හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

09 December 2016

වටු කිරිල්ලී හමුවීම සහ කැකිරිහේනේ රජ්ජුරුවෝ

ඔය ඇත්තන්ට මතකද මම ටික දොහකට උඩදී කතාවක් හෙවත් කටන්තරයක් ලිව්වා, වඩු කිරිල්ලියෙක් ගැන. අපේ ඉකොනොමැට්ටා තුමා, ඒ කතාව කියවලා මතයක් ප්‍රකාශ කළා, එය වඩු කිරිල්ලී වෙන්න බැහැ, වටු කිරිල්ලී වියයුතුයි කියලා. 

හරිනේ වැඩේ. බලනකොට වටු කිරිල්ලී නේන්නම්. ඊයේ පෙරේදා මගේ අසල්වැසියකුගේ නිවසේ ඉඳලා, මේ වටු කිරිල්ලිව මට අහම්බෙන් මුණගැහුණේ නැතෑ. ඕකනේ කියන්නේ, අර අහවල් එකට අහවල් එකක්, අහවල් දිහාවේදී හමුවෙනවා කියලා. මේ ඉන්නේ වටු කිරිල්ලී.



මේක ලස්සන ජනකතා එකතුවක්. ඒ.පී.ගුණරත්න මහතා ගැන තමුන්නාන්සේලාට අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැනේ. එතුමාගේ පරිවර්තන කෘති කියවා නැත්නම් වැඩක් නෑ හරිය? 

මේ පොතේ කථා 40 ක් තියනවා. මේ නිවාඩු කාලේ කියවන්න කියලා, පාසල් දරුවන්ට මේ පොත අරං දුන්නොත් නාකද? නිකං කාටුන් බල බලා, පෝන් ගේම් ගගහා ඉන්න වෙලාවේ, මොළයට යමක් දාගැනීම සඳහා. අනික විෂයය බාහිර කියවීම් අතින් අපේ දරුවන් බොහොම දුර්වලයි. 

ඔන්න මේ පොතේ තියන කතාවක් පහළින් දානවා. අනේ මේ, මට තේරෙන්නේ, මේක කතාවක් කියලා විතරයි. ඔය ඉකොනොමැට්ටා තුමා, රාජ් ගොයියා, අර නාහෙට නාහන මාතලන් ගොයියා, අපේ ඉයන් උන්නැහේ, මේ කතාව කියවලා මොන මොන අර්ථකථන දෙයිද මන්දා. මම මේ කතාව දාන්නේ පාසල් නිවාඩුව ගතකරන ළමයින්ට කියවන්නයි. මක්කිව්වා? ඔව් ඉතින් දියවන්නා පාසලේ දරුවන්ටත් ගැලපෙනවා මේ කතාව. 




හ්ම්.............මටත් කැකිරිහේනක් තිබුණානම්................

2016 දෙසැම්බර් මස 09 වැනි දින 2330 පැය 

40 comments :

  1. සරල ජනකතාවක් වුණත් ඒ කාලයේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් (සාධාරණව රට පාලනය කෙරෙන්නනම් සාමාන්‍ය මිනිහෙක් රජ වෙන්නම ඕනෑ වගේ අදහස්- හරි වුනත් වැරදි වුනත්), රජවරුන්ගේ හා අදිකාරම්ලගේ වැඩ කටයුතු ආදී ගොඩක් දේවල් ගැන කියවෙන කතාවක්!

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ සමහර 'සාමාන්‍ය මිනිස්සු' රජවුනාම 'විශේෂ මිනිස්සු' වෙන්න හදන එක නේ.

      Delete
  2. අනේ ඉතින් හැම කැකිරි ගොවියටම ඔය වගේ කොන්දක් තියනවනම්....

    මේ පොත ගන්න පුලුවන් තැනක් දන්නවද විචා....

    ReplyDelete
    Replies
    1. කොන්දක් විතරක් නෙමෙයි මොලේ සුට්ටකුත් ඕනේ... ;)

      Delete
    2. @ සෙන්නා.
      යන කැකිරි වත්තකින් යන්න කියලා අපේ සියලුම ගොවියෝ කොන්ද කෙලින් තියාගත්තානම් හොඳයි. පොත් ගැන මමත් හෙව්වා. වෙළඳපොලේ නැහැ.

      @ ලොකු පුතා
      අම්මප ඇත්ත.

      Delete
  3. G.m සැර්..මන් ම‍ෙ පංති යනගමන්..පාඩුව‍ෙ කියවලා කියන්නම් කොහොමද කියලා..සුබ දවසක් සර්ට ...

    ReplyDelete
  4. ඒ.පී.ගුණරත්නලා වගේ අය අහලකින් තියන්න හැකි ලේඛකයන් ඉස්සර හිටියත් දැන් බොහොම හිඟයි විචාරකතුමා. හොඳ සිංහල පොත් පහල වීම වගේම වටිනා ලේඛකයන් පහල වීමත් හදිසියේ ඇණ හිටියා වගේ දෙයක් වෙලා

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද ගුණසිංහ මහත්තයෝ. මේ වගේ මිනිස්සු අභාවයට පත්වීම වචනයෙන් කියන්න බැරි පාඩුවක්.

      Delete
  5. මේ අධිකාරම්ට වෙන්නෙත් ඔය සැතෙම තමයි..... දැන් ඉන්නෙ කැකිරි ඉතරක් වවපු කෙනෙක් නෙමෙයි ඔක්කොම කොරාපු එක්කෙනෙක් නේ... මේ ළඟදි කැස්ත්‍රෝත් සැමරුවේ හිටන්....

    ReplyDelete
    Replies
    1. මම මේක කැකිරි රජ්ජුරුවන්ගේ උපසෙන කෙනෙක්ට යැව්වා පොඩ්ඩක් බලා ගන්නෙයි කියලා හිටන්...

      Delete
    2. හෙහ් හෙහ් හෙහ්, පේනවා නේද, හරියට වැඩේ කරනවා නම්, කැකිරි ගොවියෙකුට වුනත් රජවෙන්න පුළුවන්. හැබැයි දැන් දැන් රජවරු කැකිරි පලනවා විතරයි කියලයි හිතෙන්නේ.

      Delete
  6. පොත ගන්න තැනක් කියපන් ...
    අනන් රජවරු ...
    ඒකට අපි පුවක් ගහකට නැගොත් කරටියෙන්ම නැහැ

    ReplyDelete
    Replies
    1. පොත ගැන මමත් හෙව්වා මෙන්ඩෝ. කොහෙවත් නෑ. 1998 පළමුවැනි මුද්‍රණය විතරයි වෙළඳපොළට නිකුත්කර තියෙන්නේ.

      අපි කැකිරි වැව්වොත් හැදෙන්නේ රටකජු.

      Delete
  7. අහල පහල රිංගනව වැඩියි... වයසට වැඩ නං... හැක්...

    ReplyDelete
    Replies
    1. හලේ බල්ලල්ලෑ. ඒ කාලේ ඉඳලම රිංගනවා.

      Delete
  8. ඔය ජනකතා වලින් හොඳ සමාජයක් හැදෙන්න අවශ්‍ය අඩිතාලමක් වැටුනා...
    දැන් එවැනි දේ ළමයින්ට කියවන්න ලැබෙන්නේ නැති තරම්...

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය, අද කියවන්න පොත් නැතිකම නෙවෙයි. පොත් කියවීම සඳහා දරුවන්ගේ පෙළඹීම අඩුවීමයි.

      Delete
  9. මදැයි විචා මාමේ ඔහෙගෙ කතා කියවන්ට ගියා. අපි ඉතිං ෆෝන් එකෙන් බ්ලොග් කියවන අවුන්නේ හිටං. ඔය ඉමේජ් ක්ලික් කොරල ෆෝන් එක හරව හරව කියවනවට වඩා හොඳයි අඟහරුවාදාම ගෙදර ගිහිල්ල කියවන්නම්. (අනේ මේ මනුස්සයට යකෝ මෙච්චර ස්කෑන් මලදානයක් පරිප්පුවක් කාපු වෙලේ ටයිප් කොරන්ට බැරි උනානෙ.) 😞

    ReplyDelete
    Replies
    1. ටැබ් එකක් ගන්නකො අප්පා ළමයෝ. වැඩි ගානක් නැහැනේ.

      Delete
    2. අයි පෑඩ් එකක් තිබ්බ අජිත් අයියෙ. අවුරුද්දක් විතර වැඩක් ගන්නෙම නැතිව තිබිල ලේලිට යැව්ව. ඇත්තම කියනවනම් දැනට ගෙදර කොම් එකේවත් සිංහල ඉන්ස්ටෝල් කරලත් නෑ. මාස ගානකින් අල්ලලත් නෑ. කම්මැලි කම. 🤔 අනික ඉතින් වැඩ කරන ගමන් මම අයිස් ගහන්ට හිටි ගමන් පොඩ්ඩක් නෙමෙයි පැය දෙක තුන මිසිං වෙනව. ඒ වෙලාවට තමයි මේ බ්ලොග් නන්දන වින්දන ඔක්කොම අයියෙ. මේ දැනුත් එහෙම බුලක් කෙලින ගමන් ඉන්නෙ 😜

      Delete
    3. ලේලිට යැව්ව??????
      යකෝ මම හිතුවේ උබ තවම 18 කොල්ලා කියලා

      Delete
    4. යකෝ මට 18 උනේ මිට අවුරුදු 18 කට කලින් හිටං. දැන් 50 කටත් කිට්ටුයි බොල 😂

      Delete
    5. @ Tilan Athur

      ඈ යකෝ, අවුරුදු 50 එකා මට මාමේ කියනවා. හුහ්..... අහුවෙයන්කෝ මට. අර කොමාන්දර්ට අහුවුණු මාජ්ජ වේජියා වගේ කොරනවා හරිය?

      ස්කෑන් මලදාන මොනවද? මගේ ළඟ ස්කෑනර් දෙකක් තියනවා. පට පට ගාලා වැඩ.

      Delete
  10. පිපිඤ්ඤ හේනක් කරපු කෙනෙකුට රජ වෙන්න බැරිද දන්නෑ.

    අගේ ඇති කතාවක්.

    ReplyDelete
    Replies
    1. එදා කෝලය හදිසියේ කට් විය. එන්නේනම් කතාකරනු මැනවි.

      Delete
    2. මතකද එක ඉස්කෝලේ හාමිනේ කෙනෙක් කිව්වලු පිපිඤ්ඤා කියලා ලියන්න අමාරුනම් කැකිරි කියලා ලියන්න කියලා.

      ගමන වෙනස් වුණා. හයිවේ එකෙන් ගිහින් එනකොට ඔය පැත්තෙන් ආවේ. නමුත් ප්‍රමාද වෙලා නිසා කතාකලේ නැහැ.

      Delete
  11. ඒකටත් එක්ක මම දන්න කැකිරි රජෙක් ඉන්නව. බුවා රජවෙලත් කොරන ලබ්බකුත් නෑ. ගෙදරින් ගෙනාපු බත්එක කාල කියනව මම රජාවුනත් මුල අමතක කරන්නෙ නෑ කියල. ඒ අතරෙ මහාධිකාරම්ලා බර ගානක් ඉඳගෙන තමන්ගෙ ගාන කපාගන්නව

    ReplyDelete
    Replies
    1. පිට ගෙවල් වලින් කන්න යන්නේ නැති එකත් මදෑ හිටන්.

      මහා අධිකාරම්ලා ළඟදීම එකිනෙකාගේ පිටට පිහියෙන් අනියි කියලා හිතෙනවා.

      Delete
  12. පොත දැක්කම පොඩි කාලේ මතක් උනා විචාරක...මොකද කරන්නේ කැකිරි හේනක් තිබ්බා නම්...

    ReplyDelete
    Replies
    1. අම්මෝ කැකිරි හේනක් තිබ්බනම් මමත් රජවෙනවා :D

      Delete
  13. කැකිරි හේන් වවලා නම් කවදාවත් අපේ රටේ රජෙක් වෙන්න ලැබෙන්නේ නැහැ. ගංජා හේනක්වත් වවලා තිබුනා නම් සලකලා බලන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඊට ලේසියි සීනි කන්ටේනර් අස්සේ කොකේන් ගේන එක.

      Delete
  14. ඕන කැකිරි වත්තක් කියල තීරණ ගන්නවා නම් ඒකත් එකක් අප්පා..
    ඒ.පී ගුණරත්න මහත්තයා පරිවර්තනය කරපු 'වානරයා' පොත කියවලා තියනවාද? අන්න පොත්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරියට තීරණ ගන්න මිනිහට කැකිරි වත්තක් ඕනේ නැහැ. එක කැකිරි ගෙඩියක් ඇති.

      මම 'වානරයා' පොත කියෙව්වේ 9 වැනි ශ්‍රේණියේ විතර ඉඳිද්දී කියලයි මතක. ඒ කාලෙත් ඒ පොත හරි ගණන්. පිටු 1000 කට ආසන්නව තියන බවයි මතක. හැබැයි, හාස්‍යය, උපහාසය, ත්‍රාසය, ඉතා හරවත් ජීවිතොපදේශ, සියල්ල ඇතුළත් අගනා පොතක්.

      Delete
  15. සිරා කතාවක් නේ විචා. සිරා ත් කැකිරි හෙනේ රජ වගේ උනානම් කොහොමද ඈ ?

    ReplyDelete
    Replies
    1. මේ පොතේ ඉතා රසවත් කථා ගොඩක් තියනවා.

      මම කැකිරි හේනේ රජ්ජුරුවෝ වුනොත්, කැකිරි කඩන්න, කැකිරි පලන්න, සේවිකාවන් ගොඩක් බඳවා ගන්නවා.

      Delete
  16. බුදු මාමේ.. 50 ට තව 14ක් මදි හොඳෙයි 😂😂.

    හපොයි..!! සොල්දාදුවෙක් අතින් මැරුම් කන්ට? මැරුම් කන්ට නං බයයි මාමේ.

    ඒත් කිසිම අනතුරක් නොකර අතුරුදහන් කිරීම වගෙ ඔල්ටනෙටිව් ඔප්ෂන් එකක් දෙන්ට පුළුවන්ද? නිකං ස්වාසිලන්තේ වගේ සෙක්සි ඇෆ්රිකන් රටකට?

    හිතල බලල මට කියනවයි..??

    ReplyDelete
  17. ඉස්සර ඔය කතන්දර ආතා ආච්චම්මලා තමුන්ගෙ මුනුබුරු මිනිබිරියන්ට කියලා දුන්නා. ඉං පස්සෙ එව්වා පොත් වලට ආවා. දැං එව්වා ඊබුක් හෝ ෆේස්බුක් වෙත එන්න කාලෙ හරි.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }