e
Deleteඒ සෙල්ලම් 'යුද්ධ සෙට්ස්' හමුදා කඳවුරු වලත් ප්‍රයෝජනයට ගන්න බව දන්නවද? අපි පොඩි යුද සැලැස්මක් හදලා, ඒ සැලැස්මේ ආකෘතියක් පොළොවේ හදනවා, (sand model) ඔක්කොටම ඒ සැලැස්ම කියලා දෙන්ඩ. අන්න ඒ වැඩේදී ඔය කෑලි ඒ සැලැස්මේ අවශ්‍ය තැන්වල තියලා පෙන්නනවා මෙහෙමයි වැඩේ වෙන්නේ කියලා.
යුද්ධ ටැංකි වලට මමත් පුදුම ආසයි අප්පා ...ඉස්සෙල්ලම දැයට කිරුල බලන්න ගියෙත් යුද්ධ ටැංකි බලන්න ආසාවට . ගිහින් එක විතරක් බලලා ආපහු ආවා .. අර කට්ටිය හිනාවෙන ඉස්සෙල්ලම හදපු සන්නද්ධ රථය වගේ එකක් වුනත් ඇති පත්තරයව කම්බස් කරන්න , මොකද ඕකගේ ඇඟේ පාන් කාලක් කන්නවත් මස් කලඳක් තියෙන එකක්යැ.
ReplyDeleteමටත් එහෙම හිතෙනවා,,, හරියට...... මම බොට වැඩේ දෙන්න ගල්කටස් එකක් හොයාගත්තම මිනිස්සු කිව්වා ගෙම්බෝ මරන්න මොකටද ගල් කටස්, ගඩොල් බාගයක් ඇති කියලා...!
Deleteහා අරං වරකො යුද්ද ටැංකි .. මොකේ ආවත් උඹ නෙවැ එන්නෙ. මටත් යුද්ද ටැංකියක් ඕනැකරල තිබුණා.. උඹට අල්ලල කාණුවකට ඔබල ඒ ක උඩිං ගියාම හරි.. මොකෝ උබට අවම බලය ඉහටත් උඩිං … ඕ යේස්.
Deleteබෝම්බ දෙකක් දැතට ගෙන ඉවාන්ගේ සන්නද රථයට පැන මරාගෙන මැරැනු අනුරාධපුරෙ විරයා පත්තර මල්ලි විරයා..
Deleteෂහ් … කෝමද පත්‍තරේ එහෙම යද්දි මගෙ පොටෝ … එක
Deleteනලියට කියන්ඩ ඕනැ ඒකෙ ලොකුවටම දාන්ඩ කියලා..
ඇර ඇර. ඉවාන්. ඇර ඇර පත්තරේ. ඔන්න ඔහොමයි අපි සපෝට් එක දෙන්නේ.
Deleteහැක නලියගේ පත්තරේ බලන්නෙත් ඌ විතරනේ , එකෙ දැම්මට කමක් නෑ
Deleteඇයි බං ඉස්කෝල වලට නිකන් දෙනවා, දවල්ට බත් කලා කම්මැලි කමට බත් ඔතාගෙන ආපු පත්තර පිටුව කියවනවා. බැරිම වුනොත් සල්ලි වලට අරගෙන නිකන් හරි බෙදනවලු.
Deleteආය ඉතින් මෙනවා කියන්නද එල ද බ්‍රා.
ReplyDeleteයුද්දෙට යන එවුන්ට නම් ඕන වෙන්නේ යකඩ බ්‍රා ,උඹල ළඟ තියෙනවද?
Deleteඇත්තටම ඉවානයා මට සතුටුයි උඔ එහම ප්‍රශ්නයක් ඇහැව්ව එක ගැන..අපි අලුතෙන්ම develop කරපු බ්‍රා එක ස්කිනිර් එකකට සමානයි වටේටම නිකල් මෙටල් බාර් 8 ක් තියනවා. බ්‍රා කප් එක හදලා තියෙන්නේ රෙදි වර්ග 3ක් එකට එකතු කරලා ලැමිනේට් (laminate). උරහිස් පටිය ( shoulder strap) එක වැඞි පලලකින් ස්ථිරව සිටින ලෙස (not adjust ) කර මෙි Bra එක ඉන ලගටම තියනවා හරියටම මෙටල් ඡැකට් එකක් වගේ.. කොටින්ම වැල වරකා කරනවා 38 DD ඒවා 34 C වලට ගෙන්න පුලුවන්.(බ්‍රා වල කප් සයිස් ඒ කියනනේ ගැබුර වැඞි වෙන්නෙ ඉංග්‍රිසි හෝඞියේ ආකරාදි පිලිවෙලට ඉස්සරවෙලාම A, B ඊට පස්සේ C,.. D කියන්නේ ඉතින් අපේ ආච්චි අම්මලා අදින ගාන. ඒ අනුව හිතා ගන්න පුලුවන්නේ DD size කොහොමද කියලා. E, Fවෙනකන් තියනවා.ගැනුම්කරැවන්ගේ (Buyer )රෙගුලාසි නිසා Photo එකතු කරන්න බෑ.
Deleteයකෝ සංජීවයා දන්න දේවල්. මම අපේ උන්දැට කියන්නද යකඩ එව්වා තියනවා කියලා. මොකද දැන්නම් වැල නෙවෙයි ඊටත් පල්ලෙහා
Deleteඅප්පට සිරි මම නිකං ඇහුවේ ..බලද්දී මෙන්ඩ ඇත්තටම වැඩේ දීලනේ ,මරු බොල
Deleteකාර්තේජ්, ඉංදියාව වගේ තැන්වල යුද්දෙට යොදා ගත්ත අලි ( සමහර අවස්තාවල පිට උඩ structure එකක් සමග ) ඒකාලෙ යුද ටැංකිවල කාර්යය වගේ එකක් කලා කියන්න පුලුවන්ද?
ReplyDeleteප්‍රා ජේ, ඔයා චතුරංගනී සේනාව ගැන අහලා ඇති නේ? ඔව් ඒ කාලේ යුද්ධ ටැංකි තමයි අලි ඇත්තු.
Deleteහක් හා, මමත් ඔය පාලම් හයි කරගෙන යුද්ද ටැංකි පටෝගෙන යන වාහන දැකල තියෙනවා. මටත් හෙන ප්‍රශ්නේ යකෝ ඇයි මේකේ තුවක්කුවත් නැත්තේ කියලා. අදයි දැනගත්තේ හේතුව. ස්තුතියි. ඊලග ලිපියත් ඉක්මනින්ම දාන්න. නාවල වැලිපිට්ටනිය ලග තියෙනවා මිනිස්සුන්ට ඇතුලට ගිහින් බලන්න ටැංකියක්.
ReplyDeleteඒ වර්ගයේ එව්වට යුද්ද ටැංකි කියනවද, නැත්නම් පාලම් ටැංකි කියනවද කියන එකයි ප්‍රශ්නේ.
Deleteඊළඟ කොටස හැකි ඉක්මනින් දෙන්නම්.
ශා.. මේ ලිපි පෙලත් කලින් කාර් ගන ලිව්වා වගේ නියමෙටම තියෙයි !
ReplyDeleteබොහොම ස්තුතියි. ඊළඟ කොටස බලාපොරොත්තුවෙන් ඉන්න.
Deleteදැන්නම් මට තුවක්කුවක් වත් බෝම්බයක්වත් ගන්න ඕනා නැතෝ.......................................
ReplyDeleteමට දැන් ඕනා ගන්න යුද්ද ටැංකියක් ඇත්තම එකක්..... (සෙකන්ඩ් හෑන්ඩ් උනත් කමක් නැ )....
අනේ විචා මාමේ අන්තිමට කියහන් ඕවා ගන්න පුළුවන් තැනක් දෙකකුත්..... අල්ලපු ගෙදර එකාව උකස් කරලා හරි ගන්නවා ගන්නවාමයි එකක්
ඉලක්කය කොයි පැත්තටද?
Deleteඉලක්කේ......ඉවානයා ඉන්න දිහාට........!
Deleteආං හරි… එක පාරිං හුන්සාල් වගේ කෑලි කෑලි යනඩ . ඕ යේස්.
Delete@ මැලේ රාළ. කෝටි 10 ක් විතර එකතු කරගෙන කියපන් එකක් අරං දෙන්නම්.
Delete@ Nimo & පත්තරේ.
උඹලා හැරෙනකොට ඉවානයා උඹලට ඇරලා ඉවරයි.
අන්න විචාරකට තේරුනා
Deleteහයිවෙි ඞ්‍රම් ටිකට් එකක් ගත්තා.. ඇදුනොත් ආය සල්ලි සල්ලි කියලා බලන්නේ නෑ රෑ 20 ක් හරි වියදම් කරලා මැලේ අයියන්ඞිට එකක් අරන් දෙනවා.
Deleteසල්ලිද වටින්නේ මිනිස්සුද වටින්නේ? (සල්ලි තියන මිනිස්සු).
අනේ බෝතල් මුඩියක් වත් ඇරගන්න බැරි ඉවානයා කොහේ අපිට අරින්නද විචා මාමේ...!
Delete/කෝටි 10 ක් විතර එකතු කරගෙන කියපන්/ මාසේ පඩිය නැද්ද නිකං වැඩි ගානක එකක්...
Deleteමිලටරි බ්‍රිජ් එක නම් දැකලා තියෙනවා මම ගහපු ගේම් එකක. මමත් සෑහෙන කැමති මාතෘකාවක්. විස්තරවලට බොහොම ස්තුතියි.
ReplyDeleteහා මචං. මීට පස්සේ උඹ කැමති ඒවා විතරක් ලියන්නං.. අනේ පල යන්න බයිසිකල් සර්කස්
Deleteඅඩොව්... මේ බ්ලොග් ලෝකේ (උබලව දැනුවත් කරලා) බයිසිකල් සර්කස් දාපු එකම එකා මම යකූ........ වැදගත් විදියට සලකපන් හරිය.....!
Deleteහුකෑස්.… උඹට තනිරෝදෙ බයික්කෙයක් ඇති. ඉස්සරහ රෝදෙ පාවිච්චියක් නෑ නෙවැ :D
Deleteනිමෝ උඔ කානිවල් වල මාරක ලිදේ මෝටසයිකල් පදින්න භාර ගන්නවද?
Deleteඅඩා.... මෙන්ඩියා....
Deleteඉස්සර පැද්දා බන්... දැන් කම්මැලියි...... ඒකයි මහපාරේම සර්කස් පෙන්නන්නේ....... ලේසි නෙව.
මෙන්ඩා, අපි නොදන්නා කතන්දර තියනවා වගේ. පොඩ්ඩක් කියපන් බලන්න.
Deleteඅප්පට බොල ආතල් ටොපික් එකක්නේ සෑර් පටං ඇරං තියෙන්නේ.. අපි බොක්කෙං ෂපෝට්..
ReplyDeleteමේ මේ ඕං මං සෑස්තරයක් කියන්ඩද. තව ටික දොහකිං යුද්ධ ටැංකියක් ගන්න යන ගාන යනවා ගෑස් ටැංකියක් ගන්න. ඕ යේස්.. වැඩි මිසක් අඩු නෑ.
ගැස් ගාන අහනකොට යුද්ධ ටැංකියක් හොයාගෙන තියන්න හිතෙනවා.
Delete@ පත්තරේ. අම්මපා ඇත්ත තමයි, ගෑස් ටැංකියකට යන ගානෙන් යුද්ද ටැංකියක් ගන්න පුළුවන් වුන දාට මම යුද්ද ටැංකියක් අරන් යනවා ගෑස් බාර ඇමතියා හොයාගෙන.
Delete@ මෙන්ඩා, මම එන්නම් එදාට ඒ යුද්ද ටැංකිය එලවන්ඩ.
අර ලියනාඩෝගේ සංකල්පය ගැන මම දැනගත්තේ අද.. දැන් ඉතින් ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕන..
ReplyDeleteඅධ්‍යයනය කරන්න වටින සංකල්පයක්. හරිම රසවත්.
Deleteමම කලින් වැඩ කරපු කම්පැනි එකේ ලොක්ක ට්‍රන්ස්පෝට් ඩිවිෂන් එකට ගන්නෙම පරණ ලොරි, කැබ්. දවසක් මම ඌට කිව්වම ( අරාබියෙක් ) පරණ ඒව ගන්න එක අපේ මෙන්ටනන්ස් කොස්ට් එක වැඩි කරනව, ඒ නිසා සර්විස් ඇග්‍රිමන් එක්කම අලුත් වාහන ගන්න එක ලාභනෙ ලොන්ග් ටර්ම් බැලුවම කියල. මේක මට ගත් කටටම කියාපි Indika, even you give them Tanks, they will destroy that in a month. So better buy scrap and loos nothing කියල. මිනිහ මෙහෙම කිව්වෙ අපේ වාහන එලවන මෙරට පුරවැසි රියදුරන්ගෙ දස්කම් ගැන දන්න නිසා. මට ඔය ටැන්කි දැක්ක දැක්ක පාරට මතක් වෙන්නෙ ඒ කතාව.
ReplyDeleteඅසූ ගනන්වල මට මතක අපේ හමුදාවට තිබ්බෙ පොඩි රෝද තීන ටෑන්ක්ස්. ඒවගෙන් කලබල කාලෙට ලොක්කො වගේ ආමි එකේ බුවාල යනව එනව. දවසක් ඔහොම එකක් ඇවිත් අපේ කඩුල්ල ගාව නැවැත්තුව. අම්මට සිරි අපි හිතුවෙ තාත්ත ඒකෙන් ඇවිත් කියල. බලද්දි තාත්තගෙ යාලුවෙක්, මතක් වෙලා නවත්තල විස්තර එහෙම අහල ගියා. ඉන් පස්සෙ ටික දවසක් යනකල් අපිට මාර තැන අහල පහල සෙට් එකෙන්.
බොහොම මහන්සිවෙලා ලියල තීන ලිපියට ස්තූතියි!
නියම අදහස් ගොන්නක් එකතු කිරීම ගැන බොහොම ස්තුතියි.
Deleteපොඩි රෝද තියන ඒ චුට්ටං ටැංකි ගැන ඉදිරියේදී ලියනවා.
අපේ හිටිය මේජර් ජෙනරල් කෙනෙක් දෙවැනි ලුතිතන් කාලේදී ඔය පොඩි ටැංකියක් පෙරලුවාලු. එයාගේ තාත්තා අහලා තියනවා ඔව්වා එකක් කීයද? මම අලුත් එකක් අරං දෙන්නම් කියලා. ඇත්තටම එයාලට එච්චර වත්කමක් තිබිලා තියනවා ඒ කාලේ.
යුධ ටැංකියේ මුල්ම ආකෘතිය ඩාවින්සිගෙන් කියලනම් දැනගෙන හිටියා. විචාරකතුමනි මේ ලිපිපෙළත් ඉතාම වටිනා ලිපිපෙළක්. ඉදිරියේදී ගොඩාක් දේවල් දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ReplyDeleteඔව්, යුද්ධ ටැංකි ගැන මෙතෙක් බොහෝදෙනා අසානැති දේවල් ඉදිරියේදී කියන්නම්.
Deleteස්තුතියි ඇගයීම ගැන.
Oman defence museum එලියේ පරණ යුද්ධ ටැංකියක් පාක් කරලා තිබුනා. මම හිටියා ඒ BAIT AL FALAJ කියන කෑම්ප් එකේ. ඉස්සර අපි හැන්දෑවට ඕක උඩට වෙලා කයිය ගගහා ඉන්නවා. සෙල්ලං නැහැ යුද්ධ ටැන්කි විස්තරෙත් කියවලා බැලුවාම.
ReplyDeleteහෙහ් හෙහ්.............හැන්දෑවට වාඩිවෙලා කතා කර කර ඉන්ඩ යුද්ද ටැංකියක් හම්බවෙන එකත් බොහොම දුර්ලභ අවස්ථාවක් නේ.
Deleteයුද්ධ ටැංකියේ තව හොඳ හොඳ සෙල්ලං ඉදිරියෙදී කියන්නම්.
යුද්ද ටැංකි වලට ආස උනාට ඇත්තටම ඒකකට බැහැල නෑ.. බැහැල තියෙන්නේ වතුර ටැංකි වලට විතරයි...
ReplyDeleteමොනව උනත් වටිනා විස්තරයක් විචාරක තුමා..
ජ ය වේ වා !!!
හෙහ් හෙහ් හෙහ් ..........යුද්ද ටැංකිවල ඉන්න අයටත් වතුර පිටවෙනවා, ලොකු සතුරු හමුදාවකට මැදි වුනාම.
Deleteස්තුතියි ඇගයීම ගැන.
නියම ටොපික් එකක්නෙ.
ReplyDeleteඅර පාලම ඒක දිග ඇරෙන හයිඩ්‍රොලික් ගැජට් එකත් එක්ක අර ටැංකියෙම හයි කරල තියෙනවනං කොහොමද ඒ වාහනේම ඒක උඩිං යන්නෙ.
පාලම දිග හැරලා ඉවර වුනාම ඒ පාලම ටැංකියෙන් ගලවන්න උපක්‍රමයක් තියනවා. ඒක මෙතන පෙනෙන්නේ නැහැ. දැන් තියනවා අලුත් එකක්. ටැංකිය අගලට බැහැලා දෙපැත්තටම පාලම දිගාරිනවා. ඉතුරු ටැංකි ටික ගියාම පාලම් ටැංකිය පාලමත් අකුලාගෙන ගොඩ එනවා.
Deleteමරු! යුධ ටැංකි කිව්වම මට මතක් වෙන්නෙ ලයිෆ් ඉස් බියුටිෆුල් ෆිලුම් එක
ReplyDeleteයුද්ධ ටැංකිවල ගෙවෙන ජීවිතත් තියනවා. ඒවත් චිත්‍රපටි වගේ තමයි.
Delete