කාලෙකට පස්සේ මහගෙදර යන්න ලැබුණානේ මේ ඊයේ පෙරේදා දවසක. ගියාට පස්සේ තමයි මතක්වුණේ පින්තූර ටිකක් ගත්තනම් ඔබ හැමදෙනාටත් පෙන්වන්න තිබුණා කියලා. ඒත් ඉතින් කැමරාවක් නොතිබුන නිසා ජංගම දුරකථන කැමරාවේ පිහිට පැතුවා. ඒ නිසා බොහොමයක් පින්තූර ගුණාත්මක බවෙන් අඩුයි. ඒ වගේම තමයි එදා සිදුවූ සෑම දෙයක්ම පින්තූරයට නගන්නත් අවස්ථාව ලැබුණේ නැහැ. මතක්වුන වෙලාවට ගත්ත පින්තූර කීපයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. එහෙම වෙන්න හේතු කීපයක් තිබුණා. සංවත්සර සභාව පැවැත්වෙන අතරතුර නැගිට නැගිට පින්තූර ගන්න බැහැනේ. ඒ වගේම බොහොම කාලෙකට පස්සේ හම්බවුන 'ආදිපාද'ලා (පරණ කකුල්) අතට අත දෙනවා, බඩ ඉඹිනවා, බදාගන්නවා, උම්මා දෙනවා, විස්තර අහනවා, එක වැඩයි. ඔක්කොමලත් එක්ක එක වචනයක් හෝ කතා නොකරත් බැහැ. ඒ නිසා පින්තූර ගැහිල්ලට දෙවැනි තැන තමයි දෙන්න වුණේ.
මෙන්න මේ වැඩේට තමයි මහගෙදර ගියේ. පින්තූරයේ නම් කීවෙනි සංවත්සරයද කියලා පෙනෙන්නේ නැහැ. එදා තිබුණේ 35 වැනි සංවත්සරය.
දැන් ඔය පින්තූරයේ තියන බැනර් එකේ පහළින්ම තියෙන්නේ, මා ඔය ගඟ අද්දර කියලා නේ. හිතන්න එපා අපි මා ඔය අයිනේ ගල් උඩ ඉඳගෙන සංවත්සරය පැවැත්තුවා කියලා. 'ගඟ අද්දර' කියන්නේ අපේ මහගෙදරට අයත් අක්කර සිය ගණනක් විශාල භූමියෙන් එක කොටසක්. ඒ ප්‍රදේශය හඳුන්වන නම තමයි ගඟ අද්දර. අපේ මහගෙදර ඉඩමේ එක මායිමක් තමයි මා ඔය.
මේ දෙන්නා තමයි බියුගල් හඬවා අමුත්තන් පිළිගැනීම කළේ.
මේ දෙන්නා ටිකක් මිටියි වගේ පෙනෙන්නේ මගේ අති විශිෂ්ඨ කැමරා ශිල්පයේ දක්ෂකම නිසා.
මේ දෙන්නා විතරක් නෙවෙයි අපේම තවත් පිරිසක් පිළිගැනීමේ කාර්යයට සූදානම්ව හිටියේ මෙහෙමයි.
සංවත්සර සභාව තියන්න විශේෂ එළිමහන් කූඩාරමක් ඉතා අලංකාරව සකසා තිබුණා. ඇත්තෙන්ම ශ්‍රවනාගාරයේ නොපවත්වා මෙසේ එළිමහනේ පැවැත්වීම කාටත් බොහොම පහසුවක් වුණා.
අපේ මහගෙදර භූමිය තුළ ඉස්සර පුංචි ජලාශයක් තිබුණා. අදවනවිට එය ඉතා අලංකාර කුඩා වැවක් ලෙස සංවර්ධනය කර තිබෙනවා. මේ පින්තූරය මගින් වැවේ නියම ලස්සන පෙනෙන්නේ නැහැ. ඈතට යන්න මට වෙලාවක් නැහැ.
ලොව පුරා සිටින ඔබෙන් බොහෝ දෙනෙක් ජීවිතයේ එක්වරක් හෝ එළිමහන් සිනමාවක චිත්‍රපටියක් නරඹා ඇති.
මේ අපේ මහගෙදර එළිමහන් සිනමාහල.
ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි. අර ඈත පෙනෙන කන්ද දක්වා අපේ මහගෙදර ඉඩම විශාලයි. දන්නවද වැඩක්, ඒ කන්ද පාමුල තියෙන රක්ෂිත වනාන්තරයේ ගෝන්නු, මුවෝ, එහෙමත් ඉන්නවා. අපේ අයගේ ආරක්‍ෂාව යටතේ.
රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා සමුළුව අමතමින්
එදා යුදබිමේ මහ සෙනෙවියෝ පැරණි මතකය අවදි කරමින්
කිසිකලෙක නොසිඳෙන අභිමානය. විශ්‍රාමික උපකරණ පාලක සැරයන් මේජර් ජයතිලක
එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අලිමංකඩ අල්ලාගන්නට ඉඩනොදී සටන් කර ජයගත්, එමෙන්ම හසලක වීර ගාමිණී කුලරත්නගේ අණදෙන නිලධාරියාවූ, මේජර් ජෙනරල් සනත් කරුණාරත්න
පින්තූරයක් ගන්නවට එතුමා එච්චර කැමති වුණේ නැහැ.
අපි තරුණ නිළධාරීන් කාලයේ, අපිට ගුරුහරුකම් දුන් මේ සැරයන්වරු, සැරයන් මේජර් වරු දැක්කම, වැඩිහිටි නෑදෑයෙක් දැක්කා වගේ. එදා අපිට සමහර වෙලාවට මෙයාලව පෙන්නන්න බැහැ. අපේ වැරදි කියනවා අණදෙන නිළධාරි තුමාට. අපි මෙයාලට හදලා තිබුණ, හොඳ නම් දෙකක් මට මතක් වුණා. වම් පැත්තේ ඉන්න එක්කෙනාට අපි කිව්වේ 'දුෂ්ඨ බුද්ධි' කියලා. අනික් එක්කෙනාට කිව්ව නම මෙතන ලියන්න බැහැ. මම ඒ නම් දෙක මතක් කළාම, 'අම්මේ......... සර්ට ඔව්වා තවමත් මතකද' කියලා ඇහුවා.
පරණ කතන්දර කොච්චර කිව්වත් ඉවරයක් නැහැ. සොඳුරු අතීතයේ මිහිර, මධු විතකින් උණුසුම් වූ මොහොතක
සංගීතය නැති හමුදා ජීවිතය පරිප්පු නැති හෝටලය වගේ. එදා අයයි මෙදා අයයි සංගීතයේ මිහිර වින්දේ මෙහෙමයි.
කදවුරේ අලංකාරය වගේම සැප පහසුකම්ද විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. මේ තියෙන්නේ සැරයන් වරුන්ගේ නිවස්නය.
රෙජිමේන්තු මූලස්ථාන සංකීර්ණයේ පිවිසුම
කඳවුරු භූමියේ තවත් දසුනක්
මෙයාව බලන්නත් අමතක කළේ නැහැ. මම වගේම මෙයත් වයසට ගිහිල්ලා වගේ මට පෙනුණේ.
කාලය ගෙවෙනවා ලෝකය වෙනස් වෙනවා. ඇත්තටම ඒ වෙනස්වීම කාටවත් වලක්වන්න බැහැනේ. හමුදාව සම්බන්ධ එක්තරා කියමනක් තියනවා. සොල්දාදුවා කිසිදිනක මියයන්නේ නැත. කාලීනව වියැකී යනවා පමණි. මේ උත්සවයට ගියාම, නිළ ඇඳුමෙන් ඉන්න සොල්දාදුවෝ මට පිටුපා ඉන්න අවස්ථාවලදී, මට මතක්වුණා එදා මා සමග එකට සිටි අද ජීවතුන් අතර නැති සොල්දාදුවෝ. අර ඉන්නේ එයාවත්ද කියලා හිතුනා. නිළ ඇඳුමෙන් ඉන්නකොට හැම සොල්දාදුවාම එක වගේනේ. ජීවිතේ හැටි ඔහොම තමයි නේද?
මේ පහළින් ඉන්නේ, එදා තරුණ සොල්දාදුවන්ව සිටි, අද සොල්දාදුවන්ට නායකත්වය දෙන, පළපුරුදු, ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරීන් දෙදෙනෙක්.
රෙජිමේන්තු අධිපති තුමාගේ දැක්ම වී තිබෙන්නේ, 2016 වනවිට, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨතම රෙජිමේන්තුව බවට පත්කර ගැනීමයි. ඒ සඳහා, සියල්ලට පළමුව විනය මූලික කරගත්, දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙලට, අපිත්, අපේ ආශිර්වාදය සහ දායකත්වය පිරිනමන බව, කඳවුරෙන් එන්නට පෙර කියා ආවා.
"හැමදාම ආඩම්බරෙන් සිහි කළ හැකි අපේම ඇත්තෝ" කියල විතරයි අපට ආඩම්බර වෙන්න පුළුවන්, ඒත් ඔබ වැන්නන්ට අපට මෙන් දෙගුණයක් ආඩම්බර විය හැකියි
ReplyDeleteඇත්තටම දුක සතුට දෙකම මුසු හැඟීම් සමුදායක් තමයි ඇතිවෙන්නේ. වෙලාවකට පුදුමත් හිතෙනවා අපි මේ මේ දේවල් කළා නේද කියලා.
Deleteකාලෙකට පස්සෙ පරණ යාළු මිත්‍රයින් හම්බ වෙනව කියන්නෙ ඉතින් හරිම සතුටුයි තමයි. අර වැව සහ රක්ෂිතය ගැන කියද්දි නම් ආස හිතුනා, ඒ පරිසරයට.
ReplyDeleteමම මේ පෙන්වලා තියෙන්නේ මුළු කඳවුරු භූමියෙන් ඉතාම සුළු කොටසක් පමණයි. ඇත්තටම අපේකඳවුරේ ලස්සන කියා නිම කරන්න බැහැ.
Deleteහරිම සතුටුයි මේ වගේ පින්තුර දැක්කම.. මෙස් එකේ බිලට කාපු ඒවා මතක් වෙන්නැද්ද විචා..
ReplyDeleteමෙස් එකේ බිලට කනවා කියන්නේ ඉතින් මාසේ අන්තිමට අපිම ඒ බිල ගෙවනවා කියන එක තමයි. උත්සවය සංවිධානය කරන්නේ රෙජිමේන්තුවෙන් නම් නොමිලේ කෑම බීම ලැබෙනවා.
Deleteඒකේදි වැඩි පුර කැපෙන්නේ බීපුවට නේ..හැක්
Deleteඔබ තුමාට සුන්දර අතීතයක් මතක් වූ දිනයක් බව විස්තරයෙන් සහ පින්තුර වලින් ඉතා පැහැදිලියි.
ReplyDeleteඔව් එදා සමහර පැරැන්නෝ සමුගත්තේ අපි දැන් වයසයි. ආයේ හමු නොවෙන්න පුළුවන් කියන හැඟීම හිතේ දරාගෙන.
Deleteමහගෙදර ගියාම මොනවගේ හැඟීමක්ද ඇතිවෙන්නෙ කියල හිතාගන්න පුළුවන්.
ReplyDeleteමේජර් ජයතිලකගෙ මූන නං සිංහයෙකුගෙ වගේ
වචනයෙන් කියන්න බැරි හැඟීමක්. බලන්න වයසට ගියත් හමුදා අභිමානය ඔහුගේ මුහුණේ තියන හැටි.
Deleteයකෝ මේක මාර ෆොටෝ ඇල්ලිල්ලක්නේ.. අරුන්දෙන්නව මිට්ටෝ දෙන්නෙක් කරලනේ....
ReplyDeleteපරිසරයනම් අපූරුයි ඈ...
අර දෙන්නා ඕගොල්ලන්ට ගුරුහරු කම් දුන්නනම් ඇයි එයාල ඔයාට සර් කියන්නේ ?
සිංහයනම හෙන කම්මැලියා. පේනවද ඉන්න කැත. දිවත් එළියේ දාගන..කොඩියටත් එක්ක ලැජ්ජයි..
හිහ්.........හී...........පාවෙන පීරිසියක් උඩ නැගලා....................
Deleteඅම්මපා මට සිංහ ලෙන ඇතුලට පැනලා හොම්බට දෙකක් අනින්න හිතුනානැනගිටපිය කම්මැලියා කියලා.
සාමාන්‍යයෙන් දෙවැනි ලුතිතන්ට වුනත් රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලු සෙසු නිලයන් ආචාර කර සර් කියන්න ඕනේ. අපි දෙවැනි ලුතිතන් වුනාට මේ අය අපිට වඩා සේවා කාලයෙන් වැඩි නිසා අත්දැකීම් බහුලයි. ඒ නිසා සමහ දේවලදී අපිට ගුරුහරුකම් දෙන්නේ මේ අය. මේගොල්ලෝ කියන එක බොහෝවිට අපි කියන එකට වඩා විශ්වාස කරනවා අණදෙන නිලධාරි තුමා.
මේගොල්ලෝ සර් කියන්න හේතුව පැහැදිලි වෙනවා ඇඳලා තියෙන විදිහ නිරීක්ෂණය කළා නම්.
Deleteමම දැකලා තියෙන දෙයක් තමයි සැරයන්ලා සිවිල් ඇඳුමෙන් ඉන්නකොට ටයි පටි පළඳින්නේ නෑ. ඒවගේම බොහෝම සරලව අඳින්නෙ. ඒක නියමයක්ද?
නැහැ නැහැ. සැරයන් වරුන්ට තියා සාමාන්‍ය සෙබළුන්ටවත් තහනමක් නැහැ ටයි පටියක් පළඳින්න. මේ ලිපියේම පින්තූරයක ඉන්න සැරයන් මේජර් ජයතිලක ටයි එකක් පැළඳගෙන ඉන්නේ.
Deleteමහනුවර, නුවරඑලිය, දියතලාව, වැනි ප්‍රදේශවල තියන කඳවුරුවල සැරයන් නිවස්නයේ සවස 6 න් පසු රාජකාරියෙන් මිදී සිටින අය ටයි පටියක් පැළඳිය යුතුයි. නුවරඑළියේ නම් කෝට් එකත් අඳිනවා.
මේ පින්තූරයේ ඉන්න දෙන්න බොහොම දුර බැහැරින් ආව අය. ඔවුන්ට නිදහස තියනවා ටයි පටියක් පළඳින්නට හෝ නොපැළඳ ඉන්නට.
කැඩෙට් ඔෆිසර්ස්ලා වෙලා ඉන්නකම් ට්‍රේන් කරන සාජන්ලාට සර් කියනවා. පාස් අවුට් වෙන දවසේ ඉඳන් ඒ සාජන්ලාම මේ අයට සර් කියනවා. එහෙම නේද විචාරක? මට An officer and a gentleman ෆිල්ම් එක මතක් වුනා.
Deleteකැඩෙට් ඔෆිසර්ස්ලා පුහුණුවන කාලයේදී මේ අයට කතා කරන්නේ ස්ටාෆ් කියලයි.
Deleteනියම උත්සවයක්නෙ.
ReplyDeleteඒ වගේම අර එළිමහන් කූඩාරමත් විචාරක කිවුව වගේ මාර ලස්සනයි. :s
ඔව් ඇත්තටම ඉතාම රසවත් සුහද හමුවක්.
Deleteවැඩේ සරුවටම තිබිලා තියෙනවාන. අහන්නත් දෙයක්යැ... අණ දෙන්නාට වැඩේ ටිප් ටොප් එකට තියෙන්ට එපායැ. මගේ හොඳ මිත්‍රයෙක්. තව දන්න කියන මූණු කීපයකුත් ඉන්නවා..
ReplyDelete'ආදිපාද' ලා ගොඩක් හිටියා. පින්තූර ගන්න ලැබුනේ නැහැ. පරණ කතන්දර ගොඩක් ආයෙත් මතක් කළා.
Deleteමම හිතුවේ ගමේ ගිහින් කියලා. බලනකොට අනෙක් මහ ගෙදර නේද? ලස්සන තැනක් විදියට තමයි පෙනුණේ...හී හී කට්ටිය නටලත් එක්ක. පොලවට මොනවා වෙලාද දන්නේ නෑ.
ReplyDeleteඒ මහගෙදර වගේම මේ මහගෙදරත් එක වගේ වැදගත්.
Deleteකට්ටිය නටපු තැනට වතුර බවුසරයක් වැක්කෙරුවා නම් වී බුසලක් දෙකක් ඉහගන්න තිබුණා. :e
මහා ගෙදර දැක්කම ඇත්තටම අපිටත් ආඩම්බරයි
ReplyDeleteඔව් එය බොහොම අභිමානවත් තැනක්.
Delete//මෙයාව බලන්නත් අමතක කළේ නැහැ. මම වගේම මෙයත් වයසට ගිහිල්ලා වගේ මට පෙනුණේ.//
ReplyDeleteමේ අර කලින් පින්තූරයක හිටපු සිංහ පැටියද?
මහ ගෙදරට ගියා කිව්වට කොඩිය දැක්ක ගමන් හිතුනා කොයි මහගෙදරද කියලා. විචාරක මහත්මයා සිංහ රෙජිමේන්තුව තෝරගන්න විශේෂ හේතුවක් තිබුනද?
//රෙජිමේන්තු අධිපති තුමාගේ දැක්ම වී තිබෙන්නේ, 2016 වනවිට, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨතම රෙජිමේන්තුව බවට පත්කර ගැනීමයි.//
දැන් විශිෂ්ඨතම රෙජිමේන්තුව මොකක්ද?
හරියට හරි. මේ ඉන්නේ එයා තමා. මම වගේම නාකියි නේද?
Deleteඔව් ඇත්තටම මම මූලික පුහුණුව ලබන කාලේදී පළමු වරට සිංහ රෙජිමේන්තු නිලධාරියකු දුටු මොහොතේ ඔහු ඇඳ සිටි කළු පැහැති ලාංඡන වලට සිත ඇදී ගියා.
දැනට මොකක්ද විශිෂ්ඨතම කියලා මතක නැත.
//දැනට මොකක්ද විශිෂ්ඨතම කියලා මතක නැත. // මම හිතුවා ඔය වගේ කපටි උත්තරයක් දෙයි කියලා. :)
Deleteනෑ නෑ ඇත්තටම මම දන්නේ නැත්තේ අඩු ගණනේ පහුගිය අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගයෙන් ජයගත්තේ මොන රෙජිමේන්තුවද කියලාවත් මතක නැති නිසයි.
Deleteඇත්තටම හිතුවා මහ ගෙදර කීවාම මව්පියන් බලන්න ගිය ගමනක් කියලා.........මේජර් ජෙනරල් සනත් කරුණාරත්න පින්තූරයකින්වත් දැකගත්තෙ අද.බොහොම පිං ඔබතුමාට ඒ ඡායාරූපය පළ කළාට...........
ReplyDeleteමේකත් ඉතින් මහගෙදර වගේම තමයි. ගෙදරින් වෙන්වෙලා සෑහෙන කාලයක් ආවේ ගියේ මෙතනට නේ.
Deleteඇත්තටම එතුමා ප්‍රසිද්ධියට කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසයි එතුමාගේ පින්තූර දකින්න නැත්තේ. බලකරලා වගේ තමයි මේ පින්තූරය ගත්තේ.
ඇත්තටම මේ අයට කල හැකි ලොකුම උපහාරය ඔහුන් කල අමිල සේවය අමතක නොකිරීමයි.
ReplyDeleteහරියටම හරි.
Deleteෆොටෝ ටික දැක්කම බොහොම සන්තෝස හිතුන...පස්සේ තමයි තේරුනේ මහගෙදර කිව්වේ මොකටද කියල. අර එළිමහන් සිනමා ශාලාව නම් ඇති විශිෂ්ඨයි..
ReplyDeleteමේකත් ඉතින් මහගෙදර වගේමනේ.
ReplyDeleteඔව් මේ සිනමාශාලාවේ චිත්‍රපටියක් නැරඹීම අලුත්ම අත්දැකීමක්.
මහ ගෙදර හරි සුන්දර තැනක් වගේ ,සරුවට තිබිලා තියෙනවා නේ ,සර බීම එහෙම :))))
ReplyDeleteඑව්වා ඉතිං ආමි එකෙත් නැත්තං වෙන කොහෙද අනේ තියෙන්නේ. වැඩේ හොඳට නැගලා ගියා.
Deleteවිචාරක මහත්තයා සින්දුවක් එහම කිව්වේ නැතෙයි. සිංහ රෙජිමේන්තුව හොඳම රෙජිමේන්තුව කරන්න දෙයි ද කට්ටිය , දැන් දේශපාලනය රිංගලා නේද බොහෝ තැන්වලට , ගජබා රෙජිමේන්තුව නම් හොඳම එක වෙයි වගේ ..තරහ යයි ද දන්නේ නෑ.. එත් ඉතින් ඔය එහෙන් මෙහෙන් ඇහෙන කතානේ විචා මහත්තයා
ReplyDeleteනෑ නෑ හිත රිදෙන්නේ නැහැ. දක්ෂතාවය අනුවනේ තැන ලැබෙන්නේ. එහෙම ලැබීම සාධාරණයි. දේශපාලනය ගැන කතාකරන්න ගියොත් වැඩේ දිග්ගැස්සෙන නිසා ඒ ගැන කතා නොකර ඉම්මු.
Deleteසින්දු කියන තත්වයට ආවේ නැති නිසා ටිකක් කලින් ආපහු ආවා.
විචාරක තුමා සිංහ පවුලේ සාමජිකයෙක් කියල අද තමයි දැන ගත්තෙ
ReplyDeleteපරන කට්ටිය හමුවුනාම ඉතිං කතා කරන්න කොච්චර දේවල් තියෙනවද
මමත් ඔය අත්දැකීම ලබල තියෙනවා අපේ Intake Dayදවසට කට්ටිය හම්බ වුනාම
පරණ සගයින් නැවත හමුවීමේ සතුට කොයිතරම්ද කියලා ඔබත් හොඳින්ම දන්නවා ඇතිනේ. එදා රෑත් ඉඳලා එන්න කියලා වද කළා. අම්මෝ හිටියනම් තැපෑලෙන් තමයි ගෙදර එන්න වෙන්නේ. :e
Deleteඅහන්න හැදුව විතරයි කෝ සිංහයා කියල.. මේ ඉන්නෙ
ReplyDeleteමං ගියා එක දවසක් කෑම්ප් 1 ඇතුලට වැඩකට
මගේ යුනිපා්ං එකේ පාටට නං මෙයා කැමති වුනේ නෑ...
නිල් පාට නෙවී වෙන්නැති
අනේ මටනම් දුක හිතුනා සිංහයා දැකලා. වෙනදට ඔතන තියන මහ ගල් පර්වතය උඩට නැගලා ඉන්නේ. සිංහයාට හුරු කොලපාට නිළ ඇඳුම් විතරක් වෙන්න ඇති.
Deleteසිංහයා එළිමහනේත් ඉන්නවාද?
Deleteසින්හලා ඉන්නේ ශක්තිමත් වැටකින් වටකළ ප්‍රදේශයක. එහි විවෘත බිමක්, විශාල ගල්තලාවක්, මෙන්ම සිංහ ලෙනක් ද තියනවා.
Deleteවැඩේ ජයටම තිබිලා තියෙන්නෙ... හරිම ලස්සනයි වටපිටාව... පරණ යාළුවො මුණ ගැහුනම සෑහෙන්න සතුටු හිතෙන්න ඇති නේද...
ReplyDeleteකියලා වැඩක් නැහැ. සමහර අයව දැක්කේ අවුරුදු ගානකට පස්සේ. ඉතිං කොච්චර ලොකු සතුටක්ද? ඇත්තටම අපේ කඳවුර හරිම දර්ශනීයයි.
Deleteසාජන් මේජර් ජයතිලක නම කියලා වැඩක් නැහැ. තාමත් ආමි වගේ.
ReplyDeleteජෙනරල් ෆොන්සේකාත් සිංහ රෙජිමන්ට් නේද?
මම එළිමහන් තිරයක චිත්‍රපටි බැලුවා..ඔමාන් ආමි තියටර් එකේ Muaskar Al Murtafaa (MAM)කියන කෑම්ප් එකේ. දියතලාවේත් මේ වගේ තියටර් එකක් තිබුනාද?
ඇත්තටම සාජන් මේජර් ජයතිලක වැනි අය යුද හමුදාවට ලැබුණු දායාද. ඔව් ජෙනරල් ෆොන්සේකා තමයි මේ වනතුරු සිංහ රෙජිමේන්තුවෙන් බිහිවුණු එකම යුද හමුදාපති වරයා සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති වරයා. දියතලාවේ අතීතයේදී කූඩාරමක සවිකළ තියටර් එකක් තිබුන බව මම අහලා තියනවා.
Deleteමම වැඩ කරන්ඩ යන තැනකටත් ලැබුනා සොනියර් එකක් මේ පොටෝ එකක්වත් ඒකේ තිබුන්නැ ,
ReplyDelete