වෛද්‍ය රුවන් එම් ජයතුංග, 2008 - 2009 කාල වකවානුවේදී, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් ලියන ලද කෙටිකතාවක්, පහත පළකරනවා. මේ කෙටි කතාවේ ඇති සංවේදී බව නිසයි, එය ඔබත් සමග මෙසේ බෙදාගන්නට සිතුවේ. කතාව කියවා ඔබේ අදහස් දක්වන්න.
2014 ජනවාරි මස 08 දින 0004 පැය
දරු සම්පත
ඉතා සංවේදී කතාවක්. ඔවුන්ගේ ජීවිත වල ඇතුලාන්තය දුටුවා. අන්නාගේ ළමයි පමණද ළමයින් වන්නේ?
ReplyDeleteහැමදෙනාම ලේ, මස්, ඇට, නහර වලින් හැදුනු මිනිස්සු. විෂම ආකල්ප තමයි මිනිස්කම නැති කරන්නේ.
Deleteඔබතුමාට නැද්ද ඉන්දියන් අාමි ඒකත් ඒක්ක අත්දැකීම්
ReplyDeleteඔවුන් අපේ හමුදාව සමග එකාබද්ධව නෙවෙයි කටයුතු කළේ. ස්වාධීනව. අපි කලේ ඔවුන්ගේ භට පිරිස් ප්‍ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගමන් කිරීමේදී ප්‍රධාන මාර්ගවල ආරක්ෂාව ලබාදීම පමණයි.
Deleteහරිම සංවේදි කතාවක් වගේම ඉතාම සංවේදි විදියට ඉදිරිපත් කරල තියෙනවා.. ජය වේවා දෙන්නටම..
ReplyDeleteඇත්තටම මේ කතාවෙන් අපිට කියලා දෙනවා මිනිස්කම ගැන නැවත සිතා බැලීමට. ඇගයීම ගැන ස්තුතියි.
Deleteහැක් හැක්.. මම ඔය නාකි අය අගයන්න හරි කැමතියි.. (හැට පැනපු.. පස්ස බිම ඇනුණු)
Deleteඅහුවෙයකෝ මට බැරිවෙලාවත් කොහේදී හරි...............අනින හැටි පෙන්නන්න.
Deleteදෙමළ මිනිස්සුත් මේ යුද්ධය හින්දා මොන තරම් කරදර වෙන්ට ඇතිද කියන එක සටහනෙන් තේරෙනවා. හරිම දුක හිතෙන කතාවක්!!!
ReplyDeleteමේ භේද හින්දා දුක් විඳින්නේ සාමාන්‍ය මිනිස්සු නේද? මිනිස්සුන්ට ඒක තේරුම් ගන්ට බැරි හැටි .
කර්යර් හා වෙල්ලාල කියන කුල මොනවාද?
මම ඉතාන්නේ මේ යුද්ධය නිසා තමන්ට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සිදුවූ කරදර හිරිහැර හරිහැටි කියාගන්න මේ ජනතාවට තවමත් හැකිවුණේ නැහැ.
Deleteයුද්ධයකදී කවදත් පීඩාවට පත්වන්නේ යුද්ධ කරන දෙපාර්ශවය හෝ පාර්ශව කීපය නෙවෙයි. ඊට මැදිහත්වන සාමාන්‍ය ජනතාව.
මම හිතන්නේ එතන තියෙන්නේ රෙදි සෝදන සහ මාළු අල්ලන වැනි කුල දෙකක්. මම හොයා බලන්නම්.
මෙවැනි සිදුවීම් ඒ ප්‍රදේශ වල සිදුවුනා, බොහොම සංවේදී කතාවක්, යුද්ධය ඉවර වෙච්චි කාලයේම රටේ අනිත් කොණේ සේවය කළ මට ද මෙවැනි පවුල්, දරුවන්, සහ පුද්ගලයින් ඇති තරම් හමුවුනා. මීට සමාන අත්දැකීම් රැසක් බොහොම සුළුවෙන් වුනත් ලීවා, අවුරුදු 13, 14 වයසේදී ගැහැණු දරුවන් විවාහ කර දුන්නු අම්මලා , ඔවුන් එසේ කළේ එල් ටී ටී එක නැත්නම් යුද්ධෙට බලෙන් අරන් යන නිසාවෙන්. අනිත්කොණ ලිපි ඔබ කියවා ඇතැයි සිතමි.
ReplyDeleteඔබේ ලිපි මම කියවා තිබනවා. මේ වගේ කතා සිය දහස් ගණනක් සදාකාලයටම සැඟවී ගියා. එක අතකට එහෙම වුන එකත් හොඳයි පරණ තුවාල පාරවන්නේ මොකටද? කවදාවත් පීඩාවට පත් හැමදෙනාටම 100% සහනයක් ලැබෙන්නේ නැහැනේ.
Deleteදැන් වුනත් දෙමල මිනිසුන් ඉන්නේ ඔය තරමට නැත්ත ලොකු පීඩනයකින්. ජාතීන් සහ ආගම් නියෝජනය කරන පක්ෂ පවතින තාක් ලාංකීය ජාතික හැගුමක් රටේ බිහි නොවේ ඒතාක් අළු යට ගිනි පවතීවි. ජාතික කොඩියේ වෙන් වෙන ජාතීන් නියෝජනයට වර්ණ තීරු දැමීම සිට පවතින්නේ බෙදීම.
ReplyDeleteඔබේ අදහස් සමග එකඟ වෙනවා. හැබැයි අවංකව ඒ සඳහා කැපවෙන, දේශපාලන පරමාර්ථ නැති ව්‍යාපාරයක් බිහිවිය යුතුයි.
Deleteමොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.. හිතට හුඟක් තදින් දැනුනා..
ReplyDeleteකතුවරයා ඉතා විශිෂ්ඨ ලෙස අපේ හදවත් අමතා තිබෙනවා.
Deleteසෑහෙන්න හැගීම්බර කතාවක්.මට හිතෙන විදියට ඔය කුලවලට මනුස්සයො බෙදීම තමයි යුද්දෙට එක් හේතුවක් උනේ.අඩු කුළවල අය ගනන් ගන්නෙවත් නැහැ,ගෙදරකට වද්ද ගන්නෙත් නෑ.ඉතිං අඩු කුළ වල අය තමන්ට නැති ඒ වරප්‍රසාද වෙන ක්‍රමේකින් ලබාගන්න තමයි ආයුධ අතට ගත්තෙ.
ReplyDeleteඅද වනවිට සිංහල සමාජයෙන් නම් කුල භේදය සෑහෙන දුරට ඉවත්වී ගිහින්. එය තව දුරටත් වර්ධනය වෙනවා. නමුත් දෙමල සමාජය තුළ තවමත් තදින් මුල් බැසගෙන තිබෙනවා. ඕනෙම ජන කොට්ඨාශයක් වට්ටවන්න පහසුම ක්‍රමයක් තමයි ඔවුන් අතර තිබෙන ආගම්, කුල ගෝත්‍ර පදනම් කරගෙන භේද භින්න ඇති කිරීම.
Deleteඅනේ මන්ද විචාරක තුමා.....ඇග හිරි වැටිලා ගියා....පුදුම සංවේදී කතාවක්..
ReplyDeleteඔබ දෙපලටම තුති..!
මේ සංවේදී බව අපිට යලිත් සිතන්නට යමක් ඉතිරිකර තිබෙනවා.
Deleteකතාවනම් අපූරුයි. සංවේදියි. ඒත් මම මේකෙ පක්ෂග්‍රාහී බවක් දකිනවා. ඒ ලේඛකයා සිංහලයෙක් වීම නිසා වෙච්ච දෙයක්.
ReplyDeleteකුල බේදෙත් ඔය ප්‍රශ්නෙට සෑහෙන වග කියන්න ඕනා තමා නේද ? ප්‍රභාකරනුත් කුල හීනයෙක් කියලා කියනවනෙ..
ඕනෑම ත්‍රස්තවාදී සංවිධානයක් බොහෝවිට ජාත්‍යන්තර මානුෂවාදී නීති නොතකා ක්‍රියාකරනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එහෙම කළා. ජවිපෙත් කළා. මේ කතුවරයා ජවිපෙ ගැනත් විවේචනාත්මක ලිපි ලියා තිබෙනවා. ඉඩක් ලැබුනොත් පලකරන්නම්.
ReplyDeleteද්‍රවිඩ ජනයා අදත් තදින් භේදවී සිටින එක දෙයක් තමයි කුල භේදය. මතකද 'සරුංගලේ' චිත්‍රපටිය.