.303 සුළු යාන්ත්‍රික තුවක්කුව පිළිබඳව ඔබ ලබාගත් මූලික දැනුම සහ විවිධ ප්‍රශ්න විමසීමෙන් තහවුරු කරගත් දැනුමත් උපයෝගී කරගනිමින් අපි කොටස් වලට ගැලවූ තුවක්කුව යලි සවිකර වෙඩි තියන්නටයි දැන් සූදානම් වෙන්නේ. මේ තුවක්කුවට කියන නමෙහි කිසියම් පරිවර්තන දෝෂයකුත් තියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Light Machine Gun කියන නම සුළු යාන්ත්‍රික තුවක්කුව කියා තමයි මුල් අවධියේදී පරිවර්තනය වී තිබෙන්නේ. නිවැරදි නම විය යුත්තේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව යන්නයි. හරියට අර ‘සිඟර් singer’ මහන මැෂිමේ නම’ සිංගර්’ කියා ලිව්වා වගේ තමයි.
හොඳයි එහෙනම් දැන් තුවක්කුව ආපහු සවි කරමු නේද? මතකද අන්තිමට ගැලවූ කොටස? එතනින් තමයි පටන්ගන්නේ. මුලින්ම තුවක්කුව ගැලවීමට දනගසාගත් ආකාරයටම දන ගසා ගන්න. අපි අන්තිමට ගැලෙව්වේ පිස්ටන් එක. හොඳයි දැන් පිස්ටන් එක බොඩි ග්රූප් එක ඇතුලට යවන්න. දෙපැත්තේ පීලි දෙකක් වගේ ග්රූව්ස් දෙකක් තියනවා. ඒ දිගේ පසුපසට යවන්න. ‘චක්ස්’ හඬකින් එය සවිවෙනවා ඇහෙයි. ඊළඟට බයිපොඩ් ග්රූප් එක අරගෙන බොඩි ග්රූප් එක ඉදිරිපසින් සවිකරන්න. නියමිත ස්ථානයට ආවම එය හිරවී නවතිනවා. දැන් බයිපොඩ් එක දිගාරින්න. බයිපොඩ් එක පොළොවට තබා බොඩි ග්රූප් එක වම් අතින් අල්ලාගෙන බට් ග්රූප් එක අතට ගන්න. එහි දෙපැත්තේ පීලි වැනි ග්රූව්ස් දෙකක් තිබෙනවා. ඒ දෙක බොඩි ග්රූප් එකේ ඇති එවැනිම ග්රූව්ස් දෙක සමග සමපාතව තබා සෙමෙන් ඉදිරියට තල්ලු කරන්න. සම්පූර්ණයෙන් ඉදිරියට ගියවිට ඒ කොටස් දෙකඩ ‘චක්ස්’ ශබ්දයෙන් සවි වෙනවා. දැන්, එලියට ඇදී තිබෙන බොඩි ලොකින් පින් එක බුලට් එකකින් තද කරන්න දකුණු පැත්තට. බැරල් එක අතට ගන්න. එය බොඩි ග්රූප් එකේ ඉදිරිපස කොනට තබා පසුපසට තදකර ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට විරුද්ධ දිශාවට බැරල් නට් කැච් එක කරකවන්න. බැරල් එක හොඳින් ලොක් වනතුරු කරකවන්න. හරියට සවි වුනානම් ෆොසයිට් එකත් රියර් සයිට් එකත් එකම තලයක පිහිටනවා. දැන් තුවක්කුව පතරොම් නොදමා කොක් කර ට්‍රිගරය මිරිකා බලන්න. ප්‍රශ්නයක් නැතිව පිස්ටනය වැඩ කරන්නේනම් තුවක්කුව නිවැරදිව සවිවී ඇත. එසේ නොවුනොත් මුළු තුවක්කුවම නැවත ගලවා සවි කලයුතුයි.
දැන් පතරොම් පහක් හයක් පමණ ඔබේ දකුණු අතේ මිටට ගන්න. එම පතරොම් වල බුලට් පැත්ත ඔබේ සිරුර පැත්තට සිටිනසේ අල්ලගන්න.බයවෙන්න එපා, මැගසිනයට පතරොම් පුරවද්දී, ඒවා ප්ලැට්ෆෝම් එකට තදවුනාට පුපුරන්නේ නැහැ. දැන් ඔබ දැනගසාගෙන සිටින කකුලේ කලව මත, මැගසින් එකේ කට පැත්තට විරුද්ධ පැත්ත තබා, කට පැත්තට ඉතාම ආසන්නයෙන්, වම් අතින්, පෙර කියාදුන් පරිදි මැගසින් එක අල්ලා ගන්න. දකුණු අතේ ඇති එක පතරොමක්, ප්ලැට්ෆෝම් එක මත තබා, දකුණු අතේ මහපට ඇඟිල්ලෙන්, යටට තද කරන අතර වම් අතේ මහපට ඇඟිල්ලෙන් එය ඉදිරියට තල්ලු කරන්න. මෙය හරියට ඉගෙන ගත්තාම යන්ත්‍රයක් මෙන් වේගයෙන් පතරොම් පිරවීම කල හැකියි. රාත්‍රී කාලයේදී මෙය තනියම කිරීමට දක්ෂතාවය ඇතිකිරීම සඳහා, සොල්දාදුවන්ගේ ඇස් බැඳ මෙය කරවනවා. ඔවුන් අති දක්ෂ ලෙස එය කරනවා. ටී 56 මැගසිනය පුරවන්නෙත් මේ ආකාරයටමයි.
පතරොම් පිරවූ පසු මැගසිනය පෙනෙන හැටි දැක්කනේ? දැන් අපි මැගසිනය තුවක්කුවට සවි කල යුතුයි. ඊට පෙර සේෆ්ට්ය් ලිවරය ‘එස්’ තැනට දමන්න. දැන් තුවක්කුවට පසුපසින් බිම දිගාවී පුරවාගත් මැගසිනය වම් අතට ගෙන දකුණු අතින් මැගසින් ඕපනින් කවර් එක අරින්න. එය කරන්නේ එම තහඩු කොටස බැරල් එක දෙසට තල්ලු කිරීමෙන්. දැන් මැගසිනය මැගසින් විවරයට තබා තද කලයුතුයි. එවිට ‘ක්ලික්’ හඬින් එය සවිවනවා. සොලවා බලන්න හරිද කියා. හැබැයි මතක තියාගෙන හොඳින් බලන්න මැගසිනයේ කුඩා වක්‍ර පැත්ත බැරල් එක දෙසට සිටිනසේ තිබිය යුතුයි. නැත්නම් මැගසිනය සවි වන්නේ නැහැ.
දුර සැකසු වහාම කලයුතු ක්‍රියාව වන්නේ කොකින් හැන්ඩ්ල් එක, එක වරම වේගයෙන් පසුපසට ඇද ඉදිරියට තල්ලු කිරීමයි. හෙවත් තුවක්කුව ‘කොක්’ කිරීමයි.එවිට තමා මැගසිනයේ ඇති පළමුවැනි පතරොම තුවක්කුවේ චෙම්බරයට ඇතුළු වෙන්නේ.
ඔබ දැනගත යුත්තේ තවත් එක කරුණක් පමණයි. ඒ තමයි මේ තුවක්කුවේ ක්‍රියාකාරිත්වය. මේ තුවක්කුව ගෑස් ඔපරේටඩ් Gas Operated නමැති වර්ගයටයි අයිතිවන්නේ. එහිදී සිදුවන්නේ පත්තුවෙන පතරොමෙන් තුවක්කු බැරලය තුල ඇතිකරන අධික වායු පීඩනය මගින් තුවක්කුවේ පිස්ටනය ක්‍රියා කරවා එමගින් ඊළඟ පතරොම චෙම්බරය තුලට යැවීමයි.
මේ රූප සටහන අධ්‍යයනය කිරීමෙන් ඔබට තුවක්කුවේ ක්‍රියාකාරිත්වය පිලිබඳ අවබෝධයක් ලැබෙනු ඇති.
ඔබට බොහොම ස්තුතියි ඉවසීමෙන් හා අවබෝධයෙන් යුතුව මේ තුවක්කුව පිලිබඳ කරුණු අධ්‍යයනය කිරීම පිළිබඳව.
තවත් තුවක්කුවකුත් රැගෙන නැවත ඔබ හමුවීමට එන්නම්.
No comments :
Post a Comment