හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

13 March 2014

මගේ පුස්තකාලයෙන් - A Glimps from My Library


Reading
     මගේ පුස්තකාලයෙන් තවත් පොතක් ඔබට හඳුන්වාදෙන්නට සිතුනා. කාලීනව මෙවැනි පොත් ඔබ වෙත හඳුන්වා දෙන්නේ ඔබේ කියවීමේ රුචිය සහ දැණුම වර්ධනය කිරීමේ අරමුණින් යුක්තවයි. මේ පොත ඉතා අගනා ඓතිහාසික, සමාජ විද්‍යාත්මක, ආර්ථික, මෙන්ම සංග්‍රාමික තොරතුරු රැසක් හෙළිකරන මහාර්ඝ ග්‍රන්ථ රත්නයක් ලෙස හඳුන්වන්නට කැමතියි. මේ පොතට පාදක වන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත් කාලවකවානුවක් වූ මහනුවර යුගයයි. පොත නම් කර තිබෙන්නේ 'සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය' නමින්. කීර්තිමත් සමාජ විද්‍යාඥයකු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය වරයකු වූ, රැල්ෆ් පීරිස් වියතාණන් විසිනුයි, මෙහි මුල් කෘතිය, 1956 වසරේදී 'Sinhalese Social Organization' යන නමින් රචනාකොට තිබෙන්නේ. බොරලැස්ගමුවේ, කේ.ඒ.ඩී. පෙරේරා ශූරීන් විසින් මෙම ග්‍රන්ථය 1964 වසරේදී සිංහලට පරිවර්තනය කොට තිබෙනවා.
img050
img051
img053
img052
  මේ ග්‍රන්ථයේ මා සිත්ගත් තොරතුරු ඔබවෙත හඳුන්වා දෙන්නටයි මා මෙතැන්සිට උත්සාහ කරන්නේ. ඉතා විශාල ග්‍රන්ථයක් බැවින් සියලු විස්තර දැක්වීම ඉතාම අපහසුයි. ඒ නිසා තෝරාගත් පිටු ගණනාවක ඇති තොරතුරු පමණයි ඔබවෙත ගෙන එන්නේ.මුලින්ම බලමු ඒ කාලය සිතියමක්. ක්‍රි.ව. 1796 දි ලංකාවේ පරිපාලන ප්‍රදේශ දැක්වෙන සිතියමයි මේ.
1
මහනුවර යුගයේදී රජතුමා සහ රාජ්‍යත්වය පිලිබඳ සංකල්පය පැවති ආකාරය මේ පොතේ විස්තර වෙන්නේ මෙහෙමයි.  
2
3
  රජෙකුට සිටි පරිවාර ජනතාව පිළිබඳව කියවෙන මේ විස්තරයෙන් පැහැදිලිවන්නේ කොතරම් සංවිධානාත්මක බවකින් යුක්තව රාජ්‍ය පරිපාලනය සකස්වී තිබුණාද යන්නයි.
4
5
6
7
8
උඩරට රාජධානියට අයත් පරිපාලන ප්‍රදේශ ලෙස දැක්වෙන්නේ මෙන්න මේ ප්‍රදේශ
9
  රජ කෙකෙකුගේ අභාවයෙන් පසු අලුතෙන් රජකෙනෙකු පත්කරගැනීම සඳහා එකල අනුගමනය කළ ක්‍රමවේදය පිලිබඳ රසවත් විස්තරයක් මේ පොතේ ඇතුළත් වෙනවා.
10
  ඔබ දන්නවා ඇති ඕනෑම රාජ්‍යයක තිබෙනවා රාජ්‍ය නිලධාරි ජ්‍යොෂ්ඨතා පිළිවෙතක්. (Protocol) මහනුවර යුගයේදී එය සැකසී තිබුන ආකාරය මේ පොතේ විස්තර කෙරෙනවා.
11
  සිංහල මිණුම් ක්‍රම ගැන ඉතා සවිස්තරව උදාහරණ දක්වමින් කෙරෙන විස්තර රාශියක් මේ පොතේ ඇතුළත්. මෙහි දැක්වෙන්නේ එයින් උපුටාගත් පිටු කීපයක්.
12
13
14
  රජතුමෙකුගේ පාලන ක්‍රමය හා ව්‍යුහය අනුව පවත්වාගෙන ගිය 'රාජකාරි ක්‍රමය' පිළිබඳව මේ පොතේ කියන්නේ මෙහෙමයි.
15
  මහනුවර රාජධානි සමයේ යුද්ධ හමුදාව සංවිධානය වී තිබුණු ආකාරය ඉතාම ආකර්ශනීය විස්තරයක්. තරමක් දිග විස්තරයක් වුනත් එයින් දැනගත හැකි කරුණු බොහොමයි. ඒ නිසා ඉවසීමෙන් යුක්තව මේ විස්තරය කියවා බලන්න.
16
17
18
19
20
  රජතුමාට ආදායම් ලැබුනේ කෙසේද යන්න පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් තිබෙනවා. එහි ප්‍රධාන කොටස පමණක් මෙහි දක්වනවා.
21
 බොහොම සරල වැටුප් ගෙවීමේ ක්‍රමයකුත් පැවතුනු බව පෙනෙනවා. මෙසේ සරල ක්‍රමයක් ඇතිවන්නට ප්‍රධාන හේතුව 'රාජකාරි ක්‍රමය' බවත් පෙනෙනවා.
22
 මහනුවර රාජධානිය ගැන කතාකරද්දී මහනුවර ඇසළ පෙරහැර ගැන කතා නොකරම බැහැනේ. මීළඟට මා මෙහි දක්වන්නේ ඒ කාලයේ ඇසලළපෙරහැර ගැන ලියවුනු අපූරු තොරතුරු එකතුවක්.
  මෙහි එකතැනක තිබෙනවා බොහොම වැදගත් වචනයක්. අද අපේ බ්ලොග් ලියන අය නිතර කියන 'පස්ට' කියන වචනය මේ විස්තරයේ එක තැනක තියනවා. කියවා බලන්න. 
23
24
25
26
  මා හිතන්නේ නැහැ මේ පොත ගැන මීටවඩා විස්තර ලිවීම සුදුසුයි කියා. ඉතා දීර්ඝ පරිඡේද ගණනාවක් සහිත මේ මහ පොත කියවා බැලීම සුදුසු බවයි මට කියන්න තියෙන්නේ. මහනුවර යුගයේ ආර්ථික, සාමාජික, ආගමික, රාජ්‍ය පරිපාලන, සංග්‍රාමික, ආදී විවිධ පැතිකඩ ඔස්සේ කෙරුණු දීර්ඝ විග්‍රහයක් මේ පොතේ ඇතුළත් වෙනවා.
my-signature-for-blog[1]     2014 මාර්තු මස 13 දින 0001 පැය

32 comments :

  1. මටනම් ඔය ජාතියේ පොත් කියවන්න වස කම්මැලියි.. මගේ වැඩි මනාපය ප්‍රබන්ධ වලට තමා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ පොතක් එක දිගට කියවන්න බැහැ. කාලයක් අරගෙන අධ්‍යයනය කලයුතුයි. හැබැයි මේ වගේ පොත්වල තියනවා ලස්සන පරණ කතන්දර. විශේෂයෙන් ඒ කාලේ ජන ජීවිතය පිලිබඳ.

      Delete
  2. මට නම් ආසා හිතුණා කියවන්ට. එකම දේ විචාරක කීවා වගේ, හරි හිමින් කියවිය යුතු පොතක් කියලා තේරුණා...

    මේක දැක්කාම මට මතක් උණේ, මම පොඩි කාලේ අහපු ප්‍රශ්නයක්. බස්නායක නිලමේලා බස් (පාරේ දුවන ) බලාගත්තද කියන එක...:D

    දියවඩන නිලමේ නේද දිය කපන්නේ?

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඉන්න කෙනෙකුට කියලා ගෙන්වාගෙන බලන්න. හැබැයි තැපැල් ගාස්තුව බොහොම ලොකු එකක් වෙයි.

      බස්නායක නිලමේ තමයි 'බස් කොල්ලන්ට' දුන්නේ. දියවඩන නිලමේ තමයි දියවැඩියාව බෝ කරන්නේ. :e

      Delete
  3. ම්ම්ම් ස්තූතියි විස්තරයට.... මං නම ලියා ගත්ත... අනිවා කුරුණෑගල සරසවි 1න් ගන්නව... නැත්තං උන්ට දස වද ෙදනව... ෙමාකද මීට කලිංවතිවකත් මං ඒ් විදිහට වද දීල ෙපාත් කීපයක් ෙගන්නගන තියනව... මං අාසයි ඔය ජාතිෙය ෙපාත් කියවන්න...
    ෙම් දවස් වල මායාරංජන් කියන ෙකනා ලියපු දිතාමඩුල් ෙල් අාශ්චර්ය කියවනව...

    යුනිෙකා්ඩ් බුල පිලිබදව සමාවන්න

    ReplyDelete
    Replies
    1. මේ දිනවල මේ පොත වෙළඳපොලේ තියනවාද කියලා මමත් හරියටම දන්නේ නැහැ. කුරුණෑගල සමුද්‍රා එකෙත් ගුණසේන එකෙත් බලන්න සරසවි එකට අමතරව.

      දිගාමඩුල්ලේ ආශ්චර්යය 1960 දශකයේ අග භාගයේදී පාසල් සිසුවකු ලෙස කියවූවා මතකයි අදවගේ.

      යුනිකෝඩ් හරියන්නේ නැත්නම් ඉන්පුට් ටූල්ස් වලින් බලන්න.

      Delete
  4. හොයාගෙන කියවලා බලන්න ආස හිතුනා.

    ඔහොම පොත් කියවන්න ගත්දි කම්මැලියි වගේ තේරුනාට කියවගෙන යත්දි පොතත් එක්කම බද්ධ වෙනවා වගෙයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. සමහර පොත් තියනවා මුල හරිය 'අජපල්' :e හැබැයි ඊට පස්සේ එක හුස්මට කියවන්න පුළුවන්.

      Delete
  5. මේ පොත මට රටක් වටිනවා.. කොහොම හරි හොයා ගන්න ඕනා..

    බොහෝම පින් මේ වගේ දෙයක් හඳුන්වා දුන්නාට..

    ReplyDelete
    Replies
    1. කොළඹින් හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. හැබැයි දැන් මුද්‍රණයේ තියනවාද කියලා මම දන්නේ නැහැ.

      ස්තුතියි අගැයීම ගැන

      Delete
  6. මේක නම් කියවන්න වටිනම පොතක්. හොයාගෙන කියවන්න ඕන.
    ඒක නෙමේ ඔබතුමා භද්‍රජිගේ ශ්‍රී රාවණ්ණා පුවත කියවලා තියේ ද ? ඒකත් ලස්සන ඉතිහාස කතාවක් !

    ReplyDelete
    Replies
    1. ඔබ කියන පොත මම කියවලා නැහැ මධුරංග. දැනට වෙළඳපොලේ තියනවාද?

      Delete
  7. අගෙයි විචාරක තුමා.

    ReplyDelete
  8. පොත නම් කියවන්න වෙනවා ....පුස්තකාල හීනය විචාරක මහත්ත්යගේනම් සැබෑවෙලා වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. මම පනටත් වඩා ආදරය කරනවා මගේ කුඩා පොත් එකතුවට. මෙලෙස ප්‍රචාරයක් දෙන්නේ තවත් අයට කියවීමට උනන්දු කරවීමටයි.

      Delete
  9. බර මැනීමේ කුඩා එකකයන් මෑත කාලයේත් සිංහල බෙහෙත් බඩු කඩවල තිබුනා වගේ මතකයි. එ කුඩා තරාදියට මදටිය ඇට දමා කිරන විත්තිය මම දැක තියෙනවා. තවත් පොඩි පොඩි දේවල් තරාදිය එක් පැත්තකට දමා කිරන එක රත්තරන් බඩු හදන අයගේ තැන් වලත් තිබුනා. විචාරක කිව්වා වගේ කල් අරන් සීරුවෙන් කියවිය යුතු පොතක්.

    රැල්ෆ් පීරිස් මයාගේ පොතේ පාවිච්චි කරපු කොපියක් තියෙනවා ඇමසෝන් එකේ ඩොලර් 45යි. තැපැල් ඩොලර් 4යි. පොතේ අයිතිකාරයාගේ නම ලියලා තියෙනවාලු මුල් පිටුවේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ තවමත් සමහර සිංහල බෙහෙත්බදු කඩවල ඒ තරාදිය තියනවා. අරුට මතකද තල්දුවේ බෙහෙත් කඩේ. එතන තිබුණා නේද ඒ වගේ තරාදියක්? රත්තරං බඩු කඩවලින් ඒ තරාදිය අයින් වුණේ ප්‍රමිති කාර්යාංශය මගින් හා කිරුම් මිනුම් අධිකාරිය මගින් ජාත්‍යන්තර ප්‍රමිතිය හඳුන්වාදුන් පසුව වෙන්න ඇති.

      අම්මෝ ඩොලර් 45 ක් කියන්නේ රු 6000 ක් විතර නේද?

      Delete
    2. ඔය ගාන විතර වෙනවා විචාරක..
      මට තල්දූවේ කඩේට වඩා මතකයි පහත්ගම තිබුනා ඔය තරාදිය තිබුන කඩයක්.

      Delete
  10. මං නම් ආසයි ඔහොම ඒවට. මොහොට්ටිරාල කියන එකම ද මොහොට්ටාල කියන්නෙත් ?. ලංකාවෙ හදපු තුවක්කු නම් අනර්ඝයි තමයි. මට මතකයි ලස්සන තුවක්කු ටිකක් තිබුන කෞතුකාගාරෙ.

    මදටිය ඇට වලින් කිරන තාරාදියක් තිබුන අපේ ගෙදර. ඒකට තඹ සතයේ කාසි දාලත් කිරනවා. මනා කියන්නෙ ඒකකයක් කියල දන්නෙ අදයි. හාල් මනාවයි කියල නම් අහල තිබුන.

    //අනර්ඝස පස්ට වර්ණ වලින්// විචාරක තුමා,හැබෑට මොකක්ද මේකෙන් කියන්නෙ ? පස්ට කියන්නෙ 'පට' කියන එක ද ?

    ReplyDelete
    Replies
    1. මම මේ පොතේ හොයලා බැලුවා චන්දන. මොහොට්ටිරාළ සහ මොහොට්ටාල කියන නම් දෙක සංසන්දනය කිරීමක් දකින්න ලැබුනේ නැහැ.

      ලංකාවේ තුවක්කු ගැන ලිපියක් ලියන්න මම කරුණු හොයමින් ඉන්නේ.

      ගෙදර තිබුන තරාදිය අදත් තියනවනම් කෞතුක භාණ්ඩයක් ලෙස හරියට වටිනවා.

      මමත් හිතන්නේ පට - silk කියන එක තමයි ඔය පස්ට කියලා ලියලා තියෙන්නේ.

      ස්තුතියි දීර්ඝ අදහස් දැක්වීම ගැන.

      Delete
  11. ඇත්තමයි, මේ වගේ පොත්නම් ඉතින් ටිකක් කියවන්න කම්මැලි.. කොටින්ම මම මෙහෙම ඒවා කියෝලම නැද්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. අපි හැමදෙනාටම ප්‍රියතම විෂයයන් තියනවා. මම මෙතැනදී එකක් කියන්න කැමතියි. ඉතිහාසය කියන විෂයය පාසල් සිසුන්ට එපා කලේ ගුරුවරුන්මයි. ඉතිහාසය ඉගැන්වීම විශේෂ ප්‍රාගුණ්‍යයකින් යුක්තව කලයුතු දෙයක්.

      Delete
  12. ඔය 'සුදාලිය' සහ 'මාරුවලිය' කියන ඒවා මං කලින් අහල තිබ්බෙ 'සුදුවල්ලිය' 'මරුවල්ලිය' කියලා...
    රාජාභිෂේකය ගැන කියවන්න ආස හිතුනා...

    මදටිය ඇට, කලං වගේ වචන ඇහුවෙ සිංහල බෙහෙත් ගනිද්දි කියල මතකයක් තියෙනවා... මංචාඩි ගැන ඇහුවෙ රත්තරන් බඩු ගැනීමෙදි නේද... පත් ගැන අහලා තිබුණට මොනවා මනිද්දිද කියල හරි හමන් මතකයක් නෑ... පැණිද මන්දා... මනා, නැලි, සේරු, කුරුනි ගැන අහල තියෙන්නෙ වී, සහල් එක්ක... පෑල් ගැන අහලා තියෙනවා කුඹුරු ගැන කියද්දි... ඒ කාලෙ කුඹුරුවල ඔප්පු තිබ්බෙත් වී පෑල් අච්චරයි මෙච්චරයි කියලද...? අමුණු ගැනත් අහල තියෙන්නෙ කුඹුරු සම්බන්ධවයි...

    මේ පොත කියවන්න ආස හිතුනා... බොහොම ස්තුතියි විචාරකට මේ පොත හඳුන්වාදීපු එක ගැන...

    ReplyDelete
    Replies
    1. සුදලිය මරලිය කියලා කියනවාත් මම අහලා තියනවා. කාලීනව හා ප්‍රාදේශීය ව්‍යවහාරය අනුව එහෙම වෙනස්වෙනවා ඇති.

      මේ පොතේ දැක්වෙන කිරුම් මිණුම් ක්‍රම ගැන ඔබේ මතකය බොහොම හොඳයි. නිවැරදියි. පුස්තකාලයකින් මේ පොත හොයාගෙන කියෙව්වොත් තවත් රසවත් තොරතුරු ගොඩක් කියවන්න පුළුවන්.

      Delete
  13. විචාරක මහත්තයාගේ පොත දැමිල්ලනම් පංකාදු පහයි මංචාඩි හතයි කිව්වලු

    ReplyDelete
  14. ඇත්තටම මමත් දන්නේ නැහැ ඔය පංකාදු කියන වචනයේ තේරුම. මැලේ දන්නවද?

    ReplyDelete
  15. අද මේ තුන්වෙනි වර බාගෙට කියෙව්වෙ ...විචාරක තුමා ආමි කාරයෙක් කියන්නෙ බොරුවක් වගේ හිතෙනව මෙවැනි ලිපි ලියද්දි.....
    මට හරි වටිනව මේවා දැනගන්න ඉන්න කීප දෙනකුට හරි කියා දෙන්න & මමත් නොදන්නා කරුණු ගොඩක් දැනගත්ත.... බුක් මෙව්වා කොලා දැනට...
    thnx ..... විචාරක තුමණි ඔබට......!!

    ReplyDelete
    Replies
    1. අපි හැමදෙනාගේම ඇතුලේ ඉන්නවා ආමි කාරයෝ, කලාකාරයෝ, තව එක එක විදිහේ කාරයෝ. නැද්ද මං අහන්නේ. එක එක වෙලාවට ඒ එක එක කාරයා එලියට එනවා. :e

      Delete
  16. කියවන්න kammAliyi..

    ReplyDelete
  17. මෙන්න මේකේ තියෙනවාද බලන්න මේ පොත https://ape-poth.blogspot.com/

    ReplyDelete
  18. ඉඩම් භුක්ති ක්‍රමය ගැන සඳහනක් තියනව ද. පුළුවන් නම් ඒ ගැනත් දක්වන්න කියල ඉල්ලනව. වටිනා සමාජ ඉතිහාස කරුණු අන්තර්ගත පොතක්.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }