පෙරේදා මා බිරිඳද සමග නගරයට ගියේ සිංහල අලුත් අවුරුද්ද සැමරීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමටයි. බිරිඳ බඩු මිලදී ගන්න අතර මට එකවර මතක් වුනේ, ‘සුපර් ග්ලූ’ නමැති මැලියම් ටියුබයක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් තිබෙන බවයි.
මම ඒ අසල ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සලකට ගොඩ වැදුනේ, පොත් සාප්පු වල ඇති සුපර් ග්ලූ වලට වඩා හොඳ වර්ග, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසල්වල ඇති බැවිනි. ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසලට පැමිණ සිටි මගේ අසල්වැසියෙක් මුණගැසුනේ ඒ අවස්ථාවේදීය.
‘හානේ මම අද. . . මහත්තයා හම්බවෙන්න ඒ පැත්තේ එන්නයි හිටියේ’ ඔහු මා දුටු විගසම කීය. ‘මොකුත් හදිස්සියක්ද?’ මම විමසුවෙමි. ‘නෑ නෑ හදිස්සියක්ම නෙවෙයි. ඒත් මට උපදේශයක් ඕනෑ. මට කියන්නකෝ හොඳ රවුටරයක් ගන්නේ කොහොමද කියලා’ ඔහු විමසීය. ‘රවුටර්නම් එක එකඑක ජාති තියනවා. ටෙලිෂොප් වලත් හොඳ මොඩල් තියනවා. පිට කඩවලත් තියනවා. හැබැයි පිට කඩේකින් ගන්නවානම් ඒ රවුටර් එක ටී.ආර්.සී. එකෙන් අනුමත කරපු එකක්ද කියලා දැනගන්න ඕනේ. නැත්නම් ප්‍රශ්න එනවා. අනික ඔයා අරන් තියෙන්නෙත් එස්.එල්.ටී. ඉන්ටර්නෙට් පැකේජ් එකක් නේද? ඒ නිසා ටෙලිෂොප් එකට යන එක තමයි හොඳ’. මම කිව්වෙමි. එතනින් එහා ඔහුගේ ප්‍රශ්න අනුව සිංගල් පොර්ට්, ෆෝ පොර්ට්, වයි ෆයි, ආදී විස්තර රාශියක් කතා කරන්නට සිදුවිය.
ගොඩනැගිලි ද්‍රව්‍ය කඩේ මුස්ලිම් ජාතික මුදලාලි අපේ කතාව අතරට ආවේ මේ වේලාවේදීය. ‘මහත්තයා හොඳ රවුටර් තියනවා. ගෙදර වැඩට හොඳයි’ කියූ ඔහු ‘අන්ද පෙරිය රවුටර් කොන්ඩු වාංග’ කියා සේවකයකුට කීය. සේවකයාද වහාම රවුටරය ගෙන ආවේය.
මෙන්න රවුටරය.
අපි දෙදෙනාම තුෂ්නිම්භූතවී ඒ රවුටරය දෙස බලාසිට, කඩයෙන් එලියට පැන්නේ, කඩය තුලදී සිනාසීම සදාචාරවත් නොවන බව දැනුනු නිසාය.
No comments :
Post a Comment