මම කියන්න පටන් අරන් තිබුනේ, ඊලාම් යුද්ධය පැවති කාලයේදී, අපේ හමුදාවෙන් පවත්වාගෙන ගිය, ඉදිරි ආරක්ෂක ප්‍රදේශ වලට, LTTE ත්‍රස්තවාදී පහර දුන් ආකාරයයි. ලිපියේ පළමුවැනි කොටස මෙතනින් බලන්න. අද කොටසෙන් තවදුරටත් කතාකරන්නේ, මේ තර්ජනය ජයගැනීමට, අපි ක්‍රියාකළ ආකාරය ගැනයි. පළමුවැනි කොටසේදී, ඔබට වැටහෙන්න ඇති, අපි කොයි තරම් ආධුනික ආකාරයකටද, යුද්ධයට මුහුණ දුන්නේ කියා.
මේ යන්තම් අවුරුදු 16 - 18 ඇටිකිච්චෝ ඇවිල්ලා, අපේ කොල්ලන්ගේ බෙලි කපාගෙන යනවා නම්, එතන මොකක්හරි ලොකු වැරදීමක් තිබෙන බව පැහදිලිවම පෙනුණා. මෙතැනදී, LTTE කාරයෝ වැඩකලේ, හොඳින් පුහුණුවුණු, එක්තරා අභ්‍යාසයක් (DRILL) එකකට අනුවයි. ඒ මෙන්න මෙහෙම.
1. වැනි පියවර:- රෑ වෙනකොට බඩගාගෙන අපේ ආරක්ෂක තීරය අසලට පැමිණීම.
2. වැනි පියවර:- එකවරම මහා වෙඩි ප්‍රහාරයක් අපේ බංකර කීපයක් ඉලක්ක කරගෙන එල්ල කිරීම.
3. වැනි පියවර:- කුඩා පිරිසක් බඩගාගෙන ඇවිත් බංකර් අතරින් රිංගා පසුපසින් ප්‍රහාරයක් එල්ල කිරීම.
4. වැනි පියවර:- උපරිම හානියක් සිදුකර ආපසු යාම.
දැන් අපි මොකද කරන්න ඕනේ? ඇත්තටම අපි යුද න්‍යාය අනුව කළහැකි උපරිමය කරන්න ඕනේ. ඒ ඒ ආරක්ෂක ප්‍රදේශයේ තත්වය අනුව, වෙන වෙනම සැලසුම් හදන්න ඕනේ. (මතකයි නේද සැලැස්මක් හදලා ගහන හැටි) නමුත්, ආරක්ෂක ප්‍රදේශයක් පවත්වා ගැනීමේ මූලධර්ම, හමුදා පොතේ පැහැදිලිව පෙන්වාදී තිබෙනවා. ඒ මූලධර්ම, එදාටත්, අදටත්, ලෝකයේ ඕනෑම ආරක්ෂක ප්‍රදෙශයකටත්, එක හා සමානව ගැළපෙනවා. ඒවා අනුගමනය නොකිරීමෙන් තමයි, අනිටු විපාක ලැබෙන්නේ.
ඔන්න අපි කල්පනා කළා, බංකර් අතරින් අරුන් රිංගන්නේ, කිසිම බාධකයක් නැති නිසානේ. ඒ නිසා, බංකර් ඔක්කොම එකට යාවෙන විදිහට, සෑම බංකර් දෙකක් අතරම, පස් බැම්මක් ගහන්න ඕනේ කියලා. එතකොට, රිංගන්න එන එකා, අනිවාර්යයෙන් අර පස් බැම්මට උඩින් පනින්න ඕනේ. 'වරකො පනින්න, දෙන්නං තොපිට කෑලි හැලෙන්න' කියලා, අපි ලැස්ති වුණා. අපි, මේ පහල රූපයේ පෙනෙන විදිහට, බංකර් අතරට පස් බැම්මක් ගැහුවා.
අම්මේ........ මේ උතුරු පළාතේ තියන පස්, මහා වනචර පස් ජාතියක් පින්වත්නි. බැම්ම ඉක්මනින් බහිනවා. වැස්ස කාලෙට නිකම්ම දියවෙනවා. අලුවා වගේ. ඔය අපේ පැතිවල තියන, අර හොඳට තදවෙන, රතු පස් වගේ නෙවෙයි. කිසි කමකට නෑ. ආයේ ආයේ හදලා ඉවරයක් නෑ. පේන්නැද්ද ඔය පින්තූරෙන්ම. හරියන්නෑ, අරුන් පරණ සෙල්ලමට ම එන්ඩ පටන්ගත්තා. හෙහ්, එව්වා කොහෙද. හමුදා පොතේ තියනවා තව වැඩ ගොඩක්.
දැන් මෙහෙම එක පෙළට බංකර් තිබුනම, දෙකක් අතරින් රිංගපු ගමන්, අපේ පාලන ප්‍රදේශය ඇතුළටම එන්ඩ පුළුවන්. එහෙම ඇවිත්, අපේ කෑම්ප් වලට රිංගලා, අපේ නිළ ඇඳුම් වලට සමාන නිළ ඇඳුම් ඇඳගෙන, කෑම්ප් එක ගැන ඔත්තු බලලා, මහ කුස්සියේ පෝලිමට ගිහින් බතුත් කාලා , ආපු ක්‍රමයටම ආපහු ගියා කියලා කතාවකුත් තිබුණා.
දැන් මොකෑ කරන්නේ. මෙන්න කරපු වැඩේ. බංකර් ගැහුවා සිග් සැග් ක්‍රමයට. ඒ වගේම බැම්ම 'දෙබැම්ම' කළා. දැන් බැම්ම මහා යුද අගලක් වුණා. පනින එකා මේ අගලට පැනලා ආයෙත් ඇතුලට පනින්න ඕනේ අපේ පැත්තට ඇතුළු වෙන්න නම්. අගලේ අපේ කට්ටිය ඉන්නවා. දැන් මෙන්න මෙහෙම තියෙන්නේ.
ඔන්න අරුන්ට වැඩේ ටිකක් අමාරු වුණා. පනින්න එන එවුන් අපෙන් කෑවා. මේ අගලේ වාසිය තමයි, ඉදිරි භූමියට නොපෙනී, ඒක දිගේ බංකර් අතරේ ගමන් කරන්නට අපට හැකිවීම. නමුත් මේ ක්‍රමය දිගුකල් පැවතුනේ නැහැ. අරුන් අලුත් වැඩක් පටන්ගත්තා. ඒ තමයි විශාල පිරිසක් යොදවා බංකර් දෙකකට හෝ තුනකට පහර එල්ල කර, ඇතුලට කඩාපැන, පෙර පරිදිම මහා විනාශයක් කිරීම. සමහර අවස්ථා වලදී, ඔවුන් අපේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර පවා රැගෙන ගියා. ඒවායින් අපිව අමතා, අපහාසාත්මක කතා කියන්නට පටන්ගත්තා.
මේ ක්‍රමය නිසා ඔන්න අපේ අය ටිකක් බයවුනා. සමහර තැන්වල රෑට බංකර් අතහැර පසුපස භූමියට වී, වෘත්තාකාර හැඩයකට භටපිරිස් යොදාගෙන ඉන්නත්, සමහරු ක්‍රියාකර තිබුණා. ප්‍රමාණවත් තරම් භටපිරිස් නොමැතිවීමත් එයට හේතුවුණා. යුද්ධය ආරම්භ වුන කාලයේ එක් බංකරයකට සෙබළුන් 5 - 6 ක් පමණ හිටියත් පසුව එය 2 - 3 ක් දක්වා පහත වැටුණු අවස්ථා තිබුණා.
සෑම බංකරයකටම භටපිරිස් යොදවන්නට නොසිටි නිසා, බංකර් පේලියේ අතරින් පතර, සමහර බංකර්, රාත්‍රී කාලයේදී අතහැර දමන්නටත්, රාත්‍රී කාලයට උපරිම භට පිරිසක් අවශ්‍ය නිසා, දිවා කාලයේදී, බංකර් තුන හතරකට එකක් පමණක්, සෙබළුන් යොදවා තබන්නටත් සිදුවුණා. දැන් ඉතිං මෙහෙම බලා ඉඳලා බැහැ. මොකද කරන්නේ. අපොයි තවත් වැඩ තියනවා. පොතේ මොනවා තිබුනත්, අපේ කට්ටිය, තැත් වරද න්‍යාය ඔස්සේ නොයෙක් දේ කළා. වවුනියාව වැනි ප්‍රදේශවල, ඉදිරි ආරක්ෂක ප්‍රදේශය ආසන්නයේම විදුලි බලය තිබුන නිසා, බංකර් පේලියට ඉදිරියෙන්, විදුලි පහන් සවිකරගන්නට අපේ අය ක්‍රියා කළා. නමුත් එය සෑමවිටම සාර්ථක වුණේ නැහැ. විදුලි පහන් වලට, සතුරු වෙඩි ප්‍රහාර එල්ලවුණා.
මේ විදිහට ලයිට් දාගෙන යුද්ධ කරන්න බැහැ. ලයිට් දාන්නේ ස්ථිරව පිහිටුවා තිබෙන හමුදා කඳවුරු වලට පමණයි. මේ නිසා, යුද න්‍යායට අනුව ක්‍රියා කිරීම හැර, වෙනත් විකල්පයක් නැති බව කාලීනව වටහාගන්නට පුලුවන් වුණා.
අපිට තේරුණා මුන් මේ උන්ගේ මහා එකාගේ ගෙදර යනවා වගේ එන්නේ, ඉදිරි භූමියේ බාධක මොකුත් නැති නිසා කියලා. එහෙනං හිටුකෝ කියලා, දැම්මා බාධක. මොනවද දැම්මේ. මුල් කාලයේදී, දුප්පත් අපිට කටු කම්බි සහ කොන්සර්ටිනා වයර් විතරයි ලැබුණේ. ඒවායින් දැම්මා බාධක. මෙන්න මේ වගේ.
ඉදිරි භූමියේ තියන පොඩි ගස් කපලා, ඒ කණුවල, අපිළිවෙලට කටු කම්බි පැටලුවා. බිම ඉඳලා අඟල් හතරක් පහක් උසක සිට, අඩි තුනක් හතරක් විතර උසට සිටින විදිහට. ඊළඟට දැම්මා කොන්සර්ටිනා කම්බි, මෙන්න මේ විදිහට.
'දැන් වරෙල්ලකෝ පුලුවන්නම්, ගෙරි සුනඛ ධේනුවගේ පුත්‍රයෝ' කියලා, අපි බය නැතුව හිටියා. මෙන්න බොලේ, මුන් මේ වැටවල් පුපුරවන්න ක්‍රමයක් හොයාගත්තනේ. ඒකට කියන්නේ 'බැංගලෝර් ටෝර්පිඩෝ' කියලා. ඇත්තටම බැංගලෝර් ටෝර්පිඩෝ කියන්නේ, සෑහෙන්න දියුණු යුද්ධායුධයක්. නමුත්, කොටින්ට ඒවා හොයාගන්න බැරිවුණු නිසා, උන් හැදුවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ දිග පී.වී.සී. බටයකට හෝ ගැල්වනයිස් බටයකට වෙඩි බෙහෙත් පුරවනවා. ඒකට ඩෙටනේටර් එකක් හයිකරනවා. ඕක ගෙනත් අපේ වැටට යටින් රිංගවලා පුපුරවනවා. වැට උඩුකුරුඤ්ඤං.
මෙන්න බැංගලෝර් ටොර්පිඩෝ පරණ එකක් සහ අලුත් එකක්.
ඉතිං මොකේදැයි දන් වළඳන්නේ? හරි හරි ඉන්ඩකො පොඩ්ඩක්. පොතේ වැඩ තවම ඉවර නෑ. හෙහ් හෙහ්, මේක ජාතක පොත වගේ දිගයි. ඊළඟට අපි කලේ වියට්නාම් කාරයා කොපි කිරීම. දන්නවනේ වියට්නාම් උගුල් කියන එව්වා. ආයේ බඩු ෂුවර්. අහුවෙච්චි එකා මෙන්න මෙහෙම නවතින්නේ.
ඒ කියන්නේ ඉදිරි භූමියේ ඉතා තියුණු ලී උල් හිටෙව්වා. මේ උගුල වියට්නාම් යුද්ධයේදී ඇමරිකානු හමුදාවට එරෙහිව යොදාගත් එකක්. මේ තියෙන්නේ.
හැබැයි ඉතිං මේ වගේ නෙවෙයි, මුළු ඉදිරි භූමියේම, එකිනෙකට අඟල් හයක් විතර පරතරය තියලා, හිටෙව්වේ. මේ උලක් අඟල් 8 - 10 ක් විතර උසයි. ඒ වගේම වැරනියා කෝටු, වලින් අඩි හතරක් විතර උස, වැටවල් කීපයක් ගැහුවා. වැරනියා කෝටු වැට අස්සෙන්, බැංගලෝර් ටෝපිඩෝ රිංගවන්න බැහැ. කෝටු එකකට එකක් අතර පරතරය, අඟලකටත් වඩා අඩුයි.
රෑට ඔව්වා කපන්න හදනවානම්, අපට ඇහෙනවා. මොකද දන්නවද? වැටේ හිස් ටින් එල්ලලා තියනවා හැමතැනම. එව්වා හෙලවුනොත්, (සතෙක් වැදිලා වුනත්) අපි වෙඩි දෙකතුනක් තියනවා. ඒ විදිහට වැට කපන්න ආව එවුන් සෑහෙන ගණනක්, උඩුකුරුඤ්ඤං කරවන්ඩ අපිට පුළුවන් වුණා. ඒ වගේම අර උල් වල පැටලිලා වැටිලා, උල් ඇනිලා සමහර එවුන් මැරුණා. වේදනාව නිසා රෑ තිස්සේ කෑගහලා මැරිච්ච එවුන් හිටියා. ඉතිං අපිට ඒ වෙලාවට එතැනට යන්න බැහැ. අපෙත් උල් ඇනෙනවා. මොකද උන් අපිට කිරි පොවලා යන්න ආවා නෙවෙයිනේ. (තරහ ගන්න එපා මහත්වරුනි. මේ යුද්ධයයි. යුද්ධයේදී අනුකම්පාව බොහොම අඩුයි)
කොටියා දැනගත්තා අපි ලේසියෙන් යුද්දේ අතාරින්නෙ නැහැ කියලා. ඒ වගේමයි අපිත් දැනගෙන හිටියා කොටියත් ලේසියෙන් යුද්දේ අතාරින්නෙ නැහැ කියලා. ඊළඟට මොකද වුණේ? දැන් කොටියට හොඳ පණිවිඩ හුවමාරු උපකරණ, මෝටාර්, RPG, ටොම්බා තුවක්කු, සැහැල්ලු මැෂින් තුවක්කු, අපිට වගේ නිල ඇඳුම්, බූට්ස් එහෙම තියන කාලේ. ඕවා පාවිච්චි කරලා කිසිම අනුකම්පාවක් නැතුව අපිට වැඩේ දෙන්ඩ පටන්ගත්තා. අපිට සෑහෙන විනාශයක් වුණා.
හිතුවද අපි බයවුණා කියලා. නෑ පින්වත්නි. පොත පොත පොත........., පොත තමයි පිහිට. අනේ අම්මේ........ ඔය හමුදා පොත, පන්සීය පනස් ජාතක පොත වගේ දුම් අල්ලලා, වන්දනා කරන්න ඕනේ. ඔය පොත නිසා තමයි, ඔය තරමින් හරි අපි බේරුණේ.
හෙහ් හෙහ්, ලබන පාරනම් අම්මපා, මේකේ දෙකින් එකක් තීන්දු වෙන්ඩ, ඔක්කොම කියනවා. එතකල් පොඩ්ඩක් ඉවසලා ඉම්මු.
2016 ජූලි මස 06 වැනි දින 2316 පැය
පළමු කොටස කියවන්නත් කලින් දෙවෙනි එක ඇවිල්ලනේ. කියවලම එන්නම්.
ReplyDeleteහෙමිහිට කියවලා දෙකක් කියන්න.
Deleteවිචාරක මහතා දැන් පළමු කොටසේ තියෙන්නේ නිකන් බංකර් හැදුවය කියල. ඒවා කොටි ගහල විනාශ කර පස්සේ මෙතනට ආව කියල. නමුත් මේ ඔබ කියන ක්‍රම පළමුවන ලෝක යුධ්ධේ ඉන්ඩත් තිබ්බ දේනේ. උදාහරණ වශයෙන් දිගට නොව ඇදේට යන්න අගල් කැපුවේ පළමු ලෝක යුද්ධ කාලේ. කටු කම්බි දැම්මෙත් ඒ කාලේ. මගේ ප්‍රශ්නය ඇයි එතැනින්ම පටන් ගත්තේ නැත්තේ ඇයි කියල?
Delete(මේ කල දේ ගැන අඩු තක්සේරුවකින් කතා කලා නෙමේ )
Deleteඅපේ යුද හමුදාව මුලින්ම අභ්‍යන්තර කැරැල්ලකට මුහුණ දුන්නේ 1971 ඩි බව ඔබ හොඳින්ම දන්නවා. ඒ කාලේ ජවිපෙත් ඒ වගේම ආධුනිකයි. ඒ සටනෙන් තමයි යුද්ධය ගැන ප්‍රාථමික අද්දැකීම් ලැබුනේ. ඊලාම් යුධය ටික ටික වර්ධනය වනවිට තමා තේරුණේ මෙය බරපතල තත්වයක් බව. ඒ කාලේ වනවිටත් හමුදා පුහුණුවේදී ලබාදුන්නේ අගල් කපාගනීම සහ ඉටිරෙදි කූඩාරම් සැකසීම විතරයි. අපි බංකරයක් දැක්කෙත් යුද භූමියට ගියාට පස්සේ. උසස් නිලධාරීන් විසින් ලෝකය පුරා කරුණු හොයාබලා, ටිකෙන් ටික තමයි අපිට ඒ දැනුම ගලාගෙන ආවේ. ඊට පස්සේ තමයි අපි බංකර් යුද්දෙට හැඩගැහුණේ.
Deleteඅපි මුලදී අපේ ප්‍රතිවාදීන්ව අවතක්සේරු කලා කියලයි මමනම් හිතන්නේ.
සටන් බිමේ සැබෑවටම යෙදී සිටි හමුදාව මොනතරම් කායික මානසික වෙහෙසක් විඳින්න ඇද්ද, සිත කම්පාකරවන විස්තරයක් විචාරකතුමා
ReplyDeleteඒ කාලේ විඳ බලු දුක් මතකවෙනකොට තවම නොයෙක් දේ හිතට එනවා ගුණසිංහ මහත්තයෝ. මේ දේසපාලුවන්ගේ බණ කතා ඇහෙනකොට තමයි උන්ව වල පල්ලට යවන්න හිතෙන්නේ.
Deleteවින්ද දුක අද විනෝදයක් බවට හරවාගෙන මේ ලියන්නේ.
හම්මෝ අර ගිණි අව්වේ වැරනියා කෝටු කපලා අඟල් හයෙන් හයට හිටවනව කියන්නෙ මොන දුකක්ද..
ReplyDeleteවැඩ කරලම කොල්ලන්ගේ අත් ලෙලියනවා. ඒවා කරන්න අණදෙන අය හැටියට අපටත් දුකයි. නමුත් මේවා කිරීමෙන් බේරෙන්නෙත් අපි ඔක්කොගෙම ජීවිත.
Deleteවිචා බොහොම ස්තූතියි. මේ සීරීස් එකනම් හරිම වැදගත්
ReplyDeleteහුඟාක් දිගට ලියන්න පුළුවන්. නමුත් දැන් හිතෙනවා කෙටියෙන් ඉවර කරන්න.
Deleteමට මුලින්ම ටෙරා එක්ක ඇටෑක් එකකට සෙට් වෙන්න උනේ ජානක පුර ඉන්න කොට. අපි හිටියේ ඉදිරි ආරක්‍ෂක වළල්ලේ. එදා හඳ නැති රැයක්. අපි දැනගත්තා බඩු ෂුවර් කියලා. රෑ දෙකට විතර ඇටෑක් එක ආවා. මම එතකොට දවස් දෙකක් පිට පිට ඩියුටි කරලා හිටියේ. නිදිමත වෙහෙස අමතක කරලා ෆයර් එක දුන්නා.
ReplyDeleteඅපේ බංකරයේ තව කොල්ලො දෙන්නෙක් හිටියා. එක කොල්ලෙක් අළුත් හාදයෙක්. මම ඌට කිව්වා එකම තැන ඉඳන් ෆයර් එක දෙන්න එපා ගින්දර පුපුරු එළියට යනකොට ටෙරා අපේ පොසිෂන් එක දැනගන්නවා , බංකරයේ තැනින් තැනින් ෆයර් එක දෙන්න කියලා. ඒ පොල් බූරුවා එකම තැන ඉඳන් වෙඩි තිබ්බා. ටෙරෙක් හොඳට ඉලක්කය අල්ලලා තියන්න අැති. අළුත් හාදයා එකපාරටම බිම වැටුණා. මම ෆයර් එක දෙන ගමන් කොල්ලා දිහා බැළුවා. ඌ කටින් ලේ දානවා. ශොට් එක බෙල්ලට වදින්න ඇති. අපිට කොල්ලට කිසිම උදව්වක් කරන්න විදියක් නැහැ. මමයි විමලසිරියි දෙපැත්තෙන් ෆයර් එක දුන්නා.
මට ඇහෙනවා ටෙරාලා කෑගහන සද්දේ. උන් ඕඩර් දෙනවා චාජ් චාජ් කියලා. සමහරු කෑගහනවා පුන්ඩෙ ආමි පුන්ඩෙ ආමි කියලා. මම දිගටම ෆයර් එක දුන්නා බංකරයේ තැනින් තැනට ගිහිල්ලා. උන් හිතන්න ඇති අපේ බංකරයේ පහක් හයක් විතර ඉන්නවා කියලා . ඒ නිසා ලඟට ආවේ නැහැ. ඒ අතර උන් මෝටාර් ගහන්න ගත්තා. තත්වය භයානකයි. මෝටාර් එකක් අපේ බංකරේට වැටුනොත් අපි දෙන්නා සෙට්ට පොච්චි. http://transyl2014.blogspot.ca/2015/05/blog-post_7.html
ඉතිං අපේ රුවන්ට පුන්ඩෙ කියන එකේ තේරුම තේරුනේ ඊට අවුරුදු ගානකට පස්සෙ අර බල්ලගෙ කේස් එකෙන් කියහංකො. :D
Deleteමේ කතාව අහලා තියෙන්නේ ඊටත් පස්සේ මගේ හිතේ.. ඒක අහනකොටනම් ලැජ්ජ හිතෙන්න ඇති.. හැක් .
Delete@ Trans Sylvania යුදබිමේ ඔබ ලදතවත් අද්දැකීම් ඇති. ඒ ඔක්කොම ලියන්න.
Delete@ Dude පුණ්ඩෙ කියන්නේ පුල්මුඩේ ට මෙහා තියන ගමක් නේද?
@ කල්‍යාණ මිත්‍ර දොස්තරලට කොහෙද අප්පා ලැජ්ජාවක්. එයාල මිනිස්සුන්ගේ 'ලැජ්ජාව' කොච්චර දැකලා ඇද්ද?
එහෙමද? මං හිතුවෙ කලවාන පෑත්තෙ තියෙන ගමක් කියලා
Deleteනැත්තං දෙගල්දොරුව පැත්තේද?
Deleteme katha ahana kota Mahinda lokka Deyyek kiyala nagenahira minussu kiyana eka hari kiyala hithenawa
Delete@ රන්සකු. මමනම් එහෙම කතාවක් අහලා නැහැ.
Deleteමම ඉතා කාරුණිකව ඉල්ලනවා මේවා විහිළුවට නොගන්නා ලෙස. අපි සත පහක වත් දායකත්වයක් නොදී ඒවාට සැබෑවට මුහුණ දුන් අයට කෝචොක් දාන එක හරිද ? අපේ මිතුරුකම්, අරව මේවා වෙනම කතාවක්. මම යුද්දේ තියෙන කාලේ, වවුනියාව,පදවිය, අරන්තාලාව, විලච්චිය, වැලිකන්ද, අරලගංවිල වගේ ප්‍රදේශ වල ගිහිං තියෙනවා. ඒවායේ බංකර් වල තියෙනවා පාළුව එක්ක සැඟවුණු අනතුරුදායක බව දැනුන අය ඉන්නවනම් මෙහෙම ලියන එකක් නෑ. මහා කැලෑවක කෙලවර බුල්ඩෝසර් කරලා, මීටර් 200 විතර දුරින් ඉන්න බංකරයක ගෙවන රාත්‍රියක් ගැන හිතලා බලන්න. මම මහා දවල් එතනින් විදුලි වේගයෙන්(එහෙම යන්නෙත් බයට) යත්දී, දැන් බිම් බෝම්බයක් පුපුරයි , දැන් පුපුරයි කියන භීතියෙන් වෙළුන හැටි අද වගේ මතකයි. දවාලටත් ගිණි අවුව, පාළුව, මිනිස්සු බොහොම බයෙන් ලහි ලහියේ යන ගමන දකින කොට සැබෑ දුකක් ඇති වෙන්නේ.
Deleteඔය සිග් සැග් ක්‍රමේට බංකර් නොගැහුවෙ ඇයි කියන එක මට මුලදිම හිතුන. යුධ උපක්‍රම දන්නෙ නැතැත් පිට්ටනියක එල්ලෙ ගහද්දි පන්දු රකින එවුන් දාන්නෙත් ඔය විදිහට, එතකොට වැඩි ලකුණු නවත්තගන්න පුළුවන්.
ReplyDeleteබංකර ගහන ක්‍රම ගොඩක් තියනවා. අපිත් විවිධ ආකාරයේ බංකර් හැදුවා. ඒ ඒ ප්‍රදේශයේ භූමි ස්වභාවය තමයි බංකරයක් හැදීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ.
Deleteහරිම කටුක විස්තරයක් උනත් රසවත්ව ලියලා තියෙනවා. නව උපක්‍රම සොයාගැනීම ඒක බිඳවැටීම විස්තර කරද්දි මතක් වෙන්නෙ කම්පියුටර් සිකුරුටි පාඩම.
ReplyDeleteකොම්පියුටර් සිකියුරිටි වැරදුනොත්, හාඩ් ඩිස්ක් එක ගලවලා විසි කරලා ආයෙත් මුල ඉඳන් පටන්ගන්නවා කියමුකො. බංකර් සිකියුරිටි වැරදුනොත් ජීවිත කීයක් ආපහු ගන්න බැරි තත්වෙට පත්වෙයිද කියලා කියන්න බැහැ.
DeleteComputer security කියන්නේ එක කම්පියුටරයක සිකුරුටියක් නෙමෙයි. පොඩි කම්පියුටරයක ඉඳන් විශාල පද්ධතියක ආරක්ෂාව ගැන. අද කාලෙ හැටියට ඒ සිකුරුටියත් යුද්ධයේ ආරක්ෂාව තරම්ම වැදගත්.
Deletehamme
ReplyDeleteහම්මේ දැක්ක කල්..
Deleteඅඩේ කැස්පර් ඇවිල්ලා :D
Deleteබලහං ඕකා හොල්මනක්ද කියල. හැක්..
Deleteඉවාන් මට උඹට කතාකරන්න ඕනේ. මම ලඟදි මගේ සිම් එක වෙනත් ෆෝන් එකකට මාරු කරා. ඊට කලින් ෆෝන් මෙමරි එක සිම් එකට කොපිකලා. නමුත් නොම්මර ගණනාවක් අතුරුදන්. අටමගෙන් අද උඹේ නොම්මරේ ඉල්ලලා SMS එකක් ගැහුවා. ඌ ඕක දකියි තව හයමාසේකට විතර පස්සේ.
Delete////(තරහ ගන්න එපා මහත්වරුනි. මේ යුද්ධයයි. යුද්ධයේදී අනුකම්පාව බොහොම අඩුයි) ////
ReplyDeleteහපොයි..... මොනතරම් දුකක්ද විදලා තියෙන්නේ... ඒ දවස්වල කොලඹ ඒසී කාමරවල හිටපු උන් දැන් මේ කියන ඒවා මතක් වෙනවා මේව කියවනකොට... අන්න උන් තමා ගෙරි සුනකයෝ විචාරක.....
මට මතක්වෙනවා ඒ කාලේ වරක් අපිට උපදෙස් දෙන්න ආවා අපේ පර............න හමුදාපති වරයෙක්. උන්නැහේ කවදාවත් යුද්ද කරලා නෑ. උන්නැහේ කිව්වා ඒවා කරානම්, අපේ හමුදාවම සුනේ සුන්.
Deleteඋතුරු පළාතේ තියෙන්නේ මහ වනචර පස්.. අම්මප.. වතුර වැටුනම දිය වෙනව නෙවෙයි වාශ්ප වෙන්නේ..
ReplyDeleteඉවර කරන්න හදිසි වෙන්න එපා. තව කොච්චර කතා කියන්න පුලුවන්ද ? හැක්.
වැලිකොට්ට කියලා ගහන ඒවා සීනි දාලා හැදුවා වගේ දියවෙන්නේ.
Deleteකියන්න නම් දේවල් ගොඩක් තියනවා. බලමුකෝ.
https://upload.wikimedia.org/wikipedia/commons/5/55/Bali_Barat_mangroves.jpg
ReplyDeleteලස්සණ කඩොලාන පරිසරයක්.
Deleteකඩොලානෙ නෙමෙයි මම පෙන්නුවෙ. ස්වාභාවිකවම හැදිලා එන උල් හරියට බංකරයට කලින් හිටෝපු උල් වගේ. :)
Deleteහැක්. හඳ පෙන්නුආම ඇඟිල්ල දිහා බලලා.
Deleteපොතේ හැටියටම ගේම් එක දීලා ...
ReplyDelete'පොත නැත්තං අපිත් නෑ' කියලා, මාතෘකාව දැම්මනම් හොඳයි කියලා හිතෙනවා.
Deleteසංකීර්ණයි
ReplyDeleteයුද්ධය කියන්නේ, තප්පරයෙන් තප්පරය, නොසිතන ආකාරයේ අවුල් ජාලා ඇතිවන, එකම වියවුලක්.
Deleteනියම විස්තරයක් විචා.
ReplyDeleteමොක උනත් අන්තිමේ උල තියනව වගේ රජකාලෙ දඬුවමුත් දීල තියෙන්නෙ.
හෙහ් හෙහ්, අපේ පැරණි රජවරුන් කියලා දුන්න යුද්ධ උපක්‍රමත් අමතක කරන්න හොඳ නැහැනේ.
Deleteඔන්ලයින් පීසා ඕඩර් එකක් දාල ගේනකං බලා ඉන්න එක වගේ තමයි යුද්ධෙ තියන අමාරුවත්, පීස එක ගෙනල්ල ගෙදර බෙල් එක ගැහුව වගේ තමයි යුද්ධෙ ඉවර උනෙත් කියල හිතං ඉන්න පුඟුලන්ට නම් මෙව්වා ඇස් වල නයි මිරිස් ගෑවෙනවා වගේ දනවා ඇති.. ලියන්න බොස්... තව ලියන්න..!
ReplyDeleteජයවේවා..!!
පීට්සා හැදෙනවා, බංකරයක් ඇතුලට RPG එකක් හෝ කාලතුවක්කු උණ්ඩයක් වැදුනම. ඇඳගෙන හිටිය ඇඳුම්, බොකු බඩවැල්, අතපය කෑලි, එකට කලවම් වෙලා, පීට්සා හැදිලා තියන හැටි මතක්වෙනවා.
Deleteස්තුතියි ලබ්ස්. තව ටිකක් තියනවා ලියන්න.
මාරම දුකක් නේද ? මෙහෙ ඉඳන් ලොරි ටෝක් දෙන අපි ඇත්තටම මේවයි කීයෙන් කීයද දන්නෙ !
ReplyDeleteමේ මතකය යුද හමුදාවේ ආධුනිකයන් පුහුණු කිරීම සඳහා යොදාගන්න පුළුවන්. ඒ කියන්නේ, කවදා හෝ යලිත් සටනක් ඇතිවුනොත්, මේ මතකය සහ අද්දැකීම්, හරියට වටිනවා, පුහුණු කටයුතු සඳහා ප්‍රයෝජනයට ගන්න. නමුත් වර්තමානයේ එහෙම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. යුද්ධයට ගිය අපේ පරපුර, මේ මතකයත් අරගෙනම මැරිලා ගියාම, යම් හිඩැසක් ඉතුරු වෙනු ඇති.
Deleteවැදගත් විස්තරයක්...
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteමම කලිනුත් කිව්වා වගේ ඔබගේ මේ සටහන් බොහොම වටිනවා...යුද්ධයේ සජීවී කොටස් කරුවන් වුන සෙබළුන් මොන තරම් දුෂ්කරතා වින්දද කියල සාමාන්‍ය ජනතාවට වටහා ගන්න...ඒ වගේම යුද්ධයක් කියන්නේ ලේ වැගිරීමක් කියල තමයි සරලව මිනිස්සු හිතන්නේ...ඒත් එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් කියල වැටහෙනවා මේ වගේ පැහැදිලි කිරීම් වලින්...
ReplyDeleteලෝකයේ වෙනත් බොහෝ රටවල, යුද්ධයකින් පසු, ඒ යුද්ධයට සම්බන්ධවූ විවිධ මට්ටමේ නිලධාරීන්, සෙබළුන්, තම අද්දැකීම් ලියා පළකරනවා. නමුත්, අපේ රටේ එලෙස සිදු නොවීම, ලොකු අඩුවක් ලෙස මා දකිනවා.
Deleteවිචාරක තුමා.. බොහොම වැදගත් තොරතුරු. ආසාවෙන් කියෙව්ව. මයින්ස් වළලන එක ප්‍රයෝගික නෑ නේද රකින්න තියන භූමියත් එක්ක සලකද්දි? නොදන්නා කමට අහන්නෙ. අර සත්තුන්ට වෙඩි බඳිනව වගේ මරු වැල් වගේ සෙට් කරන්නෙ නැද්ද අඩුම තරමෙ සද්දෙට වත් දැනුවත් වෙන්න?
ReplyDeleteස්තුතියි සජ්ජා. ඔබේ ප්‍රශ්න වලට ඊළඟ කොටසේදී පිළිතුරු ලැබෙනවා.
Deleteමම අර ඩිස්කවරි එකේ බෙයා ග්‍රිල්ස් ගේ සර්වයිවල් බලනවා. ඒකෙන් මට මෙහෙම හිතෙනවා. උගුල් අටවන විදිය බලාගෙන හිටියාම මෙහෙම හිතුනා. නවුවම කැඩෙන්නේ නැති, ඒත් ශක්තිමත් අඟල් 2-3 විතර විෂ්කම්භේ තියෙන ආඩි අටක් විතර උස ගස් දෙකක් බිමට නවනවා අංශක අනූවකට විතර,නාවලා බිම තියෙන ට්‍රිගර් එකකට ගැට ගහනවා. යටින් අඟල් 6 විතර දුරින් කටු කම්බි වලින් කොටු-කොටු හිටින්න දැලක් හදලා, ඊට උඩින් වැලි අඟල් හයක් විතර පුරවනවා. බඩගාගෙන එහා එවුන් මේ ඉසව්ව පන්නලා අර ට්‍රිගර් එක ටච් කළාම ඉස්සෙනවා ඉද්ද ගැහුවා වගේ. එතකොට අරුන් කම්බි වැටේ එල්ලිලා ඉන්නකොට දෙන්න පුළුවන්. හැබැයි මේ කොයිකත් ඔවුන් දැන ගන්නකං විතරයි. මේ වගේ ඒවා අවශ්‍ය නම් දුනු භාවිතා කරලත් හදා ගන්න පුළුවන්. සජ්ජා කිව්වා වගේම ප්‍රායෝගික පැත්ත නොදැනයි කියන්නේ.
Deleteනවුවම=නැවුවම
Deleteඔය උගුල් ගැන වෙනමම කතා කරන්න ඕන මාතෘකාවක්. එක පාරක් ලූලක් අටවල තියනව වත්තෙ අන්නාසි තියන කාලෙ ඉත්තෑවො අහු කරන්න. හබක කියන්නෙ එකක් ලූල කියන්නෙ තවත් එකක් දෙකේ සමානකම් තියනවා. බඳින තුවක්කු එක්ස්පට් කෙනෙක් මං. ඒ කාලෙ ආදායම් මාර්ගය වෙච්ච අන්නාසි සහ හිටවපු පැළ රබර් ඉතුරු නොකර කන ඉත්තෑ වසංගතේ වෙඩි තියල පාලනය කරන්න බැරි වෙච්ච නිසා ඒ වැඩ කරන්න සිද්ධ උනා. බඳින තුවක්කුවෙ මරුවැල විදියට ගන්නෙ කොයිල් කම්බි. ටියුබ් ලයිට් වල පරණ පිච්චුනු චෝක් එකක් කඩල ගත්තම ඕන තරම් දිගට කම්බි ගන්න පුළුවන්. පිච්චිලා අවපාට වෙලා සහ ඉතා සිහින් නිසා දිලිසෙන්නෙ පේන්නෙ නෑ.. අපට විකුණලා ජීවත් වෙන්න තියන බවභෝග සත්තු කනකොට උහුලන්න බැරි නිසා ඕව කරන්න උනත් අදටත් මම ගෙදර ලයිසන් තුවක්කුවෙන් එක වෙඩිල්ලක් වත් තියල නෑ...
Deleteසුදීක අයියෙ, ඔය වලස් ගිරිල්ගෙ මෙව්ව එක මාර ප්ඉන්ටරෙස්ටින් තමයි. හැබැයි පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් උගෙ මොටෝ එකට අනුව වැඩ කරනව. "keep calm and drink your own piss"
DeleteCaltrops විසිරෙව්වද?
ReplyDeleteලංකාවෙ "බන්කර් බස්ටර්" විදිහෙ ගුවනින් හෙලන බෝම්බ පාවිච්චි කලාද?
නැහැ. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් මඩ නැති, වියලි භූමිවල.
Deletehttps://en.wikipedia.org/wiki/Caltrop
අපොයි බංකර් බස්ටර් බෝම්බ අපි දැකලාවත් නැහැ. ඒවා දාන්න තරම් ලොකු සතුරු බංකර තිබුනේ නැහැ. ප්‍රභාකරන්ගේ පොළොව යට බංකරේ අපිට තර්ජනයක් වුණේ නැහැ. හැබැයි අපි බැරල් බෝම්බ දැම්මා. පස්සේ නැවැත්තුවා, සම්මත නීතියට පටහැනි නිසා.
https://en.wikipedia.org/wiki/Bunker_buster
වියට්නාම් උගුල දැක්කම මතක් වුණෙ මං පොඩිකාලෙ කොහෙදිහරි දැක්ක ප්‍රතිමා කිහිපයක්. ඉස්සර සුද්දො අපේ රටේ ඉන්න කාලෙ, සිංහලුන්ට ඉපදෙන පිරිමි දරුවො උඩ දාල බයිනෙත්තු තුඩ උඩට අල්ලනවලු. ඒක කොහෙහරි පන්සලක අඹල තිබුණ. මට මතක් වුණේම ඒක
ReplyDeleteසුද්දා සමහර වෙලාවට වැඩකලේ වැද්දාටත් වඩා පහත් විදිහට. ඒවාට රිටන් හම්බවුනා මුල්ලේරියාවේ සටන, රන්දෙනිවෙල සටන, වෙල්ලස්සේ සටන, වගේ ඒවගෙන්.
Deleteබංකර් ගැන නියම විස්තරය තියෙන ෆිල්ම් එකක් No Man's Land. බලලා තියෙනවද ?
ReplyDelete