තුවක්කු පතරොම ඔබට හඳුන්වාදුන් අවස්ථාවේදී මා සඳහන් කලේ තුවක්කු පතරොම සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත බවයි. රයිෆල් පතරොමද සිලින්ඩරාකාර හැඩයක් ගත්තත්, එහි ඉදිරිපස දෙසට යනවිට පතරොම ක්‍රමයෙන් සිහින් වන නිසා, එහි සම්පූර්ණ සිලින්ඩරාකාර හැඩයක් නැහැ. ඉහත රූපයෙන් ඔබට ඒ බව මනාව පැහැදිලි වනු ඇති. තුවක්කු පතරොම් නිපදවීමේදී එහි බඳ සකස් කිරීමට ප්ලාස්ටික් හෝ ඝන කඩදාසි යොදාගත්තත්, රයිෆල් පතරොම සම්පූර්ණයෙන්ම ලෝහමය බඳකින් යුත් පතරොමක් බව. එය කඩදාසි හෝ ප්ලාස්ට්ක් යොදවා නිර්මාණය කලොත් බලාපොරොත්තුවන ප්‍රතිපලය ලැබෙන්නේ නැහැ. එය අසාර්ථක වනවා මෙන්ම අනතුරුද සිදුවිය හැකියි. රයිෆල් පතරොමක් වාර සිය ගණනාවක් වුවද රයිෆලයට ඇතුළු කර, ආපසු ගලවා තැබිය හැකි වියයුතු අතර, ඉතා රළු දේශගුණික තත්වයන් යටතේ වුවද, මනාව ක්‍රියා කල යුතුයි. රයිෆල් පතරොමක් ලෝහ බඳකින් යුක්තව නිපදවන්නේ ඒ නිසයි. දකුණු පැත්තේ ඇති රූපයෙන් පෙන්වන්නේ ටී 56 වර්ගයේ රයිෆලයකට යොදන සාමාන්‍ය පතරොමක්. (සාමාන්‍ය පතරොම් වලට අමතරව විවිධ අවශ්‍යතා අනුව යොදන වෙනත් පතරොම් වර්ග තිබෙනවා. පසුව සාකච්ඡා කරනවා මෙම ලිපියේදීම) බොහෝවිට රයිෆල් පතරොමක බඳ නිපදවීම සඳහා යොදාගන්නේ පිත්තල. එහි ඉදිරි කොටස නිපදවීම සඳහා යොදාගන්නේ තඹ. දැන් බලන්න රයිෆල් පතරොමක මූලික කොටස්.
තුවක්කුවකට වඩා රයිෆලයක් අතිශයින් කාර්යක්ෂමයි. ඒ වගේම තරමක් සංකීර්ණයි. රයිෆලය සම්පූර්ණයෙන්ම යුද්ධය සඳහා සැකසෙන අවියක් නිසා, එහි පතරොමද ඉතා කාර්යක්ෂම සහ නිවැරදි ක්‍රියාකාරිත්වයකින් තිබිය යුතුයි. එමෙන්ම රළු දේශගුණයට ඔරොත්තු දීම, පාවිච්චි නොකර බොහෝ කාලයක් තබාගත හැකිවීම, රයිෆල් පතරොමේ විශේෂ ලක්ෂණයි.
අපි දැන් බලමු රයිෆල් පතරොමක සැකැස්ම කෙබඳුද කියා. මෙය ඉතා සංකීර්ණ ලෙස ඔබට පෙනුනත් සංකීර්ණ බවට වඩා එහි ඇත්තේ සූක්ෂ්ම බවයි. මෙය සම්පූර්ණයෙන්ම ලෝහමය පතරොමක් නිසා (බොහෝවිට පිත්තල, නැතහොත් තඹ) නිෂ්පාදන වියදම තුවක්කු පතරොමකට වඩා සාපේක්ෂව වැඩියි.
හොඳයි, මෙතැන්සිට අපි බලමු රයිෆල් පතරොම රයිෆලය තුල පත්තුවීමෙන් පසුව සිදුවෙන්නේ කුමක්ද කියා. දැන් ඔබ දන්නවා රයිෆලයක බටයේ ඇතුලත සර්පිලාකාර කානු පද්ධතියක් තිබෙන බව. පතරොම පත්තුවී, බුලට් හෙවත් උණ්ඩය, රයිෆල් බටය දිගේ විදුලි වේගයන් ඉදිරියට ඇදෙන විට, එම කානු හෙවත් රයිෆ්ලින්ග්ස් වලින්, විශාල බලපෑමක් උණ්ඩයට එල්ල කරනවා. එනම් එම කානු නිසා, උණ්ඩයට ප්‍රබල කරකැවීමක් ඇතිකර දෙනවා.
එවැනි උණ්ඩයක් ඉතා ප්‍රබල මාරක උණ්ඩයක්. උණ්ඩය තම අක්ෂය වටා ඉතා වේගයෙන් කරකැවෙන නිසාත්, එය තුඩක් වැනි හැඩයකින් යුක්ත නිසාත්, යම් තරමක් තද මතුපිටක් වුවත් විදගෙන යාමේ හැකියාව එයට ලැබෙනවා. උණ්ඩය යම් මතුපිටක වැදුණු වහාම එම ගැටීමේ ප්‍රතිපලයක් ලෙස උණුවී ද්‍රව තත්වයේ තිබුණු ඊයම්, තද මතුපිටක් මත වැටුණු වැසි බිදුවක ජලය විසිරෙන්නාක් මෙන් විසිරෙනවා.
එවිට සිදුවන්නේ මිනිස් හෝ සත්ව සිරුරක නම්, උණ්ඩය ඇතුළුවූ තැන හිලක් සහ විසිරෙන ඊයම් නිසා උණ්ඩය
මේ තත්වය පැහැදිලි කරන රූප ඕනෑතරම් තිබුනත්, නැරඹීමේදී අඩුම සංවේදීතාවක් දෙන රූපයකුයි මා තෝරා ගත්තේ.
ඔබ මේ රූපය දැකීමෙන් කිසියම් කම්පනයකට පත්වූවානම්, මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.
රයිෆලයකට යොදන පතරොම් වර්ග යුදමය අවශ්‍යතා අනුව වර්ග කර තිබෙන අතර, ඒ එක් එක් වර්ගයෙන් විවිධ ප්‍රයෝජන ලැබෙනවා. එලෙස වර්ග කර ඇති පතරොම් හඳුනා ගැනීම සඳහා එම එක් එක් පතරොම් වර්ගයේ බුලට් හෙවත් නෝස් කොටස මතුපිට වර්ණ කේත ක්‍රමයකට අයත් රවුම් පටි ඇඳ තිබෙනවා. ඒ වර්ග කිරීම් මොනවාදැයි මා දැන් ඔබට හඳුන්වා දෙන්නම්.
- 1. Ball Cartridge = බෝල් පතරොම = කිසිදු වර්ණයක් යොදා නැත = එදිනෙදා සාමාන්‍ය වෙඩි තැබීම් සඳහා.
- 2. Tracer Cartridge = ට්‍රේසර් පතරොම = රතු හෝ, මෙරූන් හෝ, තැඹිලි පාට = බුලට් එකේ පසු පස රතු ගිනි එළියක් දැල්වෙයි. රාත්‍රී කාලයේදී තමන් දුටු ඉලක්කයක් අන් අයට පෙන්වීම.
- 3. Armour Piercing cartridge = ආමර් පියර්සින්ග් පතරොම = කළු පාට = ඝන තහඩු විනිවිද යාම.
- 4. Incendiary Cartridge = ඉන්සෙන්ඩයරි පතරොම = ලා නිල් හෝ, තද නිල් = වැදුණු ස්ථානයේ ගිනි අවුළුවන සුළු.
- 5. Armour Piercing Incendiary Cartridge = API = ආමර් පියර්සින්ග් ඉන්සෙන්ඩයරි පතරොම = ඉහත 3 සහ 4 යන දෙකෙහිම ලක්ෂණ එකට කැටිකර ඇත.
- 6. Armour Piercing, Incendiary, Tracer Cartridge = APIT = ආමර් පියර්සින්ග්, ඉන්සෙන්ඩයරි, ට්‍රේසර් පතරොම = රතු පාට පටියක් සහ ඇලුමිනියම් පාට පටියක් = ඉහත අංක 2,3,4, යන තුනේම ලක්ෂණ එකට කැටිකොට ඇත.
- 7. Drill Cartridge = ඩ්‍රිල් පතරොම = පුහුණු පතරොම = කිසිදු වර්ණයක් නැත. බඳෙහි කුඩා සිදුරු ඇත. පුහුණුවීමට පමණයි. වෙඩි තැබිය නොහැක.
- 8. Blank Cartridge = බ්ලෑන්ක් පතරොම = පුහු පතරොම = නෝස් හෙවත් බුලට් කොටසක් නැත. වෙඩි තැබුවිට හඬ සහ දුම පිටවේ. හානියක් නැත. හමුදා අවමංගල්‍ය වලදී වෙඩි තබන්නේ මේ පතරොම් වලිනි.
ඉහත අංක 7 සහ 8 හැර අනෙක් සියලුම පතරොම් එක හා සමාන මාරක ප්‍රතිඵල දෙන බව අමතක කරන්න එපා.
No comments :
Post a Comment