හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 August 2015

වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (තුන්වැනි කොටස)

warfare-barbed-wire-631 කොහොමද සැපදුක්? සතියකට පමණ පසු, අපි ආයෙත් වැටේ කතාවත් එක්ක මුණගැහෙනවා. දැන් ඔබට සතුටුදායක අවබෝධයක් ඇති, යුද බිමක ඉදිවන, ආරක්‍ෂිත බාධක ඉදිකිරීම් පිළිබඳව. පහුගිය ලිපි දෙක කියෙව්වේ නැත්නම්,


   සහ


   කියවන්න පුළුවන්. ඒ ලිපි දෙක ගැන අවබෝධයකින් තොරව මේ කොටස කියවීමෙන් ප්‍රයෝජනයක් වන්නේ නැහැ. පසුගිය කොටස කෙටි වැඩියි කියලා සමහරු කියලා තිබුනා. ඔව් ඒක ඇත්ත. නමුත් මම එහෙම කළේ, වැට ගැසීම කියන කොටස එතනින් අවසන් කලයුතු නිසා. වැට රැකීමත් එතනටම එකතුකලානම් තරමක අවුල් සහගත තත්වයක් ඇතිවේයැයි මට සිතුනා. ඒ නිසා අද බලමු වැට රකින හැටි. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසේ අංක 1 යටතේ මාතෘකාව වුනේ, 'වැට හදන්නේ මෙහෙමයි' යන්නයි. අද අංක 2. 


2. වැට රකින්නේ මෙහෙමයි 

   යුදබිමේ ආරක්‍ෂිත ප්‍රදේශ වල ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා ඉදිකරන විවිධ බාධක වැටවල්, පස් බැමි, අගල්, ආදිය සතුරු ප්‍රහාර වලින් රැකගැනීම සඳහා කලයුතු ප්‍රධානතම සහ වැදගත්ම කාර්යය වන්නේ, සතුරාගේ පැමිණීම වලක්වා ගැනීමයි. සතුරාගේ පැමිණීම වැලක්වීමට ගතහැකි හොඳම, විශ්වාසවන්තම, ප්‍රතිඵලදායක බවෙන් ඉහළම ක්‍රියාව තමයි අපි (සොල්දාදුවන්) ඒ වැටවල්, පස්බැමි, අගල්, ආදිය පිහිටි භූමියට ඉදිරිපසින් ඇති භූමියේ නිතර මුර සංචාරයේ යෙදීම. ඒ ගැන මම පැට්‍රෝල් කතා මාලාවේදී කිව්වා මතකයිනේ. නමුත් පැය 24 පුරා වැට රකින්න විශාල භට පිරිසක් යොදවන්න ගියොත්, සටන් කරන්න පිරිස අඩුවෙනවා.

   ලොකූ.................................රහසක් කියන්නද? ලෝකයේ කිසිම හමුදාවකට නැහැ, ප්‍රමාණවත් තරම් භට පිරිස්. මිනිස්සු හිටියත් බඳවා ගන්න සල්ලි නැහැ. එහෙමත් නැත්නම් සල්ලි තිබුනත් මිනිස්සු එන්නේ නැහැ බැඳෙන්න, හමුදාව විශාල කරන්න ගියොත්, රටේ මහජනතාවගෙන් මහා විරෝධතා එල්ල වෙලා, රජය කඩා වැටෙන්නත් පුළුවන්. විශේෂයෙන් බටහිර රටවල ඒ තත්වය තිබෙනවා. ගොඩක් බඳවා ගත්තම, හමුදාවේ විශාලත්වය නිසා, පොඩි බයක් ඇතිවෙනවා, කැරැල්ලක් ගහලා රටේ බලය ගනියිද කියලා.

   හොඳයි, වැට රකින්න මිනිස්සු (සොල්දාදුවෝ) යොදවන්න බැරිනම් මොකද කරන්නේ?

   කරන්නේ වෙන වෙන උපක්‍රම යොදන එකයි.

   මොනවද උපක්‍රම?

   අපොයි ගොඩක් තියනවා. එකින් එක කියන්නම්. මුලින්ම සරල දේවල් කීපයක් කියන්නම්.

   වැඩේ කියන්නේ මෙන්න මේකයි. මේවා අමාරුවෙන් හොයාගෙන හදාගෙන ලිපියක් දැම්මම, අර බලුකිරි සුනඛයෝ, වගේ වගක් නැතුව ඒවා අමු අමුවේ කොපි කරලා, තමන්ගේ වගේ දාලා, රෙපක්ද මොකක්ද සහ බම්පුවක්ද බංකුවක් ද කොහෙද ඉල්ලනවා. ඒකේ ඇඩ්මින් ගොයියා, නොදැක්කොත් එබුවා තාලෙට, බකංනිලාගෙන ඉන්නවා.

   යුද්ද කාලේ, අපේ හමුදා, මේ ඉදිරි ආරක්‍ෂක ප්‍රදේශවල Forward Defended Locality = FDL බල්ලන් ඇති කළා. උන්ව රෑට අර ආරක්ෂක ප්‍රදේශයේ ඉදිරිපස රඳවා තැබුවා. (මෙය දෙවැනි ලෝක යුද සමයේදී පවා කර තිබෙනවා) සතෙක් ආවත්, මිනිහෙක් ආවත් උන් බුරනවා. ඒ නිසා සතුරාට බැහැ හෙමින් රිංගලා එන්න. එය සෑහෙන්න සාර්ථක වුනා. ඒ වගේ තව උපක්‍රමයක් තමයි ටින් එල්ලීම. හිස් බෙලෙක් ටින් එල්ලනවා වැටේ. සතුරා කළුවරේ ඇවිත් වැට කපන්න ගියොත් ටින් හෙල්ලිලා සද්ද වෙනවා. සතෙක් ඇවිත් හැපුණත් සද්ද වෙනවා. එතැනදී පුළුවන් අපිට අවශ්‍ය ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගන්න. ටින් කීපයක් වැටට පසුපසින් තියන බංකර් වල එල්ලලා, කම්බියක්/ලණුවක් අදිනවා ආරක්‍ෂක වැටට. වැට හෙලවුනොත් බංකරේ ඇතුළේ තියන ටින් හෙලවෙනවා. සද්ද වෙනවා. අපිට වහාම ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

   1980 දශකයේ දී, මේ ක්‍රමය මා වෙනත් දෙයකට යොදාගත්තා. පිදුරුතලාගල රූපවාහිනී විකාශන මධ්‍යස්ථානයේ ආරක්ෂක මුරයේ අපි, කෑමෙන් පසු ඉතිරි ආහාර වලලා දමන, වලක් තිබුණා. මේ වල ලඟට එන්නට, මහා විශාල ගෝණුන් 10 ක පමණ රංචුවක් සහ දිවියෙක් පුරුදුවී තිබුණා. උන් එන්නේ රාත්‍රී 2.00 - 3.30 අතර කාලයේ. ඒ වල පේනතෙක් මානයේ තිබුණු, මුර සෙබල කුටියේ සිට, මගේ කාමරයට ලණුවක් ඇද, ටින් එල්ලා තිබුනා. සත්තු එතනට ආ විට, මුර සෙබලා ලණුව අදිනවා. එවිට මට පුළුවන් වෙනවා සද්ද නොකර එතනට ගොස්, ඒ ලස්සන වනසතුන් නරඹන්නට. කිසිදු හේතුවක් නිසාවත් අපි ඒ සතුන්ට හානියක් කලේ නැහැ.

   හොඳයි, ලණු ඇදලා ටින් එල්ලලා, සතුරාගෙන් බේරෙන්න බැහැ. ඊට වඩා දියුණු ක්‍රම අවශ්‍යයි. එවැනි එක දියුණු ක්‍රමයක් තමා, අධික ආලෝකයක් පතුරවන වෙඩි උගුලක් ඇටවීම. මේවා හඳුන්වන්නේ Trip flares යනුවෙන්. ට්‍රිප් ෆ්ලෙයාර් එකක් ක්‍රියා කරන්නේ මෙහෙමයි. පොළොවේ සිට අඩියක් එකහමාරක් පමණ උසකින් සිටින විදිහට, ශක්තිමත් සිහින් යකඩ කූරකට සවිකර, පොළොවේ හිටවන වෙඩි වර්ගයක් තමා, ට්‍රිප් ෆ්ලෙයාර් කියන්නේ. මේ වෙඩිල්ලේ සිට කලුපාට සිහින් ශක්තිමත් කම්බියක් පොළොවට අඩියක් පමණ උඩින්, පොළොවට සමාන්තරව ගහකට, කණුවකට, වැනි දෙයකට අදිනවා. කවුරුහරි ඇවිත් අර කම්බියේ පැටලුනොත්, වෙඩිල්ලේ උගුල ගැස්සිලා, වෙඩිල්ල පත්තුවෙනවා. ලොකු සද්දයක් නැහැ. නමුත්, මහා විශාල ආලෝකයක්, විනාඩියක් පමණ වෙලා පත්තුවෙනවා. (ෆොස්පරස්) ඒ වෙලාව හොඳටම ඇති අපට,  සතුරාට වැඩක් දීගන්න. මෙන්න බලන්න ට්‍රිප් ෆ්ලෙයාර් එක වැඩ කරන හැටි. 




 ට්‍රිප් ෆ්ලෙයාර් එකක් පත්තුවෙන හැටි දවල් එළියෙන් දකිමු. හැබැයි මෙතන ඉන්න 'අයියලා' කුණුහරප කියනවා. ඒ නිසා සද්දේ කපලා වීඩියෝව විතරක් බලන්න. 





   ඊළඟ වැට රකින්නා, ට්‍රිප් ෆ්ලෙයාර් එකට වඩා බොහොම භයානකයි, මාරාන්තිකයි. ගැලවීමක් නැති තරම්. එයාට කියන්නේ 'ජම්පිං මයින් - Jumping Mine' කියලා. නමේම සඳහන් වෙනවනේ, පනිනවා කියන එක. ඔව්, මෙයා පනිනවා. පොළොවේ ඉඳලා අහසට පැනලා, පුපුරන අධිබල බෝම්බයක්. ට්‍රිප් ෆ්ලෙයාර් එකේ වගේම, උගුල් කම්බියක් ඇදලා තියනවා, ඒ කම්බියේ කවුරු හරි වැදුනොත්, උගුල ගැස්සිලා බෝම්බය පත්තුවෙනවා. මේ බලන්න. 







   ඉහත වීඩියෝව සහ සජීවී කරන රූප පෙළෙන් පෙන්වන්නේ, දෙවැනි ලෝක යුද සමයේ ජම්පිං මයින් එකක්. අද මීට වඩා දියුණු/දරුණු ඒවා තියනවා. අර වගේ උගුල් කම්බියක් නැතුව, පුද්ගලයකුට පෑගීම නිසා ක්‍රියාත්මකවී, ඉහලට පැන පත්තුවන ජම්පිං මයින් තියනවා. මේ රූප සටහනෙන් පෙන්වන්නේ ඒ ආකාරයේ පුද්ගල නාශක බෝම්බයක්.


2


   හොඳයි, මේ වගේම තවත් බෝම්බ තියනවා. ඔබ කවුරුත් දන්නවා පුද්ගල නාශක බිම්බෝම්බ සහ යුද ටැංකි නාශක බිම්බෝම්බ යනුවෙන් බෝම්බ වර්ග තිබෙනවා. ආරක්‍ෂිත ප්‍රදේශයකට ඉදිරියෙන්, ඒ බෝම්බ යොදවන්න පුළුවන්.

   නමුත්, බිම්බෝම්බ යෙදවීමේදී අනුගමනය කලයුතු ක්‍රියාපිළිවෙතක් තිබෙනවා. ඒ තමා, බෝම්බ සවිකිරීම පිලිබඳ විශේෂඥ පුහුණු, ඉංජිනේරු බලකායේ සාමාජිකයන් විසින් පමණක් එය සිදුකිරීම. අපට හිතෙන හිතෙන විදිහට බෝම්බ වලලන්න බැහැ. ටික දවසක් යනකොට අපිටම මතක නැහැ, කොතනද බෝම්බ තියෙන්නේ කියලා. එතකොට අපේම බඩු වලින් අපිටම බඩු හම්බවෙනවා. ඒ නිසා 'බිම්වෙඩි කෙත් - Mine Fields' සකස් කිරීම විද්‍යානුකූල ක්‍රමයකටයි කරන්නේ. සෑම බිම්වෙඩි කෙතකටම අදාළව, ඉංජිනේරු බලකායෙන් සැකසු සිතියමක් තිබෙනවා. කවදා හෝ ඒ වෙඩි ඉවත් කරන්නත්, ඒ වෙඩි බිම් මගහැර අපේ භට පිරිස්වලට ගමන් කිරීමටත්, එම සිතියම් ඉතා වැදගත්.

   පුද්ගල නාශක බිම්බෝම්බයක් කියන්නේ, ඉතා කුඩා බෝම්බයක් වුනත්, එයින් මරණීය තුවාල සිදුවෙනවා. මේ පහළ පින්තූරයේ තියෙන්නේ, පුද්ගල නාශක බිම්බෝම්බයක්. 
AP MINE
AP MINE

   බිම් වෙඩි කෙත් දාලා බකං නිලාගෙන ඉන්න බැහැ. නිතර හොයාබලන්න ඕනේ, ඒවාට යම් හානියක් වෙලා තියනවද, වැසි ජලය නිසා ගසාගෙන ගොස් තිබෙනවාද, උඩට මතුවී තිබෙනවාද, සතුන්ට පෑගීම නිසා, සතුන් මියගොස් තියෙනවද, වැනි කරුණු.

   රාත්‍රී කාලයේදී බිම් වෙඩිල්ලක් පත්තු වුනොත්, වහාම සටනට සූදානම් වෙනවා. ඒ වගේම තමයි බිම් වෙඩි කෙත්, ආරක්‍ෂිත ප්‍රදේශයට ඉදිරියෙන් ඉතා ඈතින් යොදවන්නේ නැහැ. අපේ පියවි ඇසින්, ඉතා පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි දුරින්, දැමිය යුතුයි. T 56 වැනි අවියකින් වෙඩි තැබිය හැකි සීමාවේ තිබිය යුතුයි. එහෙම කරන්නේ, හොරෙන් ඇවිත් ඒ වෙඩි ගලවන්න උත්සාහ කරන සතුරන්ට පහර දීමට හැකිවීම පිණිසයි.

   වැට රකින අනික් බෝම්බ වර්ගය තමා යුද ටැංකි නාශක බිම්බෝම්බ. මේ ගැන මා මීට පෙර ඔබ සමග සාකච්ඡා කර තිබෙනවා.  වැට කඩාගෙන ඉදිරියට එන්නට උත්සාහ කරන යුද ටැංකි වල ගමන නැවත්වීමටයි, යුද ටැංකි නාශක බිම් බෝම්බ යොදවන්නේ. 


AT Mine


atmine


   වැට රකින ඊළඟ වර්ගය තමා ක්ලේමෝ බෝම්බ. ඉහත සබැඳියාව දී ඇති ලිපියෙන්, මා ඔබ සමග ක්ලේමෝ බෝම්බ ගැනත් කරුණු සාකච්ඡා කළා. ක්ලේමෝ බෝම්බය ඉතා දරුණු බෝම්බයක්. ඒ ගැන මේ පින්තූර වලින් ඔබට කරුණු පැහැදිලි වනු ඇති.

claymore-mine



claymore-placed-on-roadside1



claymo-blast1


   තවත් කවුද ඉන්නේ වැට රකින්න? ඇයි වැටේ ආරක්ෂාවට ඉන්න සෙබළු? එයාලා අතේ විවිධ ආයුධ තියනවා. සාමාන්‍ය තුවක්කුවේ සිට කාලතුවක්කුව දක්වාත්, මෝටාර් සහ බෝම්බ විදින තුවක්කුත් තියනවා. තවත් උපක්‍රම තිබුනත්, වඩාත් වැදගත්වන ක්‍රම තමයි මෙහිදී කිව්වේ. දීර්ඝ විස්තර ඉවත් කොට කෙටියෙන් සහ අවශ්‍යදේ පමණයි කියා තිබෙන්නේ. ඉතින් දැන් මොකද කරන්නේ? මොනව කරන්නද එහෙනම් කඩමු වැට.



3. වැට කඩන්නේ මෙහෙමයි 

   වැට කැඩීම, අපි හිතන තරම් ලේසි නැහැ. දැක්කනේ වැට හදලා තියන විදිහ සහ වැටේ ආරක්‍ෂාවට යොදවලා තියන ජාති. වැට බලාගන්න මිනිස්සුත් ඉන්නවා, බල්ලොත් ඉන්නවා, විවිධ බෝම්බත් තියනවා. ඉතින් වැට ලඟට යුද්ධ ටැංකියකින් යාම වුනත් එකවර කරන්න අමාරු දෙයක්. මොකද යුද ටැංකි නාශක බිම්බෝම්බ තිබෙන නිසා.

   නමුත් අපි යුද්දෙට යන්නේ ඔය වැටකට, කොන්සර්ටීනා වයර් වලට, පස් බැම්මකට බයවෙලා ආපහු හැරෙන්න නෙවෙයි. ඒ නිසා වැට කඩන්න ඕනෙනම් කොහොමහරි කඩනවා. අපි හිතමු බිම්බෝම්බ ගැන. වැට කැඩීමේදී බිම්බෝම්බ අභියෝගය ජයගන්නේ කොහොමද? ඒ සඳහා යොදන එක උපක්‍රමයක් තමා දෙවැනි ලෝක යුද සමයේ පටන් පාවිච්චි කරන, 'බැංගලෝර් ටෝර්පිඩෝ - Bangalore Torpedo' කියන පිපිරුම් වෙඩි වර්ගය. ඒ නම ලැබී තිබෙන්නේ, මෙය ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේදී, මුලින්ම නිපදවූ නිසා. 

   මේවා හරියට අපි පාවිච්චි කරන PVC ජලනල වගේ. එවැනි නල වලට වෙඩිබෙහෙත් පුරවා තිබෙනවා. එම වෙඩිබෙහෙත් එකවරම පිපිරී යාම සඳහා විදුලියෙන් හෝ සේවා නූලකින් ක්‍රියාත්මක වන ඩෙටනේටරයක් සවිකර තිබෙනවා. මේ නල කීපයක් එකිනෙකට අමුණන්න හැකිවන ආකාරයටයි සකසා තිබෙන්නේ. වැට ලඟට හොරෙන් බඩගාගෙන ඇවිත් මේ නල අවශ්‍ය තරම් එකට අමුණා, හෙමින් හෙමින් බිම් වෙඩි කෙත හරහා ඉදිරියට තල්ලු කරනවා. ඉන්පසු මෙය පුපුරවා හැරියාම මේ නලයට පහතින් වලලා තිබුණු බිම් වෙඩි සියල්ල එකවර පුපුරා යනවා. අඩි දෙකක් පමණ පළල තීරුවක් බිම්වෙඩි වලින් තොර වෙනවා. ඒ දිගේ ඉදිරියට යනවා. මේ බලන්න කොහොමද කරන්නේ කියලා. 




  හොඳයි, බිම්වෙඩි කෙත, හුඟක් පළලයි නම්, මොකද කරන්නේ? ඒකටත් විසඳුමක් තියනවා. විසඳුම තමයි බැංගලෝර් ටෝර්පිඩෝවට වඩා ප්‍රබල බිම්බෝම්බ නාශක උපක්‍රමයක් යෙදවීම. එය හඳුන්වන්නේ ජයන්ට් වයිපර් - Giant Viper නමින්.

   1990 දශකයේදී වවුනියාව ප්‍රදේශයේදී තමයි මා මෙය දැක්කේ. දකුණු අප්‍රිකාවෙන් ගෙනා මේ පිපිරුම් ක්‍රමය, අපට ක්‍රියාකරවා පෙන්නුවෙත්, දකුණු අප්‍රිකානු හමුදා නියෝජිතයන් විසින්. තවත් අවි ගොඩක් පෙන්නුවා. අපිට මේවා පෙන්නලා කිව්වා, ඒවා අතරින් අපේ හමුදාවට සුදුසුයි කියා හිතන අවි නිර්දේශ කරන්න කියා. අපි නිර්දේශ ගොඩක් ඉදිරිපත් කළා. නමුත් ජයන්ට් වයිපර් එක අපේ හමුදාවට ගත්තේ නැහැ.  

   ජයන්ට් වයිපර් එක ක්‍රියාකරන්නේ මෙහෙමයි, සන්නද්ධ රථයක සිට විදින රොකට් වෙඩිල්ලක් මගින්, විශාල, දිග, කඹයක් වැනි දෙයක්, බිම්වෙඩි කෙත හරහා පතිත වන ආකාරයට විදිනවා. පතිතවූ පසු, එම කඹය වැනි කොටස, ඉතා දැඩි පිපුරුම් ශක්තියකින් පුපුරා යනවා. එම කඹය වැනි කොටස පතිතවූ පොළොවේ වලලා ඇති බිම්බෝම්බ, අර පිපිරුමේ කම්පනයෙන් පුපුරා යනවා. මේ බලන්න ජයන්ට් වයිපර් ක්‍රියා කරන හැටි. 





   මේ මොනවා නැතත් හිත හයියනම්, හොඳ පුහුණුවක් තියනවානම්, ඔය වැට කඩුලු ඔක්කොම කඩාගෙන යන්න පුළුවන්. විශේෂ පුහුණු සොල්දාදුවන් දන්නවා, බිම්බෝම්බ වළලන රටාව. එකක් අහුවුනොත්, ඊළඟ එක කොතනද තියෙන්නේ කියා, 90% කට වඩා හොඳින් අනුමාන කරන්න පුළුවන්. ඒ අනුව පරෙස්සමෙන් ඒවා ගලවන්න පුළුවන්. යුද ටැංකි වලින් එල්ල කරන ප්‍රහාර, ආර්.පී.ජී අවි වලින් සහ ආර්.සී. එල්. වැනි අවි වලින් එල්ල කරන ප්‍රහාර මගින් වැට හෝ පස් බැමි කඩන්න පුළුවන්. 

 මෙන්න යුධ ටැංකියක තියන ප්‍රධාන තුවක්කුවේ බලය.









තනි පුද්ගලයකුට ක්‍රියාකරවිය හැකි රොකට් විදිනය.






  Recoil-less Gun හෙවත් RCL තුවක්කුව.

 පහුගිය යුද්ද කාලේ, අපි මේ තුවක්කු වලින්, සෑහෙන්න නෙවෙයි නොසෑහෙන්න වැඩ ගත්තා. මෙව්වා ඉතින්, ෂුවර් බඩු.







   හොඳයි, ඔන්න එහෙනම් අපි ඉගෙන ගත්තා, යුද බිමක ආරක්‍ෂාව තහවුරු කරගන්නට යොදන උපක්‍රම සහ එම උපකරණ අබිභවා යමින්, පහර දෙන ආකාරය. මෙවැනි කරුණු ඔබවෙත ගෙන එන්නේ, ඔබේ හමුදා දැනුම දියුණු කරන අතරම, දුර්මත දුරු කිරීමේ අදහසින්. ඔබේ දැනුමට මෙතුළින් යමක් එක්වේවා යන්න, මගේ පැතුමයි. 

2015 අගෝස්තු මස 03 වැනි දින 0040 පැය

52 comments :

  1. මේ ඔක්කොම ඉගෙන ගත්තට පස්සේ , බය නැතුව යුද්දෙට ගිහිං පත්තරයව කුඩු වෙන්ඩ වෙඩි තියලා එනවා :b

    ReplyDelete
    Replies
    1. උඹට ගහන්න ආර් පී ජී ඕන් නෑ . අහස් කූරක් හොඳටෝම ඇති :D

      Delete
    2. හඳුංකූරක් ඇති බං...

      Delete
    3. විචාරක තුමාගේ වෙන්ඩ බෑනට " ගිණිකූරක " තරම හානියක් කරන්න බොලාලා දෙන්නටම වෙන්නෙ නැහැ, විචාරක තුමා ඉන්නකම් .. ඕ යේස් ...

      Delete
    4. @ ඉවාන්.
      උඹට මං කලින් කිව්වා නේද ශිල්පය හරියට කියලා දෙනතුරු කයිය ගහන්න එපා කියලා. දැන් ඉතින් කෙලවාගත්තම ඔන්න මම එහෙම නෑ.

      @ පත්තරේ
      ඔය පත්තරේද පාද්රේද?

      @ මධු
      ඔව් ඉතිං ඉවානයා හඳුන්කූරකට වඩා පොඩ්ඩයි මහත.

      @ සඳරු
      මාමාට සලකන ප්‍රමාණය අනුව තමයි බෑණා පදවිය ලැබෙන්නේ.

      Delete
  2. Giant Viper කියන එක වාර්තා වැඩසටහනක දැකලා තියෙනවා. දිග දම්වැලක් වගේ එකක් විදලා ඒක හරහා ලොකු කම්පනයක් දුන්නාම බිම් බෝබ්ම පුපුරනවා පෙන්නුවා. ඒ වගේ දෙයක වැඩි ආරක්ෂාවක් තියෙනවා නේද අනික් ක්‍රම වලට වැඩිය?

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි එවැනි දේ ගැන උනන්දුවක් දක්වලා මතකයේත් තබාගැනීම. මේක ඇත්තටම දකිනකොට මහා භයානක බවක් පෙනෙනවා. මේ ක්‍රමය නිසා මිනිස් ජීවිත රැකෙනවා බිම්බෝම්බ වලින්.

      Delete
  3. දැන් නම් වැටේ ඇලවෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙනම් ගැටත් ඇලවුනේ අනුන්ට ඊර්ෂ්‍යා කරන්න ගිහින් නේද. වැඩිය දඟලන්න එපා ඉතුරු වෙච්චි එකත් හැලෙයි

      Delete
  4. විචාරකතුමෝ................. මේක නම් දැනුම සාගරයක්..... මේ දැනුම මේ විදිහට ඒකතු වෙන ඒක වැදගත්.... අපි නං යෝජනා කරන්නේ මේ දැනුම පොතකට ගමු කියලයි... මොකද කියන්නේ........

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ නිකම් දීලත් වැඩිය නොකියවන එකේ සල්ලි දීලා මිනිස්සු මෙව්වා කියවයිද කියන එකයි...

      Delete
    2. @ කුරුටු.

      දැනට මෙහෙම ලියාගෙන යන්නම්. බ්ලොග් ලියවිල්ල එපාවුනාම හෝ නවත්තුවාම මේවා මුද්‍රණය කරන්න බලන්නම්. එට කලින් ගොඩක් සංස්කරණ කටයුතුත් කරන්න වෙයි.

      @ ඇනෝ
      දැන් කාලේ මුද්‍රිත පොත්වල මිල අධික කම සාහිත්‍ය රසවින්දනයට ලොකු බාධාවක්. අද පරපුර පොත් කියවනවා අඩුයි.

      Delete
  5. ethakota kohomda mame A'Pure camp ekata paala gahuwe air crafts kudu wenna

    ReplyDelete
    Replies
    1. හයියෝ.......බෑණෝ, බෑණා නිකං ළදරු ප්‍රශ්නයක්නේ අහලා තියෙන්නේ. අනුරාධපුරේට විතරයැ ගැහුවේ. මුලතිව්, අලිමංකඩ, මාන්කුලම්, වගේ කඳවුරු වලට, කටුනායක ගුවන් තොටුපල, කොලොන්නාවේ තෙල් ටැංකි, තව කොච්චර තැන් වලට ගැහුවද.

      උත්තරේ මේ ලිපියේ තියනවා. බෑණා ලිපිය උඩින් පල්ලෙන් කියවලා වගේ. මේ ලිපියේ මම මෙන්න මෙහෙම කියලා තියනවා.

      //නමුත් අපි යුද්දෙට යන්නේ ඔය වැටකට, කොන්සර්ටීනා වයර් වලට, පස් බැම්මකට බයවෙලා ආපහු හැරෙන්න නෙවෙයි. ඒ නිසා වැට කඩන්න ඕනෙනම් කොහොමහරි කඩනවා//

      //මේ මොනවා නැතත් හිත හයියනම්, හොඳ පුහුණුවක් තියනවානම්, ඔය වැට කඩුලු ඔක්කොම කඩාගෙන යන්න පුළුවන්//

      දැන්වත් තේරුණාද බෑණෝ? මේ කරුණු අපිට විතරක් නෙවෙයි සතුරන්ටත් පොදුයි. මතක ඇතුව බෑණා ටිකක් සිහි බුධියෙන් මේ ලිපි කියවන්න හොඳේ?

      Delete
  6. //ලොකූ.................................රහසක් කියන්නද? ලෝකයේ කිසිම හමුදාවකට නැහැ, ප්‍රමාණවත් තරම් භට පිරිස්//
    මේක දැක්කම මතක් වෙලා සර්ච් කලේ. ජනගහනයට සාපේක්ෂව විශාලම හමුදාව ඉන්නෙ උතුරු කොරියාවෙ. ලංකාව ඉන්නෙ (රටවල් එකසිය හැට ගනනකික්) විසි හයේ. නරක නෑ නේද?

    ReplyDelete
    Replies
    1. රාජ් මම අගය කරනවා අදහසක් දක්වන්න කලින් සාධක සොයා බලා එසේ කිරීම ගැන. අපි 26 වැනි තැනට ආවේ යුද්ධ කාලේ මහා පරිමාණයෙන් බඳවාගැනීම් කල නිසා. ඔය දත්ත දැන් වෙනස් වෙලා ඇති. යුද්දෙන් පස්සේ ත්‍රිවිධ හමුදාවෙන්ම ලක්ෂයක් විතර විශ්‍රාම ගියා.

      Delete
  7. අදනං නියම ඩිමොන්ස්ට්‍රේෂන් ටිකක් දීලා අදනං. වචන දාහකට වඩා දේවල් ඒවයේ තියෙනවා.
    (ඔන්න වැට පනින කට්ටියට වෙන සීන් එකක් මගේ මෙව්වා එකේ ඇති. හෙට එංට ඈ...)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මධු කාටත් පහසුවෙන් තේරුම් ගන්නයි ටිකක් සවිස්තරව දැම්මේ. ඔයාටත් හොඳට තේරුනා නේද?

      හරි මාත් එන්නං වැටක් දෙකක් පනින්න එහෙනං. :e

      Delete
  8. ලක්ෂ පහ හමාරකට ( මේ කොමෙන්ටුව පල කරන මොහොත වනවිට එහි සාමාජිකයන් ගණන533,016 කි.) වඩා ලියාපදිංචි සාමාජිකයන් පිරිසක් සිටින එළකිරි ඩොට් කොම් වෙබ් අඩවිය සමග සටනට යෑම ප්‍රඥා ගෝචර නොවන බව විචාරක මහතාට දැන්වීමට කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. කිසිම අඩවියක් සමග සටනට යාමට මට අවශ්‍යතාවක් නැත.

      ඔයවගේ තර්ජන නෙවෙයි, අද රෑ මරනවා කියා LTTE ගුවන්විදුලි ජාලයෙන් දුන්න සජීවී පණිවිඩ වලටවත් මා සැලුනේ නැත.

      අනුන්ගේ ලිපි අමු අමුවේ හොරකම් කර තමන්ගේ ලිපි මෙන් පලකරන ඒ මදිවට ඒ හොර ලිපිවලට රෙපක් ද බම්පුවක් ද මොන බම්බුවක්ද බංකුවක් ද දීපල්ලා කියා ලජ්ජා නැතුව හඬා වැටීමේ පුරුද්ද මට නැත.

      ඔය වගේ හොර අඩවි බල්ලන්ගේ පස්ස පැත්තේ බැඳ මීයකට සමාන බව තමාට අවධාරණය කරමි. එවැනි හොර රැලකට නායකත්වය සපයමින් එවැනි අවලම් වැඩ වලට සහය දෙන අඩවි පාලකයා ගණිකා මඩමක පාලකයාට සමානය.

      පන්ලක්ෂය මට අපාන වාතයක් තරම්වත් වැදගත් නැත. මින් ඉදිරියේදීත් හොරකම් කලොත් තමාලාගේ අඩවිය බලුකිරි අඩවිය බවට ස්ථිර කරන බව දැනගන්නවා හොඳයි.

      Delete
    2. ඇනෝ,
      ලක්ෂ පහමාරක් ඉඳලත් ඕකට අලුත් යමක් දාන්න එකෙක් නැද්ද? ඇයි හොරකම් කරන්නෙ?

      Delete
  9. අපේ වැට ‍රැකගන්නත් මේ උපක්‍රම පාවිච්චි කරන්න ඕන .. ☺ ☺ ☺

    අනිකුත් ලිපි වගේම මේ ලිපි මාලාවත් දැනුම් සාගරයක්, බොහෝම ස්තූතියි විචාරක තුම, මේ දැනුම අපට ලබාදෙන්න වෙන මහන්සිය වෙනුවෙන් ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳරු. මගේ උත්සාහය ඵල දරා ඔබේ දැනුම දියිනු වී තිබෙන බව පෙනෙනවා. එය මට මහත් සතුටක්.

      Delete
  10. මේ තරම් වැටවල් ගැන දැනීමක් ඇති ඔබතුමා නරකද මේ දැනුමෙන් ප්‍රයෝජනවත් වැඩක් ගත්තොත්. හේන් ගොවිතැන් කරන ගොවිමහත්තුරුන්ගෙ හේන් ආදිය රැකබලා ගැනීමට අවශ්‍ය වැටවල් ගසා දෙන මෙන් දන්වා සිටිමු.

    ReplyDelete
    Replies
    1. හයියෝ.....උන්නැහේ. ලිපි හොරකම් කරලා පස්ස රත්වෙන්න මගෙන් ලැබුණු පයින් පාරට තවම තට්ටම් දෙකම රිදෙනවා නේද? මොනවාහරි තෙල් ටිකක් ගාලා අතගාගෙන මොලේ නොතැලෙන්න මුනින් අතට බුදියාගන්න පැටියො.

      Delete
  11. ලිපි පෙළ ගැන කතා කරලා වැඩක් නෑ විචා සුපිරි. අර මම කලින් කිව්වා වගේ, අඩුම ගානේ යොවුන් වයසේ තරුණයන් ඉලක්ක කරලවත් පොතක් දෙකක් ලියන්න. මොරාල් එක වැඩෙන්න දැන් නම් පොත් ලියවෙන්නෙම නැති තරම්. පාසල් ශිෂ්‍ය භටයන් වෙනුවෙන් ලියන්න පුළුවන්. ඔබේ අත් දැකීම් සහිත පොත් ලියන්න පුළුවන්. අනාගතයේදී හමුදා වලට අවබෝදයෙන් බැඳෙන පිරිසයි වැදගත්. මෙම ලිපියේ සමහර කොමන්ටු වලට ඔබ දී ඇති පිළිතුරු විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. පාසල් ශිෂ්‍ය භටයන් වෙනුවෙන් ලියන්න කියනඑක නම් හොඳ අදහසක් දිලීප. ඒ ගැන හිතා බලන්නම්. ත්‍රිවිධ හමුදා එපා කරවන ව්‍යාපාරයක් වෙනම දියත්වෙලා තියනවද කියලා හිතෙනවා සමහර වෙලාවට.

      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  12. දැන් මේ බ්ලොග් එකේ නම වෙනස් කරන්න කාලෙ හරි මාමේ...

    "වැට ගහමි රකිමි කඩමි" කියලා දාමු... නැත්නම් කෙටි කරලා වැටකොළු කියලා දාමු... මාමා කොහොමත් ඉතින් කොලු වැඩ වලට දස්සය නොවැ...

    ReplyDelete
    Replies
    1. අනේ බෑණෝ, බලුකිරි කාරයන්ට දිගට හරහට පුක හරහා පයින් ගහගෙන යනකොට බෑණාටත් වැදුනද පුක හරහා මගෙන් පයින් පාරක්? මොනවා කරන්නද? ගාගන්න සිද්ධාලේප ටිකක්. බෑණාගේ මොලේ තැලෙන්න ඇති. ඒකයි මේ වගේ මඤ්ඤං කතා කියන්නේ.

      බෑණා මේ පැත්තේ ආවොත් වැටකොළු වලින් දාර හිටින්න යමක් කරලා දෙන්න පුළුවන්. මැහුම් දාගන්න වුනාට කමක් නැහැනේ?

      Delete
  13. Anti-mine වාහන (flail වගේ ) දේවල් ගැනත් ලියනවද? ( ඉස්සර ලියල තියනවනම් ඇහුවට සමාවෙන්න. මට මතක නෑ)

    පුපුරණ land mines මුලින්ම යොදාගෙන තියෙන්නෙ 13 ශතවර්ෂයේදි චීන්නු නේද?
    හැබැයි ඊටත් කලින් (ප්‍රාග් අයිතිසික කාලයේ පවා ) සතුරන්ට විරුද්ධව වගේම සතුන් දඩයමටත් යොදා ගත්ත නැවූ දණ්ඩක tension එකෙන් උලක් ඇනීම වගේ උගුල් mines කියන්න පුලුවන්ද?

    (මාතෘකාවට අදාල නොවන්නේනම් සමාවෙන්න. වර්ථමානයේ යුද්ධෝපකරණ ගැන මට සෑහෙන interest එකක් තිබුනට ඉතිහාසයට වඩා කැමති නිසයි ඇහුවෙ)

    ReplyDelete
    Replies
    1. ඉතාම හොඳ ප්‍රශ්න. ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න. අර බලුකිරි කාරයන්ගේ බෑඟිරි ගෑවිල්ලට උත්තර දුන්න නිසා මේක තව පොඩ්ඩෙන් අමතක වෙනවා.

      booby traps කියන වචනය නොයොදා, හිටියේ, පසු කාලයේදී mines ගැන වෙනම ලිපියක් ලියන්න හිතාගෙන ඉන්න නිසා. සාමාන්‍යයෙන් මෙවැනි ආරක්‍ෂිත ප්‍රදේශවල බූබි ට්‍රැප්ස් දාන්නේ නැහැ සම්මත යුද හමුදාවක් විසින්. ඒවා නඩත්තු නොකලොත් අපිටම හානි වෙනවා. ත්‍රස්තවාදීන් තැනින් තැනට යන නිසා එවැනි උගුල් අටවනවා.

      ඓතිහාසික අවි ගැන ඔබට තිබෙන ආශාව ඉහලින් අගය කරනවා. ප්‍රස්තුතයට අදාළ නොවන ප්‍රශ්න වලට විතරයි මම පිළිතුරු දෙන්න අකමැති. සමාව ඉල්ලීමක් කිසිසේත් අවශ්‍ය නැහැ.

      Mines ගැන පසුව දිග ලිපියක් ලියන්නනම්

      Delete
  14. දැං ඔය බට දාල පත්තු කරල ඒ අඩි දෙක දිගේ ඉස්සරහට යනකොට වැටෙං එහාපැත්තෙ ඉන්න උං බලාගෙන ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක් ප්‍රසන්න. මෙතනදී පාවිච්චි කරන යුද න්‍යායන් තියනවා.

      1. surprise = සතුරා විශ්මයට පත්වන අයුරින් ඉතා රහසිගතව, සතුරාට නොදැනෙන ලෙස, හදිසියේ මේ ප්‍රහාර එල්ල කිරීම.

      2. Speed = වැඩේ වේගවත්ව කෙරෙන්න ඕනේ. ඒ සඳහා මේ ක්‍රියාදාමය කලින් පුහුණු වෙලා එන්නේ.
      (මෙහෙමයි වැට තියෙන්නේ, මෙහෙමයි බටේ රිංගවන්නේ, පුපුරවපු ගමන් මෙන්න මේ අය වෙඩිතියාගෙන ඉදිරියට යනවා, ඉදිරියෙන් එන සතුරු වෙඩි වලට මූණ දෙන්න මෙන්න මේ තැන්වල බර මැෂින් තුවක්කු, මෝටාර්, යොදවනවා, ආදී වශයෙන්, ටයිමින් කරලා රිහසල් දෙක තුනක් කරනවා) ලේසි නෑ නේද කෙලිය.

      Delete
  15. ඇඹිලිපිටියේ බොම්බ් ඩිස්පෝසල් කෝස් එකකට ගියා වගේ.. ලොග් පීටි විතරයි අඩු.. 'එළකිරි' ලිපි ටික ඈ... (හැක්)

    ReplyDelete
    Replies
    1. හම්මෝ...................ඔය කෝස් මතක්වෙනකොට දැනුත් ඇඟ රිදෙනවා.

      ස්තුතියි ඇගයීම ගැන

      Delete
  16. විචාරක මහතා,

    ඉතාම අගනා ලිපි තුනක්. ඇත්තටම ඔබ මූලික කරුණු වල සිට ඉතාම හොඳින් පැහැදිලි කොට තිබෙනවා. අර ජයන්ට් වයිපර් එක හමුදාවට නොගත්තේ එහි තාක්ෂණික ප්‍රශ්න නිසා නොව මිල ගණන් හෝ වෙනත් ගැටලුවක් නිසාද?

    ඒ වගේම වැටවල්/ බාධක බිඳ දමා ඉදිරියට යන ක්‍රමවේදයත් අපට විස්තරකර දියහැකිනම් ඉතාම වටිනවා. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මහතා කියන්න අවශ්‍ය නැහැ. විචාරක කිව්වම ඇති.

      ජයන්ට් වයිපර් එක ගත්තේ නැත්තේ අපිට වැඩක් නැති නිසා. ඒකෙන් ගහන්න තරම් මීටර් සිය ගානක් පළල බිම්වෙඩිකෙත් LTTE එකෙන් දැම්මේ නැහැ. බොහෝවිට කොහොමවත් බෝම්බ වලලා තිබුනේ නැහැ ඔවුන්ගේ කඳවුරු අවට.

      ඔබ මේ ගැන උනන්දුවීම ගැන ස්තුතියි. යුද්ධයේදී කොහොමද ගහගනිමින් ඉදිරියට යන්නේ කියන එක ඉදිරියේදී වෙනම ලිපියකින් ලියන්නම්.

      ලිපිපෙළ ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  17. වෙනදා වගේම එල ද බ්‍රා විචා..
    මේ ලිපි කියවලා ගන්න දැනුම තැනක කතා කරන්න ගියාම ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙන්ඩෝ, බොහෝදෙනෙක් මේ ලිපි ගැන උනන්දුවීම සතුටක්.

      Delete
  18. විචාරක මහතාණනි,

    රසිකොලොජි ගේ පහත ලින්ක් එකෙන් පෙන්වන ලිපිය ඔබ දකින්නට ඇති;

    http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html

    මෙහි හමුදා නිළධාරීනුත් ජඩයන් ලෙස සලකා ඔවුන්ගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කොට තිබෙනවා. ඔබ මීට එකඟද? හිටපු හමුදා සාමාජිකයන් පාර්ලිමේන්තුවට හෝ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම නුසුදුසුද? මෙය හමුදා නිළධාරීන්ට එල්ලකල දරුණු අතුල් පහරක් බඳුයි. 2010 දී ෆීල්ඩ් මාශල් ෆොන්සේකා මහතා තම වාසියට යොදාගත්තත් බොහෝ එජාප/ ජවිපෙ හිතවාදීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද හමුදා සාමාජිකයන් දෙස බලන්නේ ඉතාම සැකයෙන්. මෙය නිවැරැදිද?

    අනෙක් අතින් සන්ධානය තම වාසියට රියර් අද්මිරාල් වීරසේකර වැනි නිලධාරීන් පාර්ලිමේන්තුවට යොමු කළත් ඔවුනුත් ෆොන්සේකා මහතාට එරෙහිව ජනපතිවරණයේදී දැඩි විවේචන එල්ල කලා. කෙසේ නමුත් බොහෝ හමුදා නිලධාරීන් (විශ්‍රාමික ) පුද්ගලික ආයතනවල ඉතාම සුහදව හොඳින් සේවයේ යෙදෙනු මා දැක තිබෙනවා. වර්තමානයේ මෙම හමුදා (මිලිටරි ) විරෝධී අදහස් වඩා බලවත් වෙමින් තිබෙනවා. මේ පිළිබඳව අප විසින් සමාජය තුල කතිකාවතක් ඇතිකල යුතුයි. එදා යුද්ධය දිනවූ රණවිරුවන් අද හෙළා දැකීම අතිශය ශෝචනීයයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මා එම ලිපිය දැක්කා. එයට අදාලව කමෙන්ට් එකකුත් දැම්මා. ඒ අදහස් දක්වන සමහර අය සංවාදාත්මකව කරුණු සාකච්ඡා කරන්න කැමති අය නෙවෙයි. එය රසිකගේ වැරද්දක් නෙවෙයි. ඔහු සංවාදයකට අවශ්‍ය පසුබිම සකසා තිබුනත්, කමෙන්ට් කරන බොහෝදෙනා දේශපාලන පරිනත භාවයෙන් තොරව, අවලම්, අශ්ලීල, අව්‍යක්ත, ලෙසයි අදහස් දක්වන්නේ. ඒ නිසා එයින් ඈත්වී සිටීමයි මගේ ප්‍රතිපත්තිය.

      හමුදා නිලධාරීන් දේශපාලනයට එනවානම්, බොහෝදුරට සිතාබලා එය කලයුතුයි. එසේ නොකිරීමේ අමිහිරි ප්‍රතිඵලය ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හොඳින්ම වින්දා. ජාතික ලැයිස්තුවෙන් එනවා කියන්නේ පිං මන්ත්‍රී කියලයි මමනම් වර්ග කරන්නේ මොන පක්ෂයෙන් කවුරු ආවත්.

      මිලිටරි පාලනයට විරෝධය දැක්වීම සාධාරණයි. නමුත් පළපුරුදු, ජ්‍යොෂ්ඨ, හමුදා නිලධාරීන්ගෙන් රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් පරිපාලනය කාර්යක්ෂම කරගැනීම සඳහා ගතහැකි උපදෙස් එමටයි. පෞද්ගලික අංශයට බඳවාගත් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිළිබඳව සෑමවිටම හොඳ තමයි අහන්න ලැබෙන්නේ. ඒ නිලධාරීන්ගේ පරිපාලන උපදෙස් ක්‍රියාත්මකවී අයිස් ගැහීම නවතා වැඩ කරන්න වෙයි කියන බයට තමා සමහරු අර මිලිටරි විරෝධය පොදුවේ නොදක්වා පුද්ගලයන් වෙත එල්ල කරන්නේ.

      ඇත්තටම මේගැන අපි සමාජ කතිකාවක් ඇති කලයුතුයි. නමුත් කමෙන්ට් කරන සෑහෙන පිරිසක් අමනෝඥ කමෙන්ට් දමන නිසා කල්පනාකාරීව කලයුතුයි.

      බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට.

      Delete
  19. දුම් බෝම්බ ගහලා සතුරා නොමඟ යවලා වැට පනින ක්‍රමත් තියෙනවා නේද? තාපයෙන්,දුමෙන් කොච්චර නම් වැඩ ගන්න ඇහැකිද? අර කොටි පස්බැමි කඩපු හැටි හරියට දැනගන්න පුදුම පිපාසයක් නෙව තියෙන්නෙ..
    'එළකිරි' ලිපිය.. හෙහ් හෙහ් හේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම දුම් බෝම්බ ගහන්න පුළුවන්. නමුත් අද තිබෙන්නේ බොහෝවිට ප්‍රති ත්‍රස්තවාදී සටන් නිසා එය එතරම් ප්‍රායෝගික නැති නිසා කරන්නේ නැහැ.

      කොටි පස්බැමි කැඩීම ගැන නිවැරදි තොරතුරු අඩුයි. එකයි නොලිව්වේ.

      ස්තුතියි ලබ්ස්, ඇගයීම ගැන.

      Delete
  20. බිම් බෝම්බ වලලනකොට සිතියම්ගත කිරීම හමුදාව මෙන්ම බොහෝ ත්‍රස්තවාදීන්ද සිදුකරනවා කියලා අහලා තියනවා,පසු කාලීනව ඇතිවන යුධ විරාම වෙනි අවස්ථාවලදී මෙම සිතියම් හුවමාරු කරගනිමින් බෝම්බ නිශ්ක්‍රීය කටයුතු සිදුකරනවා කියලත් අහලා තියනවා.ඇත්තටම එහෙම වෙනවද?

    ලෝකයේ බිම්බෝම්බ නිශ්පාදනය කරන සමාගම්ම ඒවා නිශ්ක්‍රීය කරන කටයුතුත් කරනවා (මුදල් උදෙසා කරන ව්‍යාපාරික කටයුතු ) කියන දේත් ඇත්ත නේද?

    ReplyDelete
    Replies
    1. LTTE යුද්ධයේදී නම් එහෙම සිතියම් හුවමාරු කරගැනීමක් වුනේ නැහැ. LTTE එකේ බෝම්බ සිතියම් අපේ හමුදාවට කවදාවත් අහුවුනෙත් නැහැ. ඒ කියන්නේ සිතියම් හදලම නැහැ. ඒ නිසා තමයි උතුරේ බිම්බෝම්බ ගලවන්න විශාල කාලයක් ගියේ. නමුත් මේ මම කියන එක මතක තියාගන්න. අනාගතයේදීත් ගැලවීමට නොහැකිවූ, බෝම්බ වලින් උතුරේ සාමාන්‍ය ජනතාවට අනතුරු වෙනවා. දෙවැනි ලෝක යුද්ධයේදී දමන ලද බෝම්බ වලින් වර්ෂ 2000 ට පසුවත් අනතුරු සිදුවී තිබෙනවා.

      බිම්බෝම්බ අද ජාත්‍යන්තර සම්මුතියක් මගින් තහනම් කර තිබෙනවා. පාවිච්චි කරන්නේ ත්‍රස්තවාදී සංවිධාන සහ අර සම්මුතියට අත්සන් කර නැති රටවල් පමණයි. අපි අත්සන් කළා යුද්දෙන් පස්සේ.

      Delete
  21. විචාරක මහතානෙනි... ඔබගේ වැටවල් ගැන ලිපි පේලිය නම් අතිවිශිෂ්ඨයි... මේක බැළුවාම හිතෙන්නේ ඔබතුමා යුද්දෙ කාලෙ කරේ වැටවල් ගහපු එකයි, ගෝන්නු බලපු එකයි විතරමයි කියලයි...

    අපි කැමතියි ඔබ තුමාව අපේ සභාපති කරගන්න...

    මෙයට සමස්ත ලන්කා ග්‍රිල් ගේට්ටු කරුවන්ගේ සම්මේලනය..

    ReplyDelete
    Replies
    1. බලුකිරි අඩවියේ මගෙන් පුකට පයින් පාරවල් කාපු සංගමයේ සභාපති හෙවත් ගණිකා මඩම් ඇඩ්මින් ගොයියා, දැන් ඒ පුක රිදෙන්නන්ගේ සංගමයක් පිහිටුවාගෙන, උන් හැම එකාටම ඊ මේල් හා දුරකථන මගින් කියනවා, මේ අඩවියේ ඇනෝ කමෙන්ට් ගහන්න කියලා.

      පුක රිදෙන්නන්ගේ සංගමය පෝලිමට හිටගත්තානම්, මට පුළුවන් තෙල් ගාලා අහවරයක් කරන්න. හැබැයි ඊට පස්සේ, පස්ස පැත්තවල් ටික ග්‍රීල් ගේට්ටු වෙලා තියෙයි, මා හිතවත් බලුකිරි පුක රිදෙන්නන්ගේ සංගමයේ සාමාජිකයාණනි.

      Delete
  22. මං දැකලා තියෙනවා ෆීලුම්වල එහෙම සොල්දාදුවො රෑට ඩයිනමයිට් එකක් වගේ එකක් දාල වෙඩි තියෙනවා.ඒකට ගන්නෙත් ට්‍රිප් ෆ්ලෙයාර්
    කියන එකද?

    ReplyDelete
    Replies
    1. නැහැ ඒකට කියන්නේ රයිෆල් ග්‍රෙනේඩ්. මේ තියෙන්නේ.

      https://www.youtube.com/watch?v=2TsYdSJ3_O4

      Delete
  23. ගොඩක් වටිනවා. අද තමයි කියවන්න එන්න පුළුවන් උනේ මේ ලිපිය.
    ජය වේවා !!!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }