පින්තූරේ
දැක්කගමන් හිතාගන්න පුළුවන් නේද? ඔව් ඔව්, එව්වා කතාවක් තමා. ඇයි අර, අරයට
හොඳනම්, එතකොට අර, මෙයා, ඔව් ඔව්, අන්න එයාට හොඳනම්, අර.....මේ මේ, අනික්
එක්කෙනාට හොඳනම්, මමත් එකක් ලිව්වම මොකද එව්වා ගැන? ඔව්වට කොහෙද අනේ වයස
බලපාන්නේ. මොකද මේ සිද්ධිය වුණේ වයස නිසාම නෙවෙයිනේ. මගේ තියන කම්මැලිකමයි
නොසැළකිල්ලයි නිසා. බලන්ඩකො මේ පින්තූරේ ඉන්න හැන්ඩියා, මම වගේම කොල්ලෙක්
නෙවෙයිද කියලා.
මේ සිද්ධිය සම්පූර්ණ ඇත්තක් බව ලැජ්ජාවේ තන්තෝසේ බැරුව දිවුරා පොරකාස කොරමි. සිද්ධියේදී කියවෙන අසල්වාසීන්ගේ නම් ද, ඇත්ත එව්වාය.
මෙහෙමයි කටන්තරේ. අපේ උන්දෑ ආවා, මම බොගක් කොට කොටා ඉන්නකොට, ගොම්පීටර් එක ළඟට.
'මේ අනේ ඔය මගුල වහලා ලැස්ති වෙන්ඩකො පොළට යන්ඩ. මම උදේ කීයටද කිව්වේ
පොළට යං කියලා. බලන්ඩකො ඔයා ඕකේ ඉඳගත්තම මෙලෝ සිහියක් නෑ නේ. මේ බලන්ඩ තේ
එක. දැන් ඇල්වතුර වෙලා'
මම:-
'හෝව් හෝව්.......... පොඩ්ඩක් ඉන්ඩකෝ බෙලිකටු මල්ල පොළොවේ ගහන්නැතුව, ඔයා
ලෑස්තිනම් මම තත්පර දහයෙන් ලෑස්තියි'. (හුටා, මෙතන තේ එකක් තියලා ගිහින්
තියනවා මම දැක්කේ නැහැනේ)
එයා:-
'ලැස්ති තමයි. දැන් බලන්ඩ, පොළට හැතැම්මක් දුරින් තමා කාර් එක නවත්තන්ඩ
වෙන්නේ, බඩුත් උස්සගෙන ත්‍රී වීල් එකකින් තමා කාර් එක ළඟට යන්ඩ වෙන්නේ'
(අම්මපා
කුරුණෑගල පොළ තියන දවසට කාර් එකක් නවත්තන්න තැනක් හෙවීම, නියම ගාණට එළවළු
කිරන වෙළෙන්දෙක් හොයනවාටත් වඩා අමාරුය. පොළේ කාර් පාක් එකට රිංගන්න ගියාම,
ආපහු කාර් එක එළියට ගන්න ගියාම, සංසාරේ එපා වෙනවාය)
මම:- 'හරි හරි, මම මේ ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එක හොඳයි. කලිසමයි සෙරෙප්පු දෙකයි දාගන්න විතරයි තියෙන්නේ'
(හුහ්,
මම ආමි කාරයෙක් කියලා අපේ උන්දැට අමතක වෙලා වගේ. ඒකාලේ පුහුණු උපදේශකලා,
සීනියර්ස්ලා 'කිට් චේන්ජිංග්' දුන්නම, මේ පුතයා පට් පට් ගාලා ඇඳුම් මාරු
කරලා පෙන්නන්නේ. පුහ්....... අනේ අනේ.... එව්වා කොරපු මට, මෙව්වත් වැඩද.
තප්පර දෙකෙන් ඇඳගන්නංකො කලිසම ඔලුවෙන්)
හරි, දැන් ඇඳගෙන ඉන්න ෂෝර්ට් එක බොහොම පුංචි එකක් නිසා, ඒකට උඩින් කලිසම අඳිනවා. ඒක පහසුයි.
'කවුරු දකින්නද කවුරු බලන්නද - දැන් මොකවත් නැත්තේ, ඒ... ඒ..., දැන් මොකවත් නැත්තේ' (තිබුණත් වැඩක් නැතේ)
ඔන්න ඉතිං පොළට ගියා කියමුකො. අම්මපා මගේ ග්‍රහචාරේ කියන්නේ...... පොළ ළඟට
යනකොටම, එතන නවත්තලා තිබුණ කාර් එකක් අහකට ගත්තා. 'බුග්' ගාලා මම එතනට
කාර් එක ඔබාගත්තා. හප්පොච්චියෙ, සියලු දෙවි දේවතාවුන්නේ පිහිටයි.
හරි, 'යමුකො බබී යමුකො බබී එළවළු ගන්ටා - අර දකුණු කකුල පෙරට තියා පං පං ගාලා'
හපොයි, අපේ උන්දෑ බණ්ඩක්කා 250 ක් ගන්ඩත්, විසිපස් පොළකටවත් යනවා. අනේ
අම්මේ.......... ඒ වෙලාවට මගේ ඉවසීමේ කටුව ගැහෙනවා. මොනවා කොරන්ඩද.
ඔන්න පොළේ ටිකක් දුර ඇවිදිනකොට, මට අමුත්තක් දැනෙන්ඩ පටන්ගත්තා. මට
දැනෙන්නේ, යටට ඇඳගෙන ඉන්න ෂෝට් එකේ, සාක්කුවක තියන රෙදිකෑල්ලක්, (නිකම්
ලේන්සුවක් වගේ එකක්) සාකුව හිල්වෙලා ද කොහෙද එලියට ඇවිත්, කකුල් දෙක අතරේ,
(හරියටම දෙපරැන්ද මැද්දේ) එහාට මෙහාට ඇඹරෙනවා වගේ. මොකද්ද බොල මේ
හුටප්පරේ?..........ම්හු..හිතාගන්ඩ බැහැ. හරි හරි ලේන්සුව වෙන්ඩ ඇති.
කලිසමේ කකුල දිගේ පහළටම ගිහින් බිමට වැටෙන්නේ නැතෑ. එතකොට ඇහිඳගන්නවා.
කියලා හිතාගත්තා.
තව ටිකක් පොලේ ඇවිදිනකොට මට දැනෙනවා අර රෙදි කෑල්ල හිතුවට වඩා ටිකක්
ලොකුයි කියලා. ඒ වගේම දැන් කලිසම් කකුල දිගේ පහළට බැහීම ආරම්බ කොරලා කියලා.
දණිස්ස දිහාට කිට්ටුයි. මම කලිසම් කකුලේ පිට පැත්තෙන් අතගාලා බැලුවා.
හී............හ්, යකෝ, මේ මං අඳින ලාග්ගෙක් නේද? මේ #%^*@ මෙතනට ආවේ
කොහොමද? ඇයි හත්දෙයියනේ දැන් මං මොකෑ කරන්නේ? මගේ නහය උඩට දාඩිය බින්දු
හතක් දාලා. ඇඟ සීතල වෙලා. ඇයි යකෝ, පොළේ ඇවිදිද්දි මේක කලිසම් කකුලෙන්
එළියට ආවනම්? කොයි දෙයිහාමුදුරුවන්ට කියන්නද? මුළු පොළම මාව වටකරගන්නවනේ,
'මෙන්නෝ... මැජික් කාරයෙක් ඇවිල්ලා, මෙන්න බලපල්ලා, කලිසම අස්සෙන් ලාග්ගෝ
අල්ලලා පෙන්නනවා' කියලා.
අපේ උන්දැ මේ ගැන හාන්කවිසියක් දන්නේ නැතුව ඉස්සරහට ඇවිදගෙන යනවා. මම එක
අතකින්, කලිසම් කකුලේ, අර ලාග්ගා රැඳිලා තියන තැනින් අල්ලගෙන, (පොලීසියෙන්
දැක්කනම් කුඩු විකුණන එකෙක් කියලා අල්ලගන්නවා) අමුතුම ආකාරයේ ගමනකින්,
යන්තම් අපේ උන්දැ ළඟට කිට්ටු වෙලා කිව්වා, 'මේ, පොඩ්ඩක් ඉන්ඩ. මට පොඩි
ප්‍රශ්නයක්' කියලා. 'ඇයි ඊයේ රෑ බීපුවා තවම දැනෙනවද? අන්න අර පැත්තේ තැඹිලි
තියනවා' කිව්වේ නැතෑ.
'ඒ මගුලක් නෙවෙයි.. මම කණට කරලා කිව්වා, වෙලා තියන අබග්ගේ.
අනේ...........ඒ වෙලාවේ උන්දැගේ මූණේ ස්වරූපය, වචන වලින් කියන්න බැහැ. ඇඳලා
පෙන්නන්න වටිනවා.
'දෙයියනේ..........කොහොම හරි යන්ඩ. ඉක්මනට කාරෙකට ගිහින් ගලවලා දාලා එන්ඩ' උන්දැ කියපි.
'හරි හරි, මමත් හිතුවේ ඒක තමයි. නමුත් මේක අතින් ලිස්සුවොත් තමා වැඩේ. කාර් එකට දුර මීටර් 250 ක් විතර තියනවා'
ඔහොම කියාගෙන මම මොකද්ද වෙච්ච මොකෙක්ද එකා වගේ, කාර් එක බලා පිටත්වුණා.
හුටා.................දේවිකා, මගේ මූණටම එනවා. දේවිකා කියන්නේ අපේ අසල්වැසි
කාන්තාවක්. තිදරු මවක්, පෞද්ගලික අංශයේ බැංකුවක, විධායක ශ්‍රේණියේ
නිළධාරිණියක්. මට එයාගේ පියාට වගේ සළකන්නේ.
'අංකල්, ඇයි මොකද අංකල්ට සනීප නැද්ද? මොකද වුනේ? කෝ ආන්ටි? 'අම්මෝ.......
ප්‍රශ්න කෝටියයි. හෙහ්, අපි වගේ යුද්ධෝපක්‍රම, මූලෝපාය න්‍යාය, 'බැටල්
ටැට්ටිස්' ද මොකද්ද එව්වා දන්න එව්වො, එහෙම ලේසියෙන් ඔය පුරස්න වලට
අහුවෙන්නේ නෑ.
'නෑ නෑ දේවිකා, මේ මගේ කකුලේ දණහිස හරියේ දාලා තිබුණ, ක්‍රේප් බැන්ඩේජ් එක
ගැලවෙලා. මම මේ ඒක වැටෙන්න නොදී අල්ලගෙන, කාර් එක ළඟට යනවා, කාර් එකේදි
ගලවලා දාන්න'
'ඉන්න අංකල්, මමත් එන්නම් එහෙනම්' (අයියෝ සාලවනේ......මේ මොකද වෙන්ඩ
යන්නේ? කාර් එක ලඟට ගිහිං, දේවිකා දැක්කනම්, මගේ XXXXXXXL සයිස් ක්‍රේප්
බැන්ඩේජ් එක, එයා කලන්තේ දාලා වැටෙනවා) ' නෑ නෑ දේවිකා, මට පුළුවන් ළමයෝ,
ඔයා යන්න එළවළු ගන්න'
'හරි අංකල් මම දිනේෂ්ට (දේවිකාගේ මහත්තයා) කියන්නම්, එයා අපේ කාරෙක ළඟ ඉන්නවා'
'අනේ බොරුවට එයාට කරදර කරන්න එපා ළමයෝ' කියාගෙන මම කාරෙක ළඟට කියා. කාලා
වරෙන්කො. දිනේෂ් ඉන්නවා අපේ කාරෙක ළඟ. දේවිකා කෝල් එකක් දාලා කියන්න ඇති.
'අංකල් දේවිකා කිව්වා අංකල්ට මොකක්ද ප්‍රශ්නයක් කියලා, මම මේ ඒකයි බලන්න
අවේ' දැන් ඉතිං ගැලවීමක් නැහැ. මේකා කීයටවත් මාව දාලා යන්නේ නැහැ. ක්‍රේප්
බැන්ඩේජ් කතාව කිව්ව ගමන්, 'ඉන්න මං උදව් කරන්නම්' කිව්වා. කලිසම් කකුලේ,
අල්ලාගෙන ඉන්න තැනින් අතහැරුනොත්, ලාග්ගා එලියට එනවා. හරි වෙන කොරන්ඩ දෙයක්
නැහැ. දුන්නා කාරෙකේ යතුර දිනේෂ්ට. 'ඇරපන්කො කාරෙක' කිව්වා. මම නැග්ගා
කාරෙකට. දිනේෂ් මම කියන්නත් කලින්, පටස් ගාලා කාරෙකට නැග්ගා. දැන් මට උදව්
කරන්නයි හදන්නේ. 'ඔහොම බලාගෙන හිටපන්' මම කිව්වා. ඇදලා ගත්තා ලාග්ගා එලියට.
අරූ මුළු කුරුණෑගලටම ඇහෙන්න හූ කියා කියා හිනාවෙනවා. 'තෝ මෙතන ඇති තරම්
හිනාවෙය. කාටහරි කියලා තිබුණොත්, තෝ මරනවා' මම කිව්වා. අනේ හවස් වෙනකොට
ජගත්, අමිත්, අමරකෝන්, ධර්මසිරි, වගේ අපේ අසල්වාසී භවතුන්ගෙන්, පෝලිමේ කෝල්
එනවා. 'සර්, අංකල්, මහත්තයා, අර ජාතියේ ක්‍රේප් බැන්ඩේජ් තියන තැනක්
අපිටත් කියන්ඩකො' කියලා. ඉවරයි නේද සායම? නෑ නෑ, ඔව්වා දවසෙන් දෙකෙන් අමතක
වෙනවා. හැබැයි පොඩි සාදයක් පැවැත්වෙන වෙලාවක ආයෙත් එළියට එනවා.
මෙන්න මේකයි වෙලා තියෙන්නේ. මම කොට කලිසමට උඩින් ඇන්ද දිග කලිසමේ,
දෙපරැන්ද තියන තැන, කලින් ඇඳපු ලාග්ගෙක් තිබිලා. හොයන්නේ බලන්නේ නැතුව, මම ඒ
කලිසම ඇඳගෙන ගියා. ඒකෙ ප්‍රතිඵලය තමයි ලැබුණේ. මදෑ ඔයින් ගියා, අතක් පයක්
නොකැඩී.
2015 පෙබරවාරි මස 07 වැනි දින 1400 පැය
අහෝ දේවිකා නොදිටි ලාග්ගා.. :t
ReplyDeleteදැක්කානම් මට ඒ ලමයවයි ලාග්ගවයි අරගෙන කට්ටඩියෙක් හොයන්න යන වෙනවා බය අරින්න නූල් බඳින්න.
Deleteහයියෝ.. මදෑ වයසක උන්දැගෙ බ්ලොගේ බලන්න ආවා... මං නං ගෙදර හින්ද තනියෙන් හිනා උනාට අවුලක් නෑ.. ඒත් මේක ඔෆිස් වල ඉඳන් බලන උන්ට වෙන වැඩේ ගැන මට සෑහෙන්න සන්තෝසයි... හි හි
ReplyDeleteබලන්නකො ඉතිං මේ වයසක අපිටත් වෙන දේවල්. කොහේ හරි ඔෆිස් එකක මහා හිනාවක් නිසා එකෙකුගේ දෙන්නෙකුගේ ජොබ් එක ගහලා යයිද මන්දා.
Deleteයස වැඩේ කම්මැලි කමට ලාග්ගා වෙනම නොදා කලිසම අස්සෙ දානවට. :b
ReplyDeleteඅනේ ඕක අස්සෙ කැරපොත්තෙක් මීයෙක් හිටියෙ නෑනෙ.. මැජික් මදිවට බ්‍රේක් ඩාන්ස් එහෙකුත් බලන්න තිබ්බා. :m (මවුස් හන්ට් බලලා තියේද, විචාරක තුමා? වෙන්දේසියකදි ඔහොම සීන් එකක් තියෙනවා මීයෙක්ගෙ)
ඔය ජරා පුරුද්දට මම අපේ උන්දැගේ දෝශාභියෝග වලටත් මූණ දෙනවා. කොහෙද ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ.
Deleteමවුස් හන්ට් බලලා තියනවා. කියලා වැඩක් නෑ ඒ මුළු ෆිල්ම් එකම.
අනේ අර මල පැනපු මළදාන නොලියා මේන් මෙව්වා ලියන්නකෝ... ලේ ටිකවත් පිරිසිඳු කොර ගන්ට.. අර වටේ පිටේ කතා ටික මරු ඈ.. තිර පිටපතක් වගේ..
ReplyDeleteලියන්නං ලියන්නං හැබැයි ඉතිං මෙව්වා හැමදාම වෙන දේවල් නෙවෙයිනේ.
Deleteපට්ට උපරිම!! :D
ReplyDeleteහිනා කාල මැරෙන්ව ලොක්ක! ගෑණුන්ටත් ඕන්නැති මගුලක් නෑ බලන් යත්දි!
කියලා වැඩක් නෑ. කොහොමද දේවිකා බලෙන්ම වගේ කාරෙකට ආවනම්. මට වෙන්නේ ලාග්ගගෙන් බෙල්ල හිරකරගෙන මැරෙන්න.
Deleteමට නිකං මැවිල පේනවා වගේ පොල මැදින් කකුලත් අල්ලං චාලි චැප්ලින් වගේ යන හැටි.. හක් හක්.. හක්..
ReplyDeleteඔය කිට් චේන්ජ් පුරුද්ද නිසා මාත් ගොඩක් වෙලාවට අපේ උන්දැව නම් අවතක්සේරු කරනව.. හැබැයි තවම ඔහොම ඇබැද්දියකට නම් ලක් වෙලා නෑ..
චාලි චැප්ලින් කොහොම වෙතත් කකුලක් කැඩිච්ච කොකෙක් වගේ තමා ගියේ (පාලම් කොකෙක්) අපේ උන්දැත් මේ සිද්ධියෙන් පස්සේ කිව්වා ඔය ඇඳලා තියෙන්නේ විනාඩියට කියලා
Deleteකිට් චෙින්ඡ් එක මගේ ඡිවිතයට තවමත් අශිර්වාදයක්..සදු ගෙදරින් එලියට බහිනකොට මම අදින්න පටන්ගන්නෙ හැබැයි එයාට ඉස්සර මම එලියේ..ගෑනි පුදුම වෙලා බලනකොට මම කියන්නේ
Delete“ නංගි..අපි කිට් චෙින්ඡ් පනිශ්මන්ට් කාපු කොල්ලෝ“
I.O. විචාරක.
ReplyDelete--අර දිනේෂ් කොල්ල දැන් මැරිලා ඇති නේද?
කාට කියන්නද? කවුරු දකින්නද?
ස්ටොරිය නම් සුපිරි..
මැරිලා නෙවෙයි මම ඌට කිව්වා හොඳයි පුතෝ උඹේ මොකක් හරි අහුවුණ දවසට මම පත්තරේ දානවා කියලා.
Deleteඅනේ මට ලාග්ගා තේරුනේ නෑ අප්පා...මේ වෙන මොකක් හරි එලියට එනවා කියලා හිත හිත හිනාවෙවී බැලුවා. මෙන්න එතකොට ලාග්ගෙක් එනවා... :(
ReplyDeleteආපෝ.. මෙයත් එළියට එනකල් බලාගෙන ඉන්න එවුව. :D
Deleteකමෙන්ට්ස් ටික කියවලා බලන්න පොඩ්ඩි, එතකොට තේරෙයි.
Deleteවිචාරක මොකෝ හුගක් කෙට්ටු වෙලා
ReplyDeleteඅන්න බලන්න දරුවා, ඔයා විතරයි මේ මගේ පින්තූරයක් කියලා හඳුනා ගත්තෙ. ඔහොම තමා පැන්සොන් ගියාම.
Deleteහැක, හැක!
Deleteකන ඒවා ඔක්කෝම එක තැනකට එකතුවෙන්නෙ.(.ස්තානය හදනාගැනිමෙ පහසුව සදහා පිංතුරයේ සුදුපාටන් පාටකර අැත)
Deleteහෙහ්, මොනවා කියන්නද කියලා මම මේ කල්පනා කරන්නේ.. විචාරක තුමා මෙහෙම එකක් මේ ලිවුවමද කොහෙද මට මතක හැටියට..
ReplyDeleteඅම්මපා ඇත්ත. කවදාවත් මම මෙහෙම එකක් ලියලා නැහැ.
Deleteඅපෝ මාමේ මේකට 18+ දාන්නෝ නැත්නම් පොඩි එවුන් බලලා හොයයි මොකද්ද මේ ලාග්ග කියලා :D
ReplyDeleteමේකට දානවනම් 65+ වත් දාන්න වෙනවා. ඔන්න ඔහේ පොඩි එව්වොත් බලලා යමක් ඉගෙන ගන්නේ නැතෑ.
Deleteහපොයි... පහලට රූටලා ඇවිත් සෙරෙප්පුවේ පැටලුනානං 'හූට ටෙල්' :-)
ReplyDeleteඑහෙනං ඉතිං හමුදා මැතිඳු අද තනියම පොළ මැද්දේ තමයි.
Delete//සීනියර්ස්ලා 'කිට් චේන්ජිංග්' දුන්නම, මේ පුතයා පට් පට් ගාලා ඇඳුම් මාරු කරලා පෙන්නන්නේ.//
ReplyDeleteඋබලැ ගෙදර යහපාලනයක් නැහැනේ. හමුදා පාලනයක් යකු තියෙන්නෙ
//පොළ ළඟට යනකොටම, එතන නවත්තලා තිබුණ කාර් එකක් අහකට ගත්තා.//
පුදුමයි උබ බුක් ගාලා ඔබන්න කලින් බයික් එකක්, ත්‍රිවිල් එකක් හරස් කලේ නැතුවා..
සැප කනේ තෝ ගස් නගින වලල්ලේ වගේ පැටලිලා වැටෙන්න තිබ්බේ..
නෑ සෑමෝ. අපේ ගෙදර තියෙන්නේ යහ හමුදා පාලනයක්. අපේ උන්දැ තමයි හමුදාව. මම 'යස'
Deleteහෙහ් එව්වා කොහෙද, ආමි ඩ්‍රයිවින් එක්ක එකෙකුට හැරෙන්න බෑ.
අම්මපා වැටුනානම් මම කෑ ගහනවා කවුද ඕයි මේ ලාග්ගෝ බිම දාලා ගිහින් තියෙන්නේ කියලා. වෙන මොකක් කොරන්ඩද. :e
මම මේ කම්පනා කොරේ අර අසරණ ලාග්ගා මොන දුකක් විඳින්න ඇද්ද කියලා ... :e :e :e
ReplyDeleteමම හිටියනං එවෙලේම මුළු පොලටම ඇහෙන්න කෑගහලා පෙන්නනවා ..ඕ ..යේස් :e
ලාග්ග පව් කොච්චර වෙලාවක් දෙපරැන්ද අස්සේ දුක් විඳින්න ඇද්ද
Deleteලොතැරයි කාරයෙකුට කියලා පොලටම ඇහෙන්න එනවුස්මන්ට් එකකුත් දෙන්න තිබුනා චැහැ..
Delete:e ඔන්න පිළිවෙලට වැඩ කරන ආමිකාරයෝ.
ReplyDeleteඉති මොකද්ද වැරැද්ද හරී. මම පිළිවෙලකට ඇඳගත්තා, පිළිවෙලකට පොලට ගියා. පිළිවෙලකට මේ අබග්ගේ වුණා. මම පිළිවෙලකට කාරෙකට මාරුවුණා. අර දිනේෂ් කියන එකානේ වැඩේ පබිලික් කොලේ.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteකරුණාකර මා ලියා ඇති ලිපියට අදාලව පමණක් අදහස් දක්වන්න.
Deleteහැමදේම වෙන්නේ හොදටයි කියල හිත හදාගන්මුකෝ
ReplyDeleteඔව් අනේ ඒක තමයි මටත් හිතුනේ.
Deleteකකුල් අස්සෙන් ලාග්ගො ගන්නවාආආආ
ReplyDeleteකකුල් අස්සෙන් ලාග්ගො ගන්නවාආආආ
අද විතරයි අද විතරයි.
කියල කෑ ගහන්ට තිබ්බෙ. එලවලුත් ගනන් එකෙ ගානක් හොයාගන්ට තිබ්බ :p
අම්මපා කොහේ හරි ඈත පලාතක පොළකට ගිහින් වැඩේ පටන් ගන්න හිතෙනවා.
Deleteඅම්බෝ......මේ මගුලකට ඇබ්බැහි වෙලා පැන්සොන් ගී ආමි උතුමෙකුට ගිය කලක්.......
ReplyDeleteඒ කියන්නෙ දැන් අපිට දිගටම මේ වගේ මැන්ටල් කතා අහන්න ලැබෙයි ඉදං ....
පොහ්.....කොහෙද බොල මැන්ටල්. තවම නියමෙට පත්තු වෙනවා :e
Deleteහූ...................................................................
ReplyDeleteලාග්ගා මැදින් හිග්වෙලා තිබ්බනං තමයි මරු....
හැක් හැක්...
ජ ය වේ වා !!!
තව පොඩ්ඩෙන් ඒ ලාග්ගා අනික් ලාග්ගගේ පැටලිලා මළ කෙළියක් වෙන්ඩත් ඉඩ තිබුනා. හොඳ වෙලාවට ඔයින් බේරුනේ.
Deleteබිරිඳට ඩ්‍රයිවින් පුරුදු කර ලයිෂන් එකක් ගන්න කියන්න. මං නං බ්ලොග් එකට ලිපි ලියන වෙලාවේ (හෝ ඒ ලියන ලිපිවල දී හෝ) කඩේ යන්නේ නෑ.
ReplyDeleteතව හොඳ ජෝක් එකක් මතක් වුණා. ඔරිජිනල් ඉංගිරිසි එකම හොයලා දාන්නං.
අපේ උන්දැට ඩ්‍රයිවින් පුරුදුකරන්න සැහෙන මහන්සියක් ගත්තා. වැඩේ හරිගියේ නැහැ. එක්කෝ ක්ලච් එක එකපාර අතාරිනවා. නැත්තං ඇක්සලරේටර් පාගගෙන යටිගිරියෙන් කෑ ගහනවා මේක නවත්තන්ඩ කියලා.
Deleteඅර ඉංග්‍රීසි කතාව දාන්ඩකෝ බලන්ඩ.
An old veteran walked into a grocery store and the lady at the counter said:
Delete"Sir, you barracks door is open..!"
He paid no attention to her because he didn't know what she was talking about.
He started shopping and after a few minutes realised that his zip was undone and the cashier may have seen "things".
After he completed his shopping the veteran went back to the same cashier and said:
"Miss you told me my barracks door was open. While you were looking did you see a General in his red beret standing at attention, saluting?"
"No sir," she said, "I saw an old retired soldier lying on two sand bags."
මට මුලින් කියන්න අමතක වුණා, ඔය කතාව පොඩ්ඩක් මං වෙනස් කළා Major කියලා තිබුණු තැන්වලට veteran කියලා දාලා, හොඳේ!
Deleteමේ කතාව ආමි එකේ කියන්නේ, ජෙනරල් කෙනෙක්, කාන්තා බලකායේ භට නිවාස පරීක්‍ෂා කරන්න ගියාම වෙච්චි දෙයක් හැටියට. මම හිතන්නේ වර්ෂන් කීපයක් ඇති.
Deleteඑල ද බ්‍රා
ReplyDeleteඅම්මෝ ඉන්න බෑ බඩ කොරවෙනවා හිනා වෙලා.
උඹලනම් හිනාවෙයි. තව ටිකෙන් හෙන කිරිමේල් එකක් තමා වෙන්නේ.
Deleteමට මැවිලා පේනව විචාරක තුමා අර ම්ය්කල් ජෑක්සන් ඇන්තනී අහවල් තැන අල්ලගෙන ඩාන්ස් එක දානව වගේ පොලේ ඉදන් කාර් එක ගාවට එනවා.
ReplyDeleteඑල කොල්ලන්ටමනෙ මෙවා වෙන්නෙ අම්මපා.
මයිකල් ජැක්සන් නිකං නටනවා නෙවෙයි නටන මයිකල් ජැක්සන්ගේ පස්ස පැත්තට පැට්‍රෝල් ගැහුවා වගේ වෙනවා අර ලාග්ගා අල්ලාගෙන හිටිය තැනින් අතෑරුනානම්.
Deleteමේකත් ඇත්ත කතාවක්.
ReplyDeleteඑක දවසක් යාලුවෙක් (විශ්‍රාම ගිය නාවික කමාන්ඩර් කෙනෙක්) තමන්ගේ ගොවිපලේ (පදිංචි ස්ථානයෙන් ඈත ප්‍රදේශයක) ඇවිදින අතරේ එකපාරටම නැවිලා කලිසම් කකුලෙන් මොකක්ද ගන්නවමං දැක්ක. ලං වෙලා බලනකොට ඉනේ ගහ ගෙන හිටපු පිස්තෝලෙ (a Glock ) කලිසම් කකුල දිගේ වැටිල !
කතාවෙන් ගතයුතු ආදර්ශය:- විශ්‍රාම ගියාට පස්සේ අවි ආයුධ ඉනේ ගසාගෙන සිටීමෙන් වෙනත් අවි ආයුධවලට හානිවීමට ඉඩ ඇත'
Delete