හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

13 December 2015

මෙන්න බොලේ ශපිරෝටත් ................මං එපාලු දැන්!

Hate is not the solution
මේ කෙටි ලිපිය ලියන්නේ දැඩි සිත්වේදනාවක් සහිතවයි. අරුණි ශපිරෝගෙන් බ්ලොග් අඩවිය කාලයක් තිස්සේ මා කියවන්නේ යම් දැනුමක් එයින් ලබාගන්නටයි. ඉතා ගැඹුරු මෙන්ම විවාදාත්මක කරුණු ඇතුළත් ලිපි අරුණි ශපිරෝ අතින් ලියවෙනවා. පසුගිය කාලයේදී එම අඩවියේ මා පළකළ සමහර අදහස් වලට, ඇය මට පිළිතුරු දී තිබුනේ සියුම් උපහාසයක්ද සහිතවයි. ඇය ලියන සමහර කරුණු, මට නොතේරෙන නිසා වන්නට ඇති එහෙම කරන්න ඇත්තේ. ඒ නිසා, පසුගිය කාලයේ මා එම අඩවියේ කමෙන්ට් දැමීමෙන් වැළකී සිටියා. ඊයේ පෙරේදා, ඇය ඩ්‍රොන් යානා ගැන ලිපියක් ලියා තිබුණා. මා ඊයේ ඒ පිළිබඳව එහි කමෙන්ට් එකක් දැමුවත්, එය පලවී තිබුනේ නැහැ. මට යම් සැකයක් ඇතිවුණා, තාක්‍ෂණික දෝෂයක්ද නැත්නම් හිතාමතා කපා දැමුවාද කියා. මේ නිසා අද මම යළිත් එම අදහස් දක්වා, කමෙන්ට් එකක් දැමුවා. ඉන්පසු එහි තිර රූපයක්ද ගත්තා. ඉතා කණගාටුදායක ලෙස, එයද කපා දමා තිබුණා.

   පහත දැක්වෙන රූප මත ක්ලික් කර, විශාලනය කර බැලිය හැකියි. 

Screenshot (85)


Screenshot (84)


Screenshot (86)

  • මෙයින් ඇය බලාපොරොත්තු වන්නේ කුමක්ද?
  • ඇයගේ ලිපියෙහි අඩංගු කරුණු සමග මගේ අදහස් නොගැලපෙන්නේ නම්, ඒ බව මගේ කමෙන්ට් එකට පිළිතුරු වශයෙන් නොකියන්නේ ඇයි? 
  • ඇයගේ මේ කමෙන්ට් ප්‍රතිපත්තිය කොතරම් දුරට සාධාරණද? 
  • ඇයට මා කිසිදු අවස්ථාවක අන්තර්ජාලය ඔස්සේ හෝ පෞද්ගලිකව හෝ අපහාස කර, පහර ගසා නැත්තෙමි. 
  • ඇය ලියන ලිපි වලින් 99% කට පමණ කිසිදු පාඨක අදහස් දැක්වීමක් නොලැබෙන බව මෑත කාලයේ මා විසින් නිරීක්ෂණය කර තිබෙනවා. එයට හේතුව වන්නේත් ඇය පාඨකයන් කෙරෙහි දක්වන මේ දරදඬු ප්‍රතිපත්තියද?
  • සදාචාරය, සමානාත්මතාව, සමාජ ආකල්ප සංවර්ධනය, වැනි විවිධ විෂයයන් අළලා ලිපි ලියන ඇයට, මේ ආකාරයෙන් කටයුතු කළහැකිනම්, ඇය ලෝකයාට පෙන්වන්නේ, බොරු වෙස් මුහුණක් නොවේද? 
   ඇය, අදදින මා ඇයගේ අඩවියේ පළකළ මගේ කමෙන්ට් එක, ඇයගේ අඩවියේ පළකොට, එයට පිළිතුරක් දෙනතුරු, ඇය විසින්, මේ ලිපිය පිළිබඳව දක්වන අදහස්, වාරණය කරනු ලැබේ.


2015 දෙසැම්බර් මස 13 වැනි දින 1139 පැය

76 comments :

  1. අරුණි ඇන්ටි වතාවක් කිව්වා
    මාතලන්ට වැඩවසම් කොමියුනිස්ට් හැදියාව කියලා එකක් තියෙනවා කියලා.
    ඒකනම් ඇත්ත මටත් හිතුනා උගේ හැදියාව අප්සට් තමයි.

    ReplyDelete
    Replies
    1. මාතලන්ව හදන්න හුඟදෙනෙක් උත්සාහ කරනවා. නමුත් අන්තිමට උත්සාහ කරපු කෙනා මාතලන්ට ඕනේ විදිහට හැදෙනවා.

      Delete
  2. ඇය ඇමෙරිකානු මොඩලයට හැරී ඇති.

    ReplyDelete
    Replies
    1. හැරී හෝ නොහැරී හෝ මොඩලය වෙනස්වී ඇති බව පේනවා.

      Delete
  3. මට තියෙන ගැටලුව විචා මොකටද 'දැඩි සිත්වේදනාවට' පත් උනේ කියලා.බොහෝවිට මෙවැන්නියන් ශ්‍රී ලංකාව කියන දූපතේ සදාචාරය,සභ්‍යත්වය,ආර්ථික කලමණාකරනය ආදී තත්ව පිළිබඳ උපදේශක තත්වයේ තනතුරු හෝ 'ලාභ නොලබන' සංවිධාන මට්ටමින් හෝ තම ජීවිත සැඳෑ කාලයේදී පැමිනීමේ අවදානමක් පවතින බවක් පෙනෙනවා.මොකද මේ හැසිරීම එයට සුදුසුකම් සපුරාලීමක් බඳුයි.
    කට කොනකට නැඟෙන සිනාවකින් ඔබ්බට මෙය අල්ලගන්න එපා සීයේ. :)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //මට තියෙන ගැටලුව විචා මොකටද 'දැඩි සිත්වේදනාවට' පත් උනේ කියලා.//
      උබ කැමති කෙල්ලෙක් අහක බැලුවම උබට සිත් තැවුල් ඇතිවන්නේ කෙසේද .....

      Delete
    2. //මට තියෙන ගැටලුව විචා මොකටද 'දැඩි සිත්වේදනාවට' පත් උනේ කියලා//

      මටත් හිතුනෙ ඒක තමයි. ඒත් ගස් ලබ්ස් කියන විශ්ලේෂණය නිසා නෙමෙයි.
      කවුද බොස් ඔය වගේ ඒවා ගණන් ගන්නෙ. මේ නිදහස් බ්ලොග් නේ. කමෙන්ට් දාන්න, දාගන්න, කපන්න ඔක්කොටම නිදහස. පොඩ්ඩක් තරහ ගියාට දැඩි සිත් වේදනාව නම් ඕවර් රිඇක්ටින් මේවට. හිනාවෙලා කමෙන්ට් එකක් දාන්න

      Delete
    3. ලබ්ස් සහ ප්‍රාජේ.

      මේකයි හේතුව. ඇය මා බ්ලොග් ලියන්නට පටන්ගත් අවධියේ සිටම මා අගය කරමින් කොමෙන්ට් දැම්මා. මමත් ඇගේ අඩවියේ කොමෙන්ට් දැමූ අතර ඇය ඒවා අගය කළා. මා ලියනලද සමහර ලිපිවල තිබුණු සිංහල යෙදුම්, ඇගේ ලිපි ලියන්නට මහත් රුකුලක් වුන බවත් ඇය කියා තිබෙනවා. වෙන එකක් තියා, ඇය ආත්මාරක්ෂාවට පාවිච්චිකරන පිස්තෝලය ගලවන සවිකරන ආකාරය පවා මා යූ ටියුබ් වීඩියෝවකින් ඇයට කියාදුන්නා. නමුත් අද ඇය මෙලෙස කරන්නේ ඇයිද යන්න මට ගැටළුවක්. මම මිත්‍රකම් ඇතිකරගන්නේ බොහොම හෙමින්. මෙවැනි කෙනෙහිලිකම් මා වේදනාවට පත්කරනවා.

      අඩෝ මැලයා, මෙහෙ ඉන්න 65 කෑලි තියෙද්දී මට මොකටද බාල බඩු.

      Delete
    4. මේක විරහ ලිපියක්.. :D

      Delete
    5. බලාගෙන යනකොට..... මැලෙයා හරී....
      හතරැස් බෝතලය රන් පැහැයෙන් දිලෙන්නේ
      බිඳුවෙන් බිඳුව ආමාශෙට යවන්නේ
      දුක් සෝ සුසුම් දිය කරලා හරින්නේ
      සීයත් එක්ක සෙට් වෙමු අපි ළමයිනේ

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. "Love unsure, boot full sure" - Three wheeler wisdom

      Delete
  4. ඔබගේ ප්‍රතිපත්තිමය තීරණය ගැන මගෙ සතුට. අපට කෙනෙක් වාරන පනවනවනම් අපිත් එයාට වාරන පනවන්න ඕන. මුල් කාලෙදි අරුණි සංවාද කළා. පසුව පාඨක අදහස් වාරනය කරන්න ගත්තා.මම ඒකෙ කොමෙන්ට් කරන එක නවත්තලම දැම්මා. කොමෙන්ට් වාරනය කරන විට පුද්ගලයන් තෝරා වාරනය කරන්නෙ නම් එය ඉතා කැතයි. අරුණිටත් පුලුවන් නෙ නලින් ද සිල්ව වගෙ කොමෙන්ට් වහල ලිපි දාන්න.

    සමහරු කාලවේලා ප්‍රශ්න නිසාත් කොමෙන්ට් බොක්ස් එක වහනවා. ඒත් බ්ලොග් කලාවට ඒක හරි මදි.

    ReplyDelete
    Replies
    1. අරුණි මෙසේ වෙනස්වීම මටනම් ගැටළුවක්. එක්කෝ ඇය තම ප්‍රතිපත්තිය පැහැදිලි කලයුතුයි. නැත්නම් අපේ කොමෙන්ට් වලට කුමක් හෝ පිළිතුරක් දියයුතුයි.

      Delete
  5. ආපොයි විචාරක මහත්තයා ඔව්වා ගනන් ගන්න එපා...
    මං නං උදේ පාන්දර ඹලුව මං‍ඤං කරගන්න හිතුනොත් අරුණි අක්කගේ පොස්ට් එකක් කියවනවා....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත තමා එක අතකට බළකොට. බොහොම ස්තුතියි.

      Delete
  6. කාලෙකට කලින් කථන්දර 'අයියා අක්කා මානසිකත්වය' ගැන ලිපියක් දැම්මා....මං හිතන්නේ මේ ඒ මානසිකත්වයේ බයි ප්‍රොඩක්ට් එකක්....ඒ මොනා උනත් කමෙන්ට් කැපීමේ වරදක් මට නම් පේන්නේ නෑ.....මයි කාර් මයි පැට්‍රෝල් නේ......හොදම දේ ඒ වගේ කාර් වලට අත නොදා ඉන්න එකයි......

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කපන්නේ එක්කෝ හුදු ක්‍රෝධය වෛරය නිසා. එහෙමත් නැත්නම් පිළිතුරු දීමට ශක්තියක් නැති නිසා. මම හිතන්නේ එහෙමයි.

      Delete
  7. ආච්චිට හෑන්ඩ් බ්‍රේක් ගහන්ට මටත් ඔහොම වුණා බොලේ...
    එයාට වැඩ වැඩි කියලා මම හිතුවේ...
    ඒත් මම දාපු ඒවා නම් එයා ඔක්කොම දාලා තිබුණා...

    දන්නේ නැති ඒවා ටිකක් ඇහුවා උත්තර නම් ලැබුණේ නෑ මටත්...

    ඕවා ගණන් ගන්ට එපා...

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ සෑහෙන පිරිසකට ඇගේ අඩවියේදී මේ අප්‍රසන්න අද්දැකීම ලැබී තිබෙනවා. මෙලෙස ලියා ඒ ගැන කියා තිබෙන්නේ මා විතරක් වෙන්න ඕනේ.

      Delete
  8. Ambanaka badagini welawaka kanna melo deyak nathi welawaka yanna thiyena hari suwandawath kadayak mathak unaa...
    Hena gahapiya...r
    Mama nadukaarayek unoth onema ekekta danduwama Aruni Shafiro ge monawahari balana eka...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ලොකු පුතේ. මෙව්වා අපිට හොඳ පාඩම්.

      Delete
  9. අමුතු ඇඳුම් ඇඳ හඬවන
    රබානකි අතේ
    පොළොවෙ ඉඳන් අඩි දහයක්
    විතර උස ඇතේ...
    ආකාසෙ ඔළුව වදියි
    කියල බය හිතේ...
    බොරු කකුල් කාරයෙක් එනවා
    අන්න අර පුතේ...

    උණ බම්බු දෙකක් උඩ
    මිනිහා ඉන්නෙ කොහොමද
    එයා අපි වාගේ මහ පොළොවේ
    පයින් යනවද
    මට තේරෙන්නෙ නෑ
    තාත්තෙ කියල දෙනවද...
    එයා උඩින් යන්නේ ඇයි
    පහළින් යන්න බැරුවද...

    බොරු අහංකාරකම්
    කෙනෙකුගෙ නැතිවුණොත් හිතේ
    එයා උඩින් නොවෙයි බිමින්
    ගියත් වැරැද්දක් නැතේ
    බොරුකකුල් මෙයා වාගෙ
    බැඳල නැති නමුත් පුතේ...
    ඔය වාගෙ උඩින් යන ඈයෝ
    හුඟක් ලොව ඇතේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : සනත් නන්දසිරි
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සින්දුවෝ. උඹ කවදත් අතිදක්ෂ ලෙස තැනේ හැටියට ඇණේ ගහනවා.

      Delete
  10. wicharaka,

    මටත් මේ අද්දැකීම ලැබිල තියෙනවා. පැහැදිලිව කරුණු සහිතව පෙන්වා දුන්න විට ඇගේ මතයට පහරවදින බව දැක්කොත් ඇය වාරණය කරනවා. සමහර විට ඇයට කියන්න පුළුවන් තම අඩවියේ පලවන කරුණු වාරණය කිරීම ඇගේ නිදහස් අයිතිවාසිකමක් ලෙස, සමහර විට මෙය ඇමරිකානු ක්‍රමයට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. ඇගේ මේ දැඩි ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය වන්නේ, කිසිවකුත් නොකියවන බ්ලොග් එකක හිමිකාරියක වීම පමණයි යන්න, ඇයට වැටහෙනවාද මන්දා.

      Delete
  11. ශපිරෝගේ මෙව්වඑක බලන්නේ නැත්තෙ ඒ මාතෘකා ගැන ගූගල් සර්ච් කරලා බැලුවම ඉංගිරිසියෙන් පෙන්නන එක තේරුම් ගන්න ලේසි නිසා .. ගූගල් වල එකම සිංහලට හරියටම පරිවර්තනය කරලා කියවන්නත් එපා වෙන විදියට ලිව්වම ඒකෙ අයිඩියාව ගන්න පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ. ඇයි ඉතිං දුක් විඳින්නේ...?

    ReplyDelete
    Replies
    1. ඇත්ත . ඒ සිංහල අමාරුයි. ඒත් විචාරකට අල්ලල යනව ඇති සමහරවිට

      Delete
    2. සිංහලෙන් කියවීමට මා කැමතිවූ නිසා තමයි හැකි සෑමවිටම ඒ අඩවියට ගියේ. නමුත් ඇගේ මේ ඒකාධිකාරී ප්‍රතිපත්තිය මහා අපබ්‍රංශයක්.

      Delete
  12. මේකේ ඉන්න පිස්සෝ පිස්සියෝ අඳුනාගන්න ටික කලක් යනවා..

    එයා ඇවිල්ලා ඇමරිකාවෙ ඉන්න අයිසිස් සමාජිකාවක්.. එයා කියන ඔක්කෝම අපි හිස් මුදුනින් පිලිගන්න ඕන.. කොහොමත් ඇමරිකාවේ මානසිකත්වයත් ඒක නේ.. රෙද්දේ ෆ්‍රී කන්ට්‍රී... හැබයි එළ කොල්ලොත් ඉන්නවා.. නැත්නම් මට ඉන්න වෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං. මොකක්ද මේ දෙලොවටම නැති ප්‍රතිපත්තිය කියන එක තමා තේරුම් ගන්න අමාරු.

      Delete
    2. දෙන්නගෙම හැදියාව අප්සට්. නැත්නම් පිනක දහමක නියැලෙන්නෙ නැතුව ඉලන්දාරි වැඩ කරනවද?

      Delete
  13. මං අරුණිගේ ලිපි කියවල නෑ. මොකද වැඩ වැඩි කමට බ්ලොග් ඒක add කරන්න බැරි උනා . ඒ හින්ද ගැටළුවක් නෑ. දුකක් නෑ. හැබැයි fb friend කෙනෙක් . චැට් කරලත් නෑ.
    එයා අකමැති දේවල් නොකර ඉන්න එක හොදයිනේ .... තුමනි .... වේදනා ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. අපොයි මේ කමෙන්ට් කියෙව්වම වේදනාව පහව ගියා. මොනවා කරන්නද. ඔන්න ඔහේ අපේ වැඩක් බලාගම්මු.

      Delete
  14. චිවාරක මහතා හිත් වේදනාට පත්වීම පිළිබඳ මාගේ සාතිශය සංවේගය...

    මට තියෙන්නේ එකම එක ප්‍රශ්ණයයි. මෙච්වර කියවන්න බ්ලොග් තියාගෙන මොන උලව්වකට ගියාද ඔය "මම පොර ජාතකේ" කියවන්න?? කුම්බලා මාලු කෑවාන............

    ReplyDelete
    Replies
    1. හි හි.... මං කියන්න ආවෙත් ඔච්චරමයි ....

      කාලෙකට කලින් අතෑරලා දාපු බ්ලොග් එකක් ඕක...

      Delete
    2. ඔබ දෙදෙනාම කියන්නේ ඇත්ත බව මා පිලිගන්නවා. මට තියෙන්නේ සාම්ප්‍රදායික සොල්දාදු හිතක් නෙවෙයි කියලයි මගේ ලඟින් ඇසුරු කරන බොහෝ දෙනා කියන්නේ. මම ඉහත ගස්ලබ්බ ට සහ ප්‍රාජේ ට දීලා තියන පිළිතුර කියවන්නකෝ.

      දෙදෙනාටම ස්තුතියි.

      Delete
  15. විචාරක මහතා,

    මම කවදාවත් හිතුවෙ නෑ ඔබතුමා මේ වගෙ පෝස්ට් එකක් ලියයි කියල. ඔබතුමාගෙ කමෙන්ට් එක අරුණි මැකුවම කියමුකො. ඉතිං මට පාන්ද ? කියල සතපහකට ගණං නොගෙන ඉන්නෙ නැතුව මොනවද අනේ මේ කරන්නෙ?

    ඔබතුමා වගෙ බොහෝ ඇසූ පීරූ ජීවිත අත්දැකීම් ඇති පරිණත පුද්ගලයෙක්ගෙන් මම මෙහෙම දෙයක් නම් බලාපොරොත්තුවුනේ නෑ කියල කියන්ට වෙන්නෙ බොහොම කණගාටුවෙන්.

    " බුදුහාමුදුරුවෝ කිව්වේ, තමන් ගැන හොයන්න, අනුන් ගැන හොයන්න එපා කියලා. "

    මේ ඔබතුමාම මීට මාස දෙකකට කලින් ලිව්ව දෙයක්. ඉතින් අන්න ඒ නිසා අපි අරුණි බලාපොරොත්තුවෙන දේ ගැනවත් ඇගේ කමෙන්ට් ප්‍රතිපත්තිය සාධාරණද කියලවත් ඇගේ වෙස්මුහුණ ගැනවත් නොහොයා ඉමු නේද?

    පලි - අනේ මම නම් අරුණි ලියන එව්ව අනිවාර්යයෙන්ම කියවනව. මටත් බහුතරයක් තේරෙන්නෙ නෑ තමයි. ඒත් අඩුගානෙ මම ඒ ලියල තියෙන දේවල් තේරුම් ගන්න උත්සාහ හරි කරනව. යමක් ගැන වැඩිදුර හිතන්න පොලඹවන ගතියක් තියනව අරුණි ලියන එව්වගෙ.මම හිතන්නෙ එයාගෙ බලාපොරොත්තුවත් ඒක.

    ReplyDelete
    Replies
    1. රවී මගේ හොඳ ලක්ෂණයක්ද දුර්වල ලක්ෂණයක් ද මන්දා යන්තමින් හෝ දන හඳුනාගෙන ඉන්න කෙනෙක් මට කෙනෙහිලි කමක් කලොත් මුලින්ම මට දැනෙන්නේ වේදනාව. ඒ වගේම මම කැමති නැහැ ගහබැනගන්න යන්න. මම ඒ වේදනාව කියන්නේ තවත් යාලුවෙකුට. මේ සිද්ධියේදී ඔබ සියලුදෙනාට කියනවා ඇරෙන්න මට වෙන විකල්පයක් නැති නිසා මෙහෙම ලිව්වේ. මට ගහබැනගන්න පුළුවන් මට ප්‍රහාර එල්ල කරන සතුරන් සමග පමණයි.

      ඔබේ උපදෙස් අගය කරනවා. මම හිතෙන් ආයුබෝවන් කිව්වා අරුණිට.

      Delete
    2. විචාරක, මට මතකයි මමත් ඔබගේ ලිපියකට දේශපාලනය ගාව ගන්නේ නැතිව කොමන්ටුවක් දැම්මා. නමුත් ඔබ එයට පිළිතුරු ලබා දී තිබුනේ "ඔබගේ දේශපාලන මත වාද වලින් මට වැඩක් නෑ" යනුවෙනුයි. ඔබගේ එම පිළිතුරට මා තරමක කැළඹීමකට පත් උනා. මා බ්ලොග් කියවන්නේ නැහැ. ඒ වගේම කියවන එකම බ්ලොගයත් ඔබගේ "අසමි දකිමි සොයමි" විතරයි. එහෙම උනෙත් ඔබ යුද්දය සහ ආයුධ පිළිබඳව ඉදිරිපත් කල රසවත් විස්තර නිසා. නමුත් අපක්ෂපාතීව ඔබම ඔබගේ මුල් ලිපි කියවා බැලුවොත් ඔබ විසින්ම ඔබ තබා ගත් හික්මීම එහා මෙහා වෙලා බව වැටහේවි. වෙනත් බ්ලොගයක් ආශ්‍රයෙන් ඔබට සිදු මෙම සිදු වීමට කණගාටුව පලකරනවා විචාරක. ඔබ ඔබම උනොත් අපිට ඔබෙන් මීට වැඩ දැනුම සම්බාරයක් ගන්න පුළුවන්.

      Delete
    3. බොහොම ස්තුතියි මෙය මතක් කලාට.

      ඒ සෙබලා ගැන සිවිල් දෘෂ්ටි කෝණයකින් බලා විවිධ අදහස් එකතු කරන්න පුළුවන්. ඒ දිනවලම දැන් පවතින රජයට විරුද්ධ (පරාජිත පක්ෂ වලින්) දේශපාලන මතවාදයක් ගෙනගියා (අදටත් ගෙනයනවා) සෙබළුන් කොටින්ට පාවා දෙනවා, පාවා දෙන්න යනවා කියා.

      අපි හිතමු මොහොතකට මේ සෙබලා තමයි ප්‍රභාකරන්ව මැරුවේ කියා. නමුත් ඊළඟට ඔහු ප්‍රභාකරන්ගේ බිරිඳ සහ දියණිය දූෂණය කලානම්, එය කිසිසේත් සමාව දිය නොහැකි, අපි බැඳී සිටින ජාත්‍යන්තර නීතිය යටතේ දඬුවම් ලැබියහැකි වරදක්. මා සිතුවේ ඔබ අර දේශපාලන මතවාදයේ සිට මේ සෙබලා දෙස බලන බවයි. හරියටම අහු නොවුණත්, මෙවැනි වැරදි කල තවත්, නිලධාරීන් සෙබලුන් අපේ හමුදාවේ ඇති. අසුවන හැම දෙනාටම දඬුවම් කලයුතුයි. සාධාරණ විනිශ්චයකින් පසුව. ඇයි එහෙම කලයුත්තේ? ඉන්පසු කවරකුවත් යුද අපරාධ කරන්නේ නැහැ. අපිට ඔලුව කෙලින් තියාගෙන ලෝකයට මූණ දෙන්න පුළුවන්. යුද අපරාධ නොවන ආකාරයට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ක්‍රම තිබියදී කෙටි ක්‍රම හොයන්න/කරන්න ගියාම මෙවැනි දේවල් වෙනවා. මේ සෙබලා මෙම ක්‍රියාව කලේ කාගේ අණදීම මතද යන්නත් සොයා බලා ඒ යටත් දඬුවම් කලයුතුයි. LTTE එක කල ම්ලේච්ඡ අපරාධ වලට පිළිතුරු දීම සඳහා එවැනිම ආකාරයේ අපරාධ කරන්න අපට නීත්‍යානුකූල අයිතියක් නැහැ. සිවිල් සමාජය බලන්නේ ඇසට ඇසක් දතට දතක් න්‍යාය යටතේ. රණවිරුවකු තබන එක වැරදි පියවරකින් ඔහු අපරාධකරුවකු වෙනවා. හමුදාවේ කියමනක් තියනවා, 'වීරකමයි මෝඩකමයි අතර තියෙන්නේ, කෙස් ගහක පරතරයකි' කියා. මේ දඬුවම සාධාරණයි.

      රසිකට ස්තුතියි ලින්ක් එක දුන්නට.

      Delete
  16. ඔය ලියන එවා වැඩිහරියක් වෙන අය ලියපුවාගේ පරිවර්තන වෙන්ට ඕන. නැත්නම් මොකටද කපන්නෙ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඇය ලියන්නේ අන්තර්ජාලයෙන් සහ පොත්පත්වලින් ලබාගන්නා තොරතුරු. ඇයට සිතුනාද දන්නේ නැහැ එය වරදක් කියා. එහෙම නැත්නම් අපි ඇයව එවැනි වරදකට කොටුකරගන්න හදනවා කියා.

      Delete
  17. වේදනාව නං හැබෑව..
    මට අරුණි ශෆීරෝ මොඩ්ල් එක සෙට් වුණේ නෑ..
    ඒත් සහෝ බ්ලොග් කියන්නෙ ඉතිං ඔය වගේ සීන්කෝන් එකක් තමා
    තමන්ගේ බ්ලොග් එකේ රජා තමන් තමයි..
    අපිනං ඉතිං කිසිම කමෙන්ටුවක් වාරණේ කරන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. කවුරුත් තමන්ගේ බ්ලොග් එකේ රජා තමයි. නමුත් ඇනෝ ගහන්නේ නැතුව, ප්‍රොෆයිල් එකකින් දාන කොමෙන්ට් කැපීම මහා කැත වැඩක් උඩුවෝ.

      Delete
  18. මම නම් පුද්ගලික අපහාස සහිත කොමෙන්ට් කපනවා. නමුත් තමන් ගේ මතයට වෙනස් මතයක් ප්‍රකාශ කරන කොමෙන්ට් කපා දැමීම සදාචාරය, සමානාත්මතාව, සමාජ ආකල්ප සංවර්ධනය, වැනි විවිධ විෂයයන් අළලා ලිපි ලියන කෙනෙක් කරනවා නම් ඒ පුද්ගලයා දෙබිඩි චරිතයක්. එය ඇමරිකන් ගතියක් නොවේ. මම දන්නා උතුරු ඇමරිකානුවන් තුල ලිබරල් ස්වභාවයක් තිබේ. නමුත් වෙන්ඩ ඇමරිකානුවන් ගැන මම නොදනිමි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන්නම් මටත් හිතෙනවා, ඇය එක්තරා ආකාරයක දෙබිඩි චරිතයක් කියා.

      Delete
  19. Ayyo Mr.Wicharaka. Me cyber eke ugath wagema hondatama igenagena nethi unath wedagath widihata hesirena aya innawa.. Ee wagema thaman ugath kiyala sakkili ballo wage hesirena mamathwayen olywa kurolu wela inna ayath innawa.. Matanam oya ugath pakayonta wadaa nuugath unath wedagath widihata inna ewunta salute karanawa. Hinawen kathawen education eken thiya kisima widihakin minissunwa maninnath epa ewayen unta salakannath epa. Mokada okun oyata kanna denne nethinam gedara bill tika gewanne nethinam mona labbakda kiyala nikaa inta. Echcharai..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත ටික්කො. ඒත් ඉතින් ගහෙන් ගෙඩි එන්නා වගේ හිටපු ගමන් මිනිස්සු මෙහෙම වෙස් පෙරලි කරනකොට හිත ටිකක් කීරි ගැහෙනවා. ස්තුතියි උපදේශයට.

      Delete
  20. මම නං ගඟේ පිනවා, වතුර බීල මැරෙනවා

    ReplyDelete
    Replies
    1. හිහ් හී....බකස් ගාලා හිනා ගියා.

      Delete
  21. විචාර මේ ලිපිය ලිවීමට හේතුව සයිබර් අවකාශයේ කළ සර්ච් එකකදී හොයා ගත හැකි විය.

    ඒ හේතුව නම් මංගල සූත්‍රයයි.

    විචාරක අරුණී ගේ බ්ලොගය කියවන්නේ "පණ්ඩිතානංච සේවනා" යන සිතුවිල්ලෙනි.

    එසේම, අරුණී විචාරක ගේ කමෙන්ටුව කපා දැම්මේ ද, මංගල සූත්‍රයේම එන "අසේවනාච බාලානං" යනුවෙන් සිතමිනි!
    http://kathandara.blogspot.com/2012/08/to-aruni-shapiro-with-love.html

    ReplyDelete
    Replies
    1. නියම විග්‍රහය. අටලෝ දහම කියා හිතාගන්නම්.

      Delete
  22. සෙක් බූට් එකක් කෑව කොල්ලෙක් වගේ. අපි මේ හැමදේම කරන්න හිතේ සතුට වෙනුවෙන් ඉතිං මොකටද හිත් නරක් කරගන්නෙ ආයෙ යන්නෙ නැතිව ඉන්න.
    මම පොඩි කාලේ පාරෙ අයිනෙ තිබ්බ හැම දේටම පයින් ගගහ යන්නෙ , දවසක් කොලේකට ගහපු පයින් පාර යටින් තිබ්බ තඩි බෙට්ටකටත් වැදුන කකුල පුරා 'ජී' එදයින් පස්සෙ ආයෙ පයින් ගැහුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. නියම කොමෙන්ට් එක කම්මලේ. මාරයි. උඹට අනේක වාරයක් ස්තුතියි.

      Delete
  23. මමත් අරුණි ගේ ගොඩක් ලිපි කියවනවා.. මුල් කලේ කමෙන්ට් එහෙමත් දැම්ම.. එත් සංවාදයක් ඇති නොවෙන නිසා කමෙන්ට් කිරිල්ල අත්හැරිය.. අදටත් මාතෘකාව බලල දැනෙන යමක් නම් කියවනවා.. කොමෙන්ට් කරන්නේ නම් නෑ..
    'මගේ අදහසේ හැටියට' අපි ලියද්දි හැම ජාතියේම කමෙන්ට් බලාපොරොත්තු වෙන්න ඕනි.. නැත්නම් කොමන්ට් ඩිසේබල් කරන්න ඕනි.. 'තෝරාගත් ඒවා' පමණක් පළකිරීම අනුමත කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. දැන්නම් මට පෙනන්නේ ඇය කිසිම කමෙන්ට් එකක් පළකරන්නේ නැති, මොකක්දෝ මහා අමුතුම ප්‍රතිපත්තියක ඉන්නවා වගේ.

      Delete
  24. මට පෞද්ගලිකව හිතෙන්නෙ මෙහෙම ලිපියක් ලිවීම නම් නිෂ්ඵල ක්‍රියාවක් කියලයි. විචාරක මහත්මයා වෙන මතයක් දරනවා වෙන්න පුළුවන්.

    // ඇය, අදදින මා ඇයගේ අඩවියේ පළකළ මගේ කමෙන්ට් එක, ඇයගේ අඩවියේ පළකොට, එයට පිළිතුරක් දෙනතුරු, ඇය විසින්, මේ ලිපිය පිළිබඳව දක්වන අදහස්, වාරණය කරනු ලැබේ// කෙනෙක් වරදක් කරනවා කියා අපිත් වරදක් කරන්න ගියොත් අපිත් ඒ තත්වයටම වැටෙනවා නේද? ;)

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයේ මට වෙන දේවල් අන්තර්ජාලයේ නොලියා වෙන කොහේ ලියන්නද හරී.

      නැහැ නැහැ මම ඇයට දුන්නේ ඇගේ ප්‍රතිපත්තිය ගැන නැවත සලකා බලන්න අවස්ථාවක්.

      Delete
  25. meka adirajaya wade kumantranayak, ape rana viruwanwa dangediyata dakwana ekak.

    ReplyDelete
    Replies
    1. මීට, දැනට රට හැරගොස්, අධිරාජ්‍යවාදීන් නොවන අය සමග කුමන්ත්‍රණය කරමින් සිටින, පච ආයුධය. :e

      Delete
  26. ඇය තමන්ගේ මතයට පමණක් ගරු කරනවා ඇති. උබ ඒ ලිපිය අගයලා comment එකක් දැම්මනම් පලවේවි. ඒත් දැන්නම් කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඉතින් යකෝ මගේ කමෙන්ට් එක බලපන් මම එයාගේ අදහස් වලට පටහැනි මොකුත් ලියලා නෑ. ඒකනේ මට හිතාගන්න බැරි මේ මොකද කියලා.

      Delete
  27. මම ඒ බ්ලොග් එක කිහිප වතාවක් කියවලා තිබෙනවා.මම සමහර බ්ලොග් වලට ගියාම කොමන්ට් කරන්න කලින් ඒ බිලොග් එකේ කලින් ලිපි කිහිපයක් කියවලා ඒවට දක්වලා තියන අදහස් මොනවගේද කියලා බලනවා.බ්ලොග් එක ලියන පුද්ගලයා පාඨකයන් එක්ක සුහදශිලි බවක් නෑ වගේ කියලා දැනුනොත් මම එවැනි බිලොග් වලට කොමන්ට් කරන්නේ නෑ.ඕනවටත් වඩා හිතට අරගෙන අනිත් අයගේ අදහස් දැක්වීම් හෙලා දකින අයගේ බිලොග් වලටනම් මම යන්නෙම නෑ.ඒ වෙලාවට මට හිතෙන දේ තමයි තමන්ගේ ලිපි බලන්න එන පුද්ගලයට අඩුම තරමේ සුහදශිලිබවක්වත් පෙන්වන්න බැරිනම් මොකටද යන්නේ කියලා හිතෙනවා.කොහොම උනත් සමහර බ්ලොග් වල ලිපි වලට කොමන්ට් කරන්න බැරිවුනත් මම අනිවාර්යෙන්ම නිතරම යන බ්ලොග් කිහිපයක්නම් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. හොඳ උපදේශනයක් මනෝ. බොහොම ස්තුතියි.

      Delete
  28. මමත් කියවලා නෑ
    අල්ලලා දාපන් විචා..
    එයාට අපිව එපානම් අපිටත් එපා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් හිතන්නේ මෙන්ඩෝ

      Delete
  29. හීනෙන් ගිය අධෝවාතයක් සේ
    .. අලුයම ලූ කෙළ පිඬක් සේ... පයට පෑගෙන දුහුවිල්ලක් සේ
    .. මෙවන් දෑ අමතක කරන් සබඳේ....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනොශ්, කියන්න තියන දේ සරලව, සුගමව, කෙටියෙන්, කියා තිබෙනවා.

      Delete
  30. තම තමුන්ගෙ ලොකුකං තම තමුං ළඟ සෑර්..අපිට ඒව වැද්ගත් නෑ නෙවැ.
    බම්බු ගහගන්න කියන්න !!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ පත්තරේ. මටමනේ මෙව්වා වෙන්නේ. දැන් ඉතින් හිත හදාගත්තා.

      බොහොම ස්තුතියි.

      Delete
  31. විචාරක මෙය ask the audience දමා ඇති නිසා මගේ අදහසත් සටහන් කරනවා. මා විචාරකව හෝ අරුණි ශපිරෝව පෞද්ගලිකව දන්නේ නැහැ. ඇත්තටම විචාරකව වගේම බ්ලොග් ලියන කමෙන්ට්ස් දමන ගොඩක් අයව පෞද්ගලිකව දන්නවද කියලවත් දන්නේ නැහැ. මේ දෙදෙනා විශේෂ සම්බන්ධයක් නැති බ්ලොග් කරුවන් දෙදෙනෙකු ලෙස සැලකුවොත් මෙහි කිසිදු අසාමාන්‍යතාවක් මා දකින්නේ නැහැ. එක් එක් තැනැත්තා බ්ලොග් ලියන්නේ වෙනස් අවශ්‍යතා සඳහා. බ්ලොග් එකක් කියන්නේ තනිකරම තමන්ගේ පාලනය යටතේ ඇති තැනක්. ගෙදර වගේ. ඉතින් මගේ ගෙදර මට 24 පැයේම දොරවල් ඇර තියන්නත්, වසා අගුළු දමා තියන්නත්, මා කැමති අය ඇතුලට ගන්නත් පුළුවන්. මගේ ගෙදර යමෙකු මා අකැමති අයුරින් හැසිරෙනවනම් හේතු දක්වා හෝ නොදක්වා එලියට දාන්නත් පුළුවන්. එය එක් එක් කෙනාගේ කැමැත්ත.

    කෙනෙකුට කියවන්නන් බොහෝ සේ වැදගත් වුනත් තවත් කෙනෙකුට එසේ නොවිය හැකියි. ඒ වගේමයි කමෙන්ටුත්. කමෙන්ටුව පළ නොකිරීමෙන් අරුණි බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා මම දන්නේ නැහැ. අර ඉයන් ලියලා තියෙනවා වගේ වෙනත් අය හිතන විදිහ අපට දැනගන්න බැරි නිසා. මෙය ඔබ කියා ඇති නොගැලපීම හෝ වෙනත් දෙයක් විය හැකියි. ඇතැම් විට ඇය පොදුවේ කමෙන්ට්ස් පළ කිරීම සීමා කර තිබෙනවාද විය හැකියි. "ඇය ලියන ලිපි වලින් 99% කට පමණ කිසිදු පාඨක අදහස් දැක්වීමක් නොලැබෙන බව" පෙනෙන්නේ ඒ නිසා විය හැකියි. ඇතැම් විට කමෙන්ටුව අනුමත කිරීමට ඇයට වෙලාවක් නොලැබුණා වන්නත් පුළුවන්. මගේ බ්ලොග් එකට දමන කමෙන්ට්ස් ඇතැම් විට මට බලන්න වෙන්නේ සෑහෙන වෙලාවකට පසු. මේ අතර වෙනත් අළුත් පෝස්ට් එකක් පල වෙන්නත් පුළුවන්. දැන් මෙවැන්නක් මා පූර්ව අනුමැතියට යටත්ව දමා තිබුණානම් එය පළ වෙන්නේ බොහෝ පමාවී.

    මම ශපිරෝගේ බ්ලොග් එක ගැන දැනගත් දින සිට එය කියවනවා. එහෙත් මා කිසිදා එහි කමෙන්ට්ස් දමා නැහැ. මා එහි කමෙන්ට් එකක් දමා ඔබට වූ දෙය මට වුනානම් මා එහි නැවත කමෙන්ට්ස් දමන්නට කාලය යොදවන්නේ නැහැ. එහෙත් ඇගේ ලිපි කියවීමෙන් මට යම් ප්‍රයෝජනයක් ලැබෙන තාක් කල් සහ ඇගේ ලිපි මට වාරණය නොකරන තාක් කල් මම ඒ ලිපි කියවනවා. සාමාන්‍යයෙන් මම කොහොමටත් පූර්ව අනුමැතියට යටත් තැන් වල කමෙන්ට්ස් දමන්නේ එසේ නොමැති තැන් වලට වඩා බොහෝ අඩුවෙන්. මටනම් ඇගේ මුහුණ සැබෑ මුහුණද වෙස් මුහුණක්ද කියන එකෙත් විශාල වැදගත්කමක් නැහැ. මට වැදගත් (හෝ නොවැදගත්) ලියන්නා නෙමෙයි ලියා ඇති දෙය.

    කොහොම වුනත් ඔබ යටින් කියා ඇති ඔබත් ඇයත් අතර (බ්ලොග්කරුවන් වශයෙන්) පැවති දිගුකාලීන සම්බන්ධතාවය අනුව ඔබේ සිත් රිදීම තේරුම් ගත හැකිය. කමෙන්ට්ස් සම්බන්ධ ප්‍රතිපත්තිය නිශ්චිතව සඳහන් කර තිබේනම් කෙනෙකුට මේ වගේ නිකං පෙට්‍රල් පුච්චගන්න වෙන්නේ නැහැ. එහෙත්, එයත් ඇගේ තීරණයක්. ඇය මෙය පැහැදිලිව සඳහන් කර නැත්නම්, ඔබේ අත්දැකීම ඔබ මෙසේ සටහන් කර තිබීම ඉදිරියේදී ඇගේ බ්ලොගයේ කමෙන්ටුවක් දැමීමට හිතන කෙනෙකුට තීරණයක් ගැනීමට උදවුවක්.

    ReplyDelete
  32. අනේ මන්දා විචා.. මිනිස්සු ඇයි මේ තරං ලද බොළද කියලා.. තමන්ට ඕන නං ගත්තා.. කියෙව්වා. කියන්න දෙයක් තිබ්බ නං කිව්වා. ඒක නැත්තං පාඩුවේ හිටියා.. මොකක්ද මේ කමෙන්ට් එකකට අඩන්නේ.. විකාර කියලයි කියන්න තියෙන්නේ. අරුණිගේ මාත් සමහර පෝස්ට් ආසාවෙන් කියවනවා. සමහර ඒවා නං බල්ලොන්ට දුන්නත් කන එකක් නැහැ. ඒ දැරිවිගේ හැටි.. අපිට ඉතිං පාංද බං.. හැක්..

    ReplyDelete
  33. විචාරක මහතා,

    අන්න අරුණි ශපිරෝ ඔබගේ comment දෙකම අනුමත කරලා publish කරලා. ප්‍රමාදයට හේතුවත් සඳහන් කරලා තියෙනවා.

    මම ඔබේ බ්ලොගයේ යාව ජීව පාඨකයෙක්, හැබැයි comment කරන්නේ පළමු වතාවට :-) ඔබත් තවත් බ්ලොග් රචකයෙකුත් අතර සීතල යුද්ධයක් දකිනු අකමැති නිසා මේ comment එක දමන්න හිතුනා.

    අර රවී ඇතුළු පිරිස කියනවා වගේ comment එකක් පළවීම ප්‍රමාදවීම නිසා ඔබතුමා වගෙ ඇසූ පීරූ අත්දැකීම් ඇති පරිණත පුද්ගලයෙක් මෙහෙම කලබල වීම ඔබට තරම් නොවේ.

    නිතර comment නොකලත් මම ඇතුළු බොහෝ පිරිසක් ඔබේ අඩවිය හැමදාම බලනවා. දිගටම මෙවැනි සාරඝර්භ ලිපි ලිවීමට ඔබට ශක්තිය, ධෛර්‍ය හා ආයුෂ ලැබේවා !!!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }