හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

24 July 2014

පරණ කතාවක් නැවත කියවමු .................... හේතුහාමි පොහොර ගැහුවා වගේ

   වසර දෙකකට පෙර, මා වර්ඩ්ප්‍රෙස් අඩවිය පමණක් පවත්වාගෙන ගිය අවධියේ ඉදිරිපත් කළ මේ කතාව, මගේම නිර්මාණයක්. මේ දිනවල, හමුදා තොරතුරු ඇතුළත් ලිපි තුනක්, සංස්කරණය කරමින් තිබෙනවා. නමුත් එය ඉතාම වෙහෙසකරයි. හමුදා වාග්මාලාවේ ඇති වචන, සාමාන්‍ය පාඨකයාට වැටහෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම, ඉතා දුෂ්කර මෙන්ම අභියෝගාත්මක කාර්යයක්. මම ඒ ටික ඉවර කරගන්නා තුරු, ඔන්න පරණ කතාවක් ආපහු ඉදිරිපත් කරනවා. බලන්නකො කියවලා.


  ඉතා කාරුණික ඉල්ලීමයි. මේ ලිපිය ගැන අදහස් දැක්වීමේදී, වර්තමාන සමාජයේ, 'කුණුහරප' වශයෙන් සම්මත වචන නොයොදන ලෙස, ඉතා කාරුණිකව ඉල්ලනවා. එවැනි වචන සහිත ප්‍රතිචාර, සංස්කරණය කොට පළකිරීමට හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හෝ සිදුවන බවද දන්වනවා.


  හේතුහාමි රජරට ප්‍රදේශයේ ගොවි මහතෙක්. ඔහුගේ වැඩ කඩිසරයි. එමෙන්ම ඔහු නිතරම කෙටි මං ඔස්සේ තම වැඩ කටයුතු කරගන්න දක්ෂයි. ඔහු හේනේ පැල් රැකලා උදේම එනකොට, ඔහුගේ  බිරිඳ නොවරදවාම කන්න උයලා, ගෙයි දොරකඩ කුල්ල අටවලා තියන්නත් ඕනේ. නැත්නම් හේතුහාමි පැරණි සිංහල භාෂාවේ කෘදන්ත, තද්ධිත, ප්‍රත්‍ය, සමාස, රූඪි, පිරුළු, ආදිය නොඅඩුව යොදා,  හාමිනේට ආමන්ත්‍රණ සහ දේශනා පවත්වනවා. 'ආලපන විභක්තියෙන් ස්ත්‍රී ලිංගය' සඳහන් කිරීම බහුළයි. මොකද හේතුහාමිට අවශ්‍ය ඉක්මණින් හොඳට කෑම බීම සහ ....ම ඉවර කරලා, මහන්සි නොබලා කුඹුර පැත්තෙත් රවුමක් යන්නයි.


  ඔන්න එක දවසක්, හේතුහාමි වෙනදා වගේම පැල් රැකලා ඇවිත්, ඉක්මනට කෑම කාලා......ලා,  දඩිබිඩියේ පොහොර ගෝනියකුත් අරගෙන,  අමුඩෙත් ගහගෙන, ගියා කුඹුරට. නමුත් කුඹුරට ගියාට පස්සේ තමයි මතක් වුණේ, කලබලේට ආවට මොකද, පෝර ටික දාගෙන කුඹුර පුරා ඉසිමින් යන්න සුදුසු භාජනයක් ගෙනැවිත් නැති බව. පොහොර ගෝනිය සෑහෙන්න බර නිසා, එය අතේ තියාගෙන පොහොර ඉසින්න බැහැ. හේතුහාමිගේ මල් මසුරන් මොළේට අදහසක් අවා. මුළු යායෙම කුඹුරුවල කවුරුවත් නෑ. හේතුහාමි ටක් ගාලා අමුඩය ගලවලා, ඒ රෙදි කෑල්ලට පොහොර ටිකක් දාගෙන, පොහොර ඉහින්න පටන් ගත්තා. ගොයම් පැල උස නිසා, අවට ප්‍රදේශයට පෙනෙන්නේ හෙතුහාමිගේ ඉනෙන් උඩ කොටස පමණයි.


   අමුඩ ලේන්සුවට එක වරකට පොහොර ටිකක් පමණක් අල්ලන නිසා, වාර කීපයක් කළත් වැඩේ ඉවර වුණේ නැහැ. ඒ අතරේ ඔහු හදිසියේම දැක්ක, අහළ පහළ ගෙදරක ගොවියෙක්, යාය පැත්තට එනවා. හේතුහාමි වහාම අමුඩය ඇඳගත්තා. අර ගොවියා ඇවිත් හේතුහාමි සමග කතාවට වැටුණා. පැය බාගයක් විතර කතා කර කර ඉන්නකොට, හේතුහාමිට යම්කිසි අමුත්තක් දැණුනා. ඒ කියන්නේ ඔහුගේ අමුඩයෙන් ආවරණයවී ඇති ප්‍රදේශයේ, විශාල දැවිල්ලක් හටගෙන ඇති බවත්, තද ගතියක් දැනෙන බවත්. හේතුහාමි ඉක්මනින් කතාව ඉවර කරලා, අර ගොවියට යන්න ඇරලා, අමුඩයෙන් ආවරණයවී ඇති ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී පෙනීගියා, ඒ ප්‍රදේශය ඉදිමී රතුවී තිබෙන බව. රසායනික පොහොර තිබෙන්නේ, කුඹුරට පමණක් ගැසීමට බව හේතුහාමිට අවබෝධ වනවිට, ඔහු ප්‍රමාද වැඩියි.


   ඔහුට අප්‍රමාණ බියක් දැණුනා. මින්පසු තමන්ගේ රසවත් ජීවිතය සදහටම ඉවරවේයැයි සිතුනා. මෙසේ සිතමින් සෑහෙන වෙලාවක් සිටීම නිසා, අර්බුදය තවත් වැඩිවී, අර ඉදිමීම, පොල් ගෙඩියක්/පැපොල් ගෙඩියක්/දෙල් ගෙඩියක්/පොළොස් ගෙඩියක්/ (කැමති එකක් දාගන්න) තරමට විශාල වුණා. ඔහු වහාම ගෙදර යන්න පිටත් වුණත්, ගමන් කරන්නට උත්සාහ කිරීමේදී පෙනීගියා, උඩ යට මාරු කළ ඉංග්‍රීසි V අකුරේ හැඩයට දෙපා විහිදාගෙන පමණයි, අඩිය තැබිය හැක්කේ කියා.


  තම සැමියා එනතුරු බලාසිටි හේතුහාමිගේ බිරිඳ, ඈත තියාම දුටුවා හේතුහාමිගේ ගමනේ අමුත්තක්. ළඟට ආවාමයි ඇයට තේරුණේ, තම සැමියා දෙකකුල්වල ඉහළ ප්‍රදේශය අස්සේ යමක් සඟවාගෙන එන බව. ඇය සිනාසෙමින් කිව්වා 'හා.....හා, මම දැක්කා, මගේ දොළදුක් ගාය ගැන දැනගෙන නේද, හොරා වගේ, වත්ත පහළ නවසි ගහෙන් ගෙඩියක් කඩාගෙන හංගගෙන එන්නේ?' කියලා. හේතුහාමි අර බරපතළ ව්‍යාකරණ භාෂාවෙන් වාක්‍ය කීපයක් කියා, වහාම සරමක් ඇඳගෙන, තුවාය කරේ දාගෙන, බයිසිකල් කටුව ගත්තේ, හොරෙන්ම වෙද මහත්තයා ළඟට යන්නයි. නමුත් බයිසිකලයේ වාඩිවුන ගමන්, ඔහු කෑ ගසාගෙන බිම වැටුණා. ඔහු වාඩිවී තිබුනේ, තමන්ගේම අමුඩයෙන්  වැසී තිබුන, මේ වනවිට ඉහත සඳහන් ගෙඩියක් පමණ විශාල ඉන්ද්‍රිය මතයි.


  දැන් කරන්නට දෙයක් නැහැ. ඔහු අර උඩ යට මාරු කළ V හැඩයට දෙපා තබමින්, වෙද ගෙදර පැත්තට යන්න පටන් ගත්තා. නමුත් අදාළ ඉන්ද්‍රිය පද්ධතියේ පැද්දීම නිසා, එහි දැනට ඇති විශාලත්වය, පිටත සිට බලන කෙනෙකුට හොඳින් නිරීක්ෂණය වුණා. ටික දුරක් යනවිට ඔහුගේ මුහුණටම හමු වුනේ, සිය බිරිඳගේ නැගණියයි. (නෑනා) ඇය ඈත සිට ඔහුට හිනා වේගන ආවත්, ළඟට එනවිට මුහුණ අඳුරු වුණා. 'අපි ඉල්ලයි කියල වෙන්න ඇති ඔය මැල්ලුම් කොස් ගෙඩියක් හංගන් යන්නේ. හපෝ ඔව්වා නැතුවට අපට කන්න දේවල් තියනවා' කියමින් ඇය ගස්සාගෙන යන්න ගියා. හේතුහාමි දත්මිටි කාගෙන ඉවසුවා.


  අමාරුවෙන් වෙද ගෙදරට ගියයි කියමුකෝ. එතන සෙනග පිරිලා. ඔක්කොම බලාගෙන ඉන්නවා හේතුහාමිගේ අමුතු ගමන දිහා. ප්‍රශ්න කෝටියක් ඔහුට එල්ල වුණා. මොනවද හංගගෙන ඉන්නේ, කියන ප්‍රශ්නයට අමතරව, මොකක් හරි ලෙඩකට වෙද මහත්තයා කියපු කෙමක් නිසාද ඔහොම ඇවිදින්නේ?, කාටවත් නොපෙනෙන්න මොකක් හරි බෙහෙත් අවුසදයක් ගේන්න කියලා වෙද මහත්තයා කිව්වද? ආදී වශයෙන්. ටිකක් වැඩිහිටි මනුස්සයා නිසා හැමෝම කිව්වා, 'හේතුහාමි අයියේ වාඩි වෙන්න' කියලා. එහෙම කිව්ව හැමදෙනාම දිහා, 'ආලවකයා වගේ' බලපු හේතුහාමි, බලෙන්ම වගේ වෙද මහත්තයා ලෙඩ්ඩු පරීක්ෂා කරන කාමරයට ගියා. මොහොතකින් ඇහුනා වෙද මහත්තයා කෑගහනවා, 'තොට පිස්සුද බොළ, මරපු මීමින්නෙක් දෙපරැන්ද අස්සේ ගහගෙන ආවේ' කියලා.


  කොහොම කොහොම හරි, වෙද මහත්තයා ඇත්ත තත්වය තේරුම් අරගෙන, ප්‍රතිකාර කළා. හේතුහාමිට ඉස්සර වගේම, අදාළ ඉන්ද්‍රිය පද්ධතියෙන්, අවශ්‍ය 'සියළු දේවල්' කරගන්න පුළුවන් වුණා. නමුත් ගම පුරාම කතාවක් හැදුණා, 'හේතුහාමි පොහොර ගැහුවා වගේ' කියලා.




my-signature-for-blog[1]   නැවත සැකසීම 2014 ජූලි මස 21 වැනි දින 2251 පැය

47 comments :

  1. විචාරකතුමනි...... කතාව මාර ...ලස්සනයි.ඔයා බොහොම සංයමයෙන්...... මේක ලියල තියනවා, රසවත්, වගේම....... අරයත් ටිකක් වෙනස් ..... අමුතු මගක් ගත්තා........ හරියට හැංගිච්ච රසයක් වගේ.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මා හිතනවා බොහෝ දෙනෙකුට මෙයි යම් රස වින්දනයක් ලැබුනා කියලා.

      Delete
  2. නියමයි විචාරක ...නියමයි..

    සුපිරියටම ලියපු කතාවක්.

    හොඳ උපමාවක් හද ගත හැකි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අලුත් උපමාවක් හැදුනා තමයි.

      Delete
  3. විචාරක මහත්මයෝ දැන් බුදු පිළිමෙ වැඩේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. දැන් මුළු වැඩ කොටසෙන් 30% ක් පමණ අවසන්. ළඟදීම පින්තූර වලින් පෙන්නන්නම්.

      Delete
  4. මේ වගේ කතාවක් කොමද හැදුවේ විචා මාමේ ....... ආ දැන්නේ දැක්කේ උඩම කියලා තියෙනවා මේ ඔයාටම වෙච්ච එකක් කියලා ...... එතකොට ඕක උනේ හමුදාවට යන්න කලින්ද පැන්ෂන් ගියාට පස්සෙද ???
    (දුවපියෝ......)

    ReplyDelete
    Replies
    1. යකෝ මට කෝල් එකක් දීලා ඇහුවනම් කියනවනේ ඔයවැඩේ මටම වෙච්ච හැටි. උඹ විද්දනේ මෙතන.

      Delete
  5. මේක පට්ට ලස්සන කතන්දරයක් නොවැ......පොඩි එකාටත් කියා දෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. පොඩි එකාට මෙව්වා කියලා දෙන්න? ගෙදර උන්දැ ගහයි (මොකෙන්ද?)

      Delete
  6. හි.. හි... ශෝක් කතාව ..

    ReplyDelete
  7. :h කතාව එල පොහොර ජාතිය මොකක්ද දන්නෙ නෑනේ (එක දන්න විචාරකතුමා ඈ පොහොර ගැහුවෙ )
    :P

    ReplyDelete
    Replies
    1. පොහොර නිසා වැවුනද දන්නේ නෑ දිග පළල වැඩි වෙන ආකාරයට.

      Delete
  8. වර්ඩ්ප්‍රෙස් එකේ මේක කියෙවුවද කියලා හරියටම මතක නැහැ.. කෝම වුනත් කතාවනම් නියමයි විචාරක තුමනි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු දෙකකට ඉස්සරනේ ලිව්වේ. හුඟක් දෙනෙකුට මතක නැතුව ඇති.

      Delete
  9. //ඉක්මණින් හොඳට කෑම බීම සහ ....ම ඉවර කරලා,//
    මෙන්න ඉස්සරහට සිංහල භාෂාවට එකතු කල හැකි ලස්සන වචනයක්... :D

    ලියලා තියෙන විදිය හරිම රසවත් විචාරක... :-)

    ReplyDelete
    Replies
    1. අම්මෝ....ඔයා එහෙම එව්වා ලියන්න යන්න එපා.

      Delete
  10. සුපිරි ලියවිල්ල විචාරක තුමණි .........
    මං ඕක ලිව්ව නම් කොහොමට තියෙයිද කියල හිතුන....... :) :)

    ReplyDelete
    Replies
    1. මට මැවිලා පෙනුනා පෝස්‍ට් එක :D

      Delete
    2. @ කෙන්ජි. හම්මෝ උඹ ලිවානම් එක ඇහැකින් බලාගෙන තමයි කියවන්න වෙන්නේ.

      Delete
  11. හොඳ වෙලාවට පොහොර වුනේ , හදිසියෙවත් වල් නාශකයක් වගේ දෙයක් වුනානම් හමාරයි නේද මහරජ ....

    ආ ..අහන්න අමතක වුනා විචාරක ..පත්තරයාගේ වාසගමද හේතුහාමි කියන්නේ ...?

    ReplyDelete
    Replies
    1. මං උඹටත් ගෙනාව යූරියා ටිකක් පොට්ටෙනියක් තියල බඳින්න අධි ආරක්ෂිත කලාපයට.. !!!

      Delete
    2. වල් නාශක වලට වැල මැරුණත් අල බහිනවා නේද?

      පත්තරයාගේ වාසගම පුවත්පත්ගේ. මොකද කරන්නේ අර පත්තරයාගේ යූරියා වලට?

      Delete
    3. වල් ගතිය එහෙම ලේසියන් නාශණය (හරි වචනෙද, W A D S?) කරන්න බෑ නේ PM?

      Delete
    4. වල් ගතිය හරි යනවා හොඳ හෝටලේකිං කෑවමනං ප්‍රා මචෝ :D

      Delete
  12. පට්ට පට පට...
    හිකිස්

    ReplyDelete
  13. ..............
    ..............( බලධාරියා විසින් කපා දමන ලදි)
    එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. අහෝ කුඹුරට නොගැසූ පොහොර.

      Delete
  14. සෑර් පෝර ටික ගැහුවම අස්වැන්න වැඩිවෙන්නැති සෑහෙන්න නේ :D

    ReplyDelete
    Replies
    1. අල බැහැලා වැල මැරෙන්නයි ගියේ.

      Delete
    2. අනේ සෑර් මටත් අහන්න උවමනාව තිබුනා ඒත් ඉතිං කොහෙමද කටක් ඇරලා අහන්නේ.
      දැන් ඔය සිද්ධිය වුනේ සිහින බක්මහා උලේලට එන්න කලින්ද?

      Delete
    3. පිස්සුද යකෝ ඊට හුඟක් ඉස්සර

      Delete
  15. අර කිව්ව ලිපි දෙකතුන හදාගන්නකල් විරාමයට මේ දාපු කතාවනම් මල් මසුරන්.

    ReplyDelete
  16. අයියෝ....... හේතුහාමි.......!
    සුපිරි කතා පොඩ්ඩ....!

    ReplyDelete
  17. ඕක තමයි ගහන්න ඕනේ දේවල් ගහන්න ඕනේ තැන්වල නොගහා වෙන වෙන තැන් වල ගහන්න ගියා ම වෙන්නේ.................... මදැයි කොළා....................

    ReplyDelete
    Replies
    1. කලබලේට අර මොකක්ද එක මොකක්ද එකේ දාගන්නවත් බැහැ කියනවනේ.

      Delete
  18. හේතුහාමි පෝර ගහලා
    හේතුහාමිගේ හාල්මැස්සා තෝරා, මෝරා වෙලා..

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් බූවල්ලෙක් හරි වාලක්කඩියෙක් හරි වෙලා තමයි නවතින්නේ.

      Delete
  19. එතකොට විචාරක තුමා කොච්චර කාලයක් එකතැන් වෙලා හිටියද?

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මතක නෑ අප්පා. අපේ ඇත්තිගෙන් ඇහුවනං කියයි.

      Delete
  20. කවුද එකෙක් මී පාසානං කාල පහුවෙනිද ඉඳන් චූ කරන්න බැරි උනාලුනෙ මීය මැරිල. මේ උගෙ සීය වෙන්ටැ. ඒකනෙ මීය මීමින්න වෙල තීන්නෙ :D

    ReplyDelete
    Replies
    1. හිහ් හී......................අපූරු අදහසක් නොවැ. නිකං හිතල බලන්ඩකෝ මීමින්නෙක් දෙපරැන්ද අස්සේ ගහගෙන යනකොට කොහොම තියෙන්ඩ ඇද්ද කියලා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }