මා ඔබව රැගෙන යන උතුරේ සංචාරය, බොහෝ දෙනෙකුගේ සිත් ඇදගන්නා බව, අදහස් දැක්වීම් වලින් පෙනෙනවා. අද මා ඔබව රැගෙන යන්නේ ඩෙල්ෆ්ට් දූපතටයි. මතකනේ, අපි මුලින්ම මුලතිව් කිලිනොච්චි පැත්තෙන් යාපනයට ආවා. ඊට පස්සේ, යාපනයේ නැවතිලා, පහුවදා පිටත්වුනා ඩෙල්ෆ්ට් යන්න. ඩෙල්ෆ්ට් දූපතට ගොඩ බැහැපු තැනින්නේ, පසුගිය කොටස අවසන් වුනේ. අද එතැන් සිට. අදනම් පින්තූර ගොඩක් තියනවා.
මතක ඇති නේද අපි යාත්‍රා කරපු අර සුපිරි බෝට්ටුව. ඔන්න ඉතින් අපි, ඒ බෝට්ටු රාජයාගේ නැගලා ඇවිත්, ඩෙල්ෆ්ට් ජැටියේදී ගොඩ බැස්සේ මෙන්න මෙහෙමයි. පේනවා නේද පොලිස් රාළහාමි කෙනෙක් බලා ඉන්නවා, කවුද එන්නේ, මොනවද ගෙනෙන්නේ කියලා.
ඔබට ඩෙල්ෆ්ට් දූපතේ ඇවිදින්න ඕනෙනම්, ලංගම බස් එකක් දෙකක් තියනවා. නමුත් ඒවා සෑම ස්ථානයකටම යනවද නැද්ද කියා හොයාගන්න බැරිවුණා. දූපතේ තියන අතුරු පාරවල් වලනම්, බස් එකකට යන්න බැහැ. ඒ නිසා පයින් යන්න වෙනවා. හොඳම දේ, ත්‍රිරෝද රථයක් කුළියට ගැනීම.
ත්‍රිරෝද රථ සෑහෙන ගණනක් තියනවා ජැටියේම. අපි කුළියට ගත්තේ බටුම බටු වෑන් එකක්. හැබැයි අලුත්ම එකක්. මේ තියෙන්නේ බඩුව. නොම්මරයක්වත් නෑ. කවුරු අල්ලයි කියලද? දූපතෙන් එළියට යන්න බැහැනේ. මෙන්න පයිලට් සමග වාහනේ.
හතර දෙනෙකුට තමා පිටිපස්සේ ඉඩ තියෙන්නේ. මේ පයිලට් ඔහු දන්නා ඉංග්‍රීසි සිංහල දෙකම භාවිත කරමින්, අපිට නොයෙක් තැන් විස්තර කළා. සමහර අතුරු පාරවල් වල ඔහු ගිය වේගයට නම්, ටිකක් බය හිතුණා. මේ දූපතේ සංචාරක කටයුතු පිළිබඳව සියලු සංවිධාන කටයුතු කරන්නේ එහි සිටින, ඩේවිඩ් පියතුමා විසින්.
මම හිතන්නේ එතුමා අයිති, එංගලන්ත සභා නිකායට Church of England කියලයි. ඕනෑම වෙලාවක එතුමාට කතාකර, වාහන සහ නවාතැන්, ආහාර, ආදිය සංවිධානය කරගන්න පුළුවන්. මේ ඉන්නේ එතුමා සහ අපේ හාමුදුරුවෝ.
කි.මී. 8 ක් පමණ දිග, කි.මී. 6 ක් පමණ පළල, ඩෙල්ෆ්ට් දූපතේ ජනගහනය 5000 ක් පමණ වෙනවා. ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවෙන් තමයි පරිපාලන කටයුතු සිදුවන්නේ. තරමක් නවීකරණය කළ රෝහලක් මෙහි තිබෙනවා. අති විශාල ජනක යන්ත්‍ර දෙකකින්, මුළු දූපතටම විදුලි බලය පැය 24 පුරා සපයනවා. හොඳ ජාතික පාසලක් තිබෙනවා.
පොලීසිය නම් කුඩා එකක්. මේ සියල්ල එක ළඟින් තිබුණත්, කඩමණ්ඩියක් වගේ තමා පෙනෙන්නේ. ප්‍රදේශයේ සෑම පාරක්ම පාහේ පාළුයි. ඉඳහිට යන බයිසිකලයක් හෝ මෝටර් බයිසිකලයක්, (බොහෝවිට අංක තහඩු සහ හෙල්මට් නැහැ) පයින් ගමන් කරන අය කීප දෙනෙක්, තමා දකින්නට ලැබෙන්නේ.
අපි ගිය දවස්වල සහ ඊට පෙර, උතුරු පළාතටම තද වැසි කාලයක් ඇතිවී තිබුණා. ඒ නිසා, දූපතේ සෑහෙන ප්‍රදේශයක් ජලයෙන් යටවී තිබුණා.
මේ දූපතේ, පැරණි චෛත්‍යයක නටබුන් දකින්නට ලැබෙනවා. නමුත් ඒ පිළිබඳ කිසිදු පුරාවිද්‍යාත්මක විස්තරයක් දැනගන්නට කෙනෙකු හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, මෙවැනි ස්ථානයක සවිකරනු ලබන පුවරුවක්වත්, දකින්නට නැහැ. එවැන්නක් තිබී, විනාශ කර ඇද්දැයි දන්නෙත් නැහැ.
ඩෙල්ෆ්ට් දූපතේ ඉඩම්වල, සීමා මායිම් සකසා තිබෙන්නේ, අමුතුම ක්‍රමයකටයි. ඒ තමා, මේ ප්‍රදේශයෙන් ස්වභාවිකව ලැබෙන හුණුගල්, වැටි ලෙස සකස් කිරීම. අපි කම්බි වැටවල් හදනවා වගේ, මේ අය කරන්නේ, හුණුගල් වැටි බැඳීමයි. මේ බලන්න. සිමෙන්ති වැනි බදාමයක් දමා නැහැ. නිකම්ම එක උඩ එක තබා තියෙන්නේ.
දූපතේ සමහර ප්‍රදේශවල වෙරළේ, මේ හුණුගල් සෑදෙන ආකාරය දකින්නට පුළුවන්. නමුත්, ගල්වැටි බැඳීම සඳහා මේවා ඉවත් කිරීම, මහා පරිසර විනාශයක් ලෙසයි, මා නම් දකින්නේ.
හුණුගල් වැටි බලමින් යන අතරේ, මෙන්න මෙයාවත් මුණගැහුණා.
දූපතේ එක පැත්තක වෙරළ අයිනේ, කෝමාරිකා පවුලේ ශාක ප්‍රජාවක් දකින්නට ලැබුණා.
මේවා බලලා ආපහු හැරෙනකොටම, අම්මා කෙනෙකුයි පොඩි දුවෙකුයි, අපි ළඟට ආවා. ඔවුන් ඉඟියෙන් අපිට කිව්වා, ඔවුන්ගෙන් කොට්ට කෙලෙංගු මිලට ගන්නා ලෙස. ඔවුන් දරිද්‍රතාවයේ පතුළේ සිටින බව, ඉතා පැහැදිළිව පෙනුණා. අපි කොට්ට කෙලෙංගු මිලදීගෙන, ඔවුන් සිහිනෙන්වත් නොසිතූ ලොකු මුදලක් දුන්නා. මේ සුන්දර සිනාව, ඒ වෙනුවෙන් අපට ලැබුන ස්තුතියයි. ඇයට, මේ දූපතෙන් පිට තිබෙන මහා විශාල, (හොඳට වඩා නරකින් පිරි) ලෝකය දකින්නට, වාසනාව ලැබේවා කියා, මා හිතෙන් ප්‍රාර්ථනය කළා.
ඩෙල්ෆ්ට් දූපතට යන සෑම සංචාරකයකුම, විශේෂයෙන් උනන්දුවන්නේ, එහි සිටින වල් අශ්වයන් නැරඹීමටයි. ලන්දේසි පාලන සමයටත් පෙර සිට, මේ වල් අශ්වයන් මෙහි සිටි බවයි දැනගන්නට ලැබුණේ. මොවුන්ගේ ඡායාරූප ගැනීම, මා හිතූ තරම් පහසු වුණේ නැහැ. ඔවුන් නිතරම ඉරියව් වෙනස් කරනවා. ළඟට යන්න බැහැ, ඔවුන් පැන යනවා. මේ පින්තූර ගත්තේ, මගේ කැමරාවේ උපරිම zoom තත්වයෙන්. (30 x digital zoom) මා සතු කැමරා ත්‍රිපාදය ගෙන නොගිය මෝඩකම තේරුණා. මා කළේ, බිම ඉඳගෙන, දණහිස් දෙක මත වැලමිටි දෙක තබාගෙන, 'කැමරා හතර පාදයක්' :D සාදාගැනීමයි. (හතර ගාතයක්)
පරිසර සහ වනසත්ව ඡායාරූපකරණයේ යෙදෙන අයට නම් මේ දූපත පාරාදීසයක් වනු ඇති.
ඔබ, බැඕබැබ් එහෙමත් නැත්නම් බයෝබැබ් යනුවෙන් හඳුන්වන ශාකය ගැන අසා ඇතැයි මා හිතනවා. මෙවැනි විශාල ගසක්, මා මුල් වරට දුටුවේ, මන්නාරම් දූපතේදී. මේ ශාකයේ මව්බිම වන්නේ මැඩගස්කරය කියා, මා අසා තිබෙනවා. ඩෙල්ෆ්ට් දූපතෙත් මේ ගහක් තියනවා. එහි විශාල බෙනයක් තිබෙනවා. මිනිසුන් 20 දෙනෙකුට පමණ, ඒ බෙනය තුළ ඉන්නට පුළුවන්. මමත් නිකං ඉන්නේ නැතුව රිංගුවා ඒක ඇතුළට.
වල් අශ්වයන් බලා එනවිට දකින්නට ලැබුණා, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලන කාල වලදී, අශ්වයන් රඳවා තැබූ ඉස්තාලයක නටබුන්. අද රජයේ වාහන ගාල් කරනවා වගේ, ඒ කාලේ මෙතන අශ්වයන් සෑහෙන ගණනක් රඳවා තබන්නට ඇති.
බ්‍රිතාන්‍ය පාලන සමයේ නටබුන් රැසක්, දූපතේ දකින්නට ලැබෙනවා. ඒ කාලයේ තිබුණ අධිකරණ ශාලාවක නටබුන් අතර, මේ ලාංඡනය දකින්න පුළුවන්. එය එතරම් පැරණි නොවන බව පෙනෙනවා. (ක්‍රි.ව.1905) වසර 115 ක් කියන්නේ, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව එතරම් විශාල අතීතයක් නොවෙයි.
මෙහි දැක්වෙන ER අකුරු දෙක මගින් කියවෙන්නේ, Elisabeth Regina යන්න බවයි, මා දන්නේ. මා වැරදිනම් නිවැරදි කරන්න. මෙහි Regina යන්න Queen යන වචනයට සමාන බව ජාලය පිරික්සීමෙන් දැනගත්තා. නමුත් 1905 කාලයේ බ්‍රිතාන්‍යයේ රජු ලෙස සිටියේ VII වැනි එඩ්වර්ඩ් රජතුමායි.
ඒ කාලේ 'පරෙවි සංදේශ' යැවීම බහුලව සිදුවී තිබෙනවා. සන්නිවේදන කටයුතු සඳහා තිබුන වේගවත්ම ක්‍රමය මෙය වන්නට ඇති. එලෙස, පණිවිඩ ලියන ලද කඩදාසිය කකුලේ බැඳගෙන පියාඹන පරෙවියන්, නිතර දකින්නට ලැබෙන්න ඇති. ඒ පරෙවියන් ඇතිකළ කූඩුවක්, අදත් ඉතිරිව තිබෙනවා.
පැරණි ගොඩනැගිලි අතර, තවමත් ඉතිරිවී තිබෙන එක් ගොඩනැගිල්ලක් වන්නේ, රෝහලයි. මේ රෝහලේ වහලයට සෙවිලි කර ඇති උළු, ක්‍රි.ව. 1865 වර්ෂයට අයත්. නමුත් ඒවායින් බොහොමයක්, අදටත් ඉතා හොඳ තත්වයෙන් තිබෙනවා. උළු කැටයේ ඡායාරූපයේ, මා නැවත දක්වා තිබෙනවා, එහි සඳහන් විස්තර. සමහරවිට 1865 දී ලද පේටන්ට් බලපත්‍රයකට අනුව, ඊට පසු කාලයක හැදුවා වෙන්නත් පුළුවන්. නැත්නම් පේටන්ට් අංකය 1865 වෙන්නත් පුළුවන්.
දූපතේ තවත් දර්ශණීය පෙදෙස් බලන්නට යන්න ගියත්, මෙන්න මෙතනින් අපේ ගමන කෙළවර වුණා. මේ වතුරේ අර බට්ටාට යන්න බැහැ.
අපේ බට්ටා රථය පදවපු මාතලී, අපව රැගෙන ගියා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයකට. මෙහි තිබුණු එක් පොකුණක් පෙන්වා, ඔහු සඳහන් කළේ, එය 'හනුමාන් ගේ පාදය' ලෙස සලකන බවයි. එය කිසියම් පුරාවෘත්තයක් වන්නට ඇති. (දිග පළල මීටර් 1.5 x 0.50 පමණ) දූපතේ වෙනත් කිසිම ස්ථානයක නැති, විවිධ ඖෂධ පැලැටි වර්ග, මේ අවට තිබෙන බවද අපේ මාතලී පෙන්වා දුන්නා. එම කරුණත් වෙනම විමසා බැලිය යුත්තක්.
ඊළඟට අපි ගියේ, දූපතේ තිබෙන පැරණි ලන්දේසි බලකොටුවේ නටබුන් බලන්නටයි. එය බැලීමට නම්, දැනට දූපතේ තිබෙන රෝහලේ, ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවී, රෝහල් කොරිඩෝරයක් දිගේ ඇවිද යා යුතුයි. ඒ සඳහා, සෑම විටම අවසර තිබෙන බවත් දැනගත්තා. මෙන්න ඇතුළුවීම සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ නිළ රථය.
මෙහි සිටින ප්‍රධාන වෛද්‍යවරයා, දිවයිනේ ප්‍රදේශ කීපයක සේවය කර තිබෙනවා. මා ඔහුගෙන් ඇසුවා, මේ ප්‍රදේශයේ බහුළවම දකින්නට ලැබෙන රෝගය කුමක්ද කියා. මා සිහිනෙන්වත් නොසිතූ පිළිතුරක් ලැබුනා. බහුළවම තිබෙන රෝගය, වැඩිහිටි ජනතාව අතර තිබෙන, ආතතිය ලු. යුද්ධය නිසා ඇතිවූ මානසික බිඳ වැටීම, තරුණ ජීවිත විනාශවීම, ඉතිරිව සිටින තරුණ පරපුර, ඉතා සීඝ්‍රයෙන්, දූපත හැර දමා, තම දියුණුව සොයා, යාපනය, වවුනියාව, කොළඹ, වැනි ප්‍රදේශ වලට සහ සමහරවිට විදේශයන් වෙත සංක්‍රමණය වීම, මේ තත්වය ඇතිවීමට හේතු ලෙස දකින බව, ඒ වෛද්‍යවරයා කිව්වා. මේවා ගැඹුරින් සළකා බලා විසඳුම් සෙවිය යුතු ප්‍රශ්න නේද?
ඔන්න පහළින් තියනවා, ඒ බලකොටුවේ පින්තූරයක්. හරි වැඩක් වුණානේ. බලකොටුව බල බලා ඉඳිද්දී, කොටු තාප්පයෙන් කෑල්ලක් කැඩිලා වැටෙන්න හදන බව පෙනුණා. මම වහාම කර ගහලා, ඒක බිම වැටෙන්න නොදී අල්ලගත්තා. ඔන්න මගේ සගයා ගත්ත පින්තූරේ පහළින් දාලා තියනවා, ඒ බව ඔප්පු කරන්න.
මේ දූපතේ ඉතා දර්ශනීය වෙරළ තීරයක් තිබෙනවා. නාලා කහින්න, නාලා බිටන්න, නියම තැන. ප්‍රාදේශීය සභාව විසින්, දැනටමත්, සංචාරකයන් වෙනුවෙන්, යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පවතිනවා. මුහුදේ නෑමෙන් පසු, පිරිසිදු ජලයෙන් නාන්න, කාන්තාවන්ට සහ පිරිමින්ට වෙන වෙනම නාන කාමර, වෙරළ අසළ සැකසෙමින් පවතිනවා. සාමාන්‍ය මට්ටමේ හෝටලයක්ද ඉදිවෙමින් පවතිනවා. සියල්ලටම පළමුව, ප්‍රමුඛත්ව පියවරක් ලෙස, මේ දූපත් සියල්ල යා කරමින්, මාර්ග සෑදිය යුතු බවයි මගෙනම් අදහස.
දැන් ඉතින් ආපහු එන්න වෙලාව හරි. ඩේවිඩ් පියතුමාට ස්තුති කර, මේ පහළ තියන තැනින් කෑම කාලා, අපේ මාතලීටත් කෑම අරන් දීලා, ඔහුගේ ගාස්තුවත් ගෙවලා, ඔහුගේ රථයෙන්ම ඩෙල්ෆ්ට් ජැටියට පැමිණි අපි, ආපහු කීරිකඩ්ඩුවාන් ජැටියට ආවා.
ඊළඟට අපි ගියේ නාගදීපයටයි. ඒ බෝට්ටු ගමනට යන්නේ විනාඩි 20 ක් පමණ. ටිකට් එක රු 20 යි. නමුත්, නාගදීප විහාරස්ථානයට ගිය මට ඇතිවුණේ, ඉතා කලකිරීමක්. එය විහාරස්ථානයකට වඩා හමුදා කඳවුරක පෙණුමකින් යුක්ත වුණා. හැම තැනම තිබෙන්නේ, බැතිමතුන්ට නියෝග දෙන දැන්වීම් පුවරු. අරක කරන්න එපා, මේක කරන්න එපා, ඡායාරූප ගැනීම තහනම්. (ඇයි දෙයියනේ, පූජාව තියන වෙලාවට, දළදා කරඬුවෙත් පින්තූර ගන්න දෙනවා)
ඒ මදිවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ අඩි 8 x 6 ප්‍රමාණයේ, යුද ජයග්‍රහණ කටවුට්, පන්සල පුරාම තියනවා. (දැන්නම් ඒවා ගලවා තිබෙන බව ඊයේ මා සනාථ කරගත්තා. මේ ගමන ගියේ පහුගිය දෙසැම්බරයේ) පන්සල ඇතුළේ, බුදු පිළිම වලට වඩා තියෙන්නේ යුද ජයග්‍රහණ පින්තූර. නමුත් මම, මට අවශ්‍ය පින්තූර ගත්තා. මොකටද ඉතින්........පන්සල අසළ අලුත්ම අලුත් සුදුපාට ප්‍රාඩෝ රථයක් නවතා තිබුණා. එය විහාරාධිපති හිමියන්ගේ නිළ රථයලු. දෙයියනේ මේ අල්ලක් විතර දූපතේ, මේ රථයෙන් කොහේ යන්නද? හුටා, වඩින්නද?
ආපසු ඒම සඳහා නාගදීප ජැටියට එනවිට, මාළු අල්ලන බෝට්ටුවක, මේ නම දැක්කා. බෝට්ටුවේ නම 'අයියප්පන්' ඇත්තටම අපි මේවට හිනාවෙන්න නෙවෙයි ඕනේ. ඒ ද්‍රවිඩ ජනතාවට ස්තුති කරලා, කියා දෙන්න ඕනේ, වඩාත් නිවැරදිව සිංහල ලියන හැටි.
හොඳ ඇම්බියුලන්ස් එකක් දැක්කා. ඔබත් මේ ඇම්බියුලන්ස් එකේ තියන අංකයට කතා කරලා බලන්න, හදිසියකදී ගෙන්වාගන්න පුලුවන්ද කියලා.
සූර්යයා කීරිකඩ්ඩුවාන් ජැටියෙන් සමුගන්න මොහොතේ, අපිත් කීරිකඩ්ඩුවාන් ජැටියට ආයුබෝවන් කියා, ආපහු ගමරට බලා එන්න පිටත් වුණා.
2015 පෙබරවාරි මස 26 වැනි දින 0013 පැය
ඩෙල්ෆ්ට් දූපතේ වැව පිරිලා වාන් දානවා වගෙයි....විචාරකතුමණි මිනිසුන් ඔය ගස හදුන්වන්නේ ආසියාවේ ලොකුම ගහ කියල..ඇත්ත නැත්තනං හොයන්න මහන්සි වුණේ නෑ මං...අවුරුදු එකාමාරක් උන්නට ඕවගෙ තියෙන ඔය වගේ ගොඩක් විස්තර හොයන්න බැරි වුණා....තව මාළු වාඩි දෙක තුනකුත් දැම්මනං කොහොමද....හැක් ඒ කොහොම උනත් මාලු ටිකක් කරවල ටිකක් එහෙම නං ඔතා ගන්ඩ අමතක කරන්ඩ නැතුව ඇති....
ReplyDeleteතෑන්ක්ස් ඒ අතීතයට මාව දොක්කං ගියාට
හෙහ් හෙහ්, වැවකුත් තිබුනානම් මරු. හැබැයි පොඩි පොකුණු වගේ එව්වා තියනවා. ඇත්තටම මමත් අර ගස් වර්ගය ගැන වැඩිදුර විස්තර දන්නේ නැහැ. මාළු වාදී තියන පැත්තට යන්න බැරිවුනේ පාරවල් වතුරට යටවෙලා නිසා.
Deleteස්තුතියි ඇගයීම ගැන.
අදත් යස පොටෝ ටික.
ReplyDeletersx.qjd fkao fnfkalg wka;sfua?
අර මක්කැයි මූණ වහලා? අපි දන්නවා කඳෙන් බඩෙන් කවුද කියාලා...හැක්! :p
fnkhla oelalu fkdrsx.d fldfyduo
Deleteමේ ප්‍රදේශයේ බහුළවම දකින්නට ලැබෙන රෝගය කුමක්ද කියා. මා සිහිනෙන්වත් නොසිතූ පිළිතුරක් ලැබුනා. බහුළවම තිබෙන රෝගය, වැඩිහිටි ජනතාව අතර තිබෙන, ආතතිය ලු. යුද්ධය නිසා ඇතිවූ මානසික බිඳ වැටීම,?????????????????????
ReplyDeleteමේ සම්බන්ධව 1999 වැනි කාලයක සිට අදාල බලධාරීන්ට (වෛද්‍ය බලධාරීන්ට / දේශපාලන බලධාරීන්ට / තීරණ ගත හැකි බලධාරීන්ට ) දැනුම් දුන්නා, වාචිකව කීවා, පුවත් පත් මගින් හෙළි කරා , පොත් මගින් පෙන්වා දුන්නා නමුත් යුද ආතතිය සමනය කිරීමට කිසිදු ක්‍රමානුකූල වැඩසටහනක් දියත් කලේ නැත. ලංකාව හැරදමා එන රාත්‍රියේ යුද ආතතිය පිලිබඳ මා විසින් ලියන ලද පොතක් එක් බලධාරියෙකුට දී හමුදාවේ සහ සිවිල් ජනයා අතර යුද ආතතිය සමනය කිරීමට කටයුතු යොදන්නැයි ආයාචනාවක් ද කරා. නමුත් එදා මා කියූ අණාවැකි සත්‍ය වශයෙන්ම සිදුවනු දකින්නේ දුක සමග කෝපය මිශ්‍ර හැඟීමකින්. මෑතකදී පහත පුවත් පත් වාර්තාව මම කියවූවා. මේ වියසන අපේ සමාජයේ සිදුවිය හැකි බව බොහෝ කාලයකට පෙර පෙන්වා දුන්නා.
ගලෙන්බිඳුණු වැව පඩිකාර මඩුව ප්‍රදේශයේ පදිංචි කල්‍යාණී ස්වර්ණලතා (35) මහත්මිය දරුවන් සමග ජීවත් වීමට මගක් නැතැයි කියමින් ඇයගේ දරුවන් වන විෂ්මිත දෙව්නුවන් (මාස 08) , දෙව්දුනී සප්නා සමදීපනී (අවු 03) හා නෙත්මි අයේෂා සන්දීපනී (අවු 08) යන තිදෙනාද තුරුලුකරගෙන උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රියක් පැමිණෙන තුරු දුම්රිය මාර්ගයේ වාඩි වී සිටියදී ඒ පිළිබඳව අවධානයෙන් සිටි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් සමග එක්වී ඔවුන්ව බේරා ගනු ලැබිය.
මගේ මහත්තයා අවුරුදු 09 ක් යුද්ධ හමුදාවේ සේවය කළා. ඒ දරුණුවට යුද්ධය පැවති කාලේ. ත්‍රස්තවාදී ප්‍රහාරයකින් එයත් එක්ක හිටපු 24 දෙනෙක්ම මැරුනා. එයාට ඒක ලොකු කම්පනයක් වුණා. ඒ කම්පනයෙන්ම මහත්තයා මානසික රෝගියෙක් බවට පත්වුණා. 2003 වසරේදී පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ තීරණයට අනුව ඔහු යුද හමුදාවෙන් ඉවත් කරා. ගණනීය සේවා කාලය අහිමි කරලයි ඔහුව ඉවත් කරේ. මගේ මනුස්සයා රෑට බයවෙලා තාමත් හීනෙන් කෑ ගහනවා. යුද්ධ කරලා හිමිවුණේ දුක විතරයි.
මෙය අපේ සමස්ත පාලන තන්ත්‍රයටම ලැජ්ජාවක්. මේ ගැන වැඩක් කරන්න දන්නා අයත් නොදන්නවා වගේ ඉන්න එකයි වඩාත් ලැජ්ජා සහගත. මා ඉතා කාරුණිකව ඔබෙන් ඉල්ලන්න කැමතියි මේ නව රජය වෙත ඔබේ යෝජනා ඉදිරිපත් කරන ලෙස.
Deleteඩෙල්ෆ් දුපතේ ඇති කඩ සාප්පු වල විකුණන ද්‍රව්‍යය වල.විශේෂයෙන් ආහාර වල ගණන් හිලව් එහෙම කොහොමද? අනික අපිට ඔය දුපතේ නතර වෙලා ඉන්න පුලුවන්ද දවසක් දෙකක්? එහෙම උනොත් නවාතැන් පහසුකම්,ඒවායේ මිල ගණන් ගැන ඔබට දැනීමක් තියෙනවද? ඔහේ මිනිසුන් එහෙම සමකාමිද? මොකද මම කොළඹින් පිට ගිහිල්ලා තියෙන්නේ ගොඩක්ම අඩුවෙන්.
ReplyDeleteඔබට කරදරයක් නොමැති නම් පිළිතුරක් ලබා දෙනවද මට?
පිළිතුරු දීම කිසිම කරදරයක් නොවේ.
Deleteඩෙල්ෆ්ට් දූපතේ කෑම කන්න තියෙන්නේ ඔය හෝටලය විතරයි. හැබැයි එහි පිරිසිදු බව ගැනනම් 100% ක් සහතික වෙන්න බැහැ. ඒ වුනාට රසවත් ෆ්‍රයිඩ් රයිස් කෑවා අපි. මිල රු 150 ක්. වතුර පිටින් ගෙනෙන්නේ. ඒ නිසා අපි වතුර අරන් යනවානම් හොඳයි. කඩ සාප්පු කියා ගොඩක් නැහැ. ඉතා සීමිතයි.
නවාතැන් ගන්නත් තවම හරිහැටි තැනක් නැහැ. නමුත් අර මා දක්වා ඇති දුරකථන අංක වලට කතාකර යම්කිසි පහසුකමක් සලස්වාගන්න පුළුවන්.
මිනිසුන් ඉතා සාමකාමීයි. ඔවුන්ට සංචාරකයන් ඉතා වැදගත්. යමක් විකුණාගන්න පුළුවන් නිසා. අපි ඔවුන්ට හිරිහැරයක් නොවනතාක් කල් ඔවුන් සාමකාමීයි.
අපිත් ඉතින් ගියා වගේ තමයි දැං...දිග වැඩියි කිව්වට තව තිබුන නං කියල හිතුනා.කෑම පිඟානක් එහෙම.. හදිසි ගමන් යෙදෙන ඩෙල්ෆ් වෙදදුරුගෙ නිළ රථයයි නාගදීපෙ ප්‍රාඩෝ එකයි අපට මොකක් හරි කතාවක් කියනවා නේද විචරක තුමෝ?
ReplyDelete'විචාරක සංචාරකයෝ' වෙතින් මීළඟට..???
මම හිතුවේ මේ මාගල් කියවන්න අපිට බෑ කියලා සමහර අය කියයි කියලා. කෑම කන ගමන් බලන්න මරු ලිපිය නේ?
Deleteඅනේ මන්දා. ඩෙල්ෆ්ට් රෝහල නම් ඉක්මනින් වැඩි දියුණු කල යුතුයි. නාගදීප විහාරය හමුදා කඳවුරක ස්වරූපයේ සිට බෞද්ධ සිද්ධස්ථානයක ස්වරූපය දක්වා වහාම වෙනස් කල යුතුයි.
තව සංචාර තුනක විස්තර ඉස්සරහට ලියන්න තියනවා.
විචාරක තුමාට මතකද ඉස්සර හේම නලින් කරපු 9.05, දැං දෙරණෙ චතුර ත් ට්‍රයි කරනවා.. වගේ සංචාරක සටහන් ආශ්‍රිත වැඩසටහන්.. හරිම ආසාවෙන් බැලුවෙ... මේ සටහන් ගොන්නත් ඒ වගේම අපේ මතකයේ රැඳේවි.. ඉක්මනටම දෙන්න... අපි කියවන්න බලාගෙන ඉන්නෙ.. :)
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteමොකද මේ හතර වරක් චක්කරේ ගහලා.
Deleteමම ඒ කාලේ වරද්දන්නෙ නැතුව බලපු වැඩසටහනක් 9.05. අදත් HTV නාලිකාවේ නලීන් කරන වැඩසටහන් හරිම රසවත්.
අනික් සංචාරක සටහන් ඉක්මනින් දෙන්නම්.
අඩ්ඩඩ්ඩා.... හතරේ පාරක් වැදිලා... වරදක් කළත්.. සිතකින් නොවේ..ඔන්න මැකුවා
Deleteඇත්තටම බං විචෝ.. මේක මරු සංචාරක සටහනක්.. කොටස් තුනම ආසාවෙන් කියෙව්වා බැලුවා.. බෝම පින්.. මොකද මධ්‍යස්ථ අදහස් නෙව කියල තියෙන්නේ
ReplyDeleteලියන්න පුළුවන් අන්තිම කෙටියෙන් ලිව්වේ. තව සංචාර තුන විස්තර තියනවා. ඉදිරියේදී ලියන්නම්.
Deleteසුභ උපන්දිනයක් වේවා විචා මාමණ්ඩියෙනි...
Deleteසුපැතුම දේශක පුතාගෙන්...
අපේ හාංදුරුවන්ට තියෙන උණක් නෙව ඔය ප්‍රාඩෝ අනං මනං... ඒක අර ඩෙල්ෆ්ට් වල ඉන්න දොස්තර උන්නහෙට වත් දුන්න නං මක්ක වෙනවද අඩුගානෙ මිනිහ ලෙඩ්ඩු ටිකක් වත් අදියි
ReplyDeleteඒ දොස්තර මහත්තයවත් නරක්වෙන වැඩක් ඒ...ඒ මනුස්සයා වැඩේට අවශ්‍ය වාහනේ ඔය එලවන්නේ.
Deleteමමත් දැක්කා ඔය ආවාසේ ඇතුලේ තිබිච්ච පොටො සෙට් එක..මම හිතුවේ ඔෆිසර්ස් මෙස් එක කියලා...හාමුදුරුවොත් සෑහෙන බැටකාපු මූනක් තියෙන කෙනෙක් වගේ ඒ පොටො වල පෙනුනේ...යුද්ධෙ කාලේ එහෙ වෙන්ටෑ ඉන්න ඇත්තේ..
සුදු ප්‍රාඩෝ එකේ නොම්මර තහඩු තිබුනේත් නැහැ මම යනකොට ගිය අගෝස්තුවේ...
ගරාජ් එකෙන් එලියට දාලා ආපහු ඇතුල්ට දාන්න විතරයි නේද ඉඩ තියෙන්නෙ ඔය දූපතේ අර අල්ලපු වත්තේ තියෙන කෝවිලට යන්නෙ නැත්තං ?
@ මහේෂ් - හාමුදුරු ගොල්ලන්ට උණ හදවන්නේ දේශපාලුවෝයි සල්ලි කාරයොයි. ඩෙල්ෆ්ට් වල ඉන්න දොස්තරගේ සේවය ඉතා අගනා සේවයක්.
Delete@ චෙෆාකි - හරියටම හරි. මටත් එකපාරටම මතක් වුනේ අපේ ඔෆිසර්ස් මෙස් එකක්. අනේ මං දන්නෑ මේ හාමුදුරුවරු හාමුදුරුවරු ලෙසත්, පන්සල් පන්සල් ලෙසත් ආපහු දකින්න, අපේ ජීවිත කාලය තුළ පුළුවන් වෙයිද කියලා.
ප්‍රාඩෝ එකේ එන්ජිම ගලවලා බෝට්ටුවකට හයිකරානම් වැඩක් වෙනවා.
කෝවිල නම් කෝවිලක ස්වරූපයෙන් තියනවා. නමුත් කෝ බුදුහාමුදුරුවන් පෙන්වා දුන් අල්පේච්ඡතාව පන්සලේ නැහැනේ.
ER = Eduardus Rex. ඒ කියන්නෙ ලතින්වලින් King Edward.
ReplyDeleteElizabeth Regina කියන්නේ ලතින් වලින් Queen Elizabeth ට නේද?
Deleteඔවු. ලතින්වලින් rex = king, regina = queen
Deleteඅපේ යටත්විජිත කාලෙ VR (Victoria Regina), ER (Edward VII, VIII), GR (George V, VI)
"ජෝර්ජ් මහරජා ගුණ සිහිකරමු අපි සොඳා........" :-D
@ Buratheno - බොහොම ස්තුතියි මේ කරුණු පැහැදිලි කිරීමට. මම විකියේත් බැලුවා අහු වුනේ නැහැ.
Deleteඅපේ අයියා ඉස්කෝලේ ගිහින් තියෙන්නේ රජයේ පාසල්වල ජෝජ් මහා රජා කවිය කියපු කාලේ.
Rejina කියන වචනයෙන්ද දන්නේ නෑ රැජින කියන වචනය හැදුනේ.
නියම විස්තරයක් විචා. අර කිවුව වගේ කෑම පිඟානක ෆොටෝවක් සහ ඔය හෝටලේ තත්වෙ සහ ගණං හිලවු ටිකකුත් එකතු කලානං වටිනව.
ReplyDeleteප්‍රාඩෝ සහ අලි කියන්නෙ ඉතිං ඔය පන්සල්වලට අත්‍යවශ්‍යම දෙයක් කියලනෙ හිතන්නෙ.
හතරගාතෙන් හරි අරන් තියෙන අර වල් අශ්වයන‍්ගෙ ෆොටෝ ටික ලස්සනයි.
කෑම පිඟාන කොත ගහලා දුන්නා. ෆ්‍රයිඩ් රයිස් එකක් 150 යි. රසට තිබුනා.
Deleteඅනේ මන්දා නාගදීප විහාරය වහාම පන්සලක් කලයුතුයි. දැන් තියෙන්නේ පන්සල් කෑම්ප් එකක්. ප්‍රාඩෝ සහ අලි මානසිකත්වය හාමුදුරු වරුන්ගේ ඔලුවට වැදුන හෙනයක්.
ස්තුතියි පින්තූර ඇගයීම ගැන.
යාපනේ ඇල්ලුවයින් පස්සේ අපේ සෙට් එකක් ඔය දූපතේ තිබුන කෑම්ප් එකේ රැයක් ගතකලා.. එදා කාපු තරම් විශාල ඉස්සෝ කකුළුවෝ මම ජීවිතේට දැකලා තිබුනේ නෑ.. මම දන්නේ නෑ ඒවා මේ දූපත කිට්ටුවෙන් අල්ලපුවද යාපනෙ කළපුවෙන් අල්ලපුවද කියලා.. අපිත් ඔය කියන හැම තැනම ගියා.. ඔය දූපත් වැසියොයි.. සිරි ලංකාවේ දූපත් වැසියොයි අතර මහා ළොකු වෙනසක් නෑ.. බහුතරයක් ළෝකය මොකක්ද කියලා දන්නේ නෑ.. දන්න එකා ඔතනින් පනිනවා..
ReplyDeleteඔය වගේම ලස්සන් දූපත් සෙට් එකක් තමයි මන්නාරම පැත්තෙත් තියෙන්නේ.. ඇත්තටම ඔය ඉනිස්සුන්ට හොඳ ගනනක් ගෙවලා.. මාලදිවයිනේ වගේ සුපිරි හෝටල් හැදුවා නම් සංචාරකයෝ එයි කන පැලෙන්න.. මන්නාරම පැත්තේ දූපත් වල නම් වැඩේ යනවා...
කියලා වැඩක් නෑ මාතේ. මමත් හිතෙන් මවාගත්තා අර බීච් එකේ රෑට ගිනිමැලයක් ගහගෙන ඉස්සෝ කකුළුවෝ ටිකක් එක්ක යමක් කරන්න තිබුනානම් කොහොමද කියලා.
Deleteමම උඹත් එක්ක 200% ක් එකඟයි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමෙන් මේ දූපත්වල මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉතා ඉහලට ගන්න පුළුවන්. 'සගිස්කුරුතේ' 'සබ්බියත්තේ' විනාශ නොවෙන්න කරන්න පුළුවන්. නමුත් එවැනි දේ පටන් ගන්න කලින්, අරවා විතර බදාගත්ත සාම්ප්‍රදායික අම්බරුවන්ගේ කර අඹලා ඉන්න වෙනවා මුලින්ම.
ශා නියම ගමන. අපිත් ගියා යාලුවෝ ටිකක් එක්ක විල්පත්තුවේ සවාරියක්. මේ තියෙන්නේ ඒකෙ පින්තුර ටිකක්.
ReplyDeleteපින්තුර ටික මෙතනින්.
බොහොම ස්තුතියි. ඔබේ පින්තූර ටිකත් බැලුවා. ත්‍රාසය සහ විනෝදය මුසු අත්දැකීම් රැසක් ලැබී ඇති බව ඒ පින්තූර වලින් පෙනෙනවා.
Deleteඅර මූණ අප්සෙට් පොර මොකක්ද ර කියන්නේ ගල් දෙබොක්කා අස්සේ රිංගලා , ගල් කරගහගෙන , ගල් පේන්න බැනේ.. අර 123 ට ඕවා අයිති නැතුව ඇති මං හිතන්නේ :P
ReplyDelete123 ට අයිති ලැයිස්තුව පෝස්ට් එකක් හැටියට දාන්න කියලත් හිතෙනවා. කමක් නැහැ නේද?
Deleteගල් බෝතල් වුනත් පෙන්නන්න බැහැ.
අපෝ මේ බකමුනා මෙච්චර චෝයි අපේ විචා මාමණ්ඩියට කියන කථා....... එන්න එපා මාමාට ගල්කාරයා කියන්න
Deleteඅන්න අන්න මැලේ උඹ විතරයි දන්නේ මම ඔය ගල් වලට නෑ කියලා.
Deleteදහ දොලොස් පාරක් විතර ගොඩ බැහැල තිබ්බට කවදාවත් මෙහෙම විපරමෙන් බලල නෑ.. මට අහුනොවුනු දේවල් අනන්තයි.. දැන් හිතෙනව ආයි ගිහින් එන්න. බොහෝම ස්තූතියි විචාරක තුමා..
ReplyDeleteඅපි යමුද අපේ පාප මිත්‍රයෝ සැට් එකක් එකතුකරගෙන? ඔයාගේ යාළුවො ඇති ඒ කඳවුරු වල.
Deleteහොඳ අදහසක්.. මේ දවස් වල යනවනම් ඕ.අයි.සී. (එස්.බී.එස්) ඉන්නේ මගේ හොඳ ගෝලයෙක්.. අර ඉස්සො දැල්ලො සිහිනේ බොහොම පහසුවෙං ගොඩ දා ගන්නත් පුළුවන්..
Deleteබ්‍රිතාන්‍ය පාලන යුගයේ ඩෙල්ෆ්ට් දුපතේ අශ්වයන් බෝකිරීමේ කටයුතු කල අයර්ලන්ත වැසි ලුතිනන් නෝලාන් ගේ ගල්වැටි වලින් සීමා මායිම් කිරීමේ ක්‍රමය තමයි තවමත් පවතිනවා ඇත්තේ.
ReplyDeleteඔබ මීට පෙර මේ අඩවියට පැමිණි බවක් මතක නැහැ. ඉතා ආදරයෙන් පිළිගන්නා අතර දිගටම එන ලෙස ඇරයුම් කරනවා.
Deleteමේ දූපතේ ඇති ගල් වැටි ගැන මා නොදන්නා කරුණු දැනුවත් කිරීම පිළිබඳව බොහොම ස්තුතියි. ඒ ගැන තවත් විස්තර ලබාගතහැකි ලින්ක්ස් තියනවා නම් දාන්න. නැත්නම් ඔබම කමෙන්ට් එකක් හැටියට ලියන්න.
විචාරක මහත්මයා.. මා මේ තොරතුරු ලබාගත්තේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ගුරුවරයෙකු ලෙස සේවය කල W.T කීබල් මහතාගේ Ceylon Beaten Track පොතේ සිංහල පරිවර්තනය වන ප්‍රේමචන්ද්‍ර අල්විස් ගේ "පුරුදු පාර" පොතෙනි.ලුතිනන් නොලාන් බ්‍රිතාන්‍ය පාලන සමයේ මුල් කාලයේ ඩෙල්ෆ්ට් දුපතේ පාලනය වෙනුවෙන් පත්කරනු ලබන අතර ඒ කාලයේ ඔහු විසින් රජයට අවැසි අසුන් සහ පෝනින් බෝකරනු ලබයි ඒ අතරේම ඔහු බැටළුවන් ඇති කල බවද වාර්තා වේ.අයර්ලන්තයේ වැට මායිම් සඳහා ගල්වැටි යොදාගත් ලෙසට ඩෙල්ෆ්ට් දුපතේද ගල් වැටි යොදන්නට මුල පුරන්නේද ඔහු විසිනි.එසේම ඔහුට දාව දුපතේ කාන්තාවන්ට බොහෝ දරුවන් ලැබුන බවද සඳහන් වේ.පොතේ කතුවරයා දුපතේ සංචාරය කරන 1938 දී පමණද නිල් ඇස් ඇති මිනිසුන් දුටු බව කියයි.ලුතිනන් නෝලාන් 1824 දී විශ්‍රාම ගනී.
Deleteමේ පොත අදටත් වෙළඳපොලේ තියනවාද? පිටපතක් හොයාගන්න ක්‍රමයක් කියාදෙන්න පුලුවන්ද?
Deleteමේ පොතේ සිංහල පරිවර්තනය 2000 වසරෙන් පසු එලි දැක්වූ වූ එකක්.මෙය සූරිය ප්‍රකාශනයක්.පොත් හල් වල ඇති.
Deleteදිග කමෙන්ට් එහෙකට පසුව එන්නං. අර ගහේ බෙනේ නිකන් අහවල් එකක් වගේ නේද?
ReplyDelete//අර ගහේ බෙනේ// +++++++ මං හිතුවා මං විතරයි එහෙම දැක්කේ කියලා :p
Deleteවිස්සකට තිහකට එකපාර රිංගන්න පුලුවන් එකයි සිවුරු ඇඳන් හාමුදුරුවරු රිංගන එකයි තමයි අවුල..
@ ඉන්දික - ඔන්න බලමුකෝ ඒකෙත් හැටි. කවුරුහරි හිතා මතා ඒ හැඩේට හැදුවද දන්නේ නෑ බෙනේ. :D
Delete@ කල්‍යාණ - හාපෝ....බෙනයක් තියෙන්නේ කොහෙද කියලා බල බලා තමයි ඉන්නේ නේද?
හරිම වටිනවා. ඔබතුමාට ගොඩක් ස්තුතියි
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට
Deleteමේ ඔය කලිසම ටිකක් පාත් කරල අදින්ඩ බැරිද , වස කැතයි අප්පා
ReplyDeleteහාහ් හා....................මට තේරුනා මේ මෑතක ඉඳලා උඹ මගේ කලිසම පාත් කරන්න හදන්නේ මොකටද කියලා. එව්වා සුම්මා.
Deleteබොට තියෙන්නෙ විචාගෙ බඩ අඩුකරගන්න ක්‍රමයක් කියල දෙන එක. එතකොට කලිසම නිකංම පාත් වෙනව.
Deleteපිස්සුද ප්‍රසා.. විචාරක ඔය බීලා බීලා අමාරුවෙන් හදාගෙන තියෙන බඩ... හි හි ...
Deleteබීලා විතරක් නෙවි කෞෂි අධි පෝෂණය නිසා. :e
Deleteමගෙ පියතුමා කොහෙ හරි යන්න එලියට බහින කොට මමත් කරන්නෙ කලිසම පොඩ්ඩක් පාත් කරගන්න කියලා උද්ඝෝෂනය කරන එක.තඩි බඩ මැදටම ඇඳලා .. වස කැතයි... :P
Deleteඔතන ප්‍රශ්නේ මෙන්න මකයි. හමුදා පුහුණුවේදී කියනවා තමන්ගේ ඉන පටිය පොළොවට සමාන්තරව සිටින සේ අඳින්න ඕනේ කියලා. ඒ පුරුද්ද කාලයක් ගියාම අත්හැරෙන්නේ නැහැ. දැන් මම බොහෝ වෙලාවට අඳින්නේ කලිසමට උඩින් දාන කමිසයක්.
Deleteවැදගත් ලිපියක්.
ReplyDeleteකොහොම හරි ගිහින් බලන්න වටිනවා.
Deleteඊළග පාර ඔය පැත්තෙ යන්නෝනෙ.. කොහෙද... ඔය ගමනට නඩේ ගුරා කරගන්න වෙන්නෙ අපේ අති පණ්ඩිත අජා මාම... ඒ ඇරෙන්න නං අවුලක් නෑ...
ReplyDeleteඅජා මාමා බැරිනම් මහින්ද මාමා එක්ක හරි කමක් නෑ යන්න. හරිම ලස්සන පරිසරයක්.
Deleteමෙයාගේ විස්තර කොච්චර ලස්සණද කීවොත් ට්‍රිප් යනකොට අඬගහගෙන යන්ට හිතෙනවා... :P
ReplyDeleteහෙහ් හෙහ් මොනවද ඉතින් ඔය Red Label, Black Label, Teachers වගේ ඉන්ධන ටිකක් විතරයි වැය වෙන්නේ මාව එක්ක යනවානම්.
Deleteපරණ කොටස් නම් කියවන්න බැරි වුණා. ඒත් මේක ඩෙල්ෆ්ට් ගැන වෙනම තියෙන නිසා ප්‍රශ්නයක් නෑ,, මටත් ආස හිතුණා යන්න. ලංකාවේ මං ට්‍රිප් ගිහින් තියෙන්නේ හරිම සුළු තැන් කීපයකට විතරයි ඒ ගැන දුක් වෙනවා. ඩෙල්ෆට් දුපතේ ජන සංයුතිය ප්‍රතිශතයක් විදියට කෝමද ? සිංහල පවුල් දෙමළ ඒ වගේ, හාන්දුරුවන්ට ප්‍රාඩෝ එක ගේන්න අත්තේ මුදෙන් නේද :e ,නියමයි හනුමාන් පාදය තියෙන පොකුණට කෝටු කෑල්ලක් ඔබලා බැලුවේ නැද්ද ජඹුර
ReplyDeleteආපහු ලංකාවට ආවම නොවරදවාම යන්න. ඩෙල්ෆ්ට් වල ඉන්නේ ද්‍රවිඩ ජනතාව පමණයි. හාමුදුවන්ගේ ප්‍රාඩෝ එක විතරක් නෙවෙයි හැම දෙයක්ම ප්‍රවාහනය කරන්නේ මුහුදෙන්. හනුමාන් පාදයේ ගැඹුර අඩියක් විත ඇති.
Deleteමේ වටිනා සේයා රූ වලට යෙදූ සටහන්වලින් ඉතාම සංවේදී මනුෂ්‍යයකු ඔබතුමා තුළ සැඟවී ඇති අන්දම මනාව පෙනෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි ගුණසිංහ මහතාණෙනි
Deleteමේ අශ්වයන් ගේ ගත්ත පින්තුර හරි ලස්සනයි. හොඳ චාරිකා විස්තරය. පුලුවන්වුනෝත් යන්න ඕනේ.
ReplyDeleteඇගයීම ගැන ස්තුතියි. ඇත්තටම මට මි.මී. 200 පමණ zoom ලෙන්ස් එකක් සහිත කැමරාවක් තිබුණානම්, මීට වඩා ලස්සන පින්තූර ගන්න තිබුනා.
Deleteනොවරදවාම ගිහින් බැලිය යුතු තැනක්.