හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

12 August 2015

ඩයලොගාගේ දීලා ඇදිල්ල 2

   මතකයි නේද මීට කාලෙකට ඉහතදී මම ලියපු, ඩයලොගාගේ දීලා ඇදිල්ල නමැති ලිපිය. ඔන්න අද ලියන්න යන්නේ, ඒ ලිපියේ දෙවැනි කොටස. ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව, අද මහා දවල්, ඩයලොගා, තමන්ගේ පාරිභෝගිකයන්ව මංකොල්ල කෑවා. තමන්ගේ සුනඛ ව්‍රතය මොනවට ප්‍රදර්ශණය කළා. මෙන්න මේකයි සිද්ධිය.

   ඩයලොගා මේ මෑත කාලෙදී නාලිකා නැවත ඇනීමක් කලානේ. ඉතින් අනලා අනලා, අපිටත් අන්නවලා, යන්තම් පාරිභෝගිකයන්ගෙන් බැනුම් අහලා, ඇනීම අවසන් කළා. අපි ඉතින් ඔරුවේ පෙරලිච්ච පිට හොඳයි කියලා, ලැබුණු නාලිකා ටික බලමින් උන්නා. ඔය නාලිකා ගොඩේ තිබුනා, Sony Six කියන නාලිකාවත්. වෙනදට කිරිකැට් මැච් වැඩිපුර පෙන්නන්නේ, Ten Cricket, Star Sports, ESPN, වැනි නාලිකා වල. නමුත්, මේ දිනවල ලංකාවට ඇවිත් ඉන්න, ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග විකාශනය කරන්නේ, Sony Six නාලිකාවෙන්. මේ බව කල්තියාම ඒ නාලිකාවෙන් නිවේදනය කෙරුනා.

   ඉතින් අපි බොහොම සතුටෙන් අද උදේ ඉඳලා පළමුවැනි ටෙස්ට් තරගය නරඹමින් සිටියා. මෙන්න බොලේ, හරියටම දවල් 1.45 ට, අර විකාශනය නැවතිලා, දැන්වීමක් දානවා, හිතවත් පාරිභෝගිකයෝ. අනේ අම්මපා ඔහෙට කියන්ට, ඔහේ මේ නාලිකාවට ඇන්ටර් වෙන්ඩ වරම් අරගෙන නැත්තේය. ඒ නිසා, වරං ගන්ට, අහවල් අංකයට කතාකොල්ලා, ඩයලොගාගේ දෙමව්පියන් මතක් කොරන්ට. එතකොට, තව ගෙඩි රුපියල් 99 ක් සහ බදු අයකොරලා, ඔහෙට වරම් දෙනවාය කියලා.

   එතකොට Sony Six නාලිකාව, පහුගිය මාස ගණනාවක් තිස්සේ, අපේ පැකේජයට ඇතුලත් කරලා,  අපිට දුන්නේ, අපේ k අමාරුවටද නැත්තං ඩයලොගාගේ k අමාරුවටද? මේ බව කලින් නොකිව්වේ ඇයි? දවසෙන් බාගයක් විකාශනය පවත්වා එකවර කපා හරියේ ඇයි? පාරිභෝගික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින්, මහ දවල් මංකොල්ලයක් කලේ ඇයි? පාරිභෝගික සේවා අධිකාරිය මේ ගැන හොයන්නේ නැද්ද? 

   මේ නීච, නින්දිත, තුච්ඡ, අධම, පහත් ක්‍රියාව මම තරයේ හෙළාදකිමි. පාරිභෝගියයන් කියන්නේ, තම පරවේණි දාසයන් කියා, ඩයලොගා හිතා ඉන්නවානම්, එය ඩයලොගාගේ මුග්ධ කම ප්‍රදර්ශනය කිරීමකි. සාමාන්‍ය රූපවාහිනී ඇන්ටෙනා අපට නැතැයි කියා, ඩයලොගා හිතන්නේනම්, ඩයලොගාගේ මොළය ඇත්තේ, මස්තිෂ්ක කුහරයේ නොව, අධෝ මාර්ගයේ කියා,සෑහෙන දුරට නිවැරදිව අනුමාන කළහැකිය.

   ඩයලොගාට යටත් නොවී, ඔබට තරග නැරඹිය හැකිය. සුදුසුකම් ලත් කාර්මිකයකුට කියා, ඉතා සුළු මුදලකින්, ඔබට, වී අකුරේ හැඩය ඇති, රූපවාහිනී ඇන්ටෙනාවක් සාදා ගතහැකිය. ඉදිරි කාලයේදී, මේ ආකාරයට අර නාලිකාව ගනින්, මේ නාලිකාව ගනින් කියා, එවිට ඩයලොගාට අපිට 'මොත්තේ' දාන්න බැරිය.

   දැන් ක්‍රිකට් තරග විකාශනය කෙරෙන්නේ, අර කොහාටවත් පැහැදිලිව නොපෙනෙන, පවුලේ කොම්පැණි නාලිකාවෙන් නොව, ජාතික රූපවාහිනියේ අයි නාලිකාවෙන් නිසා, දිවයිනේ 99% ක් ප්‍රදේශවලට, සාමාන්‍ය ඇන්ටෙනාවකින් මෙම තරග නැරඹීමට හැකිය.

   ඩයලොගෝ............ තරගකාරී සමාගමක් මග එනවා. එතකල්, සැපට, දිය සැලියේ දිය කෙළිනු. 

2015 අගෝස්තු මස 12 වැනි දින 1427 පැය.

64 comments :

  1. එළ! මේක තමයි වෙන්න ඕන. මිනිස්සු රූකඩ කියල හිතාගෙන හිටිය කාලය අවසන් වෙන්න ලඟයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලය ඉක්මනින් අවසන්වේවා කියන එකයි මගෙත් ප්‍රාර්ථනය.

      Delete
  2. හොඳ වෙලාවට පැන්සොන් ගිහින් හිටියේ නැත්තං ඩයලොගාට අද කටපුංචගෙන්ම තමා කන්න වෙන්නේ. නේද විචාරක මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. හනේ..... මේ වගේ අයට මොකටද එව්වා පාවිච්චි කොරන්නේ? මේ අයට දැනෙන්නේ මේ විදිහට ලිව්වම තමයි.

      Delete
  3. ඩයලොග් ලගේ ට්විටර් එකට විරෝධය දක්වපල්ලා හැමෝම. එතන විරෝධතා උන්ට හුගාක් රිිදෙනවා.

    ReplyDelete
    Replies
    1. එක ගහනකොට වදින තුන අද වෙනස් (තුනක්) විදියට වැදිල නේද මේ?

      Delete
    2. ඔව් නලින්, පාරිභෝගිකයන්ගේ විරෝධය ඔවුන්ට පෙන්විය යුතුයි.

      රාජ්, තුන ගහනකොට වදින එක නෙවෙයි නේද? :e

      Delete
  4. මෙන්න ලින්කුව https://twitter.com/dialoglk

    ReplyDelete
    Replies
    1. කෙලින්ම මේ පොස්ට් එකම ට්වීට් කලා :)

      Delete
    2. මාත් මෙහෙම දැම්මා

      @dialoglk Sony Six මාස ගණනාවක් , පැකේජයට ඇතුලත් කරලා දුන්නේ, ඩයලොගාගේ k අමාරුවටද? දවසෙන් බාගයක් විකාශනය පවත්වා එකවර කපා හැරීම සක්කිලි වැඩක්

      Delete
    3. ස්තුතියි නලින් ලින්ක් එක දුන්නට.

      ස්තුතියි කල්‍යාණ, අටම්, ට්විටර් එකේ අදහස් දැක්වීම ගැන.

      Delete
  5. එළම තමා... අංකල්ට තරහ ගියාම හරි වසයි.. ඩයලොග් හෙඩ් ඔපිසිය ගාවට ගිහිල්ලා ගිනි තියාගත්තනං හරියටම හරි.. අපිටවත් සැනසීමක් ලැබේවි.. හැක්..

    ReplyDelete
    Replies
    1. නෙද්දකින් මේ වගේ හාල්පාරු අබබ්බයෝ නිසා මොකට ගිනිතියාගන්නවද? ඔන්න ගීතා ආච්චි, මාලනී ආච්චි වගේ කෙනෙක් නිසානම් කමක් නැහැ.

      Delete
  6. අනේ මන්දා මංනං එදා ඉදන්ම ක්‍රිකට් මැච් තියන දවසට "බටපොල" ට මාරු වෙනවා..

    (කේන්තිය නිවාගෙනම කථාකරමු එහෙනං)

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බටපොල හොඳ ඇන්ටෙනාවක්. දේශීය නිෂ්පාදනයක්. මම බලන්නේ මා විසින්ම හදාගත් V හැඩයේ ඇන්ටෙනාවකින්.

      Delete
  7. විචාරක මහතෝ... උන් කරන්නේ බිස්නස් ඒකනේ.... නියමෙට බිස්නස් කරනවා..... බොහොමයක් අපේ කොම්පැනි කාරයෝ දන්නේ නැහැ උන් ජීවත් වෙන්නේ අපි හින්දා කියලා. උන් හිතන්නේ රාජ්‍ය සේවකයා විතරයි ජනතාවට යට කියලා.... යකෝ උන් කන්නේ අපි දෙන සල්ලි නෙමෙයිද හා....... ළගදී දවසක් මං ඒ ඒම් ඩබ්ලිව් ඒකට කතා කරන්න ගිහිල්ලත් ඔය වගේ වැඩක් වුණා...... හොද දෙකක් කියලා දුරකතනය තියලා ගත්තා උන්ගේ හෙඩ් ඔෆීස් ඒකට.... අැරන් කම්ප්ලෙන් ඒකක් දාන්න ඔ්නේ කිව්වා.... යකෝ ඒකටත් පෝලිම.. පැයක් විතර ඉදලා තරහාටම දැම්මා කම්ප්ලේන් ඒක... විනාඩි පහකින් විතර යාලුවෙක්ට කෝල් ඒකක් ගත්තා මේ තරහා ගැන උෟටවත් කියන්න... අරං බැලින්නම් උෟත් ඊට ටිකකට කලින් ඒතන්ටම අරන් බැනලා කම්ප්ලේන් ඒකක් දැම්මාලු... අනේ කාට කියන්නද ... මං ටිකක් කලින් ඒදා නිදා ගත්තා..... පහුවදා නැගිටිද්දි හිත හරි........

    ReplyDelete
    Replies
    1. බිස්නස් නෙවේ බං. ගසාකෑම. නොසැලකීම.

      ඒ කාලෙ ප්‍රංශෙ බාර්වල බඩු හිඟ නිසා පෝලිම දිගයිලු කිලෝමීටරයක් විතර. ඔන්න මල පැනපු එකෙක් ගියාලු අද ඩිගෝල්ට ගේම දීල එනව කියල. ටික වෙලාවකින් බුවා ආයෙත් ඇවිල්ල පෝලිමේ පිටිපස්සෙ හිටගත්තලු.

      "ඇයි තමුසෙ ගියේ ඩිගෝල්ට ගේම දෙන්න නේද? මොකෝ ආවෙ?" එකෙක් ඇහුවලු.

      "ඒක හරියන්නෑ බොස්, ඌට ගේම දෙන්න ඉන්න එවුන්ගෙ පෝලිම මේ වගේ තුනක් ඇති"

      Delete
    2. මුන් බිස්නස් කාරයෝ නෙවෙයි කුරුටු, ඇස්බැන්දුම් කාරයෝ, ලේ මාපිල්ලු, වලවෙට්ටුවෝ.

      රාජ්, හෙට අනිද්දා මුන්ටත් එහෙම වෙයිද දන්නේ නෑ.

      Delete
    3. රාජ් අයියගේ කතාව තමයි දවසේ කතාව.මොනව උනත් ඒ වගේ සක්කිලි වැඩවලට අනිවා එරෙහි වෙන්න ඕනේ.

      Delete
  8. මං නම් කියන්නේ වරද බලන එකා අතේ.. හි හි.. දැනටමත් dish TV එහෙම ඇවිත් තියෙනවා නේද? ඒවායේ මැච් පෙන්නන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ බං.මැච් එක කොච්චර හොඳද කියනවනං මම ටී වී ඒක වහ දාල නිදාගත්තා.

      Delete
    2. අර මොකෝ ටීවී එකට "වහ" දැම්මේ ??

      Delete
    3. Dish TV තවම කොළඹ පැත්තේ විතරයි තියෙන්නේ කල්‍යාණ. ඊටත් වඩා හොඳ එකක් තියනවා, මට නම මතක නැහැ. ඒකත් පෙනෙන්නේ කොළඹට විතරයි. ඔව්වා එන්නේ නැතෑ කැරකිලා මේ පැතිවලටත්.

      හැලපෙ, මට මතක්වුනේ අර සුප්‍රසිද්ධ කියමන.
      "ඇහැක් නම් කන්න බැරිනම් වහදාන්න"

      ඉවාන්. උඹට ඊළඟ වතාවෙදී වහ දාලා දෙයි. බලාගෙන හිටපන්.

      Delete
  9. කලින් දවසකත් ඇහැව්වා වගේ-
    ඇයි මේ විචාරකටම මේවා වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මෙයාට මම කිව්වා ගොල්ඩ් පැකේජ් එකක් ගන්නය කියලා..කොහෙද අහනවයැ...

      Delete
    2. ඔහේනං කියයි , අපිනේ කොරන්ඩ ඕන ,

      Delete
    3. මේව හැමෝටම වගේ වෙනව. කතා කරන්නෙ ටික දෙනයි.

      Delete
    4. @ රසික.

      මේක මට විතරක් වුන දෙයක් නෙවෙයි. මේ පැකේජය අරන් තියන හැමෝටම වෙලා තියෙන්නේ. මෙහෙම හරි කතාකරන්නේ මම විතරයි.

      @ චෙෆාකි, බුදු අම්මෝ රු 2000 ක් වෙනවා මාසික ගාස්තුව.

      @ අටම්, ඒකනේ කියන්නේ. කොහේ තියන සල්ලිද?

      @ රාජ්, ඔව් රාජ්, හුඟ දෙනෙක් කටපියාගෙන ඉන්නවා. මේ විදිහටවත් අනික් අයගේ අවධානයට ලක්කරන්නේ නැහැ.

      Delete
  10. අපි වගේ මැච් න‍ොබල හිටියනං අහවරනෙ.

    ReplyDelete
    Replies
    1. පොහ්...............කොහොමද ඊයේ අපේ කෂ්ටිය ගහපු ගැහිල්ල?

      Delete
  11. ඉස්සර පියෝ ටීවී ජනප්‍රිය නැති කාලෙ උන්ගෙ සර්විස් එක ටිකක් හොඳයි. අනික පියෝ ටීවී වගේ බ්ලොට් වෙච්ච ගතියක් නෑ ෂාප් පික්චර්ස් තිබුණා. දැන් වැඩිය බිසිනස් නැති හින්දා නොසලකා ඉන්නවා ඇති.
    ඒ මොනවා වුණත් පාරිභෝගිකයන් ගසාකෑම හෙළිදරව් කරන්න ඕනි. ඒ කාලෙ කෙලි දැන් හරියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පියෝ ටී වී ඉස්සරට වැඩ දැන් හොඳයි. නමුත් අපි ඉන්නේ ටෙලිෆෝන් එක්ස්චේන්ජ් එකෙන් දුර නිසා, පියෝ ටීවී හරි ස්ලෝ. ඩයලොගාලා දැන් ඒකාධිකාරියක් කියලා හිතාගෙන වැඩ කරනවා වගේ.

      Delete
  12. එන්ඩ මාමේ අපි දෙන්නා ගිහිං ඩයලොග් එක ප්ලැට් කරලා එමු ... මම රෙඩි

    ReplyDelete
    Replies
    1. ඓ් කොහොමද බොල මාම වෙන්නෙ

      Delete
    2. කෝ මේ අනිත් බෑනලා ටික?

      Delete
    3. යමු බෑණෝ, ඒත් එතනට ගියාට පස්සේ උඹ දිව්වම මට මොකද වෙන්නේ?

      අටමෝ, ඔව්වා මේ හීතල කාලෙට පෙනෙන හීන නේ.

      මෙන්ඩෝ, යකෝ එකෙක් ඇති.

      Delete
    4. ඔන්න ඩයලොග් එකේ කොට එකෙක් හොරෙන් ඔලුව දාලා මාරුවෙලා

      Delete
  13. නියමයි නියමයි.... අන්න කොල්ලො

    ReplyDelete
    Replies
    1. මට නේද ඔය කොල්ලා කිව්වේ. හලේ.................මට හලීම සතුටුයි.

      Delete
  14. ඒකාධිකාරයක් තියෙනකොට ඔය දේ වෙනවා. නියම තරඟ කාරයෙක් ආපු දවසට ඔය සෙල්ලම් ඉවර වෙනවා. ඔය අයත් දන්නවා ඒක වෙන බව. ඒ නිසා පුළුවන් වෙලාවෙ උපරිමෙන් හම්බකරගන්න තමයි හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් යශ්, ඒ නිසා තමයි මුන් දැන්, 'ලිපගිනි මොලවනතෙක් දිය සැලියේ' රඟපාන්නේ.

      Delete
  15. පව් අප්පා...විචාරකටමයි මේවා වෙන්නේ... :(

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පොඩ්ඩි, මේ පැකේජ් එක ගත්ත ඔක්කොටම මේ ප්‍රශ්නේ ආවා ඊයේ ඉඳලා.

      Delete
  16. ඉන්දියාවේ මුඩුක්කු වල ඉන්න එකාටත් තියෙන්නෙ ඩිශ් ටි.වී. . ඒ තරමට ලාබෙට තියෙන දෙයක් මෙහෙ ගිනි ගණන් වලට විකුනන්නේ. අනිවා තව ඉස්සරහට තරගේ එද්දී ඕව නිකන්ම අඩුවෙයි..

    ReplyDelete
    Replies
    1. තවත් සමාගම් වලට එන්න කියලා උනන්දු කරවීම තමයි හොඳම විසඳුම.

      Delete
  17. airtel ලොකු පෙරලියක් කරයි ඩයලොග් වලට අභියෝගයක් වෙයි කියලා හිතුවට එහම වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. Airtel එකේ ප්‍රචාරණය අසාර්ථක වුනා කියලයි මටනම් හිතෙන්නේ.

      Delete
  18. සැටා හදාගන්න පුලුවං ඒත් ඒවයින් ලංකාවෙ චැනල් බලන්න විදියක් නෑ ඩිෂ් ටීවී නං තියෙය් ඒත් හරියකට දීල නෑ හැමැතැනම ටික දවසක් ඉම්මුකෝ එක්කෙනෙක් දෙන්නෙක් ට්වීට් කලාට හරියන්නෙ නෑ අන්න ඒකයි අවුල අපි කීප දෙනෙක් උංට බැන්න කියල උං කිතිකවනව වගේ වැඩක් සීයක් දෙසීයක් විතර සෙට් වෙලා උංට සංසාරෙඉ එපා කෙරෙව්ව නං හරි

    ReplyDelete
    Replies
    1. අපේම රටේ සමාගමක් චන්ද්‍රිකා රූපවාහිනේ සේවයක් පටන්ගන්නවානම් හොඳයි. ඩිෂ් ටීවී එකේ වැඩිපුර තියෙන්නේ ඉන්දියන් නාලිකා.

      ඇත්තටම ඩයලොගාට දැනෙන විදිහට යමක් කලයුතුයි.

      Delete
  19. ඩයලොග් ආපු මුල් කාලේ ගන්න ඇමතුමක් මිනිත්තුවකට රුපියල් දහ හතරකුත්, ලැබෙන ඇමතුම් මිනිත්තුවකට රුපියල් හතකුත් වශයෙන් සූරාගෙනම කෑවා. අපේ ඩයලොග් ටී වී එකෙත් ඔය සෙල්ලමමයි. පෙන්නන්නෙත් ඉන්දියන් රෙද්දවල්. වෙනත් සේවාවන් සපයන සමාගමක අවශ්‍යතාවය ඉතා තදින් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් එපාම කරලා තියෙන්නේ කුණු ඉන්දියන් චැනල් ගොඩක් හැම පැකේජ් එකකටම ඔබා තිබීමයි. ඒ මදිවට උන්ගේ බොළඳ කුණු ඉන්දියන් ඇඩ් බලන්නත් ඕනේ අපි.

      යුරෝපීය චැනල් වැඩියෙන් දෙන අලුත් සේවා සපයන්නෙක් වහාම අවශ්‍යයි.

      Delete
  20. විචාරකතුමා , මම ඕකුන්ට දවසක් බැන්න හොඳටම ඔය වගේ වැඩක් වෙලා... කස්ටමර් සර්විස් එකේ ඉන්න උන්ට බැනල වැඩක් නෑ තමයි. ඒත් ඉති ඩයලොග් එකේ සී.ඊ.ඕ. ෆෝන් එකට එනවය අපිට බනින්න. එකත් කියලම බැන්නේ.. අම්මප ඉස්සරහට ඔවුන්ට තරඟෙට එකෙක් ආවොත් ගොඩ... ඒක අනිවාර්යෙන් සිද්ධවෙයි...

    ReplyDelete
    Replies
    1. මමත් එක දවසක් බැන්නා. මම කිව්වේ මෙහෙමයි ඒ කස්ටමර් සර්විස් නෝනට. කරුණාකරලා මම මේ කියනටික පටිගත කරලා ඔයාලගේ සී ඊ ඕ ට අහන්න දෙන්න කිව්වා ඊට පස්සේ කියන්න ඕනේ ටික කුණුහරප නැතුව, නමුත් අවශ්‍ය තේරුම දෙන වචන වලින් කිව්වා.

      Delete
  21. මට හිතාගන්න බැරි ඇයි මිනිස්සු නිකන් පෙන්නන චැනල් සල්ලි දීල බලන්නෙ කියල!

    ReplyDelete
    Replies
    1. නිකං දෙන්නේ ඉතින්, අර free to air කියන වර්ගයේ එවයි දේශීය එවයි විතරනේ. නමුත් CNN, Al Jazeera, BBC, වගේ ඒවා බලන්න වෙන්නේ සල්ලි වලට. ඉන්ටර්නෙට් එක ඔය වෙනුවෙන් යොදාගැනීම තේරුමක් නැහැ.

      Delete
  22. විචාරක ක්‍රිකට් මැච් නොබලා ෆුට් බෝල් මැච් බලන්න පුරුදු උනා නම් ඉවරයිනේ

    කියලා කියන්නේ 4/15 ඉදං ලියන යා ෂා

    ReplyDelete
    Replies
    1. මේ පැකේජ් එකේ තියන Neo නාලිකාවෙන් මම පාපන්දු තරග ගොඩක් බොහොම ආසාවෙන් බලනවා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }