හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

14 January 2014

රන බළලුව සොයාගතිමි (පළමුවැනි කොටස)

  The_Cat_From_Outer_Space_1978_801ජොනී ශ්‍රී වර්ණසිංහ නමැති ලේඛකයා විසින් රචිත, ‘රණ බළලුව’ නමැති නවකතාව පිළිබඳව, වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද කෙටි ලිපියක්, පසුගිය නොවැම්බර් මාසයේ දී, මේ අඩවියේ පළවුනා ඔබට මතකද? මතක නැති අයට,මෙතනින් එය කියවා බැලිය හැකියි. එම ලිපිය කියවූ, දැනට විදෙස් ගතව සිටින මහතකු, තමන්ට කිසිදු ප්‍රසිද්ධියක් අවශ්‍ය නොවන බවත්, තම පියා  සතුව එම පොත ඇති බවට මතකයක් ඇතිබවත්, අවශ්‍යනම් ඒ පොත මා වෙත ලබාදිය හැකි බවත්, දන්වා තිබුනා. මා ඒ සඳහා දැක්වූ ප්‍රතිචාරයට පිළිතුරක් වශයෙන්, ඒ මහතාගේ පියා වන විජේරත්න නමැති මහතා විසින්, තැපැල් මගින් මට මේ පොත ලැබෙන්නට සැලැස්වූවා. සිංහල බ්ලොග් ලිපි කියවන සියළුම පාඨකයන්ගේ යහපත තකා, එතුමන් දෙදෙනා විසින් කරන ලද මේ සත්කාර්යය වෙනුවෙන්, ඒ දෙදෙනාටම, මාගේ හද පත්ලෙන්ම නැගෙන කෘතවේදීත්වය, මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. එමෙන්ම මගේත් පාඨක ඔබ සැමගේත් අවධානය මේ පොත වෙත යොමු කළ, වෛද්‍ය රුවන් එම්. ජයතුංග වෙතද, අප සැමගේ විශේෂ ස්තුතිය හිමි වියයුතුයයි මා සිතනවා.
  මේ කෘතිය කියවා බැලීමෙන් පසු මට විශාල සතුටක් මෙන්ම දුකක්ද ඇතිවුණා. සතුටක් ඇතිවුනේ, ඉතා දිගු කලකට පසු, අපේ ළමා කාලයද සිහිගන්වන අගනා ළමා කතාවක් කියවන්නට ලැබීම නිසයි. දුකක් ඇතිවුනේ, අප එදා ඉහළින්ම රසවිඳි ගැමි පරිසරය තුළ ගතකළ අපේ ළමා කාලය, අද දරුවන්ට අහිමි වීම සහ ඒ පරිසරයද අද අපිට අහිමිවී තිබීම නිසයි. වෛද්‍ය ජයතුංග මේ පොත ගැන කර තිබුණු සටහනේද සඳහන්වන පරිදි, මෙවැනි අද්භූත රසය සහිත කතාවක් 1960 දශකයේදී ලියන්නට තරම්, මේ ලේඛකයා තුළ මුහුකුරා ගිය චින්තනයක් මෙන්ම, ළමා කතාවක් ලිවීමේ භාරධූර කාර්යය පිළිබඳව, පෘථුල අවබෝධයක් ද තිබුණු බව, මනාව පැහැදිළි වෙනවා. මා සිතුවා මුලින්ම පොතේ පිට කවරය, පසු කවරය සහ ආරම්භක පිටු කීපය ඔබට පෙන්වන්නට.
a
e
d
c
f
  මේ පින්තූර වලින් සාක්‍ෂි ලැබෙන නිසා පොතේ පැරණි බව ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැතැයි මා හිතනවා. ඒ කාලයේ ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ ප්‍රමිතිය කෙබඳුද යන්නත් මෙවැනි පොත් වලින් පැහැදිළි වෙනවා.
  පොත ආරම්භයේදීම කතුවරයා අපට කතා නායකයා හඳුන්වා දෙනවා. ඔහු කුඩා පිරිමි ළමයෙක්. එමෙන්ම කතුවරයා ඒ දරුවාගේ සිතුවිලි අපූර්ව ආකාරයෙන් අපවෙත ඉදිරිපත් කරනවා. ආරම්භක පරිච්ඡේදය කියවා බලමු. 
8
10
11
12
  මේ පළමුවැනි පරිඡේදය කියවද්දී ඔබට ඇතිවුණු හැඟීමම තමා මටත් ඇතිවුනේ. අද වැඩිහිටියකුව සිටින මේ කතානායකයා, එදා තම ළමාකාලය ගැන කියන විස්තරයක්, මේ පොතේ ඇතුළත්ව ඇතැයි යන හැඟීම තමයි මටත් ඇතිවුනේ. නමුත් එක් එක් පරිඡේදය තුළින් කතුවරයා පාඨකයාව විවිධ මානයන් වෙත ගෙනයනවා. සාමාන්‍ය දැනුම, විද්‍යා තොරතුරු, වලින් පටන්ගන්න මේ කතාවේ, සමහර පරිච්ඡේද දේශපාලන සහ සමාජ විවරණ අදහස් වලින්ද පරිපූර්ණ වන අතර, එය ඉතා අපූරු ලෙස අදටත් ගැලපෙනවා.
  පොතේ දෙවැනි,  තුන්වැනි, සහ හතරවැනි ඡේද වෙන්වී තිබෙන්නේ අඟහරු ලෝකයෙන් පැමිණෙන මේ අපූරු බළලා සහ කතානායකයා වන කුඩා පිරිමි දරුවා අතර හමුවීම සහ ඔවුන් දෙදෙනා තර මිත්‍ර සම්බන්ධය ගොඩනැගීම සහ තහවුරු වීම පිළිබඳව කදිම විස්තරයක් ගෙන එන්නටයි. එම ඡේද වලින් තෝරාගත් කොටස් කීපයක් පහත දක්වනවා. 
21
22
23
තමන් මේ පොත ලියන්නේ අඟහරු ලොවින් පැමිණි බළලාගෙන් අසාගෙන බව කතුවරයා කියනවා.
24
එමෙන්ම ඔහු මේ කතාව මගින් සරල විද්‍යා දැනුමක් පාඨකයාට ලබාදෙන්නට උත්සාහ කරනවා.
25
  අඟහරු ලෝකයට බළල්ලු ගිය හැටි කියන්නේ මෙහෙමයි. අතීතයේ දඹදිව වේදේහ රජ්ජුරුවෝ කාන්තාවන්ට බොහොම ආසයිලු. ඉතින් මේ රජ්ජුරුවන්ගේ අසාවට එක්තරා කුමාරියක් විවාහ කරගන්න හිමාලයේ හිටිය රත්තරන් කෙඳි සහිත බලලුන්ව මරා සේලයක් සාදා අර කුමරියට තෑග්ගක් හැටියට යවන්න හදනවා. මහෞෂධ පණ්ඩිතයෝ ඒ කාලේ හිටිය විද්‍යාඥයන් මගින් ඒ බළලුන්ව අඟහරු ලෝකෙට යවනවා. 
29
අපූර්වත්වය තුළ, ඉතිහාසය, නවීන විද්‍යා දැණුම, කැටිකරගනිමින් ඇදීයන මේ කතාවේ, එදාට මෙන්ම අදටත් වලංගු දේශපාලන ප්‍රහසනය මීළඟ කොටසෙන් ඔබවෙත ගෙන එන්නම්.
 my-signature-for-blog[1]2014 ජනවාරි මස 14 දින 1410 පැය

45 comments :

  1. මටත් කියන්න බැරි තරං සතුටක් දැනුනා මේක හොයාගත්ත කිව්වම. පස්සේ වෙලාවක වැඩි වෙලාවක් අරගෙන ඒක තළු මරණවා.ගොඩක් ස්තුතියි විචාරක තුමා අපේ වෛද්‍යතුමා තමා ඒකේ වැඩි ගෞරවේ ගන්න ඕන.. ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෛද්‍ය ජයතුංග එම ලිපිය නොලිව්වානම් මේ පොත ගැන අපි දන්නේ නැහැ. එතුමාට අපේ ස්තුතිය අනිවාර්යයෙන්ම හිමිවිය යුතුයි.

      Delete
    2. ලේඛකයෙක් විදියට ශ්‍රී මහත්තයා ලියල තියෙන ශෛලිය කුඩා දරුවන්ගේ කියවීම වඩවන හා ආසාවෙන් එය මතින් කියවාගෙන යා හැකි අයුරක් දිස් වෙනව නේද හොද එකෙන්ම.. ඉදගෙන..

      Delete
    3. දේශ්.............අර ජාතික හෙළ රුමයේ ඉන්නවා නේද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියලා මහත්තයෙක්. එයා මේ කතුවරයාගේ (ජොනී ශ්‍රී වර්ණසිංහ) නෑදෑයකුද දන්නේ නෑ නේද?

      Delete
    4. ඔව් හැබෑටම.. හොයල බලන්න වටිනවා. නලියට කියමුද??

      Delete
  2. මම නම් පූසොන්ට ආසා නැහැ. ඒත් මෙයා ගැන කීවාම ආසාවක් ආවා. අඟහරු ලෝකෙට බළල්ලු යවපු හැටි නම් හරිම අපූරුයි. වේදේහ රජ්ජුරුවොත් සම්බන්ධයිනේද?

    ළමයෙක් විදියට හිතුවිලි මෙහෙම අකුරු කරන්ට හැමෝටම බෑ.

    මේක නම් රසවත් පොතක් විචාරක.

    ගොඩක් ස්තූතියි මේ විදියට හරි ඒක අපිට බලන්ට සලස්සවන එක ගැන. ලංකාවට ආපු වෙලාවක පොත ගෙනියන්ට මම එනවා. :)

    ReplyDelete
    Replies
    1. පූසන්ට ආසා නැති කාන්තා පක්ෂය බොහොම අඩුයි. අපේ කෙල්ලෝ දෙන්නා නම් පවුලේ සාමාජිකයකුට වගේ තමයි පූසාටත් සලකන්නේ. වේදේහ රජ්ජුරුවන්ගේ කතාව ඊළඟ කොටසෙන් දෙන්නම්.

      මම අහලා තියනවා, ළමා කථා ලිවීම, ළමා ගීත ලිවීම, ළමා නාට්‍ය/චිත්‍රපටි නිර්මාණය බොහොම අමාරු වැඩක් කියලා. ඒකට හේතුව ළමා මනස තේරුම් ගැනීම එතරම්ම අමාරු වීමයි.

      හඃ හා.................පොත බෝම්බෙකට බැඳලා තියනවා. පුලුවන්නම් අරන්යන්න.

      Delete
  3. ස්තුති එතුමාගේ ලිපි අපිවෙනුවෙන් බ්ලොග් එකේ පළකරනවට ,,අපිට ඕවා කොහෙන් දකින්නද නැත්නම්

    ReplyDelete
    Replies
    1. ඔව්, වෛද ජයතුංගගේ තවත් මෙවැනි නිර්මාණ ඉදිරියේදී දකින්න ලැබෙයි.

      Delete
  4. මේ වගෙ පොතක් නැවත පලකරන්න පුලුවන් නම් බොහොම වටින වැඩක්. මම දන්න තරමට මරදානෙ සූරිය ප්‍රකාශක අයිති අතුල ජයකොඩි මහත්මයා සමහර පරන පොත් ආයි ප්‍රින්ට් කරල තියනව මුල් කතුවරයගෙ හෝ එයාගෙ ප්‍රකාශනවල අයිතිය තියන අයගෙ අවසරය ඇතුව අර පරන ලන්දේසි හටන වගෙ චිත්‍ර කතා පොතුත් ඇතුලුව.මගෙ ලඟ තිබුන පරන නවකතාවක් ගැන කියල ඒක ආයි ප්‍රින්ට් කරන්න පුලුවන්ද කියල මම ඇහැව්වහම කිව්ව ඇ වෙනකොටත් ඒ ගැන පොතේ කතුවරයගෙ දරුවො එක්ක කතා කලා ඒ අය වචනයක් දුන්නෙ නෑ කියල. ඔබතුමාට පුලුවන්නම් කතාකරල බලන්න.

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය ජයතුංග මහතා හිතන විදිහට මේ වනවිට මේ පොතේ කර්තෘ වරයා ජීවතුන් අතර නැහැ. අපේ වාසනාවට මේ ලිපිය දැකීමෙන් යම් කිසිවෙකුට හැකිනම් නීත්‍යානුකූල උරුමක්කාරයකු යොමු කරන්නට, පොත නැවත මුද්‍රණය කිරීමට හැකිවනු ඇති. මට එවැනි කිසිවකු සමග කිසිදු සම්බන්ධතාවක් නැත. මම වෛද්‍ය ජයතුංගටත් මේ ගැන දන්වන්නම්.

      Delete
  5. පරණ ළමා විද්‍යා ප්‍රබන්ධයක් පිළිඹඳ විචාරයක් අපට දැක්වුවාට ස්තුත්යි විචාරක තුමනි. එම ලේඛකයා මෙය නව මුද්‍රණයකින් නිකුත් කරනවා නම්. තව බොහෝ පිරිසකට කියවන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. මෙය 1962 වසරේ නිකුත්වූ කෘතියක්. වෛද්‍ය ජයතුංග උපකල්පනය කරන්නේ කතුවරයා ජීවතුන් අතර නැති බවයි. කවුරුන් හෝ නීත්‍යානුකූල උරුමක්කාරයකු ඉදිරිපත්වනවානම් හොඳයි.

      Delete
  6. මේ පොත මිළදී ගත හැකි තැනක් දැනගන්න පුළුවන්ද විචාරක මහතා. හොඳයි වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නේ නැහැ සෙන්නා මිලදීගැනීමට තියෙයි කියලා. අර ඉස්සර මරදානේ ගාමිණී හෝල් හන්දියේ තිබුන පරණ පොත් කඩ දැන් තියෙන්නේ කොහෙද? අන්න ඒ වගේ තැන්වල ටිකක් හොයලා බලන්න.

      Delete
    2. තාම තියෙනවා නේද පාර එහා පැත්තේ. ප්‍රවාහණ අමාත්‍යංශය ඉස්සරහ...

      Delete
    3. ඔය පැත්තට ගිය කාලයක් මතක නැහැ.

      Delete
  7. ඒ කාළයේ මෙවැනි දේවල් ලිවීම පුදුමයකට කාරණයක් නෙමෙයි. මොකෝ ඒ කාළේ ලියාපු හැමෝම ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලද, ඉංග්‍රීසී සාහිත්‍ය හොඳින් හැදෑරූ ලේඛකයන්. එපමණක් නොවෙයි, ඔවුන් සිංහල හා පාලි යන භාෂාවන්හිද ප්‍රවීණයන්, ඒ ආභාෂය පොත් පත්වල ඉතා හොඳින් දකින්න පුළුවන්. එහෙත් 56 විප්ලවය නිසා අපට ඒ සියල්ල අහිමි උනා.

    අද අපි ගමන් කරමින් ඉන්නේ වැඩවස්ම් ක්‍රමයක් සහිත අතීතයකට. එය කනගාටුවට කරුණක්. 9 වන පිටුව මාගේ සිත් ගත්ම පිටුවයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. හරියටම හරි මාතලන්. ඔබේ විග්‍රහය සමග 100% ක් එකඟ වෙනවා. සාහිත්‍යය කන්නද කියලා, ඉතිහාසයෙන් ඇති වැඩේ මොකක්ද කියලා, ඉංග්‍රීසි ඉගෙනීම කියන්නේ පරගැති බව කියලා, අධ්‍යාපනය කාපු එවුන්ගේ වලටත් හෙණ ගහනවා. ඉන්දියාවේ පාසලෙන් පිටවන ළමයින්ගෙන් 99% කට ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුලුවන්. මා සමග හිඟන්නොත් ඉංග්‍රීසියෙන් කථා කළා ඉන්දියාවේදී. අපි අද සම්පූර්ණයෙන් වල්මත් වෙලා ඉන්නේ.

      මට හිතෙන එක දෙයක් තියනවා. හැමදාම මම මේක කිව්වම සමහරු මාව මරාගන්න හදනවා. මොකක්ද දන්නවද? කවුරුහරී මධ්‍යස්ථ රටක් අවුරුදු 25ක් විතර අපිව යටත් කරගෙන ආපහු අපිව මිනිස්සු බවට පත්කරන්න ඕනේ.

      Delete
    2. මගෙත් සිහිනයක්. මම හැමදාම කියන්නේ සුද්දා අපිව දාලා ගියා කලින් වැඩියි කියලයි. අඩු ගානේ හොං කොං දෙනකන් වත් උන්නා නම්..

      Delete
    3. මම එක සැරයක් මේ කතාව කිව්වා අපිව පුහුණු කරන්න ලංකාවට ඇවිත් හිටිය ඇමරිකන් හමුදා නිලධාරියකුට. එයා කිව්වේ උඹලගේ රටේ තියන වල්බූරු දේශපාලනේ තමයි පළමුවැනි හේතුව. දෙවැනි එක උඹලගේ සංස්කෘතිය නිසා ඇතිවන බාධා. ඒවා පාලනය කරගත්තොත් උඹලා දියුණු වෙනවා. ආයෙ කවුරුවත් උඹලා යටත් කරගන්න ඕනේ නැහැ කියලයි. ඒ වුනාට ඒකා දන්නේ නැහැනේ ඒ හේතු කවදාවත් වෙනස් කරන්න බැහැ කියලා.

      Delete
    4. ඕකනේ අපි කියන්නේ හැමදාම මේ සිස්ටොං එක වෙනස් කළ හැකි විශිෂ්ඨයෙක් රටට බිහිවිය යුතුයි කියලා. ඒ පොන්සේකවත් රනිල්වත් ශිරානිවත් නං නෙමෙයි..

      Delete
    5. ඉතිං කියපන්කො කවුද කියලා? මමද? :D

      Delete
    6. චැහ්.. මගේ වචන නාස්තිය.. හැක් හැක්..

      Delete
  8. මේ වෑයම ගොඩක් වටිනවා. ගොඩක් ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුණසිංහ මහතාණෙනි.

      Delete
  9. හොයාගෙන කියවන්න ආස හිතෙන පොතක්.. මොකද මම මේ ජාතියේ ඒවට හුඟක් ආසයි..

    ReplyDelete
    Replies
    1. මමත් හිතාගෙන ඉන්නේ, මේ මට ලැබුන පිටපත, එය මට ලබාදුන් මහතාගේ නමින්, පාසල් පුස්තකාලයකට දෙන්න.

      Delete
    2. ජාතික ලේඛනාගාරයට දෙන්න. කාටත් ප්‍රයෝජනවත් වෙයි.

      Delete
    3. ඔය පොත පාසැල් පුස්තකාලයකට දෙන එක ගැන දෙපාරක් හිතන්න. මොකද කවුරුහරි මොකද්ද මේ පරන කඩමල්ල කියල වීසි කලොත් හරි කවුරු හරි ආත්මාර්තකාමියෙක් ඕක ගෙදර ගෙනිච්චොත් හරි අපරාදෙ.පොත ආයි ප්‍රින්ට් කරන්න ක්‍රමයක් හොයාගත්තොත් වැඩි දෙනෙකුට රස විඳින්න පුලුවන් නේද? අතුල ජයකොඩිට ඔබ කතාකලොත් වැඩේ කෙරෙයි.මෙන්න අංකය 0112 693 607

      Delete
    4. @ අරූ. එකනම් හොඳ අදහසක්.

      @ ඇනෝ. ඇත්ත තමා ඇනෝ. ඔබ කියනවා වගේ නිකම් විසිකරලා දැම්මොත් අපරාදේ. තවදුරටත් සිතා බලා හොඳ පියවරක් ගන්නම්.

      Delete
    5. 1962 එකක් නං ලේඛණාගාරයේ තියෙනවා ඒ වගේම.. ලංකාවේ පළවන ඕනම ප්‍රකාශනයක පිටපත් 5 ක් ලංකාව පුරාම ස්ථාන පහකට දෙනවා.

      1 ජාතික ලේඛණාරාක්ෂක
      2 පේරාදෙනිය විශ්වවිද්‍යාලය
      3 ජාතික පුස්තකාලය
      4 බ්‍රිටිෂ් කව්න්සිල් .. දැන් ඒ පිටපත් රුහුණු විශ්වවිද්‍යාලයට දෙන්නේ
      5 ඒ ස්ථානය මට මතක නැහැ.

      මෙන්න මේ ස්ථාන පහෙන් එකක ඔය පොත අනිවාර්යයෙන්ම තියෙනවා..

      Delete
    6. එහෙනම් බොහෝ දුරට ඇති. නමුත් ඒ තැන් වලින් අරගෙන නැවත මුද්‍රණය කරන්න බැහැ නේද?

      Delete
    7. එහෙම නං බැහැ. පිටපත් රැගෙන යන්න දෙන්නෙත් නැතිව ඇති..

      Delete
  10. මේ පොත පිරිනමා ඇත්තේ කේ. බී.සුගතදාස ශූරීන්ට බව දැණගත් විට සතුටක් දැණුනි. එතුමා උගත් බුද්ධිමත් සාහිත්‍ය විශාරදයෙක් විය. එතැනම සඳහන් ඔහුගේ දියණිය ශ්‍රියා කුළුපන විසින් කේ.බි.සුගතදාස ආපදානය නමින් පොතක් පළකර ඇත. ඔහු පදිංචිව සිටියේ දෙල්කඳය. අපගේ ඥාතීන්ය. එතුමාගේ සොහොයුරා කේ.බී.ගුණදාස මහතා අපේ තාත්තාගේ ගමේ මැම්බර්ය. හංවැල්ලේ සීයාගේ මිතුරෙකි. මේ පොතත් සමගම මගේ අතීත කතාවද මතක් වුනි.

    පොත ඔබට ලබා දුන් ඒ මහතාට මමද විශේෂයෙන් ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ ලස්සන අතීත කතාවකුත්.

      Delete
  11. කතාවක් අපි ලියාගෙන යනකොට ඒක අපි නොදැනුවත්වම අපි කලින් කියවල තියෙන තේමාවක යටතට එනවා.ඒත් මේක කතුවරයාටම අනන්‍ය වූ තේමාවක් බව පේනවා.එතනයි දක්ෂ කම.

    ReplyDelete
    Replies
    1. ඒ විශේෂත්වය මුලින්ම දැක තිබෙන්නේ අපේ වෛද්‍ය ජයතුංගනේ. ඔහුත් පොත් ලියන නිසා වෙන්න ඇති මේ පොතේ විශේෂත්වය දැක්කේ.

      Delete
  12. කියවපු පිටු ටිකේ දැක්කා පුදුමාකාර විදියට විද්‍යාවයි ළමා මනසයි එකට කරලා

    ReplyDelete
    Replies
    1. ළමා ටෙලි නාට්‍යයක් හදන්න ගැලපෙන කතාවක් නේ?

      Delete
  13. මෙහෙම මිනිස්සු කොච්චරනම් අද සමාජයට වටිනවද කියල දැනෙන්නෙ මේ වගේ දේවල් කියවනකොට විචාරක මහත්තයො..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත උමේෂ්. මට හිතෙනවා මේ පොතේ කියලා තියනවා වගේ, දැන් ඉන්න සමහරු ලේඛකයෝ නෙවෙයි ලේ බකයෝ (බ)

      Delete
  14. දැන් මෙහෙම දෙවල් ලියවෙන්නෙ නෑ /නෑ කියන්නත් බෑ හැබැයි ,කොම වුනත් ලමා මනසට ගැලපෙන දෙවල් ලියනවා කියන්නෙ ගොඩක් අමාරු දෙයක් ...

    ReplyDelete
    Replies
    1. අපි හිතන්නේ ළමයින් වෙනුවෙන් කරන නිර්මාණ බොහොම පහසුයි කියලයි. නමුත් එවැනි නිර්මාණවල යෙදෙන අය කියන්නේ ළමා මනස විකෘති නොවන ආකාරයට නිර්මාණයක් කිරීම අන්තිම අමාරු වැඩක් බවයි.

      Delete
  15. මාතලන් බ්ලොග් අඩවියට දාන්න තිබුනේ "මන්න පෝතලය" කියලා

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }