හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 February 2016

ලබුතෙමේ ගස් නැග්ගේය

මට මතකයි ඉස්සර අපි විහිලුවට කියනවා, රජතෙමේ කියන වචනය යොදා වාක්‍යයක් හදන්න කිව්වම එක ළමයෙක් ලිව්වලු, 'රජ තෙමේ නම් කුඩයක් ඉහලාගන්න' කියලා. නමුත් ලබුතෙමේ කිව්වම මොකෑ කොරන්නේ. එව්වත් ඉතින් තෙමෙන්න නොදී රැකගන්න වෙනවා. එහෙම නේද? හැබැයි මේ ලබු අර ඔව් ඔව් අන්න ඒ ලබු නෙවෙයි. වෙන එකක්. දන්නව නේද අපේ 'ගෑස් ලෑබ්ස්' හෑ.....දන්නෙ නෑ. ඇයි අප්පේ අර ඉදිච්චි ගස්ලබු පින්තූරේ දාගෙන ඉන්න අපේ ගෑස් ලෑබ්ස් දන්නෙ නැද්ද? ආ.........න්න හරි. ඒ ගොබිලා තමයි.  

   මේකා මේ ලඟදි දවසක උදේ මට තෙලබණුවෙන් ඇමතුමක් දුන්නා.

'මාමේ, මාමා මේ අපේ හිටපු හමුදා මාමා නේද?' 

'ඔව්වොව්, කවුද බෑණෝ උඹ' 

'මාමේ, මාමා දැන් ගෙදරද ඉන්නේ?' 

'ඔව්වොව්, මං මේ දෙපරැන්දට හුළං වදින්න, මිදුලේ හක්කොලන් කොර කොර ඉන්නේ, ඇයි බෑණෝ ඇහුවේ' 

'මාමේ, මාමා ඇඳුම් ඇඳගෙනද ඉන්නේ?' 

'ඇයි යකෝ තෝ හිතුවද මම ප්‍රාග් ඓතිහාසික මානවයෙක් කියලා ඇඳුම් නැතුව ඉන්න?' 

'මාමගේ ගෙදර ගස්ලබු තියනවැයි?' 

'තොට මොකටද බොල අපේ ගෙදර ලබ්බවල්? මට තිබුනම මදිද?' 

'හරි හරි, මාමේ මං මේ කතාකොරන්නේ ගෑස් ලෑබ්ස්' 

'මක්කිව්වා?' 


'හප්පද බොල, එහෙනං උඹද මේ? දැන් මොකෑ වෙලා තියන සංගෙදිය? බොට කවුරුහරි තර්ජනයක් කොලාද, අර වතුර පල්විස් ට බීන් මහත්තයා තර්ජොනය කොලා වගේ?' 'වහාම කියපං ත්‍රිවිධ හමුදාව සහ අමතරව කළු ඩිෆෙන්ඩර් එකකුත් එවන්නං. එව්වා කොහෙද අපිත් එක්ක, හුහ්, අපෙ එකෙකුට පාට් දාන්න ඔය ප්‍රේමචන්ද්‍රලා හිතුවා (තුයන්න තුයන්න) මදි.'

'නෑ නෑ මාමේ, මාත් මේ හේනක් කුඹුරක් කොටාගෙන, පැල් ගැහෙන්නයි යන්නේ' 

'ඉතිං පැල් බැරිනං ගල් ගැහියංකො මට මොකෑ?' 

'නෑ නෑ මාමේ මං මේ කම්පනා කොලේ, ඔය වගේ වෙලාවක මාමත් ළඟ හිටියානං මට ලොකු හයියක්නේ. හදිස්සියක්, අසක්කුවක්, මරාලයක් උනොත්, මට පිටපොට ගහගෙන මාමගේ කරටවත් ගොඩවෙලා, බේරෙන්න පුළුවන්නේ. අනේ මාමේ, ඒ හින්දා බෑ නොකියා වරෙන්කො මගේ තාන්තුවාවට' 

ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. මක්කොරන්ටද, මං හා කිව්වා. අම්මපා තැපැල් කන්තෝරුව තියෙන්නේ මුගේ ගෙදරද කොහෙද, ඊට පහුවදාම ආවේ නැතැයි සුට්ටන් කාඩ් එකක්. මේ තියෙන්නේ. මේ කටන්තරේ පටන්ගන්න තැන තියෙන්නේ, මේ කාඩ් එකේ පිට පැත්තේ පින්තූරේ. 


හා......දැන් ඉතිං දතකට මැදගෙන පිටපොට ගහහෙන ලැහැත්ති වෙයන්කෝ මේ මගුලේ යන්ට. හෑ.........'සැලියුට්' උස්සව සාලාව? ඒ මොකද්ද බොල ඒ? එතෙන්ට යන්ඩ ඕනේ සැලියුට් ගහගෙනද? එහෙනං මගේ පරණ ගොමස්කඩ යුනිපොං එව්වා හඩු ගඳ යන්න අපුල්ලලා මැදලා ඇන්න තමා යන්ඩ වෙන්නේ. හා........මේක මේ හමුදා මගුලක් නෙවෙයිනේ. ඒ නිසා ඔන්න ඔහේ තියන ඇඳුමක් ඇඳගෙන යන්ඩ හිතාගත්තා. 

කවුද දන්නෑ වෙන එන්නේ. බලනකොට කැමරාවා තමයි මේ මගුලේ අදියක්ස ජනරාල්. 

ගෑස් ලෑබ්ස් සහ කැමරාවා එක පන්තියේ ඉගෙනගත්ත අතීසාර මිත්තරයෝ. ඒ නිසා කැමරාවා හිතලා තියනවා, තමන්ගේ පන්ති මිත්තරයාව අමාරුවේ දාන්න. ඌ තමයි ලබුතුමාව අන්දලා තියෙන්නේ කසාදයක් බඳිමු කියලා. ලබුතුමාගේ පප්පා, කැමරාවාගේ පන්ති භාර ගුරුතුමා. දවසක් ඒ ගුරුතුමා, කැමරාවාගේ විශිෂ්ට හැසිරීම් අගය කරමින්, කැමරාවා කණ ආදරෙන් අතගාලා, පන්තියෙන් එළියට දාලා තියනවා. අන්න ඒ හින්දා, ඒකට දෙන ප්‍රති ප්‍රහාරයක් හැටියට තමා, ගුරුවරයාගේ පුතාට මේ මගුල සැට් කොරලා දීලා තියෙන්නේ. පේනවා නේද, හිමිජ්ජා වගේ හිටියට කැමරාවා කොච්චර භයානෙක ද කියලා. 

කැමරාවාගේ උපදෙස් පරිදි,   ගෑස් ලෑබ්ස් විසින් බොගාලා දෙතුන්සීයකට විතර ආරාධනා කොරලා තිබුණා. නමුත්, එදාට බැංකුව අතුපතු ගාන්ඩ තියනවා කියලා මධුවා එන්ඩ බෑ කිව්වා, අලුතෙන් හදන ගොඩනැගිල්ලක අත්තිවාරමේ වේයෝ මර්දනය කොරන්ඩ තියනවා කියලා, ගොඩනැගිලි උයන තුමා බෑ කිව්වා, දවස් පහක සති අන්තයක් සැට් කොරගෙන අවලමේ යන්ඩ තියනවා කියලා, ඉවානයා බෑ කිව්වා.  මාතලනී අනුමත කොලේ නෑ කියලා මාතලනා බෑ කිව්වා. ඔන්න අන්තිමට අපි අපි කීප දෙනෙක් කොහොම හරි ආවා. මම හිතන්නේ වැඩිම දුර ඉඳලා ආවේ මම. (කි.මී.1.5 යි) 

අටමා හිතුවේ, මේ මගුල තියෙන්නේ, දකුණු අප්‍රිකාව දිහාවේ කියලා. මූට මම කිව්වා, කෝච්චියෙන් ඇවිත් බැහැපිය පොතුහැර ඉට්ටේසමෙන්, මං තෝව ඇන්න යන්ඩ එන්නං කියලා. මේකා අහනවා, පොතුහැර තියෙන්නේ අනුරාදපුරේට මෙහා නේද, මොකෑ එච්චර දුර යන්නේ කියලා. අම්මපා මේකා කෝච්චි ඉට්ටේසමක් කියලා දන්නේ, රාගම විතරයි මගෙහිතේ. ඔන්න ඉතින් කොහොම කොහොම හරි අපි ටිකදෙනෙක් එකතුවුනා කියමුකෝ. මගුල් ගෙදර වැඩ යන්ඩ ඇරලා අපි ටිකක් එළිමහනේ ඉඳගෙන, හිටියා. අටමා කියනවා මට නිකං ඔරෙන්ජම් බාර්ලි සුවඳක් එනවා කියලා. බලනකොට ඊට මීටර් 500 ක් විතර එහා විවුර්ත කරපු බාර්ලි බෝතලේක සුවඳ මූට දැනිලා තියෙන්නේ. කොහොමද මුගේ ඉව? ඔන්න ඉතින් අපි ඔරෙන්ජම් බාරලි වල රස බැලුවා. ඒ බාරලි බෝතලේ අර, නොම්මර 69 ද මොකක්ද. 



කැමරාවා කිව්වා තව ටිකකින් තොපේ මූණු රබර් මූණු වෙන්ඩ කලින් දැම්මම ජෝඩුවත් එක්ක පොටෝ එකක් කෙලපල්ලා කියලා. ඔය තියෙන්නේ ඒක. අම්මපා ඊට පැය දෙකකට විතර පස්සේ ඔය පොටෝ එක ගන්ඩ ගියානම්, මූණු වලට ජැක් ගහන්ඩ වෙනවා, කෙලින් තියාගැනීම සඳහා.


මේ සිරියාවන්ත ජෝඩුවගේ පින්තූරේ, අපේ රබර් මූණු වලින් කැත වුණේ මෙන්න මෙහෙමයි. වමේ සිට දකුණට, ලේ බොන්නා, අහසෙන් පාත්වෙන්නා, කැමරාවා, ගෑස් ලෑබ්ස්, ලබ්බේ අනික් පළුව, මනෝ ගහගෙන ඉන්න එකා, අට්ට තටං, ගරු මම තුමා.  

මගුල් ගෙදර තිබුණු තරු පහේ කෑම බීම ගැන ලියන්න ඉතිං, වෙනම ලිපි දෙකක් විතර ලියන්න වෙනවා. ඒතරම් ඉස්තරම් විදිහට, සියල්ල සංවිධානය කර තිබුණා. මගුල් ගෙදර ඉවරවෙලා මේ බොගාලා සැට් එක පටවාගෙන ගිහිං, පොතුහැර ඉට්ටේසමේ හලලා ආවා, කෝච්චියෙන් බැරිනං ඩක්කුවක හරි නැගලා ගෙදර පලයව් කියලා. අද වෙනතුරු උන්ගෙන් ආරංචියක් නැහැ. 


අකලංක - ජීවනී
 ඔබ දෙපළට සුබ අනාගතයක්!

2016 පෙබරවාරි මස 06 වැනි දින 1103 පැය 


135 comments :

  1. අනේ එන්න බැරි උනා...

    සුභම සුභ මංගලම් වේවා.....!!!

    ReplyDelete
    Replies
    1. මොනවා කොරන්ටද ඉතිං වැඩ වැඩිනං

      Delete
    2. ඉස්තූති වේවා.. ඉක්මනින්ම හමුවෙමුකෝ.. හෙහ් හෙහ්
      (ලබු තෙමේ ගේ පමාවට සමාව ලැබේවා..)
      ජයවේවා..!!

      Delete
  2. ගස් ලබ්බටත් පලුවටත් සුභම සුභ අනාගතයක් වේවා!
    හප්පේ මොකෝ මේ ඩ්‍රැකීය කසුන් වගේ වෙන්න ගිහින් තියෙන්නේ..
    කැමරුවා තමා දවසකට හරි මිනිහා...
    විචා සැලියුට් එකක් ගහන්නේ නැතෑ...

    ReplyDelete
    Replies
    1. ගස් ලබු යුවල වෙනුවෙන් සුබ පැතුමට ස්තුතියි.

      ලේ බොන්නට තදවුනොත් උඹව ඉතුරු කරන එකක් නෑ.

      මේ වයසේදී මොන සැලියුට්ද අප්පා.

      Delete
    2. ඉස්තූති වේවා..
      සැලියුට් වගේද කෝට් බෑය වටේ තිබුන පදක්කම්.. ශෙහ්ඃ.. දිස්නෙ.. හෙහ් හෙහ්
      (ලබු තෙමේ ගේ පමාවට සමාව ලැබේවා..)
      ජයවේවා..!!

      Delete
  3. විචා හොඳටම මහත් වෙලානෙ. ලබු යුවළට සුබ මංගලම්!!

    ReplyDelete
    Replies
    1. මහත් වෙන්නේ නැතෑ කකා බිබී ඉන්නකොට..

      Delete
    2. නෑ නෑ, ඔය මම ඇඳන් ඉන්න බ්ලේසර් පොජ්ජ රටපිට ඉඳලා ගෙනාව එකක්. ඒක මහා බරපතලයි. ඒකයි මහතට පේන්නේ. මෙන්න බලන්ඩකෝ ඔය වෙඩිමට පහුවදා ගත්ත පින්තූරයක්.

      [im#]https://jangun.files.wordpress.com/2016/02/dsc03933-copy.jpg[/im]

      Delete
    3. විචාමාමේ කවුද මේ අසරණ වෙච්චි සීයා..................

      Delete
    4. ඉස්තූති වේවා.. සියරට උන්න නම් දකින්න ආස මූණු පොඩ්ඩක් නෙව..
      (ලබු තෙමේ ගේ පමාවට සමාව ලැබේවා..)
      ජයවේවා..!!

      Delete
  4. නව යුවලට සුභ පතනවා. විචාගේ විස්තරයත් මරු

    ReplyDelete
    Replies
    1. නව යුවල වෙනුවෙන් ඔබට ස්තුතියි.

      Delete
    2. ඉස්තූති වේවා.. ලෑන් සීයව මතක් කොරයි කිව්වා ඔන්න..
      (ලබු තෙමේ ගේ පමාවට සමාව ලැබේවා..)
      ජයවේවා..!!

      Delete
  5. Replies
    1. උඹව හක්කේ තියලා සේම අරියි අටමට අහුවුනොත්.

      ඒක නෙවෙයි දැන් දෙන්නද තුන්දෙනාද මරුටියේ යන්නේ?

      Delete
  6. ජය සිරි මංගලම්!!!! ලබු ජෝඩුවට,
    ඊලගට කැමාගෙ වාරෙ, ඒකටනම් යන්න වෙන්නෙ ටෝච් එකයි ,කඩුවයි අරං කම්බි පොටවල් කපන්න කටර් අඩුවකුත් අරං.

    ReplyDelete
  7. ජය සිරි මංගලම්!!!! ලබු ජෝඩුවට,
    ඊලගට කැමාගෙ වාරෙ, ඒකටනම් යන්න වෙන්නෙ ටෝච් එකයි ,කඩුවයි අරං කම්බි පොටවල් කපන්න කටර් අඩුවකුත් අරං.

    ReplyDelete
    Replies
    1. කැමා හදපානේ පනින්න සෙට් වෙලා ඉන්නේ.

      Delete
    2. කැමා රෙඩිමේඩ් පවුලක් ගන්න කතාවක් ආරංචි වුණා. කැමා උගේ මගුලේදී දෙන්නේ ඉස්තරම් ගහේ බඩු කියලයි කිව්වේ.

      Delete
    3. එදාට මම යන්නම ඕනේ කෙල්ලගේ ගේ තියන පෙන්නනේ

      Delete
    4. ඉස්තූති වේවා...
      කැමාල අහ යන්න 4x4 වාහන එහෙම ලෑස්ති කොරන් ඉන්න වෙයි..
      (ලබු තෙමේ ගේ පමාවට සමාව ලැබේවා..)
      ජයවේවා..!!

      Delete
  8. හයියෝ... මට එන්න බැරි උනා... ඇත්තම කිව්වොත් පහුගිය කාලෙ තිබ්බ වඩාත් එක්ක පුදුම විදිහට කාර්යබහුල උන නිසා. බ්ලොග් අතරේ වත් සට්‍රිසරන්න බැරි තරමටම... ලබ්බා මටත් දැනුම් දුන්න.. මට ඒ ගැන බොහොම පසුතැවිල්ලක් තියෙන්නෙ.. කෙසේ නමුත් කට්ටිය නියෝජනය කරන්න ඔය උදවිය ගිය එක ගැන අප්‍රමාණ සන්තෝසයි.. ලබ්බටත් ලබ්බිටත් සුභ ගමනකට ආසිරි...

    ReplyDelete
    Replies
    1. // මට ඒ ගැන බොහොම පසුතැවිල්ලක් තියෙන්නෙ//

      මටත් දුකයි බං ඌ ගැන..ඒත් ඉතිං අපි කොරපු දෙයක්‍යැයි … හැක හැක

      Delete
    2. හයියෝ සජ්ජෝ උඹ ආවානම් ඒ හෝල් එක ළඟ තිබුන ජලාශයේ පීනන්නත් තිබුණා.

      Delete
    3. ඉස්තූති වේවා... විටක් කාල කාරිය යන්න තිබුනා..
      අඩා පාද්‍රේ.....
      (ලබු තෙමේ ගේ පමාවට සමාව ලැබේවා..)
      ජයවේවා..!!

      Delete
  9. Suba mangalam... Apita invite karanam kohoma hari enawa... :)

    ReplyDelete
    Replies
    1. හෑ..ලබ්බා කිව්වේ නැද්ද? උගේ මොලේ මඤ්ඤං වෙලා තියෙන්න ඇති මේ දවස්වල

      Delete
    2. අනේ මගෙ කට..
      ආයෙත් පොලොසියට අහුවෙයං.. හ්හ්ග්...
      හෙහ් හෙහ්.. මුට කිව්වා මාමෙ.නිදහස් දවසෙ කියන ඔපෙරා එක පුරුදු කොරන්න තියෙනවයි කිව්වෙ..
      (ලබු තෙමේ ගේ පමාවට සමාව ලැබේවා..)
      ජයවේවා..!!

      Delete
  10. සොරි වෙන්ඩ ඕන මටත් එන්න බැරි උනා. ගොඩක්ම ඕනකම තිබ්බත්. මම මදාවිය එක්කත් මේ ගැන දෙතුන් පාරක් කතා කළා. නෝ විසඳුම්. ප්‍රධානෙටම බලපෑවෙ ප්‍රවාහණ ප්‍රශ්නෙ තමයි. අපිට කොහෙද කෝච්චි.
    එනිවේ සුබ යුග දිවියක් වේවා !!

    ReplyDelete
    Replies
    1. අරයා බැංකුව අතුපතු ගාද්දී උඹ මිදුල සුද්ද කලාද? එන්ඩ අමාරුනම් දෙන්නවම පාර්සල් දෙකක් හැටියට තැපැල් කරවගන්ඩ තිබුනේ කුරුණෑගලට. මම ඇවිත් බාරගන්නවා.

      නව යුවල වෙනුවෙන් සුබපැතුමට ස්තුතියි.

      Delete
    2. ඉස්තූති වේවා... හයිවේ එකක් හදනකන් ඔහොම තමා... හෙහ් හෙහ්..
      (ලබු තෙමේ ගේ පමාවට සමාව ලැබේවා..)
      ජයවේවා..!!

      Delete
  11. කෙලියා තාප්පෙට :D
    ලබ්බටත් බඩු පැකට්.. හැක හැක
    රෙෂ්පට් එකට ජීවත් වෙන්ඩ බොක්කෙන්ම සුභපතනවා ඩබලටම..

    සෑර් මේ.. 4×4 වීල් දාගෙන නේදැ ගෙදර ආවෙ :D

    ReplyDelete
    Replies
    1. හැක්, උඹට දැන් පැකට් මැදිවෙලා කබඩ් නේද හදන්ඩ වෙලා තියෙන්නේ?

      නෑ නෑ, ළඟ ළඟ ධාවනය නිසා වාහනේ දන්නවා පාර. මම නිකං ඉඳගෙන හිටියා විතරයි :e

      Delete
    2. තැන්කූ ඔෆ් කෝස් වේවා පාද්‍රේ..
      (ලබු තෙමේ ගේ පමාවට සමාව ලැබේවා..)
      ජයවේවා..!!

      Delete
  12. නාවත් ආවා වගේ...ඇන්ටිටර්මයිට් ට්‍රීට්මන්ට්...හෑ කොහෙන්ද විචෝ ඒ එක්ස්කියුස් එක හොයාගත්තේ හැබෑට...අට්ට තටම් බේගල් කියන්න දන්නේම නෑ..
    ගස්ලබු පලු දෙකට ජය ශ්‍රී ශුභ මංගලම්....!

    ReplyDelete
    Replies
    1. ඇයි අටමනේ කිව්වේ චෙෆාකිගේ *^%$#@ වේයෝ කාලා බෙහෙත් ගහන්න ගියා කියලා.

      ලබු යුවල වෙනුවෙන් සුබපැතුමට ස්තුතියි.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      උන්නනම් බිල්ඩිමක් උයන හැටි අහගන්න තිබුනා... හිතින්ම ලැබෙන ආසීර්වාදෙට හිස නැමුවා මෙන්න..
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  13. //මේකා කෝච්චි ඉට්ටේසමක් කියලා දන්නේ, රාගම විතරයි //

    චැහ්.. ඒම අපහාස කරන්ඩ එපා බොස්..අපේ අටමා කොටුවෙ ඉස්ටේසමත් දන්නවා..ඕ යේස්:D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මුගේ එළවලු කොටුව කිට්ටුව තියන ඉස්ටෙසමද?

      Delete
    2. අටං කොටු තියෙන්නෙ දං පඳුරු අස්සෙ නම් නෙමෙයි ඔන්න

      Delete
  14. ගස්ලබු පවුලට සුභ මංගලම්...
    අරාධනා ලැබිලත් යන්න බැරි උනේ එදා හදිස්සි වැඩ වගයක් සයිට් එකේ යෙදිලා තිබ්බ නිසා...
    එන්න බැරි වෙච්ච එක ගැන සමාව භාජනයක දානවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ...

    විචා මාම කලින් ෆොටෝ වල දැකල තිබ්බට වඩා හරහට උස ගිහිල්ල වගේනේ... :)

    ReplyDelete
    Replies
    1. සුබපතුමට ස්තුතියි නව යුවල වෙනුවෙන්.

      නෑ නෑ අන්න මම හැලපෙගේ කොමෙන්ට් එක ළඟ දැම්මා නියම බොඩි සයිස් එක පෙන්නන පින්තූරයක්.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      කමියට නම් වැඩක් තිබුනෙ නෑ කියන්නෙ... ඔන්න යාලුවො.. හෙහ් හෙහ්..
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  15. ජය සිරි මංගලම්!!!!

    ReplyDelete
    Replies
    1. නව යුවල වෙනුවෙන් ස්තුතියි.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  16. හුටා..ඔබතුමා කේමදාස මාස්ටර්ගෙ කපාපු පලුව නෙව..සන්තෝසයි..සන්තෝසයි....

    ගස් ඇන්ඩ් ජීවනී..සුබ අනාගතයක්!

    පලි - ජීවනී කිව්වම මට නම් මතක් වෙන්නෙම අර නහුතෙට බඩේලිය ගිහිල්ල තොලකට වේලිල කලංතෙ එහෙම ඇල්ලුවම දෙන බෙහෙත...හෙහ්,හෙහ්,

    පපලි - විචාගෙ ලිවිල්ල ආය නෑ අති විශිෂ්ඨයි!

    ReplyDelete
    Replies
    1. හෑ...අම්මපා මං ඒ උත්තමයාගේ කෑල්ලක් විතරවත් සමීප බවක් තියනවද? ඔව් මම හිතන්නේ එතුමාගේ හුලඟද කොහෙද වැදිලා, මටත් පුළුවන් තාලෙට මේසෙකට එහෙම තඩිබාන්ඩ.

      ලබ්බට කවදාවත් බඩේ අමාරු හැදෙන එකක් නැහැ. ජීවනී ළඟ ඉන්න නිසා.

      නව යුවල වෙනුවෙන් සුබපැතුමට ස්තුතියි.

      පෝස්ට් එක ඇගයීම ගැනත් ස්තුතියි.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      ජීවිතේම බඩගිහිල්ල ඉන්නොකොට නෙව මේ ජීවනී වැඩ කොරන්නෙත්.. විචා මාමා මකලා තියෙන හැරමිටිය සාක්ශියි ඔන්න..
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  17. 'ඉතිං පැල් බැරිනං ගල් ගැහියංකො මට මොකෑ?' :)

    ReplyDelete
    Replies
    1. නෑ මං අහන්නේ, ඔය එක එක එව්වා ගහන්න, ආයේ මොටදෑ මේ නාකි අපිට කතාකොරන්නේ?

      Delete
  18. අම්මටඋඩ ලබු තඩියත් කුරුණෑගල ද හැක්.. කවුදෑ දන්නෙ..
    ලබ්බටයි ලබු බෑයටයි සුභම සුභ අනාගතයක් වේවා...
    සුභ මංගලම්..

    විචා යකෝ මහත නෙවී බැරල් සයිස්..
    :-D:-D:-D දුවන්න වෙයිද මංද හිහි

    ReplyDelete
    Replies
    1. අ..ඩ්..ඩො..ව්.. මේ කුරුණෑගල අපිට ජාති දාන්නේ නෑ කවුරුවත් හරිය?

      ලබු යුවලට සුබ පැතුවාට ස්තුතියි.

      නෑ යකෝ, ඔය මම ඇඳගෙන ඉන්න බ්ලේසර් පොජ්ජ නිසා ඔච්චර මහතට පේන්නේ. අන්න මම උඩ හැලපෙගෙ කොමෙන්ට් එකට යටින් දැම්ම මගේ පින්තූරයක්.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      කුරුණෑගල කොල්ලො හරිය..?? හෙහ් හෙහ්
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  19. වෙඩිමක පොටෝ එකකට මෙහෙම හිටයමද කොහේද?.
    පොටෝ එකක් ගහන්න සුදුසු වාතාවරණයක නෙවෙයිනේ කට්ටිය හිටියේ ඒ වෙලාවේ.

    ...//අද වෙනතුරු උන්ගෙන් ආරංචියක් නැහැ//....

    අපි හොදින් ආවෝ.

    ReplyDelete
    Replies
    1. අම්මප පොටෝ ගත්තද? මට මතක නෑ.

      උඹලා බඩු කෝච්චියක වහලේ උඩ නැගලා ගියා කියලයි ආරංචි.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      යහතිං නං එච්චරයි
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  20. Replies
    1. නව යුවල වෙනුවෙන් ස්තුතියි ඔබට.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  21. ජය මංගලම් නව යුවලට....!!

    ජීවිතේට අහලා නැති වචන වගයක් ඉගන ගත්තා නොවැ...මේකෙන්..

    ReplyDelete
    Replies
    1. නව යුවල වෙනුවෙන් ස්තුතියි.

      ජීවිතේටම කියාගන්ඩ බැරුව තියන වචන ගොඩක් තියනවා. ආයේ හම්බවුනොත් කියමුකෝ.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      හවස් කොරේ කයියකට සෙට් වෙලා තව වචන ජුණ්ඩක් අහගන්න බැරි උනා නෙව..
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  22. ගස් ලබ්බ්බෝ ...උඹට සුබ මංගලම්...

    ----
    විචෝ...මේ ගැන පොස්ටුවක් දැම්ම එකට තැනක් යූ වෙරි මච්...

    ReplyDelete
    Replies
    1. සුබපැතුමටත් පෝස්ට් එක ඇගයීමටත් බොහොම ස්තුතියි.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      ඉස්තූති වේවා..!!
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  23. හා ඔන්න අඟහරු ලෝකෙනුත් ජය මංගලම් කිව්වා!!

    ReplyDelete
    Replies
    1. දැන්නම් ලබ්ස්ට අඟහරු ලෝකේ නෙවෙයි බ්‍රහ්ම ලෝකෙත් පෙනිලා ඇති. :e

      සුබපැතුමට නව යුවල වෙනුවෙන් ස්තුතියි

      Delete
    2. ඉස්තූති වේවා..!!
      අන්තර් විශ්වීය සුභ පැතුමක්...
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  24. Replies
    1. Wichathuma (singer) Rony Leech wage :)

      Delete
    2. නව යුවළට සුබ පැතීම ගැන ස්තුතියි.

      අම්මප මම රොනී ලීච් තරම්ම ලස්සනද ඈ?

      Delete
    3. ඉස්තූති වේවා..!!
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  25. පොතුහැරගත් ගස්ලබ්බාට සුබ මංගලම්!

    ReplyDelete
    Replies
    1. මළ කෙලියකි මහරජ! ලබ්බාගේ පොතු ගැලවී ගියේය. ඇන්නෑවකි.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      පොතුහැරැගත් කළැ කැකුළෙන්ම යැ..
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  26. ගස් ලබ්බාටත් ලබ්බීටත් සුභ මංගලම් කිව්වා ඔන්න.. දැන් ඉතින් ගස් ලබ්බගෙන් මාස තුන හතරකට බ්ලොග් පොස්ට් එකක් වැටෙනවා බොරු.. ඕ යෑස්..
    ස්තුතියි විචාරකතුමා පොස්ට් එකට.. මම හිතුවේ විචාරක තුමා විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් විදිහට සුපිරි ස්පොර්ටි ලුක් එකක් තියන පොරක් වෙන්න ඇති කියල.. හයියෝ සල්ලි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් ලබ්බගේ පෝස්ට් විචා දාන්නේ.. මාස තුනක් යනකම් බාරගෙනලු තියෙන්නේ.. හැක්.

      Delete
    2. සුබපැතීම ගැන නව යුවල වෙනුවෙන් ස්තුතියි.

      ඇයි යකෝ කොරන්න ඔච්චර වැඩ තියෙන්නේ අහවල් ඇන්නෑවකටද බ්ලොග් ලියන්නේ?

      මාස තුනෙන් පස්සේ.........?

      Delete
    3. මාස තුනෙන් පස්සේ ලබ්බා එනවලු...

      Delete
    4. ඉස්තූති වේවා..!!
      මාස තුනක්..?? හප්පේ.. ඊට කලින් කොල්ල ආයෙ වැඩට බහිනවා.. හෙහ් හෙහ්..
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  27. මට හිතා ගන්න බැරි වුණා හෙඩිම කියෙව්වම. ගස් ලබ්බ්ස්ට හා පලුවට අපේ හෘදයංගම සුභ පැතුම්. බ්ලොග් නම් වලට යන මුණු සෙට් එකත් දැක ගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ලබු යුවලට සුබැපතීම ගැන ඒ දෙදෙනා වෙනුවෙන් ස්තුතියි.

      හප්පෝ.....අපේ මූණු දැකලා FCID එකෙන් හොයාගෙන එයිද මන්දා.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      නෙළුං යායෙ මල් පිපෙන දවසට තවත් මූණු ගොඩක් දකින්න පුළුවන් නෙ... ඇඟිලි ගැන ගැන ඉන්නෙ එදා වෙනකන්...
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  28. Replies
    1. නව යුවළ වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  29. ලබ්බටත් අත තිබ්බා එහෙනම්.. ඈ යකෝ.. කවද්ද මාව එලියට දැම්මෙ පංතියෙන්..? දැක්කනෙ ගෝලයා ගැන සර් කරපු වරුණාව..
    ඇත්තටම එතුමා විශිෂ්ඨ ගුරුවරයෙක්. ඒ වගේ ගුරුතුමෙක් මට මුණ ගැහිලා නෑ කියන එක නම් කියන්න ඕනෙ. එතුමා ලබ්බටත් වඩා අපිට ආදරේ කලා.

    ReplyDelete
    Replies
    1. හිටපන්කෝ පුහුලෙටත් අත තියන්න වැඩිකල් නොගිහින්.

      ආ........මට වැරදිලා, පන්තියෙන් නෙවෙයිනේ එලියට දැම්මේ ඉස්කෝලෙන් නේ.

      ලබ්බාගේ පියා සමග යෙදී සිටි කෙටි පිළිසඳරෙන්ම වැටහුනා එතුමා නියම ගුරු පියකු බව.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      අදටත් ඉතිං අපිට වඩා ගෝලයෝ ලොකුයි... මක් කොරන්නෙයි..මේ ඉන්නෙ තරගෙට පොත් කියවපු ගෝලයා නෙ..හෙහ් හෙහ්...
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  30. පාටි ගැන උබ ලියන මේ විස්ටරය එල ද බ්‍ර
    පත්තර මල්ලිගේ පාර්ටි ඒක ගැන ලියපු විස්තරය වගේ
    ලබ්බා උබලට ජයවේවා

    ReplyDelete
    Replies
    1. කොහද යකෝ අතුරුදහන් වෙලා ඉන්නේ?

      ඇගයීම සහ සුබපැතුම යන දෙකටම ස්තුතියි.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      මචෝ... උඹ කෝ..??
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  31. ගස්ලබ්බටයි ගස්ලබු කෑල්ලටයි සුබ පැතුම්!!!!! මාමා ඔය ඉන්නේ හැන්ඩියා වගේ ;)

    ReplyDelete
    Replies
    1. සුබපැතුමට ස්තුතියි. අන්න දරුවෝ, උඹට විතරයි මාව හරියට පෙනිලා තියෙන්නේ.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      ආයෙ වගේ මොටෝ....?හෙහ් හෙහ්
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  32. ගස්ලබු දෙපලටම සුභාසිංසන මේ සමඟ.

    විචා ඇතුලු නඩය අපි හැම නියෝජනය කරමින් සහභාගිවීම ඉතාම අගෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඊළඟ සැරේවත් ආවම ඔය මූණත්තහඩුව පොඩ්ඩක් පෙන්නලා පල.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      ආන්න ඒකයි... අන්තිම මොහොත කිට්ටු කොරලා නැව් නැග්ග වගේ දැක්කා.. දකින්න කැමතිම මූණක් නෙව..
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  33. හප්පට සිරි මාමෙ. මා ලඟ ඔහෙගෙ තෙලබනුවෙ නොම්මරේ නැතුව ගියානෙ. එදා කිව්ව වගේ මතකයි. ඒත් කොහෙද අප්පා ඕව මතක තියෙන්නෙ. අර බඩු කෝච්චියෙ වහලෙ ආවෙ මනෝ මන්දිරයයි ඩ්‍රැකියයි විතරයි. මමයි අටමයි කෝච්චියෙ බඩුත් එක්කමයි ආවෙ.

    ReplyDelete
    Replies
    1. හුටා මේ මම දාපු කොමෙන්ටුව වෙන නමකින්නෙ වැටිල තියෙන්නෙ. හරි හරි ඒ කෙන් කමක් නෑ. ඔය උඩ කොමෙන්ටුව මා විසින් දාපු එකක් ලෙසත්, එය අත් වරදකින් සිදු වූවක් ලෙසත් සලකන්න.

      Delete
    2. ගණන්ගන්න එපා. දැන් කොමෙන්ට් දෙකක්ම ලැබුනානේ.

      අම්මපා කෝච්චියේ බදඩු ගොඩක් තියෙන්නේ ඇති. උඹලා ඒ බඩුවලට ඒ යට වුනේ නැහැනේ?

      Delete
    3. ඉස්තූති වේවා..!!
      අහසෙන් පොලොවෙන් ආව එකම කොච්චර හයියක්ද මචෝ...
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  34. විචා, මගුලක් ගැන මම කියැවූ ආතල්ම රචනය මෙයයි. පට්ටයි කියන්නෙ වල් බෙලි පට්ටයි.

    මෙච්චර කල් නිකම්ම නිකන් ගස් ලබ්බා මෙතැන් පටන් ගස්බෙනලබ්බා වීම ගැන මගේ අහවල් මෙව්වාඅ එකය.

    අර රවිය කීවැහෙ, ජීවනී නම් බඩ යාමද, ප්‍රීති නම් අහවල් එක යාමද මතක් වෙන්නේ අපේ තියෙනා වල් කමට, කුප්ප කමට මිස ඒ නම් වල ඇති අවුලකට නොවේය.

    ගස් ලබු මලේ, උඹටද "නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා" කියා කට ඇර කියන්න දැන් ඇහක ( හැබැයි අගට මාතා කියා අර නාකි සුදු කොල්ලාට ආරාධනා කෙරුවේයැයි මිස් අන්ඩස්කර්ට් වීමෙන් සිදුවියහැකි ගැටළු සමරකෝන් වෙත හෝ ජා.ගී.ක වෙත හෝ යොමු කල මැනව )

    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. උපශාන්ත සිංහයාගෙන් ඇගයීම ලැබීම ගැන පස්වනක් ප්රීතියෙන්ද තව ඔය අහවල් එකෙන්ද පිනායමි. බොහොම පිං ය.

      හුටා බෙනේකනයා වෙයිද දන්නේ නෑ.

      එකම ගෑණු ළමයාට ජීවනී ප්‍රීති කියලා නම තිබුනොත් කොහොම ඉල්ලුමක් තියෙයිද

      මාතේ, මෙන්න මෙයා උඹට සුදු කොල්ලා කියන්නේ මොකක්හරි වෙන අදහසකින් වගේ.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      අඩෙයප්පා.... නමට තේරුමක් සපයනම ඇඹේනියක් ලැබුනයි කියන්නකො අයියණ්ඩි...
      සුදු කොල්ලා බිසී නිසා අවුලක් නැති වෙයි.. හෙහ් හෙහ්
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  35. ලබු ජෝඩුවට එහෙනම් ඔන්න අපෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඊළඟට ඉතින් ලබූ ගහක්ම හැදුනමත් අපිටම තමයි යන්ඩ වෙන්නේ ඒ ආවතේව වලටත්.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      ඒවා මත්තට.. හෙහ් හෙහ්....
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  36. ගස් ලබ්බාටත් ගස් ලබ්බීටත් සුභ මංගලම් ! ඉක්මණින්ම පොඩි පොඩි ලබුගෙඩි පල දැරීමට වාසනාව ලැබේවා ! විචාරකගේ මගුල් විස්තරෙත් මසුරං.

    //මාතලනී අනුමත කොලේ නෑ කියලා මාතලනා බෑ කිව්වා// හැක්... මෙන්න චන්ඩි :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ලබ්බා බයවෙයි පොඩි පොඩි ලබුගෙඩි ගොඩක් කිව්වම. එන්න කලින් මම ලබ්බගේ කනට කරලා මෙහෙම කියලා ආවා.

      නංගිටයි මටයි - ගෙඩි දෙකාක් ඇතී
      වැඩිය කඩන නරක ළමයි - හෙම නොවේ අපී

      Delete
    2. ඉස්තූති වේවා..!!
      වොලි බෝල් ද? චෙස් ද කියලා තාම කල්පනාව..හෙහ් හෙහ්....
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  37. මාත් ලියනව. මගුලෙ ගිහිං විචා ‍කොරපු කෝළං ඉතිං කවුරු හරි ලියන්ඩ එපැයි...

    ReplyDelete
    Replies
    1. හැබැයි අනේ අර අරක නම් ලියන්න එපා. ලේ බොනවා තොගේ.

      Delete
    2. මොකද්ද? අර නෑනගෙ පිටට තට්ටු කරපු එකද‍? ටැංකිව් ඈ මතක් කොළාට...

      Delete
    3. ඉස්තූති වේවා..!!
      ආ... ඔය එලි වෙන්නේ...... බොලාටම කියලා සුදුළුණු බයිට් එකක් එව්වා හම්බුනෙයි??
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
    4. අනේ උඹෙ සුදුළූණුත් එක්ක යකාට පල... :-)

      Delete
  38. ගස් ලබ්බාට සහ ලබ්බීට සුභ මංගලම්.............

    ReplyDelete
    Replies
    1. විචාමාමේ අපේ සින්ඩියේ පොඩි සුභ පැතුමක් දැම්මා ලබ්බාට....... පොඩි උපුටා ගැනීමක් කරා..... සමාව දෙයි නේද????

      http://kurutugegeepawra1.blogspot.com/

      Delete
    2. හෙහ් හෙහ්, ඔන්න මම කුරුටු සින්ඩියට ගිහින් දෙකක් කියලා ආවා.

      Delete
    3. ඉස්තූති වේවා..!!
      ඉස්තූති වේවා..!!
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  39. මෙන්න නෙලුම් යායෙනුත් සුභ පැතුම්
    http://nelumyaya.com/?p=5181

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්.

      Delete
    2. ඉස්තූති වේවා..!!
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  40. සුභ පැතුම්. මේ හෙඩිම දැක්කම මම කලින් දවසේ දුවල ගියා බං මාමේ.. හැක්..

    එහෙනං කුඹුරක් කොටාගෙන ගස් ලබු පැල දෙක තුනක් ඉන්දගෙන ඉන්න ලැබේවා කියල සුභ පතනවා ලබ්බන්ගේ පවුලටම. ජය

    ReplyDelete
    Replies
    1. මට තියන එකම බය ලබ්බා ගණන් කරන්න බැරි තරම් ලබුගෙඩි හදාගනියිද කියලා. :e

      Delete
    2. ඉස්තූති වේවා..!!
      තාම කාලය දීපය දේශය බලනවා නෙව.. හෙහ් හෙහ්..
      (ලබු තෙමේගේ පමාවට සමාව ලැබේවා..!)
      ජයවේවා..!!

      Delete
  41. විචා මාමා පෝස්ටුවකුත් කොටලා.... උත්තර ප්‍රමාදෙට සමාව භාජනේකට දාලා අවසර....එකකට එකක් සම්බන්ධ නැති කරුණු රාසියක් පැටලිලා නෙව.. කොහෙන් කෙලවර උනත් කොල්ල රෙඩිපිට වැඩ. මක්කොරන්නෙයි... බිසී බිසී.. කීසි බීසි...(ඇති වැඩකුත් නෑ. හෙමින් ගමනකුත් නෑ නෙව.) ආයෙ දන්නෝනෙ.. හෙහ් හෙහ්... ආයෙත් සමාව ඉල්ලනවා පමාවට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්, මමනං හිතුවේ උඹට දැන් අලුත් බාරියාවට කියලා තුනටියේ තෙල් ගාගන්න වෙලා ඇති කියලා.

      Delete
    2. ආයිත් අහලා... ට්‍රැමඩෝල්,සැලොන්පාස් ස්ප්‍රේ අහන්නෙත් නැති තැන ආයෙත් ප්‍රතිකාර වලට යොමු උන නිසා තමයි පමා උනෙත්.. හෙහ් හෙහ්

      Delete
    3. ලබ්බො මේක කියෝල බලහං. http://atampahura.blogspot.com/2013/04/blog-post.html

      Delete
    4. හික් ගෑවෙන කතා මතක් කොරන්න එපා බොලව්.... ඒකට නම් සිරාවටම බය ඩබල් උනා... හෙහ් හෙහ්

      Delete
  42. ගස් ලබ්බට සුබ පැතුම්

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }