මේ මාතෘකාවේ තියන යෙදුම් වලින් පෙනෙන්නේ, අපේ භාෂාව, අදහස් ප්‍රකාශය අතින්, ලෝකයේ ඉතා ඉහළ තැනක පවතින බව නේද? 'අළු යට ගිනි' කිව්ව ගමන්, අපට තේරෙනවා, විනාශයකට මුල්වන දෙයක්, අවස්ථාව ලැබෙන තුරු, සැඟවී පවතින බව. 'අත යට සෙල්ලම්' කියපුගමන් වැටහෙනවා, ලෝක සම්මත, සාමාන්‍ය, නීත්‍යානුකූල ක්‍රමවේද වලින් පිටස්තරව, හොර වැඩ සිදුවීමක් ගැන කියන බව. ඔව්, මේ ලිපියෙන් මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, වසංගතයකටත් වඩා භයානක, කවදාවත් කෙලවරවේයැයි සිතිය නොහැකි, ලෝකය පුරා පැතිරී ඇති, 'හොර අවි වෙළඳාම' නමැති භයානක ජාවාරම ගැනයි.
මේ මාතෘකාව, ඉතා දීර්ඝ ලෙස කරුණු දැක්විය හැකි මාතෘකාවක්. සම්පූර්ණ විස්තරයක් කරන්න, අඩුම ගණනේ ලිපි පහක්වත් ලියන්න තරම් කරුණු මට ලැබුනා, මේ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන අතර. නමුත්, එතරම් දිගට මේ ලිපිය ලියන්නට මා උත්සාහ කරන්නේ නැහැ. අවශ්‍යම දේ පමණක් ඔබට කියන්නම්.
නිර්වචනය:-
හොර අවි ජාවාරම/වෙළඳාම යනු, (Arms Trafficking / Gunrunning) ඒ ඒ රටවල බලපවත්නා නීතිය යටතේ සහ/හෝ, ජාත්‍යන්තර නීතිය යටතේ, 'තහනම් ආයුධ' හෝ 'අවසර නොලත් ආයුධ' යනුවෙන් පිළිගනු ලබන අවි ආයුධ වර්ග සහ, සියලුම වර්ගවල පතරොම්, බෝම්බ, වෙඩි බෙහෙත් සහ පිපිරුම් කාරක රසායනික ද්‍රව්‍ය, රටකින් රටකට අනවසරයෙන් රැගෙන යාම, විකිණීම, ගබඩාකර තබා ගැනීම, යන කරුණු වේ.
1. ඉතිහාසය
ලෝකය තුළ යුද්ධය කියන දේ ඇතිවුනේ කවදාද, හොර අවි වෙළඳාම කියන දෙයත් ඒ තරම්ම පැරණියි. එයින්ම පෙනෙනවා, මේ අමානුෂික ක්‍රියාව, ඉතා දිගු ඉතිහාසයක් තිබෙන, මහා ව්‍යාපාරයක් බව. යුද්ධය කොතරම් අමානුෂික ද යන්න පහුගිය කාලේ මේ රටේ තිබුණු යුද්ධය සියැසින් දුටු ඔබත්, එයට සහභාගිවූ අපිත් හොඳින්ම දන්නවා.
ඔබ කියයි, 'ඉතින් ඔය කාලකන්ණි යුද්ධ තියන නිසානේ, ඔය භයානක ආයුධ හැදෙන්නේ. ඒවා හදන නිසානේ, ඔය හොර වෙළඳාම පවතින්නේ' කියා. යුද්ධය ඇති කරන්නෙත් අවසන් කරන්නෙත් රාජ්‍ය පාලකයෝ. හමුදාව නෙවෙයි. යුද්ධයක් ඇතත් නැතත්, ආයුධ හදන්න නියෝග දෙන්නේ, හමුදාව නෙවෙයි රාජ්‍ය පාලකයෝ. යුද්ධායුධ හදන්නේ හමුදාව නෙවෙයි. ලෝකයේ බොහෝ රටවල යුද්ධායුධ හදන්නේ පෞද්ගලික සමාගම්. ඩොලර් බිලියන / ට්‍රිලියන ගණනින් ඔවුන් ආදායම් ලබන්නේ. ඒකත් වෙනම කතාකලයුතු කාරණයක්.
හොර අවි ජාවාරමෙන්, ලෝකය පුරා හොර වෙළෙන්දෝ, වසරකට ඩොලර් බිලියන් 60 ක් පමණ උපයනවා. එයින් බිලියන 8 ක් පමණ උපදවන්නේ, පිස්තෝල, රයිෆල්, මැෂින් තුවක්කු, සහ පතරොම් වෙළඳාමෙන්. ලෝකයේ හොර අවි වෙළඳාමේ සම්පූර්ණ පිරිවැටුම මෙතෙකැයි කියා ගණන් බැලීම, සැබවින්ම කළ නොහැකියි. තොරතුරු රහසිගත නිසා.
2. මේ ජාවාරමට මග පෑදෙන්නේ කොහොමද?
මේ ව්‍යාපාරයේ සමහර කරුණු පුදුමයි. ඒ වගේම ලැජ්ජා සහගතයි. සමහර කරුණු, බලගතු රාජ්‍ය රහස් සමගත් පැටලෙනවා. මුළු ලෝකයේම අවි වෙළඳාම කෙරෙන ආකාරය, කොටස් තුනකට වර්ගීකරණය කරන්න පුළුවන්, මෙන්න මෙහෙම.
- පළමුවැනි ක්‍රමය, නීත්‍යානුකූල රාජ්‍යයක්, තවත් නීත්‍යානුකූල රාජ්‍යයකින් (එම රාජ්‍යයේ තිබෙන අවි නිපදවන සමාගම් වලින්) ලෝක ව්‍යාප්ත ටෙන්ඩර් මගින් හෝ අන්‍යොන්‍ය අවබෝධය මත අවි මිලදී ගැනීම. (මතක තියාගන්න අවි කිව්වම, පුංචි පිස්තෝල පතරොමක ඉඳලා, මහා විශාල බෝම්බ දක්වාත්, සාමාන්‍ය තුවක්කුවක සිට, කාලතුවක්කු, යුද ටැංකි, යුද නැව්, යුද ගුවන් යානා දක්වා සියල්ල අයිතියි)
- දෙවැනි ක්‍රමය, කළු කඩෙන් බඩු ගැනීම. (අපිට කවුරුවත් බඩු විකුනන්නේ නැත්නම් කළු කඩේකට යනවා. ලෝකයේ සමහර රටවල තියනවා, සෑම ආකාරයකම අවි ආයුධ මිලදීගත හැකි හොර සමාගම්. ඒවායෙන් හොඳ බඩු වැඩි මිලට හෝ පාවිච්චි කරපුවා අඩු මිලට ගන්න පුළුවන්) නමුත් මේ ආකාරයට අවිආයුධ ගන්නේ, ලෝකයේ නරක රටවල් හැටියට, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන වලින් හංවඩු ගහපු, විවිධ සම්බාධක වලට යටත් රටවල් සහ ලෝක ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධාන විතරයි.
- තුන්වැනි ක්‍රමය තමයි හිරිකිතම දේ. ඒ තමයි වහලා ගැහිල්ල. අපිට ඕනේ වෙනවා යම්කිසි යුද්ධායුධයක් ගන්න. උදාහරණයක් වශයෙන් මල්ටි බැරල් රොකට් ලෝන්චර් ගන්න ඕනේ කියල හිතන්න. නමුත් අපේ සතුරාට නොදැනෙන්න මේක ගන්න ඕනේ. මොකද සතුරා දැනගත්තොත්, ඒකෙන් බේරෙන්න ක්‍රම සහ විධි සකසාගන්න පුළුවන්. එහෙමත් නැත්නම්, ප්‍රසිද්ධියේ අපි මිලට ගන්න ගියොත්, ඒ ඒ රටවලට විවිධ ගතු කේලම් කියා, අපි ඒක ගැනීම වලක්වන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ, වෙනත් පාර්ශවයක් යොදවා රහසිගතව ගණුදෙනුව කිරීමයි. ත්‍රස්තවාදීනුත් මේ ආකාරයට වෙනත් පාර්ශව යොදවා ගණුදෙනු කරනවා. මෙහෙම හිතන්න. එක රටකට අවශ්‍යවෙනවා වෙනත් රටක රාජ්‍ය නායකයකු ඝාතනය කරන්න. මේ සඳහා, අති විශේෂ වර්ගයක තුවක්කුවක් ඕනෑ වෙනවා කියා හිතන්න. අන්න ඒ වගේ අවියක්, ප්‍රසිද්ධියේ මිළදී අරගෙන, අර ඝාතනය ඉතා රහසිගතව කළත්, පස්සේ එළියට එනවා, අහවල් රට විසින්, ඒ ජාතියේ අවියක් මෑතකදී මිළට ගත්තා කියලා. අන්න ඒ වගේ රහස් රකින්න, මේ විදිහේ වහලා ගැහිලි කරනවා.
මේ හැම ක්‍රමයක් තුළම තියනවා, අක්‍රමිකතා සිදුවීමට ඉඩකඩ. උදාහරණයක් වශයෙන්, අවි තොග වෙනස් කරමින්, ප්‍රවාහනයේදී වෙනත් අය අතට (ජාවාරම් කරුවන්ට) අවි ලැබෙන්න සලස්වන්න පුළුවන්. අපි යම්කිසි රටකින් තුවක්කු 5000 ක් ඇණවුම් කරනවා. ඒ රටේ සමාගමට පුළුවන්, විවිධ උප්පරවැට්ටි මගින්, තුවක්කු 5000 ක් වෙනුවට 8000 ක් නැවේ පටවාගෙන එන ගමන්, අතරමගදී, අවි ජාවාරම් කාරයෙකුට අමතර තුවක්කු 3000 විකුණන්න.
3. ආයුධ වෙළඳාම නිසා සිදුවන විනාශයේ තරම
ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය හෙවත්, Amnesty International විසින් නිකුත්කර තිබෙන නිවේදනයක දක්වා තිබෙනවා, නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල නොවන ආකාරයට, අවි වෙළඳාම නිසා සිදුවන හානිය, කැටිකර දැක්වීමක්. ඒ මෙන්න මෙහෙමයි.
I. අවි ගැටුම් නිසා දිනකට ලෝකයේ මියයන මිනිසුන් සංඛ්‍යාවේ සාමන්‍යය 1500 කි.
යුද්ධ, සන්නද්ධ මිනීමැරුම්, නීත්‍යානුකූල නොවන මරණ දඬුවම් පැමිණවීම්, රාජ්‍ය ආරක්ෂක අංශ මගින් කෙරෙන, නීතියට පටහැනි අවි බලය යෙදවීම් හේතුවෙන්, වසරකට ලොව පුරා මිනිසුන් පන්ලක්ෂයක් පමණ මරණයට පත්වේ.
II. ලෝකයේ අවි වෙළඳාම පාලනය කිරීමට පනවා ඇති නීති රීති වලට වඩා වැඩි නීති රීති ප්‍රමාණයක්, ජාත්‍යන්තර කෙසෙල් වෙළඳාම පාලනය කිරීම සඳහා පනවා ඇත.
හාස්‍යයද ජනිත කරවන මේ ප්‍රකාශයෙන් ඇත්ත වශයෙන්ම අදහස් කෙරෙන්නේ, මෙයයි. ලෝකයේ අවි ආයුධ වෙළඳාම පාලනය කිරීම සඳහා පනවා ඇති නීති රීති වල ඇති අඩු ලුහුඬුකම් හේතුවෙන්, නීතියේ හිල් වලින් රිංගා ගොස්, නීතිවිරෝධී ක්‍රියා කරන්නට අවස්ථාව පෑදෙයි. එනම්, ආඥාදායකයන් සහ/හෝ ඒකාධිපති කෲර පාලකයන් විසින් පාලනය කරන රටවලට පවා, සීමාවකින් තොරව අවි විකිණීමට, අවි නිපදවන රටවලට/සමාගම් වලට අවස්ථාව තිබීමෙන්, අහිංසක රටවැසියන් ඝාතනය කිරීමට, බරපතල තුවාල සිදුකිරීමට, ඉතා භයානක ලෙස එම රටවැසියන්ගේ මානව හිමිකම් කඩවීමට ලක්වෙයි. කෘෂිකාර්මික නිෂ්පාදන, රටකින් රටකට යැවීමේදී, දැනට බලපවත්වන සමහර ජාත්‍යන්තර නීති, අවි ආයුධ වෙළඳාම සඳහා පනවා ඇති නීති වලට වඩා බරපතළයි.
III. ලොව පුරා වසරකට පතරොම් බිලියන අටත් දොළහත් අතර ප්‍රමාණයක් නිපදවනු ලැබේ.
මෙම පතරොම් ප්‍රමාණය, ආසන්න වශයෙන්, ලෝකයේ සිටින සෑම පුද්ගලයකුම, දෙවරක් ඝාතනය කිරීමට ප්‍රමාණවත්වේ. මේ වනවිට ලෝකය පුරා සාමාන්‍ය තුවක්කු මිලියන 875 ක් පමණ තිබන අතර, විවිධ වර්ගයේ සහ ප්‍රමාණයේ මැෂින් තුවක්කු මිලියන 8ක් වසරකට අලුතෙන් නිපදවන බව අනාවරණයවේ.
IV. ලොව පුරා සිදුවන සන්නද්ධ ගැටුම් හේතුවෙන් වසරකට ලොව පුරා සාමාන්‍ය මහජනතාව මිලියන 26 ක් පමණ අවතැන් වෙයි.
ඔවුන්ට හිසට සෙවනක් හෝ බීමට පිරිසිදු වතුර පොදක් නොලැබෙන අතර දරුණු බෝවන රෝගවලටද ලක්වෙයි. ඔවුන් දුප්පත්කම වෙත තල්ලු වෙයි. ඔවුන් මෙසේ අවතැන් වන්නේ, ඔවුන්ගේ කැමැත්තෙන් නොව, සන්නද්ධ ගැටුම් තුළින්, ඔවුන්වෙත එල්ලවන බලපෑම නිසාය.
V. ළමා සොල්දාදුවන් බිහිවීමේ ප්‍රවනතාව වැඩිවෙයි.
වර්තමානයේදී සන්නද්ධ ගැටුම් වලට මැදිව සිටින සමහර රටවල රජයේ අනුග්‍රහය ඇතිව කිසිදු නීතියක් ගැන නොසලකා වගකීම් විරහිතව ළමයා යන නිර්වචනයට අයත් පිරිස් සන්නද්ධ සෙබළුන් ලෙස සටනට යොදවා තිබේ. එමෙන්ම සමහර ත්‍රස්තවාදී සංවිධාන සහ සන්නද්ධ කල්ලි ඒ ආකාරයටම ක්‍රියාකරයි. එයින් ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වෙයි.
VI. එක මරණයකට තුවාල සිදුවීම් 28 යි
ලොව පුරා සිදුවන යුද්ධ සහ සන්නද්ධ ගැටුම් වලදී, එක් පුද්ගලයකු මියයනවිට, 28 දෙනෙක් තුවාලවීමේ සාමාන්‍යයක් දකින්නට ලැබෙයි.
VII. බර අවි සහ පිපිරුම් නිසා යටිතල පහසුකම් සහ දුප්පත්කම නැතිකිරීමේ අවස්ථා අහිමි වෙයි.
ගුවනින් හෙලන මහා පරිමාන බෝම්බ, මිසයිල්, කාලතුවක්කු, රොකට් වෙඩි, යුද ටැංකි නිසා භූමියේ ඇති යටිතල පහසුකම් වලට බරපතල හානි සිදුවන අතර මහජනතාවට සෙත සැලසීමට ඇති අවස්ථා අහිමිවීමෙන්, දුප්පත්කම වර්ධනය වෙයි.
VIII. මේ ඔක්කොම කරන්නේ ප්‍රධාන රටවල් හයක්
මුළු ලෝකයටම අවි ආයුධ, පතරොම්, බෝම්බ, යුද ගුවන් යානා, යුද ටැංකි, ආදිය නිපදවා සපයන්නේ රටවල් හයක් විසින්. මෙන්න එයාලාගේ විස්තර. මුළු නිෂ්පාදනයෙන් ඒ ඒ රටට අයත් ප්‍රතිශතය සහිතව.
1 ඇ.එ.ජ. - 34.84%,
2 රුසියාව - 14.86%,
3 ජර්මනිය - 7.43%,
4 එක්සත් රාජධානිය - 6.57%,
5 චීනය - 6.29%,
6 ප්‍රංශය - 4%
IX. සන්නද්ධ ගැටුම් හේතුවෙන් ස්ත්‍රී දූෂණ වර්ධනය වෙයි.
සන්නද්ධ කණ්ඩායම් සහ/හෝ රාජ්‍ය හමුදා අතර සිදුවන සන්නද්ධ ගැටුම් අතරතුර, පළිගැනීමේ චේතනාව, බලය පෙන්වීමේ චේතනාව, යටත් කරගැනීම සහ ගැරහීමේ චේතනාව මත, විශාල වශයෙන් ස්ත්‍රී දූෂණ සිදුවන බව, පිළිගත් ජාත්‍යන්තර සංවිධාන මගින් නිරීක්ෂණය කර තිබේ. උදාහරණ වශයෙන්, සියරා ලියොන් රාජ්‍යය, කොන්ගෝ ජනරජය, දැක්විය හැකිය.
X. අවි නිෂ්පාදනය සහ වෙළඳාම පිළිබඳව දැඩි නීති අවශ්‍යයි
ලොව පුරා සිදුවන, ලක්ෂ ගණනක් අහිංසක ජීවිත නැතිවීමේ ඛේදවාචකය නවත්වාගැනීම සඳහා, අවි ආයුධ නිෂ්පාදනය සහ වෙළඳාම පිළිබඳව, දැඩි නීතිරීති අවශ්‍ය වෙනවා. 2012 වසරේදී, ලෝක නායකයන් මේ පිළිබඳව, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේදී සම්මන්ත්‍රණයක් පවත්වන ලද නමුත්, අවසාන එකඟතාවකට පත්වීමට අපොහොසත් විය.
ඔව්වා ඔහොම තමා. මුදලාලිලා එකතුවෙලා කවද්ද පාරිභෝගිකයාට සහන සලසන වෙළඳාමක් ගැන කතා කළේ? මෙන්න බලන්න වැඩියෙන්ම බඩු හදන අය සහ වැඩියෙන්ම බඩු ගන්න අය.
බඩු සපයන්නෝ
බඩු මිලදීගන්නෝ
මේ ගැන තවත් පුදුම සහගත/පිළිකුල්/කණගාටුදායක විස්තර ඉදිරියේදී කතාකරමු.
2015 අගෝස්තු මස 23 වැනි දින 2333 පැය
තොරතුරු වලට ගොඩක් ස්තුතී. ලිපිය කියවන ගමන් හිතට මහ දුකක් දැනුණා. "අවි ගැටුම් නිසා දිනකට ලෝකයේ මියයන මිනිසුන් සංඛ්‍යාවේ සාමන්‍යය 1500 කි." මේ ගාන ඇතුලේ තියෙනවද සිරියාවේ හැමදාම මැරෙන තුන් හාරසීය ගැන?.. එක රටක් දෙකට කඩාගෙන තමන්ගේ ජාතිය සත්තු වගේ මරාගන්න අරාබි මිනිස්සු මට නම් හරිම පිළිකුල්.. ලෝකේ මහ ලොකු හඬක් නෑ ඒ මරණ ගැන .. ඒත් පෙරේදත් ඒ දෙගොල්ලෝ ගහගන්න අතරේ ඊශ්‍රායලය පැත්තට රොකට් එවල තිබ්බා.. ඒවට උත්තර රොකට් මෙහෙන් යවලා නිකන් හරි එක මනුස්සයෙක් මරුනනම් මුළු ලෝකෙම එනවා මේ රටට විරුද්දව.. බලයට තියෙන කෑදර කම මිනිස්සුන්ව අන්ඳ කරලා. හදවත් වෙනස් කරලා. මේක මහ කෘර ලෝකයක් මාමේ
ReplyDeleteඇගයීම ගැන ස්තුතියි. ඉදිරි කොටසේදී කියන්නම් ඔයා මෙතන කියා තිබෙන කරුණු වලට සම්බන්ධ වෙන දේවල්.
Deleteමේක ඛෙදවාචකයක්! මිනිස්සුන්ගෙත් ජානවලම තියෙනවා සත්තුන් වගේ මරාගන්න එක. වල් ඌරන් කැකුණ තැලීම තමා මතක් වෙන්නෙ.
ReplyDeleteගහ මරා ගැනිල්ල නම් කවදාවත් මිනිසා කියන සත්වයාගෙන් ඉවත්වෙන ලක්ෂණයක් නෙවෙයි. අවි හදන රටවල් තමා වෙනත් රටවල වල ඌරන් බවට පත්කරන්නේ.
Delete/*
ReplyDeleteI. අවි ගැටුම් නිසා දිනකට ලෝකයේ මියයන මිනිසුන් සංඛ්‍යාවේ සාමන්‍යය 1500 කි.
යුද්ධ, සන්නද්ධ මිනීමැරුම්, නීත්‍යානුකූල නොවන මරණ දඬුවම් පැමිණවීම්, රාජ්‍ය ආරක්ෂක අංශ මගින් කෙරෙන, නීතියට පටහැනි අවි බලය යෙදවීම් හේතුවෙන්, වසරකට ලොව පුරා මිනිසුන් පන්ලක්ෂයක් පමණ මරණයට පත්වේ.
*/
මේ මුලාකොටස තනිකරම ප්‍රජනන හැකියාව ඇති අය, දෙවෙනි කොටසේත් බහුතරය එසේ විය යුතුයි. මං හිතන්නේ මේ තත්වය, මිනිස් ගහණය විසින් තමනා ගේ වර්ධනය අඩු මට්ටටමක පවත්වා ගැනීමට ස්වයංක්‍රීයව සිදු කරගන්නා ක්‍රියාවක්.
පළමුවෙනි, දෙවෙනි ලෝක යුද්ධවලින් මිලියන ගනං මැරුණා!
ඔහොම නොමැරුණා නම් අද ජනගහනය මීට වඩා කොපමණ වැඩි වෙයිද?
අලුත් අදහසක්. නමුත් යුද්ධ නිසා විතරක් නෙවෙයිනේ ස්වභාවික විපත් නිසාත් ජනගහන පාලනයක් ඇතිවෙනවා. යුද්ධ කරගෙන මැරෙන්න ගියොත් නම් තව සියවස් කීපයකට පස්සේ මිනිසා කියන සතාගේ ජාන පිටපත් වෙනත් ග්‍රහ ලෝක වලින් තමයි ගෙනෙන්න වෙන්නේ.
Deleteමේ අලුත් අදහසක් නොවේ.
Deleteඅපේ දහයේ පන්තියේ බයොලොජි පොතේ තිබුණු තියරියක් මෙයට අදාලව භාවිතා කිරීමකි. අප උගත්තේ ඕනෑ, ගහණයක ගණත්වය පාලනය කිරීම සඳහා ගණත්ව ස්වායත්ත සාධක සහ ගණත්ව පරායත්ත සාධක ක්‍රියා කරන බවයි.
යුධ ගිනි ඇවිලීම ඒ ආකාරයේ ස්වායත්ත සාධකයක් ලෙස සැලකයි හැකිය.
අනිත් ජෝක් තමයි යුද්ධ කරන්නේ යුද්ධ නැවැත්වීමට සහ ආයුධ අවශ්‍ය ආයුධවලින් ආරක්‍ෂා වීමට කියා කරන ප්‍රකාශ!
ReplyDeletehttps://web.stanford.edu/group/fearon-research/cgi-bin/wordpress/wp-content/uploads/2013/10/arming3.pdf
Delete@ රසික. ඒකනේ බුදුහාමුදුරුවෝ අවිහිංසාවාදය දේශනා කළේ. නමුත් ඒ කාලෙත් ඒක ඇහුවේ කීයෙන් කී දෙනාද?
Delete@ Pra Jay. Thank you very much for this reference article.
අවි ගැටුම් නිසා දිනකට ලෝකයේ මියයන මිනිසුන් සංඛ්‍යාවේ සාමන්‍යය 1500 කි.
ReplyDeleteඑතකොට හැම මරණයකටම තුවාල කාරයින් 28ක් ඒ කියන්නේ දිනකට තුවාල කාරයින් 42000ක්
එහෙම බලනකොට දැනටම මේ ලෝකය විසාලා මහනුවරක්
ලෝකෙ කොහොම උනත් කොටිකාවත්ත පැත්ත දැනටම එහෙමයි. ඕ යේස්
Delete@ ඉවාන්. අපිට පෙනෙන්නේ නැහැ/බලන්නේ නැහැ/බලන්න වෙලාවක් නැහැ/ මධ්‍යම අප්‍රිකානු රටවල් සෑහෙන ගණනක් එකම අපායක්. ඉතියෝපියාව, සිරියාව, ඉරානය, ඉරාකය, ලෙබනනය ගැන කියලා වැඩක් නැහැ.
Delete@ පත්තරේ. කොටියම කාපිය.
ලෝකෙ ලොකුම කලු සල්ලි හොයන වෙලඳාම අවි ජාවාරම කියලා නේද කියන්නෙ. හෙරොයින් ජාවාරමටත් වඩා අවි ජාවාරම විශාලව තියෙනවා. ඔතන හොඳම දේ තමයි එක රටකට අවි වර්ගයක් විකුණනකොට තව සතුරු රටකට ඒ අවි වර්ගය විනාශ කරන අවියක් හෝ ක්‍රමය විකිණීම. ජාවාරම් කරුවන් දෙපැත්තෙන්ම ලාබ ලබනවා. ඒ වගේම රටවල් අතර හෝ විශේෂයෙන්ම රටවල් ඇතුලෙ සිවිල් යුද්ධ ඇති කරනවා කුමන්ත්‍රණ මගින්. ඊට පස්සෙ දෙපැත්තටම අවි විකුණලා ලාබ ගන්නවා. තව දෙයක් තමයි නීත්‍යානුකූලව මිලදී ගන්න බැරි නවීන රහසිගත අවි ඔවුන් ලඟ විකුණන්න තියෙන එක. එක පාරක් LTTE එක ලඟ තිබිලා අහු උනා නේද නිකිටා කියන වර්ගයේ SA රොකට් වෙඩි කිහිපයක්?
ReplyDelete//ලෝකෙ ලොකුම කලු සල්ලි හොයන වෙලඳාම අවි ජාවාරම කියලා නේද කියන්නෙ //
Deleteඔව්.ඔව්..
දෙවෙනි එක වෙඩිං පොටෝග්‍රැෆි :D
@ යශ්. ඔව් අවි ජාවාරම අද ලෝකයේ ලොකුම කළු සල්ලි ආදායම් මාර්ගයක්. මත්ද්‍රවය සහ අවි ජාවාරම එකට බැඳිලා තියෙන්නේ.
DeleteLTTE එකේ නොතිබුන දේවල් පවා තිබුනා කියා ප්‍රචාරයක් ගෙනිච්චා ඒ කාලේ අපිව බයකරන්න.
@ පත්තරේ. උඹට ගහනවා අරූ, පරණ කැමරාවකින්, මූණ බිත්තියේ ඇලෙන්න. :e
ගොඩක් වටිනා තොරතුරු ටිකක්. මට නිකොලස් කේජ් ඉන්න ෆිල්ම් එකක් මතක් උනා. ඒකෙත් හොර අවි ජාවාරම සම්බන්ධ කතාවක් තිබ්බෙ.
ReplyDeleteඇත්තටම ඔය හොර අවි ජාවාරම නවත්තන්න ක්‍රමයක් නැද්ද? ජාත්‍යන්තර සංවිධානයක් වත් තියෙනවද?
lord of war
Delete@ මනා. හොර අවි නවත්වන්න ජාත්‍යන්තර සංවිධානයක්? ඔන්න ඕක තමයි ලොකුම විහිලුව. මේ ලිපියේම තියනවනේ අවි නිපදවන රටවල් ලැයිස්තුවක්. ඔය රටවල්මනේ එකතුවෙන්න ඕනේ මේ වැඩේ නවත්තන්න. ඉතින් කෙරෙයිද වැඩේ?
Delete@ විශ්ව. බොහොම ස්තුතියි. ඔන්න මම පින්තූරයක් දානවා මෙතනට.
[im#]http://www.kritikanstvo.ru/movies/l/lordofwar/images/lordofwar_17615.jpg[/im] iamage to fit to column
විචාරකතුමෝ...............
ReplyDeleteඔබතුමා විසින් ගොඩනගන්නා වූ දැනුම් සම්භාරය ඉතා වැදගත්... ඒත් මේවා පොතකට ගොණු වෙනවානම් තවත් හොදයි.... මොකද කියන්නේ...... උත්සහ කරලා බලමුද????
හොඳ අදහසක්. මීට පෙරත් කීප වතාවක් ඔය ඉල්ලීම මට ලැබුණා. මුලින්ම මුද්‍රණයට සුදුසු ලිපි තෝරාගෙන ගොනුවක් හදාගන්න ඕනේ. මට කාගේ හෝ සහාය අවශ්‍යයි.
Deleteමානව ඉතිහාසය කියන්නෙම යුද්ධවල ඉතිහාසයක්... එදා කඩු දුනු හී වලින් සටන් කළා. අද ඒ වෙනුවට එකපාර බුරුතු පිටින් මැරිය හැකි අලුත් තාක්ෂණික අවිආයුධවලින් සටන් කරනවා. මේකෙ කෙළවරක් වෙන දවසක් නම් හිතන්න අමාරුයි...
ReplyDeleteහොඳ ලිපියක්...
මිනිස්සු යුද්ධ ජයගන්නවා/පරදිනවා නමුත් තමන්ගේ හිත ජයගන්නේ නැහැ. හිත ජයගත්තොත් විතරයි යුද්ධ නවතින්නේ. ගෙදර සාමය ඇතිකරගැනීමෙන් තමා ලෝක සාමයේ මුල පිරෙන්නේ.
Deleteඇගයීම ගැන ස්තුතියි.
මට මතක මකත හැටියට බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා ඒ ගැන. ඒත් ඒක සඳහන් වන තැන නම් මතක නෑ.
Delete"සාමය ඇතිවන්නේ ඇතුළාන්තයෙන්. ඒක බාහිරින් හොයන්න එපා." (Peace comes within. Do not seek it without)
හදන අවි ආයුධ ටෙස්ට් කරලා බලන්ටත් මාකට් කරන්ටත් මොකක් හෝ ක්‍රමයක් තැනක් නිර්මාණය කරන්නෙත් ආයුධ හදන අයම තමා.
ReplyDeleteඔව් ඇත්ත. බොහෝවිට ඔවුන් හොයාගන්නේ දිළිඳු, දේශසීමා අර්බුද, ජනවාර්ගික අර්බුද, තියන රටවල්.
DeleteVirus නැත්නම් Anti-virus software ඇත්තෙත් නෑ කිව්වලු.....!
ReplyDeleteවැස්ස නැත්තං රේන්කෝටුත් නෑ කිව්වලු … !
Deleteඅපේ දේශගේ වැස්ස ද
Deleteඅපේ හිතේ තියන වයිරස් නැතිකරගන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ නිසා නේද?
Deleteපත්තරේ, උඹ තවම රේන්කෝට් පාවිච්චි කරනවද?
මොකද්ද ඔමා දේශගේ වැස්ස?
මිනිසා ස්වාභාවිකවම ප්‍රචන්ඩත්වයට ලැදි සත්වයෙක්. මිනිස් ඉතිහාසය කියන්නෙ ප්‍රචන්ඩත්වයේ ඉතිහාසය. සතුන්ගේ චර්යාවන් තුල ප්‍රචන්ඩත්වය තිබුනත් ඒ යම්කිසි අවශ්‍යතා සම්පූර්න කරගන්න. නමුත් මිනිසා ගේ ප්‍රචන්ඩත්වයේ එහෙම දෙයක් නැහැ.ඔහුට අවශ්‍ය ප්‍රචන්ඩත්වයම තමයි
ReplyDeleteසිය ගෝත්‍රයට වඩා සෙසු ගෝත්‍ර පහත්යැයි සිතන කේන්ද්‍රනවාදී අදහස නිසා සෙස්සන් වෙත ප්‍රචන්ඩත්වය මුදා හරිනවා. යුදෙව්වන් ගෑස් කාමරවල දැම්ම කියා ජර්මානුන්ට ගානක් නෑ.හිරෝෂිමාවට බෝම්බ දාපු එක අදත් ඇමරිකානුවන්ගෙන් 70% ක් අනුමත කරනවලු.
සිංහල ගම්වලට කොටි ගහපු එක දෙමළ ජනයා අනුමත කළා. උතුරෙ දෙමළ මිනිස්සු මැරුන එකත් එහෙමයි.
මිනිස්සු මේ විදියට කල්ලි හැදිල ඉන්නතුරුම යුද්ධ පවතීවි. ආයුධ වෙළදාමත් පවතීවි. හේතුව මිනිසා තුල සැගවී තිබෙන ප්‍රචන්ඩත්වයේ ආශාව.
ඔක්කොටම කලින් අපි ජයගන්න ඕනේ අපේ හිත. ලෝක සාමය ඇතිකිරීමේ පළමුවැනි පියවර තමයි ගෙදර සාමය ඇතිකරගැනීම. එහෙම නේද?
Delete//ඔව්වා ඔහොම තමා. මුදලාලිලා එකතුවෙලා කවද්ද පාරිභෝගිකයාට සහන සලසන වෙළඳාමක් ගැන කතා කළේ? //
ReplyDeleteඔක්කොටම වෙඩි තියලා දැම්මානම් ඉවරයි... :g
හෙහ් හෙහ් හෙහ්.....................අම්මපා ඔයාව තුවක්කුවක් තියන තැනකින් යවන්නත් බයයි. අරගෙන කාටහරි දීලා ඇද්දොත් එහෙම.
Deleteමේක කියවද්දී මට අතුරු කතාවක් මතක් උනා.. 'යුද්දේ 95%ක් ඉවර කරේ අපි' කියල යුධ හමුදාපති කියද්දී 'අපි ආයුද නැව් විනාස කරේ නැත්නම් ආමි එකෙන් කොරයි' නාවික හමුදාපති තර්ක කරපු විදිය.. :p
ReplyDeleteආයුද ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා මුහුදු මංකොල්ල කරුවන් ගැන මාත් ලියන්න හරි අසයි. එත් කම්මැලියි.. හි හි.. විචාරක තුමා මේක ලියල ඉවර උනමවත් බලමු. වෙරි ඉන්ටරස්ටින් ටොපික් අෆ්ෆා මේවා.. අඩියක් ගහන වෙලාවකවත් උනානම්.. හ්ම්ම්.. :/
යුද්ධයක ප්‍රධානම භූමිකාව රඟදක්වන්නෙ ආමි එකයි. එහි විවාදයක් නෑ.නමුත් නේවි හා එයා ෆෝස් නැතිව කවදාවත් ආමි එකට යුද්ධයක් දිනන්න බෑ. යුද්ධ කාලෙ පාවෙන අවි ගබඩා විනාශ කිරීම උදාහරණයක්. ඒව මෙහෙ ගෙනාවනම් යුද්ධෙ තව දශකයකටත් දිග් ගැහෙනවා.
Deleteමට මතකයි වෙඩිතලතිව් වල හමුදාව බිත්තරයක පමන ප්‍රදේශයක දීර්ඝ කලායක් හිටියා. වෙඩිතලතිව් අල්ලගන්න මෙච්චර අමාරුනම් යුද්දෙ කොයි තරම් කල් ඇදෙයිද මේක දිනන්න බැරිවෙයිද කියන බය අපට ඇතිවුනා.
නේවි එකෙන් ආයුධ නැව් ගිල්ලපු හැටියෙම ආමි එක වේගයෙන් ඉස්සරහට ආව කියල සමහරු කියනව. ඒක එහෙම නොවෙන්නත් පුළුවන් 58 වන සේනාංකය උපක්‍රමිකව ත්‍රස්තයන් විනාශකරමින් දිගු කලක් එහි සිටියා වෙන්නත් පුළුවන්.
වෙඩිතලතිව් වලට වඩා විශාල නච්චිකුඩා මුහුදු කොටි කදවුර අල්ලන්න ඒ තරම් කාලයක් ගියෙ නෑ.එතන අපිට නොතේරෙන දෙයක් තියන බව පේනව.
මට හිතෙනව නේවි එකෙන් ඇගයීමට ලක් වෙනවට වඩා ලොකු කාර්යභාරයක් වුනා කියල.
මුහුදු මංකොල්ල කාරයන් ,නාවික ජීවිතයෙ රසකතා වගෙ දේවල් ගැන ලියන්න. මට මතක හැටියට මීට පෙර එහෙම ලිපි ලියල තියෙන්නෙ සයිලන්ට් සහන් කියා බ්ලොග් එකක් කළ අතිදක්ෂයා පමණයි. ඔහු ව්‍යාජයෙන් වෘත්තිකයෙක් බව අගවමින් එම වෘත්තීන් ගැන පුදුම හිතෙන ප්‍රබන්ධ කළා. කල්‍යානලට එහෙම ඕන නැහැනෙ. සැබෑ සිදුවීම් රසකරල ලියන්න පුළුවන්.
දැන්නම් ලියන්නම වෙනවා වගේ.. හැක හැක..
Deleteසයිලන්ට් සහන් හා සඳරු දෙන්නා නොලියන එකනම් සැහෙන අඩුවක් තමයි.. (තව ඒ වගේ අය ගොඩක් ඉන්නවා)
ඩා..ඩා.. ඩී.. ඩිඩා..!!
Deleteමෙන්න තවත් මැතිවරණ පොරොන්දුවක්..
(මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී)
//සයිලන්ට් සහ්න් නමින් බ්ලොග් එකක් කල අති දක්ෂයා පමණයි //
Deleteඅරින්ඩෙපා යකා …… ජය වේවා .හුරේ
මං ගොඩක් දුක් වෙනවා එයා නොලියන එකට අපරාදේ. පත්තරයා ,,, මාතලන් ,,, ඉවාන් අයියා වගේ මගේ ඇස් වලින් දැකලා කතාකරපු ගොඩක් හොඳ මනුස්සයෙක් :(
Deleteඔමා මචං.. අප්පච්චි මළා :D
Delete@ කල්‍යාණ.
Deleteඅපි විතරයි යුද්ද කළේ කියන ගොන් පාට් කතාව කියන්නේ අපේ රටේ හමුදා විතරයි මම දන්නා තරමින්. උඩ බලාගෙන කෙල ගහගැනිල්ල ජාතික පුරුද්දක් වගේ :e
අනේ අනේ මේ, ඔයයි මමයි ලියන ලියවිලි. මේ ලිපිය ලියන්න කරුණු හොයද්දී, මම දෙවැනි ලෝක යුද්ධයේ නාවික හමුදා ගැන ලිපියක් දැක්කා. කියවලා හිතුවේ අනේ අර මනුස්සයා මේ වගේ ඒවා නොලියන්නේ ඇයි කියලා.
@ මධ්‍යස්ථ මතධාරියා.
හැමවිටම යුද්ධයක ප්‍රධාන භූමිකාව ආමි එකට ලැබෙන්නේ නැහැ. යුද න්‍යායේ තිබෙනවා Theater of War කියලා දෙයක්. ඒ අනුව තමයි සියල්ල තීරණය වන්නේ. අපි හිතමු යාපනේ දැන් අපි අතේ නැහැ. ගොඩබිමෙන් ගහගෙන යන්න බැහැ කියලා. ඔන්න එතකොට නාවික/ගුවන් හමුදා දෙක තමයි Theater of War එකේ ප්‍රමුඛත්වයට එන්නේ. ලෝකයේ සමහර රටවල ජ්‍යොෂ්ඨත්වය අතින් පළමු තැන ඉන්නේ නාවික හමුදාව.ඊළඟටයි යුද හමුදාව. (උදාහරණය බ්‍රිතාන්‍යය)
ඔබේ යුද මතකය බොහොම හොඳයි. අපේ නාවික හමුදාවත්, ගුවන් හමුදාවත්, නිසි ඇගයීමකට ලක් නොවුනේ, මාධ්‍යවේදීන් භූමියේ ඉන්න යුද හමුදාව සමහ වැඩිපුර සබඳකම් පවත්වපු නිසයි.
සයිලන්ට් සහන සයිලන්ට් වීම ලොකු අඩුවක්. නමුත් ඔහු යම්කිසි තැනකදී හිරවෙලා නැවතුනා වගේ මට දැනුනේ.
@ ලබ්ස්.
කල්‍යාණ ලිව්වොත් මැතිවරණ ප්‍රතිඵලයක් වගේ තමා.
@ ඔමා
ඔයා දන්නවනම් සයිලන්ට් අයියට කියන්න ආයෙත් ලියන්න කියලා.
@ පත්තරේ. අප්පච්චි මලා කිව්ව කෙනා උඹේ මාමා කෙනෙක් කියලා ඉවාන් කිව්වා.
///පත්තරයා ,,, මාතලන් ,,, ඉවාන් අයියා වගේ මගේ ඇස් වලින් දැකලා කතාකරපු ගොඩක් හොඳ මනුස්සයෙක්///
Deleteඔය පත්තර කියන කෙනා මොනවටද හොඳ කියල කල්පනා කලේ.
මොකක් හරි ඇති නැත්නම් කියන්නෙ නෑනෙ
ගෑල්ලමයි කවද්ද මට වැරැද්දක් කීවෙ ?? හා නැද්ද ප්‍රා :.D
Deleteඖෂධ ජාවාරම,මත්ද්‍රව්‍ය ජාවාරම පරයා ඉහලට එන ජාවාරම අවි ආයුධ ජාවාරම නෙ.ඇත්තටම තම තමන්ගෙ රටේ ප්‍රධාන ඉපයීම් මාධ්‍යයක් වෙන අවි වෙළෙඳාම් මාකට් එක තියාගන්න මොවුන් ආයෝජනය නොකරනවා කියා හෝ ඒ ආයෝජන නිසා රටවල් තුල ගැටුම් නිර්මාණය වෙනවා කියා හෝ රටක ගැටුමක් අවසන් වීම මොවුන් ඉතා අකමැති දෙයක් බව හෝ අපට වැටහෙන්නෙ නැද්ද? අපි බොරුවට නිදි ද?
ReplyDeleteසුපිරි ලිපි පෙලක් වේවා..!!
ජයවේවා..!!
ඖෂධ ජාවාරම වෙනම කටයුතු කරද්දී, මත්ද්‍රව්‍ය සහ අවි වෙළඳාම සෑහෙන්න දුරට අතවැල් බැඳගෙන ඉන්නවා. කවුරුවත් බොරුවට නිදි නැහැ. බොරුවට නිදාගෙන ඉන්නේ අවි නිපදවන සුපිරි රටවල්මයි. උන්මයි බොරුවට කෑගහන්නේ අවිහරණය කලයුතුයි කියලා.
Deleteඇගයීම ගැන ස්තුතියි.
ඉතා වටිනා ලිපියක් විචාරක මහත්තයා.. හැබැයි පොඩි කොස්සක්..
ReplyDeleteකරුණාකරල කියනවද ලෝකේ හැම මිනිහෙක්ම දෙපාරක් මැරෙන්නේ කොහොමද කියලා
(විස්තර වලට ස්තුතියි)
ජ ය වේ වා
හෙහ් හෙහ්...අම්මපා එකත් ඇත්ත තමා. කොහොමද දෙපාරක් මැරෙන්නේ? සමහර මිනිස්සු නම් දවසකට සිය දහස් වාරයක් හිතෙන මැරි මැරී උපදිනවා. මෙතන මේ ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය කියලා තියෙන්නේ ගණනය කිරීමක් හැටියට මිසක්, ප්‍රායෝගිකව සිදුවන දෙයක් ගැන නෙවෙයි.
Deleteස්තුතියි ඇගයීම ගැන.