මදෑ කොළා. ඉයන් ගොයියා බට කැලේට ගිනි තිබ්බා. දැන් ඒක ඇවිලෙනවා පට පට ගාලා බට පුපුරමින්, සිංහල බ්ලොග් අහස ඒකාලෝක කරමින්. අම්මපා මේ මනුස්සයට මොකක්හරි සම්මානයක් දෙන්න වටිනවා මේ ගිනි තැබිල්ලට. නෑ මං කියන්නේ, ඔය විදිහේ සුන්දර ගිනි තැබිලි හැමදෙනාටම කරන්න බැහැ. ඒකටත් උපතින් ගෙනා දක්ෂකම් තියෙන්න ඕනේ. අපි දන්නේ ඉතිං අමු කැලෑ ගිනිතියන්න නේ. මම හිතන්නේ, මේ අවුරුද්ද ඉවරවෙනතුරු, මේ සොළොස් මහා ගීත වන්දනාව තියෙයි.
ඒ අල්ලපනල්ලේ, මගේ මතකය කඩාගෙන බිඳගෙන දුවන්න පටන්ගත්තේ නැතෑ අතීතයට. එහෙම ගිහින් ගිහින්, 'අපි චුච්චි බබා කාලේ ලේදියෝ එකෙන් තින්දු ආපු' කාලෙටම ගියා. ඒ කාලේ හිටිය ගායක ගායිකාවන් බොහොමයක් ගැන මතකයට ආවත්, ඒ ඔක්කොම ගැන කියන්ඩ ගියොත් මේ වගේ ලිපි හතරක් පහක්වත් ලියන්ඩ වෙන නිසා, කීපනෙක් ගැන විතරක් ලියන්ඩ හිතාගත්තා. මේ ඉතා කෙටි ලිපිය ඒ තිදෙනා ගැන කරන සරල හැඳින්වීමක්.
සී.ඩී.ෆොන්සේකා
මේ ගායකයා, 1960 දශකයේ සිට, අපේ සිත තදින් පැහැරගත් ගායකයකු බව, නොකියා බැහැ. එමෙන්ම ඔහු අද අප අතර නැතත්, ඔහුගේ අමරණීය හඬ අපේ මතකයේ තිබෙනවා. ඉතා පුදුමාකාර ලෙස ඔහුගේ හඬේ තිබුණු තරුණ බව ඔහු ගීත ලොවින් සමුගන්නාතුරු ම පැවතුනා. 60 - 70 දශකවල සංගීත සංදර්ශන වල ඔහු අනිවාර්යයෙන් ගීත තුන හතරක් ගායනා කළා. ඒ ගීත සියල්ල තරුණ හදවත් ඇමතූ ගීත. එමෙන්ම ඒ ගීතවල රිද්මය නිසාම ඉක්මනින් ජනප්‍රිය වුවා පමණක් නොව, රසිකයන්ගේ මතකයේද හොඳින් තැන්පත් වුණා. ඔහුගේ ගීත තුනක් පහත දක්වනවා.
කාන්ති වක්වැල්ල
කාන්ති වක්වැල්ල කියන්නේ, ගායිකාවක් නෙවෙයි ගායකයෙක්. ඔහු අමුතුම හඬකින් සහ අමුතුම ශෛලියකින් ගායනා ඉදිරිපත් කළා. ඔහුගේ හඬේ යම් ශෝකී බවක් ගැබ්වී තිබුණා. නමුත් ඒ ගීත තුළ සැඟවුණු අමුතුම මිහිරකුත් තිබුණා. ඔහුගේ ගීත එකතුවක් සොයාගැනීම තරමක් අපහසුයි.
මේ ගීතයේ mp3 පිටපතක් පමණයි තිබුණේ. මා එයට ඔහුගේ පින්තූරය එක්කර, මේ ගීතය සැකසුවා. මේ ගීතයේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි, ඒ කාලයේ සිදුවූ සත්‍ය සිද්ධියක්, එනම් ප්‍රේම වියෝවක් පදනම් කරගෙනයි, මේ ගීය ලියවී තිබෙන්නේ. පෙම්වතියත් ගායිකාවක්. ඊට වඩා තොරතුරු කියන්නට මා අකමැතිවන්නේ, ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන නිසා.
ස්වර්ණා අබේරත්න
ඇය ගායිකාවක් ලෙස බොහෝ දෙනා හඳුනාගත්තේ, පැරණි සිංහල චිත්‍රපටියක් වන 'සුභද්‍රා' චිත්‍රපටියේ ඇය විසින් ඉදිරිපත් කල පසුබිම් ගායනයක් නිසයි. ඒ ගීතය පහතින් දක්වනවා. මේ ගීතයත් බොහොම අමාරුවෙන් හොයාගෙන ඇගේ ඡායාරූපයකුත් හොයාගෙන, මෙලෙස සකසා ඉදිරිපත් කරන්නේ.
මේ ගීතය, බොහොම ජනප්‍රිය ගීතයක් වුණා. විශේෂයෙන් විවාහක කාන්තාවන් අතර, ඒ කාලයේදී අතිශයින් ජනප්‍රිය ගීතයක් මෙය. නමුත්, මේ ගීතයේ තනුව නම්, පැරණි හින්දි චිත්‍රපටියකින් ගත් එකක්. මේ තියෙන්නේ මුල් හින්දි ගීතය. ටිකක් අහලා බලන්න.
ස්වර්ණා අබේරත්නගේ තවත් ගීත ඔබට මෙතනින් අහන්න පුළුවන්. එමෙන්ම ඇය ගැන විස්තරයක් මෙතනින් කියවන්න පුළුවන්.
ලතා දිසානායක
මේ ගායිකාව එදා ජනප්‍රියත්වයේ ඉහලටම පැමිණි ගායිකාවක්. ඇය නැති සංගීත සංදර්ශනයක් ඒ කාලේ තිබුණේ නැහැ. ගායිකාවක් වගේම ඈ රූමතියක්. මා දන්නා තරමින් අද ඇය විදේශගතව යි ඉන්නේ. එදා ඇගේ ජනප්‍රිය ගීත තුනක් පහත ඉදිරිපත් කරනවා. එදා ඇගේ හඬ, ගුවන්විදුලිය, සංදර්ශන වේදිකාව පුරා, පැතිරී තිබුණා.
ලතා දිසානායක ගැන කෙටි විස්තරයක් ඔබට මෙතනින් කියවන්න පුළුවන්. හොඳයි. එහෙනම් අදට සමුගන්නේ, අවකාශ ලැබෙන පරිදි තවත් මෙවැනි ලිපියක් ලිවීමේ අදහස ද ඇතිවයි.
2016 අගෝස්තු මස 22 වැනි දින 0736 පැය
උඩම එක්කෙනා ගැන ටිකක් අහලා තිබුනා. අනික් කාවවත් දන්නෙ නෑ. විචාරක මහත්මයා හැදුව වීඩියෝව, "My Slideshow" නැතුව සින්දුවේ නමින් දැම්මා නම් හරි.
ReplyDeleteකලබොලේට වීඩියෝ එකේ ටයිටල් එක එඩිට් කොරන්ඩ අමතක වෙලා. ඔය My Slideshow කියන එක ඉබේම වැටෙන එකක්.
Deleteඅහලා නැහැ මචෝ...(ඒක වයසේ )
ReplyDeleteඉයන් කරපු දෙයක් නිසා හැම තැනම "මා සිත් ගත් ගී"
මේ සින්දු බොහොමයක් අද, 'forget file' වලට වැටිලා තියෙන්නේ මෙන්ඩෝ. ඉස්සරහට තව මේ වගේ එව්වා ටිකක් හොයලා දාන්නම්කො.
Deleteඅනේ අහලා නෑ විචාරකතුමා... කොහොම වුනත් අපූරු ගීත ටිකක් ...
ReplyDeleteඔයා වගේ අද පරපුරේ අයට අහන්න බලන්න තමයි මේ ටික දැම්මේ ළමයෝ. හොඳයි නේද?
Deleteලතා දිසානායක ඉස්ටැන්ලි පීරිස් එක්ක සැක්සපෝන් ගහනවා කියලා ඒ කාලේ අය කැලෑ පත්තර ගහලා තිබුනා.. ඒවා එයාලගේ පෞද්ගලික වැඩ.. හැබයි ඉතින් පත්තරේ දාන්නේ නැති වෙන්න කර ගන්නත් දැන ගන්න ඕන.. කොහොම හරි අර කුණු යුද්දයට වඩා මේවා වටිනවා..
ReplyDeleteමෙන්න මේකා කාඩ් ගහනවා අර බො පැල වගේ මිනිස්සුන්ට. හික් හික්, ඔය වගේ කතා ගොඩක් තියනවා. ආයේ හම්බවෙච්චි දවසක කියමුකෝ.
Deleteයකෝ මම කියන්නේ යුද්ධය හොඳයි කියලා නෙවෙයි. මෙහෙමයි වෙන්නේ/වුනේ කියලා විතරයි. සමහරු අඳුරේ අතපතගානවා වගේ නොමග ගිහින් ඉන්නේ, ඇත්ත දන්නේ නැති නිසා.
කාන්ති වක්වැල්ල මහතාගේ එකම ගීත එකතුවයි ඇවිත් තියෙන්නේ එකේ නම "ශෝබන චන්ද්‍රා" මගේ පියා සතුව ඒ කැසට් පටය තිබෙනවා.
ReplyDeleteවිවියන්ද සිල්වා බොරලැස්ස ගයන දුරපේන තැනිතලා ගීතයට හඩ මුසුකල අනිත් ශිල්පියා තමයි කාන්ති වක්වැල්ල
මෙවැනි ගායක ගායිකාවන් බොහෝ දෙනෙකුගේ ගීත තිබුණේ LP හෝ EP තැටිවල. සංරක්ෂණය උදෙසා, 1980 දශකයේදී පමණ, ඒවා කැසට් වලටත්, ඉන්පසු CD වලටත් නැගුවා. මුල් තැටි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තවමත් තිබෙනවා. එහි CD අලෙවිසලෙන් මේවා මිලදීගන්න පුළුවන්.
Deleteලතා දිසානායක මේ වන විට ලංකාවට ඇවිත් ඉන්නේ.. ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳිනවා.
ReplyDeleteලොකු කනගාටුවක් ඇතිවුනා මේ තොරතුරු දැනගැනීමෙන්. ඇය කැනඩාවේ නේද හිටියේ? යට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා.
Deleteලතා දිසානායකගෙ සින්දුනං අහල තියෙනව. අනික් දෙන්න ගැනනං මෙතෙක් නොදැන සිටියෙමි.
ReplyDeleteමේ අයගේ ගීත දැන් CD වලට දාලා තියනවා. SLBC එකේ විකුණන්න තියනවා.
Delete/* ඒ ගීතවල රිද්මය නිසාම ඉක්මනින් ජනප්‍රිය වුවා පමණක් නොව, රසිකයන්ගේ මතකයේද හොඳින් තැන්පත් වුණා. */
ReplyDeleteඕව්!
මෙන්න රසිකයන්ගෙනුත් රසිකයා වන රසිකොලොජිස්ට් ගේ මතකයක්.
http://rasikalogy.blogspot.com/2016/08/montessori-love-affairs.html
ඔය සින්දුව වගේ කේස් එක් නිසායැයි කියනවා මගේ නැන්දනියක සහ මාමා මිත්‍ර වෙලා කසාද බැන්දේ.
එනිසා යි මං දන්නේ, මේක හැටේ දශකයේ 64/65 හරියේ විය යුතුයි.
හප්පේ...මේ ගීත නිසා කොච්චර ප්‍රේම සම්බන්ධතා වලට උදව් ලැබෙන්න ඇද්ද? අපේ කාලේදී සාහිත්‍යය බැරිනම් ලව් එක සවුත්තු වෙනවා. ඒ කියන්නේ, පෙම්වතුන් අතර හුවමාරු වන 'සෙනෙහෙකොල' වල මේ වගේ සින්දු කෑලි ලියන්න බැරිනම්, ඒ සෙනෙහෙකොලේ නිකම් බේත් සීට්ටුවක් වෙනවා :D
Deleteඔව් මේ ගීත බොහොමටක් 60 දශකයේ ඒවා.
අපේ අම්මා කැමතිම ගායිකාවන්ගෙන් කෙනෙක් තමයි ලතා දිසානායක මහත්මිය. එතුමියගේ ' සතුට සැනසුම්' ගීතයත් අපූරුයි.
ReplyDeleteජයවේවා!!!
අම්මෝ.........ඒ කාලේ එළිමහන් සංගීත සංදර්ශන වලට ලතා දිසානායක ආවම, රසිකයන් පොරකන්නේ, ඒ ගීත අහන්න විතරක් නෙවෙයි. ඇගේ රූප ශෝභාවත් බලන්නයි.
Deleteබොහොම ස්තූතියි විචාරක මහත්තයෝ. සඳ කිරණින් ගීතය නම් නොනවත්වාම අහන්න පුළුවන් ගීතයක්. අනෙක් කාරණය බට කැලේට ගිණි තිබ්බේ මම නෙවෙයි වෙන කෙනෙක්. ඒ ගිණි තබන්නා ගැන විස්තරයක් ඉක්මනින්ම දානවා.
ReplyDeleteසඳ කිරණින් ගීතය අහන්න ඕනේ ඇත්තටම ගැමි පරිසරයක හඬ එළියේ ඉඳගෙන, පොඩි ගුවන්විදුලි යන්ත්‍රයකින්. නමුත් අද, විදුලි එලිය නැති, ගොරහැඩි සද්ද බද්ද නැති, ගැමි පරිසරයක් හොයාගන්න ටිකක් අමාරුයි.
Deleteහෙහ් හෙහ්, එහෙනම් නැවියාත් දැන් ගිනි තබන්නෙක් ඈ?
මම හිතන් හිටියේ කාන්ති වක්වැල්ල කියන්නේ ගායිකාවක් කියලා. ගිතවල නම් දැම්මා නම් ඉතා අගෙයි. විඩියෝ බලන්න ගියාම ඩේටා වලට කෙලවෙනවා.
ReplyDeleteඅපිත් පුංචි කාලේ, කාන්ති වක්වැල්ල කියලා රේඩියෝ එකේ කියනකොට හිතනවා, ගායිකාවක් කියලා. ගීතවල පදමාලාව දැම්මානම් හොඳයි කියලද කියන්නේ? කෙටියෙන් ලිපිය ඉවර කරන්න අදහස් කල නිසයි පදමාලා නොදැම්මේ.
Deleteඅපේ රටේ තිබෙන අන්තර්ජාල සබන්ධතා තවමත් පාරිභෝගිකයාව ගසාකන මට්ටමේ ඒවා වීම අවාසනාවන්ත, කාලකන්නි, තත්වයක්. වයි ෆයි වෙනුවට, දැනට තියන පැකේජ්, මීට වඩා සාධාරණ විදිහකට දුන්නානම් හොඳයි.
Umma
ReplyDeleteකවුරුහරි දකියි අනේ. පස්සේ පස්සේ......
Deleteඅපිට මගඇරිච්ච සින්දු.. මේව තමා යුතුකං සෑර් !!
ReplyDeleteස්තුතියි පත්තරේ. තව ගොඩක් මතකයේ තියනවා. බලමුකෝ ඉස්සරහදි.
Delete++++++++++
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteවිචා කලින් මගෙනුත් ඉල්ලීමක් කළා මේ කළා කරුවෝ ගැන සටහනක් තියන්න කියලා .ඒ දේ මට කරන්න බැරි වුනත් මෙවැනි සටහන් කිරීමක් ඉතාම වටිනවා ...ජයවේවා !!!
ReplyDelete(මෙන්න මෙහෙම බ්ලොග් තියනවා නම් බලන්න හිතෙනවා හිටන් ...)
ඉතාම මියුරු ගීත රැසක් ගී ලොවට එක් කළ අති දක්ෂ ගායකයෙක් කිසිදු ඇගැයීමකින්, බුහුමනයකින් තොරව මීට අවුරුදු 25 කට ඉහතදී (1986 මැයි 11) අපෙන් සදහටම සමුගෙන ගියේ ය.
Deleteඔහු සී. (කොම්පඤ්ඤගේ) ඩී. (ඩැනියෙල්) ෆොන්සේකා ය. සී.ඩී. ගැයූ ගී අදත් අප සිත් චමත්කාරයෙන් පුරවාලන්නේ නොවේද?
තරුණ හිතට මිහිර රැගෙන
ආපු කුරුල්ලා
සිහින ලොවක නටන්න
මනමාල කුරුල්ලා
මල්සරා... මල්සරා
(රචනය - ධර්මසිරි ගමගේ)
සැනසුම කොතැනද’ චිත්‍රපටයට ඔහු ගැයූ එම ගීතය මොනතරම් මධුරතර ද? 1932 පෙබරවාරි 27 වැනි දින වැල්ලවත්තේ උපන් සී.ඩී. ෆොන්සේකා කතෝලිකයෙකි. මූලික අධ්‍යපනය ලැබුවේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙනි.
සී.ඩී. ගේ ගායන කෞශල්‍යය ඔහුගේ පිය පාර්ශ්වයෙන් උරුම වූවකි. ඔහුගේ පියා (සී.ඒ. ෆොන්සේකා) ටවර්හෝල් යුගයේ ප්‍රකට සංගීතවේදියෙකි. සී.ඩී. ගේ සොහොයුරෝ දෙදෙන ද (අර්වින් ටී.ඒ. ෆොන්සේකා සහ ඩග්ලස් ෆොන්සේකා) ගායන ප්‍රතිභාවෙන් අනූන වූහ.
සී.ඩී. වරක් ‘සරසවිය’ පත්‍රයට මෙසේ කියා තිබිණි.
“මම පුංචි දවස්වල අපේ ගෙදර මට මතකයි හැම සැන්දෑවකම එකම සංගීත නිකේතනයක් වගේ. අපි පවුලේ සහෝදර සහෝදරියන් පස්දෙනාම තාත්තාගෙන් සංගීතය ඉගෙන ගන්නවා. රුක්මණී දේවි, ලතා වගෙ ඒ දිනවල ජනප්‍රිය වේගෙන ආ ගායිකාවන් ඔය අතර හිටියා.”
හිටපු ජනාධිපතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය දා ආසිරි ගීය ගැයුවේ එවක කුඩා දරුවකුව සිටි සී.ඩී. ය.
ආනන්දයෙන් පූර්ණ වූ
ශ්‍රී සුමඟුල් වේවා උතුම්
දීර්ඝායු ලබා දම්පති සරණය පත්වූ
ජේ.ආර්. ජයවර්ධන මැතිඳු
මැතිනි මිලිනා රූපසිංහ සොඳුරු
චන්දන තරු සේ වෙළුණ රන්ලිය
සේ රන් රසේ වෙන් නොවී එක්
සිත් වෙසේවාසාදු ධර්ම රකිනා උතුම්
පින්සාරා දූ පුත් ලැබ වාසනාවේවා
බෝ කල්
http://www.silumina.lk/2011/05/22/_art.asp?fn=av11052212&p=1
සින්දුවෝ. උඹේ මේ කොමෙන්ට් එක මේ ලිපියේ වටිනාකම බොහොම වැඩි කළා. ඒ ගැන හද පත්ලෙන්ම උඹට පින් දෙනවා. මේ විස්තර බොහෝ දෙනෙකුට වැදගත් වෙන බව පැහැදිලියි. උඹේ අඩවියෙත් හොඳ ලිපියක් තියන බව දැක්කා.
Deleteයලිත් වරක් ස්තුතියි.
මල් හීයක් වැදී ගොහින් උක්දඬු දුන්නේ,
Deleteතරුණ ළඳක ගෝමර ඇති ළැමක හැපෙන්නේ,
යොවුන් වියේ නැවුම් හැඟුම් ඇයි හංගන්නේ,
ළඟදිම මංගල යෝගය උදා කරන්නේ,
මල්සරා..මල්සරා...මල්සරා..මල්සරා..
ලස්සන රිද්මයක් තියනවා නේද රවී ඒ ගීතයේ?
Deleteමෙතනින් යන්තන් හරි අහලා තියනවා කියල මතකේ තියෙන්නේ "සතුට සැනසුම් සුවේ" විතරමයි, ස්තුතියි විචාරක මේ එකතුවට...
ReplyDeleteඇත්තෙන්ම මගේ පරමාර්ථය වුනේ, අද පරපුරේ අය අසා නැතුව ඇතැයි කියා හිතෙන, රසවත්, පැරණි ගීත කීපයක් හඳුන්වා දීමයි. එය සාර්ථක බව, මෙවැනි කමෙන්ට් වලින් පෙනෙනවා. ඉදිරියේදීත්, මෙවැනි ලිපි ලියන්න හිතාගෙන ඉන්නවා.
Deleteබොහොම ස්තුතියි ඔබේ අදහස්වලට.
ආව්.. මට තාම කලින් පොස්ට් එකවත් කියෝ ගන්න බැරි උනා.. මෙන්න මෙයා අලුත් එහෙකුත් දාල.. මේ සින්දු ලස්සනට කියන ජෝඩුවක් අපේ ගෙදර ඉන්නවා.. ඒ දෙන්නගේ ලව් ඉස්ටෝරියත් මේ වගේ සින්දු වලින් පිරිලා..
ReplyDelete86 මැරෙන්න කලින් 85 CDF ගේ සින්දු ටිකක් රෙකෝඩ් කරලා තිබ්බ එක මාර වටිනවා..
කියලා වැඩක් නැහැ කල්‍යාණ, මේ දවස්වල කට්ටිය එකසිය ගානට බ්ලොග් ලියනවා. මමත් සමහර දවස් වලට රෑ 12 විතර වෙනකල්, ඔක්කොම කියවනවා.
Deleteමේ ගීත සංරක්ෂණය වී තිබීම ලොකු සතුටක්.
කියන්න ලැජ්ජ්ජයි මෙයා එක්කෙනෙක් ගැනවත් දන්නෙ නෑ..
ReplyDeleteකාන්ති වක්වැල්ල ගැන අහලා තිබුනා.. ඒත් හිතන් හිටියේ ගායිකාවක් කියලයි...
ලැජ්ජා වෙන්නේ මොකටද සෙන්නා? මේ අය ගැන නොදන්නා තව කොච්චර අය ඇද්ද? ඒ වගේමයි අද ඉන්න ගායක ගායිකාවන් නළු නිලියන් අතරින්, බොහොම ටික දෙනෙකුගේ නම් විතරයි මම දන්නේ. දැන් මේ හතු පිපෙනවා වගේ රඟපාන, සින්දු කියන, රූපවාහිනී නිවේදන කටයුතු කරන, බහුකාර්ය පුද්ගලයන්ගෙන් බොහොමයක් කවුද කියා, මා හඳුනන්නේ නැහැ. ඒ මට ඔවුන් ගැන උනන්දුවක් නැති නිසා.
Deleteනමුත් මේ මම හඳුන්වාදී ඇති අයගේ යම් ජාතික වටිනාකමක් තියනවා.
විචා, මේ පොස්ට් එක නම් මාර වටිනවා.
ReplyDeleteවිචාට කියන්න මම ඔය කියලා තියෙන එකම කෙනෙක් ගැනවත් අද වෙනකන් දැනගෙන හිටියේ නැහැ.
සී.ඩී ෆොන්සේකා ගැන දැනගත්තෙත් උඹේ සින්දු 16 පොස්ට් එකෙන්.
මේ ගායක ගායිකාවන්ගේ ඓතිහාසික මෙන්ම ජාතික වටිනාකමක් තිබෙනවා. ඒ නිසයි මේ හඳුන්වාදීම කලේ. තවත් අය ඉන්නවා. ඉදිරියේදී ලියන්නම්. මේ අයගේ ගීත හොයාගන්න අමාරු නැහැ. නිස්කලංකව අහලා බලපන් වෙලාවක. උඹට පුදුම හිතෙයි, යකෝ මේ නිර්මාණ කොයි තරම් හොඳද කියලා.
Deleteපෝස්ට් එක ඇගයීම ගැන ස්තුතියි.
මේ පෝස්ට් එක නිසාමයි මේ ගීත හඳුනා ගත්තෙ.මෙව්ව අපි අහල තියනවා හැබැයි.ඒත් ගිය ආත්මෙ නිසා දැන් මතක නෑ.. හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
හෙහ් හෙහ්, ගිය ආත්මේ මතකය හරි අලුත්වීම කොච්චර හොඳද? බොහොම ස්තුතියි.
Delete//එපා බලන්නට සැකයෙන් මා දෙස, මා සිත එක්ටැම් ගෙයක් නොවේ
Deleteගී රස වෑහෙන කැටපත් පවුරකි”
මිහිරි හඬින් කිව මැනවි ඔබේ//
එපා බලන්නට සැකයෙන් මා දෙස, මා සිත එක්ටැම් ගෙයක් නොවේ
ගී රස වෑහෙන කැටපත් පවුරකි”
මිහිරි හඬින් කිව මැනවි ඔබේ//
අන්න සිංදු............!
අඩෝ මදාවියෝ ....යකෝ උඹට මොකද වුනේ ? කෝල් කලත් උඹ ආන්සර් කලේ නැ ....විචාගේ සින්දු ටික නිසා උඹට බ්ලොග් මතක් උනාද ?
Deleteකියලා වැඩක් නෑ සින්දුවෝ. මේකා මෙච්චරකල් හිරේ ගිහින් හිටියද දන්නෑ බැංකුවක් (බංකුවක්?) වත් කඩලා හිටං. මම හොඳට බැලුවා පාද යාත්‍රාවේවත් හිටියද කියලා. සමන් දේවාල පෙරහැරේ මහා බඹාට ඇඳලා ඉන්නවද කියලත් බැලුවා. ම්හු. අම්මපා මේකා නිකම් සීකා වෛරසය වගේ මතුවෙච්චි හැටිනේ වැඩේ.
Deleteහරි හරි එව්වයින් කමක් නෑ. ආපහු බොග දමන්ට පටන් ගන්නවා හොඳයි.
සී.ඩී.ෆොන්සේකාගේ සී.ඩී නැද්ද ?
ReplyDeleteSLBC එකෙන් CD එකක් ගහලා තිබුණා. දැන් තියනවද දන්නේ නැහැ. mp3 බාගන්න පුළුවන් අන්තර්ජාලයෙන්.
Deleteසී.ඩී.ෆොන්සේකා ගායන ශිල්පියා ගැන අසා ඔහුගේ ගීත රසවිඳ ඇති මුත් අනෙකුත් ශිල්පින් කිසිවෙකු ගැන මෙයට පෙර අසා නැහැ.ඔබට ස්තුතියි මේ සටහන ගැන.
ReplyDeleteකාලය ගෙවී යනකොට, පැරණි දේ අමතකවීම පුදුමයට කරුණක් නෙවෙයි. ඉතා වේගයෙන්, අලුත් ගායක ගායිකාවන්, පොකුරු පිටින් බිහිවෙනවා. නමුත් පැවැත්මක් නැහැ. මේ ගීතවල සදානුස්මරණීය වටිනාකමක්, අපේකමට ලංවූ බවක් තියනවා. ඒ නිසයි මේ ගී අදටත් වටින්නේ.
Deleteඇගයීම ගැන ස්තුතියි.
මගේ අම්මේ මෙඡාර පරණ සින්දු ටිකක් හොයල බොහොම ස්තූතියි / මගේ මවගේ කැමතිම සින්දු කිහිපයකුත් තියනවා. පිය කැමතිම අපි නිතර අහපු සිංදුවකුත් තිබෙනවා.
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්, අපි පරණ සින්දුකාරයෝ නේ.
Deleteමහත්මයා
ReplyDeleteමෙපමණ දවසක්ම ඔබේ ලිපි කියෙව්වට මම කොමෙන්ටු දමා නැහැ.සමව ඉල්ලනවා ඒ ගැන.ම ඔබේ ලිපි කියවන්නේ පරිගණකයේ save කරගෙනයි.බොහොම අගය කරනවා ඔබ තුමා හමුදාව ගැන ලියන ලිපි පෙළ.මම අසාවෙන් කියවන්නේ ඒවා.කොහොම හරි අද මම අහන ප්‍රශ්නය.මේ පොස්ටුවට අදාළ නැහැ.හමුදා ලිපි වලටයි අදාළ.art of war කියන පොත මොකක්ද කියලා ඔබ තුමා දන්නවාද?ඕක ගැන අහලා තිබුනට අහලා විතරයි තියෙන්නේ.2.ගිනි අවි වර්ග කරනකොට කාබන් කියල අවි වර්ගයක් තියනවද.3.ඔබ තුමා විකිපීඩියාවට ලිපි ලියනවද?
ස්තුති
පිළිතුර ලැබුනා නේද?
Deleteනිතර ඔබව කියවන්නියක්මි .මේ ගී අසන්ට සැලැස්වු වාට නම් කමෙන්ට් නොකර බැහැ .අපේ කාලයේ සුන්දර ගීත ! තුති !
ReplyDeleteඔබත් අපේ කාලයේ කෙනෙක් කියා දැනගන්න ලැබීමත්, ඔබවැනි අපේ කාලයේ අය, මගේ අඩවිය කියවනවා කියා දැනගන්නට ලැබීමත්, මහත් සතුටකි.
Deleteඔබට අනේක වාරයක් ස්තුතියි. හැකි සෑමවිටම පැමිණ අදහස් දක්වන්න.