අම්මපා, මේ අපේ නැවියෙක් ඉන්නවා, කිසි කමකට නෑ. අඩු ගානේ නැවක රෝද හතර තියෙන්නේ කොහෙද, නැවකට කොච්චර ඉහලට පියාඹන්න පුලුවන්ද, වගේ ලිපියක්වත් ලියපන්කො ඉඳලා හිටලාවත්. කොහෙද මේ යකා ලියන්නෙම, සුබසාධන කතා විතරයි. දැන් අර ලොකු නැව් මහත්තුරු දෙන්නෙක් ලියනවා, ඒත් ලියන්නේ නැහැනේ, ඔය පරණ යුද්ද කතා ටිකක්. මේ දවස්වල, මම ජාලේ කරක් ගහනකොට, අහම්බෙන් දැකපු පින්තූර ටිකකට ආසාවේ බැරුව, ඒ ටික තමුන්නාන්සේලාටත් පෙන්නන්න හිතුණා. ඇත්තටම අපේ රටේ ඉතිහාසයටත්, නාවික හමුදා ඉතිහාසයටත් සම්බන්ධ ඒ පින්තූර, බොහොම වටිනවා. ඔන්න බලමුකෝ ඒ පින්තූර වලින් ටිකක්. තව මහා ගොඩක් තියනවා. ඒවා පස්සේ බලමු.
මේ පින්තූර අයත්වන්නේ, දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමට ආසන්න කාලයට සහ, දෙවැනි ලෝක සංග්‍රාමය ඇරඹුණු මුල් කාලයට මෙන්ම, එහි අවසාන භාගයටයි. එබැවින්, මේ පින්තූර වල ඓතිහාසික වටිනාකම බොහොම ඉහලයි.
එකල බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාව, පාලනය කෙරුනේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අරමුණු සහ අවශ්‍යතා අනුව බව ඔබ හොඳින්ම දන්නවා. අපේ රටේ එකල දේශීය ත්‍රිවිධ හමුදා නොපැවැති අතර බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවල, ස්වේච්ඡා ඒකක ලෙසයි අපේ රටේ ත්‍රිවිධ හමුදා පවත්වාගෙන ගියේ. මේ අතරින්, රාජකීය නාවික හමුදාවේ ස්වේච්ඡා උප සේවය (Royal Navy Volunteer Reserve = RNVR) ලෙසයි මෙම කරුණු උපුටාගත් මූලාශ්‍රයේ සඳහන් වන්නේ.
පුහුණු කටයුතු
බ්‍රිතාන්‍ය හමුදාව යටතේ පවත්වාගෙන ගිය ස්වේච්ඡා නාවික බලසේනාවට, ඉතා හොඳ පුහුණුවක් ලබා දී තිබෙන බව, මේ පින්තූර වලින් පෙනෙනවා. මා දන්නා තරමින්, සාමාන්‍ය නැවියන්ට පවා පුහුණුව ලබා දුන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.
පහත දැක්වෙන බොහෝ පින්තූර වලට අදාළ විස්තරයේ සටහන්ව තිබෙන්නේ, Cingalese Ratings යනුවෙන්. මෙහිදී, Cingalese යන්න යොදා ඇත්තේ, අද අපි, Sinhalese/Singhalese යනුවෙන් කරන යෙදුම් උදෙසා බව පෙනෙනවා. නාවික හමුදා භාෂාවෙන්, Rate කියන්නේ, අදාළ නාවික හමුදා පුද්ගලයාගේ, තත්වය/තරාතිරම/වෘත්තීය/යන්නයි.
මේ පින්තූර, 1942 වර්ෂයේදී, කොළඹදී ලබාගත් බවයි, අදාළ මූලාශයේ සඳහන් වන්නේ. ඒ කාලයේ, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත, .303 Lee Enfield Mark I රයිෆල් තමයි, මේ නාවික සෙබළුන් අත දකින්නට ලැබෙන්නේ. බලන්න, ඒ කාලේ පාවිච්චි කල බයිනෙත්තුව කොපමණ දිගද කියා. එය රයිෆලයෙන් ගලවාගෙන, කෙටි කඩුවක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්.
මේ පින්තූර, 1942 වර්ෂයේදී, කොළඹදී ලබාගත් බවයි, අදාළ මූලාශයේ සඳහන් වන්නේ. ඒ කාලයේ, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත, .303 Lee Enfield Mark I රයිෆල් තමයි, මේ නාවික සෙබළුන් අත දකින්නට ලැබෙන්නේ. බලන්න, ඒ කාලේ පාවිච්චි කල බයිනෙත්තුව කොපමණ දිගද කියා. එය රයිෆලයෙන් ගලවාගෙන, කෙටි කඩුවක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්.
මේ පින්තූරයේ දැක්වෙන සෙබළුන්, අවිය ගෙනයන්නේ, 'උරේ අවි' නමැති ඉරියව්වෙන්.
අද මෙම ඉරියව්ව අපේ ත්‍රිවිධ හමුදාව භාවිත කරන්නේ නැහැ.
අවිය නිවැරදිව සවිකර, පිරිසිදුව තිබෙනවාද යන්න, පෙරෙට්ටුවේදී, නිලධාරීන් විසින්
පරීක්‍ෂා කරන්නේ මෙහෙමයි.
පොල් අතු සෙවිලි කළ භට නිවාස තමයි, පහත පින්තූරයේ පසුබිමේ දකින්නට ලැබෙන්නේ.
ඒ ඒ අවස්ථානුකූලව නැවක ඔසවන විවිධ ධජ මගින් ගොඩබිමට නොයෙක් තොරතුරු සපයනවා.
මේ, ඒ පිලිබඳ පුහුණුවක් ලබන හැටි.
බර අවි පුහුණුව, සෑහෙන තරම් උසස් මට්ටමෙන් සිදුකර ඇති බව, මේ පින්තූර වලින් පෙනෙනවා. ඇත්තෙන්ම මේ කරන්නේ, ළඟ ළඟ එන ලෝක සංග්‍රාමයකට මුහුණදීම සඳහා සූදානම් වීමයි.
මේ ඉගෙනගන්නේ ගුවන් යානා නාශක තුවක්කුවක් ක්‍රියාකරවන ආකාරයයි.
රාත්තල් 3 උණ්ඩ, යොදා වෙඩි තබන මධ්‍යම පරිමාණ තුවක්කුව.
පුහුණුවෙන අයට සපත්තුත් නෑ වගේ.
දේශනයකට සවන්දෙන ලංකාවේ නැවියෝ
මුහුදු වෙඩි ඇතිරීම පිලිබඳ පුහුණුවක්
මුහුද යට අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි පිළිබඳව, තොරතුරු සොයා බැලීමේ පුහුණුව
මුහුදේ අතුරා ඇති, සතුරු මුහුදු වෙඩි, පුපුරුවා හැරීමට පුහුණුව ලබන අයුරු.
කොහොමද ඒ කාලේ අපේ නේවි කොල්ලෝ
සතුරු ගුවන් ප්‍රහාර වැළක්වීමේ, ගුවන් යානා නාශක අවි පුහුණුව.
එළිමහනේ කලයුතු මේ පුහුණුව, වහලයේ කුඩා කොටසක් ඉවත් කල ගොඩනැගිල්ලක් තුළ කරන්නේ,
සතුරු ගුවන් ප්‍රහාර එල්ලවෙතැයි, අනුමාන කරන නිසා වන්නට ඇති.
මෙම පුහුණු පාසල හඳුන්වා තිබෙන්නේ
CEYLON SCHOOL FOR NAVAL GUNNERS යනුවෙන්.
තොරතුරු තාක්‍ෂණය අද මෙන් දියුණු නැතත්, හොඳ පුස්තකාල පහසුකම් ලැබී තිබෙනවා. හොඳින් බලන්න, සිවිලිමේ එල්ලා තිබෙන, කුඩා ගුවන් යානා ආකෘති. මේවා සෑමවිටම ඇස ගැටුනාම, එහි හැඩය මතක හිටිනවා. ගුවනේදී දැක්ක ගමන් හඳුනාගන්න පුළුවන්, ඒ කුමන ගුවන් යානයක්ද කියා.
ඒයි අපේ නැවියා, කියලා දීපන් Boxing Compass කියන්නේ මොකක්ද කියලා.
මේ කරන්නේ අන්න ඒ පුහුණුව. මට තේරෙන විදිහට මාලිමාව මගින් දිශා හඳුනාගැනීම.
මේ කරන්නේ අන්න ඒ පුහුණුව. මට තේරෙන විදිහට මාලිමාව මගින් දිශා හඳුනාගැනීම.
බර අවි, කොටස් වලට ගැලවීම, පිරිසිදු කිරීම,
සවිකිරීම, ආදී නඩත්තු වැඩ ඉගෙනගැනීම.
ලොකුම තර්ජනය ගුවන් ප්‍රහාර. ඒ නිසා සතුරු/මිතුරු ගුවන්යානා,
දුර තියාම හඳුනාගන්න හැටි කියාදීම වැදගත්.
දුර තියාම හඳුනාගන්න හැටි කියාදීම වැදගත්.
සතුරු ගුවන්යානා වනසන මහ තුවක්කුවක්.
කොහොමද ඒ කාලේ පණිවිඩ හුවමාරු උපකරණ.
හැබැයි, මේවා ජංගම යන්ත්‍ර කියලයි මූලාශ්‍රයේ තියෙන්නේ.
මේ උපකරණය හඳුන්වන්නේ, හේලියෝග්‍රාෆ් - Heliograph කියලා.
මේකේ තියන කන්නාඩියෙන්, හිරු එළිය, එක්තරා රටාවකට පරාවර්තනය කරලා,
මෝස් කේත ක්‍රමය වැනි ක්‍රමයක් අනුව, සංඥා ලබාදෙන්න පුළුවන්.
ඒ කාලේ අප්‍රිකානු සෙබළුන්, ලංකාවට ගෙනැවිත් තිබෙනවා, පුහුණු කටයුතු සඳහා.
මේ එවැනි පිරිසක් අපේ තේ රස බලද්දී.
සතුරු මුහුදු වෙඩි සොයමින්, කොළඹ අවට මුහුදේ මුර සංචාරයක යෙදෙන,
HMS Sambhur නෞකාව. ඉදිරියෙන් සිටින්නේ, නැවේ කපිතන් වන,
ලාංකිකයකු වූ, ලුතිතන් සන්සෝනි
ලංකාවට ඒමට නැව් නගින අප්‍රිකානු සොල්දාදුවෝ.
අප්‍රිකානු සොල්දාදුවන් හඳුන්වන්නේ, Askaris යනුවෙන්.
'අම්මෝ....පොල්ගස් වල කරටියේ ගෑවී නොගෑවී යන්නේ' කියමින්,
බෝම්බ ප්‍රහාරක බ්‍රිතාන්‍ය ගුවන් යානා නරඹන, ලාංකික ජනතාව
අවරපෙති සහිත ගුවන් යානාවල, එම පෙති, වේගයෙන් මේ විදිහට කරකවා,
පණගන්වන්නට පුළුවන්. මේකත් හරියට, එක්තරා ආකාරයක, 'තල්ලු ස්ටාර්ට්' එකක්.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මේ ද්‍රවිඩ ජාතික ධීවරයන්, අත් උදව් කරුවන් හැටියට,
මේ වැඩේ කරන්න මුලදී බයවුනත්, පසුව, අති දක්ෂ විදිහට ඒ වැඩේ කල බව,
මූලාශ්‍රයේ සඳහන් වෙනවා.
ඇත්තෙන්ම, මෙය මරණීය අනතුරු සිදුවිය හැකි දෙයක් වුනත්, අදත් කරනවා. මේ බලන්න.
සුබසාධනය
එදත් අදත් ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය පාලකයාගේ බිරිඳ
එම රජයේ සුබසාධන කටයුතු වලදී විශේෂ දායකත්වයක් දරනවා.
දෙවැනි ලෝක සංග්‍රාම සමයේ අවසාන භාගයේ
ලංකාවේ ආණ්ඩුකාරයා වූ
ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මූවර් ගේ බිරිඳ
එවකට බ්‍රිතාන්‍ය රතු කුරුස සේවයේ ලංකා ශාඛාවේ
සභාපතිනිය ලෙස සේවය කළා.
මේ ඇය ලංකාවේ සේවය සඳහා පැමිණි අවස්ථාව.
බ්‍රිතාන්‍ය රතුකුරුස සංගමයේ ලංකා ශාඛාවේ සේවය සඳහා පැමිණි
බ්‍රිතාන්‍ය සාමාජිකාවන් මේ ආකාරයටයි සේවයේ යෙදුණේ.
පොල් අතු සෙවිලි කල නේවාසිකාගාර
පොල් අතු නිවස්නය වුනත්, පිරිසිදුකම සහ පිළිවෙල නම් තියනවා වගේ.
ඔවුන්ගේ අවන්හල. අවන්හල් සේවය අපේ අයගෙන් වගේ
විවේකාගාරය
අපේ නැවියන්ට ඒ කාලේ ලැබුණු දන්ත වෛද්‍ය පහසුකම්.
මේ ඡායාරූපය ගෙන තිබෙන්නේ, පුත්තලම නාවික කඳවුරේදී බවයි
මූලාශ්‍රයේ සඳහන් වන්නේ.
අධීක්‍ෂණය
අපි එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අතර
මේ කාලයේදී රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය
ක්‍රියාත්මකව පැවතුණා.
පහත අංක 38, 39, සහ 40 යන ඡායාරූප වලින් දැක්වෙන්නේ,
එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා සහ කෘෂිකර්ම ඇමති වූ
ඩී.එස්.සේනානායක,
ප්‍රවාහන සහ ඉදිකිරීම් අමාත්‍ය
කර්නල් ජේ.එල්.කොතලාවල,
ස්වදේශ කටයුතු අමාත්‍ය ඒ.මහාදේව යන අය
HMS Ceylon නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකට
එක්වූ අවස්වථාක්.
ත්‍රිවිධ හමුදා අතර සම්බන්ධිකරණ කටයුතු සඳහා
පත්කර සිටි, වෘත්තීයෙන් වන සංරක්‍ෂණ නිලධාරියකු වූ
එවකට 1 වැනි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි
ලුතිතන් කර්නල් සී.පී.ජයවර්ධන වෙත
1944 වසරේදී MBE (Military) සම්මානය බ්‍රිතාන්‍යයේ
හයවැනි ජෝර්ජ් රජු විසින් ප්‍රදානය කරන ලදී.
නිල ඇඳුමේ කුරුසයක හැඩයට පැළඳගෙන සිටින්නේ එම සම්මාන පදක්කමයි.
යාත්‍රා තොරතුරු
HMS OKAPI මුර යාත්‍රාව ලාංකික නැවියන් සමග
කොළඹ අවට මුහුදේ මුර සංචාරයක
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව, පාකිස්තානු නාවික හමුදාව
යන හමුදා සමග, ලංකා නාවික හමුදාවේ යාත්‍රා, ත්‍රිකුණාමල වරායේ අභ්‍යාසයක
1944 වර්ෂය
ලංකාවේ සේවා කාලය නිමාකොට
ත්‍රිකුණාමල වරායෙන්
ආපසු බ්‍රිතාන්‍යය බලා පිටත්ව යන
HMS NEWFOUNDLAND යුද නැව
මෙන්න ඉන්නවා ඇම්ඩා
මේ තමයි, ජර්මානු නාවික හමුදාවට අයත්
KMS EMDEN නෞකාව
1939 දී ත්‍රිකුණාමලයෙන් පිටත්ව යාම.
ඇම්ඩා ලංකාවට ආව බවට සාක්කි මෙන්න
මොකද හිතෙන්නේ? ඇත්තටම මේ පින්තූර වලින් බොහොමයක්, අවුරුදු 75 ක් තරම් පැරණියි. ඒ වගේමයි, මේ පින්තූරවල පෙනීසිටින කිසිවකුත්, අද ජීවතුන් අතර නැහැ. මෙහි පෙන්වා ඇති අවි ආයුධ කිසිවක්, අද භාවිතයේ නැහැ. මෙහි දැක්වෙන කිසිදු නාවික යාත්‍රාවක්, අද භාවිතයේ නැහැ. මේ සියල්ල, අගනා ඓතිහාසික සටහන් පෙළක්.
මූලාශ්‍රය:- http://www.iwm.org.uk/
2016 ජූලි මස 20 වැනි දින 2257 පැය
හරිම වටිනා පින්තූර එක්කාසුවක් සහ සටහන් පෙළක්...
ReplyDeleteබොහොම ස්තුතියි පොකුරු.
Deleteඅගනා පින්තූර පෙළක්.
ReplyDeleteනිවාස පොල් අතු උනත් ඔබ කියල තියෙනව වගේ පිරිසිදුකම සහ පිළිවෙල ඉහලින්ම තිබුණ බව පේනව.
23 පින්තූරෙ බිම ඉන්න පොර උඩ ඉන්න කෙනාගෙ පස්ස පැත්තෙ මූන ගහගෙනද ඉන්නෙ. හැක්..
ස්තුතියි ප්‍රසන්න. ඇත්තටම ඔය පිළිවෙල සහ පිරිසිදුකම කියන එක ඕනෑම කෙනෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න බලපානවා.
Deleteහැක්, අම්මපා උඹටත් පෙනෙන දේවල්. ඒ කියන්නේ ඒ කාලෙත් 'එව්වා' තිබිලා තියනවා :D
විචා.. එක්සලන්ට් කියලයි කියන්න තියෙන්නේ.. හරි අපුරුවට පිළිවෙළට ලස්සනට කතාව කියාගෙන ගියා. ඔය නේවි කාරයෝ තුන්දෙනෙක් ම ඉන්නේ. උන් තුන්දෙනාම පිස්සෝ බං.. උඹගෙන් වගේ ඒ අයගෙන් මේව්වා බලාහෝප් වෙන්න බෑ බං..
ReplyDeleteනියමයි.. ඇම්ඩා ලංකාවට ආපු විත්තිය දැනං හිටියෙම නෑනේ මං..
බොහොම ස්තුතියි දේශ්.
Deleteඅපේ නේවි කාරයෝ තුන්දෙනා, තමන්ට ආවේනික වෙනත් මානයන් වල යන්නේ. හැබැයි උඹ ඔව්වා කියලා, අර දොස්තර නේවි කාරයට අහුවෙන්න එපා, උඹව අල්ලාගෙන, උඹේ කෑලි බෑලි අනික් පැත්තට තියලා හයිකරලා දෙයි.
ඇම්ඩා ලංකාවට ආපු බව, අර මගේ කලින් ලිපිය කියෙව්ව අයගෙනුත් බොහොමයක් දැනගෙන හිටියේ නෑ.
අරක තල්ලු ස්ටාට් එකට අහසෙදි කරකවන්නේ කවුද
ReplyDeleteඋඩු හුළඟට රූංපෙත්ත කැරකෙන්න ඇරලා සෙකන්ඩ් එකට ගහනව.එකෙන්ම ඉෂ්ටාට්.ඕ යේස්
Deleteමේ සතියේ ජයග්‍රාහී ප්‍රශ්ණය සහ ජයග්‍රාහී පිළිතුර.
Deleteඒක නෙවෙයි කොහොමද බුවාලගේ කලිසං සායවල් ටික?
@ අටම්. පිස්සුද, ඔය හැම ප්ලේන් එකකම තියනවා හොඳ හයිය කොහු ලන්නක්. එකෙන් තමා, කැඩිච්ච ප්ලේන් උඩදී ඇදගෙන යන්නේ.
Delete@ පත්තරේ. හදිස්සියට සෙකන්ඩ් එක වැටුන්නැති වුනාම තමයි පොළොවට ඇවිත් හොම්බ ඇනගන්නේ.
@ ඩූඩ්. අම්මපා ඒ එක කලිසමක්, අදනම් දෙන්නෙකුට පොරවන්ඩ තරම් ඇති.
මොකාද අර කියපු නැවියා? අම්මප ඔහොම එවුං බ්ලොග් ලියනවට වඩා හොඳයි සරමේ පිහදගත්තනම්.. (වැරදුනාද මංදා..)
ReplyDelete:D
Deleteකොහොමද වැරදිලා බ්ලොග් එක සරමේ පිහදාගත්තනම්. :D
Deleteනැවකට නැග්ගහම ඒක ගිලෙන සයිස් එකේ එවුන් ඒකාලෙ ඉඳල නෑ වගේ
DeleteBoxing the Compass කියල කියන්නේ නාවික යෙදුමක්.. ඒක Navigation ඉගෙන ගන්න හැම නැවියෙකුම ඒ කාලේ කරලා සමත් වෙන්න අවශ්‍ය වුනු එක්තරා ටෙස්ට් එකක්.. මාලිමාවේ මුහුණතේ පොයින්ට්ස් 32ක් තියෙනවා ඒ තිස් දෙකම නිවැරදිව දිශාවට (clockwise) නැවත සවිකිරීමට හැකිවිය යුතුයි. අපේ කාලේ නම් තිබුනේ නෑ..
ReplyDeleteබොහොම ස්තුතියි කල්‍යාණ මේ කරුණු පැහැදිලි කිරීම ගැන. අද නම්, මේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික් වෙලා ඇති. ඉදිරියේදීත් මෙවැනි තාක්ෂණික කරුණු පැහැදිලි කිරීම් අවශ්‍ය වුනොත්, මට උදව් කරන්න.
Deleteපොල් අතු නිවස්නය වුනත්, පිරිසිදුකම සහ පිළිවෙල නම් තියනවා වගේ.///
ReplyDeleteදන්නෙ නැතෙයි ඕකුං රෑට නිදාගන්න ගිය තැනක වුණත් වැලි කැටයක් නැතිවෙන්න අතුගාල වටේ පිටේ තියෙන සක්ක කෑලිත් එක්ක සුදු කොරනව කියල... හැක් හැක්...
303 වලින් තාම වෙඩි තියන කොට්ටාසයක් ඉන්නව. ඒත් බ්ලේඩ් එක නං ඔච්චර දිග නෑ. ඕවැං මූණටම හම්බෙන උංගෙ පපුව හිල් කොරා නේහ්
ඔය ඒ කාලේ ඉඳලා කතාවක් තියෙන්නේ, 'හරියට සුද්දා වගේ වැඩ' කියලා. හැබැයි, අද කාලේ, සංචාරකයන් හැටියට එන සමහර සුද්දන්ගේ වැඩ, වැද්දන්ටත් වඩා පහලයි.
Delete.303 දැනට ලංකාවේ කිසිම ආරක්ෂක හමුදාවක් හෝ පොලීසිය හෝ අඩුගානේ ශිෂ්‍යභට බලකායවත් පාවිච්චි කරන්නේ නැහැ. අපිරිකානු රටවල, පාකිස්නථායේ සහ ඉන්දියාවේ ගෝත්‍රික සමාජ වල තිබෙනවා.
බයිනෙත්තුවෙන් ඇනීම, අපිත්, 1980 දශකයේදී පුහුණු වුනා. නමුත් කවදාවත් සතුරෙකුට ඇනලා නැහැ. 'ඊට වඩා දියුණු ක්‍රම' තියනවනේ. මා හිතන්නේ, බයිනෙත්තුවෙන් ඇනීම අන්තිමටම කරන්න ඇත්තේ, දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී වෙන්න ඇති.
අති විශිෂ්ටයි !
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteනේවි ඈයෝ සපයන නේවි ලිපි කිසිදා නේවි..
ReplyDeleteජයවේවා..!!
හැක්, උඹ අහුවෙන්න එපා අපේ නේවි කාරයට. හක්කේ තියලා සෙම අරියි.
Deleteජයවේවා!
අනේ මේ විචා මාමෙ නිකං කට පියාන හිටිං. ඔය නේවිකාරයන්ට කියනවට වඩා හොඳයි කට ගලක උලා ගන්නව. අර ඩෝරා කතාව තවම ලියල නෑ. දැන් සෑහෙන්න කාලෙකින් බ්ලොග ලියලත් නෑ.
ReplyDeleteඅනේ නිකං හිටිං. ඔය නේවිකාරයගෙ නේවි කතා. හැක හැක.
හෙහ් හෙහ්, හැබැයි පුතෝ, අපේ නේවිකාරයට හිතුණොත්, අපි ඔක්කොම අල්ලාගෙන ගිහින්, මූදේ කෝස් එකකට දමයිද දන්නේ නෑ.
Deleteපරිස්සං වෙලා හිටපං. ඕකා විස්වාස නැති නේවිකාරයෙක්.
හමුදාවේ සෙබලුන් සඳහා අත් පොතක් ලියන්න, එවැනි පොතක් සෙබලුන් ට නැත
ReplyDeleteයුද්ද කාලේ (විශේෂයෙන් 1990 දශකයේ මුල භාගයේදී) යුද හමුදා මූලස්ථාන මට්ටමෙන්, සේනාංක, බලසේනා මට්ටමෙන්, වරින්වර, සෙබල අත්පොත් මුද්‍රණය කර බෙදා හැරියා. එය අසාර්ථකවීමට බලපෑ කරුණු ලෙස මා දකින්නේ, මෙන්න මේවා.
Delete1. පොත මුදලට ලබාදීම.
2. නම, ගම, පවුලේ විස්තර, ආදියට ප්‍රමුඛත්වයක් දීම සහ, හදිසියකදී තම ජීවිතය බේරා ගැනීමට ගතහැකි පියවර, උසස් මූලස්ථාන වලට ඇමතීමේ පියවර, ප්‍රථමාධාර සහ විකල්ප ප්‍රථමාධාර, තමන් බේරාගැනීමට එන හෙලිකොප්ටරයකට සංඥා කරන ආකාරය, තමන්ට ලැබෙන වාර්ෂික වැටුප, වැටුප් වර්ධක ලැබෙන ආකාරය, වැටුපෙන් විවිධ අයකරගැනීම් සිදුවන ආකාරය, බැංකු ගිණුමක් පවත්වාගන්නේ කෙසේද, පෞද්ගලික වියදම් කළමනාකරණය කරගන්නේ කෙසේද, හමුදා නීතිය සහ හමුදා නීතිය තුළ තමන්ට ඇති අයිතිවාසිකම්, සෙබළකුට ඇති මානව හිමිකම්,සෙබල අභිමානය රැකගන්නේ කෙසේද, වැනි කරුණු ඇතුලත්ව නොතිබීම,
3. පොත නිකම්ම නිකුත් නොකර ඒ ගැන දේශනයක් පවත්වා සෙබළුන් දැනුවත් කර ලබා නොදීම.
මට පුළුවන් පොතක් ලියන්න. නමුත් එය අති සාර්ටකව ප්‍රතික්ෂේප වනු නොඅනුමානයි. මම ලොක්කෙක් නොවන නිසා. පෞද්ගලික මට්ටමෙන් ලියා මුද්‍රණය කරන්න බැහැ, හමුදා නීතිය හරස්වෙනවා. බ්ලොග් එකේ ලිව්වට වැඩක් නැහැ, අද ඉන්න බොහොමයක් උසස් හමුදා නිලධාරීන් පවා, අන්තර්ජාලයට එන්නේ, මූණු පොතට විරිත්තන්න විතරයි.
විචා මාමෙ ඔය නේවිකාරයට අපේ පාසැල් සගයෙක් ගැන ලියන්න කිවුව දැනට අවුරුද්දකට ඉස්සර තාම නෑ මට මේ පෝස්ට් එක දකිද්දිම මතක් උනේ ඌව ( කිවුවෙ බදුල්ල ).
ReplyDeleteඇම්ඩව ෆොටෝ අරන් තියෙන්නෙ නේවි කෑම්ප් එකේ තියන අට්ටාලෙ උඩ ඉදං නේද ? දැන් ඔතනට පේනව ඈත කෙරවලේ ගිලුනු නැවක් හරියටම ඇම්ඩට කෙලින්ම එහා පැත්තෙ
හෑ............යකෝ දැන් බලනකොට සෑහෙන්න දෙනෙකුට තියනවානේ නැවියා එක්ක ඇරියස්. හෙහ් හෙහ්.
Deleteඔව් ත්‍රිකුණාමලේ නාවික කඳවුරේ පැරණි කාලතුවක්කු තියන තැනට ගියාම ඉතාම ලස්සන දර්ශනයක් බලන්න පුළුවන්.
මේකනං නියමයි...
ReplyDeleteබොහොම ස්තුතියි.
DeleteVery important details Kalane should write this kind of articles.
ReplyDeleteමාත් කියල බලන්නං මිනිහට..
Deleteහැක් හැක්, ලලිත්, බලාගෙන හිටපං අනික් පැත්තෙන් ඉර පායනතුරු.
Deleteඅපූරු පිංතුර ටිකක් සහ සටහනක් විචා. ඒත් මේ පින්තුරවල ඉන්න කවුරුවත් අද ජීවතුන් අතර නැහැ කිව්වහම නං ටිකක් දුකයි වගේ නේද?
ReplyDeleteබොහොම ස්තුතියි හැලපේ. සෑහෙන්න මහන්සිවුනා පරිවර්තන කටයුතු සහ පින්තූර සංස්කරණයට.
Deleteඇත්තෙන්ම මේ පින්තූර බොහොමයක් දැක්කම, දැඩි ඇල්මක් වගේම, ඒ අතීතය සිහිවීමෙන් දුකක්ද ඇතිවෙනවා.
නැව් එක්ක රාජකාරි කරන නිසා හරිම ආසාවෙන් කියෙව්වේ.. බොහොම වටින පින්තූර ටිකක් එක්ක විස්තරයක්...
ReplyDeleteමක්කිව්වා? ඔහේ නැව් එලවනවැයි? කියමු බලන්න මොකක්ද නැව් එක්ක තියන සම්බන්දෙ කියලා?
Deleteස්තුතියි ඇගයීම ගැන.
අපි නැව් හදනවා නොවැ... හි..හි...
Deleteඅම්මපා......Colombo dockyard එකේද?
Delete47 පින්තුරයේ විස්තරය පුරස්න ඇති කරනව
ReplyDeleteම්ම්ම් ඇම්ඩලා දෙන්නෙක් නොවෙද
අනික ඔය දෙවන ඇම්ඩා යුද්දේ පටන්ගන්න ඉස්සෙල්ලා වෙන්න ඕනි විචා,
දෙවැනි ලෝක යුද්දේ යන කොට ජර්මන් නැවක් ට්‍රින්කෝ වල මහ දවල්?
අනික HMS?
සුට්ටක් හෙව්වා බඩු හැව්
ඔය KMS Emden යුද්ද දෙක අතර කාලයේදී ට්‍රින්කෝ වල.
ඔය පළමුවැනි ඇම්ඩා නිසා එංගල් බ්‍රෙක් අහක යන පරිප්පු කාලා තියනවා
පින්තුර වල ඇති සුද්දගේ පිළිවෙල කියල වැඩක් නැත මල් හතයි!
හේලියෝග්‍රාෆ් ගැජමැටික් එකත් මරු.බෙදා ගත්තට තුති!
ඔව්නේ. මටනේ වැරදිලා තියෙන්නේ. ආපහු මූලාශ්‍රයට ගිහින් බැලින්නං, ඉංගිරිසි කාරයාගේ නැව් විස්තර අතරට මේකත් ඔබලා. බොහොම ස්තුතියි වැරැද්ද පෙන්වා දුන්නාට. ඔන්න ඒ පින්තූරයට අදාට විස්තරය වෙනස් කළා.
Deleteඑංගල් බ්‍රෙක් ගැන හොඳ විස්තරයක් කවුරුහරි ලියලා තිබුනා නේද කලකට ඉහතදී?
ඇත්තටම සුද්දාගේ වැඩ වලින් අපිට ආදර්ශ ගන්න පුළුවන් ඒවා බොහොමයි.
හෙලියෝග්‍රාෆ් නැතත් පොඩි කන්නාඩි කෑල්ලක් තිබ්බත් ඇති. හැක්.
ස්තුතියි ඇගයීම ගැන.
මතක විදියට ගාමිණී ලොක්කා ලීවේ
Deleteමේං
http://gaminievijith.blogspot.com.au/2012/12/31_14.html
නම් වෙනස් කිරිල්ලත් බොහෝ හදිස්සියෙන් කරපු බව පේන්ට තියේ
SMS EMDEN නොවේ පින්තුරය KMS EMDEN.
නැව් දෙකක් විචා, SMS EMDENට බඩු හම්බුවෙලා තියනවා 1914දී.
අය්යෝ කෝ මේ අපේ නීට් එකට වැඩ කරන විචාරක.
හදිස්සියට කොරොස් කටෙත් අත දාගන්න බෑ. ඉන්න ඉන්න හදන්නම්.
Deleteහරිම වටින විස්තර ටිකක්.. බොහොම ස්තුතියි ..
ReplyDeleteඔබට බොහොම ස්තුතියි.
Deleteවටිනා විස්තර ටිකක් විචා.. බොහොම තුති!
ReplyDeleteඒත් මෙන්න මේක නම් ටිකක් පැටලිලි සහගතයි..
// බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව, පාකිස්තානු නාවික හමුදාව යන හමුදා සමග, ලංකා නාවික හමුදාවේ යාත්‍රා, ත්‍රිකුණාමල වරායේ අභ්‍යාසයක 1944 වර්ෂය //
1944 කොහොමද පාකිස්තානු නාවික හමුදාවක් ඉන්නෙ? ඉන්දියාව දෙකඩ කැඩුවෙ 1947 දී..
++++
Deleteමූලාශ්‍රයේ තිබෙන දේ තමයි පරිවර්තනය කලේ. මූලාශ්‍රයට ලින්ක් එක ලිපියේ අන්තිමට දීලා තියනවා. ගිහින් බලන්න.
Deleteස්තූතියි විචා! මූලාශ්‍රයට ගියා..
DeleteCommonwealth naval exercises in Indian Ocean. August 1955, Trincomalee, Ceylon. Ships of the commonwealth fleet assembling at Trincomalee for a commonwealth navies exercise in the Indian Ocean. Ships of the Royal Navy, Pakistan Navy, Royal Ceylon navy and Indian Navy participated in the combined exercise.
ස්තුතියි බූරා ලින්ක් එක මෙතනට දැම්මට.
Deleteවටිනා වටිනාම ලිපියක් විචා UNCLE
ReplyDeleteස්තුතියි වැව් UNCLE :D
Deleteinteresting article on a subject thats rarely discussed in media here in a different format ,
ReplyDeleteThank you very much for this encouraging comment.
Deleteවටිනා ලිපියක්. ස්තුතියි ඔබට..
ReplyDeleteබොහොම ස්තුතියි
DeleteThat blog roll problem is now resolved. I had removed the featured image as soon as I found out but it took days to take effect. It was a WordPress issue. Thank you for your patience.
ReplyDelete