හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

13 February 2016

ක්‍රෝම් බ්‍රව්සර් අවුල ලිහන්න පුළුවන්ද?



මෙහි මා සඳහන් කරන කරුණු පැහැදිලිව දැකීම සඳහා මේ ලිපිය ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය මගින් කියවා බලන්න.
  
1. ක්‍රෝම් බ්‍රව්සරය දැනට සති දෙකකට පමණ ඉහත සිට සිංහල යුනිකෝඩ් අක්ෂර විකෘති කර පෙන්වයි. මෙහිදී විකෘතිවී පෙනෙන්නේ යංශය සහ රකාරාංශය ඇතුලත්, දිව්‍ය, ව්‍යාපාර, ශක්‍යතාව, ප්‍රශ්න, ක්‍රමය, ග්‍රන්ථ, වැනි වචන ය. 


මේ සඳහා විසඳුම කුමක්ද? මා අත්හදා බලා සාර්ථක වූ පිළිවෙත පහත දක්වනවා. 

2. ක්‍රෝම් බ්‍රව්සරය දැනට සති දෙකක පමණ සිට සිංහල යුනිකෝඩ් අක්‍ෂර විකෘති කර පෙන්වයි. මෙහිදී විකෘතිවී පෙනෙන්නේ, යංශය සහ රකාරාංශය ඇතුළත්, දිව්‍ය, ව්‍යාපාර, ශක්‍යතාව, ප්‍රශ්න, ක්‍රමය, ග්‍රන්ථ, වැනි වචන ය. 

ඉහත අංක 1 ඡේදය මා ටයිප් කලේ online ක්‍රමයටයි. 

අංක 2 ඡේදය MS Word ලිපියක් ලෙස ටයිප් කර cut and paste කළා. එහිදී අර විකෘති වීම දකින්නට ලැබුනේ නැහැ. 

(word ලිපිය ටයිප් කිරීමට පාවිච්චි කලේ google input tools) 

නමුත් මේ ක්‍රමය වුවද, wordpress ක්‍රමයේදී සාර්ථක නොවුන අතර blogger ක්‍රමයේදී පමණයි සාර්ථක වුණේ. 

එමෙන්ම blogger post heading එකේදී මේ ක්‍රමය අසාර්ථක බව පෙනෙනවා. 

මේ සඳහා විසඳුමක් හොයමුද? 




94 comments :

  1. ඔව් මේක මහ කරදරයක්.ගූගල් ෆීඩ්බැක් දුන්නත් වැඩක් වෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. අපි වගේ පුංචි රටක ප්‍රශ්නයක් ඒගොල්ලෝ ලොකුවට සලකන එකක් නැහැ.

      Delete
  2. මටනං අර ඡේද දෙකේම කිසිම අවුලක් පේන්නෙ නෑ.
    ඇයි ඉතිං ඔය ක්‍රෝම් වලම එල්ලිලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. මෙම කොමෙන්ට් එක දැමීමේදී ඉහළ රතුපාටින් දක්වා ඇති උපදෙස් ලබා දී නොතිබූ බව සලකන්න. හැක්..

      Delete
    2. මට හිතුනා වෙනත් බ්‍රව්සර් එකකින් බලන කෙනෙක් ඔහොම කියයි කියලා. ඒකයි නැවතත් ලිපිය සංස්කරණය කලේ ක්‍රෝම් බ්‍රව්සර් එකෙන් බලන්න කියලා.

      Delete
  3. ගිනිනරියට (Firefox) යමු.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් පෙනෙන්නේ වෙන විසඳුමක් නැහැ වගේ.

      Delete
  4. මේ ප්‍රස්න ඉංදියන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස් ලා එනකන් විතරයි.ඊට පස්සෙ අපට කිරි උතුරනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් එවුන්ට මෙහෙ ආවම සියලු දේ ලැබේවා. 'සබ්බේ ලබං'

      Delete
    2. 'ගාද සොඤ්ඤං' තුමනි..

      Delete
  5. මම ඔපෙරා පාවිච්චි කරන්නේ, මටත් ඔය ලෙඩේ හැදිලා තියෙන්නේ...
    ඉස්සර ඉඳලම වර්ඩ් වල ලියල ඔපෙරා වල දාන වයේ අකුරු කොහොමත් පිස්සු නටනවා, ඒ නිසා දැන් ඔපෙරා අසනීප වෙලා තියෙන වෙලාවේ ඒක කොහෙත්ම හරියන එකක් නැහැ...
    හැබැයි මේ ලෙඩේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වල නැහැ, ෆෝන් එකෙන් බලද්දිත් නැහැ...

    දැන් මම ලෙඩේ එක්කම ජිවත් වෙන්න පුරුදු වෙලා. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් ලියන අපිට තමා මේ ඔක්කොම කෙනෙහිලිකම්.

      Delete
  6. Parana Versions ekk hoyagthanmn hari , offline install karanna Puluvn ekk tiynawa. man Linux use karanna. Chrome ekn Google IME use karanna eka nisa firefox dalath be Oprea ek Sinhala eta wada aul dan sinhala sites balana eka atha arinna thmai venna.

    api hamoma ekathu vela google ekata ma gana repot karoth wadak vai kiyala man hithnawa. ekank denak kivvata wadak vena ekk ne 500 wath kivoth wade sarthaka vai. facebook images hadala share karala hamogenma sahayogaya aran forum wala dala thawa blog post dala full public tiyak dunnanm wade karganna Puluvn vai.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල සිංහලෙන් ටයිප් කරන්න එකක් දාගනින් මචෝ.. linux බැරිනම් ඕනේ එකක්.. සිංග්ලිෂ් කියවන්න ගියාම එපා වෙනවා.. ඉස්සර ඒකට ටිකක් හුරුවෙලා හිටියා.. දැන් නම් කොහොමත් බෑ..

      Delete
    2. අන්ත්තටම නඳුන්, කල්‍යාන කියලා තියනවා වගේ සිංග්ලිෂ් වලින් දිග කමෙන්ට් එකක් කියවීම ටිකක් වෙහෙසකරයි. මාත් ඔබෙන් කාරුණිකව ඉල්ලනවා සිංහලෙන් ටයිප් කරන ක්‍රමයක් දාගන්න කියලා.

      ඔව් ඔබ කියනවා වගේ අපි වගේ පුංචි රටක් කරන ඉල්ලීම් ගූගල් එකෙන් ඉටුකරයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා ඉතා සංවිධානාත්මකව ඉල්ලීමක් කරන්න වෙනවා.

      Delete
    3. මම Google IME එකෙන් ලියන්නේ. http://lktipsblog.blogspot.com බ්ලොග් එකම ලියන්නේ IME එකෙන්. Blogger කොමන්ට් කවුන්ටර් එකේ IME සමහර වෙලාවට වදින්නේ නැති නිසා සින්ග්ලිස් වලින් දැම්මා :) :) මම ඊයේ පරණ සංස්කාරනයක් දැම්මා දැන් වැඩේ හරි. Ubuntu - http://google-chrome.en.uptodown.com/ubuntu/old

      Windows - http://getintopc.com/softwares/browsers/google-chrome-download-free-offline-installer-latest-setup/

      Delete
  7. අයියෝ ඕකට බේත් හොයලා එපා වෙලා ඉන්නේ. එක එක්පර්ට් කෙනෙක් කිව්වා ක්‍රෝම් කැනරි දාන්න කියලා.. ඒකත් කළා ඒත් වැඩක් නෑ...

    මට හිතෙන්නේ ඕක අප් ඩේට් එකක් එක්ක ආපු බග් එකක්. කලින් වර්ෂන් එකට ඩවුන් ග්‍රේඩ් කරලා බලන්න...

    බැරිම වුනොත් විසදුම බ්‍රවුසර් එක මාරු කරන එක තමා....

    ReplyDelete
    Replies
    1. සෙන්නා හරි සෙන්නෝ..

      දැං පොතේ පිට කවරෙද???

      Delete
    2. ස්තූතියි බන් තල්ලුවට... උඹ හිතන තරම් වේගෙන් වැඩේ වෙන්නෑ බන්...

      Delete
    3. අර ඉංගිරිසි එක හම්බුනත් මට ඒක හොද ගිනි තපින්ඩ තමා , සිංහල එක දියව් දියව්

      Delete
    4. මොකක්ද මුං දෙන්න එක්කහුවෙලා කරන කුමන්ත්‍රනේ

      Delete
    5. මමත් කීපදෙනෙක් දුන්න උපදෙස් අනුව ක්‍රියා කළා සෙන්නා. නමුත් හරිගියේ නැහැ. දැන් තියෙන්නේ ගිනි නරියාගේ පිහිට විතරයි.

      Delete
  8. මමත් chrome පාවිච්චි කරන්නේ මට කිසි අවුලක් නැතිව පෙන්නනවනේ.්‍ය්‍ය්‍ය්‍ය්‍ය්‍ය

    ReplyDelete
    Replies
    1. ප්‍රභාත් පාවිච්චි කරන OS එක මොකක්ද? ඒ වගේම ඔයා ලංකාවේද පිට රටකද ඉන්නේ? මම හිතනවා ඒ වගේ සාධක මෙයට බලපානවා කියා.

      Delete
  9. Replies
    1. දාල බැලුවා. නමුත් ප්‍රශ්නය විසඳුනේ නැහැ.

      Delete
  10. මම ක්‍රෝම් පාවිච්චි කොරන එක අතෑරියෙ උංනෙ අලුත් අප්ඩේට් එක්ක රැම් එක කනන නෙවී ගිලින්න ගත්තට පස්සෙ ටැබ් දෙක තුනක් ඕපන් වුණාම ස්ට්‍රක් වෙනව ඇර මෙලෝවැඩක් කරගන්න බෑ.
    ගිනි නරියගෙ ඒ කචල් නෑ. අවුල ඉන්පුට් ටූල්ස් නෙ ඒකට Sinhala Tamil IME kit එක දාගන්න. Windows 8 වලටත් වැඩ කරනව .Net Framework දාගත්තම. ඔටෝ අප්ඩේට් වෙන්න හදපුවම නං ඔටෝම ඉන්ස්ටෝල් වෙනානෙ .
    Windows 7 වල ඒ කිසි කචල් එකක් නෑ.

    කෝමත් ඔයාලට ක්‍රොම් මොනා පෙන්නුවත අපිට නං හරියටම ගාණට අකුරු ටික පෙන්නනව.

    ReplyDelete
    Replies
    1. මටත් මෑතක සිට දැනෙනවා ක්‍රෝම් එක ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් ගන්න බව.

      ගිනි නරියාගේ වැඩකරද්දීත් input tools හොඳට වැඩ කරනවා.

      අන්න ඒක තමා මට හිතෙන්නේ. මේ ප්‍රශ්නය තියෙන්නේ සීමිත ප්‍රදේශයකට පමණයි. ලෝකේ හැමතැනටම මේ අවුල නැහැ. ඒ හේතුව හොයාගත්තොත් විසඳුමක් ලැබෙයි.

      Delete
  11. විචා, මේක මහ ලෙඩක්. මටනම් ඔබේ ඡේද දෙකම පේන්නේ එක ලෙසම විකෘති විදිහට. මට මෙය ගොඩක්ම අවුල් වුණේ Windows 10 දාගැනීමෙන් පසුවයි.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මේක ලෝකයේ සමහර ප්‍රදේශ වලට පමණක් බලපාන ප්‍රශ්නයක් වගේ. ඒ සමගම OS එක සහ Chrome Version එක අතර clash එකක් වෙනවද දන්නේ නැහැ. කවුරුහරි විශේෂඥයෙක් මේ ගැන අපිට උපදෙසක් දෙනවානම් හොඳයි.

      Delete
  12. ගූගල් මාර්ටින් වික්රමසිංහ මහත්තයගේ ස්වදේසීය සිංහල ක්රමය අනුගමනය කරන්න යනවා වගේ, නැද්ද?

    ReplyDelete
    Replies
    1. නියම කියමන. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ තමයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ඔය අදහස ප්‍රකාශ කළේ. පත්තර වලින් උන්නහෙව පට්ට ගැහුවා.

      Delete
  13. මං නම් කවුරු හරි හදල දෙනකම් මෙහෙමම ලියනවා.. අදහස තේරුනොත් මදැයි.. හි හි..

    ReplyDelete
    Replies
    1. කවුරුවත් හදන එකක් නැහැ. මුළු ලෝකයේම බැලුවත් සිංහලෙන් ලියන කියවන කීදෙනාද ඇත්තේ. ලක්ෂ තුන හතරක් ඇති. නමුත් කවුරුවත් ගූගල් ඇඩ්මින් ට පැමිණිලි නොකර හිටියොත් මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔක්කොම පැමිණිලි කිරීම හොඳයි.

      Delete
    2. මේක යුනිකෝඩ් රෙන්ඩරින් ගැන මෙව්වා එකක් විචාරක තුමා, මේ ඔටුවෝ කියන්නේ අරාබිත් අවුල් කියල මේකේ..

      Delete
  14. මටත් ඔය ප්‍රශ්නේම ආව , හැම උත්සාහයක්ම කරල , අන්තිමට තීරණය කළා Firefox වලට මාරු වෙන්නට දැන් බ්ලොග් එක ලියන්නෙ Firefox වලින්  , හැබැයි කියවන්නෙ පරණ පුරුද්දටම Chrome එකෙන් :D

    ReplyDelete
    Replies
    1. ඔව්, මේ ප්‍රශ්නය විසඳෙන තුරු ඒ වගේ විකල්පයක් අනුගමනය කිරීම තමයි සුදුසු.

      Delete
  15. මටත් ඔය අවුල ආවා. මමත් පුළුවන් ඉලව් කරලා බැලුවා හදාගන්න. ඊට පස්සේ හරි ගියේ නැති නිසා ගින්දර නරියට මාරු උනා.

    ReplyDelete
    Replies
    1. දැනට තිබෙන විකල්පය ඒක තමයි.

      Delete
  16. මම පාවිච්චි කරන්නෙම ගිනි නරියා. එකේ ඔය අවුල් එන්නෙම නෑ.මොකද බ්‍රවුසර් එක මාරු කරලා බැලුවොත්.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය විසඳෙන තුරු ගිනි නරියා එක්ක ඉන්නවා.

      Delete
  17. මෙන්න මේකේ පෙන්නන ක්‍රමය ට්‍රයි කරලා බලන්ට.

    https://youtu.be/BPrwwqs0DJQ

    ReplyDelete
    Replies
    1. හරි යන්නෑ.. මේක වෙන ලෙඩක්...

      Delete
    2. Chromium සහ Comodochrome වලනම් ප්‍රශ්ණයක් නෑ

      Delete
    3. @ Kandyan කරලා බැලුවා. හරියන්නේ නැහැ. එහෙම කලාම වෙන්නේ font එක වෙනස්වීම විතරයි. අකුරු විකෘතිය එහෙමම තියනවා. Chromium සහ Comodochrome ගැන හොයලා බලන්නම්.

      Delete
    4. Chromium එන්නේ Linux වලට මමත් ඒක පවිචේ කරන්නේ වැඩක් නැහැ එකත් මේ වගේ තමයි අවුල තියෙනවා. අලුත් එකට Update කරාට පස්සේ. මම පරණ සංස්කාරනයක් දැම්මා මෙතනින් අරන් දැන් එලට වැඩ http://google-chrome.en.uptodown.com/ubuntu/old

      Delete
    5. ක්‍රෝමියම් එක වින්ඩොව්ස් 10 වල වැඩ. මගේ ලැපාගෙනම් අකුරුවල ප්‍රශ්ණයක් නෑ.

      Delete
  18. ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ මට විතරයි කියල මම හිතුවේ හරිම කරදරයක්.ගිනි නරියට ඔහොම නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් මුලින් හිතුවේ එහෙම තමයි. නමුත් පස්සේ දැනගත්තා, මෙය හැමතැනම වගේ තියන ප්‍රශ්නයක් කියලා. විසඳුම ගිනි නරියා තමයි.

      Delete
  19. ඔන්න ඔහේ නොලියා ඉන්ඩ , ඔච්චර කටු කන්නේ මක්කටද , අනික ඉතින් දැං වැඩකට ඇති දෙයක් ලියනව කියල යැ

    ReplyDelete
    Replies
    1. ලියන්න පුලුවන්. ලියන එවුන්‍ට අවුලක් නෑ.. හැබැයි බලන එවුන්ට තමයි ප්‍රශ්නේ..

      Delete
    2. @ අටම්

      ලියන එව්වා හොඳ නැත්නම් මාතෘකා ටිකක් එවපන් ලියන්ඩ.

      @ සිංහ මචන්

      සමහරු ලියලා මලවනවා. :e

      Delete
  20. මටනම් කිසි අවුලක් නෑ.. දෙකම එක විදියට පේන්නේ.. හැමෝගෙම ඒවාට මේ ප්‍රශ්නේ නෑ......

    ReplyDelete
    Replies
    1. ඔයා ඉන්නේ ලංකාවෙන් පිටද? මට හිතෙනවා ලෝකයේ සමහර ප්‍රදේශ වලට මේ ප්‍රශ්නය බලපානේ නැහැ කියලා.

      Delete
  21. ඔය බ්‍රව්සරය හැර වෙනත් බ්‍රව්සර් ඕනෑ තරම් තිබේ...
    ඇයි යකෝ මෙච්චර බ්‍රව්සර් තියෙද්දි ඕකෙම එල්ලිලා ඉන්න ඕනෙද... වහාම මාරු වෙන්න වෙන එකකට...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බං.

      Delete
    2. පිස්සුද බන්... එහෙම කොහොමද !! අනිත් ඒවයෙ බුක් මාර්ක් එහෙම සික්‍රෛානයිස් කරන්න පුළුවන්ද ?

      Delete
    3. @ කැමරාවා

      අතාරින්න අමාරුයිනේ හුඟක් කල් ලඟින් තියාගෙන හිටියම.

      @ සෙන්නා.

      කිසිම ප්‍රශ්නයක් නැහැ. මම දැනටමත් ක්‍රෝම් එකේ බුක්මාර්ක් ටික (500 ක් විතර) ගිනිනරියට මාරුකරගත්තා.

      Delete
  22. Step 1 - Go to chrome://flags/

    Step 2 - Disable layer squashing - Disable

    Step 3 - Disable DirectWrite - Disable

    Step 4 - Relaunch

    ReplyDelete
    Replies
    1. flags කොහොමද බං එතනට යන්නේ

      Delete
    2. @ නිමෝ
      Disable layer squashing හම්බවුනේ නැහැ. Disable DirectWrite ඩිසේබල් කළා. නමුත් ප්‍රතිඵලයක් නැහැ.

      @ අටම්
      chrome://flags/ ඔන්න ඕක ඇඩ්‍රස් බාර් එකේ ගහලා එන්ටර් කරන්න. හැබැයි පුතෝ එතැනට ගිහින් මොකක්හරි වරද්දගත්තොත් එහෙම මම නැහැ.

      Delete
    3. එහෙම බැ ...මොනවහරි උනොත් උදෙම්ම එක බෙල්ලක් මිරිකගන නගිනවා කුරුනැගල බස්සෙකේ

      Delete
    4. Disable layer squashing කියල එකක් නැනේ බට්ටෝ

      Delete
    5. මට නං හිතෙන්නේ මූ මේ වයසක අපිව වටේ අරිනවද කොහෙද , ඕක හදාගන්න විදිහක් මු නොදන්නවා වෙන්ඩ බැ

      Delete
    6. හොයනවා ලැබුන ගමන් කියන්නං

      Delete
    7. තාවකාලික විසදුමක්
      ______________

      හරියට විසදුමක් හොයා ගන්නකන් කැමති අය මේ පරණ වර්ෂන් එක අරගෙන බලන්න.
      ප්‍රතිකර්මයක් හොයාගන්නකන් කැමති අය මේක පාවිච්චි කරන්න. මේ වර්ෂන් 47.

      32 බිට් හා 64 බිට් දෙකම තියෙනවා.

      පරණ එක අයින් කරලා, මේක ඉන්ස්ටෝල් කරලා, රිස්ටාර්ට් කරලා ගන්න.

      32 බිට් (42MB )
      http://www.mediafire.com/download/8fyyw83pg53dq85/47.0.2526.111_chrome_installer.exe

      64 බිට්(47MB )
      http://www.mediafire.com/download/wkjn15nqf45fqb3/47.0.2526.111_chrome_installer_win64.exe

      Delete
    8. පරණ එක නෙමේ, ඇත්තටම අලුත් එක.

      Delete
    9. මම හිතන්නේ ඒ වාතරක් මදි. ඔටෝ අප්ඩේට් වෙන එක නවත්වන්න ඕනා නැත්නම් ආයෙ අරකට අප්ඩේට් වෙනවා...අප්ඩේට් නවත්වන එකත් හෙන ගේමක්...තාම මට වැඩේ හරියට මීටර් වුනේ නෑ...

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. @ සෙන්නා,
      ඕක ඔටෝ අප්ඩෙට් වෙන්නේ නෑ.

      Delete
    12. [IMG]http://i64.tinypic.com/2jg8787.png[/IMG]

      Delete
    13. බ්රෝව්සරේ ටෙස්ට් කරපු විදිය.

      [IMG]http://i67.tinypic.com/2chw79.png[/IMG]

      Delete
    14. පිලි පැනලා, ඒ ගැන සමාව බජනය කොරන්ට

      Delete
    15. තෝ කොයි වෙලෙත් ඉන්නේ පීල්ල පැනලා තමා , ගොරිල්ලා

      Delete
    16. පල යන්න ගෙම්බා

      Delete
  23. මම ගූගල් ක්‍රෝම් එක්ක ආශ්‍රයක් නෑ. නමුත් ගිහින් බැලුවා. වැඩේ ඇත්ත. සිංහල යුනිකෝඩ් වර්ඩ් වල ඇලෙව්වාමත් පෙන්නන්නේ එහෙමයි. ඕක ඔය ෆෝර්මැටිං අප්සෙට් එකක් වෙන්න ඕනෙ. ඉතිං ඔන්න ඔහෙ ෆයර්ෆොක්ස් පාවිච්චි කරන්න අපි වගේ.

    ReplyDelete
    Replies
    1. නිමෝගෙන් තවත් උපදෙස් එනතුරු බලා ඉන්නවා. බැරිවුණොත් නගිනවා ගිනි නරියගෙ පිටේ.

      Delete
  24. මම නම් හැමදාම හිටියෙ ගිනි නරිය එක්කනෙ. එදා කිව්ව වගේ මේක අනිත් ඒවට වඩා මට අල්ලල ගියා. බලමු ක්‍රමයක් හොයා ගන්න.

    ReplyDelete
    Replies
    1. කසුන් ඔය නිමෝ කියලා තියනදේ කරන්න.

      Delete
  25. [im#]https://jangun.files.wordpress.com/2016/02/1a.jpg[/im]

    ReplyDelete
    Replies
    1. ඉහත ක්‍රමය කිව්වේ පරණ වර්ෂන් එකට යන එකද??

      Delete
    2. තාවකාලිකව පරණ වර්ෂන් එකට යන්න කිව්වේ. සාර්ථක විසදුමක් හොයාගන්නකන්.

      Delete
  26. විචාමාමේ................

    වැඩේ හරි යයි...... ඒත් නිමෝගේ වැඩේ කරන්න ගියා... ඒත් බැරිවුණා...අායෙම ට්‍රයි කරන්නම්....

    ReplyDelete
    Replies
    1. මොකක්ද උන අවුල, පලවෙනි ක්‍රමේ හරිගියේ නෑ කියලා විචා කිව්වා, දෙවෙනි ක්‍රමේ, පරණ වර්ෂන් එක තමා හරියට වැඩ කරන්නේ. උදවුවක් ඕනේ නම් කියන්න.

      Delete
  27. Replies
    1. උබ තමා බේබද්දා.

      Delete
    2. අඩෝ ඉවාන් කයි ලූසා. මම නිමෝට අරන් දෙනවා RPG එකක්. උඹේ දෙපරැන්ද මැද්දෙන් යන්න ගහන්න කියලා.

      Delete
  28. නිමෝ කියන විදිහවත් කරලා බලන්නයි මේ හදන්නේ..ස්තුතියි විචාරකට මේ ප්‍රශ්නය ලිහාගන්න උදව් කරන එකට

    ReplyDelete
    Replies
    1. දැනට තියන සාර්ථකම විසඳුම නිමෝ කියන ආකාරයට ගූගල් ක්‍රෝම් 47.0.2526.111 වර්ෂන් එක දාගන්න එක තමා.

      Delete
  29. මටත් මේ ගැටළුව ආව. මම හිතුව මගෙ පරිගණකයේ අවුලක්වත්ද කියල.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් මේ ගැටලුවට මුහුණ දී සිටියත් ඒ ගැන කතාකලේ නැති නිසයි මා මෙම ලිපිය ලිව්වේ. දැන් එයින් බොහෝ දෙනෙකුට යහපතක්වීම ගැන සතුටුයි.

      Delete
  30. මට අතපහු වුනු පෝස්ට් එකක් විචාරකතුමා. ලබ්බගේ ගහෙන් පස්සේ කියෙව්වේ හමුදාවේ එකක් :) මේක ඒ දෙක මැද.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }