මේ දිනවල ලොකු වැඩකට අත ගහලා තියෙන්නේ. හමුදාමය කරුණු ඇතුළත් ලිපියක් සැකසීම පහසු නැහැ කියලා, මා මීට පෙරදීත් කීප වතාවක් කියලා ඇති. එවැනි ලිපියක් සඳහා අවශ්‍ය, අධ්‍යයනයක සහ පරිවර්තන කාර්යයක යෙදී ඉන්න ගමන්, කම්මැලිකම යන්නයි, මේ සරල සටහන ලියන්නේ. පරණ හඳහන් කියන කියමන, දැන් භාවිත වෙන්නේ නැති තරම්. අපි කුඩා කාලයේ මේ කියමන කිව්වේ, 'පරණ කාලේ කතා ආයෙත් මතක් කරනවා' කියන අදහසින්. කවුරුත් දන්නා පරණ සිද්ධියක් කවුරුහරි ආයෙත් කියනකොට තමයි, අනේ මේ, ඔව්වා පරණ හඳහන් නේ' කියලා කිව්වේ.
මේ ටික මුලින්ම කිව්වේ, මගේ මතකයෙන් කියවෙන මේ පරණ කතා, කලින් මා අතින් කියවෙලා තියනවානම්, මෙය නැවත ප්‍රචාරයක් හැටියට නොසලකන මෙන් ඉල්ලීමටයි. මේ කතාවලින් සමහරක්, මා විසින්, වෙනත් නමකින්, වෙනත් අඩවියකට, වසර කීපයකට උඩදී ලියා තිබෙනවා.
ඔන්න ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ, 'හැදිච්ච දෙමව්පියන්ගේ, නැහැදිච්ච ළමයි ඉන්නවානම්, ඔහොමම ඉන්න. නැහැදිච්ච දෙමව්පියන්ගේ, හැදිච්ච ළමයි ඉන්නවානම්, දැන්මම මෙතනින් යන්න'. හරි, එහෙනම් බහිමු කතන්දර වලට.
මැලේරියා තෙල් ගැහිල්ල
මෙය සත්‍ය කතාවක්. මේ කතන්දරේ 1970 දශකයේ අග භාගයේදී මට කිව්වේ, එවකට මගේ මිත්‍රයකු වශයෙන් මා ආශ්‍රය කළ, නමුත් මට වඩා වයසින් වැඩි, මැලේරියා මර්දන ව්‍යාපාරයේ සේවය කළ, අද ජීවතුන් අතර ඉන්නවාදැයි නොදන්නා, පුද්ගලයකු විසින්. ඒ මහතා, නැගෙනහිර පළාතට අයත්, සශ්‍රීක ගොවිබිම් වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ක්ෂේත්‍ර නිලධාරියකු ලෙස සේවයේ යෙදී සිටියදීයි, මේ අත්දැකීම ලබා තිබෙන්නේ. වෙනදා මෙන්ම සුපුරුදු පරිදි, නිවාස වල මැලේරියා මර්දන ක්‍රියාවක් වශයෙන්, රසායනික දියර ඉසින, තම සේවක පිරිස පිටත් කළ ඔහු, කාර්යාලයේ කටයුතු නිමවා, තම බයිසිකලයෙන් ගියාලු, වැඩ පරීක්ෂා කිරීම සඳහා.
ඉතාම සතුටුදායක ලෙස, එදිනට අදාළ ගමේ නිවාස වලට, මැලේරියා බෙහෙත් ගැහීම සිදුවෙමින් පවතින බව පෙනී ගියාලු. නමුත්, එක නිවසක් අසළට ගියාම දුටු අමුතුම ආකාරයේ දසුනකින්, අර මහත්තයා, අන්ද මන්ද වී ගියාලු. ඔහු දැක්කේ, මැලේරියා බෙහෙත් ඉසින යන්ත්‍රයක නොසල් එක සහිත බටය, එම නිවසේ අඩවල් වූ පසුපස දොරෙන්, එළියට ඇතුළට, එළියට ඇතුළට, එළියට ඇතුළට, එක්තරා රිද්මයකට චලනය වන ආකාරයලු. වඩාත් හොඳින් පරීක්ෂා කිරීමට, දොර ඇර බැලුවාම, බෙහෙත් ගහන්නට ආ සේවකයා, ටැංකිය පිටේ බැඳගෙනම, අර ගෙදර ඇත්තිව, වී ගෝනි ගොඩකට හේත්තු කරගෙන, බෙහෙත් ගහනවලු.
පොතේ ගුරා සහ පීල්ලෙන් නෑම
මේ සිදුවීම් දෙක, මගේ සහෝදරයකුට, එකම දවසේ විඳින්නට සිදුවූ අත්දැකීම් දෙකක්. අත්දැකීම් අමිහිරි වුනත්, හරිම රසවත්. පාසලේ වර්ෂාවසාන විවිධ ප්‍රසංගය වෙනුවෙන් රඟදැක්වුණු, ඓතිහාසික නාට්‍යයේ, පොතේ ගුරු චරිතය තමයි, මගේ සහෝදරයා රඟපෑවේ. ඒ කාලයේ අපි, 'යට වෙයාර්' හෙවත්, 'අන්ඩර් ඇඳුම්' හැටියට ඇන්දේ, ගමේ ටේලර් උන්නැහේට කියා මහගත්ත, (සමහරවිට අම්මත් මහලා දුන්නා) කාටත් තේරෙන භාෂාවෙන් 'වවුල් ජොකා' නමැති වර්ගයේ වෙල්ල වැහුම්. වෙයන්න වෙයන්න. වයන්න කරලා අහුවෙන්න එහෙම එපා. ඉතින් ඔව්වා ඇන්ද උදවිය සහ, ඇන්දේ නැතත්, දැකලා ඇති උදවිය දන්නවා, එය අඳිනවිට පටි දෙකක් ගැට ගැසීමට ඇති බව. කල්යාමේදී, ඔය පටිවල ශක්තිය අඩුවීමෙන්, ඇඳගෙන ඉන්න අවස්ථාවේදී පටි කැඩෙනවා. අනේ........... එතකොට එය ඇඳගෙන ඉන්න තැනැත්තා පත්වන්නේ, හරියටම, යුද්ධ ටැංකියක වටේ තියන සන්නාහ තහඩුව ගැලවුණා වගේ, ඉතාම අසරණ තත්වයකට.
ඔන්න ඉතින් එදා විවිධ ප්‍රසංගය හෙවත් කොන්සට් එක පවත්වන දිනය. දවල් වරුවේ දර්ශනය තිබුනේ, පාසලේම දරු දැරියන්ට. බොහොම වෙහෙස වෙලා ඒ දර්ශනය ඉතා හොඳින් අවසන් වුනා. සවස දර්ශනය දෙමව්පියන්ට. ඉතා විශිෂ්ඨ මට්ටමෙන් පුහුණු කර තිබුණු නාට්‍යය බලන්න, ශාලාව පිරී ඉතිරීයන තරම්, ප්‍රේක්ෂක පිරිසක් හිටියා. ඔන්න ඉතින් පොතේ ගුරා, දර්ශනය ආරම්භ කිරීම සඳහා, තමන්ට නියමිත කොටස, කාව්‍යාලංකාර සහිතව කියමින්, වේදිකාව මැදට එන්නට පටන්ගත්තා. නමුත් පියවර දෙක තුනක් ගියපසු, ඔහු ගමන්කළේ, පුහුණුවේදී කියාදුන් ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකට. එමෙන්ම ඔහුගේ මුහුණේ ඉරියව්ද, පුහුණුවේදී කියාදුන් ආකාරයට පැවතුනේ නැහැ.
යන්තම් තම කොටස කියා නිමකළ ඔහු, අධෝ මාර්ගයේ රැඳුන යමක්, ඉන් පිටතට වැටීම වළක්වාලන විදිහේ ගමන් විලාශයකින්, වේදිකාවෙන් පිටවුණා. ඔහුගේ රංගන සගයන් පමණක් නොවෙයි, නිළියන් කීප දෙනෙක්ද වහාම ඔහුව වටකර ගත්තා. එක නිළියක් ඔහුගේ මූණට කඩාපැන ඇහුවා, 'මොකක්ද ඒ ඔයා කළේ? මොකද වුනේ'? කියලා. පොතේ ගුරා මුවින් නොබැණ, ඔහුගේ අර තාපස විලාසයේ ඇඳුම මඳක් ඔසවා, අර නිළියට පෙන්නුවා, ඒ වනවිටත් ඔහුගේ දෙපා මුලට වැටී තිබුන, වෙල්ලවැහුම. අර නිළියගේ යටිගිරියෙන් කෑ ගැසීම නිසා, දර්ශනය මොහොතකට නවත්වා, ප්‍රේක්‍ෂකාගාරය සන්සුන් කර, නැවත දර්ශනය ආරම්භ කළා. එතැන් සිට පොතේ ගුරා, ඉතා සැහැල්ලුවෙන් නාට්‍යයේ ඉතිරි කොටස් ඉදිරිපත් කළා. නෑ නෑ, ඝන්ඨාරයක් වදින හඬක් ඇහුනේ නැහැ. නිළියන් බයවුනෙත් නැහැ.
ඊළඟ ජවනිකාව; එදා විවිධ ප්‍රසංගය අවසන් වෙලා, හොඳටම රෑ වෙලා, නළු කොල්ලෝ කට්ටිය ගියා, ඒ පැත්තේ මහා මාර්ගය අයිනේ තියන පීල්ලකින් නාන්න. උඩරට පළාතට දිවෙන මේ මාර්ගයේ, මේ කතාව කියවෙන 1970 දශකයේ, රෑට වාහන එන්නේ කලාතුරකින්. නාන්න ගියාට, යටට ඇඳගන්න එකක් නැති නිසා, පොතේගුරා, කලුවරේම, උපන් ඇඳුමෙන් නාන්න පටන්ගත්තා. යාළුවො ටික කතාවෙලා, හෙමිහිට කලින්ම නාලා, එකවරම පොතේගුරාගේ ඇඳුම් ටිකත් අරන්, බයිසිකල්වල නැගලා පාගලා යන්න පටන්ගත්තා. පොතේගුරා, සංස්කෘත, අපබ්‍රංශ, වාග්මාලාවෙන් යාලුවන්ට අමතමින්, බයිසිකල් පසුපස දුවන්න පටන්ගත්ත, උපන් ඇඳුමෙන් වතුර බේරී බේරී.
අනේ..........., ටිකදුරක් පන්නනකොට, පොතේගුරාට පසුපසින් වාහනයක් එනවා. දැන්, පොතේගුරාව, හරියට අර වේදිකා නාට්‍යයකදී, clear spot light එකක් ගැහුවා වගේ, ලස්සනට පෙනෙනවා, ඒ වාහනයේ ලයිට්වල එළියෙන්. එකවරම ඒ වාහනය පොතේගුරා ලඟට ඇවිත්, ගොරෝසු කටහඬකින් කිව්වා, 'ඒයි ඔහොම නැවතියන්' කියලා. පොතේගුරා ගල් ගැහිලා නැවතුනා. ඇවිත් තිබුණේ, ඒ ප්‍රදේශයේ පොලීසියේ ජීප් එක. මුර සංචාරයක් ගිහින් එනගමන්. පොලීසිය ඔක්කොමලව අල්ලගත්තා. අල්ලාගෙන ප්‍රශ්න කළා. කොල්ලො ටික අකුරක් නෑර ඇත්ත කිව්වා. මිනිස්කමෙන් හෙබි ඒ පොලිස්කාරයෝ, කතාව අහලා හොඳටම හිනාවෙලා, ලඟපාත කොල්ලොටික, ජීප් එකෙන්ම ගෙවල් වලට ගිහින් දැම්මා.
රාවණා ඇල්ලේ සුදු ජෝඩු ජෝඩුව
මේ කතාව, සවිස්තරව ලියන්නේ, ඊයේ පෙරේදා මා, හතර වටේ බ්ලොග් අඩවියේ දැමූ කමෙන්ට් එකක් පදනම් කරගෙනයි. 1988 - 90 භීෂණ සමයේ, මා, බදුල්ල දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල, සේවයේ යෙදී සිටියා. මේ කාලයේදී නිතරම, රාජ්‍ය විරෝධී ක්‍රියා පිළිබඳව, ආරක්ෂක අංශ සෙවිල්ලෙන් සිටි අතරම, සැක කටයුතු සියලුම ස්ථාන, වාහන, පුද්ගලයන්, ආදිය පරීක්ෂා කිරීම සිදුකෙරුනා. එක දිනක් මා සොල්දාදුවන් හය දෙනෙකු සමග ඇල්ල - වැල්ලවාය පාරේ, අපේ ජීප් එකකින් ගමන් කළේ, රාජ්‍ය විරෝධී කණ්ඩායමක ක්‍රියාකාරකම් පිළිබඳව ලැබුණු, එක්තරා තොරතුරක් ගැන වැඩිදුර විස්තර සෙවීමටයි. ඒ කාලේ, රාවණා ඇල්ල නැරඹීමට, දේශීය සංචාරකයන් තබා, විදේශීය සංචාරකයන්ද ආවේ බොහොම අඩුවෙන්.
රාවණා ඇල්ලට ආසන්න වනවිටම මා දැක්කා, එතන හුදකලාවේ වාහනයක් නවත්වා තිබෙනවා. එහි රියදුරා පමණයි හිටියේ. ඇල්ල බලන්න ආව අය කවුරුවත්, අහල පහළ පෙනෙන්න හිටියේ නැහැ. මා රියැදුරාව මා අසළට ගෙන්වාගත්තා. ඔහු සිංහල ජාතිකයෙක්. කොළඹ සංචාරක හෝටලයක සිට පැමිණි ඒ වාහනයේ, සුදු ජෝඩු දෙකක් පැමිණි බවත්, ඔවුන් ඇල්ල දිගේ ඉහළට නැග්ග බවත්, ඔහු කිව්වා. වාහනය සම්පූර්ණ පරීක්‍ෂාවකට ලක්කලත්, සැක කටයුතු කිසිවක් තිබුණේ නැහැ. නමුත් එයින් සෑහීමකට පත්වන්නට බැහැ, ඇත්ත දැනගන්නා තුරු.
මා සමග පැමිණි සෙබළුන් හය දෙනාගෙන් දෙදෙනෙකු එහි නවත්වා, ඒ වාහනයේ යතුර, මගේ සොල්දාදුවන් දෙන්නාගෙන් එක් අයකු අතට දී, මා එම වාහනයේ රියදුරුට කිව්වා, වාහනයට නැග දොරවල් අගුලු දමාගන්න ලෙසත්, වාහනයෙන් එළියට ආවොත් වෙඩි තබන බවත්. අර සොල්දාදුවන් දෙදෙනාට කිව්වා, සැක කටයුතු පුද්ගලයන්, අවට වනයේ ඉන්නවා දැක්කොත්, අහසට වෙඩි තබා ඔවුන් බියකර, පහළට ගෙන්වා ගන්නා ලෙසත්, ඔවුන්ගෙන් ප්‍රති ප්‍රහාර එල්ල වන්නේ නම්, ඔවුන්ට මැරෙන්නට වෙඩි තබන ලෙසත්.
ඉතිරි සෙබළුන් හතර දෙනා සමග මා, ඇල්ලට දකුණු පසින්, මේ සමග ඇති පින්තූරයේ රතු පැහැති කඩ ඉරෙන් පෙන්වන ආකාරයට, ඇල්ල දිගේ ඉහළට නැග්ගා. ඇල්ලේ ඉහළම කොටසේදී, මා මහත් විශ්මයට/ප්‍රහර්ෂයට/අමන්දානන්දයට/අන්ද මන්ද බවට/තව තව නොයෙකුත් බවට/ පත්වන දසුනක් දැක්කා. තරුණ සුදු ජෝඩු දෙකක්, ඇල්ලේ ඉහළ ඇති, (මීට පෙර මා කවදාවත් එවැනි දෙයක් එතන ඇති බවක් අසා තිබුනේ නැහැ) ස්වභාවික පොකුණක, සම්පූර්ණ නිරුවතින්, සිත්සේ දියකෙළිමින් හිටියා. අවංකව ඇත්ත කියනවානම්, ඒ සුදු කාන්තාවන් දෙදෙනාම රූමත්. මට සැළලිහිණි සංදේශය, පරෙවි සංදේශය, මතක්වුණා. මට එහෙම වුණාට, අර සුදු ජෝඩු දෙක නම්, හෘදයාබාධයකට ලක්වන තරම් කම්පනයකට පත්වුනා. සැබවින්ම, අපි ඔවුන් වෙඩි තබා මරා දමනු ඇතැයි සිතන්නට ඇති. දැන් මා කුමක්ද කලයුත්තේ? ('බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ' කියලා, මමත් වතුරට පැන්නානම්, හොඳයි නේද?) මෙය ප්‍රසිද්ධ ස්ථානයක් බවත්, මේ ආකාරයට හැසිරීම තහනම් බවත්, කියන්නට හිතුනත්, ඔවුන් ඇහුවොත්, මෙතන කොහොමද ප්‍රසිද්ධ ස්ථානයක් වෙන්නේ? කියලා, මට උත්තර නැතුව යනවා.
ඔන්න මොළේට විදුලි බලය ලැබුණා. මම කිව්වා, මෙය අධි රක්‍ෂිත ප්‍රදේශයක් බවත්, ශ්‍රී ලංකා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත්, පූර්ව ලිඛිත අවසරයක් නැතිව, මෙහි රැඳී සිටීම සම්පූර්ණයෙන් තහනම් බවත්, ඒ නිසා, ඇඳුම් ඇඳගෙන, ආපසු යන්නට, විනාඩි 15ක් දෙන බවත්, නැත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්නට මට සිදුවන බවත්. වැඩේ හරිගියා. ජෝඩු දෙක ඇඳුම් අඳින තුරු, මම මගේ සෙබළුන් සමග මඳක් පහළට බැස රැඳී සිටියා. මගේ කොල්ලො ටික හිතන්න ඇති, 'අනේ අපේ සර්ට නම් පිස්සු, මේ වගේ ලයිව් සීන් එකක් කාගත්තනේ' කියලා. මේ සිද්ධියෙන් පස්සේ, මම, ඒ පැත්තේ මා හඳුනන, වතු අධිකාරී සගයන් පිරිසක් සමග, ඒ පොකුණේ නාන්න ගියා. මෙන්න එදා ගත්ත පින්තූර. මත්පැන් පාවිච්චිය සම්පූර්ණයෙන් තහනම් කරලයි නාන්න ගියේ. එකෙක් හරි ඇල්ල පල්ලේ දෙරි ගැහුවනම් කාට කියන්නද? අදනම් මෙතනට ඕනේ කෙනෙකුට යන්න පුළුවන් ඇති. නමුත් යන පිරිස බොහොම අඩුයි.
හම්මෝ.............ඇති ඇති. තවත් කතා මතක්වුණා, පස්සේ කියන්නම්. දැන්නම් හොඳටම මහන්සියි.
2015 අගෝස්තු මස 09 වැනි දින 0701 පැය
/ ඉතින් ඔව්වා ඇන්ද උදවිය සහ, ඇන්දේ නැතත්, දැකලා ඇති උදවිය දන්නවා, එය අඳිනවිට පටි දෙකක් ගැට ගැසීමට ඇති බව. කල්යාමේදී, ඔය පටිවල ශක්තිය අඩුවීමෙන්, ඇඳගෙන ඉන්න අවස්ථාවේදී පටි කැඩෙනවා. /
ReplyDeleteමම ඇන්දා..මම ඇන්දා..අම්ම මහල දුන්නු එව්ව මම ඇන්දෙ...අඩේ පටි රෝල් නැත්තම් පඩි කැඩෙනව කියල ඉතාම ලැජ්ජාවට පත්වුනහම කියනව අපි ඒ කාලෙ. ඒ කතාව ඇවිල්ල තියෙන්නෙ මම හිතන්නෙ ඔය පටි ජොක්කු අනුසාරයෙන්.
/ ඔහු සිංහල ජාතිකයෙක්. /
මෙහෙම කියන එක වැරදියි කියලයි මට හිතෙන්නෙ විචාරක මහත්තයෝ..සිංහල කියන්නෙ ජනවර්ගයක් මිසක ජාතියක් නෙවෙයි නේද? ඔහු සිංහලයෙක් කියල නම් කිව්වහැකි. Race වෙනයි Nationality වෙනයි නේද?
ඔය ප්‍රශ්නෙම තියෙනවා මේ රටේ මිනිස්සුන්ව හදුන්වද්දී... රට ඇතුලේ සාමන්‍ය පුරවැසියෝ විදියට ඉන්න අරාබි ජාතික ඉස්ලාම් ආගම අදහන අයත්... යුදෙව් ආගම අදහන ලෝකේ මොන රටකින් ආව අයත් නිත්‍යානුකුල නම් ඔවුන් හඳුන්වන්නේ ඊශ්‍රායලී කියලා... ඒත් ගොඩක් අය හිතන් ඉන්නේ ජුවිස් කියන්නේ ජාතියක් කියලා..
Deleteමේකයි වැඩේ රවී, ජනවර්ගය සහ ජාතිය කියන සංකල්ප යටකරගෙන ඉස්මතුවෙන්නේ පුරුද්ද. ජම්මේටත් වඩා ලොකු පුරුද්ද. සිංහල ජාතිකයා, ද්‍රවිඩ ජාතිකයා, මුස්ලිම් ජාතිකයා කියලනේ කියන්නේ. ඉතින් ලියාගෙන යනකොට ලියවෙන්නෙත් එහෙමම තමා.
Deleteමමත් අම්මා මහල දුන්න ඒවා ඇඳලා තියනවා.
ඔමායා, ඔය ජාති නාම සහ වර්ග නාම නිවැරදි භාවිතය තව අවුරුදු 100ක් ගියත් හරියන එකක් නැහැ.
මාත් කාලයක් ඔව්වා ඇන්දා. තාත්ත නං මැරෙනතුරුම ඇන්දෙ එව්වා. අපෙත් අම්ම තමයි තාත්තටයි මටයි මහල දුන්නෙ. වේට් එක්සර්සයිස් කරද්දි හරි ප්‍රයෝජනයි.
Delete(දවසින් දවසම රවිගෙයි, විචාරකගෙයි, මගෙයි සමානතා දකින්න ලැබෙනවා)
Patta story tika Mr.Wichaaraka..
ReplyDeleteස්තුතියි ටික්කො. ගොඩක් දේවල් මතකයේ තියනවා. සමහර එව්වා ලියන්න බැහැ 60+ එව්වා නිසා.
Deleteරාවණා ඇල්ල වටේ තියෙන පරිසරය හරි සුන්දරයි. එක පාරක් රාවණා ඇල්ල බලන්න ගිහින් පයින්ම ඇල්ල නගරයටම ගියා වටේ ලස්සන බලන්න ඕනෙ නිසාම.
ReplyDeleteපොතේ ගුරාට උන වැඩේ නම් මරු. ඔහොම යාලූවො නම් කාටත් ඉන්නවා නේද... මොනා උනත් පොලිස් මහත්තුරු ටික හොඳ නිසා වැඩේ ගොඩ ගිහින්.
කොච්චරවෙලා බලාගෙන හිටියත් එපා නොවෙන ලස්සන දිය ඇල්ලක්. 'ඇල්ල ගැප්' හෝටලය කියන්නේ 1950 දශකයේ පමණ සිට සංචාරකයන්ගේ සිත් ගත් තැනක්. ඇල්ල වැල්ලවාය පාර ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු මාවතක්.
Deleteපොලිස් මහත්තුරු කියන්න පුළුවන් අන්න ඒ වගේ අයට තමයි.
සුද්දො දෙන්නට තුවක්කු දීල විචාට තිබුණෙ සුද්දිත් එක්ක වලේ බහින්නනෙ.
ReplyDelete:D
Deleteෙමෙොනව ෙකෙොලාද කයුවුද බං දන්‍ෙනෙ
Deleteඑහෙම තුවක්කු දෙක උන්ට දුන්නනම් අද විචාමාමට වවුල් ජොකෙක් අඳින්නවත් දෙයක් ඉතුරු වෙන්නේ නෑ.
Deleteහපොයි,
Deleteදැට් කොමෙන්ට් ඉස් රිමූව්ඩ් බයි ද ආතර්
එහෙනං අපේ සෑර් බටනලා ඔස්තාර් කෙනෙක් .. ඕ යේස්
Deleteකවුරු හරි බටනලා ගැන මුකුත් කිව්වද?
Deleteඋඹලා නම් කියයි. මට හාට් ඇටෑක් එකක් හැදෙනවා තව පොඩ්ඩෙන්. ඒ දර්ශනය වචන වලින් විස්තර කරන්න බැරිතරම් සුන්දරයි.
Deleteකිව්වම blue lagoon ෆිල්ම් එක මතක් උනා.
Deleteවිචාරක මහතෝ... කතානං සුන්දරයි..... සුකුමාලයි.... පට්ටයි....
ReplyDeleteබොහොම ස්තුතියි. කතා නම් ගොඩක් මතකයේ තියනවා. ලියන්න තමයි අමාරු. ලිව්වොත් ඔයාලා වගේ පොඩි ළමයි නරක් වෙනවා :e
Deleteපළවෙනි කතාවෙ ඊටපස්සෙ මොකද උනේ දන්නෙ නෑ නේද?
ReplyDeleteදෙවෙනි කතාවෙ ජොක්කු වර්ගය ගැන එච්චර වැටහීමක් නම් නෑ. මට මතකයි කතන්දර කාලෑකට කලින් ඒ වගේ එකක් ගැන කියලා තිබ්බා..
රාවණා ඇල්ලෙ උඩට නඟින්නේ කොහොමද? ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවනෙ නැග්ග මෙච්චරක් සෙට්ටපෝච්චි උනා කියලා.
අපේ මාමලා දෙන්නෙක් කොල්ලො කාලෙ ඔය පොකුණෙන් නාලා අහල පහල ගහක නම් කොටලා ඇවිත්. ධන් එක්කෙනඉ ඉන්නෙ එයාට හැටත් පැනලා. ඊයෙ පෙරේදා ගිය වෙලාවක උඩට යන්න හදනවලු නම් කොටපු ගහ බලන්න. කට්ටිය බැනලා නවත්තගෙන තිබුනා..
පලවෙනි කතාවේ අර වැඩ පරීක්ෂක මම වුනා නම්, මම ඒ මිනිහට අයින් වෙයන් කියලා, ඊට පස්සේ කියලා දෙනවා නියම විදිහට තෙල් ගහන හැටි.
Deleteඅහන්න බැහැ නේ. නැත්නම් ඔන්න තාත්ත නම් දන්නවා ඇති, ඒ වර්ගයේ ජොකාරිස්ලා ගැන.
මමත් හිතන්නේ, දැන් ඇල්ල ඉහලට යන්න දෙන්නේ නැතුව ඇති. පරිසරය වනසන නිසා.
ඒ බාප්පත් මම වගේ නේ? කොටපුවා බලන්න යන්නයි තවමත් කැමති.
/* මේ සිදුවීම් දෙක, මගේ සහෝදරයකුට, එකම දවසේ විඳින්නට සිදුවූ අත්දැකීම් දෙකක්. අත්දැකීම් අමිහිරි වුනත්, හරිම රසවත්. */
ReplyDeleteමං හිතන්නේ මේක පරම්පාරානු ගත කේස් එකක්.
බාල සහෝදරයාටත් කඩේ යන අතරතුර මේ වගේ කේස් එකක් වුනා නේද කලිසමේ කකුල අස්සෙන් කාවයියෙක් ද මොකෙක්ද පහලට වැටිලා?
කාවයියෙක් නෙවෙයි ලාග්ගෙක්.. හැක හැක හැක..
Deleteලාග්ගා කියන්නේ මොකාද අයියේ
Deleteකලිසමට යටින් අඳින වවුලෙක් වගේ පොඩි ගැජට් එකක් (ලු) නංගි.. විචාරක මාමා තමයි හරියටම දන්නේ.. හි.. හි..
Deleteඊයා බොරු කියන්න එපා මං හිතුවේ මාළුවෙක්ගේ නමක් කියලා,, :r
Delete@ රසික. මේක මට බාල දෙන්නගෙන් එකෙකුට වුනේ. අපි යාළුවො වගේ නිසා, මේවා බෙදාහදාගෙන රස විඳිනවා ඒ කාලේ.
Delete@ කල්‍යාණ/ඔමායා. යකෝ මේ කෙල්ලට බොරු උගන්නන්න එපා කල්‍යාණ. ලාග්ගා කියන්නේ මාළු ජාතියක් තමයි කෙල්ලේ. හැබැයි ඒ නම ඇඳුමකට පාවිච්චි කළා අපි ඉස්කෝලේ යන කාලේ.
/* එකෙක් හරි ඇල්ල පල්ලේ දෙරි ගැහුවනම් කාට කියන්නද? */
ReplyDeleteමං පේරාදෙනියේ ඉන්න කාලේ විද්‍යා පීඨයේ සිසුවෙකු වාර්ෂික විනෝද චාරිකාව යද්දී ඔය ඇල්ලට වැටිලා මිය ගියා. මිනිය ගොඩ ගන්න දවසක් විතර ගියා, ලොකු මහන්සියක් සහ වියදමක් ගියා.
ඇලදොළ, ගංගා, ජලාශ, ආශ්‍රිතව සැලකිය යුතු තරම් විශාල ජීවිත සංඛ්‍යාවක් නැතිවෙනවා අපේ රටේ. හරිම අවාසනාවන්ත තත්වයක්. නොසැළකිල්ල නිසා තමයි බොහෝවිට මෙවැනි මරණ සිදුවෙන්නේ.
Deleteතෙල් ගහන කතාව තමයි මරුහ්!!!
ReplyDeleteතෙල් ගහපු එකා? :e
Deleteආරක්ෂාව බල්ලට දාලා හරි ඒකේ නාන්නයි තිබ්බේ මාමේ.. හඳහං කියන්නෙ මතකෙටද? හැක්
ReplyDeleteඅර මගේ කොල්ලෝ ටික නොහිටියානම් අම්මපා මම ...........................වා
Deleteනෑ නෑ මතකයට නෙවෙයි හඳහන් කිව්වේ. ඒ කාලේ එදිනෙදා කතාබහේදී පාවිච්චි කල යෙදුමක්.
කොල්ලො නොහිටියානම් සුද්දො දෙන්නාගෙන් බේරිලා එන්න වෙයිද දන්නෙ නෑ :p
Deleteඅපුරු කතා කිපයක්ම අර ඇල්ලේ ස්වාභාවික තඩාගයේ දිය නෑමට ගිය පිරිස් අතුරින් ජීවිත ගණනාවක්ම අහිමි වෙලා තියනවා මේ වන විට. හේතුව අනාරක්ෂිත කඳුතරණය බීමත්කම වැනි දේ.
ReplyDeleteඅර සොල්දාදුවන් කිව්වලු අපේ සර් පැය බාගයක් විතර ඇම්බුෂ් එකක් දාලා අර ජෝඩුව දිහා බලාගන හිටියා කියලා. ඇත්තද දන්නේ නෑ ඒ කතාව..
ස්තුතියි නලින්. හැසිරෙන්නට නොදන්නා පුද්ගලයන්ට ඇල්ල ඉහළට යන්න නොදීම සාධාරණයි. ජීවිත නැතිවෙනවා වගේම පරිසරයත් වැනසෙනවා.
Deleteහනේ....කරුමෙට අර කොල්ලොටික හිටියනේ. නැත්තන් මම.............................................
හපොයි.. විචාරක සර් මැලේරියා තෙල් ගැහුවේ ඔහොමද?
ReplyDeleteරාවනා ඇල්ල කිව්වම සුන්දර තැනක්.. ඇල්ල දිගේ උඩට යන එක මාරාන්තික මනරම් ගමනක්..
මම ගැහුවා නම් ඔය නොසැල වැනෙන්න ගහන්නේ නෑ. හරියටම තෙල් ගහනවා :e
Deleteඇල්ල ඉහලට යන්න නොදීම එක අතකට හොඳයි. අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවා.
පට්ට කතා ටික.ස්තූතියි.
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteතෙල් ගහපු කතාව නං සුපිරියි.
ReplyDeleteස්තුතියි හැලපෙ. ඔය කතාව මට කියපු මහත්තයත්, ඉහල රසවින්දනයක් තියන මහත්තයෙක්. එයා ඔය කතාව කියලා හිනාවුනේ නැහැ. අන්න ඒකයි ඔයවගේ කතාවක් කියන නියම විදිහ.
Deleteසුපිරි තෙල් ගැහිල්ලක් විචෝ...
ReplyDeleteහලේ බල්ලල්ලෑ, මම ගැහුවනම් ඔහොම නෙවෙයි. ගහනවා අම්මපා................ මැලේරියා මදුරුවෝ මැරෙන්නම :e
Deleteතෙල් ගහපු කතාව නම් පස්ට.... රාවණා ඇල්ල කියන්නේ ලංකාවේ තියෙන සුන්දරම දිය ඇල්ල මට නම්...
ReplyDeleteඒ වුනාට එක එක බැල්ලිගේ පුතාලා ගල්වල එක එක මගුල් ලියලා ඒක කාලා....
Deleteමමත් ඊට පස්සේ කීප වතාවක් ඇල්ල බලන්න ගිහින් තියනවා. මේකේ ලස්සන තියෙන්නේ තට්ටු වශයෙන් වැටෙන නිසා.
Deleteඅනේ කටුසු, එව්වා නම් කියලා වැඩක් නෑ. අපේ අසමජ්ජාති එවුන්ට තියන, අවලම් පුරුද්දක් තමා, ඔය විදිහට, ගස් ගල්, තාප්ප, පූජනීය ස්ථාන, වල තමන්ගේ නම කක්කා කරලා යෑම. :e
නෑ විචා. ඇල්ල යට ඉදන් බැලුවම පේන්නේ ඇල්ලේ මැද හරියෙන් ඒක පටන් ගන්නවා වගෙයි..
Delete* ගලේ මැද හරියෙන්
Delete//'හැදිච්ච දෙමව්පියන්ගේ, නැහැදිච්ච ළමයි ඉන්නවානම්, ඔහොමම ඉන්න. නැහැදිච්ච දෙමව්පියන්ගේ, හැදිච්ච ළමයි ඉන්නවානම්, දැන්මම මෙතනින් යන්න'. //
ReplyDeleteහැදිච්ච දෙමව්පියන්ගේ හැදිච්ච ලමයිනුයි, නොහැදිච්ච දෙමව්පියන්ගේ නොහැදිච්ච ලමයිනුයි ඉන්නවනම්? :O
එෙහෙම උනුත් ඉනි්නවද
Deleteහෑ.......................මම වැරදියට ලියලා නේද? මළා. ඔන්න දැන් තමයි වැරැද්ද අහුවුණේ. :e
Deleteඑතකොට අර ජොක ජොක සද්දේ ආවේ ටැංකියේ තිබුන තෙල් හෙල්ලෙන කොටද?
ReplyDelete'බුල් බිසී' ඌට ටැංකිය බාගන්නවත් සිහියක් තිබිලා නැහැ.
Deleteවිචා මාමේ ... ඔය අර අහිංසක සුද්දෝන්ගේ අතල් එක කපු එක හරි නෑ නේද? .... අනික ඔයා කලින් ගිහින් බලලා උන් දෙන්නට බලන්න අවස්තාව නොදීපු එක ..හලීම නලකයි
ReplyDeleteහෙහ්, සුද්දන්ට විතරද එතකොට ආතල්? අපිට බෝතල්?
Deleteචෙහ්..කරුමෙට තමා මම කොල්ලොත් අරන් ගියේ. නැත්තන් අම්මපා.....................................
රාවණා අල්ල ලඟින් නිතර නිතර එහෙ මෙහෙ යන නිසා දැන් එකේ 'කිසි ගතියක්' නැති වෙලා තිබ්බේ. ඒ වුනාට වැඩේ ඉන්ටෙරෙස්ටින් වගේ. ගෙදර උන්දලා නැති වෙලාවක නැගල බලන්නොනේ..
ReplyDeleteදැන් කාලේ නැද්ද මදුරු තෙල් ගහන රස්සාවල් එහෙම?
ගෙදර උන්දලා නැති වෙලාවක් වගේම සුදු ජෝඩුවක් ඇල්ල ඉහලට ගිය වෙලාවක් වෙන්න ඕනේ.
Deleteහනේ............... බලන්න අද කාලේ නැහැනේ අරවගේ රසවත් රස්සා.
ඔයා මහන්සිවෙලා ලියන අර පෝස්ට් ගොඩක් වැදගත්.. ඒ අතර මධුවගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන ගමන් මේ වගේ ඒවත් ලියලා දාන එක හොඳයි,,
ReplyDeleteකතා නම් තියනවා. හැබැයි එව්වා ලිව්වොත්, උඹ මට බැනලා යනවා. ඒකයි නොලියන්නේ. :e
Deleteහිහී! මරු කතා සැට් එක.
ReplyDeleteසෙස්ස පස්සට
Delete//ජෝඩු දෙක ඇඳුම් අඳින තුරු, මම මගේ සෙබළුන් සමග මඳක් පහළට බැස රැඳී සිටියා.//
ReplyDeleteමෙහෙමත් මෝඩ මිනිස්සු...චැක්.
හලේ.................මං කලගල්ල මෝල කම අල කොල්ලෝ අලල් ගිහිල්
Deleteවෙඩි තියන්න තිබුනේ අර සුද්දියෝ දෙන්නට...ඇයි යකෝ මෙච්චර අමාරැවෙන් මහන බ්‍රා පෑන්ටි ගලවලා තියලා නාන්නේ මොකටද?
ReplyDeleteඑල ද බ්‍රා විචා..
මැහිතෙල් ගහන කතාව නම් ඇත්තටම සිද්ද වෙන්න පුලුවන්.
හැක් හැක්
Deleteමොන හිතකින්ද මෙන්ඩෝ අර ඉටිරූප වලට වෙඩි තියන්නේ. ඔන්න උඹ හිටියනම් තියයි. ඒත් ඇත්තටම උඹ එතන හිටියනම් උන සන්නිපාතේ හැදෙනවා සුද්දියෝ දෙන්නා දැකලා.
Deleteදැන් ඔය මැහිතෙල් ගැහීම සිදුනොවීම ලොකු අඩුවක් :e
අර කිව්වා වගේම පොකුණක් ස්ප්‍රිං වැලි වල තියෙනවා. කියවනකොට එහෙ යන්න හිතෙනවා . ස්තූතියි විචාරක, ලස්සන ශෘංගාරාත්මක කතා ටික...
ReplyDeleteස්ප්‍රින්වැලි වල ද වේවැල්හින්නේද තියෙන්නේ? මම එක පාරක් ගියා වගේ මතකයක් තියනවා.
Deleteඇගයීම ගැන ස්තුතියි.
අම්මප වයස ගැන සලකල නිකං ඉන්නවා මිසක් නැත්තං "ලාග්ග" කියල නමක් දානවා. අපූරු කතා ටික විචාරකතුමා.. තව එකක් .... යුද්ධ කතා අමාරුවෙන් තොරතුරු හොයාගෙන ලියන එකට මගේ ප්‍රණාමය...
ReplyDeleteහෙහ් හෙහ්, අපි ඉතින් එකාලෙත් ලාග්ගා අදත් ලාග්ගා :e
Deleteයුද්ද කතා නිකං ආවට ගියාට ලියන්න බෑ සජ්ජෝ. යුද න්‍යායට එකඟව ලියන්න ඕනේ.
ඇගයීම ගැන ස්තුතියි.