හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

02 February 2015

තිත්ත ඇත්ත - The Bitter Truth

777
 ඇත්ත කියන එක, පෙන්වා දෙන එක, බොහෝවිට එහෙම ඇත්ත කියන කරන කෙනාට, එච්චර හොඳ ප්‍රතිඵල දෙන්නේ නැති බව අපි දන්නවනේ. අද මට එහෙම දෙයක් වුණා. මෙන්න විස්තරේ. වයර්සිලෝන් නමැති වෙබ් අඩවිය මා කීප වරක් ගොස් තිබෙන තැනක්. අද අහම්බෙන් ඒ වෙබ් අඩවියට ගිය මට දකින්නට ලැබුණේ, සාවද්‍ය තොරතුරු ඇතුළත් ලිපියක්. මේ තියෙන්නේ ඒ ලිපියයි. මා මෙහිදී පෙන්වා දෙන්නේ අදාළ ලිපියේ තිබුණු වැරදි වලින් කීපයක් පමණයි. 


Screenshot (191)

 
   මේ ලිපිය ලියා තිබෙන්නේ අන්තර්ජාලයෙන් ගත් තොරතුරු වලින්. එසේ කිරීමේ කිසිදු වැරැද්දක් නැහැ. නමුත් ඒ තොරතුරු සිංහලට පරිවර්තනය කිරීමේදී, නිරවද්‍යතාව ගැන 100% ක් සළකා බැලිය යුතු අතර, ප්‍රකාශයට පත්කරන්නා, එම නිරවද්‍යතාව පිලිබඳ වගකීමද දැරිය යුතුයි. මා ද මෙලෙස අන්තර්ජාලය තුළින් තොරතුරු ලබාගෙන ලිපි ලියන අතර, පාඨකයන් විසින් මගේ ලිපිවල සදොස් තැන් නොදොස් කළ අවස්ථා බොහොමයි. ඒ සෑම අවස්ථාවකම, මා නිවැරදි කළ අයට ස්තුති කරන්නත්, මගේ වරද පිළිගන්නත් මා පසුබට වුයේ නැහැ. මක්නිසාද යත්, සත්‍යය සියල්ලට ඉහළින් පිහිටිය යුතු නිසා.

   ප්‍රස්තුතයට අදාළ වෙබ් අඩවියේ ඇතුළත් මෙම ලිපියේ, සාවද්‍ය තොරතුරු කීපයක් පෙන්වා දෙන්නට මා කැමතියි. පහත රූපයේ ඇති ඡේදය කියවා බලන්න.

Screenshot (194) 

   මෙය කියවන පාඨකයකු තුළ ඇතිවන අදහස වන්නේ, ඇමරිකා එක්සත් ජනපදය විසින්, සඳ වුවද විනාශ කළහැකි න්‍යෂ්ටික බෝම්බයක් නිපදවන්නට උත්සාහ කළ බවයි. නමුත් මේ පුවතට අදාළ මුල් පුවත පහත දක්වනවා එයද කියවා බලන්න. මෙම රූපය මත ක්ලික් කර විශාල කර බැලිය හැකියි. 

Screenshot (200)

   ඉහත ඡේදයේ ඇති විස්තර, හරිහැටි කරුණු සොයාබැලීමකින් තොරව ඉදිරිපත් කර ඇති බව පෙනෙනවා. නමුත් මේ කතාව මෙතනින් අවසන් වන්නේ නැහැ. මේ බලන්න මෙම විෂයය සඳහාම සෝවියට් දේශය ක්‍රියාත්මක වී ඇති ආකාරය. ක්ලික් කර විශාල කර බලන්න. 

Screenshot (205)

   ඊළඟට මා ඔබට පෙන්වන්නේ මේ ලිපියටම අදාළව කර තිබුණු බරපතළ මෙන්ම හාස්‍යජනක වරදක්. ලිපියේ ඊළඟ මාතෘකාව යටතේ මැක්ඩොනල් ඩග්ලස් McDonnell Douglas සහ ජෙනරල් ඩයිනමික්ස් General dynamics යන සමාගම් දෙක, පුද්ගලයන් දෙදෙනෙකු වශයෙන් පෙන්වන අතර, ඩයිනමික්ස් යන්න සඳහන් කරන්නේ 'ඩයිනමිස්' යනුවෙන් වැරදියටයි.  

Screenshot (195)

    මෙම අඩවියට මා මීට පෙර කීප වතාවක් ගොස් ඇති අතර, පාඨක අදහස් දැක්වීම් දකින්නට ලැබුණේ නැහැ. කරුණු සොයා බැලීමේදී වැටහුනේ, මෙම අඩවියේ අදහස් දැක්වීම සඳහා, පාඨකයන් ලියාපදිංචි වියයුතු බවයි. පාඨකයන්ට අවශ්‍ය, ක්‍ෂණිකව තම අදහස් දැක්වීමට පහසුව විනා, ලියාපදිංචිවීම නොවන බැවින්, ඔවුන් අදහස් දැක්වීමෙන් වලකින බවයි, මට නම් වැටහුනේ. කෙසේ වෙතත් මා මෙම අඩවියේ ලියාපදිංචි වී අදහස් දැක්වීමක් කළා. මේ තියෙන්නේ එම අදහස් දැක්වීම. 

Screenshot (193)

    මෙම අදහස් දැක්වීම අවසන් කළ පසු ක්ෂණිකව මගේ හිතට වැදුන අදහසක් වුයේ, මේ අදහස වාරණය කරයිදෝ යන සිතුවිල්ලයි. ඒ නිසා මා වහාම තිර රූපයක් ලබාගත්තා. ඒ රූපයයි ඉහතින් දැක්වෙන්නේ. මෙහි දැක්වෙන කැකි යන වචනය හැකි යනුවෙන්ද, අහිත යන වචනය සහිත යනුවෙන් නිවැරදි වියයුතුයි. 

   මා සිතූ ආකාරයටම එම අඩවිය විසින් මගේ අදහස් දැක්වීම කපා දමා තිබුනා.
  1. මට වෙබ් අඩවි පොලිස්කාරයකු වන්නට අවශ්‍ය නැත. මා ද අන් සාමාජිකයකු පරිදි අදහස් දැක්වීමක් කළා පමණයි.
  2. මගේ අදහස අනිවාර්යයෙන් පලකිරීමට එම අඩවිය බැඳී නැත. නමුත් ඔවුන් තුළ සදාචාරය ඇත්නම්, ඔවුන්ට ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග තිබුණි.
  3. එක්කෝ මගේ අදහස පලකොට, කණගාටුව ප්‍රකාශ කොට, වරද නිවැරදි කිරීම. නැතහොත් මගේ අදහස් දැක්වීම කපා දමා, වරද නිවැරදි කිරීම. එසේත් නැත්නම් ලිපිය එම අඩවියෙන් ඉවත් කිරීම.
   ඉහත සඳහන් එකදු පියවරක් ඔවුන් ගෙන නැත. සාවද්‍ය කරුණු සහිත ලිපිය පමණක් එම අඩවියේ ඇත. මෙය පාඨකයා නොමග යැවීමක් නොවන්නේද? වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන, සදාචාරානුකූල නොවන, ක්‍රියාවක් නොවන්නේද? වරද පෙන්වා දුන් පසු එම පාඨක අදහස කපා දැමීම කෙතරම් පහත් ක්‍රියාවක්ද?



2015 පෙබරවාරි මස 02 වැනි දින 0026 පැය.

33 comments :

  1. මාත් වරදක් දුටු තැන පෙන්වන, මගේ අතින් වෙත ඬැරදි පෙන්වූ විට වහාම නිවරදි කරගන්නා අේ‍රක් ලෙස ඔබ දක්වා ඇති අදහසට එකඟ වෙනවා.

    මං හිතන්නේ ඔය ආකාරයේ බ්ලොග් / වෙබ් අඩවි කරන්නේ දැන්වීම් මගින් සල්ලි හෙවීමට කියායි. අදහස් හුවමාරුවක් කර ගන්න අදහසක් ඔවුන් තුල නෑ.

    ඔය ඩිසකස් කියන්නේ සමහරු භාවිතා කරන කමෙන්ට් ක්‍රමයක්. මාත් අත්හදා බලා තිේ‍රනවා. ඒ ලියාපදිංචිය ඒ බ්ලොග් එකට පමණක් නොව හැම තැනටම අදාලයි. වර්ස්ප්‍රෙස්වල වගේ.

    ඩග්ලස් සහ "ඩිනමික්ස්" ගැන අසා සිනා ගියා.වැනි වැරදි මේ දවස්වල පිටවෙන සිංහල පරිවර්නවලත් තියෙනවාය කියා අසා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා ඔබ කිආ ඇති පරිදි දැන්වීම් මගින් මුදල් හෙවීමේ පරමාර්ථයෙන් මේවා කරනවා ඇති කියා. සිතා බලන්නට වැදගත් කරුණු කීපයක්ම දැක්වීම ගැන ස්තුතියි.

      Delete
  2. මම පොරය, මම සියල්ල දන්නේය, මම කියන දේ සියල්ලන් ඇසිය යුතුය කියලා හිතන ජාතියෙ මිනිස්සු ඉන්න තාක්කල් ඕවා ඔහොමම පවතීවි විචාරක මහතා. ඔබ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත බොහොම ප්‍රශංසනීයයි.. මේ ලෝකේ හැමෝම හැම දෙයක්ම නොදන්න නිසා මෙවැනි සාවද්‍ය කරුණු මගින් ලෙහෙසියෙන්ම කෙනෙක්ව මුලාවට පත් වෙන්න පුළුවන්. ඒකෙ තියෙන බරපතලකම තමා එසේ මුලාවට පත්වෙන කෙනා අවශ්‍ය විටෙක එය උපුටා දැක්වීමට ඉදිරිපත් වීම. එතකොට නිකන්ම වැ‍රැද්ද සමාජගත වෙනවා.

    මුන්ගෙ මේ මුග්ද නොසැළකිලිමත්කම ගැන ඇත්තටම මටනම් තරහයි.

    ReplyDelete
    Replies
    1. හිතලා බලන සෙන්නා මේවා කියවන පාසල් දරුවන්ගේ දැනුමට මොකක්ද වෙන්නේ කියලා. මේ අය කොයිතරම් වගකීම් විරහිතවද කටයුතු කරන්නේ. මට ඒ ගැන ඇතිවෙන්නේ අප්‍රසන්නතාවයක් සහ කනගාටුවක්.

      Delete
  3. ඔබගේ කමෙන්ටුව ඉවත්කිරීම සහ වරද නිවැරදි නොකිරීම යන දෙකම වැරදි ක්‍රියා. ඔවා විශ්වාස කරන්නම සැදී පැහැදී ඉන්න පිරිසක් ඉන්නවනේ... සහන්වත් මතක් වුණා :)

    ReplyDelete
    Replies
    1. මගේ කමෙන්ට් එක ඉවත් කර හෝ ඒ කරුණු ඉවත් කළානම් කමක් නැහැ. ඔවුන්ගේ තිබෙන්නේ අමන ප්‍රතිපත්තියක්.

      Delete
  4. දැනුවත් කලාට ගොඩක් ස්තූතියි විචාරක...කලින් දැකලා තිබුණු බ්ලොග් අඩවියක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. මමත් බ්ලොග් සින්ඩියක දැකලා අහම්බෙන් ගියේ. ඊට පස්සේ තමා මේ වැරදි තොරතුරු දැක්කේ.

      Delete
  5. පොලිස් කාරයෙකු වන්නට නොයනු මැනවි මන්ද ඔබ ආමි කාරයෙකු වන නිසාවෙනි :P

    ඔය බ්ලොග් සහ වෙබ් අඩවි තියෙන්නේ කොහෙන් හරි මොකක් හරි උස්සලා දාලා ඇඩ්ස් වලින් කීයක් හරි හොයාගන්න . එහෙම නැතුව බුද්ධිමය සංවාද වල යෙදෙන්න, දැනුම සපයන්න වගේ දේවල් වලට නෙවෙයි. සමහර විට ඔය ලිපිය මොකක්ද කියලා පබ්ලිෂ් කරපු උන් වත් දන්නේ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් අම්මපා උඹ කිව්වම තමා මම කවුද කියලා මතක්වුණේ. :e

      හරියට හරි ඉවාන්. මේගොල්ලෝ සල්ලෝ හොයන්නෝ මිස දැණුම බෙදන්නෝ නෙවෙයි. බල්ලො මරා හරි සල්ලි හොයන වර්ගයේ අය. ලැජ්ජා නහර කපලා ඇත්තේ.

      Delete
  6. අපිට හෙන ගහලා තියෙන්නෙ හැමදාමත් මම පොර ඡාතකය ව්තරයි දනනේ..වැරැද්දක් පිලිගන්න කැමති නෑ..ත ඇරලා දාන්න අයියන්ඩි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මෙන්ඩෝ. මම මේක ලිව්වේ මේ වැරදි තොරතුරු කියවලා වැරදි අවබෝධයක් ලබන අයගේ ඒ අනවබෝධය දුරලන්නයි.

      Delete
  7. අනේ අම්මපා අපේ මේ විචා මාමණ්ඩියත් (ඉවාන්ගේ) වයසට ගියා කියල නෙවි කොරන වැඩ ............ අනිත් එවුන්ගේ වැරදි හොයන්න යනවා

    ReplyDelete
    Replies
    1. කොරන්න දෙයක් නෑ වෙන්ට හිටිය බෑනෝ. ඉවානයා ටිකක් ඇස්සලේටර් එක පාගලා අපේ ගෙදර කිට්ටුවට ආව. (හැබැයි ඒකා එනකොටත් පරක්කු වැඩියි)

      Delete
  8. වරද නිවැරදි කිරීමෙන් නොනැවතී ඇතිවූ සැකය මත ක්‍රියාමාර්ගයක් ගැනීමත් වැදගත්.බ්ලොග් අවකාශය නිදහස් තැනක්.පුවත්පත් ලිපියක නම් මොන බොරුව දුන්නත් පාඨකයට ගිලින්න වෙනවා.මෙතන එහෙම නැහැ.
    අනික බ්ලොග්කරුවෙකුට කියන්න බෑ මේක මගෙ බ්ලොග් එක මට ඕන විදියටයි වැඩ මයි කා මයි පෙට්‍රල් කියල.
    අපේ බ්ලොග්වල පැවැත්ම තියෙන්නෙ කට්ටිය බලන්න එනවනම් විතරයි.අපේ බ්ලොග් බලන කොමෙන්ට් කරන අයට අප ස්තුති වන්ත වෙන්න ඕන.අපිත් අන්‍යෝන්ය සහජීවනයකට යන්න ඕන.
    කොමෙන්ට් කරන කොට අපව වර්නනා කරනවනම් ඒක විහිළුවක් වෙනව.පට්ට,සුපිරි ,එළ කියලම කොමෙන්ට් වැටෙනවනම් මොන විකාරයක්ද
    අපට බැනල අපේ වැරදි විවේචනය කරල දාන කොමෙන්ට් එකකින් තමයි පෝස්ට් එක සුන්දර වෙන්නෙ
    කවුරුහරි ඒකට කැමති නෑ කියන්නෙ එයා බ්ලොග් අවකාශයට සුදුසු නෑ කියල ,විවේචන ඉවසන්න පුරුදුවෙන්න ඕන.

    විචාරක මේ වරද පෙන්නල දුන්නෙ නැත්නම් බලන කී දෙනෙක් නම් පෝස්ට් එකට හිනා වෙනවද කියල හිතන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ සමග එකඟ වෙනවා. අපි ලියන හැම ලිපියක්ම බොහොම ඉහලයි කියලා වර්ණනා බලාපොරොත්තුවෙනවා නම් ඒ අයගේ මොලය පරීක්ෂා කරගත යුතුයි. යම්කිසි විෂයයකට අදාළ සංවාද විවාද මතු නොවී ඔහේ පල්වෙන බ්ලොග් ලිවීම නම් පාපයක්.

      මේ අඩවියෙන් කරතිබුන වරද නිසා පාඨකයන් බරපතල ලෙස නොමග යාහැකි බව තේරුම් නොගැනීම ඔවුන්ගේ අමනකමක් ලෙසයි මා දකින්නේ.

      Delete
  9. ඔයවගේ ප්‍රතිචාර දක්වන අයගෙ කොමෙන්ට්ස් පල කළොත් ඔය සයිට් වලට අනාගතයක් නැතිවෙනව.
    (මම හිතන්නෙ සිංහල බ්ලොග් දෙක තුනකටත් ඒ තත්වෙ ඇතිඋනා)
    ඔබේ උත්සාහය අගය කරනව.

    ReplyDelete
    Replies
    1. අපි බ්ලොග් අඩවියක් කිරීම පැත්තක තියමු. හරියට පාරේ ඇවිදින්න බැරිනම්, තැනකට ගියාම හැසිරෙන්න දන්නේ නැතිනම්, අපේ දෙමවුපියෝනේ බැනුම් අහන්නේ. පාඨකයන් දහස් ගණනක් වෙනුවෙන් ලිපියක් ලිවීමේදී කොයිතරම් සැලකීමෙන් හා වගකීමෙන් ක්‍රියා කලයුතුද කියා නොදැන නෙවෙයි මේ අය ක්‍රියාකරන්නේ. අන්න ඒ ගැනයි කනගාටු.

      Delete
  10. ඊයේ ගුවනතොටුපල ආසන්නයේ දැඩි මාර්ග තදබදයක දකින්න ලැබුනි..සමරැපොත් අතින් ගත් ගැහැනු ළමුන් කිසියම් කෙනෙකුගෙ පැමිනිම බලාපොරෝත්තුවෙන් දැඩි අව් රෂ්මිය පවා නොසලකා රැදි සිටිනු දක්නට ලැබිනි..
    නිලනාලත් ආරංචි වලට අනුව මෙම යෞවනයා පත්තර බෙදිමට සම්භන්ද බවත් යම්කිසි පානයකට සම්භන්ද බලකායක කැදවුම්කරැ බවත් දැන ගන්නට ලැබිනි.
    කිසිම මාධ්‍යකට හෝ පුද්ගලයයෙකුට මුනගැසිමට ඉඩ නොදි ඔහුගේ කායආරක්ෂකයන් මොහුව ගුවන්තොටුපලින් රැගෙන ගොස් ඇත...මෙම යෞවනයාගේ ප්‍රධාන කාය ආරක්ෂක වශයෙන් නිලධාරනියක් සේවය කරන බව දැන ගන්නට ලැබි ඇත..හැකි ඉක්මනින් මධුපාන උත්සවයක් පවත්වන බවටත් බ්‍රෑන්ඩ් එක ගල් ලෙස දැනුම් දෙන ලෙසත් ඔහු විසින් දැනුම් දි ඇත..

    ReplyDelete
    Replies
    1. හෑ.........................මොකා...................පත්තරයා ආවා? හුහ් උඹ ඉවානයත් අල්ලාගෙන සැට් වෙයං ඕකව සල්ලන් කරන්න. මමත් එන්නං.

      Delete
  11. ඒක වෙනවා විචාරක.................... මේ ගැන බොහොම කණගාටු වෙනවා...වරදක් දුටු තැන ඒය නිවැරදි කරගන්නවා වෙනුවට වරද පෙන්වා දෙන කෙනා ප්‍රතික්ෂේප කිරීම පිළිගත නොහැක්කක්............

    ReplyDelete
    Replies
    1. මේ ආකාරයට ක්‍රියා කිරීමෙන් ඔවුන් පෙන්වන්නේ තමන්ගේ හැදියාවේ තරම මිසක් අන් කවරක්වත් නොවේ.

      Delete
  12. හාල්පාරු බ්ලොග් අඩවිවලට ප්‍රසිද්ධිය ලබා දීමට මාගේ බලවත් විරෝධය..

    ඕක මොකක්ද බං ඇමරිකාවේ ඉඳන් නිදහස හා ලිබරල්වාදය ගැන පොර ටෝක් දෙන අම්මන්ඩිලත් එයා කියන හැම දේම අපි පිලිගන්න ඕන කියලා කියන ලෝකයක. එයා කරන්නෙත් ඉන්ගිලිසි ළිපි සිංහලට අමු අමුවෙම ට්‍රාන්ස්ලේට් කරන එක. ට්‍රාන්ස්ලේට් කිව්වට අතන තියෙන්නේ ට්‍රාන්ස්සෙක්සුවල්ටත් අන්ත "විලම්බීත" හින්ගල භාෂාවක්.. මම හිතන්නේ අහුබුදුට තේරෙන්නෙත් නෑ ඒ හින්ගල..

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත තමයි. මෙව්වට වෙබ් අඩවි කියන එකත් කුණුහරපයක් වගේ.

      අනේ මන්දා. තමන්ගේ මතවාදයම හරි කියලා හිතන එක තරම් මෝඩකමක් තවත් තිබේද?

      Delete
  13. මෙතන ඔබ ඇතුළු බොහෝ දෙනෙකුට වැරදිලා තියෙනවා.
    1.උක්ත වෙබ් අඩවිය දැන්වීම් පළකර මුදල් හොයනවා කියා කියුවත් එහි දැමු එකදු මුදල් ගෙවන ලද දැන්වීමක් වත් එම අඩවියට මුදල් හෙවීමට හැකියාවක් සහිත රෑන්ක් එකක් නොපවතී

    2.ඔබගේ ලිපියට හේතුවූ ලිපිය wireceylon නම් අඩවියේ කිසිවෙකු ලියු ලිපියක් නොව එය හසිත දර්ශන නම් කෙනෙකු ලියා ඇති ලක්බිමේ පළවූ ලිපියකි මෙන්න ලින්ක් එක ගිහින් කියවන්න.

    wireceylon යනු මම කිසිදිනක ගොස් නැති අඩවියකි. ඔබගේ මෙම ලිපිය නිසා ගොස් බැලුවෙමි. එම අඩවියේ ඇති සෑම ලිපියක්ම කොහොන් හෝ උපුටා ගත් ඒවාය. ක්කිසිවක උපුටා ගත් තැන ලින්ක් එක නැත සමහර ඒවායේ උපුටාගත් තැන හෝ කතුවරයාගේ නම සඳහන් වෙතත් බොහෝ ලිපිවල එය මගහැර ඇත. ඇත්තටම ඔය අඩවියේ ගත යුතු දෙයක් නැත. එහි ඇති සියලු ලිපි පුවත්පත් වල තිබු දේය. ලංකාවේ බොහෝ අඩවි වල තත්වය මෙයින් වෙනස් නොවේ.

    ලංකාවේ ජාතික පුවත් පත් වන ලක්බිමේ පළවූ මෙම ලිපිය නිසා නොමග ගිය අය බොහෝ ඇත. වගකීම් විරහිත ලිපි ලක්බිමේ පමණක් නොව තවත් බොහෝ ජාතික පුවත්ප්පත්වල යයි. රිවිර, ලංකාදීප, රාවය මෙන්ම දිවයින ද මේ අතර වේ.

    මෙම ලිපිය දුටු තැන වරද පෙන්වාදීම ගැන ඔබට බොහෝ ස්තුති කරමි. එම අඩවිය ඔබගේ ප්‍රතිචාරය මැකීම බලු වැඩකි. ඔයවගේ දෙකයි පනහේ වෙබ් අඩවි පල්ලේ රිංගන්නට යාම ඔබට හොඳ පාඩමකි. ලක්බිමට එහි ලිපියේ සාවධ්‍ය බව දන්වන්න.

    ReplyDelete
    Replies
    1. මේක වෙබ් අඩවියක්ද කියන එක දැන්නම් මටත් ප්‍රශනයක්. තාක්ෂණික තොරතුරු තිබුණ නිසා තමයි බලන්න ගියේ. බලමුකෝ ලක්බිමටත් කියන්න පුලුවන්ද කියලා වැරැද්ද. බොහොම ස්තුතියි ඒ ලින්ක් එක දුන්නට.

      Delete
  14. විචාරක, ඩිස්කස් එකේ ලියාපදිංචි නොවී අවශ්‍ය නම් Guest කෙනෙකු විදියට කමෙන්ට් කරන්ට අවස්ථාව ලබාදීලා තියෙනවා.. එහෙමනම් සමහරවිට මේ අඩවියේ ඒ පහසුකම අවලංගු කරලා ඇති.. හරියට සමහර බ්ලොගර් හෝ වර්ඩ්ප්‍රෙස් හෝ අඩවිවල ඇනෝ කමෙන්ට් කිරීමේ පහසුකම අහෝසි කරනවා වගේ.. එතකොට එතනදිත් කමෙන්ට් කරන්ට පුළුවන් වෙන්නෙ බ්ලොගර් හෝ වර්ඩ්ප්‍රෙස්වල ලියාපදිංචි accounts ඇති අයට විතරනෙ..

    Disqus කියන්නෙ 3rd party comment support extension එකක්.. බ්ලොගර් හෝ වර්ඩ්ප්‍රෙස් වගේ platform එකක් පාවිච්චි නොකර තමන්ගේම hosting server එකක බ්ලොග් එකක් කරන කෙනෙකුට, පාඨකයින්ට comment කරන්ට දෙන්ට මේ වගේ extensions පාවිච්චි කරන්ට වෙනවා..

    ReplyDelete
  15. අකුරක දෙකක වෙනසක් නම් ටයිපින් මිස්ටේක් එකක් ලෙස නොසලකා හැරිය හැකියි අපි කාටත් එහෙම වන නිසා. නමුත් කරුණු විකෘති ලෙස පරිවර්තනය කිරීම වැරදියි.

    ReplyDelete
  16. ජනරාල් ඩයනමිස් -- දවසේ විහිළුව සපයා හිනා ගැස්සුවට බොහොම පින්. පත්තරවලත් දාපු එකක් වීමයි ප්‍රශ්නය.

    ReplyDelete
  17. USA ජනරාල් ල මහගොඩක් ඉන්නවනේ motors, electric.

    ලංකාවෙත් කඩ ගොඩක ජනරාල්ල ඉන්නව

    ReplyDelete
  18. වරක් මා එක්තරා විෂයයක් හදාරන විට, එම දේශකයා පවසා සිටියේ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා තොරතුරැ වලට ලැබෙන වටිනාකම ලයිස්තුවේ අන්තිම තැන කියලා. මොකද එහි ඵල වන සියල්ල සත්‍ය නොවන නිසා. එයින් පසු මටද බොහෝ වැරදි තොරතුරු හමු වී ඇත. නමුත් මෙවැනි නොමග යවනසුළු තොරතුරු අන්තර්ජාලයේ එමටයි. ඒවාගේ නිවරද්‍යතාව පිලිබඳ සහතිකයක් නෑ. එවැනි සහතික දෙන තැනක් තිබුණා නම් අපිට ඒ කාර්යය කරන්න තිබුණා. මෙවැනි පෙන්වා දීමක වරදක් නොවුනත් සමහරු තමන්ගේ වැරදි පිලි ගන්න සුදානම් නෑ.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයෙන් ලැබෙන තොරතුරුවලට නියමිත reference එකක් තියෙනවා නම් ඒ තොරතුරු පිළිගන්ට පුළුවන්.. උදාහරණයක් විදියට Google Scholar කියන්නෙ නියම, විධිමත් තොරතුරු මූලයක්.. ‍බොහොමයක් මුද්‍රිත මාධ්‍යයේ අධ‍්‍යාපනික තොරතුරු (විශ්ව විද්‍යාල ප්‍රකාශන, පෙළ පොත්, නිබන්ධන) වල e-පිටපත් මෙතැනින් ගන්ට පුළුවනි.. ඒ වගේ තැන්වලින් තොරතුරු ගත්තාට කිසිම වරදක් නැහැ.. කෙනෙකුට මුද්‍රිත මාධ්‍යය හැමවිටම හොයාගන්ට බැහැ.. අනික දැන් e-මාධ්‍යයෙන් පමණක් පලවෙන තොරතුරු කොච්චර තියෙනවද..

      හැබැයි ඉතින් Wikipedia වගේ තැන්වලින් තොරතුරු ගන්න‍කොටනම් පරෙස්සම් වෙන්ට ඕන.. ‍මොකද එතැන ඕනම කෙනෙකුට තොරතුරු edit කරන්ට දෙන නිසා..

      Delete
  19. බ්ලොග් කාරයෝ ගොඩාක් දෙනෙකුට තියෙන්නතේ ඔය ලෙඩේ.. වැරදි පෙන්නුවම පුප්පනවා.. වැරුද්ද පිළි ගන්න හෝ ඒක ගැන හි්තා බැලීමකින් තොරව..

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }