හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 February 2016

හාමුදුලුවනේ..........!!!





අලෝ..........ආලෝ......ඔය අපේ අල ලත්තන තුදුපාත හාමුදුලුවොද? හාමුදුලුවනේ, හාමුදුලුවෝ අලි බබෙක් තියාගෙන ඉන්නවද? එයා අතලමං වෙලා ආව අලි බබෙක්ද? ඉතිං එයා බලාගත්තා කියලා කවුද හාමුදුලුවන්ට නඩු දාන්න යන්නේ? කවුද එයාව අතලමං කළේ? හාමුදුලුවෝ නෙවෙයි නේද? අලි බබාලා ඉන්නේ ඈත කැළේ කියලා අපේ මොන්ටිතෝලි චීච කිව්වා. ඉතිං මේ අලි බබා කොහොමද එයාගේ අම්මිවයි තාත්තිවයි දාලා පන්තලට ආවේ? හාමුදුලුවෝ කිව්වද ගෙනත් දෙන්ද කියලා. හමුදුලුවෝ එහෙම කියන්නේ නෑ නේද? ඔයා ෂෝයි හාමුදුලු කෙනෙක්නෙ. ඉතිං ඔය අලිබබා අතලමං වෙලා හිටියනම් ඇයි එයාගේ අම්මිවයි තාත්තිවයි හොයලා දෙන්ද කියලා අල ඔයා හැමදාම බණ කියන ලේඩියෝ එකෙන් කිව්වේ නැත්තේ? පව් නේද? අපේ අක්කි අපිත් එක්ක කැළණියේ පෙලහැල බලන්න ගිහිං අතලමං වුනාම පන්තලේ ඉත්පීකලෙන් කිව්වා මෙන්න අක්කි ඉන්නවා කියලා. අපේ තාත්ති ගිහින් එක්ක ආවා. ඉතිං ඒ වගේ අක්කි කෙනෙක් ඔයාගේ පන්තලේ අතලමං උනාමත් ඔයා එයාව කෑම දීලා බලාගන්නවද? අනේ පව් නේ, නේද? අපි ඔයා කියන බණ හැමදාම අහනවා. එදා ඔයා කිව්වනේ බොලු කියන්න එපා අපායේ යනවා කියලා බුදු තාදු කියලා තියනවා කියලා. අපේ ගේ ළඟ කඩේ ඉන්න අයියා හලි නලකයි. එයා කියනවා ඔයා කියන්නේ බණ නෙවෙයි බයිලලු. එයා හලී නලකයි නේද? 

මම ඔයාගේ පන්තලට ඉත්තලහ ගෙදල නංගි බබා.

2016 පෙබරවාරි මස 18 වැනි දින 0024 පැය 



90 comments :

  1. නියමයි. නංගි බබා පන්සල පැත්තේ එහෙම යනවා නෙවෙයි ඔන්න.

    ReplyDelete
    Replies
    1. හලෝ හල්ලෝ ...නංගි බබා පන්සල පැත්තේ එන්නේවත් නැහැ ආනමාලු කෝලිකුට්ටු වෙල්ලෙනවා

      Delete
    2. අපොයි පන්තල පැත්තේ යනවනම් පොලිත් මාම කෙනෙක් එක්ක යනවා.

      ආනමාලු කෝලිකුට්ටු වේලෙනවද එල්ලෙනවද?

      Delete
    3. නංගි බබා පොලිත් මාමාට දෙන්න තාත්තිගෙන් අලක්කු බෝතල දෙකකුත් ඉල්ලගන්න හොඳේ..

      Delete
    4. අලක්කු විතලක් නෙවෙයි කුක්කුත් ඉල්ලයි කියලා මට බයයි මාමේ.

      Delete
  2. මුං හිතං ඉන්නේ රටේ එවුන් හරක් කියලද , අමතකවෙන්ඩ දාලයන්ඩ අලිපැටව් , පන්සලට ගෙනත්දාන්ඩ අලිපැටව් , මේකව පනපිටිං පොලව පැලිලා අපායේ යන්ඩ එපැය , සාදුකාර දෙන්ඩ පිංවතුනි

    ReplyDelete
    Replies
    1. පූස් පැටව් බලු පැටව් ගානට දාලා අලි පැටියවත් :D

      Delete
    2. දුසිරිත් දනන් දෙන - ඔවා උඩුවා කියන බණ වැනි...

      Delete
    3. [im#]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpt1/v/t1.0-9/12744723_976607752409260_2103901726391986484_n.jpg?oh=a6030b2e60d4221d90019e7eae15a34b&oe=575F4E8A[/im]

      Delete
    4. යකෝ මේ අපේ ගෙවල් ලඟටනේ රිලා පැටියෙක්වත් දාලා යන්නේ නැත්තේ.

      හුටා මේ අලිපැටියෝ ඔයයි මමයි පිචර් එකේ කෑල්ලක්ද?

      Delete
    5. එක ගෙදරකට එකෙක් හිටියම ඇති කියලා හිතනවා ඇති :d

      Delete
    6. මොනව උනත් උම්මාලෝකගෙ මූනෙ සිරියාව දැක්කම ඉබේම දෑත ඉස්මුදුනට ඉස්සෙනව. මේ සිරියාව වෑහෙන පෝටොස් එක කලිං දැක්කනං මම කීයටවත් අර පෝස්ට් එක ලියන්නෙ නෑ. උම්මාලෝකගෙ අලි පැටියා පල්ල...:)

      Delete
    7. අලි පැටියද හොඬවැල් කෙටියද?

      Delete
  3. Replies
    1. In Unicode:
      උඩුවේම බලන්න පිංවත්නි

      Delete
    2. බලන්න උඩුවක් තියනවද මන්දා

      Delete
  4. බුදු බණ; ආනන්ද සර්පයා දුටුවාද?

    වැදි බණ; ආනන්ද කහවණු පොදියක්!

    ReplyDelete
    Replies
    1. උඪුවේ ස්බ්භේ ලභං...

      Delete
    2. බුදු බණ:- තණ්හාය ජායතී සෝකෝ

      උඩු බණ:- අලිපැටියෝ ඔයයි මමයි

      Delete
  5. හල්ලෝ හලෝ මම මේ පන්සලේ ඉන්න අලි පැටියගේ අයියා කතා කරන්නේ හදුරුවෝ ඇහුවොත් මාව දැක්කේ නැහැ කියන්න

    ReplyDelete
    Replies
    1. අයියා පස්සේ පන්සලට එන්න හොඳේ

      Delete
  6. වෙනත් තැනක ඔය සාදු කියලා තිබුණා නේද, වහාම වනජීවී අධ්‍යක්‍ෂකට කතා කළය, ඔහු සාදුට අලි පබබාව තියාගන්න කියා අවසර දුන්නාය කියලා?

    ReplyDelete
    Replies
    1. "ඒ ගැන මම එදා වනජීවී අමාත්‍යව සිටි විජිත් විජිතමුණි සොයිසා මහතාට දැනුම් දුන්නා. එතුමා මට කීවේ අලි පැටවා එහෙම පන්සලේ හිටියාදෙන් කියලයි. මම ඌව ආදරයෙන් රැකබලා ගත්තා."
      http://www.divaina.com/2016/02/18/news01.html

      Delete
    2. හා අර වල් අලි වන අලි කරපු ගොයියා.

      දැන් කියයි ඔය අර නැතිවුණ අලිපොතෙන් කපාහැරපු අලි පැටියෙක් පාරහොයාගන්න බැරුව ඔය පන්සලට ඇවිල්ලා කියලා.

      Delete
  7. විචාරක, සංඝ භේදය යනු ආනන්තර්ය පාපකර්ම පහෙන් එකක්. අපි නොදැනුවත්වම දැන් එක මිනිසුන්ගේ අතින් වෙනවා. බුදුන් වහන්සේ වදාළ පරිදි තමාගේ ගලවීම සොයා ගත යුත්තේ තමාමයි. සංඝයා වහන්සේලා කරගන්නා මෙවැනි දේවල් පාරාජිකා වලට අයත්.

    ReplyDelete
    Replies
    1. සංඝ බේදයක් මෙහි කොහින්ද?
      තිබුණත් ඒ සත්ව හිංසක සහ අවිහිංසක සංඝ බේදයක් නේද?

      Delete
    2. මේකේ කොමන්ට් තව වැටුනම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. කොහෙවත් යන පව් වලට කට්ටියම කර ගහ ගන්න හැටි

      Delete
    3. බලුගනයන්ට වැරදි කරන්න පර්මිට් දෙන ඔය වගෙ වගන්ති නිසා මට බුද්ධාගමත් අවුල්. මට පේන්නෙ ඔය වගන්ති බුදුහාමුදුරුවො දාපුව නෙමෙයි. උඩුවල වගෙ බඩගිනි බුද්ධගමක් නිර්මානය කරපු තක්කඩි ටිකක් එකතුවෙලා හදපු වාගන්ති වෙන්න ඇති.

      Delete
    4. සංඝභේදයක් සිදු වන්නේ සංඝයා මුල් වීමෙන් පමනයි. එය ගිහියකු අතින් සිදු වන්නේ නෑ. සංඝභේදයක් සිදුවීමට සංඝයා පස් නමක් සම්බන්ධ වෙන්න ඕන.

      Delete
    5. මුලින්ම මනෝට ස්තුතියි කරුණු පැහැදිලි කිරීම ගැන.

      @ දිලීප.
      රසික කිව්වාවගේ මටත් සංඝ භේදයක් පෙනෙන්නේ නැහැ. හැබැයි මුසාවාදාව නිසා උන්නාන්සේ පාරාජිකා වුනාද මන්දා.

      @ සිව්වැනි මානය
      පිරිසිදු බෞද්ධ ධර්මය මේ කවුරුවත් ළඟ නැහැ.

      Delete
    6. මනෝ, වැඩි දුර දැන ගැනීම පිණිස තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ?

      Delete
    7. සෙන්නා

      භික්ෂූන් දෙදෙනෙකු අතර ආරාවුලක් ඇතිවෙලා ඒ දෙන්නා ගහ බැන ගත්තත් සංඝභේදයක් ඇති වෙන්නේ නෑ. සාමනේර හිමිනමක් අතිනුත් සංඝභේදය සිදු වෙන්නේ නෑ. විනය අනුව සංඝභේදය කියන්නේ භික්ෂුන් අතර භේදයක් ඇතිවීමත් නෙවෙයි. ධර්ම විනය මුල් කරගනිමින් මහාසංඝයා අතර බෙදීමක් ඇතිවෙලා එක් පිරිසක් අධර්මය හා අවිනය පිළිගනිමින් බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රතික්ෂේප කිරිමත් එක්කයි සංඝභේදය ඇතිවන්නේ. ඒ සඳහා මුල්විය හැක්කේ උපසම්පන්න භික්ෂුවකට පමනයි. එම භික්ෂුව අඩුම තරමින් තම මතයට තවත් භික්ෂූන් හතර නමක්වත් එකතු කරගෙන මහාසංඝයාගෙන් වෙන්වීමත් එක්කම සංඝභේදය සිදුවෙනවා. භික්ෂුන් පහක් සම්පූර්ණ වීමට හේතුව තමයි විනය කර්ම කිරිමේදි අවම වශයෙන් භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් සිටිය යුතු වීම. ඒ කියන්නේ විනය කර්මයක් සිදු කිරිමට අවශ්‍ය කෙරෙන අවම භීක්ෂුන් පිරිසක් මහාෂංඝයාගෙන් වෙන් කරගැනීමත් සමග එය සිදුකරන්න මුල් වුන උපසම්පන්න භික්ෂුව සංඝභේදයක් සිදු කලා වෙනවා.දේවදත්ත ඒක සිදු කල නිසයි ඔහු අතින් සංඝභේදයක් ඇතිවුනේ. අද තිකායික වශයෙන් භික්ෂූන් වහන්සේලා අතර භේදයක් තිබුනත් එය පවා සංඝභේදයකට අයිති වෙන්නේ නෑ. හේතුව ඒ සෑම පාර්ශවයක්ම පිලිගන්නේ එකම ධර්ම විනය වීම හා ධර්ම විනය මතාන්තර අනුව වෙන්ව නොයාම.

      Delete
    8. ස්තූතියි මනෝ...

      මෙච්චර කල් හිතන් හිටියේ සංඝයා අතර මොනයම් හෝ භේදයක් ඇති කිරීම සංඝ බේදයක් කිරීම කියලයි...

      එතකොට ගිහියෙක් මුල් වෙලා සංඝයා වහන්සේලා පස් නමක් වෙන් කර ගැනීමෙන් බේදයක් විය නොහැකිද ?

      Delete
    9. ගිහියට එතනදි අකුසලයක් සිදු වෙනවා. නමුත් ආනන්තරිය අකුසලයක් සිදු වන්නේ නෑ. හේතුව ගිහියා සංඝයාගෙන් වෙන් වූ වෙනම පුද්ගලයෙක් නිසා. තෙරුවන් පිළිබද අවබෝදයක් ඇති භික්ෂුවක් ගිහි ශ්‍රාවකයකුගේ වචනයකට අවනත වෙලා ඒ අනුව කටයතු කරමින් තෙරැවන් ප්‍රතික්ෂේප කරමින් සංඝභේදයකට මුල පුරනකොට ඒ මුලපුරන භික්ෂුව අතිනුයි ආනන්තරිය අකුසලය සිදු වෙන්නේ.

      Delete
    10. චන්ද්‍රිකා නෝනාට බටකොළ ආච්චි කියා ප්‍රසිද්ධියේ කියපු බෙංනාලා හෙවත් බෙංගමුවේ ආලවකට මොකද වෙන්නේ මනෝ?

      Delete
    11. මට හිතෙන්නේ දැනටම යන තැන හදාගෙන තියෙන්නේ. ප්‍රාඩෝ එකේම නිවන් යයි

      Delete
  8. මේ ඉන්නේ බුදු පුත්තු නෙමෙයි.වේසිගේ පුත්තු.ඔක්කොටම වඩා යකා වැහෙන වැඩේ තමයි.අර මූණු පොතට දාලා තිය්න වීඩියෝවේ මුගේ පන්සලේ ඉදිද්දී ඒ පොඩීකා දඟලන හුරතල්වෙන හැටිබලලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වුන උපාසක උපාසිකාවෝ දාලා තියන කමෙන්ට් කියවන එක.උන් දන්නේ නෑ මේ සතා ඔය පන්සලේම හිටියොත් මැරෙනකම්ම ටකරං මඩුවක හිරවෙලා රටවටේ තියන පෙරහැරවල් වලට බඩගගා මදකිපෙන කාලෙට හැමිනෙන්නවත් ඉඩක් නැතුව දුක්විඳින්න නියම වෙලා ඉන්න එකෙක් විත්තිය.

    ReplyDelete
    Replies
    1. ඒයි බුදු පුත්තුන්ට වේසිගේ පුත්තු කියලා කියන්න එපා..

      අපායේ ගියාම ලෝදිය දානවලු කටේ... ෂැන්ඩි නැතුව.

      Delete
    2. ෂැන්ඩි නැතුව? නීට් නං එපා...!

      Delete
    3. දැම්මම නීට් ගහල පුරුදු වියං.

      Delete
    4. දැම්මම නීට් ගහල පුරුදු වියං.
      ආය ඉතින් අලුතෙන් මොනවා පුරුදු වෙන්නද

      Delete
    5. මාතයා බීලද කොහෙද කමෙන්ට් එක අනික් පැත්තට ලියලා.

      ඔන්න මතක තියාගනිල්ලා අපායට යනවනම් සැන්ඩිවත් එක්ක යන්න.

      Delete
  9. අඩෝ විචා..... මේ කතා ඇත්ත වෙන්න ඇති බං...

    ඊයේ පෙරේදා අපේ ගෙදරට පොරක් ආවා පොඩි මල්ලකුත් අරං... ඌ මගෙන අහනවා අලි පැටියෙක් ඉන්නවා ගන්නවද කියලා..

    මම ඇහුවම කීයද කියලා... ඌ කියපි නිකං කියලා...

    මම බය උනා මචං උඩ්ඩට වෙච්චි දේ මටත් වෙයිද කියලා...

    දැං කෝ බං ඒ අලි පැටියා. මෙ ආන්ඩුවේ හාන්දුරු වහන්සේ කෙනෙක් ගාවද...?

    ReplyDelete
    Replies
    1. කෙලි පැටියෙක් අරං ගිහිං ඇහැව්වොත් මොකක් කියයිද දන්නේ නෑ.

      Delete
  10. ෂුවර් එකටම ඕක බෞද්ධාගම අපකීර්තියට පත් කරන්න කරපු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, බටහිර කුමන්ත්‍රණයක්. ඇන්ජලා මර්කල් තමයි මේක පිටිපස්සේ ඉන්නේ.

      Delete
  11. විචාමාමේ මේ අබුද්දස්ස කාලේනේ.............

    මං වුණත් අපේ ගෙදර උන්දැට කිව්වා පරිස්සමෙන් ඉන්න. දැන් දැන් පන්සල් ගාවට පූස් පැටවු විතරක් නෙමෙයි අලි පැටවුත් ගෙනත් දාන එකේ උදේට දොර ඇරලා බලද්දි අපේ ගේ ඉස්සරහා කොටි පැටවු, සිංහ පැටවු, මකර පැටවු, තල්මස් පැටවු එහෙමත් ඉන්න බැරි එකක් නැහැ කියලා..... හිටියොත්වත්.......... ආය කන්න බොන්න දීලා බලාගන්න යෑ...... ලිපි ලේඛණ හදන්නත් එපැයි..... ඔන්න උන්ගේ අම්මලා ඒවත් එක්කම ගෙනැත් දාලා ගියානං කමක් නැහැ නේද?????

    ReplyDelete
    Replies
    1. හාමුදුරු පැටවුනුත් දාලා ගියොත් තමයි පුරස්නේ.

      Delete
  12. මෙතන සම්පූර්ණ වරද අලි පැටියාගේ. ඌ සාධාරණ අලියෙක්නම් දැන් කරන්න තියෙන්නේ මාධ්‍ය සාකච්චාවක් පවත්වලා තමන් ස්ව කැමැත්තෙන්ම පංසලේ අතරමං වීම ගැන පාපොච්චාරණයක් කරන එක. ඕනේ නම් රජයේ සාක්ෂිකාරයෙක් වෙන්නත් පුළුවන්. පොඩි පරහකට තියෙන්නේ අර සත්තුත් එක්ක කතාකරන රහස දැනගෙන හිටපු එකම මනුස්සය වෙච්චි ටයි මහත්තයා දිව්‍ය ලෝකේ ඉඳන් ගෙන්න ගන්න පුලුවන්ද කියන එක තමයි.

    ReplyDelete
    Replies
    1. අපොයි අර හිටපු අග විනිසොරාට කිව්වනම් අලි පැටියට සිංහලෙන් කතාකරන්න පුරුදු කරවයි එක දවසෙන්.

      Delete
  13. අලි පැටියවත් පූස් පැටවු වගෙ පෝර උරේක දාලද දන්නෙ නෑ ගෙනත් දැම්මෙ. මේ ****** හිතන්නෙ මේ රටේ මිනිස්සු මැටි හරක් කියලද. .පන්සල්වලට එහෙම අලි ගෙනත් දානවද .මූ මේව කියන්නෙ ගංජ ගහලද.අනික් පන්සල්වලටත් අලි ගෙනත් දාල තියෙන්නෙ පාරෙ දඩාවතේ යන ඇතින්නියො වදල කානුවල ඉන්න අලි පැටවු වෙන්න ඇති.
    ගනගෙඩියො ඔය අලි පැටවු හොයගාන්නෙ දඩයක්කාරයන්ට කියල මවු ඇතින්න මරවල. පොඩි කාලෙ ඉදන්ම දම්වැල් දාල පුදුම දුකක් මේ ගනයො අලින්ට දෙන්නෙ.
    ලොකු පන්සල්වල අලි ඉන්නව. ඒත් වැරදිලා ගෙනත් දාපු ඒව වෙන්න ඇති. අලියෙක් ඉන්නව කියන්නෙ පන්න්සලේ ලොකු ගනයගෙ ලොකුකමට හොදයි.

    අපායක් තියනවනම් පොලව පැලිල මේ රටේ ඉන්න ගනයො ටික අපාගත වෙන එකයි වෙන්නෙ .එහෙම නොවන නිසා අපායක් නෑ කියල සහසුද්දෙන්ම කියන්න පුලුවන්.

    පියරු බබා නලව නලව කතා කරනව දැකල අපෙත් ලේ පිච්චෙනව. මූ හිතුවද දන්නෙ නෑ උගෙ ඇග දැකල කුලප්පු වෙන උපාසකම්මල වගෙ රටේම මිනිස්සු මෝඩයි කියල.

    ReplyDelete
    Replies
    1. අනේ ගන රාලේ
      පෙරල පෙරලා බෝලේ
      උඹ හිටිය වේලේ
      අලි පැටවු දාලා උඹේ මිදුලේ

      Delete
    2. හනේ ලේ පුච්චාගන්න එපා. සාදු කියන්න අනේ සාදු!

      පොර උරේක නෙවෙයි අලි පැටියව ගෙනත් තියෙන්නේ ප්‍රීති කොපුවක. හ්ම්........

      දැන් පෙරලන්න බෝල නෑ. ඔක්කොම අර උපාසකම්මලා පෙරලලා.

      Delete
  14. ඔය වගේ සීන් එකනක් ථූපවංශයතේ තියෙනව.

    /තවද කුමාරයන් ගේ පිනින් හිමාලයෙහි ඡද්දන්ත විලින් එක් ඇතින්නක් තමාගේ පුතු ඇලි ඇත් පැටවකු ගෙනහැර හෝ තෙර ලාපියා පලා ගියා ය.

    එතැන සිටි ඇලි ඇත් පැටවු බිළී බාන්නට ගිය කඩොල් නම් බිළී වැද්දෙක් දැක රජ්ජුරුවන්ට කීය. එබස් ඇසූ රජ්ජුරුවෝ ඇත්තලයන් යවා ඇත් පැටවු ගෙන්වා ගෙන පෙරහරක තබා දුන්හ. කඩොල් නම් බිළී වැද්දවු දුටු විසින් ඒ ඇතුට කඩොලැතා යයි නම් විය./
    ථූප වංශය - “දොළ උපත“ (පිටුව 4)

    ReplyDelete
    Replies
    1. එහෙනං අනේ මේ අලියට ධම්මාලෝක කියලා නම දාමු.

      Delete
  15. විචාලකත් හලී නලකයි.
    ලවිත් හලී නලකයි.

    ReplyDelete
    Replies
    1. ලවී අයියා දීලා තිබුණා සිවුලු හැලෙන්න.

      Delete
  16. මටත් කියන්ට තියෙන්නේ ඩූඩ් කීව දේම තමයි.:D

    ලස්සන හාමුදුරු කෙනෙක්නේ. බණ නම් අහලා නෑ.

    ReplyDelete
    Replies
    1. ලස්සන හාමුදුරුවෝ කියල මෙහෙ උපාසකම්මලාට අහුවෙන්න එහෙම එපා. මොනවා කරයිද දන්නෑ

      Delete
  17. නුවර පෙරහැර කාලෙට හම්මේ දාලා යන අලි පැටව් කන්දරාව. අතරමං වෙන අලිපැටව්න්ගේ අයිතිකාරයොන්ට වෙනමම තැනක් වනජීවී එකෙන් දාලා තියනවා අතරමං උන අලිපැටව් හොයලාදෙන්ට. අතරම්ං වෙන ලමයින්ගේ අම්මලාට තාත්තලාට පොලිසියෙන් දාලා තියෙන තැනක් වගේ. එහෙම ආවාම එතනින් ලවුස්පීකරෙන් කියනවා
    "සවාන්දෙන්ටෝ.. රතනපුරේ සිට පැමිනි ටිකිරිමැණිකේ අලිපැටවා අතරමං වී වනජීවී කාර්යාලයේ සිටී. මවගේ හෝ පියාගේ හෝ නම් නොදනී. බලාගන්නා අයගේ නම 'සිරා' බව කියයි. කරුණාකර පැමින අලිපැටවා භාරගන්න. නැතහොත් මාලිගාවට බාර දෙනු ලැබේ. " කියලා.
    එහෙම දාලා යන අලිපැටව් තමා මාලිගාව වටේට උඩවත්ත කැලේ අයිනේ එහෙම බැඳලා ඉන්නෙ.

    උඩුවේ උන්න්නාන්සේටත් මේ වැඩේම කරන්ට පුළුවන් ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. හයියෝ......මමත් දැකලා තියනවා පෙරහරෙන් පස්සේ අලි ඉන්නවා ගුඩ්ෂෙඩ් බස්ටෑන්ඩ් එකේ ගෙදර යන්න බස් නැතුව.

      සිරා අලිබලන්න පටන්ගත්තොත් මරා බලන්නේ කාවද?

      Delete
  18. අලි පැටියා කාටවත් පේන්නේ නැහැනේ ඒක නිසා ගෙනාපු යකාට ඌව හොයාගන්න බැරිවෙන්නැති....
    පිංවත්නි හයියෙන් සාදු කාරයක් දෙන්න.
    මං බන පටන් ගන්නද.. එක්කෝ ඕන්නෑ..

    ReplyDelete
    Replies
    1. සාදු කියන්න පින්වත්නී මම බනතලන්න යන්නේ.

      Delete
  19. පන්සිල් පද පහේ මුල්ම පදය පානතිපතා.දැන් එතකොට මේ පානාතිපාත සිල් පදය කැඩෙන්න මරන්නම ඕනේද ?සත්තුන්ට හිංසා කිරීමෙන් මේ සිල් බිදෙන්නේ නැද්ද?

    අර කිතුලට ගිය මිනිහාට වගේ කියන්නත් මොනවා හරි තියෙනවානේ.

    ReplyDelete
    Replies
    1. හිංසා කිරිමෙන් සීලය බිඳ වැටෙන්නේ නෑ. නමුත් සීලයේ පදනම බිඳ වැටෙනවා. පාණාතිපාත ගැන පිටකයේ කියවෙන්නේ මෙහෙමයි.

      පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති: නිහිතදණ්ඩෝ නිහිතසත්ථෝ ලජ්ජී දයාපන්නෝ සමබ්බපාණභූත හිතානුකම්පී හෝති.

      නිහිතදණ්ඩෝ - සත්ත්ව හිංසන,ඝාතනය සිදුවන දඬු මුගුරු ඉවත දැමිය යුතුය
      නිහිතසත්ථෝ - අවි ආයුධ බැහැර කල යුතුය.
      ලජ්ජී - හිංසනය ඝාතනය ගැන ලජ්ජා වෙයි.
      සබ්බපාණභූත- සියලු ප්‍රාණින් කෙරෙහි
      හිතානුකම්පී හෝති - මෙත් අනුකම්පාවෙන් වාසය කල යුතුය

      පේනවා නේද ප්‍රාණඝාතය නොකල සිටි පමනින් සිල්වතෙක් වෙන්නේ නෑ බුදු දහමේ හැටියටනම්.

      Delete
    2. මනෝට ස්තුතියි වටිනා ධර්ම කරුණු පැහැදිලි කිරීම ගැන.

      මනෝජ්. ඔයා හිතනවද මෙයාලා ළඟ සීලයක් ඉතුරුවෙලා තියනවා කියලා.

      Delete
  20. නියම සත්ත්ව කරුණාවක් තියනවනම් පාරේ තැන් තැන් වල වැටිලා ඉන්න කුට්ට දාපු බල්ලෝ පන්සලට ගෙනත් උන්ව නාවලා කවලා පොවලා බෙහෙත් හේත් කරලා හදන්න ඕන. (මම දන්න එක් ස්වාමින් වහන්සේ නමක් එහෙම කරනවා.) අලියට විතරක් අමුතු කරුණාවක්.

    නීතිමය අවස්ථාවන්වලදි වියදම් කරන්න මුදල් නෑ කියන එකනම් බොරුවක්. ජනප්‍රිය තලයේ හිටපු ගොඩක් ස්වාමින් වහන්සේලා ඒ කාලේ හොඳට හම්බ කරලා ඒ සල්ලි ස්ථාවර ගිනුම් වල දාලා තියෙන්නේ. ඒකෙනුත් හදන්නේ මෝඩ භක්තිමත් උපාසක අම්මලගේ සල්ල වලට විදින්න.

    ReplyDelete
    Replies
    1. බලු කරුණාව පොඩියි. අලි කරුණාව ලොකුයි. ඒ නිසා අලි බලාගැනීමේ පින වැඩියි. ඊළඟ ආත්මෙදි ප්‍රාඩෝ ලැබෙනවා.

      උපාසකම්මලාට විදින්න ඕනේ හැම විදිල්ලක්ම දැනටමත් විදලා ඇති. මොනවද කතා සෝමලතා.

      Delete
  21. විචාරක මහතැන්ට කියන්න, ඔය හමුදුවන්ගේ කතාව අහපු වෙලේ මට ඇති වෙච්ච චිත්තප්‍රීතියක් අම්මපා... කිව්වට මොකෝ මේ කොහෙද යන බැළලියක් ඇවිල්ලා පැටවු දාලා නේ.. මොනාද කරන්නේ කියලා ද අහතේ කල්පනා කොලා... මේ හාමුදුරුවො ඒහෙම සතුන්ව ආදරෙන් ‍රැකබලා ගන්නවා කියලා දැන ගත්තු ගමන්ම පැටවු ටිකයි මහ උන්දැවයි දා ගත්තා මල්ලක, රූන් ගාලා ගියා පන්සලට අතෑරලා ආවා ඕන්.. බොරු කියලා හිතනවනම් දැන් ගිහින් බලන්න.. උන් අර අලි පැටියා එක්ක එක බෝතලෙන් කිරි බොන්නේ... :D

    ඉතින් මෙහෙවු උන්නාන්සෙලටනේ මේ අවලං හැත්ත කතා හදන්නෙ... අර පාර්ලිමේන්තුවෙදි මොකක්ද මිරිකුවෙත් මේ උන්නාන්සෙගෙමයි නේද ?

    ReplyDelete
    Replies
    1. මාත් මේ කම්පනා කොලේ මේ පැත්තේ පාරවල් වල ඉන්න බල්ලෝ බළල්ලු ඔක්කොම ගිහින් දාලා එන්න උන්නාන්සේගේ අර මැතිනියාරාමෙට.

      මේ උන්නාන්සේගේ නෙවෙයි මිරිකුවේ කොලොන්නාවේ සුමංගල, අර අඬමින් බණ කියන හාමුදුරුවන්ගේ. මෙර්වියා තමයි එක කළේ.

      Delete
  22. ජ ය වේ වා !! හිමියනි ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. තව තවත් අතරමං වූ අලිපැටව් සහ උපාසකම්මලා ලැබේවා! සාදු සාදු සා...........දු!!!

      Delete
  23. මේවා දේශපාලන පලිගැනීම් අපේ හාමුදුලුවනේ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ සැරේ ජනාධිපති වෙයි කියන ඊරිසියාවට ඔය අනික් ආගම්වලින් කරන කුමන්ත්‍රණ.

      Delete
  24. අලේ මන්ද හාන්දුලුවනේ මොනා කියල්ලද කියල ..

    ReplyDelete
    Replies
    1. කියන්ඩ තියෙන්නේ අලි කෙලියකි හාන්දුලුවනේ කියලා.

      Delete
  25. නංගි බබා , තාත්ති මොන වළද්ද කලත් ඕම ලියුම් ලියන්න එපා

    ReplyDelete
    Replies
    1. තාත්ති වැලැද්දක් කලලා නෑනේ අංකල්.

      Delete
  26. අම්මපා ඔය අලි පැටියව ගෙනත් දාපු පොහොර කවරෙයි ත්‍රී වීල් එකයි හොයාගන්න බැරි වෙයිද දන් නෑ...
    යකෝ බොරුවක් උනත් කියන්න විදිහක් තියෙනවා නේද... බණ දෙසුවට ඒවා දන්නෙ නැද්ද දන් නෑ..

    ReplyDelete
    Replies
    1. මේකා ඩයිනොසෝර් පැටියෙක් වෙන්ටෑ.

      Delete
  27. Replies
    1. අර ගොං අලියා තමයි වැරදිකාරයා.

      Delete
  28. //ඔයා කියන්නේ බණ නෙවෙයි බයිලලු//
    බයිලා වලට හොද මාකට් එකක් තිබේ.

    ReplyDelete
    Replies
    1. ඔව්වොව්, බයිලා සීඩී ටිකක් ගහගත්තානං අලි පැටියට කිතුල් කොට ගන්න සල්ලි හොයාගන්න තිබුණා.

      Delete
  29. අනේව් මරැ මාමේ ඒ හාමුදුලුවොත් පව් අලි පැතියත් පව්... මෙව්වා ආරංචි වෙන අපිත් පව් හැක්

    ReplyDelete
    Replies
    1. එතකොත අල හැම වෙලාවේම තාදු කියන උපාතකම්මලා? එයාලටත් අපේ තාදුගේම පිහිටයි.

      Delete
  30. මෙච්චර කල් උසාවි ඇතුලෙ විතරක් සෙට් වෙලා කියාගත්තු කතා ප්‍රසිද්ධියේ කියන්න ගිහින් නා ගත්තා ලෙසටම.. මෙයා නීතියෙන් නම් බේරෙයි.. ඉතුරු ටික නම්.. පව් ඉතින්.
    ජයවේවා..!!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }