යුද්දෙන් පස්සේ වවුනියාව සහ වැලිඔය පැත්තේ ගිහින් ආවත්, උතුරට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් පසුගිය දෙසැම්බර් 17 - 18 දෙදින තුළ, උතුරේ සංචාරයක යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. මේ කළින් සැළසුම් කළ සංචාරයක් නොවේ. හිතුනා ගියා. නමුත් සංචාරය සාර්ථකව කරන්න හැකිවුනා. යුද හමුදාවේ දැනට සේවයේ යේදී ඉන්න යාලු මිත්තරයන්ගෙන්, විශාල උපකාරයක් ලැබුණා. අපේ සම්පූර්ණ පිරිස පස් දෙනයි. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ, සාමනේර හිමිවරුන් දෙනම, මගේ මිත්‍රයෙක් සහ මම. ඒ මිත්‍රයා සහ මා තමයි රියැදුරු රාජකාරිය කළේ. හැබැයි ඉතිං දවස පුරා රිය පැදෙව්වත්, හවසට ඇඟපත රත්කරගන්න ලැබුණේ නැහැ. හාමුදුරුවෝ ඉන්නවනේ. ඒ නිසා එව්වා අමතක කරලා දැම්මා.
මෙන්න මෙහෙමයි අපි ගිය ගමන් මාර්ගය. ගෙදර ඉඳලම පාර පෙන්නන්න අවශ්‍ය නැහැනේ. අවශ්‍ය කොටස තමා මේ පෙන්නන්නේ. වවුනියාව පහුකලාට පස්සේ, පුලියන්කුලමෙන් දකුණු අත පැත්තට හැරිලා, (භූමියේ නැගෙනහිරට) ඔය රතුපාට ඊතල වලින් පෙන්නන පාරෙන් ගිහින් කහපාට ඊතල වලින් පෙන්නන පාරෙන් ආපහු ආවා.
මා කවදාවත් මගේ සේවා කාලය තුළ, පුලියන්කුලමේ සිට මුලතිව් දක්වා ගොඩබිමෙන් ගමන් කර නැහැ. මේ තමයි ගිය පළමුවැනි වතාව. ඊලාම් යුද්ධය පැවති කාලයේ, ගුවනින් ගොස්, මුලතිව් ඝන වනාන්තරය දැක තිබුණත්, ඒ වනය මැදින් අද තිබෙන කාපට් පාරේ යනවිට ඇතිවෙන්නේ, අමුතුම හැඟීමක්. මට නොකඩවාම මතක්වුනේ, මේ භූමිය, LTTE ත්‍රස්තවාදීන්ගෙන් ජයගන්න, තම රුධිරයෙන් මේ බිම තෙත්කළ, අපේ රණවිරුවන්. ඔන්න ඉතිං අපි මුලතිව් වෙත ළඟාවුණා. හරිම ලස්සන වෙරළ තීරයක්.
අපේ හාමුදුරුවෝ වෙරළ තීරයේ සුන්දරත්වය නැරඹුවේ මෙහෙමයි. පොඩි දෙනම නම් රැල්ල පාගන්නත් ගියා.
ඊට පසේ අපි ගියේ පුදුකුඩිඉරුප්පු යුධ කෞතුකාගාරය බලන්නයි.
අපේ ආරක්ෂක හමුදා විසින් අල්ලාගන්නා ලද, LTTE සංවිධානය විසින් මුහුදු සටන් සඳහා භාවිත කළ යාත්‍රා, ඔවුන් විසින් වැඩිදියුණු කිරීමට උත්සාහ කල සබ්මැරීන්, සහ වෙනත් යුද්ධායුධ මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරනවා. එමෙන්ම, මානුෂික මෙහෙයුමේදී, සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව, ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා, අපේ හමුදාව කළ මෙහෙය පිලිබඳව, ඡායාරූප විශාල ගණනක් ප්‍රදර්ශනයට තබා තිබෙනවා.
මානුෂික මෙහෙයුම අවසන් කොට, යුද ජයග්‍රණය අත්පත් කරගැනීම වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකයයි මේ පහතින් දැක්වෙන්නේ.
මුලතිව් හමුදා කඳවුරකින් දිවා ආහාරය ලබාගත් අපි ඊළඟට කිලිනොච්චිය බලා පිටත්වුණා. සවස තේ පානය සඳහා අපි නැවතුනේ කිලිනොච්චියේ. අපේ අරමුණ වුණේ එදිනම කෙසේ හෝ ඩෙල්ෆ්ට් දූපත දක්වා යාමයි. ඒ සඳහා බෝට්ටුවට නගින්න තිබෙන ස්ථානයට, දුර කිලෝමීටර් 90 ක් පමණ වෙනවා. නමුත් කිලිනොච්චියට නුදුරු පූනරින් ප්‍රදේශයට එනවිට, වර්ෂාව අධික වීමත්, මාර්ගය අබලන් වීමත් නිසා, ගමනේ වේගය හොඳටම අඩාළ වුණා. අපේ පුංචි කාර් එකට, මේ රළු මාර්ගයේ ගමන් කිරීම, විශාල අභියෝගයක් වුණා. (Toyota Stralet Reflet) වාහනය පදවන ගමන් මා ගත්ත පින්තූරයක් පහත දක්වන්නේ, මාර්ගයේ ස්වභාවය සහ වැසි ගතිය පෙන්වන්නටයි.
මෙන්න මේ සිතියමෙන් පෙන්වන්නේ ඒ මාර්ගයේ කොටසක්. පූනරින් - සංගුපිඩ්ඩි මාර්ගය, ඒ කාලේ මහා යුද්ධ පැවති ප්‍රදේශයක්. මෙහි ගමනාගමනය මුළුමනින්ම නැවතිලා තිබුණේ. අද මේ තරමින් හෝ යන්නට ලැබීම වාසනාවක්.
අපි හිතුවේ කෙසේ හෝ ඩෙල්ෆ්ට් දූපත දක්වා ගොස්, රාත්‍රිය එහි ගතකරන්නයි. නමුත් ඩෙල්ෆ්ට් සහ නාගදීපය දක්වා බෝට්ටු සේවය පටන් ගන්නා කිරිකඩ්ඩුවාන් ජැටිය වෙත ළඟාවනවිට, හවස 6 විතර වුණා. එයට හේතුව වුණේ, යාපනයේ සිට පුන්කුඩුතීව් දක්වා දිවෙන මාර්ගයත්, තවම අලුත්වැඩියා කරමින් පවතින නිසා, පාර හදන අය විසින්, වරින්වර, එක දිශාවකට පමණක් වාහන ධාවනය කරන්න ඉඩ ලබාදෙන පරිදි, යන්නට සිදුවීම නිසයි. අපි ජැටියට එනවිට, ඩෙල්ෆ්ට් දක්වා යන අවසාන බෝට්ටුවත් ගිහින් තිබුණා. එහි සිටි නාවික හමුදා නිළධාරීන් සහ පොලිස් නිළධාරීන්, වෙනත් බෝට්ටුවක් හොයාගන්නට දරන ලද උත්සාහයත් සාර්ථක වුණේ නැහැ. අපි එක්තරා ආකාරයක අතරමං වීමකට ලක්වුණා. නමුත්, යාපනයේ සිටින, අප දන්නා හඳුනන හමුදා නිළධාරීන්ට දුරකථනයෙන් කතාකර, නවාතැනක් හොයාගන්න පුළුවන් වුණා. එහෙත්, නවාතැන් ගන්න, ආපසු යාපනය දක්වා කිලෝමීටර් 31ක්, අර අබලන් මාර්ගයේ පැය දෙකක් තිස්සේ යන්න වුණා.
අපිට නවාතැන් ගන්න ලැබුණේ යාපනය නගරයේ ද්‍රවිඩ නිවසක. සැමියා ද්‍රවිඩ බිරිඳ සිංහල. සැමියාට සිංහල හෝ ඉංගිරිසි දෙකම බැහැ. නමුත් කොහොම හරි වැඩේ පිරිමහගත්තා. සැමියාගේ ගම හැටන් පැත්තේ. බිරිඳගේ ගම දැරණියගල. අපි යනවිට බිරිඳ යම්කිසි අවශ්‍යතාවකට ඉන්දියාවට ගොස් තිබුණා. මෑතකදී පත්වීමක් ලබා, මේ නිවසේ නවාතැන්ගෙන, යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන, ගම්පහ පැත්තේ සිංහල තරුණයකු, අපට හමුවුණා. ඔහු අපට කිව්වේ, යාපනයේ මිනිසුන් ඉතා සුහදශීලී බවයි. නමුත්, කවදාවත් යාපනයෙන් පිටතට නොගිය, එක්තරා අන්තවාදී පිරිසක්, තවමත්, යාපනය ද්‍රවිඩයන්ටම පමණක් වෙන්ව තිබිය යුතු භූමියක් ලෙස සළකා කටයුතු කරන බවත්, ඔහු කිව්වා.
අපිට නිදහසේ මුළු නිවසෙන් වැඩි කොටසක් පාවිච්චි කරන්න ලැබුණා. එළියේ සවිකර තිබුණ ෂවර් එකකින්, මමත් මගේ මිතුරාත් හොඳින් නාගත්තා. හාමුදුරුවන්ට ඇතුළේ නාන කාමරය දුන්නා. හොඳ ලොකු ඇඳන්, අලුත් ඇතිරිලි සහ කොට්ට දමා සකසා තිබුණා. ෆෑන් තිබුණ නිසා මදුරු දැල් අවශ්‍ය වුණේ නැහැ. හාමුදුරුවරුන්ට ගිලන්පස සකසාදී, මමත් මිතුරාත් නගරයට ගොස් රාත්‍රී ආහාර ගත්තා. මම ගියේ ආප්ප කන්නම් කියලා හිතාගෙන. දන්නවද වැඩක්? යාපනේ ආප්ප නැහැ. හදන්නේවත් කන්නේවත් නැහැලු. දකුණේ ඉඳලා යාපනයට යනකොට, අන්තිමට ආප්ප තියෙන්නේ වවුනියාවෙලු. ඒ සිංහල අය ඉන්න නිසා වෙන්න ඇති. මොකක්ද දන්නෑ හේතුව යාපනේ ආප්ප නොහදන. යාලුවා ඇහුවා මොකුත් කරනවද කියලා. නමුත් මම කිව්වා හොඳ නෑනේ, බැරිවෙලාවත් හාමුදුරුවන්ට දැණුනොත් කියලා. (මම ලොකු හාමුදුරුවන්ට හොරෙන් පොඩි දෙනමට රෝස් පාන් දෙකක් ගිල්ලෙව්වා. දුකයි අප්පා, මගේ දරුවෝ වගේ. අනේ රහ කර කර කෑවා. හුටා... වැළඳුවා)
අදට මේ ඇති නේද? ඊළඟ කොටසෙදී ඩෙල්ෆ්ට් යමු.
2015 පෙබරවාරි මස 12 වැනි දින 2328 පැය
වැළඳුවා නෙවෙයි වැළදෙව්වා
ReplyDeleteඔව් ඔව් දඩි බිඩි ගාලා.
Deleteකොටි මාර දස්සයො නේ?
ReplyDeleteඑහෙනං උන් යුද්දේ දිනන්න එපාය.
Deleteමේ පෝස්ට් එක දාන්න කොහොම කට්ටක් කන්න ඇද්ද...?
ReplyDeleteමට නම් පෝස්ට් එකේ තියෙන වටිනාම වචන ටික අර යාපනේ නැවතිලා ඉන්න තරුණයා කියපු කතාව.. ඒක තමයි සහතික ඇත්ත.. කොහෙත් බහුතරයක් මිනිස්සු හරි හොඳයි.. ඒත් එකෙක් දෙන්නෙක් නිසා.. මිනිස් සංහතියටම කරන හානිය සුළු පටු නෑ... ඒවා නවතින එකකුත් නෑ.. මොකෝ මෝඩ කමට බෙහෙත් හොයාගෙන නෑ නේ..
නෑ නෑ, දැන් 'පිචර් එඩිට් කෙරිල්ල' පට් පට් ගාලා කොරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එව්වා අල්ලාගෙන තියෙන්නේ.
Deleteඔව් අර තරුණයා කියපු කතාව ඉතා ගැඹුරින් සලකා බලා, සුදුසු පියවර ගතයුතු කතාවක්. සුදුසු පියවර වන්නේ, ඔවුන්ගේ අන්තවාදී හැඟීම් සමහන් කරන්නට මානුෂීය පියවර ගැනීමයි.
ඔබතුමන්ලා වගේ අය නිසා තමඉ අද උතුරෙත් දකුනෙත් මිනිස්සු නිදහසේ ජීවත් වෙන්නෙ. යුද්දයේ දෙශපාලන මැදිහත් වීම කෙසේ වෙතත් ජීවිත ආශාව පැත්තක තියල යුද්දයේ ආරම්බයේ ඉදන් අවසානය දක්වා උපරිම කැපවීමෙන් ජීවිත පරිත්යාගයෙන් කටයුතු කල ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ විරුවන්ගේ මානුශික උනුසුම අදටත් උතුරේ නැගෙනහිරේ ගිනි ගහන අව්ව මැද්දෙ අපිට දැනෙනවා.
ReplyDeleteහිරු නැගෙන පැයේදීත් බසින පැයේදීත් සදා සමරමු දේශයේ විරුවන්.
ත්‍රිවිධ හමුදාවටම විතරක් සම්පූර්ණ ගෞරවය දෙන්න අමාරුයි. උතුරේ සමහර ජනතාව LTTE යට එරෙහිව රහසින් ක්‍රියා කළා.දකුණේ ජනතාව LTTE බෝම්බ කමින්, විශාල කැපවීමක් හා පරිත්‍යාගයක් කළා. ඒ නිසා මෙය අපි ඔක්කොගෙම සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්.
Deleteමේක හරියන්නේ නෑ. යන්න ඕන ආපහු. යුද්ද්ධේ ඉවරවුණු වගේම ගියේ ... දැන් ආපහු යන්න ඕනේ . විචාමාමට බැරිද යාපනේ යන්න ට්‍රැවල් ඒජන්සියක් පටන් ගන්න .
ReplyDeleteලබන සතියේ මම ආවම යමු
Deleteට්‍රැවල් ඒජන්සි ඕනෙ නැහැ. අපි කට්ටියක් යමුද ලඟදි දවසක
Deleteමමත් එනෝ...
Deleteඋතුරේ සිංහල දෙමල මිනිස්සු ගැන අවබෝදයක් නැත්තේ මුහු වීමක් සිදු නොවන නිසයි. ඔබ කිව්වා වගේ උතුරේ මිනිසුන් ආගමට ගරු කරන සාම්ප්‍රදායික සුහදශීලී මිනිසුන්. ඔබ තුන් වැනියට පළ කර තිබෙන මුලතිව් මුහුදු වෙරළේ අපගේ කොමාන්ඩෝ විරුවන් අලිමංකඩ බේරා ගැනීමට මුහුදින් මුලුතිව් වෙරළට ගුවනින් හා මුහුදින් ආරක්ෂාව ඇතුව පැමිණියත්, කොටි විසින් පහර දී ඝාතනය කරන ලද ඉතා දුක් බර වීඩියෝවක් මා දැක තිබෙනවා
ReplyDeleteසිංහල දෙමල මුස්ලිම් ඔය කොයි මිනිස්සු අතරෙත් ඉන්නවා අන්තවාදී හැඟීම් තියන අය. මේ මිනිසුන් අතර අවබෝධය පුළුල් කිරීම සඳහා ඉතා දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවෙනවා.
Deleteමුලතිව් ප්‍රදේශය ඊලාම් යුද්ධයේ තීරණාත්මක සිදුවීම් රාශියක් වූ ප්‍රදේශයක්.
ඕක හරියන්නෑ පුතා.. හාමුරුවෝ එක්ක පොඩි කාර් කට්ටක ලැගල යන කොට ආතල් එකක් නෑ නෙව.. විස්තර ටිකනං පංකාදුයි ඇයි පින්තුර..
ReplyDeleteපොඩි කාර් එක නිසා ඕනෙ තැනකින් රිංගගෙන යන්න පුළුවන්. අලුත් කාර් වලට වඩා මේක උසයි. අලුත් කාර් කීපයක් පැයට කි.මී. 2 විතර වේගෙන් ගියේ අර කැඩුණු පාරේදී. ඊට වඩා හයියෙන් ගියොත් ඒ කාර්වල බම්පර් පොළොවේ වදිනවා.
Deleteතව පින්තූර ඊළඟ කොටසේදී දෙන්නම්.
මෙච්චර ප්‍රසිද්ධ වුණු කෑමක් වෙලත් ඇයි දන්නෑ නෙ ආප්ප නැත්තෙ.. :P
ReplyDeleteහාපෝ......මතක් කරන්න එපා. මේ ජනාධිපතිවරනෙන් පස්සෙ මම ආප්ප කෑම අතහැරියා.
Deleteඅර ආයුධ ෆොටෝ ටික නැත්නම් ෂෝක් පෝස්ට් එක
ReplyDeleteඔයාගේ ඔය ආයුධ ෆෝබියාවට මනෝ ප්‍රතිකාරයක් ගන්න වෙයි වගේ.
Deleteඒ කියන්නෙ ආප්ප වල තියෙන භයානක කම යාපනේ මිනිස්සු කලින්ම දැනගෙන ඉඳල තියෙනව. :D
ReplyDeleteදෙකක් දාගන්න බැරිඋන එකනං අපරාදෙ. අඩුම ගානෙ තල් රා කට්ටක්වත් ගහන්න තිබ්බනෙ.
ආන්න හරි ප්‍රසන්න. ඒක තමයි යාපනේ ආපා නැත්තේ. දෙමලෙන් ආප්ප කියන වචනයේ තේරුම පාවාදීම කියන එකද දන්නේ නැහැ.
Deleteහයියෝ පුදුම දුකකින් හිටියේ යමක් කොරගන්න බැරුව.
තවම ඔය පැත්තට ගිහින් නැති එක ගැන දුකයි. පොඩි හාමුදුරුවරුන් පව් අප්පා. ලොකු හාමුදුරුවෝ බ්ලොග් බලන්නේ නෑ නේද?
ReplyDeleteනව යුවලම ඇවිත් යාපනේ සංචාරයක් කළොත් නරකද?
Deleteහම්මෝ........ ලොකු හාමුදුරුවෝ බ්ලොග් බැලුවොත් මාව හම ගහයි.
\\මම ලොකු හාමුදුරුවන්ට හොරෙන් පොඩි දෙනමට රෝස් පාන් දෙකක් ගිල්ලෙව්වා. දුකයි අප්පා, මගේ දරුවෝ වගේ. අනේ රහ කර කර කෑවා. හුටා... වැළඳුවා)//
ReplyDeleteමීට වඩා හොඳ නැද්ද අර යාලුවා කියපු වෙලාවෙ "මොනා'' හරි කොලා නම්...හාමුදුරු පැටව් දෙන්නා කෙසේ වෙතත් විචා නම් පව් පුරෝගෙන....
පව් නෑ අනේ. අනුකම්පාවෙන් නේ එහෙම කලේ. හොඳටම බඩගින්නේ හිටිය බව පෙනුණා.
Deleteමොනවා හරි කොරලා ගිහින්, හාමුදුරුවන්ට 'මචං' කියලාවත් කියවුනා නම්, අන්න ඒක පව්. :e
යන්න ඕනේ ඉතා ඉක්මනින්ම මේ පැත්තෙ...
ReplyDeleteගිහින් බලන්න. හරිම ලස්සන පරිසරයක්
Deleteඉතිරි කොටසත් බලාගෙන ඉන්නවා
ReplyDeleteකොල්ලා වගේ රවුම් ගහනවා නේද?
ඉතුරු කොටස ඉක්මනට දෙන්නම්. පහුගිය කාලේ ගිය තව ට්‍රිප් තුනක විස්තර ලියන්න තියනවා.
Deleteනමුත්, කවදාවත් යාපනයෙන් පිටතට නොගිය, එක්තරා අන්තවාදී පිරිසක්, තවමත්, යාපනය ද්‍රවිඩයන්ටම පමණක් වෙන්ව තිබිය යුතු භූමියක් ලෙස සළකා කටයුතු කරන බවත්, ඔහු කිව්වා.////
ReplyDeleteමෙහෙත් එහෙම නෙව
හදන්ටම බෑ
අපොයි ඔව්. හැම දෙමලාම කොටියෙකි කියලා හිතන මෝල් වහන්සේලා මෙහෙත් ඉන්නවනේ.
Deleteමගේ නිබන්ධනයක් සඳහා මග පෙන් වූ ගුරුවරයෙක් සාමාන්‍යෙයන් කියවන්නට නොලැබෙන අසමාන්‍ය හරවත් විස්තර කියවන්න හොඳ බ්ලොග් එකක් ලෙස ඔබතුමාගේ ලිපි පෙළත් හඳුන්වා දුන්නා. එදා සිටම ලිපි කියෙව්වත් කොමෙන්ට් කරන්න තරම් පරිගණක හුරුව හා දැනමු දියුණු වී ඇත්තේ දැනුයි. අපේ දෙමාපියන් අපට ආදරේ හින්දම හරිම බයයි නේ. ලියනවා තබා ඊ මේල් ලිපිනයක්වත් හදනවාට විරුද්ධව සිටියා. දෙමාපියන්ට පැවති ආදරය නිසාම ඊට උත්සාහයක් ගත්තේ නෑ. මගේ කොමෙන්ටුව දිග වැඩි ඇති. සමා වෙන්න ඔබතුමාගේ ලිපි රසවත් ඉතාම හරවත් කියන්න පමණයි උවමනා වුනේ.
ReplyDeleteමා හිතනවා ඔබ මගේ කනිටු දියනියනියටත් වඩා ලා බාල වයසේ දැරිවියක කියා. මුලින්ම ඔබව මේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා. ඔබව මේ අඩවියට යොමුකළ ගුරුවරයාටත්, ස්තුතිවන්ත වෙනවා. මේ අඩවිය ඇගයීම ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.
Deleteඅද්‍යතන වැඩිහිටි පරපුරෙන් සැලකියයුතු පිරිසක්, තොරතුරු තාක්ෂණය සහ ඊට අනුබද්ධ ක්‍රියාකාරකම් පිළිබඳව, වැරදි අවබෝධයකින් සිටීම ගැන කණගාටු වෙනවා. ඇත්තෙන්ම ඔබ වැනි අයගේ යුතුකමක් හා වගකීමක් වන්නේ ඒ දුරවබෝධය නැතිකර දැමීමයි.
සෑමවිටම දෙමව්පියන්ට පෙන්වන්න ඔබ කරනදේ. පරිගණකය නිවසේ කාටත් පෙනෙන ස්ථානයක සවිකරන්න. එය, එදිනෙදා ජීවිතයේ පරිහරණය කරන වෙනත් මෙවලමක් මෙන්, සාමාන්‍ය දෙයක් විනා, රහසිගත දෙයක් නොවන බව ඔප්පුකර පෙන්වන්න.
ඔබේ අදහස් ඉහලින් අගය කරන අතර ඔබට ස්තුතිවන්ත වෙනවා.
//සෑමවිටම දෙමව්පියන්ට පෙන්වන්න ඔබ කරනදේ. පරිගණකය නිවසේ කාටත් පෙනෙන ස්ථානයක සවිකරන්න. එය, එදිනෙදා ජීවිතයේ පරිහරණය කරන වෙනත් මෙවලමක් මෙන්, සාමාන්‍ය දෙයක් විනා, රහසිගත දෙයක් නොවන බව ඔප්පුකර පෙන්වන්න.//
Deletewell said 100% agreed
@ AnonymousFebruary 14, 2015 at 3:18 PM
Deleteඔබට ස්තුතියි. මම හිතන්නේ සමහර නිවෙස්වල පරිගණකය සම්බන්ධ විවිධ ප්‍රශ්න මතුවෙන්නේ, දෙමාපියන් ඒ ගැන නිසි වැටහීමකින් තොරවීම නිසයි. ඉතින් එය කාටත් විවෘතව තැබුවාම, ගැටළු නිරාකරණය වෙනවා. දරුවන්ට පුළුවන්, දෙමව්පියන්ටත් පරිගණක භාවිතය හෙමින් හෙමින් උගන්වන්න. එවිට ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳෙනවා.
හුරේ...... ලබන සතියේ ඉවාන් මස්සිනායි විචා මාමායි, මමයි ආයෙත් යනවා මේ ට්‍රිප් එක.......
ReplyDelete(මම ලොකු හාමුදුරුවන්ට හොරෙන් පොඩි දෙනමට රෝස් පාන් දෙකක් ගිල්ලෙව්වා. දුකයි අප්පා, මගේ දරුවෝ වගේ. අනේ රහ කර කර කෑවා. හුටා... වැළඳුවා)
මමත් කරන තරමක් කරගන්නේ මේ පාප කර්මේම තමා
අපොයි අසරණ විචා මාම.
Deleteඒ කියන්නේ උඹත් ඔහේ ඉන්න හාමුදුරු වරුන්ට 'අරවා මෙව්වා' ගිල්ලවනවා. යකෝ මම ගිල්ලෙව්වේ එක සැරයයි. උඹ මොන මොනවා දවසකට කී පාරක් ගිල්ලවනවාද කියලා කවුද දන්නේ?
Delete@ ප්‍රසන්න. බලමුකෝ මූ මොකාටද එන්න හදන්නේ කියලා. මටත් 'ගිල්ලවන්න' ද දන්නේ නෑ.
ඩෙල්ෆ් යන්ට මටත් හරි ආසාවක් තියනවා .අපි වගේ සිවිල් අයට එහෙ නතර වීමේ පහසුකම් එහෙම කොහොමද?
ReplyDeleteනවතින්න පුළුවන් වෙයි බොහෝවිට. මෙන්න මේ අංක වලට කතාකරලා (ඉංග්‍රීසියෙන් කතාකරන්න වෙයි. ඒ අයට සිංහල බැහැ) අහලා බලන්න.
Delete[im#]https://jangun.files.wordpress.com/2015/02/scan_20150216_082737.jpg[/im]
Thanks a lot :)
Delete