හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 August 2015

වදන් බලය 4


1 - Copy (2) - Copy
  මේ අඩවියේ පළවන, වදන් බලය නමැති, සිංහල භාෂා දැනුම උරගා බලන ලිපි මාලාව, ඔබ අතරින් බොහෝ දෙනෙකුට මතක ඇති. අද පළවන්නේ, එහි හතරවැනි කොටසයි. මෙය මගේ නිර්මාණයක් නොවන බවත්, පැරණි සිව්දෙස සඟරා වලින් උපුටා දැක්වීමක් බවත්, මීට පෙර ලිපි තුනේදීත් මා සඳහන් කර තිබෙනවා. අනුන්ගෙන් උපුටා ගන්නා ලිපියක, කර්තෘත්වය සනාථ කරන්නේවත් නැති, මව්කිරි වෙනුවට බලුකිරි බීලා හැදෙන උන්නැහෙලාත් ඉන්න ලෝකයක, බ්ලොග් ලියන්න වීම, පූර්ව අකුසල කර්මයක් ප්‍රතිවිපාක දීමක් කියා හිතෙනවා.

   හොඳයි, එහෙනම් යමුද අභ්‍යාසයට. වෙනදා වගේම කියන්න තියෙන්නේ, උත්තර බලන්න ඉක්මන් වන්න එපා. දෙතුන් වතාවක් උත්සාහ කර, උත්තර සටහන් කරගෙන, පසුව බලන්න පහත පලවන නිවැරදි පිළිතුරු.




1 - Copy (2)


Scan_20150804_000621 - Copy (2)


   ඔහොම ඉන්න, ඔහොම ඉන්න. දැන්මම පහළට යන්න එපා, පිළිතුරු බලන්න. 
තව ටිකක් උත්සාහ කර බලන්න. 


































































2 - Copy (2) - Copy

2015 අගෝස්තු මස 05 වැනි දින 1327 පැය

69 comments :

  1. පත්තරයා නම් වූ ප්‍රේත ශ්‍යාව ඇති බං මතේ හැදුනු ලම්බෝදර පර්ණ නරයා , පාණි ග්‍රහණයෙන් ගෙන බොටුව මිරිකා වලලා දමමි

    ReplyDelete
    Replies
    1. යකෝ තෝ පත්තරයා කසාද බදින්නද යන්නේ....?

      Delete
    2. පත්තරයාට බාං මතේ බං....

      Delete
    3. සමහරුන්ගේ මතයක් තියනවා "මඩදොර" විරුදාවලිය ලබා ඇත්තේත් පත්තරතුමා කියල.
      "ලොලොවීදියේ" කාණුවක් ගැනත් මොකක්ද්ද ප්‍රවාදයක් තියනව මගෙ හිතේ
      "බාං මාතේ" දන්නව ඇති

      Delete
    4. පද්මාකරයක් වගේ ඉන්න මට කතා හදපු තොපි ජීවග්‍රහයෙන් ගෙන උල හිඳුවා මරා දමමි!!!!! ඕ යේස්

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. පද්මගෙ කාරෙකේ?
      "බෑණාසන්" ගෙ වැඩ නැන්දම්මා දැනගනී. "මතිභ්‍රමය" වුනොත් අපි නම් නෑ

      Delete
    7. ඔය බානාසනයා රොද බඳින්නේ බාලියකගේ රුචිරානන වෙන්ට නේ ..අම්මප

      Delete
    8. ඉවානයගෙ කික් ස්ටාට් එක නැගලා යනවා නේද? අම්මපා මං හිතුවෙ මඩ දොර කියන්නෙ ඉවාන්ට කියලමයි...හී

      Delete
    9. යකෝ ඉවානයා හෙළුවෙන්ම වනනවනේ.........

      Delete
    10. දැන් ඉතිං මං මොනවද කියන්නේ? එකක් මතක තියාගනිල්ලා මේ සිංහල උඹලට මතක් කරලා දුන්නේ මමයි.

      Delete
    11. ඔඹෂෆයව ඛළුඨඪ වකටඓ ෂඍෑ ඡඹශඔ
      හැ..හිහ්..පුලුවන්නම් තේරැම් ගනින් මගේ සිංහල?
      අපිත් කාට පච වුනත් අනුන්ට පච වන්නේ නෑ..

      Delete
    12. ඔෆිස් එකේදී බඩුවක් දැක්ක ගමන් දිනපතා බඩ ගියාට සවසට බඩ යෑම හොඳ වෙනවා.

      හරි නේද තේරුම?

      Delete
  2. "පාන් වීම" යන යෙදුමට නම් අළුත් තේරුම් සිතා ගත හැකියි,
    ඒ වගේම යෙදුමක් තමයි "හාල් වීම"

    ReplyDelete
    Replies
    1. රසිකගෙ සීය උගන්නපු ඉස්කෝලෙ ප්‍රින්සිපල් මතක් උනා..

      Delete
    2. හිහ් හිහ්, අම්මපා රසික, මේ වචන වලට අලුත් අර්ථකථන දීමෙන් සෑහෙන ආස්වාදයක් විඳින්න පුළුවන්. සරල සැහැල්ලු තේරුම් අද සමාජයෙන් ගන්න පුළුවන්.

      Delete
  3. Replies
    1. අනියම් එව්වාත් තියනවා පස්සේ දෙන්නම්.

      Delete
  4. විශිෂ්ටයි. සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. මෙන්න මගෙනුත් පොඩි අභියෝගයක්. කියන්න බලන්න 'පුක්ක' කියන්නෙ මොකක්ද? 'පුක්ක වෙනවා' කියලත් යෙදුමක් තියෙනවා. සැ.යු. කුණුහබ්බ නොවේ.

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙන්නේ ඩිල්ශාන්, පුක්ක කියල නෙවෙයි, පූක්ක කියලා. මායා රංජන් (පියසේන කහඳගමගේ) ගේ පොත්වල, 'පූක්ක' යන්න, තලප වැනි කෑමක් හැඳින්වීමටයි යොදා තිබුනේ. ඔබත් පැහැදිලි කිරීමක් කලානම් හොඳයි.

      Delete
    2. @wicharaka,
      maya ranjan - mahanama rajapaksha

      Delete
    3. @ ප්‍රා.

      ලොකු වැරදීමක් වුනා. වරද පිලිගන්නවා. නිවැරදි නම මහානාම රාජපක්ෂ.

      Delete
    4. පියසේන කහඳගමගේ මහතාගේ දිගාමඩුල්ල හා පානම ආශ්‍රිතව ලියවුණු පතපොතේත්, මායාරංජන් (මහානාම රාජපක්ෂ) මහතාගේ දිගාමඩුල්ලේ ආශ්චර්යය කියන පොතේත්, ගුණසේකර ගුණසෝම මහතා විසින් පානම ප්‍රදේශය අළලා ලියැවුණු කෘතීන්වලත් 'පුක්ක' යන වචනය දක්නට ලැබෙනවා. පුක්ක යනු කිරිබත්.
      බත බෙරි වුණු විට පානම මිනිස්සු 'අඩී අද නං බත පුක්ක විලා' යැයි පවසනු අසන්නට පුළුවනි. දේව දානය සදහා විශේෂයෙන් පිළියෙළ කරන කිරිබත 'දානේ පුක්ක' ලෙස හදුන්වනවා.
      මෙන්න ගුණසේකර ගුණ‍ේසෝම සූරීන්ගේ පොතක් ගැන මා ලියූ විචාරයක්.
      https://www.facebook.com/photo.php?fbid=10153348375736435&set=gm.828737610535741&type=1&theater

      Delete
    5. බොහොම ස්තුතියි ඩිල්ශාන්, මේ අගනා විස්තරයට.

      Delete
    6. ඔබටත් ස්තූතියි විචාරක තුමා... හරවත් සංවාදයකට මග පෑදීම පිළිබදව

      Delete
  5. //සිංහල භාෂා දැනුම උරගා බලන ලිපි මාලාව//

    උරගා කියන එකේ ප්‍රභවය හා හරි තේරුම මොකක්ද විචාරක? උරච්චි කර බැලීම වගේද?

    ReplyDelete
    Replies
    1. මගෙ හිතේ අර රත්තරං බඩු උගස් තියන්න ගියාම මොකක්දෝ ජාතියක් දාල ගලක අතුල්ලන එක උරගානව කියන්නෙ ..

      Delete
    2. උරගා කියන්නේ ප්‍රා අර කේසර ඇතා වගේ එහෙම නැත්තම් සද්දන්ත කුලේ සිංහයා වගේ තව සතෙක්... ඕක දන්නේ නැද්ද?

      Delete
    3. සර්පයින්ට කබරයින්ට ඉබ්බන්ට හෙම නෙමෙයිද?

      Delete
    4. උරගානවා කියන්නේ උරච්චි කරනවා කියන එක තමා නේද ? උරච්චි කරනකොට නේද පිට අටෝපය ගෙවිලා ගිහින් මැද තියන අර‍ටුව එලියට එන්නෙ. භාෂාවත් උර ගානකොට තමා ඒකෙ හොඳම කොටස එළියට එන්නේ. මේ ඒවගේ අවස්තාවක්.. ඔය මට හිතුන හැටි විතරයි.

      Delete
    5. අම්මපා මේ ඉවානයා සිංහල ඉගෙනගෙන තියෙන්නේ ප්‍රංශ කාරයෙකුගෙන් නැත්නම් චීනෙකුගෙන් වෙන්න ඇති. මේකා ඉස්කෝලෙක සිංහල උගන්නන්න යැව්වොත් ළමයි මේ ලෝකේ නැති අලුත් බාසාවකින් කතාකරයි. ඉවානයා ගොළු ගෑණු ළමයෙකුට කතා කරන්න ඉගැන්නුවා. ඒ ළමයා ඉසසෙල්ලාම කිව්වේ ඇති ඇති කියලලු.

      මධුවා බලන්නෙම බඩගාගෙන යන එකෙක් ඉන්නවද කියලා.

      @ ප්‍රා
      පත්තරේ, සහ සෙන්නා, හොඳට විස්තර කරලා තියනවා. ස්තුතියි.

      උරගල කියන්නේ රන් භාණ්ඩ ඇත්තම රත්‍රන්ද කියා බැලීමට අතුල්ලා බලන ගලට. උරගානවා කියන්නේ එසේ ඇතිල්ලීම. දැනුම උරගා බලනවා කියන්නේ, කිසියම් අභ්‍යාසයක්, තම දැනුමෙන්, අභියෝගාත්මක ලෙස විසඳීම.

      Delete
    6. //""ඉවානයා ගොළු ගෑණු ළමයෙකුට කතා කරන්න ඉගැන්නුවා. ඒ ළමයා ඉසසෙල්ලාම කිව්වේ ඇති ඇති කියලලු.""// හැක හැක හැක .. ඔය ඉතිං අපරාදේ කතා කරන්න ඉගැන්නුවේ , ඒ ටිකට මේක විචා මාමගේ කනේ තියලානේ

      Delete
    7. @ ඉවාන්. මෙන්න මේ වාක්‍යයේ හිස්තැන පුරවනු.

      ඔන්න එක දවසක් පත්තරයත් ගොළු ගෑණු ලමෙකුට කතාකරන්න ඉගැන්නුවාලු, ඒ ළමයා ඉස්ස්සෙල්ලම කිව්වේ......................................කියලලු

      Delete
    8. ‘හිටපිය මම පොලීසිත් ගිහිං ගමටමත් කියනවා‘ කියලලු.

      Delete
    9. "ඉවාන් අයියව දැක්කේ නැද්ද අයියේ" කියලලු

      Delete
    10. " ඇඳ කැඩෙද්දෙන් , පොළු හැලෙද්දෙන් , #### අයියා #### "

      Delete
    11. ඒ දෙමල කෙල්ලක් පලවෙනි පාඩම තේ පදුරක් යට උගන්නලා තියෙන්නේ “අයියා..අයියා...සුත්තා පලාගෙන යනවා සුත්තා පලාගෙන යනවා..(සුද්දා බලාගෙන යනවා සුද්දා බලාගෙන යනවා )“ කියලලු..
      මු කිව්වලු...
      “එහම තමයි නංගි සිංහල අපි වැඩක් කරොත් කියලා..

      Delete
    12. මෙන්ඩෝ, උඹේ ගම වතු ආශ්‍රිත පලාතක නේද? බොරුවට නේද ඔය 'පුරේ' කතාව කියන්නේ?

      Delete
  6. මෙදා ලොක්කා දිනයිද විචා?

    ReplyDelete
    Replies
    1. සාස්තර සුමනෙගෙන් තමයි අහන්න වෙන්නේ.

      Delete
  7. එළකිරි ඩොට් කොම් වෙබ් අඩවිය සමග ඔබතුමාට ඇති අරෝව කුමක්ද? එම වෙබ් අඩවියේ සාමාජිකයන් ලක්ෂ පහ හමාරකට වඩා සිටි. දිනකට අදහස් දහස් ගණනක් පළවේ. මේ වන විට එහි අදහස් ලක්ෂ එකසිය පනහකට වඩා පලව ඇත. (15,148,610)

    මේ පලවන සියලුම අදහස් එකින් එක බැලීමට එහි පරිපාලනයට හැකියාවක් නැත. එනමුත් හැකි සෑම විටම එහි පලවන අදහස් පිලිබදව විමසිල්ලෙන් සිටීම කරනු ලැබේ. එනමුත් ඇතැම් විට වෙනත් වෙබ් අඩවි වල පලව තිබුණු ලිපි ආදිය අනවසරෙන් එළකිරි වෙබ් අඩවියේ පලව තිබීමද සිදුව තිබේ.

    මේ ගැන දැනගත් වහාම ඒවා නිවැරදි කිරීමට කටයුතු කර ඇත. එළකිරි වෙබ් අඩවියේ අදාල ලිපිය සමග, එම ලිපිය මුලින්ම පලවූ බ්ලොග් අඩවියේ ලිපිනය සදහන් කිරීමද කරනු ලැබේ. මෙසේ කිරීම බ්ලොග් අඩවි රචකයන්ට සිදුවන ඉමහත් සේවයකි. මන්ද එමගින් දිනකට ලක්ෂ ගණනක පිවිසුම් ඇති එළකිරි වෙබ් අඩවිය හරහා ඔබගේ බ්ලොග් අඩවියටද ට්‍රැෆික් ලැබීම සිදුවේ. එමගින් ඔබගේ ලිපි කියවන ප්‍රමාණය ඉහල යයි.

    එළකිරි වෙබ් අඩවිය හෝ එහි පලවන දෑ පිලිබදව ගැටලුවක් ඇත්තම්, මෙහි හිමිකරු වන රංග තේනුවර මහතාද දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමු. ඒ සදහා පහත ඊමේල් ලිපිනය භාවිතා කරන්න.

    gtrz@elakiri.com

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. // එළකිරි වෙබ් අඩවියේ අදාල ලිපිය සමග, එම ලිපිය මුලින්ම පලවූ බ්ලොග් අඩවියේ ලිපිනය සදහන් කිරීමද කරනු ලැබේ. //

      පට්ට පල් බොරුනෙ.

      Delete
    2. @ AnonymousAugust 6, 2015 at 5:12 PM

      මහත්මයාණනි, ඔබ එළකිරි අඩවි පරිපාලක නොවන, එහෙත් එම අඩවිය වෙනුවෙන් පෙනීසිටින, වෙනත් පාර්ශවයක් බව පෙනීයයි. කෙසේවෙතත් ඔබ සභ්‍ය භාෂාවෙන් අදහස් දක්වා ඇති නිසා පිළිතුරු දෙන්නම්.

      1. මට ඔබතුමා යයි ඇමතීමට අවශ්‍ය නැත. විචාරක හෝ ඔබ කියා ඇමතීම හොඳටම ප්‍රමාණවත්ය.

      2. එළකිරි අඩවියේ පරිපාලක වරයා යයි කියාගත් කෙනෙක්, මා සමග හුවමාරු කරගත් ඊ මේල් වලදී, යටත්පිරිසෙයින් සිංහලෙන් ලියන්නටවත්, උනන්දු වුයේ නැත. සිංග්ලිෂ් වලින් නොලියා සිංහලෙන් ලියන මෙන් ඉල්ලුවත්, ඔහු තම දැඩි බව පෙන්නුවා පමණයි.

      3. පන්ලක්‍ෂයක සාමාජික සංඛ්‍යාවක් යනු මහ කජ්ජක් නොවේ. මිලියන ගණන් සාමාජිකයන් සිටින, අන්තර්ජාතික වශයෙන් වැදගත් අඩවි අනන්ත ප්‍රමාණයක්, අන්තර්ජාලයේ ඇත.

      4. මහත්මයාණනි, එළකිරි අඩවියේ පලවන හැම දෙයක්ම පාලනය කරන්නට, අඩවි පාලකයාට වෙලාවක් නැත කීම, මේ 21 වැනි සියවසේ කරන හොඳම විහිළුවකි. ඔබ හිතනවාද, ෆේස් බුක් අඩවිය පාලනය කරන්නෙත් එකම පාලකයකු විසින් කියා? පරිපාලනය යනු පරිගණක දැනුම නොවේ. ඒ බව, ඔබ හෝ ඔබේ ඊනියා අඩවි පරිපාලකයා කිසිසේත් නොදන්නා බව, මේ ප්‍රකාශයෙන් පැහැදිලිව ගම්‍ය වෙයි.

      මහත්මයාණනි, මෙහෙම හිතන්න. ඔබේ දරුවන් සොරකමේ ගොස්, හොරබඩු ගෙදර ගෙනාවාම, ඔබ ඒ බඩුවල අයිතිකාරයන්ට කියනවා, 'පොඩ්ඩක් අපිට මතක් කරන්න, අපි එතකොට හොරකම් කරන්න එපා කියන්නම්' කියා. මේ මොන අමනොඥ ප්‍රකාශයක්ද? හොරබඩු අයිතිකාරයා කරන්නේ, හැකිනම් හොරාගේ හතර හන්දි කඩා, පොලීසියට බාරදීම සහ, 'අන්න අර පවුලේ ඉන්න ළමයි හොරු' කියා, මුළු රටම දැනුවත් කිරීමයි.

      ඔබේ අඩවි පරිපාලකට එය තනිවම කල නොහැකිනම්, ඔහුට මා යෝජනාකරන මෙන්න මේ ක්‍රමවේද අනුගමනය කරන ලෙස දන්වන්න.

      (අ) එක අඩවි පරිපාලකයකු වෙනුවට, පූර්ණ බලය ලත් අඩවි පරිපාලකයන් 10 ක (මදිනම් 50 ක්) පමණ මණ්ඩලයක් පත්කරගැනීම. අඩවියේ ප්‍රතිපත්ති ඒ මණ්ඩලයම එකසේ ක්‍රියාත්මක කිරීම.

      (ආ) අඩවියට ලිපියක් ලියන සෑම රචකයකුම, එය ස්වයං නිර්මාණයක් නොවන්නේ නම්, ලිපිය ආරම්භයේදීම එය තමන්ගේ ලිපියක් නොවන අතර, අහවල් ස්ථානයෙන් උපුටා ගන්නා ලදී යනුවෙන්, මුල් ලිපියට සබැඳියාවක්, ලිපියේ ඡේද වල සඳහන් අකුරුවල ප්‍රමාණයෙන්ම දැක්වීම.

      (ඇ) කොපි කල ලිපි පලකරන අයගේ සාමාජිකත්වය අවලංගු කිරීම. එයින් ඔබේ අඩවියේ ගෞරවය රැකෙනු ඇත.

      5. මහත්මයාණනි, 'වෙනත් අඩවිවලින් උපුටාගෙන, එළකිරි වෙබ් අඩවියේ පලවන ලිපිවල, මුල් ලිපියේ සබැඳියාව පෙන්වනවා' යන ඔබේ ප්‍රකාශය, සාහසික බොරුවකි. මෙතෙක් මගේ අඩවියෙන් සොරකම් කර පළවුණු කිසිදු ලිපියක, එවැනි සබැඳියාවක් දක්වා තිබුනේ නැත. ඔබ අනුන්ගේ පව් වලට කරගහන්න හෝ මඩ සෝදන්න උත්සාහ කරන්න එපා.

      6. මට මගේ අඩවියේ ලිපිවලට ලැබෙන ප්‍රතිචාර හොඳටම ප්‍රමාණවත්ය. මා ලිපියක් ලියන්නේ ප්‍රතිචාර බලාගෙන නොවෙයි. මා ජනප්‍රියත්වය, හිට්ස්, බලාගෙන ලියන කෙනෙකු නොවෙයි. ලිපියක් ලියා, අනේ මට කමෙන්ට් දාපල්ලා, රෙපක්, බම්පුවක්, ලයික් එකක්, දාපල්ලා, කියා වැඳ වැටෙන ඕලාරික, නුණුවන පුද්ගලයකු නොවෙයි මම. ඒ නිසා මට ඔබේ අඩවියෙන් කිසිදු ප්‍රචාරයක් අවශ්‍ය නැතිබව දැඩිව අවධාරණය කරනවා.

      7. එළකිරි අඩවිය සමග ප්‍රශ්න ඇත්නම්, ඒවා සම්බන්ධයෙන් විමසමින් සිටින්නට මට කිසිසේත් අවශ්‍ය නැත. ප්‍රශ්නය නම් ලිපි හොරකම් කරන නිර්ලජ්ජිතයන්, ඒවා කිසිදු හිරිකිතයකින් තොරව පලකිරීම සහ, ඊට ඔබේ ඊනියා අඩවියේ, නිරුවත් වෙරළක මෙන් පහසුකම් සපයා තිබීමයි. ඔබ ඒ වරද වලක්වාගතහොත් මට ඔබව අමතන්නට අවශ්‍ය නොවේ. එබැවින් මේ පිළිතුර ඔබේ අඩවි පරිපාලකගේ අවධානයට ලක්කරන මෙන් ඉල්ලමි.

      Delete
    3. මම එළකිරි වෙබ් අඩවියේ පරිපාලනයට සම්බන්ධ අයෙක් නොවෙමි. එනමුත් 2006 වසරේ අග භාගයේ සිටම එම වෙබ් අඩවියේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරමි.

      ඔබතුමා මට වඩා වයසින්,දැනුමින් ඉහල අයෙක් නිසා විචාරක කියා කෙලින්ම ඇමතීමට සිත දෙන්නේ නැත. එමනිසා විචාරක මහතා කියා ආමන්ත්‍රණය කරමි.

      එළකිරි වෙබ් අඩවිය යනු ඔන්ලයින් සභාවකි. මෙහි විවිද මට්ටමේ සාමාජිකයන් සිටිති. දෙස් විදේශ ශ්‍රී ලාංකිකයන් බහුතරයක් සිටින මෙහි ස්වල්ප වශයෙන් ඉන්දියානුවන්ද සිටි.

      පාසල් අධ්‍යාපනය හදාරන සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, ජෝතිෂ්‍යවේදීන්, වෛද්‍යාවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවන්,ව්‍යාපාරිකයන් ආදී සියලුම අයවලුන් මෙහි සාමාජිකයන් ලෙස සිටි. එසේම කිසිම මුදලක් හම්බ නොකරන, ඉගෙනිමකුත් නොකරන, දෙමාපියන්ගේ මුදල් වියදම් කරමින් අයාලේ යන පිරිසත් මෙහි සාමාජිකයන් ලෙස සිටිති.

      මේ අයගේ උගත් කම,බුද්ධි මට්ටම වෙනස්ය. ඔවුන් මෙහි පල කරන අදහස් විවිදාකාරය.

      එනමුත් ඒ ඒ ක්ෂේත්‍ර වල සිටිනා උගතුන් තමන් දන්නා දේ ගැන ලිපි සම්පාදනය කොට එළකිරි වෙබ් අඩවියේ පල කිරීම සිදු කරයි.

      ඔබතුමාට විවේක කාලයක් තිබෙනවා නම් එහි ගොස් බලන්නේ නම් ඒවා දැකබලා ගත හැකිය. වාහන සම්බන්ධව ඉතා කදිම ලිපි පෙළක් මේ දිනවල එහි පළවේ. වාහනයක් භාවිතා කරන, මිලට ගැනීමට සිටිනා ඕනෑම අයෙක් කියවිය යුතු, ගැටළු ඇත්තම් එහි විමසා පිළිතුරුද ලබා ගතහැකි කදිම ලිපි පෙළකි එය.

      මීට කලින් ස්වල්ප කාලයකට ඉහතදීද සිරාගේ කාමරේ 'ඇමරිකා එක්සත් ජනදපය' ගැන පලවූ ලිපියක් එළකිරි වෙබ් අඩවියේ අනවසරයෙන් පලව තිබුණි. මෙහිදී මාත් ඇතුළු බොහෝ දෙනෙක් සිතුවේ එම ලිපිය ලියා පලකෙරුවේ එළකිරි වෙබ් අඩවියේ සාමාජිකයා බවයි. කෙසේවෙතත් පසුව දැනගන්නට ලැබුනේ අදාල ලිපිය සිරාගේ කාමරේ බ්ලොග් අඩවියෙන් තිබු එකක් බවයි. ඉන්පසු මෙම ලිපිය අනවසරයෙන් පලකෙරු එළකිරි සාමාජිකයාට බොහෝ දෙනෙක් අප්‍රසාදය පලකෙරු අතර ඔහු දැන් එළකිරි අඩවියට පැමිණෙන්නේද නැත.

      අවසන් වසයෙන් මට කියන්නට අවශ්‍ය වන්නේ එහි විවිද මට්ටමේ සාමාජිකයන් සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙක් කරන කියන දෑ වලට, වෙබ් අඩවියට සහ එහි සියලුම සාමාජිකයන්ට එරහිව අදහස් පළකිරීම නොසුදුසුයි නේද කියයි.

      ස්තුතියි.

      Delete
    4. මම කිසිවිටකත් එළකිරි වෙබ් අඩවියට ලිපි ලියන සියල්ලන්ම හෙලා දැක නැත. බොළඳ ලෙස, තම ලිපිවලට කැමැත්ත දක්වන ලෙස ඉල්ලන්නන් පමණක්, උපහාසයට ලක්කලෙමි.

      නැවතත් අවධාරණය කරන්නේ නම්;

      1. එළකිරි වෙබ් අඩවියෙන් මට ප්‍රයෝජනයක් ඇතැයි මම නොසිතමි. එය මගේ පෞද්ගලික තීරණයකි.

      2. එළකිරි වෙබ් අඩවියේ මගේ ලිපි පලකිරීමටද මම අකමැති වෙමි. එයද මගේ පෞද්ගලික තීරණයකි.

      මහත්මයාණනි, සිරාගේ කාමරේ ලිපිය හොරකම් කළපසු සිදුවූ දේ, ඔබ විස්තර කිරීමෙන්ම, එළකිරි අඩවියේ දුර්වල පරිපාලනය මොනවට පැහැදිලි වෙයි. ලිපියක් හොරකම් කර පලකල පසු, වියයුතු සියල්ල සිදුවී හමාරය. ඊට පසු අනේ අපොයි කීම හාස්‍යජනකය. මන්ද, ඔහු නැවත අඩවියට නොපැමිණියේ, අඩවි පරිපාලක විසින් ගත් ක්‍රියාමාර්ගයක් නිසා නොවේ. පාඨකයන් දොස් නැගීම නිසාය. ඒ හොර සාමාජිකයා ඉවත්වූයේ, ඒ ලිපියේ කර්තෘත්වය අයිති පුද්ගලයාට, අවශ්‍ය හානිය කිරීමෙන් පසුවය. ඉතින් ඔබ කියන්නේ, මේ ආකාරයට හොරකම් කරන සෑම පුද්ගලයාම, අඩවියෙන් ඉවත්වනතුරු දොස් කීම පමණක් ප්‍රමාණවත් කියාද? එය කොතරම් අමනොඥ පරිපාලනයක්ද?

      3. මගේ ලිපි හොරකම් කර පලකිරීම ඉදිරියේදීත් සිදුවුනොත් එහි වගකීම එළකිරි වෙබ් අඩවි පාලක විසින් දැරිය යුතු බව දැඩිව අවධාරණය කරමි.

      Delete
  8. නොයෙක් විට අසා ඇති නමුත් ඇතැම් වචන පිළිබඳව දැන සිටියේ වෙනස් අර්ථයකින්. ස්තූතියි විචාරකතුමා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක හොඳ අභ්‍යාසයක් මධු

      Delete
  9. 9ක් හරි
    4ක් හරියටම දැනගෙන හිටියා
    5ක් අනුමානයෙන් හරි

    ReplyDelete
    Replies
    1. ඔය මදැයි. ඇත්තටම ටිකක් හිතන්න පෙළඹෙන අභ්‍යාසයක්.

      Delete
  10. ඇත්තටම වෙලාවකට ලැජ්ජාවක් හිතට එනවා. අපි අනුන්ගෙ භාෂාවන් නිවැරදිව ඉගෙන ගන්න දහස් ගණන් වියදම් කරනවා. ඒත් තමන්ගෙ මව් භාෂාව වෙච්ච ලෝකෙ විශිෂ්ඨම භාෂාවක් වෙන සිංහල වචන ටික නිවැරදිව ලියන්නවත් දන්නෙ නෑ මමත් ඇතුළුව බහුතරයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් යශ්, අපේ භාෂාව දියුණු වෙනවාද නැත්නම් එන්න එන්නම විකෘති වෙනවාද කියා හිතනකොට ඇතිවෙන්නේ දුකක්.

      Delete
  11. Replies
    1. එහෙම නෙවෙයි, 'ශිංගල බේ අයියා' කිව්වනම් තමයි හරි.

      Delete
  12. Replies
    1. හොදි එක්කද නැතුවද? :e

      Delete
  13. කීපයක් නං දැනගෙන හිටිය.. නොදන්නා එව්ව කියල දුන්නට විචා තුමාට තුති...

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා දැන් අපේ මතකයෙන් ඈත්වෙමින් තියෙන්නේ. ටිකක් වෙලා හිතුවම මතක්වෙනවා.

      Delete
    2. අනේ පලයන් සඡ්ඡා..හා..කියපන් බලන්න දැනගෙන හිටපු ටික..

      Delete
    3. සජ්ජෝ, උඹට පිස්තෝලයක්, අත්බෝම්බයක් එහෙම ඕනෙනම් කියපන්. ඉල්ලන පමාවෙන් බඩු හෑව්.

      Delete
  14. මම උසස්පෙල කරන කාලේ 9 වසරේ කොල්ලෙක්ගෙන් ඇහුවා පුස්සා කියන්නේ මොකාද කියලා, උෟ කිව්වා පුස් කියන්නේ දිලීර ඒ නිසා පුස්සා කියන්නේ දිලීරයා කයන එක කියලා. ඔක මතක් වෙනකොටත් හිනා යනවා.
    හැබැයි ජේවීපී කාරයන්ගේ චන්ද දැන්වීම නැතිනම් මමත් ඕකෙ තේරුම දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හා......ඉතින් හරිනේ අපේ ඇඟේ හැදෙන අර අළුහම් කියන්නෙත් දිලීර වර්ගයක් නේද? ඉතින් අළුහම් තියන එකා පුස්සා. :e

      හම්මෝ මේ දවස්වල ඡන්දේ ගැන කතාකිරීම බොහොම භයානකයි.

      Delete
  15. මොකක්? තිත් දෙක සහ වරහන? ඔච්චරද කියන්න තියෙන්නේ?:e

    ReplyDelete
  16. ඉතිං අපිට “පාන්ද“?
    අනේ විචා අර හමුදා ලිපියක් දාපන් බං...මේවට උත්තර වැරදුනාම වහ කන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ. ඔන්න හමුදා ලිපිවලින් පිට එකක් ලිව්වොත්, එක කට්ටියක් කියනවා, නියමයි, මේ වගේ ඒවා ලියන්න කියලා. තව කට්ටියක් කියනවා, අනේ මෙව්වා එපා හමුදා ලිපි ලියන්න කියලා. මට තේරෙන්නෑ මොකක් කරන්නද කියලා.

      මේ දවස්වල හමුදා ලිපියක් සංස්කරණය කරමින් ඉන්නේ. ඉවරවුන ගමන් දෙන්නම්. ඒක හරිම අමාරුවෙන් කරුණු හොයාගෙන ලියන ලිපියක්.

      Delete
  17. මාත් ලිව්වා ප්‍රශ්ණ පත්තේරේට උත්තර...

    යේ.... 15ක් හරි... ( කණා ඒවත් හරි ගියාලු.... හි.. හි... )

    ReplyDelete
    Replies
    1. මේ වර්ගයේ ප්‍රශ්න වලදී අනුමාන පිළිතුරු බොහෝවිට හරියනවා. බොහොම සතුටුයි ඔයා ලබාගත් ප්‍රතිඵලය ගැන.

      Delete
  18. ප්‍රේත ශය්‍යාව ඇති, ප්‍රේමාතුරවූ, බාං මතේ හිඳිනා, රුචිරානන, පර්ණ නරයකු, ප්‍රාණි ග්‍රහණය කිරීමට, ලොලොව්දිය, මංගල්‍යාවාසයකට, රැගෙන යනු පිණිස, ලම්බෝදරයක් මිලදී ගතිමි. :P

    ReplyDelete
    Replies
    1. නෑ..පොඩ්ඩි ලැම්බොගිනියක් ගත්තද?

      Delete
    2. කෙලලා වරෙන්කො තාප්ප හැටකට. ඈ මෙන්ඩෝ, පොඩ්ඩි දන්න සිංහලත් එක්ක අපිට හැරෙන්නවත් බැහැ වගේ. ඔය බාසාවෙන්ද දන්නේ නෑ අරයටත් කතාකරන්නේ. පව් අහිංසකයා. :e

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }