හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

17 February 2015

හා.............. එන්ඩේ............... එන්ඩේ................. පාටි කතා, පාටි කතා ........

Drunkard's Empty Mug
 බුදු අප්පොච්චියේ............... පහුගිය ඉරිදා තමයි ඉරිදා. (15 වෙනිදා) පත්තරයා තමයි පත්තරයා............ කරකවලා අතෑරියානේ  අපි සැට් එකක්ම. අම්මපා මම ගෙදර ආවේ අහසින්ද මන්දා. රෑ හතහමාරට විතර ගෙදරට ඇවිත්, ගේට්ටුව ඇරිය ගමන්, ලොකු දුව මාව වත්තම් කරගෙන වගේ තමයි ගෙට ගෙනිච්චේ........ පොහ් මල් හතයි ඈ. හොඳ වෙලාවට කාර් එක අරං නොගියේ. එහෙම උනානම් පොලිස් බෝඩින් කාමරේක පහුවදා වෙනකල් තැපලා එන්න තිබුණා. නෑ නෑ අපේ උන්දැ දන්නවනේ ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියලා. ඒ නිසා සද්දයක් නැහැ.

පත්තරයාගේ ඇඹේනිය, අලුත් ජීන්ස් එකක් ගැනීමේ චිත්තප්පිරීතිය වෙනුවෙන්, 'පත්තර විලා' එකේ තමා, මේ පාටි පොජ්ජ තිබුණේ. මම හිතුවේ ඒක මේ කුරුණෑගල ඇත්කඳ විහාරේ පෙරහරට, නැට්ටුවෝ අඳින ඇඳුමක් කියලා. හරි හරි එව්වයෙන් කමක් නෑ. ආයේ මට ඒ පැත්ත පළාතේ යන්ඩ බැරිවෙයි.

  මෙන්න මෙව්වා තමයි වැදගත් තොරතුරු.

   අපේ චීෆ් ජස්ටිස් CJW තුමා, කලින් දවසේ රෑ 12 ට පැල්මඩුල්ලෙන් පිටත්වෙලා, පාන්දර 5 ට 'පත්තර ගෙදර' දොරකඩ උන්නලු. උන්නැහේ වගේ සෑම වැඩකදීම කල් ඇතුව ක්‍රියා කිරීම බොහොම හොඳ දෙයක් කියලයි මටත් හිතෙන්නේ. 'සූතළං මද්දා' මාව තම්බන්න හැදුවා උදේම. මම වහාම පොලිස් ස්ථාන කීපයකට කෝල් කරලා මේකා ඉන්න ඉසව්ව හොයාගත්තා. හොඳයි වරකො කියලා බලාගෙන හිටියා.

   අනේ ඒ අල්ලපනල්ලේ, 'පත්තර නෝනා' CJW ටයි මටයි තේ පැන් සංග්‍රහයක් පවත්තලා කිව්වා, 'අර කාලකන්ණි ටික පාත්වෙන්න කලින් හොඳට කාලා ඉන්න' කියලා. මට 'අයියේ' කියලා කිව්වේ. CJW ට ඒකට මළ පැනලා, එහෙනං මට මල්ලියෙ කියපං කිව්වා.

   හැබැයි පත්තරයත් අතෑරියේ නෑ වැඩේ. පත්තරේ ගෙනත් ගොඩ ගහන්න පටන් ගත්තා ලෙයිය පෙයිය ජාති ඔක්කොම.

සීනි කරිඤ්ඤං
සඟ ටොප්
දෙහි සුදි
අල හොදි
හිටපං මචං
ගහපං මචං
බැටරි සුදිය
බොකු දිරාස්

   යකෝ මං අහන්නේ එක අරක්කු බෝතලයක් දියන්. ම්හු........... පස්සේ අපි ගිහින් එව්වා ඇන්න ආවා.

photo0064


photo0065


photo0066


photo0067


photo0068


photo0074


photo0069


photo0071


photo0077


photo0080




photo0082




photo0083


photo0084


photo0085


wp_20150215_15_27_08_pro


photo0086


   අර රට කපටියා ප්‍රාජේ, ඉස්සා වගේ පනිනවා පොටෝ කෙළින්න හදනකොට. මේ පත්තරේ......, කා ළඟ හරි තියනවද දන්නෑ ප්‍රා නමැති කපටියාගේ පින්තූරයක්.

   ඔන්න ඉතිං යන්තම් අපි අතක් පයක් නොකැඩී, පත්තර ගෙදරටත් හානියක් නොකර, හවස හය විතර වෙනකොට, තොලොන්ජි වුණා.



2015 පෙබරවාරි මස 16 වැනි දින 2245 පැය

157 comments :

  1. මේ ගොල්ලෝ පාර්ටි දාලා... :O

    ReplyDelete
    Replies
    1. පිස්සුද පොඩ්ඩී..

      Delete
    2. දැම්මේ නෑ පොඩ්ඩි නිකම්ම පාටිය වැටුණා :e

      Delete
    3. ඊයා මේ ගොල්ලෝ බීලා....................

      (පරක්කු වෙලා අාවාම පරක්කු වුනේ නැහැ වගේ පේන්න පළවෙනි කමෙන්ටුවට ම කොක්ක ගැසීමේ න්‍යාය යටතේ පළ කරන ලද්දකි.)

      Delete
  2. ලෙන්ස් එකේ දූවිලි තිබිලා මුංගේ මූනු පේන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒ තියා සමහර අයගේ ලෙන්ස් කැප් එකේ කුණු ගෑවිලා තිබුණා.

      Delete
    2. විචාරක ලෙන්ස් කැප් ඒක සුද්ද කරන්න ඔ්නේ ..... නැත්තං පොල්කුඩු බැදෙනවානේ........ නෑ මං නිකමට වගේ කිව්වේ..................

      Delete
  3. CJW?

    Pra J නේද අර අන්තිම පින්තූරෙ ගෝල්ලිප් එකක් ගහන්නෙ?

    ReplyDelete
    Replies
    1. චීෆ් ජස්ටිස් කියලා මෙතැන කියන්නේ අමිල චතුරංගට නේද?

      ගෝල්ලීෆ් එක බොන දම්පාට කමිසකාරයා නම් ලක්මාල් බව ඊට කලින් ෆොටෝ එකකින් පේනවා.

      Delete
    2. CJW කියන්නෙ අපේ විදානෙය නෙවැ රාජ් බොස්.අර ගෝල්ලිප් ගහන්නෙ මැෂිමා :D ..

      Delete
    3. මම නං අඳුර ගත්තේ, මාතලන්, සුදීක, අටම් සහ නලින් විතරයි. කොණ්ඩයා, රතු ටී ෂර්ට් කාරයා, කළු ටී ෂර්ට් කාරයෝ දෙන්නා, උයන්නා දන්නේ නෑ.

      මාතල්න්ගේ ෂර්ට් එක නම් එළ... අර විමල්ගෙ වගේ බර ගාණක් වටින එකක්ද දන්නේ නෑ.

      Delete
    4. තවම නිකන් පාවෙනවා වගේ..
      බුලත්විට එක්ක ඇපල් කැවා එනකොට මගදි නැද්ද මචං සී. ඡේ?

      Delete
    5. අටමාගෙන් සිගරට් එක උදුරලා ගත්තෙ..

      Delete
    6. @තිසර
      කෝණ්ඩයා ඉතාලියෙන් පිටුවහල් කරපු එකෙක්.
      රතු ටි ෂර්ට් මාලේ ගෙලේ ඉස්සන්ට නොව පොකිරිස්සන්ට බෝලග් ලියන එකෙක්
      කෝණ්ඩයා කරට අත තියාගෙන ඉන්න කලු ටි ෂර්ට් කාරයා සුද්දියන්ට රට බෝඩි මහන එකෙක්
      අර තනියම ඉදගෙන ඉන්න කලු ටි ෂර්ට් කාරයා බිල් ගෙට්ස්ටයි ඇපල් එකටයි උපදෙස් දෙන එන් අයි එම් ඔ.

      Delete
    7. යකෝ මෙන්ඩෝ, ඇපල් කාරයොයි, බිල් අයියයි එකතු වෙලා මට වෙඩි තියයි යකෝ.

      Delete
    8. හැබැයි එකෙක්වත් බ්‍රෑන්ඩ් එක ගැහුවේ නෑ.

      Delete
    9. අන්න විචාරක තුමෝ ඕක තමයි මටත් අහන්න ඕනෙ වෙලා තිබ්බේ.. මේ ගල් සෙට් එක බොරු දේශප්‍රේමියෝ ටිකක්.. වැට් හැට නවය දැකපු ගමන් දණ ගහන්න ඇති.. එහෙම බැලුවම වී.එක්ස් ගහපු උන් මුන්ට වඩා ග්‍රේට්. හැක් හැක්.. (සැක්.. විස්කි බොනව කියල කලින් දැනං උන්නනං ණය වෙලා හරි බස් ටිකට් එකක් අරං එනවා)

      Delete
    10. VX ගැන වගකිව්වේ මමයි චෙෆාකියි.

      Delete
    11. අපිනං අර දංකොටු ස්පෙෂල් එකෙන් තමා පටන් ගත්තේ. මං හිතන්නේ මාතත් ඒකෙන් තමා පටන් ගත්තේ.

      Delete
  4. අතත්‍ය ලෝකයෙන් තත්‍ය ලෝකයට!

    ReplyDelete
  5. මම චීන සර්කස් වලින් දැක්කයින් පස්සෙ තමයි දැක්කේ ඔළුවේ ග්ලාස් තියාගෙන බැලන්ස් කරනවා..

    අත බලා කියපු සාස්තර මෙතන කියන එක හරි නෑ නේ...

    අමතක නොවන දිනයක්....

    ටැන්කූ.... පත්තරේ සහ පවුලේ ඔක්කෝටම..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අර මුලතිව් /කිලිනොච්චි වල විචාරක පැටව් ඉන්නවා කීව එක ඇර අනික්වා අවුලක් නෑ :D

      Delete
    2. ප්‍රා, 123 ක් කිව්වේ විචාරක පැටවුද?

      Delete
    3. ලයින් එක ක්‍රොස් කරපු tries ගාණ නිමෝ
      conversion කීයද කියල දන්නෙ නෑ.

      Delete
    4. 123 කිව්වේ මම ඒ කාලේ කඩුළු පැනීමේ ඉසව් 123 කට සහභාගී වෙලා තියනවා. ට්‍රිපල් ජම්ප් එහෙමත් කරලා තියනවා. කොහෙද මුන්ට ස්පෝට්ස් තේරෙන්නේ නැහැනේ.

      Delete
    5. අර ඇලි පෙනුම තියන ගොඩක් මහත කෙනාද මාතලන් කියන්නේ.?

      Delete
    6. // අර ඇලි පෙනුම තියන ගොඩක් මහත කෙනාද මාතලන් කියන්නේ.?//

      නෑ ඕයී....,ඒ පාටියට මසට ගෙනා ඌරු තඩියෙක්....,ඇලි ඌරෙක්....!

      Delete
  6. අහුවෙයල්ලකෝ අපිට හොරෙන් පාටි දාලා මෙතන :g :g :g :g

    ReplyDelete
    Replies
    1. අහුවුනොත් උබ මොනා කොරන්ඩද?
      :p :p :p :p

      Delete
    2. චැහැ..ඇහැව්වෙත් බ්‍රෑන්ඩ් එක ගල් ඒ වුනා ඉල්ලන්නෙ?

      Delete
    3. @ එල ද බ්‍රා මෙන්ඩා
      නෑ... නෑ.... බන් මේකනේ උනේ,
      වැඩි හොදට ගල් ටික ඉතුරු කලා අන්තිමට ගන්න. ඊට කලින් ඔය වැඩක් නැති රට බ්‍රෑන්ඩ් ටික ඉවර කළා.

      Delete
    4. රෙද්ද තමා කියන්නේ නම් බ්‍රෑන්ඩ් එක ගල් කියලා , ගල් බෝතල් දෙක දිහා බැලුවේවත් නෑ

      Delete
    5. මං ඕක කිව්ව පාටියට කලිම්ම. මුන්ත් නිකන් යහපාලනේ වගේ තමයි, නම කපුරුහාමි, ඒත් කට ගඳයි. කතාවට ගල්, බොන්නෙ විස්කි. විළි ලැජ්ජයි..

      හැක් හැක්...

      Delete
    6. කවුද යකෝ... අපිට හොරෙන් පපාාාාාාාාාටි දැම්මේ............. ආාාාා....

      Delete
    7. මමත් කියුවා ඉන්දික අර මැට්ටට ගල් ගෙනාවට මෙන්ඩා බොන්නේ නැ කියල

      Delete
  7. Oya sasquatch ohoma thama. Can't photograph easily.

    ReplyDelete
  8. පාටි පාටි කියල උදෙංම ගෙවල් වල යන සිරිතක් තියේද මං අහන්නෙ හැබෑටම ඈ....
    පුහ්....
    අපිට හොරෙන් පාටි දාපු එක තමා අස්පට් ඈ...
    ඔය කීවට ඒමමත් නැතිව ඇති
    හිහි

    ReplyDelete
    Replies
    1. පාටි තියා අපායට ගියත් කලින්ම යන්න ඕනෙ නේද?

      මම පත්තරයට කිව්වා පත්තරේ දාන්න කියලා පාටිය ගැන. කොහෙද මූ දාලා තියෙන්නේ ඉතාලියේ පත්තරයක.

      Delete
  9. ඔය උයන්න කියලදෙන එකේ වම් කන ප්‍රාජේගෙනේ....මම දැකලා තියෙනවා කටුකුරුන්ද රේස් ට්‍රැක් එකේ..වම් කන විතරයි පේන්නේ ස්පීඩ් එකට...වාහනේ එලවන්නෙත් අත් දෙකම ඩෙනීම් සාක්කුවේ දාගෙන...
    පත්තර කෙල්ලට කාඩ්ගහපු එකට එක හෙලා විරුද්ධයි ඕන්...
    තාමත් පලතුරු බොනවා අපි නම්...
    තැන්කූ පත්තරේ......

    ReplyDelete
    Replies
    1. පිටිපස්සම තමයි ෆොටෝ ගන්නෙ. විචාරක ආමි හිටිය කිව්වට මට හිතෙන්නෙ නේවි එකෙත් ඉඳල තියනව.

      Delete
    2. මං 70 ට යන පාරවල් වල 80 ට යන එක මොකක්ද අනිත් අයගෙ ඉක්මන බැලුවහම.
      1. ඉවාන් කලුවර වෙන්න ඉස්සෙල්ල හෙඩ්ලයිටුත් වහින්න ඉස්සෙල්ල වයිපරුත් දානව
      2. බ්‍රා මෙන්ඩිස් බොන්න ඉස්සෙල්ල වෙරි වෙනව
      3. පත්තරේ වයිෆ් බනින්නත් ඉස්සෙල්ල බය වෙනව
      4. මාතලන් හැමදාම තරහ එන්නත් කලින් බනිනව

      Delete
    3. 5. විදානෙ හොම්බෙන් යන්න කලින් ෂූස් ගලෝලා විසික් කරනවා.
      6. නලියා ගෙදර යන්න කලින් පාරෙ යන බල්ලන්ට ලන්ච් එක දෙනවා.

      Delete
    4. විචාරක නාන්න ඇඳුම් ගලවන්න ඉස්සෙල්ල අරක්කු ෂැම්පූ දාගන්නවද?

      Delete
    5. [im]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/10987008_788812217872087_4368619739411650578_n.jpg?oh=47ea7434a0a7d5c01442f3139fa26731&oe=55593D16&__gda__=1435246510_19b72f1deffbf3d771a9a93229bda4be[/im]

      Delete
    6. Pra Jay කියන කතාවේ යම් කිසි ඇත්තක් තියන පාටයි , බලන්ඩකෝ කැප්චර් කරගන ලස්සන ,

      Delete

    7. මොකක්ද අප්පේ මේ කරන වැඩේ තේරුම...!!

      Delete
    8. නේවි එකෙන් එලියට දැමමහම තමයි ආමි ජොයින්වුනේ කියල අතබලා සාත්තර කියන ෆොරිනර් කෙනෙක් කිව්වෙ

      Delete
    9. විචා පන්සල් ගිහින්ද කොහෙද , සංස්කුරුත බාසාවෙන් කෝල් එකක් එනකං මං මේ බලාගන ඉන්නේ , තාම ඒක ආවේ නැනේ

      Delete
    10. එතකොට අර නේවී හිටපු කල්යානයත් මේ සබ්ජට්ද දන්නැ

      Delete
    11. 7. විචා මාමා උන්සුම යන්නත් කලින් ආරංචිය රටට දෙනවා
      8. මැලේරාළ නිව්ස් එක කියවන්නත් කලින් ඉරිසියාවේ මැරෙන්න යනවා

      Delete
    12. අඩෝ අටමෝ මේ පින්තූර ගාණට පුංචි කොරලා දාපිය.

      Delete
    13. දැක්කා නේද මම ඇමරිකාවේදී කරපු ass photography course එකේ කියලා දුන්න දේවල් අකුරටම කරන හැටි.

      Delete
    14. @ Pra Jay

      නේවි එක නෙවේ කාලතුවක්කු හමුදාව තමා ඔය වැඩේට පුරසිද්ද. ඒ වුනාට අපි සිංහ රෙජිමේන්තුවේ.

      Delete
    15. බුදු අම්මෝ අටමෝ.. මං එහෙම නැතෝ.. හැක් හැක්..

      අපරාදේ අවස්ථාව අහිමි උනා නෙව.. පස් දවසක් බරපතල වැඩ ඇතුව 'හිරේ' ඉඳල අදයි යන්තං එළියට ආවේ.. 'යන් තං' කිව්වේ අර ඉවාන් ගේ වගේ නෙවෙයි..

      ආවනං විචා තුමා එක්ක කපල් ඩාන්ස් එකක් දාන්න තිබ්බා මගෙත් ප්‍රියතම නැටුමක් තමයි ඔය 'ග්ලාස් බැලන්ස්' එක.. දැන් මොනව කරන්නද? ස්තූතියි පත්තරේ ටත් අටම් ටත් ආරාධනාවට.

      Delete
    16. 9. සුදික අයියා සිංදුව පටන් ගන්න ඉස්සර හැදි වලට තට්ටු කරනවා
      10. අටමා සෝඩා ඉවරවෙන්න කලින් සෝඩා ගෙන්න කඩේ යනවා
      11. සී.ඡේ ගෙදර අයිතිකාරයෝ නැගිටින්න කලින් කූකුලා අතේ අරන් පාටි වලට එනවා.

      Delete
    17. 12. මාතේ අරක්කු ටික කට තියාන ඉස්සරවෙලා බීලා ඊට පස්සේ සෝඩා වීදුරුවකට දාගෙන බොනවා..

      Delete
    18. පලතුරු එකෙන් බාගයක් මට ඉතුරු උනා... හැක් හැක්..

      Delete
    19. සෝඩා කඩේ හිටිය නගා අටමගෙන් ඇහුවලු මැෂින් හොදන්නද සෝඩා ගෙනියන්නේ කියලා.

      Delete
    20. ඹන්න පලවෙනි පාර යනකොට එකම එක මෙගා එකයි සීත පෙට්ටියේ තිබිබේ , එක අරන් ඇවිත් දෙවනි පාර යන කොටත් ඒ හොල්මන තව එකක් අරක අස්සට ඔබලා නැ , මං නොක්කඩු කිව්වහම කියනව

      මෙහේ එහෙම ලොකු එව්වා නිතර යන්නැ අනේ කියල

      අනේ මන්දා පත්තරයලගේ ගං

      Delete
  10. අර පත්තරයව මරං කාලා තොපි අංකල්ලා.. හැක්.. එළ දිනයක් බවට සැකයක් නැත..

    ReplyDelete
    Replies
    1. එළ කොහොම වෙතත් එලිවෙන කල් වැඩේ ඇදෙන්නයි ගියේ. පත්තරයා අපිව එලියට දාලා ගේට්ටුව වැහුවා පත්තරී මෝල් ගහ අරං එනවා දැකලා.

      Delete
    2. ඩිෆේන්ඩර් එකක මැරයෝ වගයකුත් ගෙනවා..අපි යන්නෙ නැතිවෙයි කියලා.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. උඹල දන්නේ නැනේ , අපි දෙන්නා අතන අස්කරන කනුත් ඒ යක්කු ගියේ නැ , පස්සේ අපි දෙන්නා උන්ගේ අස්සට රිංගල පත්තරයව හීනියට ගලව ගත්තා, නැත්තං පත්තරයගේ දතක් ගැලවෙනව ෂුවර්

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. [im]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/s720x720/10422004_788786144541361_1471650389493153771_n.jpg?oh=4854cfc0df3254209f5ded3e489aa640&oe=5552CC87&__gda__=1431427255_1310b76728e3c5623b07aa2ed01c49ad[/im]

    ReplyDelete
    Replies
    1. මෙයා කාටද කොකා පෙන්නන්න හදනවා වගේ

      Delete
    2. ඔලුව උඩ තියන එක දැක්කේ නැද්ද

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. කවුද යකෝ මේ.....????

      Delete
    5. අප්පට සිරි... වීදුරු කීයක් විතර බින්දද දන්නේ නෑ

      Delete
    6. ඔලුවෙ ඉඳං අරක්කු නානව මං එදාමයි දැක්කෙ. ඕ යේස් !!!!

      අපි බීවට නාන සිරිතක් නෑ නෙවැ. හැක්

      Delete
    7. @ තිසර 1985 මේ වැඩේ ඉගෙන ගත්ත ඩා සිට මෙතෙක් එකම වීදුරුවක්වත් බිඳ නැත.

      Delete
    8. එතකොට අර විදුරැ 3 ක කටු අහුලලා අයින් කරේ?

      Delete
    9. ඇයි බොල මෙන්ඩෝ ඒ උඹ කඩපුවනේ , උඹ පරක්කු වෙලා එනකොටෙත් හොදට ගහලද ආවේ , හැබැයි පුතේ පවුල උඹ ගාවට දණගාගන එනව කියපු කතාවනං ඇත්ත කියල වැටහුනා ,

      ඇත්තට මොකැ බං පවුලට ඔච්චර උඹ බය

      පත්තරයවත් ඔච්චර බය නැ

      Delete
  13. ආ විචාරක ෆොටෝ ගොඩක්
    https://www.google.lk/?gws_rd=cr,ssl&ei=e8XiVKXcCouXuAS_9YGgBw#q=images+of+sasquatch

    ReplyDelete
    Replies
    1. මගේ අම්මෝ.......!!!

      Delete
    2. @ Pra Jay හොහ් උඹත් එහෙනං පොරසිද්ද පොරක් ඈ.

      Delete
    3. දන්නවද ලොකු මාමේ උඔ මෙයාවවත් පරසිද්ද නොකර හිටපු එක මදැ , අන්න දමියා අඩනව ඌගේ පීන්තුරයක් දාල නැ කියල , මොකද උඹ ඌ එක්ක තරහද

      Delete
    4. නෑ නෑ දමියා සින්දු කියා කියා රට වටේ ඇවිද්දා මම බැලුවා පස්සෙන් ගිහිල්ලා පොටෝ එකක් කෙලින්න. හරිගියේ නෑ.

      Delete
  14. හොක් හොක්... කෂ්ටිය සෙට් වෙලා වගෙයි උප‍රිමෙංම.
    ඔය සීජේ කාරය කරටි කැඩෙන්න ගහන පොරක් කියල මම දැනගෙන හිටියෙ නෑනෙ. නැත්තං මෙහේ ආපු වෙලාවෙ පාර පනින්න තිබුණ.

    අටම බයික්එක කරේ තියාගෙනද ගියේ.

    ReplyDelete
    Replies
    1. CJ කලින් දවසේ ගහපුවාගේ කරන්ට් ඒකෙන් තමයි පාන්දර 5 වෙනකොට පත්තර ගෙදර ඉස්තෝප්පුවේ ඉඳලා තියෙන්නේ.

      අටම්ගේ බයික් එක පුෂ් බයික් එකකින් ඇදගෙන ගියේ.

      Delete
    2. ප්‍රසන්නය අන්තිමට නෑඹුල් තරුණයෙක් පටවං , මගදී කේබල් එහෙමත් මාරු කොරං , පාරවල් වරද්දගන නාකි මටම තමා පදින්ඩ උනේ , එච්චර කරටි කඩාගනත් අර කොම්පිටර් කාරය තව බෝතලයක් බෙදාගන ගහන්ඩ කතා කරානේ බං කඩවතට ඇවිත් ,

      මාත් හෙන අරක්කු පෙරේතය තමා ඒ උනාට මොකට බොනවද ඔහොම

      මොකැ අපි අද හෙට මැරෙන එකක් යැ , තව තිසි පහක් හතලිහක් අදින එකනේ

      Delete
    3. නෑඹුල් එකා උඹලත් එක්ක ඉඳල ඇඹුල් වෙන්න ඇති. :D

      Delete
  15. ඉවානය මෙන්ඩගෙන් අරව එකක් දෙන්න වෙනව වගේ!

    පත්තරයගෙ කොන්ඩෙ නැතුව ඉතාලි කපුටො වැල කනවලු!

    චෙෆාකිගෙ දෙසනාවට ගෝරිල්ල වශීවීම හිතාගන්නත් බෑ ( ඇත්තටම ගෝරිල්ල මොකාදැයි සිතමින් )

    නලින් කවදත් කොතැනත් වගේ මෙතනත් ගොසින් බල්ලන්ට කාක්කන්ට ආප්ප දෙමින් සිටින බව දැක හිතට බොහෝ කණගාටුවක් දැණුන බව අවසනට ලියා තබමි!

    ReplyDelete
    Replies
    1. @ ඉන්දික.

      ඉවාන්ට මෙච්චර ලස්සන පිරිපුන් පපුවක් තියනවා දැක්කේ එදාය.

      පත්තරයාගේ කොන්ඩේ .....කාලා

      චෙෆාකි ගේ දේශනාව කන්ද උඩ දේශනාවට වඩා ටිකයි කොට.

      Delete
    2. දේශනාව තමයි...මට පොකට් මීටින් කීයකට යන්න උනාද පත්තර මන්දිරය ඇතුලෙම...සිංදුවක්වත් අහන්න කියන්න (ගයන්න නෙමෙයි හොඳේ) ඉඩ දුන්නද මොකෝ....
      පවුලූශා සහෝදරයා මාතලී උන නිසා ගොඩ..නැත්නම් අඛිල විරාජ්ගේ ඔෆීසියේ තමයි තාම...
      එකෙක් තාම හයිවේ බස් හොයනවලු පෑලියගොඩ පාලම උඩ...

      Delete
    3. ඉන්දික අයියා මම ඉවනයා ගන්නවා අපේ මාකටිං වලට.

      Delete
    4. ෆිට් මොඩල් එකකට ගන් ඌව..

      Delete
    5. අනේ බං මෙන්ඩෝ කියන තැනකට වදින්නම්, ඕකව නම් ගන්න එපා මාර්කටිං වලට.
      ෆිට් මොඩල් වලට කොහොමත් ගන්න එපෝ....!!!
      (මිනිස්සු යට ඇදුම් අදින එක නවත්තයි )

      Delete
    6. හෙණම ගහපියව් ...


      එක්කෝ එපා ...

      Delete
    7. සබ්ජෙකෙට් එකේ ඉන්න අර වෙනිය වගේ එකෙක් උන්නනම් ඉවාන්ගෙ හිරි ඔතප් බිඳෙනව...හැක්...

      කැකුළු මලක් නම් තලපන් පිපෙන්නට කිව්වලු..

      ඒක නෙමේ මොකෑ අර හැඳි ගහපු සුධීකය අළු පාට සේට් එක ගලෝල නිල්පාට එකකට බැහැල බෙර ගහන්නෙ පස්සෙ? කවුරුහරි මොනා හරි වක්කරලද?

      Delete
    8. අඩෝ එහෙම කියන්ඩ එපා ඒක ජීම් ගිහින් හදාගත්ත ඇග

      Delete
    9. නෑ නෑ ඉන්දික ඒ ටී ෂර්ට් එක මහජන බැංකුවෙන් ගහපු එකක්. එක එක වෙලාවට එක එක ප්‍රතිපත්ති.

      Delete
  16. පව්ලූෂා මහත් වෙලා නොවැ.පොඩි පහේ බඩකුත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් ඔව් පවුලුෂා තමා අර වීදුරුව ඔලුව උඩ තියාගෙන නටන්නේ හැලපෙ. දැක්ක නේද බඩේ සයිස් එක.

      Delete
    3. නිකං හම්බෙන එකම දේ ඔය බඩ නේ!!!

      Delete
    4. චැහැ..අපිට ඒ නිකං හම්බවෙන එකත් නෑ..
      කක්කාත් නෑ කුක්කූත් නෑ..

      Delete
  17. ඔය පවුලූශා තමයි කෝක් බීලා වෙරි උනේ. බොන්ගෝ කරේ දාගෙන විරිදු කියන්න යන්නත් හැදුවා ඒ මදිවට යනකොට මගදීත් පිස්සු නටලා,
    (සාක්‍ෂි සහිතයි)

    ReplyDelete
    Replies
    1. එක සාක්කියක් මගේ. ඉවාන්, පාටිය ඉවරවෙලා, වාහනේට නැගලා කෑ ගහලා අඬනවා, ස්ටියරින්ග් වීල් එක හොරු ගෙනිහින් කියලා. බලනකොට මූ වෙරිමතේ පස්ස සීට් එකට නැගලා තියෙන්නේ. :e

      Delete
    2. ඉවනයාගෙන් ඇහැව්වා ඔටෝ වල D, N තියෙන්නෙ ඇයි කියලා? මෙන්න උත්තරය
      “මෙන්ඩා මම හිතන්නෙ D කියන්නෙ day ඒ කියන්නෙ දවල්ට එලවනකොට. N කියන්නෙ night ඒ කියන්නෙ රෑට එලවනකොට“
      ඉවානයාට එහමටම වෙරි නැති බව තේරැනා.

      Delete
    3. කවුද යකෝ උඹලා ඔය කියන ඉවාන්, මම එහෙම එකෙක් ඇවිල්ලා ඉන්නවා දැක්කේ නෑනේ :P

      Delete
    4. ඇයි අර ගියර් ලිවර් එකත් එක්ක තියන ෆෝ වීල් ලිවර් එක දාලා මේකෙ රිවස් එක වැඩ කරන්නෙ නෑ කිව්වේ ඉවාන් නෙමෙයි බොලව් .. චැහ්

      Delete
    5. අයියෝ පත්තර මල්ලි අයියා ,මේවා විසි එක්වන සියවසේ වාහන බං. ෆෝවීල් ලීවර් එකක් නෑ. උඹ හිතුවද පරන L200 කැබ් කට්ටක් කියලා මේක .. හැක හක් හක්

      Delete
  18. කව්ද අනේ මේ යක්කු ටික මමනම් කවදාවත් දැකලා නෑ

    ReplyDelete
    Replies
    1. පාටිය ඉවරවුනාට පස්සේ නම් එකෙක්වත් අඳුනන්න බැරුව ගියා.

      Delete
    2. මට නම් හොඳට මතකයි .
      අර වයිෆ්ට බය නෑ කියල කියන, කොන්ඩෙ වවල ඉන්න එක්කෙනා නේද විචාරක?

      Delete
    3. බය නෙමෙයිලු ඒ භක්තියලු බක්තියලු..

      Delete
    4. බක්කිය?
      අප්පට සිරි . දැන් එයා ඒකෙද? වයිෆ්ට මිනිහ කියපු දේවල් ඇහෙන්න ඇති

      Delete
    5. බක්කිය. අන්න ප්‍රා, ඒක තමයි පත්තරයා පාටියේ අන්තිම හරියේ කියා කියා හිටිය වචනේ. අපි ආවට පස්සේ බක්කිය හම්බ වෙන්න ඇති.

      Delete
    6. S. L. මැලේ රාළ

      උඹලට පින නැ , ඔහේ ලංකාරාමෙද මොකක්ද එකක් තියනව නේද , ඒකට ගිහින් බෝදි පුජාවක් තියහං , මෙහෙම ආතල් එකක් ගන්ඩ වරං දෙන්ඩ කියල . ඔව්වා ඔහොම තමා බං , පාං තියන උන්ට බටර් නැ , බටර් තියන උන්ට පාං නෑ ,

      Delete
  19. ඔය මූණු ඔහොම මකල මදි විචාරක.... හි හි

    ReplyDelete
    Replies
    1. ගොම ගාලා තමා මකන්න වෙන්නේ.

      බයිට් එකට ගන්න පුළුවන් කේක් හදන්නේ නැද්ද ඔයා. එදා පත්තරයා නියම අග්ගලා වගයක් ගෙනත් තිබුනා බයිට් එකට.

      Delete
    2. අඩේ ඒ අග්ගලා පට්ට

      Delete
  20. එල දවසක් වගේ,ජය

    ReplyDelete
    Replies
    1. එලය..හොඳම එකෙනුත් එහාම එලය....

      Delete
    2. ඒ උනාට මට නොසැහෙන්ඩ අවලාද කියුවා

      Delete
  21. දාලා බලන්නෙ හොඳේ...
    මුන්ගෙ ඇස් වලට අර මක්කැයි වෙලා තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මුන් එදා කෙළවරක් නැතුව S ගහන්නයි K ගහන්නයි ගිය නිසා ඔහොම වුණේ.

      Delete
    2. මොනවද බං උඹල මට නොදි ගැහුවේ

      Delete
  22. අර ඇමතිතුමාගේ අඩිය ගැලවුන සපත්තු දෙක කෝටි ගානකට ඉල්ලුවානම් මගේ කලිසමත් විකුනනවා ඇමරිකාවට.
    බ්‍රෑන්ඩ් එක ගල් කිව්වට කට්ටිය ඉල්ලන්නෙම රට අරක්කු..
    චිෆ් ඡස්ටිස් තුමා මාව පරිස්සමට ගෙදරට ඇරලලා..රිවස්කරලා කාර් එක තාප්පෙ ඇන ගත්තා.
    මෙන්න පොඩි මෙන්ඩියා විසින් විචා තුමාගෙන් අහන ලද ප්‍රශ්නය
    සියේ..ඔයා ලොක්කෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ බං, ගල් බෝතල් ටිකට මොකද උනේ..???

      Delete
    2. පොඩි මෙන්ඩා - "විචාරක සීයා"

      පත්තර මිසී - "විචාරක අංකල්"

      මගේ වෙරි බැස්සා එවෙලෙම :D :D

      Delete
    3. මගෙ සීට් එකක් යට තිබිලා චෙක්පොයින්ට් එකෙ ඉන්න මිලිටරි පොලිස් මල්ලි ඉල්ලාගත්තා ගල් බෝතල ටික.

      Delete
    4. අර බලු කුක්කා පත්තරේලා ගෙදර ඉස්සරහට වෙලා “සමකය වටේ“ අයියා එනකන් බලන් ඉන්නවලු..
      පත්තරේලා ගෙවල් අවට සියලුම කඩවල් වල සෝඩා විකිනිම නවතා ඇත..(අටමා සෝඩා අරන් එන්න ගියේ නෑ)
      පත්තරලේලාගෙ ගෙදර තේ එකක් හදන්නවත් හැන්දක් නෑලු..(සුදික අයියන්ඩි ලස්සනට සංගිතය දුන්නා හැදි වලින්)

      Delete
    5. කෑම කන්න එක්කරගෙන ගියේ නැත්නම් තවම බොනවා...

      Delete
    6. අච්චර කෑමති තීලත්.. පරිප්පුම ඉල්ලපු අයත් හිටියා...

      අවුරුදු විස්සක් කාපු පරිප්පු මදිද අප්පා...

      Delete
    7. ඡිවිතේ පලවෙනි පාරට බිව්වා වගේ පෙරේත කමට බිලා බිලා...කෑම කන්න යමු කිව්වාම..
      “අයියන්ඩිලා කන්න මම බිව්වාම කන්නෙ නෑ“ කියලා බත් කටක් කන්න පින නැතුව බෝතලේ ගාවට වෙලා බිපු එකෙක්කුත් හිටියා මතකයි.

      Delete
    8. ඌ බ්‍රා මෙන්ඩා නොවන බව කරුණාවෙන් සලකන්න !!! :D :D

      Delete
    9. කව්ද බං නොකෑවේ , අටමීයි මායි රසකර කර බත් කෑවේ , අපි එහෙමයි බොලා වගේ තනි බඩට කන්නේ නැ රස කෑමක් ලැබුනොත් බෙදාගන කන්නේ , කාක් කාක් කියල බෙදාගන .

      Delete
  23. මෙන්ඩිස්ට කවුද කිව්ව "එල ද බ්‍රා. අපි පොඩි එවුන් " කියන එක ඇරෙන්න තව මොනව හරි කමෙන්ට් කරනකොට ලියන්න කියලා, මිනිහ දැන් ලියන එක නවත්වගන්න බෑ වගේ. බ්ලොග් එකකුත් ලියල තමයි නතරවෙන්නෙ මේ යන විදිහට. නම මොකක්ද? lingerist?

    ReplyDelete
    Replies
    1. ප්‍රා
      පොඩි එවුන් කියන්න බෑ දැන් මට විචා අයියාට පොඩි මෙන්ඩියා සීයේ කිව්වට විචා අයියා මට වැඩිය එක අවුරැද්දක් ඉහල පංතියක ඉදලා තියෙන්නේ.
      pantihose?

      Delete
    2. මේකට උත්තරයක් කොටන්න ආපහු එදා ගාණට බොන්න ඕනෙ.

      Delete
    3. අයියෝ සංසාරේ මෙයාගේ වයස මං නේ හරියටම දන්නේ

      අනේ මෙන්ඩෝ

      මෙයා අපේ අම්මගේ ලොකු මල්ලිටත් උගන්නල තියනව
      අපේ තාත්තගේ පොඩි මල්ලිටත් උගන්නල තියනව
      අපේ ලොකු මස්සිනාටත් උගන්නල තියනව

      ඔව්වා එක්කොම පැත්තක තියහංකෝ , මෙයාගේ ගෝලයෙක් ඉන්නව පන්ඩිතරත්න කියල , පොරව දැක්කහම හිතෙන්නේ මෙයාටත් වැඩිමාල් කියල ,

      අපේ ( නාකි ) කොල්ලට වයස පේන්නේ නැ , පත්තර හාමිනේ මෙයාට කියන්න ඕන අංකල් කියල නෙමෙයි මුත්තේ කියල , අපි කියන්න ඒන අංකල් කියල නෙමෙයි , ආතේ කියල .

      Delete
    4. අම්මපා උඹට දෙකක් උගන්නගන්න බැරිවෙච්චි එකටයි මට දුක. ආයේ අහුවෙයන්කෝ. ඇති ඇති කියනකල් උගන්නනවා.

      Delete
  24. අපේ වැවේ එහා පැත්තේ තියෙන කංස ගොඩැල්ලට ගංජ මිටියකුයි කසිප්පු බෝතලේකුයි අරගෙන ගිහිං මං බිව්ව. ෂිහ් දන්නවනම් ටිකක් එවන්න තිබිබ

    ReplyDelete
    Replies
    1. තට මම ඉරිසියා කොරන බව මෙයින් දන්වා සිටිමි.

      Delete
  25. කොමෙන්ට් ටිකත් එක්ක පෝස්ට් එක කියෙව්වම ගානට වෙරි උනා. අවුලක් නෑ පාටියට නාවට.. ඒත් ඉතින් තාමත් ඉරිසියයි..

    ReplyDelete
  26. ශික් මට එන්න බැරිඋනා . දුක තමයි.

    ReplyDelete
  27. අපේ යාළුවො ටික දැකල ඇත්තටම මට මාර සතුටක්. පොටෝ ටිකත් සිරාම සිරා. ලියල තියන ඒව නැත්නම් මට සමහරු අදුනන්න බෑ. විචාරකයි, මාතලනුයි නලිනුයි අටමයි නම් මතකයි. අනික් උන් නම් දැකල නෑ. ඉවානය එහෙම මෙහෙම දැක්කෙ මුල් වතාවට.
    බ්ලොග් ලියන අපි මෙහෙම සෙට් වෙන එක මාර වටිනව බන්. ඒකෙ නෙමේ උඹල මේ කොහෙදිද සෙට් වුනේ. පත්තරය ඉන්නෙ කොහෙද

    ReplyDelete
    Replies
    1. උඹත් හිටියනං හොදයි තමා

      Delete
    2. පත්තරයා ඉන්නේ පත්තර කන්තෝරුවේ මිසක් ආයේ වෙන කොහෙද. ඕනෙනම් නලීන් ගෙන් අහලා බලන්න.

      Delete
  28. අපි පොඩි උන් නිසා බොන තැන් වල කමන්ට් කරන්න හොඳ නැහැ .

    ReplyDelete
    Replies
    1. චෙෆාකි, ප්‍රා දුවලා එන්ඩෝ...මෙන්න මෙයා පොඩි එකාලු

      Delete
    2. @ මහා කළු ලාංකිකයා

      ඉතින් ඉක්මනට ලොකු වෙන්ඩකෝ.

      Delete
  29. බොහෝම අගෙයි මේ දවස්වල පාටි දාන්න පටන් අරන් නේද විචාරක තුමා

    ReplyDelete
    Replies
    1. හම්මෝ.............ළමයෝ මේ පැත්තෙවත් එන්න එපා මෙව්වා බලන්න.

      Delete
  30. i can't understand the language but the photos are awesome.
    Software Crack | Crack Software Download

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }