රයිෆලයකින් හෝ පිස්තෝලයකින් හෝ රිවෝල්වරයකින් හෝ වෙඩිල්ලක් තැබීමේදී පිටවන හඬ, සහ යන්තමින් හෝ පිටවන දුම,අවම කරගත හැකිනම්, රහසිගතව යම් වෙඩි තැබීමක් කිරීමට හැකිවනවා. එවිට අවට පරිසරයේ සිටින අය දන්නේ නැහැ වෙඩි තැබීමක් සිදුවුණ බව. විශේෂයෙන් හඬ බොහෝ දුරට ඇසීම සිදුවන්නේ, රාත්‍රී කාලයේදී අප අවට පරිසරය බොහෝ දුරට නිහඬ නිසයි. ඒ නිසා සයිලන්සර් යොදා වෙඩි තැබීම බහුලව සිදුවන්නේ රාත්‍රී කාලයේදීයි. එමෙන්ම දිවා කාලයේදී වෙඩි තබන විට දුම පිටවනු පෙනුනොත් වෙඩි තැබීම හෙළි වන්නට ඉඩ තිබෙනවා. සයිලන්සරයක් තිබේනම් වෙඩි හඬ 90% ක් පමණ හා දුම සම්පූර්ණයෙන් නැති කර වෙඩි තැබිය හැකියි. සයිලන්සර් යොදාගෙන වෙඩි තැබීම් සිදු කරන්නේ ආරක්ෂක හමුදා, විශේෂ පුහුණු පොලිස් ත්‍රස්ත මර්දන කණ්ඩායම්, ආදිය විසිනුයි. නමුත් ත්‍රස්තවාදීන් අතේ මෙන්ම හොරුන් මංකොල්ල කරුවන් (ලංකාවෙනම් මේ දෙවර්ගය අතේ තිබුනා කියලා අසා නැත) අතේද හඬ අවම කිරීමේ කොටස සහිත පිස්තෝල තිබෙනවා. අපේ රටේදී රජයෙන් බලපත්‍රයක් ගෙන පිස්තෝලයක් මිලදී ගතහැකි නමුත් සයිලන්සර සඳහා අවසර දෙන්නේ නැහැ. නමුත් අප අවට පරිසරයේ ඇති යම් යම් දේවල් යොදවා ක්ෂණිකව සයිලන්සර් නිපදවා ගතහැකියි. ඒවායින් 80% කට වඩා හොඳ ප්‍රතිපල ගත හැකියි. නමුත් එය කරන ආකාරයනම් කවදාවත් මා කියන්නේ නැහැ.
ඉහත රූපයෙන් ඔබට පෙන්වා ඇත්තේ පිස්තෝලයකට සයිලන්සරයක් සවිකර ඇති ආකාරයයි. එය සිලින්ඩරාකාර වස්තුවක් බවත්, පිස්තෝලයේ බටයේ අග්ගිස්සට සවිකර ඇති බවත්, පිස්තෝලයේ බටයට වඩා ටිකක් මහත බවත් පෙනෙනවා නේද? මේ උපකරණය සාදා තිබෙන්නේ ලෝහ, පදම් කල ඝන රබර්, ප්ලාස්ටික්, යන දේවල සංකලනයකින්. ඔබ බොහෝවිට දන්නවා ඇති වාහනවල සයිලන්සරයේ ඇති කුටීර සහිත කොටස. බාස් උන්නැහේලා මේ කොටසට කියන්නේ ‘ගෙඩිය’ කියලයි. පහත දැක්වෙන්නේ ඒ වාහන සයිලන්සරයක අදාළ කොටසේ රූප සටහනක්.
පෙනුමෙන් මෙය ඉතා සරල උපකරණයක් වුනත් එහි ඇතුලත සැකැස්ම තරමක් සංකීර්ණයි. එමෙන්ම මෙයින් සිදුවන සේවය අති විශාලයි. සාක්කුවේ දාගෙන යාහැකි ප්‍රමාණයේ සයිලන්සර් වල සිට අඩියක් පමණ දිග සහ විවිධ මහත ප්‍රමාණයන්ගෙන් යුත් සයිලන්සර්ද තිබෙනවා. එසේ විවිධ ප්‍රමාණවලින් ඇත්තේ විවිධ රයිෆල්, පිස්තෝල, රිවෝල්වර් වල බටය විවිධ මහත (කැලිබර්) ප්‍රමාණයන්ගෙන් නිපදවා ඇති නිසයි. එමෙන්ම සයිලන්සරයේ දිග වැඩිවූ තරමට, (ඇතුලත ඇති හඬ අඩු කිරීමේ කොටස් වැඩිවූ තරමට) එයින් උසස් ප්‍රතිපල ලබාගත හැකියි. නමුත් සයිලන්සරයක් සවිකළ පසු අවාසිද තිබෙනවා. බටයේ දිග වැඩි වීම නිසා විශේෂයෙන් පිස්තෝල, රිවෝල්වර, ආදිය සඟවා ගැනීමට අපහසුවීම. වෙඩි තබන ස්ථානයට ගොස් සයිලන්සරය සවිකිරීමේදී කාගේ හෝ නිරීක්ෂණයට ලක්වීමට ඉඩ තිබීම, වෙඩි තැබූ පසු නැවත සඟවා ගැනීම සඳහා සයිලන්සරය ගැලවීමට සිදුවීම, එවැනි අවාසි ලෙස දැක්විය හැකියි. සයිලන්සරයක් සවි කල පසු පිස්තෝලයක දිග වැඩිවී ඇති අයුරු මේ පින්තූරයෙන් පෙනෙනවා.
සයිලන්සරය පිලිබඳ ඉතා සංකීර්ණ විස්තර ගොඩක් තිබෙනවා. එතින් අත්‍යවශ්‍යම කරුණු පමණයි විස්තර කරන්නේ. එහෙම නොකලොත්, ඒ කියන්නේ න්‍යායාත්මක කරුණු වැඩි කලොත්, ලිපිය නීරස වෙනවා. අපි දැන් බලමු සයිලන්සරයක ඇතුලත සාදා තිබෙන්නේ කෙසේද කියා.
ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති, වෙඩි උණ්ඩයට ගමන් කිරීමට ඉඩ තබා, ලෝහ සහ රබර් මිශ්‍රිත ඝන මුදු රාශියක්, සමාන පරතරයකට අනුව සවි කර ඇති ආකාරය. එයින් කුටීර රාශියල් සැකසී තිබෙනවා. හඬ සහ දුම අඩුවන්නේ ඒවා ආධාරයෙන්. අපි දැන්, සයිලන්සරයක් ගලවා එහි ඇතුලත බලමු.
No comments :
Post a Comment