මොනවා.....? පියවර හතරක් තියලා යුද්ධයක් ඉවර කරන්න පුලුවන්ද?
පුළුවන් නිසා නේන්නම් මෙහෙම මාතෘකාවක් දැම්මේ.
ඒ කියන්නේ යුදබිමේ පියවර හතරක් තිබ්බම යුද්දේ ඉවරයි?
ඔව් ආයේ දෙකක් නෑ යුද්දේ ඉවරයි.
මේ....නිකං පිස්සු කියවන්නෙපා.
කිසිම පිස්සුවක් නෑ. ඕනෙම යුද්ධයක් අවසන් වෙන්නේ පියවර හතරකින්, හැබැයි ඒ පියවර හතර කියන්නේ, ඇවිදගෙන යන පියවර හතරක් නෙවෙයි. අවස්ථා හතරක්, කාල ඡේද හතරක්, සැලසුම් සහගත ක්‍රියාන්විත පියවර හතරක්.........දැන් තේරුනාද?
හොඳයි, මේ කෙටි ලිපියෙන් මා ඔබව දැනුවත් කරන්නේ, සාම්ප්‍රදායික යුද ක්‍රම යටතේ, යුද්ධයක් සිදුවන්නේ කොහොමද කියන එකයි. සාම්ප්‍රදායික යුද්ධයක් කියන්නේ මොකක්ද කියලා මීට පෙර මා ඔබට කියා තිබුනත්, දැන් නැවත මතක් කිරීමක් කරන්නම්.
සාම්ප්‍රදයික යුද්ධයක් යනු, ලෝකයේ පිළිගත් රාජ්‍යයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර, සම්මත යුද උපකරණ යොදාගනිමින්, සතුරු හමුදා සිටින තැන හඳුනාගනිමින්, හමුදා එකිනෙක මුහුණට මුහුණ ලා, ගොඩබිමෙන්, අහසෙන් සහ මුහුදෙන් භට පිරිස්, ගුවන් යානා, නෞකා යොදාගනිමින්, කරන යුද්ධයයි. මෙහිදී සමූල ඝාතක අවි පාවිච්චි කරන්නේ නැහැ.
අද කාලයේදී නම්, සාම්ප්‍රදායික යුද උපක්‍රම භාවිත කරමින් සටන් කරන යුද්ධ, දකින්නට නැති තරම්. මා දන්නා තරමින්, අවසන් වරට, සාම්ප්‍රදායික යුද ක්‍රම භාවිතා කළේ, ෆෝල්ක්ලන්ත යුද්ධයෙදීයි. ඊට පෙර, 1965 ඉන්දු - පාකිස්ථාන් යුද්ධයේදී. හොඳයි, කොහොමද දැන් පියවර හතරකින් මේ යුද්ධය සිදුවෙන්නේ.
සයිමන් අයියයි මාටින් අයියයි, හොඳම යාළුවො දෙන්නා වුණාට, පාරේ යනකොට හිනාවෙන ගෑනු ළමයට දෙන්නම වහ වැටිලා, අන්තිමට පාර මැද්දේ ගහගන්නවා. ඔය වැඩේ එකපාර වෙන්නේ නැහැ. ඉස්සර වෙලාම මේ අයියලා දෙන්නා, අර ගෑණු ළමයා තමන්ට අයිති කරගැනීමේ චේතනාව නිසා, එකිනෙකා සමග අමනාප වෙනවා, ඊළඟට දෙන්නගෙම යාලුවන්ට කියනවා, අනික් එක්කෙනාගේ වැරදි. පාරේදී හම්බවුනාම, ගස්සලා අහක බලාගෙන යනවා. හැන්දෑවට දෙකක් දාලා, පොඩ්ඩක් තර්ජනාත්මක කයිවාරු ගහනවා. 'මම ඕකගේ කොළ බොක්ක එලියට අදිනවා කියලා' පිහියක් එහෙම ඉනේ ගහගෙන ඉන්නවා.
ඔන්න දෙන්නා හෝ, දෙන්නගෙන් එක්කෙනෙක්, එක දවසක කියනවා, 'මම අද ඕකව බාවනවා' කියලා. දෙන්නා යනවා දෙන්නව මුණගැහෙන්ඩ, දෙකෙන් එකක් බේරගන්ඩ. සටන ඇවිලෙනවා. දෙන්න සටන් කරමින් අර ගෑනු ළමයාගේ ගෙදරට ලංවෙනවා. එක්කෙනෙක් අනික් එක්කෙනාට හොඳටම ගහලා ගානුලමයව තමන්ගේ ගෙදර අරන් යනවා. අනික් එක්කෙනා අතාරින්නෙ නැහැ. දවස් කීපයකට පස්සේ ආපහු සටනට එනවා. ඔන්න ඔයවගේ තමයි මේ යුද්දෙත්.
අපි දන්නවා ලෝකයේ සෑම රටකම තිබෙන ත්‍රිවිධ හමුදා, නිරන්තර පුහුණු කටයුතුවල යෙදෙනවා.
මොනවා........? අපේ රටෙත් එහෙමද?
ඇයි අපේ රට මේ ලෝකෙට අයිති නැද්ද? අපිත් ඉතා හොඳින් පුහුණු කටයුතු කරගෙන යනවා හොඳේ?
ඉතින් මෙවැනි පුහුණුවකින් සහ සූදානමකින් සිටින හමුදා, එළියට බහින්නේ, එම හමුදා අයත් රාජ්‍යයන්, කුමක් හෝ අර්බුදයක පැටලීමේ හේතුවෙන්. අර අයියලා දෙන්නා වගේ යම්කිසි රටවල් දෙකක් එකිනෙකාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළොත්, ඒ රටවල්, පසමිතුරු රටවල් ලෙස සැළකෙනවා.
(යුද්ධ ප්‍රකාශ කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. මෙහෙමයි කරන්නේ. අපි හිතමු අපේ රට යම්කිසි රටක් සමග යුද්ධ කරන්න යනවා කියලා. එතැනදී, අපේ රාජ්‍යයේ නායකයා විසින්, මුලින්ම විද්‍යුත් මාධ්‍ය මගින්, රටේ මහජනතාවට සහ ලෝකයට දන්වනවා, අහවල් දිනයේ අහවල් වෙලාවේ සිට, මා විසින් අහවල් රටට/රටවලට එරෙහිව යුද්ධමය තත්වයක් ප්‍රකාශ කරමි, කියලා. ඊට පස්සේ ඒ කරුණු සවිස්තරව දක්වන ලේඛනයකට අත්සන් තියනවා. එතැන් සිට, ඒ රටවල් දෙක,, එකිනෙකාට එදිරිවාදී රටවල් ලෙස සැලකෙන අතර, තම අභිමතය පරිදි, යුද්ධයට එළඹෙනවා)
හොඳයි දැන් එහෙනම් අපි යමු, මෙවැනි සාම්ප්‍රදායික යුද්ධයක් සිදුවන පියවර හතර හඳුනාගන්නට.
1 පෙරමුණට ගමන් ගැනීම - Advance
මෙතනදී සිදුවන්නේ, සතුරු හමුදා, එකිනෙකා මුහුණට මුහුණ ලා සටන් කිරීමේ දුරට එනතුරු, යුදබිමේ ඉදිරියට ගමන් කිරීමයි. මෙහිදී භූමිය අයිති කාටද යන්න ප්‍රශ්නයක් නොවේ. සටන ඇරඹීමයි වැදගත් වෙන්නේ. හිතන්න එපා අර අයියලා දෙන්නා වගේ, 'අඩෝ වරෙන් පුලුවන්නම් ඩෝ' කියලා කෑගහගෙන යන්නේ නැහැ. යන්න පුළුවන් උපරිම දුර වාහන වලින් (හැකිනම් සතුන් පිටේ) යනවා. එතන ඉඳලා පයින් යනවා. මෙහිදී විවිධ උපක්‍රම භාවිත කරමින් තමා ගමන් කරන්නේ. ඒ උපක්‍රම පසුව එන ලිපියකින් කියන්නම්. ඒ විදිහට යන ගමන, යුද න්‍යායේදී හඳුන්වන්නේ, 'advance to contact - සතුරා සමග ගැටීම ඇතිවන තුරු ඉදිරියට යාම' කියලයි. මේ ගමන් ගැනීමේදී, අතරමග සටන් ඇවිලෙන අවස්ථා තියනවා. සතුරාගේ කණ්ඩායම්, බලාපොරොත්තු රහිතව, අතරමගදී මුණගැහෙන්න පුළුවන්. එතනදී කරන්න වෙන්නේ, ඔවුන් සමග සටන් කරමින්ම ඉදිරියට ගමන් කිරීමයි. (යන ඔක්කොම හමුදාව ඒ වැඩේට අවශ්‍ය නැහැනේ. කොටසයි සටන් කරන්නේ) මේ විදිහට, සටන් කරමින් ඉදිරියට ගමන් කිරීම, න්‍යායාත්මකව හඳුන්වන්නේ, 'advance in contct - සටන් කරමින් ඉදිරියට යාම' කියලයි. ඔන්න පළමුවැනි පියවර ඉවරයි.
2 ප්‍රහාරය - Attack
ඔන්න මෙතනදී තමයි දෙකෙන් එකක් තීන්දු වෙන්නේ. ප්‍රහාරයේදී, තමන්ගේ උපරිම යුද ශක්තිය, සේනා බලය, උපක්‍රමික බව, යුද න්‍යාය යොදාගැනීම, වැනි සියලු අංශ වලින්, උපරිම දක්ෂතාවයෙන් යුක්තව සටන් කරන්න වෙනවා. ප්‍රහාරයක් එල්ල කිරීමේදී, ආදී කාලයේ වගේ මුහුණට මුහුණ ලා සටන් කරන්නේ නැහැනේ. දෙපක්ෂයේම යුද අගල් තියනවා, ඒවාට පහර දියයුතු වෙනවා. සතුරු කඳවුරු ආක්‍රමණය කරන්න වෙනවා, සතුරු හමුදා බලාපොරොත්තු නොවන පැත්තකින් වටකොට, පහර දීමට සිදුවෙනවා. කාලතුවක්කු, යුද ටැංකි, ගුවන් ප්‍රහාර, ඉතා කල්පනාකාරීව නියමිත අවස්ථාවේදී යොදාගන්න සිදුවෙනවා. භටපිරිස් යෙදවීම අරපිරිමැස්මෙන් කළයුතු වෙනවා. (මේවා ගැන පසුව ලියන්නම්)
3 ආරක්‍ෂා සංවිධානය - Defence
දැන් සටන ඉවරයි. එක පාර්ශවයක් දිනනවා, එක පාර්ශවයක් පරදිනවා. සමහරවිට මේ පැරදීම, උපක්‍රමික පසුබැසීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ, සතුරා තවත් ඉදිරියට ගෙන්වාගෙන පහර දෙන්න යොදන, උපක්‍රමයක්. ඒ කොහොම වෙතත්, මේ අවස්ථාවේදී සිදුවන්නේ මෙයයි. තමන් යුද බිමේ ඉදිරියට ගොස්, සටන්කර අල්ලාගත් ප්‍රදේශය හෝ, පසුබැස රැඳී සිටින ප්‍රදේශය ආරක්‍ෂා කරගැනීමට, උපක්‍රමශීලීව කටයුතු කළයුතුයි. මෙවැනි ප්‍රදේශයක් ආරක්ෂා කරගැනීම සඳහා, සම්මත මූලධර්ම තිබෙනවා. (පසුව ලියන්නම්) ඒ මූලධර්ම භාවිතා කරමින්, දැනට රැඳී සිටින ප්‍රදේශයෙන් පසුබැසීමට සිදු නොවන පරිදි ආරක්‍ෂා කරගැනීම තමයි, මේ පියවරේදී සිදුවන්නේ.
4 ප්‍රතිසංවිධානය හෝ ආපසු ගමන - Reorganise or Withdrawal
ආරක්‍ෂා සංවිධානය නමැති පියවරේ ඉන්න ගමන්, කළයුතු වැදගත්ම වැඩේ තමයි, ප්‍රතිසංවිධානය. ඒ කියන්නේ, ඊළඟ සටනට සූදානම් වීම. මෙතැනදී වැඩ ගොඩක් තියනවා. පළමුවෙන්ම පිරිස් බලය ප්‍රතිසංවිධානය කරගත යුතුයි. දෙවනුව සෑම ආකාරයකම යුද්ධෝපකරණ වල අඩුපාඩු, ප්‍රතිපූරණය කරගත යුතුයි. ආහාර, ප්‍රවාහන, සංනිවේදන, වෛද්‍යාධාර, ආදී අනෙකුත් සියලු අංශ ප්‍රතිසංවිධානය කරගත යුතුයි. අපි අත්පත් කරගත් ප්‍රදේශයේ, කාලයක් රැඳී සිටින්නේනම්, මේ ප්‍රතිසංවිධාන කටයුතු වලට, දිනපතා පුහුණුවද ඇතුළත් වෙනවා. අපි එම ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට යන්නේ නම්, ඊට පෙර ප්‍රතිසංවිධානය නිමකර තිබිය යුතුයි. ඒ කිසිවක් නොකොට, ආපසු අපේ රටට/කඳවුරට/ එනවා නම්, ආපසු පැමිණීමේදී, සතුරු ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානමට මුහුණ දීම සඳහා, සූදානමින් යුක්තව, උපක්‍රමිකව, ආපසු පැමිණිය යුතුයි.
ඔන්න ඔබ තවත් හමුදා පාඩමක් ඉගෙන ගත්තා. මා හිතන්නේ, මේ අඩවිය ආරම්භ කල දා සිට, මා ඔබට කියාදී ඇති මෙවැනි කරුණු, හොඳින් අධ්‍යයනය කළොත්, ඔබගේ හමුදා දැනුම ඉතා පුළුල් වන බවයි.
තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු.
2016 පෙබරවාරි මස 15 වැනි දින 2326 පැය
විචා මාමේ,ඔය සම්මත යුද්දය කියන එකට අද කාලේ වලංගුතාවයක් නෑ නේද?හැමෝම කරන්නේ උගුරට හොරා බෙහෙත් කනවා වගේ බලලුන් ලවා කොස් ඇට බාවන එකනේ.එහෙම තත්වෙක මේ සම්ප්‍රදායික යුද කලාවට තැනක් හම්බවෙන්නේ කොහොමද?
ReplyDeleteසම්මත යුද්ධය කියන එකට අදත් වලංගු භාවයක් තියනවා. මොලේ තියන එක රටකවත් තවත් රටක් එක්ක යුද්ධ කරන්න වුනොත් සමූල ඝාතක අවි (න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක, රසායනික) අවි පාවිච්චි කරන්නේ නැහැ. එයින් තමන්ම විනාශ වෙන්න ඉඩ තිබෙන නිසා. අද බලන්නේ සීතල යුද්ධ, කටින් ගහන යුද්ධ, සහ තොරතුරු තාක්‍ෂණය මගින් යුද්ධ කරන්නයි. නමුත් දැන් ත්‍රස්තවාදයට එරෙහිව මැදපෙරදිග සිදුවන යුද්ධ වලදීත් තවමත් යොදාගන්නේ සාම්ප්‍රදායික ක්‍රම තමා.
Deleteවැදගත් පොස්ට් එකක්.. යුද්දය හැබැහින් දැකපු ඔබතුමා ගාව කොයිතරම් බිහිසුණු කතන්දර ඇතිද කියන එක මට නිකමට වගේ හිතුන.. මේ වගේ න්‍යායාත්මක වැදගත් ලිපි ලියන අතරේ ත්‍රාසය භීතිය කුතුහලය අවුස්සන පොස්ට් එකකුත් ලියන්න කියල ඉල්ලා හිටිනව. යුද්දෙට ගිහිපු මිනිස්සුන්ගේ වේදනාව පුද්ගලික වින්දනය වෙනුවෙන් යොදාගන්න උත්සහ කරනවා කියල හිතන්න එපා. විඳින්න බැරි අත්දැකීම් අහන්න කියවන්න හරි සමහර මිනිස්සු ආසයි.
ReplyDeleteඑහෙම ලියනවානම් කතා ඕනේ තරම් තියනවා. නමුත් මම පෞද්ගලිකව කැමති නැහැ පරණ තුවාල ආපහු පාරන්න. ටිකක් හිතලා බලලා කාටවත් සිත්වේදනාවක් නොවන දෙයක් තෝරාගෙන ලියන්නම්.
Deleteමෙවා වැදගත් ලිපි අපේ ළමයෙක්ට හරි කියලා දෙන්න බැරියෑ
ReplyDeleteසයිමන් අයියගෙයි මාටින් අයියගෙයි කතාව මරැ...සරලව මීටර් වෙනවා ඕන කෙනෙක්ට....
මාමා කොල්ලා කාලේ හමුදාවේ ගත කරපුවත් ලියන්න පුළු පුළුවන් වේලාවට
මීට පෙර ඔබ මේ පැත්තේ ආව බවක් මතක නැහැ. ඒ නිසා ඔබව සාදරයෙන් පිලිගන්නවා. මේ න්‍යායාත්මක කරුණු ඔස්සේ හිතා බැලුවොත් ඒවා කෙනෙකුගේ පුද්ගලිය ජීවිතයටත් සම්බන්ධ කරගන්න පුළුවන්.
Deleteකොල්ලා කොහොම වෙතත් හමුදාවට බැඳුන කාලේ ලිපි ගොඩක් ලියලා තියනවා, දකුණු පැත්තේ ඇති තීරුවේ ඉහලට ගොස් සංරක්‍ෂණාගාරයේ ඇති පැරණි ලිපි කියවා බලන්න.
මේ විස්තර කරලා තියෙන්නෙ සම්ප්‍රදායික යුද්ධයකදී සිදුවන පියවරද?
ReplyDeleteආදි කාලෙ යුද්ධ වලදී ඇයි මුහුණට මුහුණ සටන් කළේ? තම තමුන්ගෙ නිර්භීතකම පෙන්වන්නද?
මම දැක්කා පුරන් අප්පු චිත්‍රපටියේ පෙන්වනවා සුද්දො වෙඩි තියද්දිත් පසු බහින්නෙ නෑ කියලා වෙඩි කකා ඉදිරියටම යනවා. ඒක නම් මෝඩකමක් කියලයි මට නම් හිතෙන්නෙ. හැබැයි ඇත්තටම එහෙම උනාද නැතිනම් වීරකම පෙන්වන්න ඕනෙ හින්දා චිත්‍රපටියේ අධ්‍යක්ෂක එහෙම කළාද දන්නෙ නෑ.
මම හිතන්නේ ඒ කාලේ කොටන තුවක්කුවෙන් තියන වෙඩි කාගෙන ඉස්සරහට ආවට දැන් තියන නවීන තුවක්කුවකින් වෙඩිල්ලක් කාගෙන එහෙම ඉස්සරහට එන්න පුළුවනි කියල. විචාරක මේ ගැනත් අපිව දැනුවත් කරාවි කියල මම හිතනවා. මම අහල තියනවා ටී පනස්හය තුවක්කුවෙන් ශරීරයේ බෙල්ලෙන් පහල ඉනෙන් උඩ කොතැනට වැදුනත් මැරෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි කියල.
Delete@ හරී.
Deleteඔව්, මෙහෙම තමයි සාම්ප්‍රදායික යුද්ධයක් සිදුවෙන්නේ. ආදී කාලේ විතරක් නෙවෙයි අදත් මුහුණට මුහුණලාගෙන නේ වෙඩි තියාගන්නේ. ඒකාලේ වෙනස තුවක්කු නොතිබුන නිසා කඩු, දුනු ඊතල, කෙටේරි, හෙල්ල, වැනි උපකරණ වලින් යුද්ද කරන්න, සතුරාගේ ළඟටම යන්න සිදුවීම. ඇත්තෙන්ම ඒ කාලේ සොල්දාදුවෝ බොහොම නිර්භීතව ඒ සටන්වල යෙදුණා.
චිත්‍රපටිවල පෙන්වන බොහොමයක් ජවනිකා සත්‍යයට වඩා අතිශයෝක්තියෙන් යුක්තයි. නැත්නම් බලන යටත් කිසි ගතියක් නැහැනේ. අනේ ඔය චිත්‍රපටිවල පෙන්නනවා වගේ කවදාවත් පතරොම් ඉවර වෙන්නේ නැති තුවක්කු අපිටත් තිබුනා නම් යුද්දේ දවස් දෙක තුනකින් ඉවර කරන්න තිබුණා.
@ අම්බලන්ගොඩ
වෙනසක් නෑ. ඒ කාලේ කොටන තුවක්කුවකින් වදින වෙඩිල්ලත් මාරාන්තිකයි. දැන් තියන රයිෆල් උණ්ඩයක් ඊට වඩා මාරාන්තික බව ඇත්තයි. T 56 උණ්ඩයක් නෙවෙයි කැටපෝලයකින් විදින ගලක් වුනත් ඇඟේ මර්මස්ථානයක (කණට ඉහළින්) වැදුනොත් මැරෙන්න ඉඩ තියනවා. දණහිසට පහලින් වදින පිහි පහරකින් වුනත් ගලන ලේ නවත්තගන්න බැරිවුනොත් මැරෙන එක අහන්නත් දෙයක්ද?
ඇත්තටම හොඳ දැනුමක් ලැබෙනවා...
ReplyDeleteබොහොම සතුටුයි ඔබේ දැනුම දියුණුවීම ගැන.
Deleteගොඩක් වැදගත් ලිපියක්...
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඇත්තට ම ඉති වැදගත් ලිපියක්. ලිපියක් නෙමෙයි මේ බ්ලොගය පුරා ලියැවුණු මේ හා සම්බන්ධ ලිපි. මොනවා වුණත් හැමදාම කියනවා වගේ මේවා ලැබිය යුතු ම පිරිස අතරට යා යුතුයි. විචාමාමේ මේවා ලියලා සමාජගත කරන්න එහෙම අදහසක් නැද්ද......
ReplyDeleteවිචා ඒක බලු කිරි එකට පවරල තියෙන්නෙ උන් සමාජගත කරනව උන්ගෙ වගේ.
Deleteබලමුකෝ කුරුටු, කවදාහරි මේ ලිපි එකතුවක් පොතක් හැටියට පලකරන්න පුලුවන්ද කියලා. ඒ සඳහා ලිපි නැවත සංස්කරණය කිරීමක් කරන්න වෙනවා.
Deleteඇගයීම ගැන ස්තුතියි.
@ කම්මල. සමාජ රෝග ගතකරනවා :e
ඉස්සර සෙල්ලම් කරපු Age of Empires කියන computer game එක මතක් උනා. යුද්ධය කියන්නෙත් strategic game එකක් කියන එක අවබෝධ වුනේ පස්සේ. පසුගිය දිනක සහභාගී වූ management capacity enhancement program එකක මේ පියවර හතර වෘත්තීය ජීවිතයේදී යොදාගන්නා ආකාරය ප්‍රයෝගිකව අත්දැක්කා.
ReplyDeleteවැදගත් ලිපියක් !
ඔබට දුර්ලභ අවස්ථාවක් ලැබී තිබෙනවා මේ පියවර හතර ජීවිතයට සම්බන්ධ කරගන්නා ආකාරය ගැන අවබෝධයක් ලැබීමෙන්. ඇත්තටම මා මෙවැනි ලිපි ලියන්නේ මේවා කියවා මේ ඔස්සේ ටිකක් හිතලා බලන්නයි.
Deleteඇගයීම ගැන ස්තුතියි.
හොඳ ලිපියක්...
ReplyDeleteඉන්දියාව අපිට කෙළින්න හදපු වෙලාවේ අපි අකුල ගත්තේ නැත්නම් උනුත් මේ වගේ ලියවිල්ලකට අත්සන් කරලා ඇවිල්ලා අපිට නෙලලා යන්න ඉඩ තිබ්බා නේද...
උන් ලියවිලි නැතුව ඇවිදින් පරිප්පු දාලා අපේ ගුවන් සීමාව උල්ලංගනය කරලත් ගියපු එකේ මොන ලියවිලිද...
ඉන්දියාව කිසිම අවස්ථාවක අපිට යුද්ධමය තර්ජනයක් කලේ නැහැ. එය රාජ්‍ය තාන්ත්‍රික තර්ජනයක්. එමෙන්ම එදා ඉන්දියාව අපට යුද්ධමය වශයෙන් ප්‍රහාරයක් එල්ලකලානම් චීනය සහ පාකිස්ථානය ඊට මැදිහත් වෙනවා. අපිට බලන්න තිබුනා ඉන්දියාව දෙපැත්තකින් කන හැටි.
Deleteගුවන් සීමාව උල්ලංඝනය කළේ පරිප්පු යානා වලින් විතරක් නෙවෙයි ප්‍රහාරක ගුවන් යානා කීපයක් අපේ ගුවන් සීමාවට ඇතුළු වුනා. ඒගොල්ලෝ ඒකට වන්දි ගෙව්වේ ඉන්දියන් සෙබළු විශාල ගණනක් උතුරේදී LTTE එකෙන් මැරුම් කෑමෙන් සහ අවසානයේදී ඔවුන් හුරතල් කළ කොටින්ගෙන්ම රජීව් ගාන්ධි ඝාතනය වීමෙන්.
Deletehttps://en.wikipedia.org/wiki/Operation_Poomalai
https://en.wikipedia.org/wiki/Operation_Pawan
මාමෙ, ඔය හමුදා ජීවිතේ අද්දැකීම් ටිකකුත් ඔහොම ම ලියල දාන්ඩ.
ReplyDeleteසෑහෙන්න දේවල් ලියලා තියනවා බෑනෝ. පරණ ලිපි අවුස්සලා බලන්නකෝ.
Deleteඒ කාලෙ ශාක්‍ය කෝලිය යුද්දෙ කොහොම තිබ්බද දන්නෙ නෑ නේද?
ReplyDeleteඅදටත් හිතාගන්න අමාරු දේවල් තියනවා හැලපේ ඒ කාලේ සංග්‍රාම මෙහෙයවීම ගැන. අද ලෝකයේ ඉන්නේ යුද සරඹ ප්‍රගුණ කල ත්‍රිවිධ හමුදා. නමුත්, අශෝක අධිරාජයා, මෝගල් අධිරාජ වරු, ඔය ශාක්‍ය කෝලිය සටන් විතරක් නෙවෙයි ඉතා විශ්මය ජනක දෙයක් තමයි, අපේ 1 වැනි විජයබාහු රජ්ජුරුවේ මහා හමුදා තුනක් පොලොන්නරුව අල්ලාගන්න මෙහෙයවූවා. රටේ දකුණේ සිට එක හමුදාවක් බටහිර පැත්තෙන්, අනික් හමුදාව රට මැදින්, තුන්වැනි හමුදාව නැගෙනහිර පැත්තෙන්.
Deleteපණිවිඩ හුවමාරු කරගත්තේ කොහොමද?
හරියටම එකට එකතුවෙලා පොළොන්නරුවට ගහන්න සංග්‍රාමික සැලැස්ම හැදුවේ කොහොමද?
time coordination කලේ කොහොමද?
අවි ආයුද සහ ආහාර ප්‍රවාහනය කලේ කොහොමද?
ඇත්තටම ඔවුන් තමා ඉතිහාසගත නියම වීරයෝ.
උම්මග්ග ජාතකයේ යුද්ධය
Deleteඒකත් ඒ වගේම තමයි. මහා විශාල සේනා සංවිධානයක්.
Deleteවැදගත් ලිපියක්. අද තියෙන නවීන අවි. න්‍යශ්ඨික අවි වගේ දේවල් වලින් ඉක්මන් වෙන කෙනා දිනන නිසා යුධ ප්‍රකාශ කරන්නේ බෝම්බ ටික වැටෙන්න ඔන්න මෙන්න තියල නේද.
ReplyDeleteඅගයේම ගැන ස්තුතියි.
Deleteන්‍යෂ්ටික අවි තියන කවුරුවත් ඒවා අල්ලන්නවත් යන්නේ නැහැ අන්තිම අවස්ථාව වනතුරු. හුඟක් රටවල් කටින් ගහලා, තමන්ගේ ආයුධ ශක්තිය ප්‍රදර්ශනය කරලා තමයි අනික් රටවල් බයකරගන්න හදන්නේ. යුද්ධ ප්‍රකාශ කරන්න කලින් පහර එල්ල කිරීම එකසත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලට පටහැනියි.
දෙකෙන් එකක් කෙසේ වෙතත් දෙකම බේරාගන්න බැරි වෙන ර්ක තමයි නේද යුද්ධයක් කියන්නෙ. අන්තිමට දිනපු එකෙකුත් නෑ පැරදිච්ච එකෙකුත් නෑ..
ReplyDeleteඅපෙ රටත් මේ ඩවස් වල ඉන්නෙ ඔය අවසන් අදියරේ නේද..?
යුද්ධයට අදාළ කියමනක් තියනවා, 'යුද්ධයේදී අනුශූරතාවක් නැත' කියලා. ඒ කියන්නේ ඉස්සරවෙලා හරියටම ගහපු එකා දිනුම්.
Deleteඔව් අපි මේ දවස්වල ප්‍රතිසංවිධාන කටයුතු තමයි කරන්නේ.
මේ තොරතුරු ටික එකතු කරලා පොතක් ලියන්නකෝ. මම මේ දවස් වල ඔබතුමාගේ ඉල්ලීම පරිදි සංඥා ගැන කරුණු එකතු කරනවා. ඒ සටහන් පෙළ ඉක්මනටම ගේන්නම්!
ReplyDeleteබොහොම කාලෙක ඉඳලා ඔය ඉල්ලීම තියනවා. මම දැන් සමහර ලිපි නැවත සංස්කරණය කරමින් පවතිනවා. ඉදිරියේදී බලමු.
Deleteඅනේ අර දුම්රිය සංඥා ගැන ඉක්මනින් ලියන්න. මම ඊයේ පෙරේදා ලොක්කෙක් වගේ එකෙකුට කියලා දුන්න අර අඩි මෙපමණකට නැග්ම/බැස්ම මෙච්චරයි කියන සංඥාව. හැබැයි පස්සේ කිව්වා ජාලයෙන් තමයි ඉගෙනගත්තේ කියලා.
යුධ භූමියේ සිදුවෙන දේවල් ගැන මටනම් තියෙන්නේ හරි කුතුහලයක්. අපි හිතනවට වඩා සංකීර්ණ ක්‍රියාවලියක්නේ එතන තියෙන්නේ. පිටින් බලනකොට නම් පෙන්නේ බටයන් පිරිසක් ගියා, සතුරන්ට පහරදුන්නා, මැරුවා ආවා වගේනේ. ඉන් ඔබ්බේ අපි නොදන්න දේවල් ගැන දැන ගත්තේ මේ ලිපි පෙලෙන්.
ReplyDeleteරාජ්‍යන් රාජ්‍යන් අතරයි,රජයක් හා ත්‍රස්තවාදීන් අතරයි සිදුවන යුද්ධ වලදි යුධ නීති සම්බන්ධයෙන් වෙනසක් තියනවාද
ලෝකයේ කිසිම හමුදාවක් විසින් කවදාවත් මෙවැනි තොරතුරු ප්‍රකාශයට පත්කරන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. එවැනි දේ ප්‍රකාශයට පත්කිරීම හමුදාවේ කාර්යයක් නොවෙයි. මේ තොරතුරු මෙලස ප්‍රකාශයට පත්කරන්නේ 'ආරක්ෂක විද්‍යාව' නමැති විෂයයට අදාළ තොරතුරු වශයෙන් සහ, සංග්‍රාමික අද්දැකීම ලැබූ අය කරන විස්තර වශයෙන් පමණයි. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, වැනි රටවල් තමන්ගේ යුද න්‍යාය පිලිබඳ ප්‍රකාශන දැන් සෑහෙන තරම් අන්තර්ජාලයේ පළකර තිබෙනවා.
Deleteරාජ්‍යයන් දෙකක් හෝ කීපයක් අතර සිදුවන යුද්ධයකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊට බරපතල මට්ටම්න් මැදිහත් වෙනවා. නමුත් රටක ඇතිවන අභ්‍යන්තර කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා ඒ රටේ නීත්‍යාකූලව පත්වූ රජය විසින් ගන්නා සංග්‍රාමික පියවර පිළිබඳව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් තමයි වෙනත් රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුගමනය කරන්නේ. කෙසේ වෙතත්, අද ලෝකයේ බොහොමයක් අභ්‍යන්තර කැරලි වලදී, මානව හිමිකම් ගැන වැඩි අවධානයක් යොමුවෙනවා.
අපි නම් එක පියවරයි.
ReplyDeleteප්‍රහාරය...
යුද්ධේ ඉවරයිලු... :D
මොකටද මගේ කට.
Deleteමොකෝ දැන් සද්දයක්වත් නැත්තේ? දරු නැලවිලි කියන නිසා ලියන්න වෙලාවක් නැද්ද? :e
මේ දවස් වල කියලා ටීවී සීරීස් එකක් බලන ගමන් දෙවන ලෝක යුද්ධ කාලෙ කතන්දරයක්.හමුදාවකට මාකටිං අවශ්‍ය නැද්ද? බුද්ධි අංශ ඒ ගැන අවධානයක් යොදන්නෙ නැද්ද? ලංකාවෙ යුද්ධෙ දරුණුවටම ගිය කාලෙ මානෙල් මල් සැට් එක එහෙම සෑහෙන මොරාල් එකක් දුන්න මතකයි.(පස්සෙ කතා වෙනයි.) ඇත්තටම හමුදාවක් මහජනයාගේ විශ්වාසය පවත්වාගැනීමට මානසික මෙහෙයුම් කරන්නෙ නැද්ද?
ReplyDelete(මෝස් කෝඩ් ගැන ලියන්නෙම නෑ වගේ.කමියත් නෑ.. මෙහෙත් නෑ.)
ජයවේවා..!!
ආ..... ටීවී සීරීස් එකේ නම The Pacific
Delete