රූපවාහිනී සංගීත වැඩසටහන් අතරින්, මා නරඹන්නේ, ජාතික රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය වන, ශාස්ත්‍රීය සහ/හෝ, සරල සංගීත වැඩසටහන් ය. එම නාලිකාවල වුවද ප්‍රචාරය වූ, 'සංගීත තරු' බිහිකරන වැඩසටහන්, මා නැරඹුවේ නැත. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් උදෙසා ඉදිරිපත් කල 'සුපිරි තරු' වැඩසටහනේ, මා හොඳින් දන්නා හඳුනන අයද ගායනා ඉදිරිපත් කල නමුත්, එම වැඩසටහන් ද, මම නොබැලුවෙමි.
මෙයට හේතුව වන්නේ, සිරස රූපවාහිනී නාලිකාව විසින් ආරම්භ කොට, පසුව වසංගතයක් බවට පත්වූ, 'තරු නිපදවන සංගීත වැඩසටහන්' කිසිසේත් මා සිත් නොගන්නා බැවිනි. පළමුවැනි 'සුපිරි තරු' වැඩසටහන, සිරස නාලිකාවෙන් නැරඹු නමුත්, එය, හුදෙක්, වාණිජ පරමාර්ථ උදෙසා ඉදිරිපත් කරන්නක් විනා, දේශීය සංගීතයේ ප්‍රගමනය කෙරෙහි කරන්නාවූ ව්‍යායාමයක් නොවන බව, පසක් විය. එතැනින්ම, එවැනි හරසුන් වැඩසටහන් නැරඹීම අත්හළෙමි.
අන්තර්ජාලයේ සැරිසරන අතරද, මා, පරිගණකය අසල සවිකරගෙන තිබෙන, 1990 දී මා මිලදීගත්, දැනට මා මෙන්ම වයස්ගත, ගුවන් විදුලි යන්ත්‍රයෙන්, දේශීය ගුවන්විදුලි නාලිකා වලට සවන්දෙන්නේ, බොහෝවිට දේශීය ප්‍රවෘත්ති පැයකට පමණ වරක්, දැනගැනීම සඳහාය. ඒ අතර, Gold FM වැනි නාලිකා වලට සවන් දෙන්නේ, 'අපේ කාලයේ' පැරණි බටහිර ගීත වලට සවන්දීමට ඇති ආසාව නිසාය. අද දින මට අහම්බෙන් එක්තරා සිංහල ගීයක් අසන්නට ලැබුණි. එය වෙනත් බොහෝ ගීත මෙන්, අහම්බෙන් අසන්නට ලැබුණා විනා, සිතාමතා අසා සිටීමක් නොවුනි. ඒ ගීතය, ඔබෙන් බොහෝ දෙනෙකු, හොඳින් දන්නවා ඇතැයි සිතමි.
මේ ගීතයට සවන් දෙන අවස්ථාවේ දී, මගේ සිතේ එකවරම ඇඳී ගියේ, 'මේ ගීතය මා මීට පෙර අසා තිබෙනවා' කියන හැඟීමයි. නමුත්, ඇසුවේ කවදා කොහෙදිද යන්න මතක් කරගැනීමට, සියලු උත්සාහයන් දැරුවද, එය අසාර්ථක විය. ගීතය අවසානයේ, එය ගැයුවේ, එම්.ජී.ධනුෂ්ක විසින් බව, නිවේදිකාව පැවසුවාය. කවුද එම්.ජී ධනුෂ්ක? කොහොමද මම එයාව දන්නේ? මම එයාගේ සින්දු කීයක් දන්නවද? යන්න මතක් කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය. මෙන්න ගීතය.
ඉන්පසු මා කලේ, ඒ ගීතයේ පදමාලාව ඔස්සේ, සෙවුම් යන්ත්‍රයෙන් සෙවීමක් කිරීමයි. මගේ උත්සාහය සාර්ථක වූ අතර, ගීතය නැවතත් ශ්‍රවනය කිරීමේ අවස්ථාව මට ලැබුණි. තවදුරටත් කරුණු සොයා බැලීමේදී, ඔහු, මෑත කාලීන 'සුපිරි තරු' ගායකයකු බව දැනගතිමි. කෙසේ වෙතත්, තවමත් මට සිතාගන්නට නොහැකි කාරණය වුයේ, මේ ගායකයා ගැන කිසිවක් කියන්නට දැනුමක් මට නැතිව තිබියදීත්, ඔහුගේ මේ ගීතය, මගේ සිතේ කොහේදෝ තිබෙන බව දැනෙන්නේ ඇයි? යන්නය.
සාමාන්‍යයෙන් මා දිනපතා ස්නානය කරන්නේ, රාත්‍රී 7.30 ට පමණය. යුද්ධ කාලේ පුරුද්දක් නිසා, මම ජංගම දුරකථනයද, නිවසේ රැහැන් රහිත දුරකථනයද, codeless phone නාන කාමරයට ගෙනයමි. එහෙම නොකළොත්, මට ඇමතුමක් ආවොත්, අපේ උන්දෑ, රැහැන් රහිත දුරකථනය උස්සාගෙනවිත්, දොරට ගසයි.
මේ රැහැන් රහිත දුරකථනය ගෙදරකට ලොකු පහසුවකි. ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින්, පළමුව රු 500 ක් ගෙවා, ඉන්පසු, මාසිකවරු 350 ක් වැනි මුදලක් කැපෙන ආකාරයට මිළ දී ගත හැකිය. දුරකථනයේ වටිනාකම රු 7500 කි. ගිගා හර්ට්ස් පරාසයේ ක්‍රියාකරන නිසා, සෑහෙන තරම් දුරකට ගෙනයා හැකි අතර, බිත්ති වලින් බාධාවක් නොවේ. (ප්‍රචාරක අනුග්‍රහය විචාරක සහ සමාගම) දුරකථනයේ තිරයෙන්, ගෙදරට එන ඇමතුම් සහ මට එන ඇමතුම් බලාගතහැකි නිසා, ගෙදරට එන ඇමතුමක් නම්, නාන කාමරයේ සිට උත්තර නොදෙමි. එවිට අපේ උන්දෑ, රැහැන් සහිත දුරකථනයෙන් පිළිතුරු දෙයි.
හැබැයි අපරාදේ කියන්න බැහැ, සබන් ගාගත්ත ගමන්, කවුරුහරි කතාකරනවාමය. ඉතිං සබන් පිහදාගෙන උත්තර දෙමි. (යුද්ධ කාලේ, කඳවුරු ජීවිතයේදී, ඊට අමතරව, පණිවිඩ හුවමාරු කරන කුඩා යන්ත්‍රයද රැගෙන යමි. එක එක ලොක්කා, කොයි වෙලාවේ කතා කරයිද කියන්න බැරිය. 'මම බාත්රූම් එකේ හිටියා' කියා කීම, කිසිසේත් නිදහසට කරුණක් ලෙස පිළිගනු නොලැබේ. යුද්ධයේදී, තත්පර කීපයක ප්‍රමාදයකින්, ජීවිත ගණනක් අහිමිවිය හැකිය)
තවමත් මට මේ ගීතය ප්‍රහේළිකාවකි. නාන ගමන්, මමත් ඒ පදමාලාව මුමුණන්නට පටන්ගත්තෙමි. ටිකක්වෙලා මුමුණන විට, යුරේකා පහළවිය. (කොහොමටත් යුරේකා කියන්න පුළුවන් විදිහටනේ හිටියේ. හැබැයි යුරේකා ඉරියව්වෙන් එලියට ආවානම්, අපේ උන්දෑ, මාව අංගොඩ ගෙනයනු නොඅනුමානය) හෙහ් හෙහ්, මොකක්ද මේ තනුව? මේ තනුව තමයි මගේ මතකයේ තිබුණේ. මේ ගීතය සහිත, 'ප්‍යාර් කා සාගර්' (ආදර සයුර) චිත්‍රපටිය, 1960 දශකයේ දිනක, කෑගල්ලේ (දැනට නැති) පරාක්‍රම සිනමාහලේ නැරඹු හැටි, මට මතක්විය. මෙන්න එම මුල් තනුව සහිත ගීතය. මේ ගීතයෙන් අඩක්වත් අසන ලෙස, මම ඔබෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද, ඉදිරියේදී මා කියන කරුණු සනාථ වන්නේ එවිටය. රූප දෙස බලන්න එපා. දෙනෙත් පියාගෙන ගීතය අසන්න.
1961 දී තිරගතවූ, (ලංකාවේ තිරගතවුණේ ඊට පසුව) ප්‍යාර් කා සාගර් චිත්‍රපටියේ සංගීතය, භාරතීය සිනමා සංගීතඥයන් අතර අග්‍රගන්‍යයකු වූ, භාරතයේ විවිධ සම්මානයෙන් පුද ලද, 2012 වර්ෂයේදී අභාවප්‍රාප්තවූ, පොදුවේ 'රවී' යන නමින් ජනප්‍රිය, රවී ශන්කර් ශර්මා විසිනි. පදමාලාව, ප්‍රේම් ධවාන් ගෙනි. සිත් අලවන මෝහනීය ගායනය, මොහම්මද් රෆී සහ ආශා භෝස්ලේ ගෙනි.
මීළඟට මා කලේ, මේ ගීත දෙක සංසන්දනය කර බැලීමයි. අහෝ එවිට දැනුනේ දැඩි වේදනාවකි. මුල් ගීතයේ තනුවට කර ඇති අපරාධය, වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. මේ 'සුපිරි තරු' වැඩසටහන් බලන 'කට්ටියට' අප්පුඩි ගහන්න, තාලය අල්ලන්න, ටිකක් නටන්න, සුදුසුවන පරිදි, අර අගනා තනුව, දඩබඩ ක්‍රමයකට වෙනස් කරලා ය. පදමාලාව, බල්ලාගේ පුකේ පදමාලාවකි. හිඟන ප්‍රේමාලාපයකි. භාෂාව හෝ සාහිත්‍යය නූගත්, පදික වේදිකා යාචකයකුගේ පදමාලාවකි.
සුපිරි තරු කියන්නේ, ගායකයන් හෝ ගායිකාවන් බිහිකරන වැඩසටහන් නොවන බව, මම හොඳින්ම දනිමි. හොඳයි, අපි මොහොතකට හිතමු, එහෙම නොවුනාට කම් නැත කියා. එහෙනම්, මේ තරුණ පරපුර, සුපිරි තරු ඔස්සේ යන්නේ කොහේද? මට තේරෙන විදිහට මේ අය විශාල මුදල් ත්‍යාගයක්, ප්‍රසිද්ධිය, සහ ඉතා කෙටිකලක් පවතින ජනප්‍රියත්වය උදෙසා, තම තාරුණ්‍යයේ නම්බුව, ගෞරවය, හරය, ශුද්ධත්වය, ලාබෙට විකුණා දැමීමක් පමණයි කරන්නේ. ටික කලකින්, මෙහෙම කෙනෙක් හිටියාද කියා කවුරුවත් දන්නේ නැත.
'අනේ ගොනෝ, සුපර්ස්ටාර් කියන්නේ ඒකට තමයි' කියා, මට කීමට සූදානම් වන මහත්වරුනි, නෝනා වරුනි, මට කියාදෙන්න, කාලෙන් කාලෙට සුපිරි හෝටල්වල, අර නිකල් ප්ලේට් බටය දිගේ ඉහලට පහලට ඇඹරෙමින්, තම ඇඳුම් එකින් එක උනා දමමින්, තව නොයෙක් නොයෙක් 'වැඩකෑලි' පෙන්වමින්, කුලියට නටන ගණිකාවක සහ, මේ සුපිරි තරු අතර වෙනස කුමක්ද කියා? එම ගණිකාවට අලුත් අලුත් වැඩකෑලි උගන්වා, ඒවා ප්‍රදර්ශනය කොට, ඉහල ලාභයක් උපයන්නේ, අර හෝටලයේ අයිතිකාරයාය. අපි ටික කාලයක් එම ගනිකාවගේ 'සුපිරි දස්කම්' බලන්නට යන්නෙමු. නමුත් ටික කලකින්, එකම දේ දැකීමෙන්, අපිට ඒ ගණිකාව එපා වෙනවාය. ඒ බව දන්න හෝටල් කාරයා, ඊට වඩා හොඳ 'කෑල්ලක්' ඉදිරිපත් කරයි. එහෙම නොකලොත් බිස්නස් එක වැටේ. අලුතෙන් එන කෑල්ලට, හෝටල් කාරයා ගෙවන ගාන කොපමණ ඉහලද යත්, 'ඕනෑම දේකට' ඒ කෑල්ල ඔට්ටුය. ඔය සුපිරි නාලිකා කරන්නේත්, ඔය සෙල්ලමම ය. වෙනසකට ඇත්තේ, නිරුවත නැති එක විතරයි.
මෙතෙක් බිහිවූ සුපිරි තරු අද කෝ? ඔවුන්ට හැකියාව ඇත්තේ, ඊනියා සංගීත කළබෑගෑණියක, කවදත් සුපුරුදු සිංදු සැට් එකක් කියා, ගාන අතට ගෙන, වේදිකාවෙන් බැසයාම පමණි. ඒ කියන්නේ, ඔවුන් සින්දු ඉදිරිපත් කරන්නන් මිස, ගායක ගායිකාවන් නොවේ. විච්චූරණ ඇඳුම් ඇඳ, නානාප්‍රකාර ඉරියව් පාමින්, ගායනා කිරීම ප්‍රාසාංගික කලාවක් බව අද සම්මතයකි. වැරැද්දක් නැත. ගායකයාගේ හෝ ගායිකාවගේ ඒ සුපිරි පෙණුමට (කෘත්‍රිමව කරගත් අලංකරණයට) සාපේක්ෂව, ගායනයද උසස් විය යුතුය. වෙනත් වචන වලින් කියනවානම්, හඬ පමණක් වෙනම ගෙන අසා සිටින විට, එහි ගීතමය වටිනාකමක්, හරයක්, තිබිය යුතුය. ධනුෂ්කගේ ඉහත ගායනයේ මෙන්ම සුපිරි තරු බවට පතු අනෙකුත් අයගේද එවැනි අඩුපාඩු නැතුවා නොවේ.
නමුත්, සුපිරි තරු ප්‍රසංගයකට එන විනිශ්චය මණ්ඩලයටද, කල්තබා දෙන උපදෙස් තිබෙන බව දන්නවාද? ඔවුන්ද ගීය අනුව නොනටා නැටිය යුතුය. හායි හූයි වචන හෝ, ඔබ තමයි යුගයේ හඬ වැනි, අමු ඔලමොට්ටල කතා දෙසා බෑ යුතුය. ඔවුන්ගේ අත මිට මෙලවීම වැඩි වෙන්නේ එවිටය.
ධනුෂ්කගේ ගායනය, මොහම්මද් රෆී ගේ වගේ නැතැයි කියා, 21 වැනි සියවසේ ජෝකරයකු වන්නට, මම කිසිවිටකත් නොසිතමි. නමුත් ධනුෂ්කට සහ, අනෙකුත් ධනුෂ්කලාට ධනුෂ්කිලාට, ඇත්තටම අවශ්‍යතාවක් ඇත්නම්, මොහම්මද් රෆීලා, ආශා භෝස්ලේ ලා වන්නට පුළුවන.
අපිට අවශ්‍යත් එය බව, අවධාරණය කරමි.
හැමදාම අපේ පරණ සැට් එකට ආවඩන එහෙයියකු වීමටත්, මට අවශ්‍යතාවක් නැත.
මා කියන්නේ මෙයයි. ගායන හැකියාව ඇති මේ තරුණ පරපුර, වෙළඳ උපක්‍රම වලට රැවටී, අවසානයේ ඉච්ඡාභංගත්වයට පත්වීමෙන්, තම හැකියාව මොට කරගනිති. හොඳ සහජ හැකියාව තියන තරුණ පරපුර, සංගීතයේ හරවත් පැත්තට යොමුකරවීමට සිටින ගුරු පරපුර පවා, පස්ස උඩ දාගෙන, 'සුපර්ස්ටාර්' සේවනයේ යෙදීමෙන්ම, ඔවුන්ගේ විචාර බුද්ධිය කොතරම් පහත් මට්ටමක ඇද්ද යන්න, පසක්වේ. සංගීතය තියා, මෙලෝ හසරක් නොදන්නා බොහෝ දෙමව්පියෝ, හයහතර නොදන්නා පොඩි එවුන්, සුපර්ස්ටාර් වලට දැක්කීම තරම් අපරාධයක් තවත් ඇද්ද කියා මට බොහෝවිට සිතෙයි. කුඩා කාලයේදීම, ඒ දරුවන් ඉච්ඡා භංගත්වයට පත්වන සැටි, කණගාටුවෙන් යුක්තව වරක් අත්වින්දෙමි.
ටකරම් සංදර්ශන ඔහේ තිබුනාවේ, කේ ජී කෑල්ලක්, මලක්, පැකට් එකක් ගසා, ඒවා බලන අය බලපුවාවේ. දක්ෂතා ඇති, සහජ කුසළතා ඇති තරුණ පරපුර, සංගීත ඥානය, සතතාභ්‍යාසය, වැඩි දියුණු කරගනිමින්, අද්‍යතන ලෝකයේ තිබෙන මනෝ විකාරයන්ගෙන් මිදුණු, සුභාවිත සංගීතයේ කොටස් කරුවන් කරගැනීමට, ඔවුන්ගේ උරුමය ඔවුන්ට කියාදෙමු. සැබෑ සංගීත ලෝකයක් ඔවුන් ලවා ගොඩ නංවමු. එසේ නොකොට, අපිත්, අර නරා වල සැපයෙකැයි කියා, ඒ වෙතම අපේ තරුණ පරපුර සහ බාල පරපුර දක්කන්නේ නම්, අපේ මිනී වලටත් හෙණ ගහනු නොඅනුමානය.
2016 ජූලි මස 16 වැනි දින 0020 පැය
ඔය ඇම්ජී ධනුෂ්ක ගැන බ්ලොග් සහ වෙනත් ලිපි කොයි තරම් ලියවුණා ද? විචාරක ඒ එකක්වත් කියවා නැති වීම පුදුමයක්.....
ReplyDeleteහින්දි සින්දුව මුලින් අසා දෙවනුව ඇම්ජී ධනුෂ්ක ගේ සින්දුව ඇසුවා. හින්දි එකට මගේ හිත ගියේ නෑ.
ReplyDeleteධනුෂ්ක කියන්නේ ඔහුගේ ම ගීතයක් ද? මිහිහා කලින් කීවේ ඇම්.ඇස්. ගේ බයිලා. නඩුවකුත් තියෙනවා නේද?
This comment has been removed by the author.
ReplyDeleteමගේ අනුමානය -
ReplyDeleteරාෆිගේ ඔරිජිනල් සින්දුවට අනුව අලුත් හින්දි මූවි එකකට නව රිද්ම සින්දුවක් හදන්නට ඇත ඒ නව රිද්ම ගීයේ තනුවට සිංහල වචන දමා දනුෂ්ක ගයන ගීතය සාදා ඇත.
බලමු ප්‍රතිචාර.
1 වන කොමෙන්ටුවට පිළිතුර:- ගායකයන් නොවන 'තරු' ගැන ලියවෙන කිසිවක් නොකියවමි.
Delete2. හින්දි සින්දුව ඔබට ඇල්ලුවේ නැති එක ඔබේ වරදක් නොවෙයි. ඔබේ රසවින්දනය අනුව ගීත දෙකම හෝ එයින් එකක් හොඳයි කීමේ වරද්දකුත් නැහැ. නඩු ගැන කිසිත් නොදනිමි.
4. රාෆි ගේ ගීතයට ආදාළ නව හින්දි ගීතයක් අසා නැත. මෙවැනි ගීතයක් ගැයීමට පෙර මුල් ගීතය ගැන හැඳින්වීමක් දැම්මානම් හොඳයි. නමුත් එසේ කෙරෙන්නේ නැත.
විචාරක පසුව දක්වා ඇති කරුණු/මදවාදය ගැණ මගේ අදහස මෙන්න.
Deleteඑදා සංගීතය ඉගෙන, ගුවන් විදුලියෙන් වරම් ලබා, සරල ගී ගයා තරුණ තරුණියෝ ගායනයට පිවිසුණහ. අද, ඒ සඳහා කෙටි ක්‍රම ඇත. ධනුෂ්ක වැනි අය වෙළඳපොළෙන් ගැලී ගියොත් ඒ ගැන දුක් විය යුතු නැත. ඒ පවතින ක්‍රමයේ ප්‍රතිඵලයකි.
ඒ සමගම, එදා ද, සංගීතය උගත් පමණින්, හොඳ කටහඬක් තිබුණු පමණින් සැම දෙනාම වෘත්තීය සංගීතයට පිවිසුනේ හෝ ජනප්‍රිය වූයේ හෝ නැත. විවිධ හේතු නිසා බොහෝ දෙනා සංගීත ගුරුකමෙන් ඉහළට ගියේ නැත. ඒ එදා ක්‍රමයයි.
ක්ෂණික ආහාර සෑදීම වැනි කෙටි ක්‍රම මගින්, සංගීතඥයන් බිහිකළ නොහැකිය. එසේ සිතීමත් අමනෝඥකමකි. එහෙම හිතන්නේ ඔය සුපර්ස්ටාර් වැඩසටහන් මුදලාලිලාය. ඔවුන්ට සංගීතයට හෙණ ගැහුවත් කමක් නැත. අවශ්‍ය මිනිසුන් සහ දක්ෂතා ඇති තරුණ පරපුර රවටා මුදල් හෙවීමය. හරියට එක අවුරුද්දකින් ගුවන් නියමුවකු හැදිය හැකියැයි සිතීම වැනි ය.
Deleteඅද ඉන්න අය, වෙළඳපොලින් හැලී, ශාස්ත්‍රීය සංගීතය වෙත එන්නේ නම් හොඳයි. සංගීතය යනු තවත් කර්මාන්තයකි කියා සිතාගෙන ඉන්න අය ගැනයි, මා අනුකම්පා කරන්නේ.
ඕනෑම වෘත්තියකට පිවිසෙන සියලු දෙනා, එහි අති දක්ෂයෝ නොවෙති. නමුත්, ශාස්ත්‍රය නිසි ලෙස ප්‍රගුණ කල, එය සතතාභ්‍යාසය තුලින් වර්ධනය කරගත් අය, සෑම වෘත්තියකදීම කැපී පෙනෙති, ඉහල නගිති. එහිදී, එදා ක්‍රමය සහ අද ක්‍රමය කියා දෙකක් නැත.
ඇත්තමයි හින්දි සින්දුවනං අහල තියනවා , දනුෂ්කගේ එක අහල නැ
ReplyDeleteතේරුනා තේරුනා මාමේ.
Deleteඒ වුනාට ලිපිය ගැන අදහසක් නොකිව්වා එක ගැන දුකයි.
Deleteලඟදි ආපු සුපිරි තරු කියන උන්ට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්න එකෙක් ඇම්.ජී ධනුශ්ක.මිනිහා තාම මිනිහව හොයනවා.පේන විදිහට නම් හඬෙන් වැඩක් ගනියි.
ReplyDeleteතරු වැඩසටහන් තනිකර ප්‍රෝඩාවක් බවට කියන අදහසට නම් එකෙන්ම එකඟයි.ඒවා නිකන් විහිළු වැඩසටහන් වගේ.
(හැබැයි සංගීතය,නර්තනය ගැන අපේ මිනිස්සුන්ගෙ අවධානය පොදුවේ වැඩි වෙලා නම් තියනවා ඒ නිසා.)
ජයවේවා..!!
මම කියන්නෙත් ඒකම තමයි. හඬේන් වැඩක් ගන්න නම් ඒ ශාස්ත්‍රය ගැන දැනුමක් අවශ්‍යයි. එහෙම නොකලොටත් වෙන්නේ ඉතා කෙටි කලකින් ක්ෂේත්‍රයෙන් එලියට විසිවීම පමණයි. මේ පරපුර තමයි අපිට ඉන්නේ අනාගතය වෙනුවෙන්.
Deleteමටනම් හිතෙන්නේ හින්දි සිංදුව ධනුෂ්කගේ සිංදුවේ කොපියක්.. :D
ReplyDeleteඔය සුපර් ස්ටාර් උලව් පටන් ගන්න කලින් ජාතික රූපවාහිනියෙන් කළා ඔය ජාතියේ වැඩසටහනක්.. ඒකෙන් තමා ශසිකා නිසංසලා මතු වුනේ... ශශිකනම් තාම ඉන්නවා...මේ ළඟදි සම්මානෙකුත් හම්බුනා වගේ මතකයි... මහා සද්දෙ දාගෙන බිහිවෙච්ච සුපර් ස්ටර්ලා එකෙක්වත් අද ඉන්නවද ? හිටියත් ඔය ජාතියේ බාල වැඩ කරගෙන අනුන්ගේ මගුල් කොපි කර කර තමා...
මේ ලොකේ හැම ජාතියම තියනවා නේ විචාරාක මහත්තයෝ.. ඒවයින් අපිට හොඳ දේවල් ටික තෝරලා ගත්තම ඉවරයි.. අරවට කැමති අය ඒවා වැළඳ ගනීවි...
මේ පෝස්ට් එකේ ගත යුත්තකට තියෙන්නේ අර ටෙලිෆෝන් ගැන කියපු ටික විතරායි... :D
අම්මපා අදනේ තේරුණේ රාෆියා කොරලා තියන වැඩේ.
Deleteනැහැ සෙන්නා, අතහැරදැමීම නෙවෙයි කලයුත්තේ, යුතුකමක් වශයෙන් මගපෙන්වීමක් තමයි කලයුත්තේ. එය දේශීය සංගීතයට කැමති කාගේත් වගකීමක් වෙනවා.
සශිකා නිසංසලා මතු උනේ කැම්පස් එකේ 'නළමුදු සුවඳ' වැඩසටහනෙන් නේද? ඉමාන් පෙරේරාත් කරලියට ආවේ ඒ වැඩසටහනෙන් මයි.
Deleteතරහා වෙන්න එපා මචෝ.... ඕක අපේ රෝගයක්... උඹට විතරක් තියෙන එකක් නෙමෙයි... මේ රටේ ගොඩාක් අයට තියෙන එකක්... ඒ නිසා අවුලක් ගන්න එපා....
ReplyDeleteහැබයි ඒක කෙලින්ම කියන්න පුළුවන් වීම ළොකු දෙයක්.. අපි පොඩි කාලෙත් උඹ කියන ජාතියේ හුලං විදුලි වල මේ වගේම තරඟ ගියා... ඒත් ඒවයෙන් එලියට ආවේ කීප දෙනයි.. අද මේ තරඟ වලින් දිණපු උනුත්, දිණපු නැති උනුත් බොහෝම මිහිරි ගීත රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා... ඒවා මම මෙතන ලියන්න ඕන නෑ.. ඒවා දැන් ඉන්න පරපුර අහනවා.. මේ අය අතරින් ඉදිරියෙන්ම ඉන්න දෙන්නා තමයි ෂෂිකා නිසංසලා සහ සුරේන්ද්‍ර පෙරේරා.. අද මේ හැමෝටම තමන්ගෙම ගීත තියෙනවා... ඒ ඇර ඇම් ජී ධනුෂ්ක කියන්නේ අද ජනප්‍රියම ගායකයා... එයා බොහෙම දුප්පත් කොල්ලෙක්.. එම් ජී ධනුෂ්ක දන්නෙ නෑ කියන්නේ පිලිගන්න අමාරු දෙයක්.. එහෙනම් උඹ එම් එස් දැනගන්නත් විදියක් නෑ.. අද ඌට තමන්ගෙම සංගීත කන්ඩායමක් තියෙනවා.. ඒකේ ඉන්නවා තවත් තරුවක් උන හර්ෂ ධනෝෂ්.. මාතලන්ට අනුව නම් ඒ තමයි ලංකාවේ සුපිරිම කට හඬ... ඒක සංගීතය ගැන දන්න උනුත් කියලා තියෙනවා... ඒ ඇරෙන්න අද රනප්‍රිය.. ෂෙහාන්, භාෂී සුසාන්, ප්‍රදීප් රංගන, චාමික සිරිමාන්න වගේ හොඳ නිර්මාණ බිහිකරපු උන් ගොඩක් ඉන්නවා... හොයාගෙන අහපන් මචෝ..
අපේ තියෙන බොහෝ ජනප්‍රිය පරණ සින්දුත් ඉන්ගිරිසි, දෙමළ, ස්පැනිෂ් හා හින්දි තනුම තමයි... ඒ අතර ජපන්, ජර්මන් ඒවත් තියෙනවා... අනික් ඔක්කෝම ගසල් නැත්නම් රාග තාල... ඒවත් අපේ නෙමෙයි... අපේ ඒවා තියෙන්නේ බොහොම ටිකයි.. ඒ තමයි ඔය රෝහන බැද්දගේ වගේ අයගේ ඒවයි විරිඳුයි පාරු කවි කරත්ත කවි වගේ ඒවයි...
එම් ජී ධනුෂ්කයා ගැන මාතලන් ලියපු මේ පෝස්ට් එක කියවහන් මචෝ... එතකොට ඔය සිතුවිලි ගොඩක් වෙන්ස් වෙයි... මේ පෝස්ට් එකත් ධනුෂ්ක වගේම බොහෝම ජනප්‍රිය උනා.. ඔය රියැලටි ෂෝ වල අන්තිම වටය හරියේ ඉඳලා බලපන්.. මමත් බලන්නේ එහෙමයි... සිරස නම් දැන් චා... දෙරණ එකේ ඉස්ටෑන්ඩඩ් එකක් තාමත් තියෙනවා...
Deletehttp://maathalan.blogspot.com/2014/07/empty-tin-cans-marketing-tin-tin.html
++++++++++++++++++++
Delete+++++++++++++
Deleteවිචා ත් හිටපු ඉස්කොලේ මහත්තෙයෙක්ලුනේ, මෙක නම් ඒ කාලේ වගාකරගත්ත නුහුගුණයක් වෙන්ටෝන.
මාතලන්, උඹට අදහස් දැක්වීමට ඇති අයිතියට ගරු කරමි. ලිපි ලිවීමට ඇති අයිතියටත් ගරු කරමි. නමුත් ලිපියෙන් මා කියා ඇති දෙය තේරුම් නොගැනීම ගැන කණගාටු වෙමි.
Deleteමා කියන්නේ මෙයයි. මේ නවපරපුර, සංගීතය පිලිබඳ ශාස්ත්‍රීය දැනුමෙන් තොරව, හුදු ගායන හැකියාව පමණක් ඉදිරියට දාගත්තම, ඔවුන්, ජනප්‍රියත්වය නැතිවූදාට පාරට වැටෙනවා. ඔවුන්ව උඩ දාගෙන, කරේ තියාගෙන යන, රූපවාහිනී, ගුවන්විදුලි, එළිමහන් සංගීත සංදර්ශන ව්‍යාපාරිකයන් කරන්නේ, හැකිතරම් ඔවුන් විකුණා, සල්ලි හෙවීම පමණයි. මේ පරපුරට සංගීත ඥානය තිබේනම්, මේ උමතුවෙන් මිදී, ස්වතන්ත්‍ර නිර්මාණ ඔස්සේ, අනාගතයේදී ජනතාව සැබැවින්ම ආදරය කරන, රූපය දැකීමෙන් නොව, හඬ ශ්‍රවනය කිරීමෙන් අගය කළහැකි, හොන්දගායක ගායිකාවන් බවට පත්වන්නට පුළුවන්.
අද හොඳ ඩිමාන්ඩ් එකක් තියන ගායකයෙක් කියන්නේ, අර ව්‍යාපාරික අරමුණු ඉස්මතු කරගැනීමේ යෙදී සිටින වර්තමාන ජනප්‍රියත්වය පමණයි. එය ඉක්මනින් නැතිවෙනවා මේ යන ක්‍රමයේදී.
ධනුෂ්ක තියා සුරෙන්ද්‍රගනවත් මම විස්තර කියන දන්නේ නැහැ. ශෂිකා නිසංසලා ගයන්නේ සරල ශාස්ත්‍රීය ගීත නිසාත්, ඇය විච්චූරණ ඇඳ වේදිකා මත චොකා බයිලා නොනටන නිසාත් අයව අගය කරනවා. අනික ඇය සාස්ත්රීය සංගීතය ප්‍රගුණ කර තිබෙන නිසයි අයතුල ඒ ශික්ෂණය ඇතිවී තිබෙන්නේ. එක තමයි මා පෙන්වන ප්‍රමුඛ සහ වැදගත්ම සාධකය.
අපේ සංගීතය කුමක්ද කියන එක ගැන ලියවී තිබෙන පොත්පත් කියවා බලන මෙන් කාරුණිකව ඉල්ලනවා. උඹ කිව්වනේ මට රෝගයක් තියනවා කියලා දේශීය සංගීතය ගැන උඹේ නොදන්නාකම නමැති රෝගය හොඳවෙයි එවැනි පොත් කියෙව්වොත්.
කනගාටුයි. රියලිටි ෂෝ කියන්නේ ගායකයන් නොව ඉක්මනින් බැසයන තරු හදන මෝඩ වැඩසටහනක් නිසා ඒවා නොබලමි.
@ චෙෆා. මහත්තා වැටක් ගහන්නේ නැතුව, යමක් ලිව්වානම්, අර මේ දවස්වල තමුන්නාන්සේ ලියන කවි වගේ එව්වා එකක්වත් ලිව්වානම් තමයි හොඳ.
@ ඇණයා. ඔබේ තර්කය අනුව පුද්ගලයකු ගුරු වෘත්තියේ හිටියානම්, ඒ පුද්ගලයා තුළ නුහුගුණ වර්ධනය වෙනවා. එහෙමනම්, කෙනෙකු කිව්වොත්, ඔබ දැනට යෙදෙන වෘත්තීය අනුව, අමනයන් බිහිවෙනවා කියා, ඔබ මොකද කියන්නේ. ලිපිය ගැන අදහස් නොදක්වා පෞද්ගලිකත්වයට පහරගැසීම අමන කමක් ලෙස දකිමි.
යතුරුලියන දෝෂ ගැන සමාවායදිමි.
Deleteමේ දරුවෝ ගොඩක් අය විශාරද දක්වා ඉගෙන ගත් අය.. සමහර ය වෙනත් වෘත්තින් වල කෙල පැමිණි අය. විචාට තියෙන රෝගයට බෙහෙත් නෑ..
Deleteළෝකය වෙනස් වෙනවා.. භාෂාව වෙනස් වෙනවා.. තාක්ෂණය වේගයෙන් දියුණු වෙනවා.. මිනිස්සුන්ගේ රස විඳීමත් වෙනස් වෙනවා... විචා ඔතනම ඉන්න.. අපි අළුත් උන් එක්ක ඒ ගමන යනවා.. ඒක අර පරන හනමිටි කාරයෝ එක්ක ඉන්නවට වඩා රහයි...
මේ දේවල් පෞදගලිකව ගන්න එපා... මත ගැටීමක් නැත්නම් මේ සමාජයෙන් වැඩක් නෑ..
එහෙම උනොත් වෙන්නේ මම උඹ කියන දේ පිලිගන්න වෙනවා.. න්/හ්නන් උඹ මම කියන දේ පිලිගන්න වෙනවා.. එහෙම වෙන්න ඕන නෑ නීඅ.. උඹත් දෙකක් දාගත්තම වීදුරුව ඔළුවේ බැලන්ස් කරන පොරක් නේ.. අපි කියන්නේ හැම වෙලාවෙම ආන් එහෙම ඉන්න කියලා.. බොරු ප්‍රබුද්ධ කම් නොදා.. ඒකයි රස කියන්නේ..
විචාරක මහතා දැන් ඔබ දේශීය සංගීතය කියල කියන්නෙත් අමරදේව මහත්මයාල හෙම ඉන්දියාවෙන් ඉගෙන ගෙන ලංකාවට හුරුකර රාගධාරී සංගීතය නොවේද? ලනක්වේ ගීත විශාරද බොහෝ ය සනත්, නන්දා ආදීන් පවා ඉන්දියාවෙන් නොවේද ඉගෙන ගෙන පැමිණියේ.
Deleteමාතලන් කියන එක දෙයකට මම එකඟ වෙනෙන් නැහැ. එනම් ඉගෙන ගන්නේ නැතිව සින්දු කියන්න කියන එක. මොකද ස්වභාවික හැකියාව තියනවා නම් එය කරත හැකි. දැන් මේ රටේ තිබ්බ වැඩ සටහන් නේ ගොඩක් රටවල් කොපි කරන්නේ. ෆේම් ඇකඩමි එකේ ලෙමාර් බලන්න. මිනිහ උඩට ආවට පස්සේ සංගීතය ඉගෙන ගෙන සෝලෝ ගියා . තවමත් ජනප්‍රියයි. නමුත් සමහර එක්ස් ෆැක්ටර් , බ්‍රිටන් ගොට් ටැලන්ට් වගේ ඒ වලින් ආපු ගොඩක් අය එක සින්දුවයි ඉවරයි. හැබැයි සංගීත අධ්‍යාපනය නැතුව ආපු අය ඉන්නවා. නැචුරල් ටැලන්ට්. ක්‍රෙග් ඩේවිඩ් වගේ. ධනුෂ්ක ට එහෙම වෙන්න නම් ඔහු ක්‍රෙග් වගේ සංගීතය දන්නා අය සමග මික්ස් වෙන්න ඕනේ. විචාරක කියන්නේ එවැනි දෙයක් කියලයි මට හිතෙන්නේ.
නන්දා මාලනී විශාරදවරියක් නොවේ... ක්ෂේශ්ත්‍රයේ විශාරදයින්ගෙන් අසා දැන ගන්න...
Deleteකොයි දේ උනත් ඉගෙන ගන්න එක අඩුවක් නෙමෙයි.. ඒත් ඉගෙන ගත්තා කියලා සින්දු කියන්න බෑ... ඒකට බෝන් ටැලන්ට් එකක් තියෙන්න ඕන.. හොඳ කටහඬක් තියෙන්න ඕන... ගායික ගායිකාවෝ කී දෙනෙක් ඉන්නවද...? කී දෙනාද ජනප්‍රිය..
අනික අපි මේ කතා කරන මියුසික් කියන එකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන මියුසික් එක හදන එකාට.. ඒ කියන්නේ තනු නිර්මාපකයට... කෝඩ්ස් එහෙට මෙහෙට දාලා කරන ඒ සෙල්ලම සින්දුව කියනවා වගේ ලේසි වැඩක් නම් නෙමෙයි... ගීතයක ජනප්‍රියත්වය මූලිකම දේ ඒක.. නැත්නම් පදමාලා ඔක්කෝම කවි ලෙස ඔහේ තියේවී.. ගායකයෝ සී පද කියාවී.. ගායිකාවෝ දෘ නැලවිලි කියාවී..
නන්දා මාලිනීට විශාරද නන්දා මාලිනි කියල කෑල්ලක් තියනවා නේද. ඒ කෑල්ල නැතත් මම නම් කැමති ගායිකාවක්. "හද විල කළඹන " වගේ සින්දු.
Deleteමේ රටවල් ඔය ක්‍රෙග් ඩේවිඩ් වගේ එවුන් තමන්ම තමයි මියුසික් හැදුවේ. බීට්ල්ස් , ක්වින්ඇ, බා උනුත් එහෙමයි. ඒක තමා තනියම හරි මියුසික් ලියන හැටි ඉගෙනේ ගන්න ඕනේ.
පොඩි දෙයක්..
Deleteනන්දා මාලනිය 'විශාරද' උපාධිය දරන්නියක්.
මෙලෝ මලදානයක් දන්නැතුව බෝන් ටැලන්ට් එකයි ස්ටාර් එකයි හිංදා ෆීල්ඩ් එකේ හිට් උන අයත් පවතින්න ඕන නම් යම් හැදෑරීම් කරනවා.ඒක නොවිදිමත් ආකාරයෙන් උනත් හැදෑරීම නැත්තන් රැඳී ඉන්න බෑ මේ කාලෙ.ඕක තීරණය වෙන්නෙ අදාල පුද්ගලයා ක්ශේත්‍රයේ රැඳෙන්න තියන කැපවීමත් එක්කයි.
කේමදාස මාස්ටර් ටත් හිතේ තියන දේ කොලේට ගන්න බැරිකමක් තිබුනා.නමුත් 'සංගීතය' ගැන තිබුන මහා හැදෑරීම නිසා වාදකයන් ඒ අඩුපාඩුව තමුන් අතින් පුරවගෙන හොඳ නිර්මාණ බිහිකරා.
// කේමදාස මාස්ටර් ටත් හිතේ තියන දේ කොලේට ගන්න බැරිකමක් තිබුනා.නමුත් 'සංගීතය' ගැන තිබුන මහා හැදෑරීම නිසා වාදකයන් ඒ අඩුපාඩුව තමුන් අතින් පුරවගෙන හොඳ නිර්මාණ බිහිකරා.//
Deleteනන්දා මාලනීට විශාරද නෑ... කවද්ද ගත්තේ කොහෙනද ගත්තේ කියලා කියන්න කිව්වට කියන්නෙත් නෑ...
කේමදාස ගැන කව්ද අනේ ඔයාට මේ පච කෙලියේ... දන්න උන් කේමදාසට ඉගැන්නුවා.. රෙද්ද.. බටහිර සංගිතඥයොත් කේමදාසගේ ටැලන්ට් එකට කොර උනා... කොලේ ලියන්න ඕන නෑ වාදනය කරන්න පුළුවන් එකාට.. කොලේ ලියාගෙන ඒක බලාගෙන ගහන්නේ ඉයර් එක නැති උන්.. අද ඉන්න කොල්ලන්ට කොල කෑලී ඕන නෑ...
ඉයර් එකට ගහන කාවවත් සංගීත ශාස්ත්‍රය තුළ පිළිගන්නේ නැහැ. බාස් කෙනෙක් සහ පුහුණු කාර්මිකයකු අතර වෙනස වගේ.
Delete@ Ajith DharmaJuly 19, 2016 at 1:44 PM
Deleteඅජිත් මම කියන්නේ ඒක තමයි. සංගීතය ඉගෙන ගන්න බැරිනම්, මේ අය, ශාස්ත්‍රීය දැනුම ඇති සංගීතඥයන් ඇසුරු කිරීමවත් කළයුතුයි.
@ මාතලන්. කිසිම බොරු ප්‍රබුද්ධ කමක් නැත. උඹත් එක්ක මෙහෙම වාද කරන්න කරන්න උඹෙයි මගෙයි දෙන්නගෙම හිතට අලුත් සේවල් එනවා කතාකරන්න.
Deleteමම අවශ්‍ය වෙලාවට වීදුරුව ඔලුවේ තියාගෙන නටනවා. අවශ්‍ය වෙලාවට ශාස්ත්රීය සංගීතය රසවිඳිනවා. මේ අලුත් පරපුරට පැතිරෙන්න බැහැ එච්චර පරාසයක. අපි උන්ව හදලා ගන්න ඕනේ අනාගතයේදී ලංකාවේ සංගීතය කොපි නැතුව, අනුකරණය නැතුව, අඩුපාඩු නැතුව, ලෝකයට දෙන අය හැටියට.
ඔය උඹ කියන ගමන යන්න වෙන්නේ අර විදිහට තමයි. එකෙක් උඩට එනවා. ඌ ටික දවසකින් හැලෙනවා, තව එකෙක් එනවා, ඌත් හැලෙනවා. එහෙම කාලයක් යනකොට සංගීතය කියලා දෙයක් නෙවෙයි ඉතුරුවෙන්නේ, ඩ්‍රිල් එකක් විතරයි. ඒ සංගීතය අවන්කවම උඹටත් එපා වෙනවා වැඩිකල් නොගිහින්.
අම්මටහුඩු :D
ReplyDeleteඔහොම කියලා මදි. උඹේ අදහස් කියපං
Deleteමාත කියල තියෙනව වගේ එම්.ජී. ඇඹිලිපිටිය පැත්තෙ දුප්පත් කොල්ලෙක් වගේම අනික් සුපර් ඉස්ටාර්ලට වැඩිය හොඳට සින්දු කියන්න පුලුවන් එකෙක්.
ReplyDeleteඅනික පෞද්ගිලක රූපවාහිනී වල සුපිරි තරු වැඩසටහන් වලින් (විශේෂයෙන්ම සිරසෙන්) ආව ටික දෙනෙක් තමංගෙ සින්දු කියගෙන බොහාම ප්‍රසිද්ධ වෙලා ඉන්නව. ප්‍රදීප් රංගන, සුරේන්ද්‍ර වගේ තවත් අය.
බලන් ගියාම දුප්පත් කමත් හොඳ ගානකට මාර්කට් කරගන්න පුළුවන් භාණ්ඩයක් නේද ! :D
Deleteමට මතකයි පළවෙනි සුපර් ස්ටාර් එක යන කාලෙ අපේ සර් කෙනෙක් කියපු කතාවක්. ඒකෙදි අජිත් බණ්ඩාර එහෙම දුප්පත් කියලා පෙන්නුවාම කට්ටිය ඒකව උඩ තියන්න ගත්තා. පස්සෙ අමිලාත් මතකයි බ්ලොක්ගල් බාගෙට බැඳපු ඉටිකොළ එල්ලපු ගේක ඉඳන් පින්තූර දානවා.
Deleteසර් කිව්වෙ "යකෝ මේක හොඳම ගායකයා නෙමෙයි හොඳම දුප්පතා තෝරන තරඟයක් උනා" කියලා
@ ප්‍රසන්න. දුප්පත්කම සහ සංගීත ඥානය අතර සම්බන්ධයක් නැහැ නේද? මම කියන්නේ මේ දක්ෂ නවක පරපුර ඉතා කෙටි කලකින් හැලී යන්නට ඉඩ නොදී රැකගන්න නම් ඔවුන්ට සංගීත ශාස්ත්‍රය ප්‍රගුණ කරගැනීමට අවස්ථාව ලබාදී දීර්ඝ ගමනක් යන්නට ඔවුන්ව රැකගතයුතු බවයි.
Delete@ සෙන්නා සහ හරී. ඔය වැඩේ කරන්නේ ඔය බිස්නස් එක කරන රූපවාහිනී කාරයොම තමා.
පෝස්ට් එක කියෙව්වෙමි,ගීත දෙකත් ඇසුවෙමි.ඇම්.ජී.ධනුෂ්ක ගීත ඉතා මිහිරට ගයන ගායකයෙක් බව විචා නොදැනුවත් වීම පුදුමයි.මම වඩාත් කැමති ඔහු එම්.එස්.ගේ ගීත ගයනු අසන්නටයි. පහුගිය අවුරුද්දේ ගීත ප්‍රසංගයකට ඔහු මේ රටටත් ආවා.ඔහුට ගයන්නට වුනේ එම්.එස්. ගේ සින්දුමයි.
ReplyDeleteඉතා හොඳ පඳුරු තැලීමේ ශක්‍යතාවක් විචා පෙන්නනවා.ඒ ගැන කල්පනා කලොත් හොඳයි.
දැං මිනිහට එම් එස් ගෙ සින්දු කියන්න බෑ. උසාවියෙන් කේස් එකක් තියෙනව. මේ ළඟකදිත් ෂෝ එකක එම් ජී, එම් එස්ගෙ සින්දු කියන්න බෑ කියල කචල් එකකුත් ගියා කියල තිබ්බ.
Delete@ හැලපෙ. මම කොතනකවත් කිව්වේ නැහැ ඔහුගේ ගායනය නරකයි කියා. නමුත් ඔහු ගායනා කලයුත්තේ, හින්දි තනු කොපි කළ, හඩු වචන දැමූ, මෙවැනි ප්‍රේමාලාප නොවෙයි. හරවත්ගීත. ඔහු දැන් ඉන්නේ උගුලකට අහුවෙලා. ඒ නිසයි නඩු හබ වලටත් පැටලිලා ඉන්නේ. ඔහුව විකුණාගෙන කන එවුන් තමයි, ඔහුව ඒ තත්වයට පත් කලේ.
Deleteමම කියන්නේ මෙන්න මේකයි. මේ දක්ෂ නවපරපුරට දීර්ඝ ඉදිරි ගමනක් යන්න නම්, සංගීත ශාස්ත්‍රීය දැනුම ඔවුන්ට ලබාදිය යුතුයි. ඔවුනුත් ඒ සඳහා උනන්දු වියයුතුයි. එහෙම නොවුනොත් කෙටි කලකින් ඔවුන් සංගීත ලෝකයෙන් චුත වෙනවා. අර සංගීත මුදලාලිලාට ඕනෙත් ඒ ටිකමයි. හැමදාම අලුත් එවුන් පෙන්න පෙන්න, මිනිස්සුන්ගේ මෝඩ රසිකත්වය දඩමීමා කරගෙන, සල්ලි හොයන්න. මේ උමතුවෙන් රසික ජනතාව බේරා ගැනීමත්, වෙනම කලයුතු වෑයමක්.
හැලපෙ, මට එක දෙයක් අමතක වුණා. ඔබ කවදා හෝ අහලා තියනවද වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, සුනිල් එදිරිසිංහ, ලක්ෂ්මන් විජේසේකර, හින්දි සින්දු කියනවා. මම අහලා තියනවා. ඒවා ඔවුන් කවදාවත් ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ, සදාචාරාත්මක හේතු නිසා. නමුත් ඒ ගායනයක් ඇහුවොත්, එහි මධුර බව, අපිව මත් කරන තරම් ඉහලයි. නමුත් ඒ කාලෙදිවත්, ඔවුන් එම ගායන හැකියාව පාවිච්චි කලේ නැහැ, ජනප්‍රිය වෙන්න. ඔවුන් කලේ, සංගීතය ඉගෙනගෙන, ස්වතන්ත්‍ර නිර්මාණ බිහිකර, ස්වාධීන ගායකයන් වීමයි. මට අවශ්‍ය, ඔය ධනුෂ්ක පරම්පරාවත් නිකම් එළිමහන් සංගීත සංදර්ශන වලට ගිහින්, අනුන්ගේ සින්දු කියා, ගානක් කපාගන්නා වෙළෙන්දන් නොවී, හොඳ ගායකයන් බවට පත්කරගැනීමයි.
Deleteවික්ටර් හින්දි සින්දු කියනවා පමණක් නොව සීඩී එකක් ද නිපදවා ඇත. එය අපේ නිවසේ තිබේ. හැබැයි ඒ ගීත සියල්ලම වික්ටර් ගේ සිංහල සින්දුවල තනුවලට හින්දි වචන දමා (අරුත ද සමාන බව පෙනේ) කී ඒවාය.
Deleteඒ පමණක් නොව වික්ටර් උර්දු ගීතයක තනුව කොපි කර තැනූ "පෙම්බර මධූ මගේ" නම් ගීතය ද ගයා ඇත.
නෑ නෑ මා කිව්වේ, ඉහත සඳහන් ගායකයන්, පැරණි හින්දි චිත්‍රපටි ගීත, ඒ අයුරින්ම ගායනා කිරීමයි. 'පෙම්බර මධු' ගීතයේ තනුව කොපියක්. දැන හෝ නොදැන එය ගායනා කිරීම නිසා වික්ටර්ටම තමයි අපහාස එල්ලවුණේ.
Deleteගීත දෙකම ඇසුවෙමි...විචාට මෙච්චර දරුනු විදියට මේ නව ආරේ ගීතයට පහර ගැසීමට හේතුව නම් අහේතුවම විය යුතුය..
ReplyDeleteධනුෂ්ක එම් එස් ගෙන් ඉවත්ව ගීත ගායනා කිරීම ප්‍රසංසාවට ලක් කලයුතු මොහොතක මේසෙ අඬා වැලපීම නොහොඹිනා ක්‍රියාවකි...
මම කිසිසේත් හඬා නොවැලපෙමි. හඬන්නේ, මේ ප්‍රේමාලප මහා ගායනයන් යයි සිතන අයවලුන්ය.
Deleteමා පහර ගහන්නේ, මෙවැනි සහජ දක්ෂතා ඇති අයට නොවේ. ඔවුන් විකුණාගෙන කන්නවුන්ටය. ලිපියේ හරය වන්නේ, මේ පරපුර, මෙතරම් දක්ෂතා තිබියදීත්, නොදැනුවත්කම නිසා, මුදලට විකිණීම වලක්වා, ඔවුන්ට ශාස්ත්‍රීය දැනුම ලබාගැනීමට අවස්ථාව සලසා, අනාගතයට හොද ගායක පරපුරක්, ඔවුන්ගෙන්ම බිහිකර ගැනීමයි.
ලිපියේ හරය ඔබතුමාට නොවැටහීම නම්, මගේම අහේතුව වියහැකිය.
ලිපියේ හරය තේරුම් ගැනීමට තරම් ඉගෙනුමක් මට නැතිකම මගේ අහේතුවමයි.
Deleteඑනමුදු, අද අප ජීවත්වන සමාජය එදා ඔබ ජීවත් වූ සමාජයම නොවෙන බැව් නොවැටහීම අහේතුවය යන්නයි අදහස් කලේ...
හීනමානෙයන් තොරව වෙනස හඳුනාගෙන ඉදිරියට යාමට අතහිත දීම මනුස්ස ගතියක් විය යුතු බැව් අදහමි..
ඔබ මා මොනවා කීවත් ඔවුන් හෙට දවස රජ කරාවි...එය නැවැත්විය නොහැක, නැවැත්විය යුතු නැත...
අප කෙසේ ඔවුන්ගේ හැකියාවන් පාලනය කලයුතුද...එවන් සිතිවිලි අද දවස දිවෙන සමාජයට ආගුන්තුක වෙන බැව් පමනක් තේරුම් ගත යුතුය...
ඔවුන් අපට වඩා පෙරමුනේ සිටී...එයයි සත්‍යයය...නැද්ද විචා...?
This comment has been removed by the author.
Deleteසමාජ විපර්යාස ගැන මා ඉගෙනගත්තේ, උසස්පෙළ හදාරන කාලයේදී සහ බෞද්ධ දර්ශනයේ ඇසුරෙනි. මට කවදාවත් සමාජය ආපස්සට ඇදීමට අවශ්‍ය නැත.
Deleteඔබ තේරුම් නොගන්නේ මෙයයි. මේ තරුණ පරපුර, තම හැකියාව තව තවත් ඔප්නංවාගෙන, හොඳ සංගීතඥයන් බවට පත්කලයුතු යයි මා කරන යෝජනාව ඔබ දකින්නේ, මා ඔවුන්ව පහලට ඇද දැමීමක් ලෙසයි. ඒ කියන්නේ, ඔබ කැමති, ඔවුන් මුදලට තම කටහඬ විකුණා, ඉතා කෙටි කලකින් ක්ෂේත්‍රයෙන් විසිවී යනු දකින්නට කැමති බවයි.
මහත්මයාණනි, එය කුහක කමකි. මා මේ තරුණ පරපුර දෙස බලන්නේ, මානව දයාවෙනි. පැරණි පරපුර දැන් වියැකෙමින් පවතී. ඊළඟට එන පරපුර නිකම් සින්දු කියන්නන් නොවී, සංගීතඥයන් බවට පත්කරගැනීම සඳහා ඔබ, මම, අපි සියලු දෙනා, වැඩිහිටියන් ලෙස, යම් වගකීමක් දැරිය යුතුය.
මේ විදිහට, පිට්ටනිවල සින්දු කියා සල්ලි හොයන, දෙකයි පනහේ කෑලි නොවී, ගායකයන් බවට පත්වීමට නම්, ඔවුන් කලයුතු, එකම සහ හොඳම පියවර වන්නේ, සංගීතය ශාස්ත්‍රානුකූලව ඉගෙනීමයි. එවිට, ඔවුන් තුළ දැනට ඇති දක්ෂතාව, තවත් ඔපවත්වීමෙන්, ඔවුන් ඉතා ඉහල මට්ටමේ ගායකයන් බවට පත්වෙනවා.
මේ සත්‍යය තේරුම් ගන්නට උත්සාහ කරන ලෙස, ඔබෙන් කාරුණිකව ඉල්ලනවා.
ඔවුන්ට අතහිත දීමට තමයි මා මෙම ලිපිය ලිව්වේ. හීනමානය ඇත්තේ, මේ සත්‍යය වටහාගත නොහැකි අය ලඟයි.
ඔවුන් හෙට දවසේ රජ කරන්නේ, අර සංගීත මුදලාලිලා, ඊළඟ එකාව, හුරේ දමා, වේදිකාවට එවනතුරු පමණයි. ඊට පස්සේ, මොවුන් නිකම්ම නිකම්, හාල්කෑලි වෙනවා. මට ඕනේ එහෙම වීම නවත්වන්නයි.
ඔවුන්ව පාලනය කරන්න අවශ්‍ය නැහැ. එහෙම කරන්නත් බැහැ. අපි කලයුත්තේ, මගපෙන්වීමක් පමණයි. අපි අද ඔවුන්ට, ෂා...මාරු, ටොප්, නියමයි, එළ, ඔය විදිහට කියන්න කියන්න, ඔවුන් තව තවත් අනුකාරකයන් බවට පත්වීම පමණයි සිදුවන්නේ. (අනුන්ගේ සින්දු කියා සල්ලි හොයන්නන්)
ඔවුන් අපට වඩා කිසිසේත් පෙරමුණේ නැත. ඔවුන් ඉන්නේ සිහින ලොවක අතරමංවීමකය. එය කෙටි කලකින් කඩා වැටේ. මෙතෙක් සිදුවුයේ එයයි. මේ විදිහට ගියොත් ඉදිරියේදී වෙන්නෙත් එයමයි. එයයි තිත්ත ඇත්ත.
මට සිංදුවක් අහන්න මතක් උනාම මම youtube එකෙන් අහනවා.. ඒ ඇරෙන්න වෙන කිසිම මාධ්‍යයක සිංදු අහන්නේ නෑ දැන්.. ඒක නිසා අලුත් ගායකයෝ අලුත් සින්දු මට සෙට් වෙන්නෙම නෑ.. මට මේ සින්දු දෙකෙන් එකක්වත් ඇල්ලුවේ නෑ.. හැබැයි මම පරණ හින්දි සින්දු ගොඩක් ඒවාට ආසයි.. තාත්තාගෙන් අහලා.. ගෙදර ගියාම ඒවාත් youtube එකෙන් තාත්තත් එක්ක අහනවා..:)
ReplyDeleteසංගීතයට සීමාවක් නැහැනේ සෙන්නා, අපිට වින්දනයක් ලැබෙනවා නම්, එයින් භාවමය ප්‍රකෝප කිරීම් නොකොට සංයමයක් ඇතිකරනවා නම්, ඒ සංගීතය තමයි මිනිස්සුන්ට ගැලපෙන්නේ.
Deleteඔබ කියන ආකාරයේ, පැරණි හින්දි ගීත 400 කට අධික සංඛ්‍යාවක්, මා බාගත කරගෙන සුරැකිව තබාගෙන ඉන්නවා.
මේ පොස්ට් එකට අදාල නැති පුරස්නයක් ඇහුවට කමක් නැද්ද?
ReplyDeletePWV මෙඩල් එක ලබපු පලවෙනියා කවුද? සාලිය අලදෙනියද, හසලක ගාමිනීද? මට මතක ඉස්සෙල්ලා මියගියේ සාලිය බවයි.
https://en.wikipedia.org/wiki/Parama_Weera_Vibhushanaya
Delete@ කුමාර. ඔබ මේ ප්‍රශ්නය අහන්නට ඇත්තේ, මේ දිනවල, කෝප්‍රල් ගාමිණී කුලරත්න වෙනුවෙන්, එක්තරා බ්ලොග් අඩවියක පළවූ ලිපිය සහ, ඒ ගැන විමසූ කමෙන්ට් එකට ලැබුන පිළිතුරට අදාළව යයි සිතනවා. පරමවීරවිභූෂණය සඳහා මුලින්ම නම් කෙරුනේ, කපිතන් සාලිය අලදෙනියයි. පලමුව දිවී පිදුවේ ඔහුයි.
Deleteනමුත්, ඊට අදාළ ගැසට් නිවේදනය නිසිපරිදි පල නොවීම නිසා, ප්‍රමාදයක් ඇතිවුණු අතර, ඉන් පසු දිවිපිදු කෝප්‍රල් කුලරත්නගේ ගැසට් එක පිටවුනා. නමුත්, මුලින්ම එම පදක්කමට සුදුසුකම් ලද තැනැත්තා හැටියට සැලකෙන්නේ කපිතන් අලදෙනියයි.
ස්තුතියි. එහෙමනම් තියෙන්නෙ ටෙක්නිකල් ප්‍රශ්නයක්.
Deleteලංකාවේ හැමෝම කරනවා වගේ මූලාශ්‍රය ට තැන නොදීම හොඳ නැහැ.ධනුෂක කලින් කිව්වා නම් මේ සින්දුව මෙන්න මේ සින්දුවේ තලයෙන් අරගත්තේ කියල ඒක හොඳයි. හැබැයි විචාරක මහතා මම ධනුෂ්කගේ කටහඬට කැමතියි. දක්ෂයෙක්. ඉස්සරහට තමන්ගේම තනුවලින් සින්දු කියනවනම් හොඳයි. තමන්ගේම සින්දු.. ඉදිරියට එන්න ඉඩ හරිමු. දැන් මෙරටෙත් පරණ සින්දු නවතැහැ කියනවා, රැප් කරලා හොඅ වෙනත් තනු යොදා, තාලය වෙනස් කර, එත් ඒ ගොල්ල පරණ කෙනාට රෝයල්ටිය දෙනවා.
ReplyDeleteමූලාශ්‍රය ගැන අමතක කරලම දාමුකෝ. ධනුෂ්කගේ කටහඬ හොඳයි. උච්ඡාරණයේදී හොඳින් අසා සිටියොත් සුළු අඩුපාඩු අහන්න ලැබෙන්නේ, ඔහු උච්ඡාරණාභ්‍යාස ප්‍රගුණ කර නැති නිසයි. හොඳ ගායන හැකියාවක් ඇතත්, මේ අයගෙන් බොහෝ දෙනෙකුට ස්වර සප්ත්කයේ මන්ද්‍ර, මධ්‍ය, උච්ඡ, ස්වර පන්ති අතර, වේගයෙන් මාරුවෙමින් ගැයීමේ හැකියව අඩුයි. ඒ නිසයි මා කියන්නේ, මේ වටිනා තරුණ පරපුර, ශාස්ත්‍රීය සංගීතය වෙත යොමුකොට, අපේ රටේ සංගීතයේ අනාගතය දීප්තිමත් කරගත යුතුයි කියා.
Deleteවිචා අයියත් නිකන් පොස්ට් එක දාල තියෙන්නෙ ටී 56න් කෙලල ඇරල වගේ. ඔය දනුෂ්කයගෙ වොයිස් එක ගොඩක් හොඳ තත්වෙ තියෙනව. "හිස් ටින් එකක් වාගේ" සින්දුව අහල බලන්නකො. අනික දන්නෙ නැති සින්දු හොයාගන්න ලෙහෙසිම ක්‍රමය තමයි ෆෝන් එකට SHAZAM APP එක ඩවුන්ලෝඩ් කරගන්න. ජය වේවා..!! 👊🏽
ReplyDeleteඅයියා කියනවට වඩා ඔබ මාමා හෝ සීයා කිව්වනම් තමයි හොඳ. මොකද මම දැක්කා, ඔබ වෙනත් අඩවියක කියා තිබෙනවා, 1988 -89 කාලේ ඔබේ වයස, අවුරුදු 9 ක් පමණ වන බව. මගේ වයස දැන් අවුරුදු 63 යි.
Deleteසිරිල් ඒ සීලවිමල ලිව්වාට, මිල්ටන්, බෙග්, ගැයුවාට, 'හිස් ටින් එක' හොඳ ගීතයක් නොවෙයි. ඒ කාලේ සිටි, ජයවිලාල් විලේගොඩ වැනි චිත්‍රපටි විචාරකයන් නම්, T 56 න් ගැහුවා වගේ තමයි, ඒ ගීත විවේචනය කලේ. ඉතින් එවැනි ගීතයක්, ධනුෂ්ක කිව්වා කියා අලුතෙන් වෙනසක් නැත. ගීතය හඩු ගීතයක්මයි.
මගේ දුරකථනයේ බැටරිය වැඩි කාලයක් තබා ගැනීමට අවශ්‍ය නිසා, අත්‍යවශ්‍ය application හැර, අනෙක් සියල්ල off කළා. දැන් බැටරිය දවස් දෙකක් තියනවා.
හුටා.. මගෙ පියාණන් තුමාටත් 63යි නේ විචා මාමෙ 🙉
Deleteහැක් හැක් හැක්, ඒකනේ කිව්වේ කොල්ලෝ............
Deleteකබල් සින්දු කියාලා..
ReplyDeleteඅපට බ්‍රෙක් දාන අය්යලා
කබල් කියන අපේ සින්දු පැන පැන ඉල්ලා
බජව් වලදි නටයිනෙ බීලා
තාලය හරිම සැර වැඩියි
නාදය අවුස්සන සුලුයි
කිය කිය අපිට බනිනවා
මානය ඔලුවටත් උඩයි
ක්‍රෝධය නිරක්ෂය ලඟයි
එයාල ලියන සින්දු නිදිමතයි
පබැඳුම හරිම ළාමකයි
පසුබිම සරුවපිත්තලයි
නිතරම විවේචන ගොඩයි
එයාල කියන්නෙ එහෙමයි
ලියන්නෙ අපබ්‍රන්සමයි
ඒව කියන අයත් කොට උඩයි
ලස්සන වළාකුලු ගොඩයි
ගැස්සෙන මිණි ගවුම් ගැනයි
කිව්වෙ ඔබේ විනෝදය උඩයි
ඉස්සර අපිත් වැට උඩයි
දැන්නම් අපිට වැඩ ගොඩයි
විවේචකයො තාම කොට උඩයි
පත්තර පිටුපුරවන්නයි
තහනම් කර කර ඉන්නයි
නොවෙයි අනේ කල යුතු මේකයි
කබල් සින්දු එතකොට විසිවෙයි
ගායනය - නිහාල් නෙල්සන්
ගී පද - හේමසිරි හල්පිට
නිහාල් නෙල්සන්, අඩුගානේ මොන රසයෙන් වුනත් කමක් නැහැ, තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීම හොඳයි. නිහාල් නෙල්සන්, සුපිරි තරුවක් නොවුන නිසා තමයි, අදටත් ඉන්නේ. ඔහු මේ ගීතය කියන්න ඇත්තේ, ඔහු ගයන්නේ, කොතරම් පහත් රසයක් තියන ගීතද යන්න, 1960 - 70 දශකයේදී එල්ල වූ විවේචන නිසා වන්නට ඇති.
Deleteසාහිත්‍යම නිර්මානයක අගයක් ඇතිවන්නේ ආනන්දයෙන් ප්‍රඥාව ඇතිකිරීම තුළ මිස, ගංජා සුරුට්ටු මායාව ලබාදීමෙන් නොවෙයි.
සමාවෙන්න විචාරකතුමා,
ReplyDeleteදැන් ඔබතුමාට පරණ ගීතය මතක් වුනේ කොහොමද කියල පොඩ්ඩක් හිතල බලන්න. අලුතින් ගීතයක් ප්‍රතිනිර්මාණය කලා කියල පරණ ගීතයට හානියක් වෙන්නෙ කොහොමද? පරණ ගීතය එහෙමම තියනව කැමති කෙනෙක්ට ඒක අහන්න පුලුවන් කැමති කෙනෙක්ට අලුත් එක අහන්න පුලුවන් .
අනිත් එක අලුත් අයගෙ හැම නිර්මාණයක්ම ඔය කියන විදිහට පහත් මට්ටමේ නෑ රේඩියෝ එකේ ටීවී එකේ ප්‍රචාරය වෙන ඒවට වඩා ගොඩක් හොඳ නිර්මාණ අලුතින් බිහිවෙනව පොඩ්ඩක් හොයලා බැලුවොත් හම්බවෙයි.
කිසිවිටකත් ඔබේ අදහස් දැක්වීම සඳහා සමාවන්න කියා කියන්න එපා. විචාරක තුමා කියන්නත් එපා. විචාරක කිව්වම හොඳටම ඇති. මගේ වයස ගැන සලකා, ඔබ මට තුමා යයි ඇමතුවා නම්, එය ඔබේ මහාත්මා ගගතිය යයි සිතනවා.
Deleteධනුෂ්ක ගයන ගීය ප්‍රති නිර්මාණයක් නොවේ. හින්දි සින්දුවක තනුව කොපි කිරීමකි. ගීත කීම හෝ ඇසීම ගැන වාරණ දැමීමක් මෙම ලිපියෙන් කියා නැත. එවැන්නකට උත්සාහ කරන්නා මනෝ ව්‍යාධියකින් පෙළෙන්නකු වියයුතුයි.
අලුත් නිර්මාණ අතර තියන හොඳ නිර්මාණ බොහොමයක් කර තිබෙන්නේ සංගීතය ගැන ශාස්ත්‍රීය දැනුමක් ලබාගත් අය විසිනුයි. කටහඬ පමනක් තිබීම, ජනප්‍රියත්වය, යනු සංගීත ශාස්ත්‍රය නොවෙයි. තමන්ට හොඳ කටහඬක් ඇත්නම් කලයුත්තේ, ගායන ශාස්ත්‍රය ප්‍රගුණ කර, හොඳ ගායකයකු බවට පත්වීමයි. මේ සුපිරි තරු පරපුර, එහෙම නොකලොත්, කෙටි කලකින් ඔවුන් විසිවී යාම වලක්වන්න බැහැ.
සිංදු හා සංගීතය ගැන ඇති නොහැකියාව, නොදැනීම හා ටෝන් බිහිරිබව නිසා නෝ කමෙන්ට්.
ReplyDeleteඇත්ත කීම ගැන මගේ ප්‍රශංසාව.
Deletehttps://youtu.be/qs-TvbAiPWk
ReplyDeleteT 56 කින් තරු විසිවෙන්ඩ ගහලා ....
ReplyDelete// කෑගල්ලේ (දැනට නැති) පරාක්‍රම සිනමාහලේ //
බස් හෝල්ට් එකට අනික් පැත්තේ තිබුණ හෝල් එකද? පංති ගියාම චූ කරන්ඩ දුවගෙන එන්නේ ඔය හෝල් එකට..
තරු වලට නෙවෙයි ගැහුව්වේ, ඒ අහිංසකයන් විකුණාගෙන කන එවුන්ටයි.
Deleteපරාක්‍රම හෝල් එක තිබුනේ රංවල හන්දියේ. අදත් ඒ ගොඩනැගිල්ල තියනවා.
රූපවාහිනී බලන්නෙම නැති නිසා ඔය මෙකී නොකී තරු තරඟයි, ටෙලිනාට්‍යයි ගැන මං වැඩිය දන්නෙ නැහැ.ඒත් කොහේ හරි හිතවත් ගෙදරකදි අහම්බෙන්වත් ඔය හොල්මන් පෙට්ටිය දිහා බලං ඉන්න වුණොත් සංසාරෙ එපා වෙනව.පොතක් පතක් කියවගන්න තියෙන වෙලාව පවා නාස්ති කරගැනීමක්.අනික ලංකාවෙ ගොඩක් පවුල්වල තිබුණ ලස්සන ජීවිතේ නැති වෙන්න හේතු වෙලා තියෙන්නෙත් ඔය වගෙ විප්‍රකාර තරඟ.හතු පිපෙන්නා වගෙ කිසිම දක්ෂකමක් නැති ජනප්‍රියත්වය පස්සෙ දුවන තරු බිහි කරලා වැඩක් නැහැ.අපේ අම්මලා කියනවා ඉස්සර තිබුණ තරඟ, පිබිදෙන ගායක පරපුර වගේ.ඒවායින් බිහි වුණේ අද වගේ කාලයක් පායලා බැහැලා යන තරු නෙමේනෙ.ශාස්ත්‍රීය ව සින්දුවක් කියන්නවත් බැරි තරු ගැන කවර කතාද..
ReplyDeleteසින්දු...ශාස්ත්‍රීය...කියන්න....
Deleteආයෙත් හිතන්න...කැස්බා පැටැව්වත් රැල්ලට ගහගෙන යන්නේ නෑ දරුවෝ...
රූපවාහිනිය ගුවන්විදුලිය අතාරින්නම් එපා. ගතයුත්තක් ඇති වැඩසටහන් අතලොස්සක් තියනවා. ඒවා තෝරාගෙන බැලීම තමයි අමාරු.
Deleteමේ විකාරවර්ධන වැඩසටහන් වලින් බිහිවෙන්නේ සින්දු කියන්න (ගීත ගායනා කරන්න නෙවෙයි, ගීත ගායනා කලහැක්කේ ගායන ශාස්ත්‍රය ප්‍රගුණ කල අයට පමණයි) පුළුවන් පිරිස. ඔවුන් ජනප්‍රියත්වය පසුපසහම්බා ගොස් ති වැටී තරගයෙන් ඉවතට විසිවෙනවා. එළිමහන් සංදර්ශන වේදිකාවෙන් පහලට වැටෙනවා, එදාට කවුරුවත් නැහැ. තවොලමොට්ටල රැළක් ඔවුන්ට හුරේ දානවා. නමුත් අර වැඩසටහන් කරන එවුන් තව තවාලුත් අය එලියට දාපු ගමන් අර හුරෙදාපු රැළ අර අහිංසකයාව අතහැර දානවා. ඒ නිසා මම කියන්නේ මේ වටින තරුණ ජීවිත අපතේ නොයවා, ශාස්ත්‍රීය සංගීතය උගෙන, ඔවුන්ගේ දක්ෂතා ඔප්නංවාගෙන, දීර්ඝ කාලයක් ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න අවස්ථාව ලබාගන්නා ලෙසයි.
@ චෙෆා. කැස්බෑ පැටවුන් මුහුදට දානකොට රැල්ලට ආපහු ගොඩබිමට ගසාගෙන එනවා. නමුත් ඔවුන් ආපහු මුහුදට යනවා. ජම්මේට වැඩිය ලොකුයිනේ පුරුද්ද.
ධනුෂ්ක කියන්නේ දක්ෂයෙක්. නමුත් එයාට SMS ලැබුනේ දක්ෂකමට නම් නෙවෙයි. මාකට් කරපු දුප්පත්කමට. ඒක තමයි ලංකාවේ රියලිටි කලාවේ දුක්බර කතාව.
ReplyDeleteමුල් ගීතය එහෙම්මම තියෙද්දී ඒ මත අලුතෙන් ගීතයක් ලියනවා කියන්නේ රැවුලයි කැඳයි දෙකම බේරාගන්නවා වගේ වැඩක්. ඒක කරන්නම බැරි දෙයක්. මම නිතර බලන 'භාරත ගී වින්දන' වල තියෙන ගොඩක් ජනප්‍රිය හින්දි ගීත වලට , වැඩසටහන ඉදිරිපත්කරන්නා රසකරමින් එකතු කරන කොටසක් මම බලාගෙන හිටියේ හිනාව තදකරගනිමින්. ඒ මනුස්සයා කියනවා, ඒ ජනප්‍රිය සින්දුවට 'මධුර ලෙස සිංහල ගීතයක්' ලිව්වා කියල 'අහවලා'!! ඒ මොන ලජ්ජා නැති කතාවක්ද? ඒ කාලේ එහෙම ලියපු ගීතවලින් වැඩි කොටසක්ම 'මෙලෝම රහක් නැති' පදමාලා. සමහර ඒවා නම් යන්තම් හොඳයි. නමුත් මොකද්ද ඒ නිර්මාණයේ ඇති වටිනාකම???
ඒ කාලේ කරනකොට හොඳයි.. දැන් කලාම නරකයි වෙන්න බැහැනේ?
ඉස්සරත් දැන් වගේම නිර්මාණශීලි බවින් ලංකාවේ කලාකරුවන් 'පුලන්නෝ' වෙලා. අනිත් කාරණේ තමයි, වෙනසක් කරන්න තියෙන ලොකු ප්‍රතිරෝධය. කොටුවක් හදාගෙන ඒක ඇතුලට වෙලා ඉන්නවා ලෝකෙම දන්නවා කියල හිතාගෙන.
ශාස්ත්‍රීය සංගීතය කියන්නේ රාගධාරී වෙන්න ඇති ( ඔබ කියන්නේ) ඒ කියන්නේ එක ෆ්ලෙවර් එකක් විතරයි. සංගීතය ඊට වඩා ගොඩාරියක් පුළුල්. කේමදාස වගේ අය තමයි ඒවාට අත ගැහුවේ. නමුත් ඔහුගේ ජිවිත කාලෙදී ලැබුනෙම කෙනෙහිලිකම්. මොකද ඔහු කොටුවෙන් පිටවෙන්න හැදුව සහ පිටවෙන උන්ට ඉනිමං දුන්නා. මම හිතන්නේ එයයි විය යුත්තේ.
ඉතින් ඒ නිසා තමයි තරුණ පරපුව 'වෙනසක්' කරනවා කියල වේදිකාවේ සංගීතය ඔහේ තියෙද්දී විච්චුරන වලින් සැරසෙන්නේ. ඔවුන්ට පාර පෙන්නන්න තරම් හය්යක් ඇති පුළුල් ගීත පරමාදර්ශයක් කේමදාසගෙන් පස්සේ ලැබුනෙම නැති නිසා. ඉතින් උන් අනාථයි.
ධනුෂ්ක දක්ෂයෙක්. මීනා; උපේඛා ඒ වගේම දක්ෂයින්. බාචි සුසාන් පවා එහෙමයි. නමුත් උන්ට පැලවෙන්න බෑ සිමෙන්ති පොලවේ. මොකද මාකට් එක සිමෙන්තියක් දාගෙන ඉන්නේ අපේ FM අය්යලා ටික. ඉස්සර කැසට් කඩ මුදලාලිලා කරපු දේම තමයි, වෙනස් බ්‍රෑන්ඩ් එකකින් යන්නේ.
එහෙම හරි උඩට එන උන්ට FM බුවල්ලට අහු නොවෙන්න තමයි පාර පෙන්නන්න ඕනේ ප්‍රවීණයෝ. ඒ බලන්නකෝ විලිසන්ගේ නැතුව ඒ ප්‍රවීණයෝ FM පුටුවල ඉඳන් වහසි බස් දොඩන හැටි! ඉතින් දක්ෂතාවය තියන එකා කොහේ යන්නද??
දැනටත් ඔය 'පිබිදෙන ගායක පරපුර' වගේ වැඩසටහන් තියනවා. ඒවාට වයස් බේදයක් නැහැ. ( FM ඒවාට වයස් බේදයක් තියෙනවා. ඒ මොකද, උන්ට බැහැනේ දක්ෂතාවය තිබ්බත් 'නාකි' කෙනෙක්ව බ්‍රෑන්ඩ් එකක් කරන්න. විකුනන්න නම් තරුණ වෙන්න ඕනේ!)
විචාරක තුමා, වරදවා වටහාගන්න එපා. මම කිව්වේ කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තියෙන බවයි.
ධනුෂ්ක විතරක් නෙවෙයි, සුපිරි තරු හැටියට බිහිවන බොහොමයක් දෙනා, යම් හැකියාවක් තියන අය. හරියට, ඔප නොදැමූ මැණික් ගල් වගේ. මට ඕනේ, දේශීය සංගීතයේ අනාගතය වෙනුවෙන්, මේ අයව සංගීත ඥානය ලබාදී, තවත් ඉහලට ඔසවා තබා, කෙටි කලකින්, ඔවුන් වෙළඳ වටිනාකම අහිමි වීමෙන්, ව්‍යාපාරික සංගීත ලෝකයෙන් විසිවී, සදාකාලයටම නැතිවී යාම වළක්වන්නයි.
Deleteභාරත ගීත වල නියම අරුත් දෙසුම් කරමින්, ඉතාම සාර්ථක වැඩසටහනක් කලේ, යශෝධා විමලධර්මගේ පියා, රවිලාල් විමලධර්ම මහතා. 1970 දශකයේදී, ලංකා ගුවන්විදුලියේ වෙළඳ සේවය ඔස්සේ කල, 'ගී අම දහරා' වැඩසටහන. ඔබ කියන අර නිවේදකයා මම දන්නවා. ඔහුගේ වින්දනයේ තරම තමයි ඔහු පෙන්වන්නේ.
මම කියන්නේ, සාමාන්‍යයෙන් අපේ රටේ භාවිතයේ තිබෙන ශාස්ත්‍රීය සංගීතයයි. මේ පරපුරට ඒ ගැන දැනුමක් දුන්නොත්, අනාගතයේදී අපට ඉතා ඉහල මට්ටමේ ගායක පරපුරක් බිහිවනු ඇති.
මමත් කියන්නේ, ඔය සංගීත මුදලාලිලා මේ පරපුර, ගණිකාවන් වගේ විකුනලා, එලවලා දානතුරු ඉන්නේ නැතුව, තම ශාස්ත්‍රීය දැනුම වර්ධනය කරගෙන, දෙපයින් පොළොවේ නැගී සිටින්න කියන එකයි.
පිබිදෙන ගායක පරපුර, මීට වඩා සංවිධානාත්මකව කරන්න පුළුවන්. හොඳ ප්‍රවීනයන්ට දුන්නොත්.
හුණු නැති කිල්ලෝට කාළඟවත් නැත.
ස්තුතියි දීර්ඝ අදහස් දැක්වීමට.
kalabal wenna epa ahanna bari nam nikam inna. loke kisima deyak eka thana radenne na , wenas wewi galagena yanawa . eka hati..
ReplyDeleteකිසිම කලබලයක් නැහැ.
Deleteහයියෝ.....මම හිතුවේ, රන්සකු කියන්නේ, බුද්ධිමය සංවාදයකදී, විෂයානුබද්ධ කරුණු දක්වමින්, සංවාදයේ යෙදෙන්නට හැකි කෙනෙක් කියලයි. අකමැති නම් නොබලා ඉන්න කියන්නේ, පහේ හයේ පන්තියේ ළමයි. එබඳු බොළඳ ප්‍රකාශයක් කරන තරම් මානසිකත්වයක ඔබ ඉන්නවා දැකීම ගැන අතිශයින්ම කණගාටු වෙනවා.
අපි නොබලා ඉන්නවා තමයි. නමුත්, මේ තරුණ පරපුර, කාලකන්ණි වෙනහැටි බලා ඉන්න කැමති නැති නිසා, ඔවුන්ගේ දැනට තියන දක්ෂතා, තවත් ඔප මට්ටම් කර ඉහලට ඔසවා තබන ක්‍රමයක් ගැනයි, කතාකරන්නේ. ඒ ටික ඔබට නොවැටහීම ඔබේ අවාසනාවකි.
anith karnaya oya hindi sindu wla Sinhala therum aragena baluwama wamane yanwa.
ReplyDeleteනැවතත්, ඔබේ ආධුනික බව පෙන්වීම ගැන කනගාටුයි. දැන් කාලේ එන හින්දි චිත්‍රපටි වල නම්, පස්ස උඩ දාමින් නට නටා කියන ගීත බොහොමයක්, අර්ථ ශූන්‍යයි. මෙන්න මේ නම්, ඔබ අසා තිබෙනවාදැයි බලන්න.
DeleteGulszar, Rajendar Krishan, Shakil badayuni, Shahir Lujhanwi, Anand Bhakshi, Majrooh Sultanpuri,
ඔබ, මේ අයගේ ගීත රචනා ගැන යමක් දන්නේ නැත්නම්, අර්ථවත් හින්දි ගී පදමාලා ගැන කතා කරන්නට ඔබ සුදුස්සකු නොවන බව, අවධාරණය කරනවා.
/විචාරකතුමා/ කියල කිව්වෙ වයස ගැනම හිතලම නම් නෙමෙයි. මං නොදැන හිටපු ගොඩක් දේවල් මේ බ්ලොග් එකෙන් දැනගෙන තියෙනවා ඉතිං විචාරකතුමා කියල ආමන්ත්‍රණය කරන එක හොඳයි කියල හිතුවා.වයස හරියටම දැනගත්තෙ අද, මට තාම ඔය වයසෙන් තුනෙන් එකක්වත් නැහැ :)
ReplyDeleteඒ කොහොම වුනත් අහම්බෙන් ඇහුණු එක ගීතයක් හිංදා ලියලා තියන ගොඩක් කරුණු වලට මේ පොඩි එකාට එකඟ වීමට නොහැක.
තව දෙයක් දැනගන්න කැමතියි ඔබතුමාගේ අදහස් වලට අනුව එච් ආර් ජෝතිපාල ගායකයෙක්ද? නැද්ද?
අවංකව අදහස් ප්‍රකාශ කිරීම ගැන ස්තුතියි. ඔබ, මගේ අදහස් වලට එකඟ වීමට, කිසිසේත් අවශ්‍ය නැත. ඊට විරුද්ධව අදහස් දැක්වීමට, ඔබට ඇති අයිතියට ගෞරව කරමි.
Deleteඑච්.ආර්.ජෝතිපාල හොඳ කටහඬක් තිබෙන ජනප්‍රිය ගායකයෙකි. නමුත් ඔහු සංගීතය හදාරා නැත. ඒ නිසා ඔහුට සිදුවුනේ, ජීවත්වීම සඳහා පමණක් සින්දු කියන්නයි. මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, මොරිස් දහනායක, ලතා වල්පොල, සහ තවත් අය ගණනාවක් මේ ගණයට ඇතුලත් කරන්න පුළුවන්.
අපි ජෝතිපාල ගැන පමණක් බලමු.
ඔහු ශාස්ත්‍රීය සංගීතය ඉගෙනගත්තා නම්, එම දැනුම පාදක කරගෙන, ඉතා ඉහල මට්ටමේ නිර්මාණ බිහි කරන්න ඔහුට ඉඩ ලැබෙනවා. ඔබ අසා තිබෙනවාද, අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ඔහු ගැයූ, 'කන්දෙන් කන්දට - ලන්දෙන් ලන්දට' ගීතය? එය ඔහුගේ ගායනයේ එක් කූටප්‍රාප්තියක්. එමෙන්ම, ඔහු තම ගායන දිවියේ උච්ඡස්ථානයට පත්වුණේ, සරත් දසනායගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ගී ගැයීමෙන්. නමුත්, ඔහුට හැමදාමත් සිදුවුනේ, කටහඬ විකුණා ජීවත්වෙන්න මිසක්, නිර්මාණකරණයේ යෙදී සිංහල සංගීතයට සේවයක් කරන්න නොවෙයි.
එබැවින් මගේ මතය අනුව ජෝතිපාල ජනප්‍රිය ගායකයකු පමණි. ශාස්ත්‍රයෙන් පරිපූර්ණ ගායකයකු නොවේ.
ස්තූතියි දීර්ඝ පිළිතුරට. එහෙම ගීතයක් ගැන මතකයේ නැහැ හොයාගෙන අහල බලන්නම්!
ReplyDeleteමේ තියෙන්නේ ඒ ගීතය
ReplyDeletehttps://www.youtube.com/watch?v=d9krJ_gaE54
ඒකත් මං මේ විදිහට අහලා තිබුණේ.ඒකයි HR ගේ කියද්දි මතක් නොවුනේ :) ස්තූතිය !
ReplyDeleteමේක අර ආරියසිංහ ගොයියා කරපු එකක්නේ. උන්දැත් දැන් ආගිය අතක් නෑ. හේතුව ස්වනිර්මාණ නොකිරීම. දැක්කද මුල් සින්දුවේ තියන වෙනස.
ReplyDelete