හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

10 July 2014

වදන් බලය 3 - Word Power 3

Image 1
  මතකද මම මීට කලින් ඔබ වෙත ගෙන ආ වදන් බලය ලිපි. ඒවා මගේ නිර්මාණ නොවෙයි. පැරණි සිව්දෙස සඟරා වලින් උපුටාගත් ඒවා. මීට පෙර මා ඔබ වෙත වදන් බලය කොටස් දෙකක් රැගෙන ආවා. පළමුවැනි කොටස මෙතනින් බලන්න. දෙවැනි කොටස මෙතනින් බලන්න. ඊට අමතරව 'රීඩර්ස් ඩයිජස්ට්' සඟරාවෙන් උපුටාගෙන, ඉංග්‍රීසි භාෂාවෙන්ද, වදන් බලය ලිපියක්, මා ඔබවෙත ගෙනාවා. අද ඉදිරිපත් කරන්නේ, සිංහලෙන් ගෙන එන වදන් බලය, තුන්වැනි කොටස. මේ කොටස උපුටාගත්තේ, 1995 නොවැම්බර් මාසයේ පළවූ සිව්දෙස සඟරාවෙන්.

   වචනවල අර්ථය දැන සිටීම, භාෂා ඥානය වර්ධනය කරගන්නට ඉමහත් පිටිවහළක්. වචන සෑහෙන තරම් නොදන්නා නිසයි, සමහර අයට, යම් අදහසක්, පැහැදිළිව ප්‍රකාශ කරන්නට නොහැකි වන්නේ. තමන්ගේ සිතේ තිබෙන දේ, පැහැදිළිව ප්‍රකාශ කරන්නට නොහැකිවූවිට සිදුවන්නේ, මහත් අවුලක්. සමහර අය, යමක් ලියන්නට/කියන්නට ගියාම, තමන් හිතාගෙන සිටිය දේ නෙවෙයි ලියවෙන්නේ/කියවෙන්නේ. එයට එක හේතුවක් තමයි, අවශ්‍ය තරම් වචන, තම වාග් කෝෂයේ නොතිබීම. වාග් කෝෂය දියුණු කරගන්නට නම්, ප්‍රධාන වශයෙන් බලපාන්නේ, හරවත් පොතපත කියවීම සහ විද්වත් කථිකාවන්ට ඇහුම්කන් දීමයි. සමහර අයට, පොදු ස්ථානයකදී/අවස්ථාවකදී/ වචන කීපයක් ගලපා කථාවක් පවත්වන්නට පවා නොහැකිවන්නේ, ප්‍රධාන වශයෙන්ම, සාරවත් වාග් කෝෂයක්, සිය මනසෙහි නැතිවීමයි. බලන්න, අද සිටින ගුවන්විදුලි/රූපවාහිනී/වේදිකා හෝ එළිමහන් ප්‍රසංග ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන්ගෙන් අති මහත් බහුතරය දන්නේ, ඔවුන් අතරම හුවමාරුවන 'සිල්ලර වචන සැට් එකක්' පමණයි. ඇත්තෙන්ම ඔවුන් අතරින් බහුතරයක්, තමන් කථාකරන වචන වලින්, සෑහෙන ගණනක අර්ථය දැනගෙන නෙවෙයි කථාකරන්නේ. අපි එදිනෙදා කතාබහේදී කොපමණ සරලව, කොපමණ සැහැල්ලුවෙන් වචන භාවිත කළත්, ජීවිතයේ යම් යම් වැදගත් අවස්ථා වලදී, අර්ථවත්ව සහ හරවත්ව අදහස් දැක්වීමට සිදුවන අවස්ථා එළඹෙන බව, අමතක කරන්න එපා.

   හොඳයි එහෙනම් මෙන්න අද අභ්‍යාසය. වෙනදා වගේම මා ඔබට කියන්නේ, පිළිතුරු බලන්න ඉක්මන් වෙන්න එපා. කලබලයෙන් විනාඩි කීපයකින් විසඳන්න යන්නත් එපා. අද බැරිනම් පසුව විසඳන්න. අමාරු වචන කොලයක ලියාගෙන, විවේකීව සිතන්න. දන්නා හඳුනන අයගෙන් අහන්න. එවිට ඔබට තවත් දේ ඉගෙනගන්නට ලැබෙනවා. ඔබේ වාග් කෝෂය පෝෂණය වෙනවා. 


1



2


3


 පිළිතුරු පහත දක්වනවා. එහෙත්, මා ඔබෙන් ඉල්ලාසිටින්නේ, එකවරම පිළිතුරු වෙත නොගොස්, අභ්‍යාසය සම්පූර්ණ කිරීම පිළිබඳව සෑහීමට පත්වීමෙන් පසුව පමණක්, පිළිතුරු බලන ලෙසයි.



















































4


my-signature-for-blog[1]   2014 ජූලි මස 10 වැනි දින 0901 පැය


45 comments :

  1. නන්නත්තාරයි විචෝ.. ලකුණු බිංදුවයි..

    ReplyDelete
    Replies
    1. මම කිව්වනේ කලබලේට විසඳන්න යන්න එපා කියලා. කොහෙද උඹ කඩි කුලප්පු කාරයනේ.

      Delete
  2. අපේ මේ පත්තර මල්ලි අර මදුරුවෝ විදපු ඔද්දළයාට හරියට එළයට්ටු කරනවා

    ReplyDelete
    Replies
    1. මං ඌව උඩ තිරිංගෙ අරින්ඩ යන්නෙ, ඕ යේස් !!!

      Delete
    2. ඉඩානාඩේ ආවාම ඔය අප්ස්ත මැලේ රාළයයි ,අංකිංචන පත්තරයයි ඔන්පතින් අජාතයට යවනවා අම්මපා

      Delete
    3. යකෝ මෙව්වා කියවලා මගේ මොලේ ආකාසංචායතන ආකිඤ්ඤන්චායතන වෙලා ගියා.

      Delete
  3. අයියෝ ළකුණු එකයි...ආපහු විභාගේ කරන්න වෙනවා නැත්නම් ඉස්කෝලෙ යන්න වෙනවා....

    ReplyDelete
    Replies
    1. හෙමිහිට කලානම් ඔයිට වැඩිය ලකුණු ගන්න තිබුණා.

      Delete
  4. හම්මේ ලකුණු 6ක් තියේ...
    මදි වගේ....

    ReplyDelete
    Replies
    1. නැවත උත්සාහ කරන්න.

      Delete
  5. චැහ් , සෑර් මට ලකුණු 1 යි .. !!

    උකටලීය විතරයි හරි
    උපංතේකට අහපු නැති වචනත් තිබුණා !!

    ReplyDelete
    Replies
    1. එක තමයි යකෝ කිව්වේ කලබොලේට විසඳන්න යන්න එපා කියලා.

      Delete
  6. Replies
    1. විවේක වෙලාවක නැවත උත්සාහ කරන්න.

      Delete
  7. ලැජ්ජයි විචා....වහ කන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ අරු, හෙමිහිට කල්පනා කලාම සමහර පිළිතුරු අනුමානෙට හිතාගන්න පුළුවන්.

      Delete
  8. සද්ද නොකර ඉන්න එක හොදයි ,... අපිත් අර පවිත්‍රා නෝනා වගේ තමයි ..ශික්

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳයි. සද්ද නොකර දිගටම උත්සාහ කරන්න.

      Delete
  9. මට ලකුණු දෙකක් තියෙනෝ!!!!! yippeee!!!

    ReplyDelete
    Replies
    1. ඔය මදෑ. හැබැයි පස්සේ ආයෙත් උත්සාහ කරලා බලන්න.

      Delete
  10. එළළලකම දැක්කම මට හිතුනේ ඉස්සුපා කනවා වගේ කියලා , එතරණය ගත්තම තමා තේරුනේ ,ඩයිසිලප්පුව තිබ්බට මේ ඉඩාප්පුවේ තියෙන සියල්ලම ඔන්පතින් කියන්න බෑ කියලා.එකලාව මේක පටන් ගත්තත් එකයුරු කරගෙන යන්න බැරිවෙච්ච නිසා ඇතිවෙච්ච අකාන්තයෙන් වැඩේ නැවැත්තුවා . උකටලිය උපරිමයි විචාරක

    ReplyDelete
    Replies
    1. කොහොමද ඔය වචනටික දිනපතා ව්‍යවහාරයේදී පාවිච්චි කලොත්?

      Delete
    2. ඒ කියන්නේ සාප්පුවේ ගන්න තියේද එක්ට්‍රා දිවක් හෙම..

      Delete
  11. මගේ එකක්වත් හරි ගියේ නෑ.... :r

    ReplyDelete
    Replies
    1. ඔක්කොමලා කලබල කාරයෝ. මම කිව්වනේ හෙමිහිට විසඳන්න උත්සාහ කරන්න කියලා.

      Delete
  12. ප්‍රජාචන්ච්‍රවාදය කියන්නේ මොකක්ද සෑර්...?

    ReplyDelete
    Replies
    1. රජ්ජුරුවෝ කලොත් හරි, අපි කලොත් වැරදි කියලා, අගවිනිසොරා විසින් තීරණය කරන දේවල්.

      Delete
  13. අපි නොදන්න අපේ භාෂාවේ වදන් මොන තරම් තියනවද මේක නියමයි..

    ReplyDelete
    Replies
    1. අපිට තියෙන්නේ ඉතාම පොහොසත් භාෂාවක් නලීන්. ඒ භාෂාව රැකගැනීම අම්මව රැකබලාගන්නවා වගේ කලයුතුයි.

      Delete
  14. Replies
    1. හුඟ දෙනෙක් කලබලෙන් විසඳන්න යනවා වගේ. කාලය ගත වුනත් විවේක වෙලාවක මෙය නැවත විසඳන්න.

      Delete
  15. හෆ්ෆේ විචාරකතුමනි, මේක විභාගෙට ආවනම් එහෙම අපි ෆේල්.. මේ වචන ටික හොදයි කවි ලියන අයටනම් වැඩියෙන්ම..

    ReplyDelete
    Replies
    1. ඔව් මේ වචන අවස්ථානුකූලව මිසක් දිනපතා පාවිච්චියට සුදුසු මදි.

      Delete
  16. ලකුණු 6යි ! හ්ම්ම් ඇබින්දක් හොදයි වගේ :) :c

    ReplyDelete
    Replies
    1. ලොකු ජයග්‍රහණයක්. මොකද මේ වචන අද ව්‍යවහාරයේ නැති තරම්.

      Delete
  17. ඔබගේ ව්‍යායාමයට ස්තුතියි. මට ලකුණු 8 යි. මාගේ සිංහල දැනුම පිලිඹදව ඉතා ලජ්ජා වට පත් වීමි

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාවක් නොව මටනම් ඔබ ගැන ආඩම්බරයි. මේ වචන අද අහන්න දකින්න ලැබෙන ඒවා නෙවෙයිනේ.

      Delete
  18. පරක්කුවෙලා ආවත් මටනම් සංතෝසයි. ලකුණු ටිකක් තියෙනවා මට.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. නැවත උත්සාහ කලොත් තවත් ලකුණු වැඩිවෙයි.

      Delete
  19. පරණ කොටස් ටික කියවන්න ඕනේ, ගොඩක් ස්තුති විචාරක තුමණි, පහුගිය ටිකේ එන්න බැරි වුණා මේ වගේ ලිපි අපේ පරපුරට දෙනවට පිං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔමා, මොකද ළමයෝ මොකවත් ලියන්නේ නැත්තේ?

      Delete
  20. අදනම් අමාරුයි.. එකම එකයි හරි ගියේ...

    ReplyDelete
    Replies
    1. මම කියන්නද වැඩක්. මේක කොපි පේස්ට් කරලා ප්‍රින්ට් එකක් අරන් නිකම් ඉන්න වෙලාවක බලන්න. එතකොට සමහර ඒවාට විසඳුම් ඔලුවට එනවා.

      Delete
  21. ලජ්ජා වෙනවා මම ගැන.. 30න් 10යි.. ඒත් එකක් කනාවට ගහපු එකක්..

    ReplyDelete
    Replies
    1. 10/30 හොඳටම ඇති. මේ වචන අද කාලේ නිතර භාවිත වෙන ඒවා නෙවෙයිනේ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }